e-Filing Tax Consultants

  • Home
  • e-Filing Tax Consultants

e-Filing Tax Consultants Accounting & Tax Preparation Service

✅ First Installment Payment for 2026/2027
10/08/2026

✅ First Installment Payment for 2026/2027

🚨 **කාර්තුමය ආදායම් බදු වාරිකය ගෙවීමේ අවසන් දිනය – 2026 අගෝස්තු 15****2026/2027 තක්සේරු වර්ෂය** සඳහා **පළමු කාර්තුමය ආදා...
06/08/2026

🚨 **කාර්තුමය ආදායම් බදු වාරිකය ගෙවීමේ අවසන් දිනය – 2026 අගෝස්තු 15**

**2026/2027 තක්සේරු වර්ෂය** සඳහා **පළමු කාර්තුමය ආදායම් බදු වාරිකය** ගෙවිය යුතු අවසන් දිනය **2026 අගෝස්තු 15** වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් නිකුත් කර ඇති **Circular No. SEC/2026/E/06** අනුව, **දේශීය ආදායම් පනත අංක 24 of 2017 (සංශෝධිත)** හි **90 වන වගන්තිය** යටතේ කාර්තුමය බදු වාරික ගණනය කිරීම සහ ගෙවීම පිළිබඳ උපදෙස් ලබාදී ඇත.

📅 **වාරික ගෙවීමේ දින**

✅ 2026 අගෝස්තු 15
✅ 2026 නොවැම්බර් 15
✅ 2027 පෙබරවාරි 15
✅ 2027 මැයි 15

💰 **බදු වාරිකය ගණනය කරන්නේ කෙසේද?**

සාමාන්‍යයෙන්, පෙර **2025/2026 තක්සේරු වර්ෂයේ** ගෙවිය යුතු දළ ආදායම් බද්ද (Gross Income Tax), අදාළ බදු ණය (Tax Credits) සහ දැනටමත් ගෙවා ඇති බදු අඩු කිරීමෙන් පසු ඉතිරි වන මුදල පදනම් කරගෙන කාර්තුමය වාරිකය ගණනය කෙරේ.

📌 **විකල්ප පදනමක් (Alternative Basis) භාවිතා කළ හැකිද?**

**ඔව්.** පහත අවස්ථාවලදී ඔබට විකල්ප පදනමක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

✔️ ඔබ නව බදු ගෙවන්නෙකු නම් හෝ පෙර තක්සේරු වර්ෂයේ බදු අය කළ හැකි ආදායමක් නොතිබුණේ නම්.

✔️ වත්මන් තක්සේරු වර්ෂයේ ඔබගේ බදු අය කළ හැකි ආදායම සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි සාධාරණව අපේක්ෂා කරන්නේ නම්.

📝 ඒ සඳහා පහත ආකෘති පත්‍ර භාවිතා කළ යුතුය.

📄 SEC/2026/SA/01 – වත්මන් තක්සේරු වර්ෂයේ බදු අය කළ හැකි ආදායම සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බදු ගෙවන්නන් සඳහා.

📄 SEC/2026/SA/02 – අලුතින් ලියාපදිංචි වූ බදු ගෙවන්නන් සඳහා. පෙර තක්සේරු වර්ෂය සඳහා බදු ගණනය කිරීමක් නොමැති බැවින්, වත්මන් තක්සේරු වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බදු අය කළ හැකි ආදායම මත කාර්තුමය බදු වාරිකය ගණනය කර මෙම ප්‍රකාශනය ඉදිරිපත් කළ යුතුය.

⏰ **විශේෂ සහනය – 2026/2027 තක්සේරු වර්ෂය සඳහා පමණි**

සාමාන්‍යයෙන් මෙම ප්‍රකාශන **ජූලි 31**ට පෙර ඉදිරිපත් කළ යුතු වුවද, **2026/2027 තක්සේරු වර්ෂය සඳහා පමණක්** එම අවසන් දිනය **2026 අගෝස්තු 15** දක්වා දීර්ඝ කර ඇත.

⚠️ **නියමිත දිනට වාරිකය නොගෙවන්නේ නම්, දේශීය ආදායම් පනත අනුව පොලී අයකරනු ලැබිය හැකිය.**

🚨 **Quarterly Income Tax Instalment Due – 15 August 2026**

Don't miss your **first quarterly income tax instalment** for the **2026/2027 Year of Assessment**, due on **15 August 2026**.

