21/05/2026
ජාතික ණය සුරැකුම් ආයතනයේ (NCGIL) අප්‍රේල් මස 30 වැනි දා තෙක් ප්‍රගතිය
ඇප රහිත ණය ක්‍රමය කියන්නෙ ඉඩම් හෝ ස්ථාවර වත්කම් ඇප ලෙස නොතබා ව්‍යාපාර ශක්‍යතාව මත ණය ගැනිමට හැකි ක්‍රමයක්.
මේ සදහා රජය 70% සුරැකුමක් ලබාදෙන අතර බැංකුව හෝ මූල්‍ය ආයතනය 30%ක සුරැකුමක් ලබා දෙනවා, කාන්තා ව්‍යවසායකත්වට රජයේ දායකත්වය 80%ක්.
ඉතින් මේ වනවිට,
✅ නිකුත් කර ඇති මුළු ඇපකර සංඛ්‍යාව: 1,747
✅ ඇපකරවල වටිනාකම: රුපියල් මිලියන 7,779
✅ සක්‍රීය කර ඇති මුළු ණය වටිනාකම: රුපියල් මිලියන 11,700
මේ කිසිදු ඇපකරයකට ඇමති හෝ කිසිදු දේශපාලන යාන්ත්‍රනක අවසරයක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඔබේ අදාළ බැංකුව හරහා NCGI එකෙන් අයදුම් කරන්න පුලුවන්,
මෙම ණය ඔබට ලබා දෙන්න සුදුසු වන්නේ ඔබේ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහයේ ශක්තිමත් භාවය අනුව. ඒක තීරණය කරන්නෙ බැංකුව හා අනුමත කරන්නෙ NCGI එක. මෙම ණය ක්‍රමය පිළිබඳ ඔබේ බැංකුව විසින් ඔබව දැනුවත් නොකරන්නේ නම් හෝ අයුක්ති සහගත ලෙස ප්‍රතික්ෂේප කළහොත් ඔබට NCGI සහාය සෘජුව ලබාගන්න පුළුවන්.
ඉතින් උනන්දුවක් තියන දක්ශ ශක්තිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මෙම ණය ක්‍රමය මහත් ශක්තියක්. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 25 දක්වා මෙම ක්‍රමය විවෘතයි.
මෙම වැඩසටහන යටතේ කොටස් හිමිකාර මූල්‍ය ආයතන 13 ක් හරහා නම්‍යශීලී කොන්දේසි යටතේ ණය පහසුකම් ලබා ගැනීමට ව්‍යවසායකයන්ට අවස්ථාව උදාවෙනවා. ජාතික ණය සුරැකුම් ආයතනයේ ඉලක්කය වන්නේ 2026 දෙසැම්බර් වන විට මෙම ණය වටිනාකම රුපියල් මිලියන 23,700 දක්වා ඉහළ නැංවීමයි.
ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනගන්න මහන්සි වෙන්න. අපේ රටේ නොමැති නව ප්‍රාග්ධන සම්පාදන ක්‍රම ඉදිරියටත් නිර්මාණය වේවි.
ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කර ගැනීමට සහ රටේ ආර්ථිකයට සක්‍රීයව දායක වීමට අදම සම්බන්ධ වන්න!
📞 දුරකථන: +94 705 777 805
📧 විද්‍යුත් තැපෑල: [email protected]
🌐 වෙබ් අඩවිය: www.ncgil.lk