SED Pages Padawiya

  • Home
  • SED Pages Padawiya

SED Pages Padawiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Padawiya, Business service, .

පදවියෙන් අලුත් වැඩක්....අවශ්‍ය අය විමසන්න
24/12/2024

පදවියෙන් අලුත් වැඩක්....අවශ්‍ය අය විමසන්න

දුම් කරවල | Smoked Fish
Naturally sourced and perfectly smoked fish
🔥උසස් තත්වයේ පිරිසිදු නියම දුම් කරවල රසය අත්විදින්න...

🍴 Taste the authentic flavors of Padaviya! 🌿
🌿 100% Natural: Directly sourced from the pristine Padaviya lakes.

🔥 Perfectly Smoked: Cooked over 30-40 hours for a rich, smoky flavor.

🐟 Highly Nutritious: Packed with Omega-3, proteins, and essential nutrients.

🌟 Promotes Health: Helps boost immunity and supports a balanced diet.

🍽️ Versatile & Delicious: Perfect for curries, frying, or enjoying as a snack.

📞 Order now for a fresh taste of nature: 077 568 9399

🔥Number 1. 1350 /= 250g ( Large fish, No skin,No head. No tail, 30 - 40 Hours Smoked)
ලොකු මාළු, හම රහිත, හිස රහිත, වල්ගය රහිත, පැය 30 - 40 දුමෙහි වේලූ

🔥Number 2. 1150 /= 250g (Medium fish, No skin, 30 - 40 Hours
Smoked)
සාමාන්ය මාළු, හම රහිත, පැය 30 - 40 දුමෙහි වේලූ

🌟 අපගේ නිශ්පාදන ක්‍රියාවලිය නැරඹීමට පහත Link එක මගින් පිවිසෙන්න.
https://www.facebook.com/reel/612288301171972
-
-
-
-
-
-
-
-

පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වනු ලබන "කිරි ආශ්‍රිත නිෂ...
10/12/2024

පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වනු ලබන "කිරි ආශ්‍රිත නිෂ්පාදන" සිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණයක් වන "Cream Sepereter" යන්ත්‍රය අද දින ගැලවීමේ හමුදා සංවිදානය විසින් ලබා ගැනීමට හැකියාව ලැබිණි,⁣ එය රුවන්පුර ග්‍රාමයේ ව්‍යවසායකයින් හට ලබා දීම අද දින සිදුකරන ලදී. මෙහිදී ගැලවීමේ හමුදා සංවිදානය නියෝජනය කරමින් එහි ව්‍යාපෘති කළමනාකාර තුමා ඇතුළු නිලධාරීන් ගණනාවක් ද රාජ්‍ය නිලධාරීන් ගණනාවක්ද සහභාගී විය. මෙහිදී ගැලවීමේ හමුදා රාජ්‍ය නොවන සංවිදානය හරහා පදවිය ව්‍යවසායකයින් හට බොහෝ සහන ඉදිරියේදී ලබා දෙන බවද වැඩි දුරටත් දන්වා සිටින ලදී.

පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද "කිරි ආශ්‍රිත නිෂ්පාදන"කණ්ඩායම් තාක්ෂ...
12/11/2024

පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද "කිරි ආශ්‍රිත නිෂ්පාදන"කණ්ඩායම් තාක්ෂණික පුහුණු වැඩසටහන අද දින සාර්ථකව සිදුකරන ලදී.මේ සඳහා සම්පත් දායකත්වය ගලෙන්බිඳුණු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරිතුමානේ ලබාගත් අතර මෙහිදී යෝගට් නිෂ්පාදනය,කල් කිරි නිෂ්පාදනය,යෝගට් පානය හා අයිස්ක්‍රීම් නිෂ්පාදනය පිළිබඳව පුහුණුව ලබාදෙන ලදී.මේ සඳහා පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා සංවර්ධන නිලධාරීතුමාගේ සහභාගිත්වයද සිදුවිය....

පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩාව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන් හා ග්‍රාම සංවර්ධන,වනිතා සංවර්ධන,විදාතා හා ළමා ආර...
22/10/2024

පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩාව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන් හා ග්‍රාම සංවර්ධන,වනිතා සංවර්ධන,විදාතා හා ළමා ආරක්ෂක යන නිලධාරීන්ගේ සහයෝගයෙන් 2024/10/21 සිට 2024/10/23 දින දක්වා දින තුනක් බතික් පුහුණු පාඨමාලවක් පවත්වන අතර දෙවන දින වන අද දින පදවිය සහකාර ප්‍රාදේශිය ලේකම්තුමාගේද අධීක්ණයට ලක්විය.