The Inland Revenue Department (IRD) has issued **Circular No. SEC/2026/E/06**, explaining how quarterly instalments should be calculated under **Section 90 of the Inland Revenue Act, No. 24 of 2017 (as amended).**

📅 **Due Dates (Y/A 2026/2027)**

✅ 15 August 2026
✅ 15 November 2026
✅ 15 February 2027
✅ 15 May 2027

💰 **How is the instalment calculated?**

For most taxpayers, the quarterly instalment is based on the **gross income tax payable for the previous Year of Assessment (2025/2026)** after deducting allowable tax credits and taxes already paid.

📌 **Can you use an alternative basis?**

Yes. You may qualify if:

✔️ You are a newly registered taxpayer or had **no taxable income** in the previous year.

✔️ You expect a **significant reduction in taxable income** during the current year.

To do so, submit the relevant declaration:

📄 Form SEC/2026/SA/01 – For taxpayers who expect a significant reduction in taxable income during the current Year of Assessment.

📄 Form SEC/2026/SA/02 – For newly registered taxpayers who do not have a tax computation for the previous Year of Assessment and are required to estimate their taxable income for the current Year of Assessment.

⏰ **Special Concession for Y/A 2026/2027**

Although declarations are normally required before **31 July**, the IRD has extended the deadline to **15 August 2026** **for this year only**.

⚠️ **Late payment of quarterly instalments may result in interest under the Inland Revenue Act.**

📲 Contact us today and stay compliant with your tax obligations.

📗Circular No: SEC/2026/E/06  issued on August 03rd, 2026Circular on Calculating Quarterly Income Tax Instalments(Section...
05/08/2026

📗Circular No: SEC/2026/E/06 issued on August 03rd, 2026

Circular on Calculating Quarterly Income Tax Instalments
(Section 90 of the Inland Revenue Act, No. 24 of 2017 (as amended))

05/08/2026

✅ 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ප්‍රකාශය (Return of Income) ඉදිරිපත් කිරීම සඳහා වන IRD e-Filing පද්ධතිය විවෘත කර ඇත.

🇱🇰 2025/2026 සඳහා Individual Income Tax Liability ගණනය කරන්නේ කොහොමද?💰 ඔබ ගෙවිය යුතු Income Tax එක නිවැරදිව ගණනය කරමු
04/08/2026

🇱🇰 2025/2026 සඳහා Individual Income Tax Liability ගණනය කරන්නේ කොහොමද?

💰 ඔබ ගෙවිය යුතු Income Tax එක නිවැරදිව ගණනය කරමු

🇱🇰 2025/2026 සඳහා Individual Income Tax Liability ගණනය කරන්නේ කොහොමද? 💰 ඔබ ගෙවිය යුතු Income Tax එක නිවැරදිව ගණනය කරමු Salary එකක් ලැබුණත්, Business එකක් කළත...

📅 AUGUST 2026 – TAX DEADLINE CALENDARImportant Tax & Statutory Payment Deadlines⚠️ Key Dates to Remember07 AUG → Betting...
04/08/2026

📅 AUGUST 2026 – TAX DEADLINE CALENDAR

Important Tax & Statutory Payment Deadlines

⚠️ Key Dates to Remember

07 AUG → Betting & Gaming Payment
15 AUG → Income Tax + SET + APIT + AIT/WHT
20 AUG → SSCL + VAT Payment
31 AUG → VAT Return

💡 Don’t wait until the deadline. Make your tax payments and submissions on time to avoid unnecessary penalties and interest.

🇱🇰 2025/2026 සඳහා Individual Income Tax Liability ගණනය කරන්නේ කොහොමද?💰 ඔබ ගෙවිය යුතු Income Tax එක නිවැරදිව ගණනය කරමුSal...
02/08/2026

🇱🇰 2025/2026 සඳහා Individual Income Tax Liability ගණනය කරන්නේ කොහොමද?

💰 ඔබ ගෙවිය යුතු Income Tax එක නිවැරදිව ගණනය කරමු

Salary එකක් ලැබුණත්, Business එකක් කළත්, Rental Income තිබුණත්, Investment Income තිබුණත් — ඔබගේ Income Tax Liability එක නිවැරදිව හඳුනාගැනීම ඉතා වැදගත්.

විශේෂයෙන් 2025/2026 Year of Assessment සඳහා අදාළ Personal Relief, Allowable Deductions සහ Progressive Tax Rates නිවැරදිව යොදාගෙන Tax Liability එක ගණනය කළ යුතුයි.

අපි පියවරෙන් පියවර බලමු. 👇



1️⃣ මුලින්ම ඔබගේ Income Sources හඳුනාගන්න

Individual කෙනෙකුට විවිධ ආකාරවලින් ආදායම් ලැබිය හැකියි.

🔹 Employment Income – Salary, Bonus, Allowances
🔹 Business Income – Business / Trade වලින් ලැබෙන ආදායම
🔹 Investment Income – Rent, Interest, Dividend වැනි ආදායම්
🔹 Other Taxable Income – වෙනත් taxable income

ඒ නිසා Salary එක පමණක් බලලා ඔබගේ Income Tax Liability එක තීරණය කිරීම ප්‍රමාණවත් නොවේ.



