02/07/2026
ඔබේ වැටුපට මාස අගදී මොකද වෙන්නේ? සල්ලි හිර නොවී ජීවිතේ දිනන 50/30/20 රහස සහ අනාගත සුරක්ෂිතතාව.💸📊
රස්සාවල් කරන බොහෝ දෙනෙකුට මාසේ යම් දිනකදී තමන්ගේ මාසික වැටුප අතට ලැබෙනවා. මාසේ මුල,මැද,අග ඒ වැටුප අතට ගත්තම දැනෙන ඒ සතුට, මාසේ අන්තිම සතිය වෙනකොට කොහේදෝ මැකිලා ගිහින් "අනේ මගේ සල්ලිවලට මොකද වුණේ?" කියලා හිතෙන එක අපේ රටේ ගොඩක් දෙනෙක්ට තවමත් තියෙන පොදු ප්‍රශ්නයක්.
මාසේ මුල රජෙක් වගේ ඉඳලා, මාසේ අග වෙනකොට ණය ගන්න බැංකු පස්සේ දුවන එක, යාළුවන්ගෙන් ණයට ඉල්ලන එක බොහෝ දෙනෙකුගේ පුරුද්දක් වෙලා. හැබැයි, වැටුප ලැබුණු ගමන්ම නිවැරදි සැලසුමකට වැඩ කළොත්, ලබන මාසය කිසිම ආර්ථික පීඩනයක් නැතුව ඉතාම ලස්සනට බැලන්ස් කරගන්න ඔබට පුළුවන්.
මූල්‍ය උපදේශකයෙකු සහ වෘත්තීය ජීවිත රක්ෂණ නියෝජිතයෙකු විදිහට මම නිතරම දකින දෙයක් තමයි, බොහෝ දෙනෙක් කොතරම් ඉහළ ආදායමක් ලැබුවත් ඔවුන්ට නිසි මූල්‍ය විනයක් (Financial Discipline) නොමැතිකම නිසා ඇතිවන ගැටලු.ඔන්න ඒකට පාවිච්චි කරන්න පුළුවන් ලෝකෙම පිළිගත්ත, හැබැයි ඉතාම සරල 50/30/20 Framework එක ගැන සහ ඒ හරහා ඔබේ අනාගතය වගේම පවුලේ අයගේ අනාගතය සුරක්ෂිත කරගන්නා ආකාරය ගැන ඉතා ඉක්මනින් මතක් කිරීමක් කරන්න මම තීරණය කළා.
💡 50/30/20 වැටුප් කළමනාකරණ සැලසුම යනු කුමක්ද?
මෙය ලෝක ප්‍රකට මූල්‍ය විශේෂඥයින් විසින් හඳුන්වා දුන් ඉතා සාර්ථක ක්‍රමවේදයක්. මෙහිදී කරන්නේ ඔබේ අතට ලැබෙන ශුද්ධ වැටුප (Net Salary - බදු සහ අනෙකුත් කැපීම් වලින් පසු අතට ලැබෙන මුදල) ප්‍රධාන කොටස් 3කට බෙදා වෙන් කිරීමයි.
01. 50% – අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් (Needs) 🛒🏠
ඔබේ වැටුපෙන් හරි අඩක් (50%) වෙන් කළ යුත්තේ ඔබට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන, මඟ හැරිය නොහැකි දේවල් වෙනුවෙන්.
උදාහරණ:ගෙවල් කුලී හෝ නිවාස ණය වාරික, එදිනෙදා කෑම බීම සහ බඩු බාහිරාදිය (Groceries), විදුලිය/ජලය/දුරකථන බිල්පත්, දරුවන්ගේ පාසල් ගාස්තු, රැකියාවට යාමේ ප්‍රවාහන වියදම් සහ නිත්‍ය බෙහෙත් හේත්.
✅ Golden Rule:මේ කොටස කෙසේ හෝ 50% සීමාවේ තියාගන්න උපරිම උත්සාහ කරන්න. වර්තමාන ආර්ථික තත්ත්වයත් එක්ක මෙය අභියෝගයක් විය හැකි වුවත්, අනවශ්‍ය වියදම් කපා හැරීමෙන් මෙය පාලනය කරගත හැක.
