20/01/2021
පොරොන්දම් විස්සෙහි තේරුම -
1.නක්ශාස්ත්‍ර පොරොන්දම.
පොරොන්දම් පරික්ෂාවේදී ප්‍රථමයෙන් සලකා බලෙන්නේ නැකත් පොරොන්දමයි. නැකත් පොරොන්දම මගින් දෙදෙනා අතර අන්‍යෝන්‍ය සම්භන්ධතාවය,ආකල්ප, ගති පැවතුම් හා ජීවිතය පිළිබඳ දැක්ම යන කාරණා වල ගැලපීම සලකා බලනු ලබයි.
2. ගණ පොරොන්දම
ජෝතිෂ්‍යයේ ප්‍රධාන වශයෙන් දේව, මනුශ්‍ය, රාක්ෂ ලෙස ගණ වර්ග තුනක් ඇති අතර මෙම පොරොන්දම මඟින් ස්ත්‍රියගේ හා පුරුෂයාගේ අභ්‍යන්තර ගති පැවතුම් හා පෞරුෂත්වය යන කාරණා සසඳා බලනු ලැබේ.
3. මහේන්ද්‍ර පොරොන්දම
විවාහයෙන් පසු නීරෝගී දරු සම්පත් සහ දීර්ඝායුෂ ලැබෙද යන්න මෙමගින් විමසා බැලේ.
4.ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
ස්ත්‍රී දීර්ඝ පොරොන්දම මඟින් විවාහයෙන් පසුව එකිනෙකාගේ බැදීම,සතුට සමාදානය පිළිබඳ විමසනු ලබයි.
5. යෝනි පොරොන්දම
යෝනි පොරොන්දම් පරීක්ෂාවේදී පුද්ගලයන් යෝනි වලට වර්ග කොට ඇත.ඔවුන් අතර මිතුරු සහ සතුරු බව අනුව එකිනෙකාගේ කායික ගැලපීම/නොගැලපීම පෙන්නුම් කරයි.
6. රාශී පොරොන්දම
මෙමඟින් දෙදෙනාගේ සිතැඟි, පුරුදු හා පුද්ගල ගුණාංග ගැලපීම පරීක්ෂා කරන අතර මෙය ගැලපීමෙන් සමාන අදහස් හා සමාන ගුණාංග ඇති බව නිගමනය කල හැක.
7. රාශ්‍යාදිපති පොරොන්දම
මෙහිදී දෙදෙනා සිතන ආකාරය හා එකට එකතු වී යම් කටයුත්තක් සිදු කිරීමේ හැකියාව පිළිබඳ ගැඹුරින් පරික්ෂා කරනු ලබයි.
8. වශ්‍ය පොරොන්දමෙන්
වශ්‍ය පොරොන්දමෙන් පරික්ෂා කරනු ලබන්නේ වසඟ බව නැතහොත් එකිනෙකා කෙරෙහි ආකර්ෂණයයි.මෙය සුභ වීමෙන් දෙදෙනා අතර ආකර්ෂණය ජීවිත කාලය පුරාම පවතී යැයි අපේක්ෂා කෙරේ.
9. රජ්ජු පොරොන්දම
මෙම පොරොන්දම මඟින් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කායික ගැලපීම හා භෞතික ශාරීරික සබඳතාවයේ ශක්තිමත් බව විමසා බලනු ලැබේ.
10. වෙද පොරොන්දම
මෙම පොරොන්දම මගින් දෙදෙනා අතර ඇති සබදතාවයේ ශක්තිමත් බව පරීක්ෂා කෙරේ. එම සබදතාව ඉතා ශක්තිමත් සහ ලෙහෙසියෙන් බිද දැමිය හැකි එකක්ද නැද්ද යන්න විමසා බැලේ.
11.වෘක්ශ පොරොන්දම
වෘක්ශ පොරොන්දම මඟින් දෙදෙනාගේ දරු ඵල ඇති කිරීමට හේතු වන ධාතු ශක්තියේ බල දුබලකම් මැනීම සිදු කරයි. ස්ත්‍රියගේ වෘක්ශය කිරි ගසක් වීම දරු ඵල වැඩි වීමට හේතු වන බව කියැවේ. තවද දරුඵල පරීක්ෂවේදී කෙන්ද්‍රයේ 5වෙන්නාධිපති පිළිබඳ සැලකිය යුතු වේ.