2️⃣ Assessable Income හඳුනාගන්න

2025/2026 Year of Assessment එක තුළ ඔබට ලැබුණු taxable income හඳුනාගත යුතුයි.

උදාහරණයක්:

Employment Income = Rs. 2,400,000
Business Income = Rs. 1,000,000
Rental Income = Rs. 600,000

Total Income = Rs. 4,000,000

නමුත් මේ Rs. 4,000,000 තවමත් final Taxable Income එක නොවේ.



3️⃣ Allowable Deductions අඩු කරන්න

Business Income වැනි income එකක් ගණනය කිරීමේදී නීතිය යටතේ allowable deductions ලෙස පිළිගන්නා වියදම් අඩු කළ හැකියි.

උදාහරණ:

✔️ Business-related expenses
✔️ Employee costs
✔️ Rent
✔️ Utilities
✔️ Capital allowances
✔️ වෙනත් allowable business expenses

⚠️ Personal expenses සාමාන්‍යයෙන් business deduction එකක් ලෙස claim කළ නොහැක.

ඒ නිසා Business එකේ වියදම් වූ සෑම මුදලක්ම Tax Deduction එකක් නොවේ.



4️⃣ Personal Relief සැලකිල්ලට ගන්න

2025/2026 Year of Assessment සඳහා qualifying resident individual හෝ non-resident citizen of Sri Lanka සඳහා:

🟢 Personal Relief = Rs. 1,800,000

උදාහරණයක්:

Assessable Income = Rs. 6,000,000
Less: Personal Relief = Rs. 1,800,000

Taxable Income = Rs. 4,200,000

⚠️ වැදගත්: Personal Relief එක gains from the realization of investment assets සඳහා අදාළ නොවේ.



5️⃣ 2025/2026 Exact Individual Income Tax Rates

Taxable Income එකට Progressive Tax Rates apply කළ යුතුයි.

Taxable Income Tax Rate
First Rs. 1,000,000 6%
Next Rs. 500,000 18%
Next Rs. 500,000 24%
Next Rs. 500,000 30%
Balance 36%

📌 මතක තබාගන්න

Income එකේ මුළු මුදලටම highest tax rate එක apply කරන්නේ නැහැ.

Taxable Income එක tax bands වලට බෙදාගෙන එක් එක් කොටසට අදාළ tax rate එක යොදනවා.



🧮 6️⃣ Numerical Example – Rs. 6 Million Income

අපි හිතමු Individual කෙනෙකුගේ 2025/2026 සඳහා Assessable Income:

Rs. 6,000,000

Qualifying Personal Relief:

Rs. 1,800,000

එවිට:

Rs. 6,000,000 − Rs. 1,800,000

= Taxable Income Rs. 4,200,000

දැන් Tax එක ගණනය කරමු.

🔹 First Rs. 1,000,000 @ 6%

Rs. 1,000,000 × 6%

= Rs. 60,000

🔹 Next Rs. 500,000 @ 18%

Rs. 500,000 × 18%

= Rs. 90,000

🔹 Next Rs. 500,000 @ 24%

Rs. 500,000 × 24%

= Rs. 120,000

🔹 Next Rs. 500,000 @ 30%

Rs. 500,000 × 30%

= Rs. 150,000

🔹 Remaining Rs. 1,700,000 @ 36%

Rs. 1,700,000 × 36%

= Rs. 612,000



🧾 Total Income Tax

Rs. 60,000

* Rs. 90,000
* Rs. 120,000
* Rs. 150,000
* Rs. 612,000

= Rs. 1,032,000

ඒ අනුව:

Assessable Income
Rs. 6,000,000

Less: Personal Relief
Rs. 1,800,000

Taxable Income
Rs. 4,200,000

Income Tax Liability

🔴 Rs. 1,032,000



7️⃣ AIT / WHT ගෙවා තිබුණොත්?

ඔබගේ income එකෙන් AIT (Advance Income Tax) හෝ WHT (Withholding Tax) deduct කර තිබිය හැකියි.

උදාහරණයක් ලෙස:

Income Tax Liability = Rs. 1,032,000
Less: Eligible Tax Already Paid / Credit = Rs. 300,000

Balance Tax Payable

Rs. 1,032,000 − Rs. 300,000

= Rs. 732,000

ඒ අනුව eligible tax credits/payments නිවැරදිව සැලකිල්ලට ගත් පසු final tax payable එක හඳුනාගත හැකියි.