ඔබේ ව්‍යාපාරය පාඩු ලබනවද? ලාභ ලබනවද? කෙතරම් මහන්සි වුවද ව්‍යාපාරය එකම තැනද? ව්‍යාපාරය සඳහා වැයවන වියදම් පිළිබඳ ඔබ දැනුවත...
26/08/2024

ඔබේ ව්‍යාපාරය පාඩු ලබනවද? ලාභ ලබනවද? කෙතරම් මහන්සි වුවද ව්‍යාපාරය එකම තැනද? ව්‍යාපාරය සඳහා වැයවන වියදම් පිළිබඳ ඔබ දැනුවත්ද? විදුලි බිල්පත්,ජල බිල්පත්,ශ්‍රම වැටුප් වියදම් හා අමු ද්‍රව්‍ය වියදම් පමණක්ද ඔබගේ ව්‍යාපාරය සඳහා වියදම්වන්නේ..ඔබ ඔබේ ව්‍යාපාරය සඳහා යන වියදම් අවම කර ලාභය ගණනය කරගන්නේ කෙසේද?
ව්‍යාපාරයක් සාර්තකව සිදුකිරීම සඳහා නිවරෙදි පිරිවැය කරණය (Costing) ඉතාම අත්‍යවශ්‍ය සාදකයකි.වර්තමානයේදී කුඩාපරිමාණ ව්‍යාපාර බිඳවැටීම සඳහා ප්‍රබල සාදකයක් වන්නේ නිවරෙදි පිරිවැය කරණයක් නොවීමයි.එනිසාම පදවියේ ව්‍යවසායක ඔබ සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ග්‍රාම සංවර්ධන,විදාතානිලධාරි,වනිතාසංවර්ධන නිලධාරි ඇතුළු සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහය ඇතිව කුඩාව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනලද "පිරිවැයකරණය"වඩසටහන සඳහා සහභාගී වන්න...
විමසීම්- 0706250977 / 0706250976

15/05/2024

*හීන ජයගන්න අරමුණු කරා හඹායන්න ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගන්න*
ව්‍යවසායකත් ගුණාංග කිසිවෙකු තුළ බලහත්කාරයෙන් ඇති කළ නොහැකි බව ඉතා හොදින් දන්නා අප, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා සම්බන්ධ වන ප්‍රතිලාභී ප්‍රජාව තුළ සහජයෙන් ම පවත්නා ව්‍යවසායකත්ව ගුණාංග ඉස්මතු කරමින් ඒවා තවදුරටත් සංවර්ධනය කිරීමට කටයුතු කරන්නෙමු.
ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (EDP - Entrepreneurship Development Program) යනු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ව්‍යවසායකයන් බවට පත්කරලීමට අවශ්‍ය කුසලතා වර්ධනය කීරීමේ අරමුණින් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන දින 12 ක පුහුණූ පාඨමාලා වැඩසටහනයි. ( දින 5 ක නේවාසික පුහුණුවද වේ. )මෙම EDP වැඩසටහන සදහා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වයස අවුරුදු 40 ට අඩු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන හෝ දැනටමත් ව්‍යාපාරයක නිරත වන තරුණ ඔබ සඳහා, "EDP - තෝරාගැනීමේ පරීක්ෂණය" පහත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයන්හි දී සහ දිනයන්හී දී පැවැත්වේ.
ප්‍රශ්නාවලි, සම්මුඛ පරීක්ෂණ හා විවිධ ක්‍රියාකාරකම් සුදුස්සන් නිර්ණය කිරීම සදහා මෙහි දී භාවිතා කරනු ලැබේ.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
අනුරාධපුර- 070 625 0977

පදවිය ප්‍රා⁣දේශීය ලේකම්  කාර්යාලයේ Mni Fair අළවි පොල අද (2024/02/26)දින කාර්යාල භූමියේදී පවත්වන අතර කාර්යාල නිලධාරීන් මෙ...
26/02/2024

පදවිය ප්‍රා⁣දේශීය ලේකම් කාර්යාලයේ Mni Fair අළවි පොල අද (2024/02/26)දින කාර්යාල භූමියේදී පවත්වන අතර කාර්යාල නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද භාණ්ඩ මිල දී ගැනීමට පැමිණෙනු දැක ගත හැකි විය.

20/11/2023

ඔබ කිරි ගොවියෙක්ද?.එසේනම් මෙන්න කදිම අවස්ථාවක්...
අඟහරුවාදා Z පන්තිය.....

“වැවට ලස්සනයි ඕලු මල් පිපෙනකොට
වෙලට ලස්සනයි හී කැට නැගෙනකොට
පතට ලස්සනයි දී කිරි බෙදනකොට
ගමට ලස්සනයි වස්සන් අඬනකොට”

ධාන්‍යවලට පමණක් දෙවනි වන කිරි ස්වභාවධර්මයා විසින් ම සකසන ලද අතර ලොකු කුඩා ඕනම අයෙකුට සුදුසු වන දිව්‍යමය ආහාරයක් ලෙස සැලකිය හැකි ය. මෙම කිරි ආහාරය නිෂ්පාදනය කරන “කිරි ගොවියා” වෙනුවෙන් නිපදවිය හැකි තවත් සත්ත්ව නිෂ්පාදන මොනවා ද? යන්න සහ ඒ් වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ කාර්යභාරය කෙසේ ද යන්න දැන ගැනීමට බොහෝ දෙනා කැමැත්තෙන් සිටී.
එහෙනම්, නොවැම්බර් 21 උදේ 10.00ට Z පන්තියට නොවරදවාම එන්න...
===============================
වැඩසටහන හා සම්බන්ධ වීමට පහත Link එක භාවිතා කරන්න.
Topic: කිරි ගොවීන් වෙනුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය
Time: Nov 21, 2023 10:00 AM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/99299242376?pwd=MmlMeWhVQVFpN0JETkx4Mkc0OWVZZz09

Meeting ID: 992 9924 2376
Passcode: 777712

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Padawiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Business?

Share