12. ආයුෂ පොරොන්දම
මෙම පොරොන්දමෙන් දෙදෙනාගේ ආයුෂ පිලිබදව පරීක්ෂා කරන අතර දෙදෙනා උපන් නැකත් පාදක කර ගනිමින් ගණනය කිරීම සිදු කෙරේ.මෙහිදී පුරුෂයාට ලැබෙන අගය ස්ත්‍රීයට ලැබෙන අගයට වඩා වැඩි විය යුතු වේ.
13. පක්ශී පොරොන්දම .
මෙහිදී උපන් නැකතට අනුව ඔබට අයත් පක්ෂියාගේ ගැලපීම අනෙකා සමඟ පරික්ෂා කරනු ලබන අතර මෙයින් අදහස් කරන්නේ දෙදෙනා අතර ඇති සමඟි බවයි. මෙම පක්ෂීන් ඔවුනොවුනට මිතුරු නම් ශුභ වන අතර සතුරු නම් අශුභ වේ.
14.භූත පොරොන්දම .
මෙම පොරොන්දම මගින් ස්ත්‍රී හා පුරුෂ ශරීර වල පංච මහා භූතයන්ගේ ගැලපීම පරීක්ෂා කෙරේ.
15. ගොත්‍ර පොරොන්දම
මෙහිදී දේදෙනාගේ ජානමය ගැලපීම පරීක්ෂා කරන අතර එකම ගෝත්‍රයන් හිමි දෙදෙනෙකු අතර විවාහය සුදුසු නොවෙනා බව දක්වා ඇත.මෙය ජානමය ගැලපීම/නොගැලපීම ගැන ප්‍රකාශ කරන පොරොන්දමක් නිසා මෙය අශුභ නම් ඔබට වෛද්‍ය පරීක්ෂාවක් සිදුකර වඩා නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාවක් දැන් පවතී.
16. වර්ණ පොරොන්දම
වර්ණ පොරොන්දම මඟින් දෙදෙනා අයත් වන කුල අනුව දෙදෙනාගේ ගැලපීම පරීක්ෂා කෙරේ
17. ලිංග පොරොන්දම
මෙහිදී නැකත අනුව දෙදෙනා අයත් වන ලිංගය තීරණය වන අතර ඒවායෙහි ගැලපීම මෙහිදී සළකා බැලේ. මෙහි ස්ත්‍රිය ස්ත්‍රි ලිංග වීමත් පුරුෂයා පුරුෂ ලිංග වීමත් ඉතා සුභ අතර දෙදෙනාම ස්ත්‍රී ලිංග වීමත් සුභ වේ.
18. නාඩි පොරොන්දම
මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර වා, පිත් සහ සෙම් යන තුන් ආකාරයකට වර්ග කරයි. ඒ අනුව බලා දෙදෙනාගේ වාත, පිත් සහ සෙම් කෝප වීම එක වර සිදුවීම හා ඒ අසනීප උග්‍ර වීමට හේතු යෙදේ දැයි මෙහිදී සලකා බැලේ.
19.දින පොරොන්දම
මෙම පොරොන්දම මඟින් දෙදෙනා උපන් දිනයන් වල ගැලපීම පරීක්ෂා කරන අතර සතියේ එක් එක් දිනයන් සදහා වෙන වෙනම එහි බලපෑම යෙදෙන ආකාරය වෙනස් වේ.
20. ග්‍රහා පොරොන්දම
මෙම පොරොන්දම මගින් ඔවුනොවුන්ගේ ක්‍රියාකාරකම් වලින් සහ ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස බලපැමේදී ඇතිවන ප්‍රථිඵල පිළිබඳව පරීක්ෂා කෙරෙන අතර මෙහිදී දෙදෙනාගේ පවතින ග්‍රහ තත්වයන් ගේ බලපෑම පරීක්ෂා කිරීම සිදුවෙයි.