8️⃣ Rental Income තිබෙන අයට වැදගත් කරුණක්

Qualifying resident individuals සඳහා Rental Income සම්බන්ධයෙන් නීතියේ සඳහන් කොන්දේසි සපුරන්නේ නම් 25% Rent Relief එකක් ලබාගත හැකි අවස්ථාව තිබේ.

ඒ නිසා Rental Income තිබෙන අය Tax Return එක සකස් කිරීමේදී මේ පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි.



📌 Individual Income Tax Calculation – Simple Formula

Step 1

Total Assessable Income



Step 2

Allowable Deductions / Adjustments



Step 3

Applicable Reliefs

⬇️

Taxable Income

ඊළඟට:

Taxable Income

➡️ 6%
➡️ 18%
➡️ 24%
➡️ 30%
➡️ 36%

අදාළ Progressive Tax Rates අනුව tax calculate කරන්න.

ඉන්පසු:

Gross Tax Liability



Eligible Tax Credits / Tax Already Paid

⬇️

🔴 Final Tax Payable



⚠️ Tax Calculation කිරීමේදී සිදුවන පොදු වැරදි

❌ Salary එක පමණක් බලලා Tax Liability එක calculate කිරීම

❌ Bank account එකට ලැබුණු මුළු මුදලම taxable income ලෙස සැලකීම

❌ Business එකේ සියලු expenses tax deductions ලෙස claim කිරීම

❌ Personal expenses business expenses ලෙස claim කිරීම

❌ මුළු income එකටම එකම tax rate එකක් apply කිරීම

❌ AIT / WHT deductions සඳහා supporting documents තබා නොගැනීම

❌ Rental Income සඳහා අදාළ tax treatment නොසැලකීම



✅ නිවැරදි Tax Planning එකක් කරන්නේ මෙහෙමයි

✔️ සියලු Income Sources හඳුනාගන්න
✔️ Allowable Deductions නිවැරදිව හඳුනාගන්න
✔️ Applicable Reliefs සහ Exemptions පරීක්ෂා කරන්න
✔️ Taxable Income calculate කරන්න
✔️ Progressive Tax Rates apply කරන්න
✔️ AIT / WHT සහ eligible tax credits සැලකිල්ලට ගන්න
✔️ Supporting Documents තබාගන්න
✔️ Income Tax Return එක නිවැරදිව file කරන්න



💡 Tax Planning කියන්නේ Tax නොගෙවා සිටීම නොවේ!

Tax Planning කියන්නේ නීතියට අනුකූලව ඔබට හිමි:

✔️ Reliefs
✔️ Deductions
✔️ Exemptions
✔️ Tax Credits
✔️ වෙනත් නීත්‍යානුකූල Tax Benefits

නිවැරදිව භාවිතා කරමින් ඔබගේ Tax Liability එක නිවැරදිව කළමනාකරණය කිරීමයි.



📅 2025/2026 Year of Assessment

ඔබට:

Salary + Business Income + Rental Income + Investment Income

වැනි income sources කිහිපයක් තිබේ නම්, ඔබගේ Taxable Income සහ Final Tax Liability එක නිවැරදිව calculate කරගැනීම ඉතා වැදගත්.



🏢 eFiling Tax Consultants

Tax Consultancy | Accounting | Tax Return Services

ඔබගේ Income Tax Return එක නිවැරදිව සකස් කර, ඔබට අදාළ Tax Liability එක හඳුනාගැනීමට professional assistance ලබාගන්න.

📌 Prepared by eFiling Tax Consultants

🏠 ඔබේ දරුවාට ඉඩමක් තෑගි කළොත් Tax ගෙවන්න වෙනවාද?ශ්‍රී ලංකාවේ Inland Revenue Act – Section 46 ගැන ඔබ දැනගත යුතු වැදගත් කර...
01/08/2026

🏠 ඔබේ දරුවාට ඉඩමක් තෑගි කළොත් Tax ගෙවන්න වෙනවාද?

ශ්‍රී ලංකාවේ Inland Revenue Act – Section 46 ගැන ඔබ දැනගත යුතු වැදගත් කරුණු

“මම ඉඩම විකුණන්නේ නැහැ. පුතාට/දුවට තෑගි කරනවා. ඒ නිසා Tax එකක් නැහැ නේද?”

👉 සෑම අවස්ථාවකදීම එහෙම කියන්න බැහැ.

වත්කමක් Gift එකක් ලෙස ලබාදීමේදී පවා Capital Gains Tax (CGT) implications ඇති විය හැක.

🔹 සාමාන්‍ය නීතිය – Section 46(1)

වත්කමක් Associate කෙනෙකුට හෝ කිසිදු consideration එකක් නොමැතිව මාරු කරන විට, සාමාන්‍යයෙන් tax purposes සඳහා consideration එක ලෙස:

Market Value හෝ Net Cost යන දෙකෙන් වැඩි අගය සැලකිය හැක.

