SED Pages Tissamaharama

SED Pages Tissamaharama Government organization for Youth Entrepreneurship

Missed කරගත්තොත් පසුතැවෙන්න වෙන Chance එකක් තමයි EDP- 2026 කියන්නේ...වාසනාව ළඟට එනකන් ඉන්නේ නැතිව උත්සාහ කරලම බලමුද?🤔මේ ...
01/07/2026

Missed කරගත්තොත් පසුතැවෙන්න වෙන Chance එකක් තමයි EDP- 2026 කියන්නේ...වාසනාව ළඟට එනකන් ඉන්නේ නැතිව උත්සාහ කරලම බලමුද?🤔මේ කියන තැන් වලින් පහසු තැනකදි අපි ඔයාගේ වාසනාව උත්සාහය එක්කම උරගාලා බලමු..

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Mi...
27/04/2026

ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Missed කරගන්නෙපා..අප්‍රේල් 30 මේ link එකෙන් join වෙන්න.....

SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: April 30, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456

🐝 තිස්සමහාරාමයේ මී මැසි පාලන පුහුණු වැඩසටහන සාර්ථකව නිම විය! 🍯​තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම...
23/02/2026

🐝 තිස්සමහාරාමයේ මී මැසි පාලන පුහුණු වැඩසටහන සාර්ථකව නිම විය! 🍯

​තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත, ප්‍රදේශයේ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ "මී මැසි පාලන පුහුණු වැඩසටහන" පසුගිය 2026 පෙබරවාරි 13 වන දින සාර්ථකව පැවැත්විණි.

​මෙම වැඩසටහන තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දේශීය වෛද්‍ය කටයුතු අංශය මගින් එක්ව සංවිධානය කරන ලදී.

​විශේෂ අවස්ථා:

​සම්පත් දායකත්වය: ප්‍රවීණ මී මැසි පාලන පුහුණු උපදේශක තිස්ස බණ්ඩාර තඹවිට මහතා විසින් ඉතා වටිනා පුහුණුවක් ලබා දෙන ලදී.

​සම්බන්ධීකරණය: තිස්සමහාරාම මන්දාරා බී සර්විස් (Mandara Bee Service) ආයතනය මෙහි සම්බන්ධීකරණ කටයුතු සඳහා සක්‍රීයව දායක විය.

​සහභාගීත්වය: පාසල් සිසුන් ඇතුළු ව්‍යවසායකයින් 75 දෙනෙකු පමණ මේ සඳහා එක් වූ අතර, සහකාර ප්‍රාදේශීය ලේකම් මනෝජ් කොඩිතුවක්කු මහතාගේ සහභාගීත්වයෙන් වැඩසටහන ඔපවත් විය.

​ඉදිරි සැලසුම:
​මෙම දැනුවත් කිරීමෙන් අනතුරුව, හම්බන්තොට දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා එක්ව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මී මැසි පාලනය ව්‍යාප්ත කිරීමට මේ වන විට සියලු සැලසුම් සකස් කර ඇත.

​අනාගතයේදී ස්වයං රැකියාවක් මෙන්ම පරිසර හිතකාමී ව්‍යාපාරයක් ලෙස මෙය ප්‍රචලිත කරමින් ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපගේ ප්‍රධාන ඉලක්කයයි. සහභාගී වූ සහ සහයෝගය දැක්වූ සැමට ස්තූතියි! 🌸🐝

​සංවිධානය සහ සටහන:
​සුසන්ත ප්‍රසාද්
කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - තිස්සමහාරාම.

🌟 අතිසාර්ථකව නිමාවූ තිස්සමහාරාම "මූල්‍ය සාක්ෂරතා" වැඩමුළුව! 🌟​තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය ව්‍යවසායකයින්...
20/02/2026

🌟 අතිසාර්ථකව නිමාවූ තිස්සමහාරාම "මූල්‍ය සාක්ෂරතා" වැඩමුළුව! 🌟

​තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් අද (පෙබරවාරි 20) දින සංවිධානය කරන ලද මූල්‍ය සාක්ෂරතා වැඩසටහන ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් විය.

