Dream of Europe by Omal

Dream of Europe by Omal 𝐃𝐫𝐞𝐚𝐦𝐬 𝐚𝐫𝐞 𝐰𝐚𝐢𝐭𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐚𝐫𝐫𝐢𝐯𝐚𝐥. 𝐖𝐚𝐤𝐞 𝐮𝐩, 𝐜𝐡𝐚𝐬𝐞 𝐭𝐡𝐞𝐦, 𝐚𝐧𝐝 𝐦𝐚𝐤𝐞 𝐭𝐡𝐞𝐦 𝐫𝐞𝐚𝐥 👊💪✨...

🇱🇰🇮🇳🇦🇹🇩🇪🇨🇭🇫🇷🇧🇪🇮🇹🇱🇮🇸🇰🇭🇺🇸🇮🇭🇷🇨🇿🇵🇱🇵🇹🇪🇸🇦🇩🇲🇨🇹🇷🇬🇪🇦🇿

𝑫𝒓𝒆𝒂𝒎 𝑩𝒊𝒈 & 𝑴𝒂𝒌𝒆 𝑰𝒕 𝑹𝒆𝒂𝒍... 🇦🇹🇪🇺✨
17/08/2026

𝑫𝒓𝒆𝒂𝒎 𝑩𝒊𝒈 & 𝑴𝒂𝒌𝒆 𝑰𝒕 𝑹𝒆𝒂𝒍... 🇦🇹🇪🇺✨

𝑬𝒗𝒆𝒓𝒚 𝒈𝒓𝒆𝒂𝒕 𝒋𝒐𝒖𝒓𝒏𝒆𝒚 𝒃𝒆𝒈𝒊𝒏𝒔 𝒘𝒊𝒕𝒉 𝒂 𝒔𝒊𝒏𝒈𝒍𝒆 𝒔𝒕𝒆𝒑 𝒕𝒐𝒘𝒂𝒓𝒅𝒔 𝒚𝒐𝒖𝒓 𝑫𝒓𝒆𝒂𝒎 𝑫𝒆𝒔𝒕𝒊𝒏𝒂𝒕𝒊𝒐𝒏……🇱🇰 ✈️ 🇦🇹ⒺⓍⒸⓁⓊⓈⒾⓋⒺTharindu Omal Jayadeva Wa...
25/07/2026

𝑬𝒗𝒆𝒓𝒚 𝒈𝒓𝒆𝒂𝒕 𝒋𝒐𝒖𝒓𝒏𝒆𝒚 𝒃𝒆𝒈𝒊𝒏𝒔 𝒘𝒊𝒕𝒉 𝒂 𝒔𝒊𝒏𝒈𝒍𝒆 𝒔𝒕𝒆𝒑 𝒕𝒐𝒘𝒂𝒓𝒅𝒔 𝒚𝒐𝒖𝒓 𝑫𝒓𝒆𝒂𝒎 𝑫𝒆𝒔𝒕𝒊𝒏𝒂𝒕𝒊𝒐𝒏……🇱🇰 ✈️ 🇦🇹

ⒺⓍⒸⓁⓊⓈⒾⓋⒺ
Tharindu Omal Jayadeva
Waikin Europe

𝑨𝑪𝑹𝑶𝒁𝑺 𝑰𝑵𝑻𝑬𝑹𝑵𝑨𝑻𝑰𝑶𝑵𝑨𝑳 𝑬𝑫𝑼𝑪𝑨𝑻𝑰𝑶𝑵 & 𝑴𝑰𝑮𝑹𝑨𝑻𝑰𝑶𝑵 🇱🇰🇦🇹 𝑊𝑒’𝑟𝑒 ℎ𝑎𝑝𝑝𝑦 𝑡𝑜 𝑎𝑠𝑠𝑖𝑠𝑡 𝑦𝑜𝑢 𝑎𝑛𝑑 𝑒𝑛𝑠𝑢𝑟𝑒 𝑦𝑜𝑢𝑟 𝑠𝑎𝑡𝑖𝑠𝑓𝑎𝑐𝑡𝑖𝑜𝑛 😊.𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐛𝐲: Tha...
12/07/2026

𝑨𝑪𝑹𝑶𝒁𝑺 𝑰𝑵𝑻𝑬𝑹𝑵𝑨𝑻𝑰𝑶𝑵𝑨𝑳 𝑬𝑫𝑼𝑪𝑨𝑻𝑰𝑶𝑵 & 𝑴𝑰𝑮𝑹𝑨𝑻𝑰𝑶𝑵 🇱🇰🇦🇹

𝑊𝑒’𝑟𝑒 ℎ𝑎𝑝𝑝𝑦 𝑡𝑜 𝑎𝑠𝑠𝑖𝑠𝑡 𝑦𝑜𝑢 𝑎𝑛𝑑 𝑒𝑛𝑠𝑢𝑟𝑒 𝑦𝑜𝑢𝑟 𝑠𝑎𝑡𝑖𝑠𝑓𝑎𝑐𝑡𝑖𝑜𝑛 😊.

𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐛𝐲: Tharindu Omal Jayadeva

Study I.T. in Austria: Your Gateway to a European Tech Career! 🇦🇹💻

Ready to take your I.T. career to the next level? Join world-class public universities in Austria with programs starting from just €751 per semester!

Why choose Austria?
✅ English-Taught Programs: Study in your preferred language without the language barrier.
✅ Work While You Study: Gain practical experience with part-time work rights.
✅ Career Pathways: Leverage the Red-White-Red card for a clear pathway to long-term employment in Europe.

Don't miss your chance to secure a seat for the upcoming intake. Start your journey today!

💬 Message us directly for a detailed Austria study consultation!
📞 Call us now: 0777765264

𝑨𝑪𝑹𝑶𝒁𝑺 𝑰𝑵𝑻𝑬𝑹𝑵𝑨𝑻𝑰𝑶𝑵𝑨𝑳 𝑬𝑫𝑼𝑪𝑨𝑻𝑰𝑶𝑵 & 𝑴𝑰𝑮𝑹𝑨𝑻𝑰𝑶𝑵 🇱🇰🇦🇹 𝑊𝑒’𝑟𝑒 ℎ𝑎𝑝𝑝𝑦 𝑡𝑜 𝑎𝑠𝑠𝑖𝑠𝑡 𝑦𝑜𝑢 𝑎𝑛𝑑 𝑒𝑛𝑠𝑢𝑟𝑒 𝑦𝑜𝑢𝑟 𝑠𝑎𝑡𝑖𝑠𝑓𝑎𝑐𝑡𝑖𝑜𝑛 😊.𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐛𝐲: Tha...
12/07/2026

𝑨𝑪𝑹𝑶𝒁𝑺 𝑰𝑵𝑻𝑬𝑹𝑵𝑨𝑻𝑰𝑶𝑵𝑨𝑳 𝑬𝑫𝑼𝑪𝑨𝑻𝑰𝑶𝑵 & 𝑴𝑰𝑮𝑹𝑨𝑻𝑰𝑶𝑵 🇱🇰🇦🇹

𝑊𝑒’𝑟𝑒 ℎ𝑎𝑝𝑝𝑦 𝑡𝑜 𝑎𝑠𝑠𝑖𝑠𝑡 𝑦𝑜𝑢 𝑎𝑛𝑑 𝑒𝑛𝑠𝑢𝑟𝑒 𝑦𝑜𝑢𝑟 𝑠𝑎𝑡𝑖𝑠𝑓𝑎𝑐𝑡𝑖𝑜𝑛 😊.

𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐛𝐲: Tharindu Omal Jayadeva

Europe is calling. 🇦🇹✨

We are thrilled to announce a brand-new destination for Sri Lankan students: Austria! If you want a world-class degree with incredibly low semester fees and a direct path into the European job market, this is your gateway.

Why Austria?

🎓 Globally recognized Bachelor’s & Master’s programs

💶 Low-cost, highly affordable semester fees

🌍 Situated in the heart of Europe

💼 Excellent post-study work opportunities

Stop limiting your options. Step into a future without boundaries today.

👉 Check your eligibility now!
📞 Call us: 0777765264
📥 Or drop a message directly to get started.

**මම Austria 🇦🇹 ආව ගමනේ පස් වන කොටස**හතර වන කොටසෙදි මං ඔයාලට කිව්වේ "මට  University of Innsbruck වලින් offer ආව විදිය, ම...
09/07/2026

**මම Austria 🇦🇹 ආව ගමනේ පස් වන කොටස**

හතර වන කොටසෙදි මං ඔයාලට කිව්වේ "මට University of Innsbruck වලින් offer ආව විදිය, මට Austrian Sponsorship එකක් හම්බුනු විදිය සහ Embassy appointment එකක් ගත්ත විදිය ගැන. ඔන්න අවසානයේ Embassy යන්න මං ලෑස්තියි වෙනවා 2022 ජූනි මාසේ. අද කතාව එතැන් සිට.