ඒ නිසා,

❌ “මුදල් ලැබුණේ නැහැ”

කියන එක පමණක් මත tax liability එකක් නැහැ කියලා තීරණය කළ නොහැක.



🏡 දරුවාට ඉඩමක් තෑගි කළොත්?

Section 46 හි විශේෂ provision එකක් යටතේ, අදාළ statutory conditions සපුරාලන අවස්ථාවකදී, ශ්‍රී ලංකාවේ පිහිටි land හෝ building interest එකක් qualifying relative කෙනෙකුට gift කිරීමේදී Net Cost treatment එකක් ලැබිය හැක.

උදාහරණයක්:

ඉඩමේ Net Cost: රු. මිලියන 5
Market Value: රු. මිලියන 15
Transfer: පියා → පුතා

අදාළ කොන්දේසි සපුරාලන්නේ නම්:

Deemed Consideration = රු. මිලියන 5

ඒ අනුව එම qualifying transfer එකේදී Market Value එක සහ Net Cost එක අතර ඇති appreciation එක වහාම taxable gain එකක් ලෙස crystallise නොවිය හැක.



⚠️ හැබැයි Shares තෑගි කළොත්?

උදාහරණයක්:

Shares Cost: රු. මිලියන 2
Market Value: රු. මිලියන 5
Transfer: පියා → පුතා

Family-transfer concession එකට අදාළ asset requirements සපුරාලන්නේ නැත්නම්, Section 46(1) හි සාමාන්‍ය rule එක අදාළ විය හැක.

Deemed Consideration: රු. මිලියන 5
Cost: රු. මිලියන 2
Potential Gain: රු. මිලියන 3

👉 ඒ නිසා “පුතාට තෑගි කළා” කියන කරුණ පමණක් මත සියලු assets වලට එකම tax treatment එකක් ලැබෙන්නේ නැහැ.



🏢 තමන්ගේ Company එකට Asset එකක් Transfer කළොත්?

Individual → Company හෝ Company → Associated Company transfer එකක් නම් Section 46(4) යටතේ විශේෂ rollover treatment එකක් ලැබිය හැකිද යන්න පරීක්ෂා කළ යුතුය.

ඒ සඳහා:

✔️ Asset එකේ nature
✔️ Entity status
✔️ Residency
✔️ Applicable tax rates
✔️ Underlying ownership
✔️ 50% ownership continuity
✔️ අනෙකුත් statutory conditions

පරීක්ෂා කළ යුතුය.



🆕 2026 වැදගත් සංශෝධනය

Inland Revenue (Amendment) Act, No. 11 of 2026 මඟින් Section 46(3A) හඳුන්වා දී තිබේ.

අදාළ කොන්දේසි සපුරාලන විට Government of Sri Lanka හෝ qualifying university එකකට asset එකක් gift/donation කිරීමේදී Net Cost treatment එකක් ලබාදීමට මෙම provision එක වැදගත් වේ.



💡 ඔබ Asset එකක් Gift කරන්න කලින්…

ඉඩමක්, ගොඩනැගිල්ලක්, shares හෝ වෙනත් asset එකක්:

➡️ දරුවෙකුට
➡️ බිරිඳට/සැමියාට
➡️ සහෝදරයෙකුට
➡️ වෙනත් relative කෙනෙකුට
➡️ Company එකකට
➡️ වෙනත් පුද්ගලයෙකුට

Gift / Transfer කිරීමට පෙර Tax implications පරීක්ෂා කරගන්න.

මතක තබාගන්න:

🎁 Gift එකක් = Cash consideration නැති වීම

නමුත්

❌ Gift එකක් = Tax automatically නැති වීම නොවේ.

Section 46 යටතේ නිවැරදි tax treatment එක තීරණය වන්නේ transaction එකේ facts සහ අදාළ statutory conditions මතයි.



📌 eFiling Tax Consultants

Tax Consultancy | Accounting | Tax Compliance & Advisory

📞 +94 71 193 4452
✉️ [email protected]
🌐 efiling.lk

මෙම post එක සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. නිශ්චිත transaction එකකට අදාළ tax treatment එක තීරණය කිරීමේදී අදාළ නීති, සංශෝධන සහ transaction එකේ facts පරීක්ෂා කළ යුතුය.

🚨 බදු ප්‍රකාශනය (Tax Return) එක ප්‍රමාද කළොත් රු. 400,000 දක්වා දඩ මුදලක්! ඔබ දැනුවත්ද?බදු ප්‍රකාශනය (Tax Return) නියමිත...
01/08/2026

🚨 බදු ප්‍රකාශනය (Tax Return) එක ප්‍රමාද කළොත් රු. 400,000 දක්වා දඩ මුදලක්!
ඔබ දැනුවත්ද?

