24/08/2026
දක්ෂිණ ලංකා ප්‍රභාශ්වර වැඩසටහනින් සෝමාවතියේදී පින්කම්
දකුණු පළාතේ ඇල්පිටිය, නියාගම, කහදූව, පිටිගල ඇතුළු විවිධ ප්‍රදේශවලින් පැමිණි සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් කංචුක පූජාවක් සිදු කර, අබ තෙල් පහන් පූජාවක් පවත්වා සෝමාවතී චෛත්‍යය බෞද්ධ ධජ පතාකවලින් සරසා ජනාධිපති ඇතුළු රණවිරුවන්ට, රජයට, රටවැසියන්ට සෙත් පතා ආශීර්වාද කිරීමේ වැඩසටහනක් පසුගියදා පොලොන්නරුව සෝමාවතී චෛත්‍යය ඉදිරිපිටදී සිදු කෙරිණි.
දක්ෂිණ ලංකා ප්‍රභාශ්වර වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක බළකා ප්‍රධාන ආගමික සම්බන්ධීකාරක
කහදූවේ කෝලිත හිමියන් විසින් සංවිධානය කරන ලද මෙම පින්කමේ විශාල සැදැවතුන් පිරිසක් ඉදිරියේ මහවැව සුමංගල හිමියෝ අබ තෙල් පහන් පූජාව කාව්‍යානුසාරයෙන් සිදු කළහ.
බළපිටිය සමූහ – ප්‍රියශාන්ත ද සිල්වා