මාසයකට වඩා අඩු කාලයකින් Embassy යන්න ඔක්කොම ලෑස්තියි කරගන්න ඕනේ වැඩට යනගමන්ම. ඉතින් ඔලුවේ වැඩ කෝටියයි. අනික් ඒ ඔක්කොම තනි ඔලුවෙන් කරගන්නත් ඕනේ 😬. මං Foreign Ministry, Supreme Courts ගිහින් අවශ්‍ය කරන documents ගානට පිලිවෙලට හදාගත්තා. Sponsorship එකක් තිබ්බත් වෙනම Financials හදා ගත්තා මගේ නමට. මොකද? ඇත්තටම ලොකු භයක් තිබ්බේ Visa වැදෙයිද? නැද්ද? කියලා. මොකද? ලංකාව ඒ වෙද්දී තිබ්බ සමාජ, ආර්ථික තත්වය බොහොම අවිනිශ්චිත නිසා. මං බොහොම හොදට දැනගෙන හිටියා Visa Rejection එකක් ආවොත් නම්, ඒක මගේ Migration history එකට ලොකුවට බලපානවා කියලා 😒. ඒ නිසා මට පුලුවන් උපරිමයෙන්ම මගේ profile එක upgrade කරගත්තා 🙌🏻. විශේෂයෙන්ම Financial සහ Legal වැඩ කරගන්න අම්මා තාත්තා, ලඟම නෑදෑයෝ සහ සහොදර සහෝදරියෝ මට උදව් කලා මහා හුගක්. නැත්තම් ඒ දෙවල් තනියම කරගන්න සෑහෙම අමාරු වෙනවා මට. ඒ දේවල වල ඒ සියලුම දෙනාට බොහොම පිං! 🙏🏻

දැන් මං India 🇮🇳 යන්න Visa, Air ticket, Accomodation බලනගමන් හිටියේ. හරි දැනුමක් තිබුනේ නෑ ඒ සම්බන්ධයෙන් නම්. දවසක් තාත්තා car එකේ වැඩකට ගිය වෙලාවක අහම්බෙන් යාලුවෙක් හම්බෙලා "මං ඉන්දියා යනවා" කියලා කිව්වාම. එයාගේ India ඉන්න යාලුවෙක්ව අදුන්නලා දීලා තිබ්බා මට උදව් කරන්න. ඒ මාර්ගයෙන් මට හොද Accomodation එකක් හොයාගන්න පුලුවන් වුනා වගේම තව අවශ්‍ය වැදගත් විස්තර දැනගත්තා. මගේ Goethe Institute එකේ ලගම යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්ගේ මාර්ගයෙන් Indian visa සහ Insurance වැඩ ටික ලේසියන් කරගන්න පුලුවන් වුනා මංම පෞද්ගලිකව යන්නේ නැතුව. විශේෂයෙන්ම Air ticket එක මාරම discounted price එකකට ගන්න පුලුවන් වුනා මගේ බාප්පගේ පුතා Sri Lankan Airlines එකේ Aircraft Engineer කෙනෙක් වුනා නිසා 🥰. බප්පා දන්න කෙනෙක් මාර්ගයෙන් Indian Rupees වුත් ගෙදරටම ගෙන්න ගත්තා. ඒ සියලුම දෙනාට බොහොම ස්තුතියි! 😇

ඉන්දියා යන්න flight එක තිබ්බේ 27.06.2022 වෙනිදා පාන්දර 00:40ට. 26.06.2022 වෙනිදා මුලු දවසම උදේ ඉදන් රෑ පිටත් වෙනකන්ම මං කලේ අවශ්‍ය documents සහ දේවල් ලෑස්තියි කරගත්ත එක. මොකද ඒ දේවල් ඔක්කොම “අ" යන්නේ ඉදලා "ඈ" යන්න වෙනකන්ම මං තනියමම හදා ගත්තේ කිසිමම කෙනෙක්ගේ පොඩිම හෝ උදව්වක් නැතුව. අනික මං ඒ documents අරන් යන්නේ වෙන රටකට. ඒ නිසා ඒවල අඩුපාඩුවක් තිබ්බොත් ලංකාවේ ඉන්නවා වගේ ලේසියකට, කියන පමාවකට ගෙනත් දෙන්නත් බෑ 🤐. මේ කියන හැම risk එකක්ම මං තනියමම දරන්න ඕනේ, කලින් මෙහෙම Embassy එකකට face කරලත් නෑ. හිතේ ලොකු දෙගිඩියාවක් තිබ්බා 🙄. හැබැයි මං හොදට හිදාගත්ත දේ තමයි ජීවිතේ හරියන්න හරි යන්න හරි වරදින්න හරි අපි ජීවිතේ කවුරුත්බ්නොකරපු, අලුත් අභියෝග වලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නම ඕනේ කියන දේ 👆🏻. එතකොටයි අපි ජීවිතේ හොදමම අත්දැකීම් වලින් ඉගෙනගන්නේ, නව පන්නරක් හම්බෙන්නේ. ජීවිතේ වරදිනවා කියන්නේ, ඒක අපිට ජීවිතේ තව මං පෙත් රාශියක් විවර කරනවා 🤗. ඒක අපි විචක්ශණශීලීව ග්‍රහණය කරගන්න ඕනේ අපේ ජීවිතේ දවසක අනිවාර්යයෙන්ම ජයගන්න නම් 👊🏻. මගේම වචන වලින් කිව්වොත් නම් "𝙉𝙤𝙬 𝙤𝙧 𝙉𝙚𝙫𝙚𝙧".