බදු ප්‍රකාශනය (Tax Return) නියමිත දිනට පෙර ගොනු කිරීම සහ බදු නියමිත කාලයට ගෙවීම සෑම බදු ගෙවන්නෙකුගේම නීතිමය වගකීමකි.

නියමිත කාලය මඟ හැරියහොත් ඔබට මුහුණ දීමට සිදුවිය හැක්කේ,

❌ විශාල දඩ මුදල්
❌ ප්‍රමාද පොලී (Interest)
❌ Notice of Demand (ගෙවීම් ඉල්ලුම් නිවේදනය)
❌ බැංකු ගිණුම්වලින් මුදල් අයකර ගැනීම
❌ දේපළ අත්පත් කර විකිණීම ඇතුළු නීතිමය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග

📌 බදු ප්‍රකාශනය (Tax Return) ප්‍රමාද වි ගොනු කළහොත්

දේශීය ආදායම් පනතේ 178 වන වගන්තිය අනුව දඩය පහත දෙකෙන් වැඩි අගය වේ.

🔹 ගෙවිය යුතු බද්දෙන් 5% + ප්‍රමාද වන සෑම මාසයක් සඳහාම 1%
හෝ

🔹 රු. 50,000 + ප්‍රමාද වන සෑම මාසයක් සඳහාම රු. 10,000

👉 එක් බදු ප්‍රකාශනයක් සඳහා අය කළ හැකි උපරිම දඩය රු. 400,000කි.

⚠️ ගෙවිය යුතු බද්දක් නොතිබුණද, බදු ප්‍රකාශනය නියමිත දිනට ගොනු නොකළහොත් දඩ මුදලක් අය විය හැකිය.

📌 බදු ප්‍රමාද වි ගෙවුවහොත් ( Late Payments)

179 වන වගන්තිය අනුව,

✅ නියමිත දිනයෙන් දින 14කට පසුවද බදු නොගෙවා තිබේ නම්,

• සාමාන්‍ය බදු සඳහා හිඟ බද්දෙන් 20%ක දඩයක්
• වාරික බදු සඳහා හිඟ වාරිකයෙන් 10%ක දඩයක් අය කෙරේ.

ඊට අමතරව නියමිත දිනයේ සිට සම්පූර්ණ බදු මුදල ගෙවන තෙක් පොලියද අය වේ.

📌 Notice of Demand යනු කුමක්ද?

බදු හිඟව පවතින විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් Notice of Demand නිකුත් කළ හැකිය.

එය ලැබීමෙන් පසු දින 21ක් ඇතුළත ගෙවීම සිදු නොකළහොත්, නීතිය යටතේ අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ කළ හැකිය.

📌 IRD සතු අයකර ගැනීමේ බලතල

නීතිය අනුව IRD හට,

✔️ අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම
✔️ බැංකු ගිණුම්වලින් මුදල් අයකර ගැනීම
✔️ තෙවන පාර්ශ්වයන්ගෙන් මුදල් අයකර ගැනීම
✔️ දේපළ අත්පත් කර විකිණීම
✔️ බදු ආපසු ගෙවීම් (Refunds) හිලව් කිරීම

ඇතුළු පුළුල් බලතල ඇත.

💡 දඩ මුදල් වළක්වා ගැනීමට

✅ බදු ප්‍රකාශන නියමිත දිනට පෙර ගොනු කරන්න.
✅ බදු සහ වාරික නියමිත වේලාවට ගෙවන්න.
✅ නිසි ගිණුම් වාර්තා පවත්වා ගන්න.
✅ IRD දැනුම්දීම් කඩිනමින් සැලකිල්ලට ගන්න.
✅ අවශ්‍ය විට වෘත්තීය බදු උපදේශනය ලබා ගන්න.

📖 නියමිත වේලාවට බදු වගකීම් ඉටු කිරීමෙන් දඩ, පොලී සහ නීතිමය ගැටලු වළක්වා ගත හැකිය.


eFiling Tax Consultants
Tax Consultancy | Accounting | IRD Compliance | VAT Services

📞 +94 71 193 4452
🌐 www.efiling.lk

⚠️ මෙම ලිපිය සාමාන්‍ය තොරතුරු සඳහා පමණක් වන අතර, නීතිමය හෝ බදු උපදේශනයක් ලෙස නොසැලකිය යුතුය.

