03/06/2024
කම්පන සංඛ්‍යාත වලට මනස සුසරකොට විඤ්ඤාණය සමග සමඟ සම්බන්ධ වීම භාවනාව නම් වේ.
මෙය තවදුරටත් සරල කොට පැහැදිලි කරන්නම්:-
එනම් මෛත්‍රිය,දේවතානුස්සතිය,අනාපානසතිය කුණ්ඩලීනී....යනාදී ඕනෑම භාවනා ක්‍රම කීපයක් ටිකක් ගැඹුරට වඩපු කෙනෙක් නම් ඔබ;
එම භාවනා ක්‍රම කරනකොට ඔබගේ හදවත ගැහෙන රටාවට අවධානය යොමු කරන්න (කම්පනය වන රටාවට)
එම රටාවන් එකිනෙකට වෙනස් වේ .
එනම් ඒ ඒ භාවනාවට අනුකූලව ඔබ තුළ ගොඩනැගෙන කම්පන සංඛ්‍යාතය පරාසය වෙනස් වේ.
එසේම එක් එක් කම්පන සංඛ්‍යායාත පරාස සහිත ශක්තීන්,තල,මාන මේ විශ්වයේද ඇත.
ඔබ යම් කම්පන සංඛ්‍යාතයකට පැමිණ ඒ හරහා විශ්වයේ තිබෙන;
එක් එක් ශක්තීන් , සංඛ්‍යාතයන් සහ
එක් එක් මාන සමඟ සම්බන්ධවීම ( Connection )
භාවනාවයි
උදාහරණයක් කිවහොත් ඔබ ඕරා භාවනාව වඩනවා යැයි සිතමු. එවිට යම් උසස් කම්පන පරාසයක් ඔබ තුළ ඇති වන්නේය. එවිට එම කම්පන සංඛ්‍යාත පරාස සහිත විශ්වයේ එක් එක් ශක්තින්,මාන,තල සමඟ ඔබට සම්බන්ධ වීමට හැකි වනු ඇත. සියලුම භාවනා ක්‍රමවල සිදුවන්නේ මෙම සංසිද්ධියයි. එනම් භාවනාව යනු මෙයයි
සාමාන්‍ය මිනිසෙකුගේ ඇස දකින පරාසය 400 V - 790 V වන අතර මිනිස් කනට ඇසෙන පරාසය 20Hz - 20,000Hz වේ.
මිනිසා යන සත්වයා තුළ පොදුවේ පවතින කම්පන සංඛ්‍යාත පරාසයක් ඇත !
එම සංඛ්‍යාත පරාසයට අදාළව ඔවුන්ට පෙනෙන සහ ඇසෙන පරාසය ඉහත දැක්වේ.
නමුත් භාවනාව හරහා කම්පන සංඛ්‍යාතය ඉහළ සහ පහළ දැමීම මගින් මිනිසාට ඇසෙන සහ පෙනෙන පරාසය වැඩි වේ.
සමහරුන්ට උත්පත්තියෙන් තමන්ගේ කම්පන සංඛ්‍යාතය සුසර කර ගැනීමේ හැකියාව පවතී. ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට ඉක්මවා ඇති සංඛ්‍යාතයක් ඔවුන්ට ලබා ගත හැක
🔴 භාවනාව යනු කුමක්ද ?
යන්න මා විමසූ පැනයට බොහෝ දෙනෙක් සිත එක්තැන් කිරීම,සිත එක අරමුණකට ගැනීම ලෙස සඳහන් කර තිබුණි.
සිත එක අරමුණකට ගන්න නම් යම් නිමිත්තක් මත පමණක් හිත යෙදවිය යුතුය විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරන බොහෝ දෙනකු මෛත්‍රී භාවනාව කරන නිසා මෛත්‍රී භාවනාව ගැන අපි අවධානය යොමු කරමු;
මෛත්‍රී භාවනාව තුළ එක නිමිත්තක් පමණක් නොව බොහෝ පුද්ගලයන් භාවනාවේදී අරමුණු කරයි,මෛත්‍රී කරයි.
එනම් මෙවිට සිත ඒක අරමුණකට ගැනීමක් හෝ සිත තැන්පත් කිරීමක් හෝ සිත එක්තැන් කිරීමක් නොකරයි.
දැන් ඔබට වැටහෙනු ඇත භාවනාව යනු;
සිත එක්තැන් කිරීම,එකඟ කිරීම,
එක අරමුණක් මත පිහිටවීම යන්න නොවන බව
(මෙවිට සිදුවන්නේ මෛත්‍රී හැඟීම් හරහා සිත යම් කම්පන පරාසයකට ගෙන යාමයි)
සාමාන්‍ය මිනිසාගේ කම්පන සංඛ්‍යාතය සෑම විටම ඉහළ සිට පහළට ගමන් කරයි.
ඔබ යම් ක්‍රියාකාරකමක් මත පමණක් සිත යොදවන විට අයහපත් සිතුවිලි ඔබ තුළ ඇතිවීම වළකින නිසා කම්පන සංඛ්‍යාතය පහළ වැටීම නවතියි. මෙය පුහුණු වන විට ඔබ තුළ ඇතිවන්නේ යම් පරාසයක කම්පන සංඛ්‍යාතයන් පමණි.
එනම් මෙය භාවනාවේ මූලික පියවරයී භාවනාව නොව,
මෙලෙස යම් කම්පන සංඛ්‍යාත පරාසයක පමණක් රැඳී සිටින්න පුහුණු වූ කෙනා;
(පහළ කම්පන සංඛ්‍යාතයන් වලට නොගොස්) යහපත් සහ ගුණවත් සිතුවිලි භාවාත්මක ලෙස තමා තුළ ඇති කර ගැනීමට උත්සාහ දරන විට පැවති කම්පන සංඛ්‍යාත පරාසය එම මට්ටමේ සිට ඉහළට ගමන් කරන්නේය.
ඉන් පසු ඔවුන් තුළ පවතින්නේ ඉහළ කම්පන සංඛ්‍යාත පරාසයකි.
එය තවදුරටත් පුහුණුව වීම හරහා උසස් කම්පන ශක්ති,තල,මාන,ජීවීන් සමඟ ඔවුන්ට සම්බන්ධ වීමට හැකියාව ලැබේ.
ඔබගේ මනසේ සංඛ්‍යාතයන් ඉහල නැංවීමට අවශ්‍ය ද ?
ඔබගේ තොරතුරු අපට ලබා දෙන්න
🔹සම්පූර්ණ නම Full name
🔹උපන්දිනය Date of birth
🔹උපන් වේලාව Birth time ( මෙය අත්‍යවශ්‍ය නොවේ )
ඔබෙ තොරතුරු මෙම දුරකථන අංකයට Whatsapp කරන්න
☎️ 076 807 2452