02. 30% – කැමැත්ත සහ විනෝදය වෙනුවෙන් (Wants) 🎬🍔
අපි උපයන්නේ ජීවිතේ විඳින්නත් එක්කනෙ! ඒ නිසා ජීවිතය නීරස කරගන්න අවශ්‍ය නැහැ. මේ කොටස වෙන් වෙන්නේ ඔබ ආස කරන, හැබැයි නැතුවම බැරි නැති (අත්‍යවශ්‍ය නොවන) දේවල් වෙනුවෙනි.
උදාහරණ:සති අන්තයේ පවුලේ අයත් එක්ක පිටතින් කෑම ගැනීම (Dine-out), අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම, සිනමා ශාලාවකට යාම, Netflix/Spotify වැනි
සබ්ස්ක්‍රිප්ෂන්, සහ මිතුරන් සමඟ යන විනෝද ගමන් (Trips).
✅ Golden Rule:මේ මාසේ අත්‍යවශ්‍ය වියදම් අධික නම්, ඔබට මුලින්ම කපා හැරිය හැකි හෝ අඩු කළ හැකි එකම කොටස මේ 30% පමණි. අමාරු කාලවලදී මේ 30% සීමාව 20% හෝ 15% දක්වා අඩු කරගැනීමට ඔබට සිදු වේවි.
03. 20% – ඉතුරුම්, ආයෝජන සහ ජීවිත රක්ෂණය (Savings, Investments & Life Insurance) 🛡️📈
මූල්‍ය සැලසුමක වැදගත්ම සහ ඔබේ අනාගතය තීරණය කරන කොටස මෙයයි. අද දවසේ ජීවත් වෙනවා වගේම, හෙට දවස ගැන හිතලා මේ කොටස අනිවාර්යයෙන්ම වෙන් කළ යුතුයි.
උදාහරණ:හදිසි අරමුදලක් (Emergency Fund) ගොඩනැඟීම, ස්ථාවර තැන්පතු (FD), කොටස් වෙළෙඳපොළ ආයෝජන සහ ජීවිත රක්ෂණ ඔප්පුවක් පවත්වාගෙන යාම
💡 වෘත්තීය ජීවිත රක්ෂණ උපදේශකයෙකු ලෙස මගේ අත්දැකීම...
මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දී ඕනෑ තරම් දැකලා තියෙනවා හරිම ලස්සනට පවුල් ජීවිතේ ගෙනිච්ච, ලොකු පඩි ගත්ත අය එක හදිසි අනතුරකින්, නැත්නම් හෘදයාබාධයක් වගේ ලෙඩක් නිසා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. එදාට එයාලගේ අරමුදල්, බැංකු පොත් සේරම හිස් වෙන්නේ දවස් ගාණකින්. රෝහල් බිල්පත් ගෙවන්න වුණාම තමන්ගේ ඉතුරුම් මදි වෙනවා. අන්තිමට දරුවන්ගේ අධ්‍යාපනයට වෙන් කරපු සල්ලි පවා ගන්න වෙනවා.හැබැයි මේ 20% න් පොඩි කොටසක් වෙන් කරලා, හරිම සරලව "ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණයක්" (Life and Medical Insurance Policy) අරන් තිබ්බා නම්?
හදිසි අනතුරකදී හෝ රෝගාබාධයකදී රෝහල් බිල්පත් සියල්ල රක්ෂණ සමාගමෙන් ගෙවනවා. ඔබේ ඉතුරුම් වලට අත තියන්න ඕනේ නැහැ.අවාසනාවන්ත විදිහට පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා මිය ගියොත්,පවුලේ අයට ඉදිරියටත් කිසිම අඩුවක් නැතුව (අර 50% අත්‍යවශ්‍ය වියදම් කවර් කරගෙන) ජීවත් වෙන්න ලොකු වන්දියක් (Death Benefit) ලැබෙනවා.