🛑 (Notice of Demand) ඉල්ලීම් නිවේදනය– ආදායම් බදු පනතේ 152 වන වගන්තියබදු ගෙවිය යුතු මුදල නියමිත දිනට ගෙවා නොමැති අවස්ථාවක...
31/07/2026

🛑 (Notice of Demand) ඉල්ලීම් නිවේදනය– ආදායම් බදු පනතේ 152 වන වගන්තිය

බදු ගෙවිය යුතු මුදල නියමිත දිනට ගෙවා නොමැති අවස්ථාවක, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට ආදායම් බදු පනතේ 152 වන වගන්තිය යටතේ ඉල්ලීම් නිවේදනයක් (Notice of Demand) නිකුත් කළ හැකිය.

⚠️ සාමාන්‍යයෙන් මෙම ඉල්ලීම් නිවේදනයේ පහත සඳහන් තොරතුරු ඇතුළත් වේ.

✔️* ගෙවීමට ඇති බදු මුදල;
✔️* පනවා ඇති දඩ මුදල් (Penalties);
✔️* එකතු වී ඇති පොලිය (Interest);
✔️* අදාළ බදු කාලසීමාව (Tax Period); සහ
✔️* ගෙවීම සිදු කළ යුතු අවසාන දිනය.

🔰 මෙම නිවේදනය භාර දුන් දිනයේ සිට දින 21ක් ඇතුළත ගෙවීම සිදු නොකළහොත්, බදු ගෙවන්නා පැහැර හරින ලද බදු ගෙවන්නෙකු (Taxpayer in Default) ලෙස සැලකේ.

🔰 ඉන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) නීතියෙන් ලබාදී ඇති බලතල අනුව බදු මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළ හැකිය.

🔰 එබැවින් Notice of Demand එකක් ලැබීම ඉතා බැරෑරුම් නීතිමය දැනුම්දීමක් ලෙස සලකා වහාම අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.



⚠️✅ ඔබට Notice of Demand එකක් ලැබුණහොත් කළ යුත්තේ කුමක්ද?

ඔබට ඉල්ලීම් නිවේදනයක් ලැබුණහොත් එය නොසලකා හැරීමෙන් වළකින්න. හැකි ඉක්මනින් පහත සඳහන් පියවර ගන්න.

👉 1. නිවේදනය හොඳින් පරීක්ෂා කරන්න.
* අදාළ බදු වර්ගය නිවැරදිදැයි බලන්න.
* වර්ෂ තක්සේරුව (Year of Assessment) හෝ බදු කාලසීමාව නිවැරදිදැයි තහවුරු කරන්න.
* ගෙවිය යුතු මුදල නිවැරදිව සඳහන් වී ඇත්දැයි පරීක්ෂා කරන්න.

👉 2. බදු වගකීම නිවැරදිදැයි තහවුරු කරන්න.
* ඔබගේ බදු වාර්තා, ගෙවීම් රිසිට්පත් සහ පෙර ලිපි හුවමාරු සමඟ සසඳා බලන්න.
* ඔබ විසින් කලින් ගෙවා ඇති මුදල් නිවැරදිව ගිණුම්ගත වී ඇත්දැයි පරීක්ෂා කරන්න.

👉 3. බදු වගකීම නිවැරදි නම් වහාම ගෙවීම සිදු කරන්න.
බදු මුදල නිවැරදි නම්, නිවේදනයේ සඳහන් අවසන් දිනයට පෙර ගෙවීම සිදු කිරීමෙන් වැඩිදුර පොලිය හා නීතිමය ක්‍රියාමාර්ග වළක්වා ගත හැකිය.

👉 4. වෘත්තීය බදු උපදෙස් ලබා ගන්න.
ඔබ බදු මුදල සම්බන්ධයෙන් එකඟ නොවන්නේ නම් හෝ නීතිමය තත්ත්වය පිළිබඳ සැකයක් ඇත්නම්, සුදුසුකම් ලත් බදු උපදේශකයෙකුගේ උපදෙස් හැකි ඉක්මනින් ලබා ගන්න.

👉 5. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන්න.
අවශ්‍ය නම්, ගෙවීම් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට, ගිණුම් ප්‍රකාශයක් ඉල්ලා සිටීමට හෝ වෙනත් ගැටලු නිරාකරණය කර ගැනීමට IRD සමඟ සම්බන්ධ වන්න.

👉 6. සියලු ලේඛන ආරක්ෂිතව තබා ගන්න.
* Notice of Demand පිටපත
* ගෙවීම් තහවුරු කිරීම්
* IRD සමඟ වූ ලිපි හුවමාරු
* අනෙකුත් අදාළ ලේඛන
අනාගත අවශ්‍යතා සඳහා සුරක්ෂිතව තබා ගන්න.

