18/10/2021
MCB වලට සප්ලයි දෙන්නෙ උඩින්ද යටින්ද ? 🤔
ඇයි ඒ ? 🤔
ඉස්සර නම් DB එකක mcb වලට කරන්ට් එක දුන්නෙ යටින්නෙ.
සර්කිට් වලට සප්ලයි ගත්තෙ mcb එකේ උඩින්.
හැබැයි දැන් එහෙම බෑ.
දැන් mcb වලට සප්ලයි දෙන්න ඕනෙ උඩින්, ලෝඩ් එක ගන්න ඕනෙ යටින්.
අලුතෙන් එන mcb වල මේක පොඩියට මාක් කරල තියනව. Line/Load කොහොමද දෙන්න ඕනෙ කියල. සමහර ඒවයෙ නම් සයිඩ් එකේ
⬅️Line Load➡️ කියල ලියලම තියනව
(ෆොටෝ එකක් ඇති)
ඒත් මෙහෙ තියන ගොඩක් ඒවයෙ අංක වලින් තමයි පොඩියට සලකුනු කරල තියෙන්නෙ ලයින් & ලෝඩ් මොනවද කියල. මේ සලකුන mcb එකේ ඉස්සරහ වගේම පැත්තෙන් හරි උඩින් හරි තියෙන්න පුලුවන්. ඒ නිසා එකපාරටම දැක්කෙ නැත්නම් අතට අරන් වටේටම කරකව කව බලන්න ඕනෙ (ෆොටෝ ඇති)
මාක් කරල තියෙන්නෙ අංක වලින්නෙ. මේවයෙ උඩ යට අංක වලින් බැලුවොත් අඩු අංකෙ පැත්තට තමයි සප්ලයි දෙන්නෙ. එක පෝල් එකක 1/2 තිබ්බොත් 1 පැත්තට ලයින් එක 2 පැත්තෙන් ලෝඩ් එක. අනික් පෝල් එකේ 3/4 නම් 3 පැත් line, 4 පැත්ත load.
අංක ඔක්කොම දිහා බැලුවොත් ඔත්තේ (දෙකෙන් බෙදෙන්නෙ නැති) ඉලක්කම් තියන පැත්තෙ තමයි සප්ලයි දෙන්නෙ ඈ. ඉරට්ටෙ සංඛ්‍යා වලින් පෙන්නල තියෙන්නෙ out එක.
4 පෝල් එකක නම් 1,3,5,7 තමයි ලයින් ඉන්
2,4,6,8 තමයි අවුට්.
🤔 එතකොට මේ 1යි 0යි ගහල තියෙන්නෙ (ෆොටො එකේ වගේ) ඒ මොකද්ද ?
ආ ඒ On / Off පැති දෙක. පටලව ගන්න එපා.
1 පැත්තට ඒකියන්නෙ උඩට ඔන්,
0 පැත්තට - යටට ඕෆ්.
🤔 එතකොට මේ in out මොකක්වත් මාක් කරලම නැත්නම් ?
එහෙම ඒවත් එනව. ඒවයෙ නම් කොහෙන් line එක දීල කොහෙන් load එක ගත්තත් අවුලක් නෑ. මේව විශේෂයෙන්ම පාවිච්චි වෙනව දෙපැත්තටම කරන්ට් එක යන විශේෂ තැන් වලට (rivers feed applications) ඒ උනාට සාමාන්‍යයෙන් DB එකක් වයර් කරනකොට පොදු ක්‍රමේට, ඒ කියන්නෙ උඩින් in යටින් out තමයි කරන්න ඕනෙ.
🤔 ඇයි ඒ ?
මෙහෙමනෙ.
නිශ්පාදකයා මොකක් හරි කියල තියෙන්නෙ හේතුවක් ඇතුවනෙ. උපරිම ආරක්ශාව සහ කල්පැවැත්ම තියෙන්න නම් ඒ විදිහට හයි කරන්න ඕනෙ.
නිකමට හිතමුකො අපි පරන mcb ටිකක් දැම්ම කියල. ඒ උනාට line/load පරන විදිහට දාන්න එපා. මොකද, මොනා හරි අවුලක් වෙලා mcb එකක් මාරු කරන්න උනොත් එක්කො db එක වෙනස් කරන්න වෙනව, නැත්නම් දන්නෑ වගේ mcb එක වැරදි පැත්තට දාල නිකා ඉන්න වෙනව 😁
🤔 දැන් ඇයි මේ නිශ්පාදක බුවා මේකෙ line එක උඩින්ම දෙන්න කියන්නෙ. ඇයි ඕක යටින් හදන්න තිබ්බෙ නැද්ද ?
හේතු කීපයක් තියේ.
එකක් තමයි mcb එකේ fixed ටර්මිනල් එක තියෙන්නෙ උඩ්.
යට තියන ටර්මිනල් එකට අදාල කෑලි තමයි on/off කරනකොට එහා මෙහා වෙන්නෙ. අහල ඇතිනෙ, ඕන ස්විච් එකක එකතැන තියන ටර්මිනල් එකට තමයි කරන්ට් එක දෙන්න ඕනෙ.
දෙවනි එක. mcb එක ඔටෝ ඕෆ් වෙන ගැජමැටික් ටික තියෙන්නෙ ඒකෙ පහලට වෙන්න (ෆොටෝ). ඕෆ් උනාට පස්සෙ ඒකෙ කිසිම කෑල්ලකට කරන්ට් එක එන්නෙ නැති වෙන්නෙ උඩින් සප්ලයි දුන්නොත්.
තව හේතුවක්... සාමාන්‍යයෙන් db එකක් හයි කරන්නෙ ටිකක් ඉහල මට්ටමේ නෙ.
ඉතින් මලාට ගලවන්නෙ නැති බස් බාර් එක උඩින් ගහල, ඕන උනොත් ගලවන්න චෙක් කරන්න වෙන වයර් ටික යටින් තිබ්බ නම් මේන්ටේන් කරන්න ලේසියී නේ.
ඒ වගේම mcb එකේ ලොක් එක තියෙන්නෙත් පහලනෙ. බස් බාර් එකත් යටින් තිබ්බොත් mcb එකක් මාරු කරන්න ඕනෙ උනාම කරදරයි. බස් බාර් එක උඩින් තිබ්බම වැඩි අවුලක් නෑ. වයර් එක ගැලෙව්ව, ලොක් එක පැන්නුව, අනික් ඒවට කරදරයක් නැතිව ශේප් එකේ මාරු කරන්න ඕනි එකා අයින් කරන්න පුලුවන්.
ඉතින් අපි හැමෝම නිශ්පාදකයා නිර්දේශ කරන ක්‍රමේට හරියට වැඩේ කරමු. ආරක්ශාව හොඳයි, කල්පැවැත්ම වැඩීයි, අපි හැමෝටම ලේසියි.