ඒ වගේම, රක්ෂණය කියන්නේ වියදමක් නෙවෙයි.ඒක ඔබේ පවුලේ ආර්ථිකයට ගහන ශක්තිමත්ම අත්තිවාරමයි." කාලය අවසන් වුණාම (Maturity), ඔබ ගෙවූ මුදලටත් වඩා විශාල ප්‍රතිලාභයක් සහ ප්‍රසාද දීමනා (Bonuses) එක්ක ආපසු ලැබෙන හොඳම ආයෝජනයක්!
🪀.මේ 20% ක කොටසින් යම් ප්‍රතිශතයක් ජීවිත රක්ෂණයක් සඳහා ආයෝජනය කිරීම අනිවාර්ය වන්නේ ඇයි?
01.හදිසි සෞඛ්‍ය ගැටලුවකදී ඔබේ ඉතුරුම් ආරක්ෂා වීම (Health & Hospitalization Cover):
හදිසියේම ඔබට හෝ පවුලේ කෙනෙකුට රෝහල්ගත වීමට සිදුවුවහොත්, නැතිනම් බරපතල රෝගාබාධයක් (Critical Illness) වැළඳුනහොත්, ඔබ අවුරුදු ගණනාවක් දුක් විඳලා ඉතුරු කරපු සල්ලි ටික එක පාරින් රෝහල් බිල්පත් වලට ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ඔබ නිවැරදි ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණයක් ලබාගෙන ඇත්නම්, එම රෝහල් ගාස්තු රක්ෂණ සමාගම මඟින් පියවන නිසා ඔබේ අමාරුවෙන් හදපු ඉතුරුම් ටික සුරක්ෂිතයි.
02.ඔබ නැති දවසක ඔබේ පවුලේ 50% (Needs) කවුද පියවන්නේ? (Family Protection):
ඔබේ වැටුපෙන් පවුලම නඩත්තු වෙනවා නම්, හදිසි අනතුරකින් හෝ අකල් මරණයකින් ඔබේ ආදායම පවුලට අහිමි වුවහොත් කුමක් සිදුවේද? ඔබ නැති වුණත් දරුවන්ගේ පාසල් ගාස්තු, ගෙදර ලයිට් බිල, කෑම බීම වියදම් නැති වෙන්නේ නැහැ. ජීවිත රක්ෂණයකින් කරන්නේ ඔබේ පවුලට ඒ අහිමි වන ආදායම විශාල මූල්‍යමය වන්දියක් හරහා නැවත ලබා දීමයි.එයින් ඔබේ බිරිඳට/සැමියාට සහ දරුවන්ට කිසිවෙකුට අත නොපා ගෞරවාන්විතව ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා.
03.විශ්‍රාමික ජීවිතයට හොඳ ආයෝජනයක් (Retirement Planning):
ජීවිත රක්ෂණ ක්‍රම අද වන විට හුදෙක් මරණයේදී පමණක් ප්‍රතිලාභ දෙන ඒවා නොවෙයි. ඔබේ වයස අවුරුදු 60 දී, ඔබට වැඩ කරගන්නට බැරි කාලයකදී, එකවර විශාල මුදලක් හෝ මාසිකව විශ්‍රාම වැටුපක් ලබා දෙන ආයෝජන සැලසුම් අද රක්ෂණ ක්ෂේත්‍රය තුළ තිබෙනවා.
04. ණය බරින් පවුල නිදහස් කිරීම:
ඔබ නිවාස ණයක් හෝ වාහන ණයක් ලබාගෙන ඇත්නම්, ඔබට යම් කරදරයක් වූ විට ඒ ණය බර වැටෙන්නේ ඔබේ පවුලේ අයගේ ඔළුවටයි. රක්ෂණයක් මඟින් එම ණය මුදල පියවා පවුල ණය බරින් නිදහස් කරනවා.
✅ Golden Rule:"වියදම් කරලා ඉතිරි වෙන මුදලක් ඉතුරු කරනවා" වෙනුවට "පළමුව ඉතුරු කරලා සහ රක්ෂණ වාරිකය ගෙවලා, ඉතිරිය වියදම් කරන්න" පුරුදු වෙන්න.