​කෘෂි, නිෂ්පාදන සහ සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර ත්‍රිත්වයම නියෝජනය කරමින් ව්‍යවසායකයින් 151 දෙනෙකු මෙම අවස්ථාවට උද්‍යෝගයෙන් යුතුව සහභාගී වීම විශේෂත්වයකි. තම වටිනා කාලය කැප කරමින් සහභාගී වූ එම සියලුම දිරිය ව්‍යවසායකයින්ට අපගේ විශේෂ ස්තූතිය! 📈👥

​🎯 මඟපෙන්වීම සහ පහසුකම් සැලසීම:
මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා නිරන්තර උපදෙස් සහ මඟපෙන්වීම ලබා දුන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂතුමාටත්, හම්බන්තොට දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමියටත් අපගේ ගෞරවය හිමිවේ. එමෙන්ම, වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය ශාලා පහසුකම් සහ අවසරය ලබාදෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුමාටද විශේෂයෙන් ස්තූතිවන්ත වෙමු.

​🏢 සම්පත් දායකත්වය සහ දැනුවත් කිරීම්:
​ශ්‍රී ලංකා මහ බැංකුව: ප්‍රාදේශීය කළමනාකරු සුමුදු ගුණරත්න මහතා සහ කළමනාකාරිනී ඒකනායක මහත්මිය විසින් ඉතා වටිනා මූල්‍ය සාක්ෂරතා දේශනයක් සිදු කරන ලදී.

​තිස්සමහාරාම කොමර්ෂල් බැංකුව: වැඩසටහනේ පූර්ණ අනුග්‍රහකත්වය සහ සම්බන්ධීකරණය සිදු කරමින්, එහි කළමනාකරු අමිල රත්නායක මහතා සහ ණය නිලධාරී ඩිලාන් පේමදාස මහතා විසින් සහනදායී ණය, ඉතුරුම් ක්‍රම සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දෙන ලදී.

​සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය: මූල්‍ය විනයක් නොමැති වීමෙන් ඇතිවන පීඩනය හරහා මිනිසුන් ගොදුරු වන බෝනොවන රෝග පිළිබඳව, මහජන සෞඛ්‍ය පරීක්ෂක නදීර මහතා විසින් කාලීන දේශනයක් සිදු කරන ලදී.

​කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය: 2026 වසරේදී ව්‍යවසායකයින් වෙත සැපයීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී ඔෂාන් මොහොට්ටි මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.

​🤝 විශේෂ ස්තූතිය:
මෙම වැඩසටහනට ව්‍යවසායකයින් සම්බන්ධීකරණය කරමින් නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට අපගේ හදපිරි ස්තූතිය පුද කරමු.

​තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඔප්නැංවීමට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ අත්වැල් බැඳගත් ශ්‍රී ලංකා මහ බැංකුවට, කොමර්ෂල් බැංකුවට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තිස්සමහාරාම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රණාමය මෙලෙස පුදකර සිටිමු! 💐

​✍️ සටහන සහ සංවිධානය:
සුසන්ත ප්‍රසාද්
සංවර්ධන නිලධාරී
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

*ඔබේ ව්‍යාපාරය ජයගන්න, මුදල් හරිහැටි හසුරුවන්න ඉගෙන ගමුද?* 📈💰තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධ...
18/02/2026

*ඔබේ ව්‍යාපාරය ජයගන්න, මුදල් හරිහැටි හසුරුවන්න ඉගෙන ගමුද?* 📈💰

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලබන වටිනා වැඩමුළුවක්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන මෙම " *මූල්‍ය සාක්ෂරතාව* " වැඩසටහනට සහභාගී වී පහත ප්‍රතිලාභ ලබාගන්න.

✅ මුදල් හසුරවන විධික්‍රම හරියටම දැනගන්න.
✅ 5% සිට පවතින සහනදායි ණය යෝජනා ක්‍රම ගැන දැනුවත් වන්න.
✅ ඇප සුරැකුම් රහිත ණය යෝජනා හඳුනා ගන්න.
✅ ඔබේ ව්‍යාපාරයට ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing) යොදාගන්නා අයුරු ඉගෙන ගන්න.

📅 දිනය: පෙබරවාරි 20
⏰ වේලාව: උදෑසන 09:00 සිට 01:00 දක්වා
📍 සංවිධානය: කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ඔබේ ආසනය වෙන්කරවා ගැනීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න:
📞 070 62 50 941

මෙම වටිනා අවස්ථාව මගහැර නොගන්න! ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න. Share කරන්න. 🤝

Address

Divisional Secretory Office
Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when SED Pages Tissamaharama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Tissamaharama:

Shortcuts

Share