✳️ වැදගත්: Notice of Demand එකක් නොසලකා හැරීමෙන් එය ස්වයංක්‍රීයව අවලංගු නොවේ. නියමිත කාලය තුළ අවශ්‍ය පියවර නොගතහොත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීතිමය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ කළ හැකි අතර, අමතර පොලිය, දඩ හා අනෙකුත් පිරිවැයද ඔබට දැරීමට සිදුවිය හැකිය.



🚨 බදු ගෙවන්නෙකු පැහැර හරින ලද (Default) තත්ත්වයට පත්වූ පසු IRD වෙත ඇති අයකර ගැනීමේ බලතල

⭕️ Notice of Demand එකක් භාර දුන් දිනයේ සිට දින 21ක් ඇතුළත බදු මුදල ගෙවා නොමැති නම්, එම බදු ගෙවන්නා පැහැර හරින ලද බදු ගෙවන්නෙකු (Taxpayer in Default) ලෙස සැලකේ.

ඉන් අනතුරුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට ආදායම් බදු පනත යටතේ බදු අයකර ගැනීම සඳහා විවිධ නීතිමය බලතල ක්‍රියාත්මක කළ හැකිය.

📛 1. බැංකු ගිණුම්වලින් මුදල් අයකර ගැනීම.
බදු ගෙවන්නාගේ බැංකු ගිණුම්වල ඇති මුදල්වලින් බදු වගකීම පියවීම සඳහා බැංකුවට නියෝග නිකුත් කළ හැකිය.

📛 2. තෙවන පාර්ශ්වයන්ගෙන් මුදල් අයකර ගැනීම
බදු ගෙවන්නාට ගෙවිය යුතු මුදල් වෙනත් පුද්ගලයෙකු හෝ ආයතනයක් සතුව තිබේ නම්, එම මුදල් සෘජුවම IRD වෙත ගෙවන ලෙස නියෝග කළ හැකිය.

📛 3. දේපළ අත්පත් කරගෙන විකිණීම.
නීතියෙන් නියම කර ඇති ක්‍රමවේදයන් අනුව බදු ගෙවන්නාගේ චංචල හෝ නිශ්චල දේපළ අත්පත් කරගෙන විකිණීම මඟින් බදු, දඩ, පොලිය සහ අයකර ගැනීමේ වියදම් පියවා ගැනීමට හැකිය.

📛 4. අධිකරණ ක්‍රියාමාර්ග.
අයකර ගැනීමට ඇති බදු මුදල, පොලිය සහ අදාළ පිරිවැය අයකර ගැනීම සඳහා අධිකරණය හරහා නඩු පැවරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය ඇත.

📛 5. පොලිය සහ අමතර වියදම් අඛණ්ඩව එකතු වීම.
බදු ගෙවන්නා Default තත්ත්වයට පත්වීමෙන් පසුවද, බදු මුදල සම්පූර්ණයෙන් ගෙවන තුරු පොලිය අඛණ්ඩව එකතු වේ. එසේම නීතිමය අයකර ගැනීමේ ක්‍රියාමාර්ගවලට අදාළ අමතර පිරිවැයද ගෙවීමට සිදුවිය හැකිය.



✅ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වන්නේ ඇයි?

නීතිමය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු ගැටලුව විසඳීම වඩාත් සංකීර්ණ සහ වියදම් අධික විය හැකිය.

✅ කඩිනමින් පියවර ගැනීමෙන් ඔබට,

* බැංකු ගිණුම් අත්හිටුවීම හෝ අයකර ගැනීම වැනි බලහත්කාර ක්‍රියාමාර්ග වළක්වා ගත හැකිය.
* අමතර පොලිය හා දඩ අවම කරගත හැකිය.
* නීතිමය ගැටලු උග්‍ර වීමට පෙර විසඳා ගත හැකිය.
* ඔබගේ ව්‍යාපාරය, දේපළ සහ මූල්‍ය කටයුතු ආරක්ෂා කර ගත හැකිය.

❇️ ප්‍රායෝගික උපදෙස

ඔබට සම්පූර්ණ බදු මුදල එකවර ගෙවීමට නොහැකි නම්, හෝ නිවේදනයේ සඳහන් බදු වගකීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ නම්, ප්‍රමාද නොවී සුදුසුකම් ලත් බදු උපදේශකයෙකුගේ උපදෙස් ලබා ගන්න. කාලෝචිතව ක්‍රියා කිරීම මඟින් නීතිමය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග වළක්වා ගැනීමට සහ ගැටලුව වඩාත් පහසුවෙන් විසඳා ගැනීමට හැකි වේ.

Address

No 02, New Shopping Complex, Yatiyana

81034

Telephone

+94711934452

Alerts

Be the first to know and let us send you an email when e-Filing Tax Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to e-Filing Tax Consultants:

Shortcuts

  • Want your business to be the top-listed Business?

Share