🚀 මේ සැලසුම සාර්ථක කරගන්න උදව් වෙන සරල Tips 3ක්
🔰 01. Pay Yourself First (පළමුව ඔබටම ගෙවාගන්න):
පඩිය වැටුණු ගමන්ම කරන්න ඕන පළවෙනි වැඩේ තමයි අර 20% ක ඉතුරුම් කොටස සහ රක්ෂණ වාරිකය වෙනම ගිණුමකට දාන එක. ඒ ඉතුරුම් ගිණුමට ATM කාඩ් එකක් නොගෙන ඉන්නවා නම් වඩාත් හොඳයි, එතකොට සල්ලි ගන්න තියෙන පෙළඹවීම අඩුයි.
🔰02. බිල්පත් සහ රක්ෂණ වාරික කලින්ම ගෙවන්න (Automate Payments):
මාසේ මුලදීම ස්ථාවර නියෝග (Standing Orders) හරහා ඔබේ ජීවිත රක්ෂණ වාරිකය, ලයිට් බිල්, වතුර බිල් සහ ණය වාරික ස්වයංක්‍රීයවම කැපෙන්න හදන්න. එතකොට අමතක වීමක් වෙන්නෙත් නැහැ, දඩ මුදල් ගෙවන්න වෙන්නෙත් නැහැ. රක්ෂණ ඔප්පුවක් අක්‍රීය නොවී පවත්වාගෙන යන්න මෙය ඉතාම වැදගත්.
🔰03. වියදම් Track කරන්න (Track your spending):
මොන සැලසුම ගැහුවත් අපි සල්ලි වියදම් කරන තැන් අපි දැනගන්න ඕනේ. පොඩි නෝට්බුක් එකක හෝ ජංගම දුරකථන App එකක (උදා: Money Manager වැනි ඇප්ස්) දවසට යන වියදම් සතේටම ලියාගන්න. මාසේ අන්තිමට බලද්දී ඔබටම තේරේවි කොච්චර අනවශ්‍ය දේවල් වලට සල්ලි නාස්ති වෙලාද කියලා.
🔄 වෙනස්කම් වලට හැඩගැහෙන්න,
මේ ප්‍රතිශතයන් (50/30/20) ගලේ කෙටූ අකුරු වගේ නොවෙයි. ඔබේ වත්මන් ආර්ථික තත්ත්වය සහ පවුලේ බර අනුව මෙය 60/20/20 හෝ 70/20/10 වැනි වෙනස්කම්වලට බඳුන් කරගන්න ඔබට පුළුවන්. වැදගත් වෙන්නේ කුමන හෝ ක්‍රමවත් රටාවකට හුරු වීමයි.
මේ මාසේ ලැබුණු Salary එකත් ගිය මාසේ වගේ නිකන්ම, කිසිම ඉලක්කයක් නැතුව වියදම් වෙන්න දෙන්න එපා. කොහොම හරි Financial Discipline (මූල්‍ය විනයක්) ඇතිකරගෙන ඉස්සරහට යමු. විශේෂයෙන්ම, ඔබ තවමත් ඔබේ ජීවිතය සහ පවුල රක්ෂණය කර නොමැති නම්, මේ මාසයේ ඔබේ පඩියෙන් ඒ සඳහා සුළු මුදලක් හෝ වෙන් කිරීමට පියවර ගන්න. එය ඔබ, ඔබේ පවුල වෙනුවෙන් ගන්නා වටිනාම තීරණය වේවි.
ඔබේ ආදායමට සහ අවශ්‍යතාවයට හරියටම ගැළපෙන, ඔබට දරන්න පුළුවන් මට්ටමේ ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් (Life & Health Insurance Plan) සකසා ගැනීම ගැන වැඩිදුර දැනගන්න අවශ්‍ය නම්, මට කෙටි පණිවිඩයක් (Inbox/WhatsApp) යොමු කරන්න. වෘත්තීය උපදේශකයෙකු ලෙස නිවැරදිම මඟ පෙන්වීම ලබා දීමට මම සූදානම්.
අදම ඔබේ මූල්‍ය සැලසුම ආරම්භ කරන්න!
ජයවේවා! 💪🏆
දිනේෂ් වික්‍රමසිංහ,
මූල්‍ය රක්ෂණ උපදේශක,
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව.
📲 071 236 4001