ඔන්න දෙයියනේ කියලා 26.06.2022 වෙනිදා මං ඉන්දියා 🇮🇳 යන්න පිටත් වෙනවා. 2018 Australia 🇦🇺 යන්න Passport හදපු මං ඔන්න ඒකෙන් දැන් තමයි ලොකු වැඩක් ගන්න යන්නේ 😁. 27 වෙනිදා උදේ පාන්දර මං Delhi Airport බහිනවා. Roaming connect කරගත්තා. Departure termainal එකෙන් එලියට ඇවිත් Delhi පොලිස්සියෙන් කරන taxi එකකට නැග්ගා. Non-AC වුනත් ඒකේ charge එක INR 400 වුනා මං ඉන්න තැනට යන්න. කොහොම හරි location එක ලගට ගියා හැබැයි driverටයි මටයි දෙන්නටම තැන හොයාගන්න බෑ හරියටම. හොදම දේ Driverට ඉංග්‍රීසිත් බෑ 😅. මං Accomodation ownerට call එකක් අරන් දුන්නත් driverට දුන්නත් ඒත් පැහැදිලි නෑ. ලඟ Three wheel park එකකින් ඇහුවත් එයාලා දන්නෙත් නෑ. අන්තිමට කොහොම හරි accomodation එකේ caretaker කෙනෙක් පහලට ඇවිල්ලා තමයි තැන හොයා ගත්තේ. Driverත් ඒ අස්සේ කුරු කුරු ගනවා පරක්කු වුනා, අරකයි මේකයි කියලා. මං දුන්නා ආයේ වැඩිපුර INR 100ක්. Accomodation එකට ඇවිත් rest එකේ හිටියා. Caretaker හොද රස කෑම වේලක් හදලා තිබ්බා කන්න 😋.

28.06.2022 වෙනිදා උදේ 10:40ට තමයි මගේ Embassy appointment එක තිබ්බේ. එදා උදේ formal suit එකක් ඇදගෙන ආයෙත් කලේ documents check කරපු එක. ඉල්ලලා තිබ්බ විදියට Original & Copy set එකක් හදා ගත්තා හරියටම. තව backup එකට තව copy set එකකුත් තියාගත්තා. කලින් අදුරගත්තා Indian යාලුවා එයා යටතේ වැඩකරන කෙනෙක් එවලා තිබ්බා මාව Embassy එක්කගෙන යන්න. ඒක හිතට ලොකු සහනයක් වුනා taxi හොයනවටා වඩා ☺. ඔන්න අපි 10:00ට වගේ Embassy එක ලගට ආවා. ඒ පැත්තම Diplomatic area එකක්. ඔක්කොම තියෙන්නේ Embassy විතරයි. ඒවා නම් Indiaවේ 🇮🇳 සුපිරි planning 👏. දැන් මගේ ඇස් ඉස්සරහ තියෙනවා මගේ ජීවිතේ තීරණාත්මක ස්‍ථානයක් 🫣. Security එකෙන් කිව්වා documents වල තිබ්බ clips ඔක්කොම ගලවලා පිලිවෙලට දෙන්න කියලා. Residence Permit application එකේ photo එක අලවලා තිබ්බේ නැති නිසා එතනින් gum ඉල්ලගෙන අලවලා, application එකේ මගේ signature එක දාලා භාරදුන්නා. මට එලිය බංකු ටිකක් තිබ්බා, එතන වාඩි වෙලා ඉන්න කිව්ව. එතකොට එතන තව Bangladesh 🇧🇩 family එකක් හිටියා එච්චරයි වෙන කිසිම පෝලිමක් තිබ්බේ. එහෙමයි ඒ කාලේ 😁.

හදවතේ ගැහෙන වේගෙත් වැඩි වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අවිනිශ්චිත නිසා මොන ගඨ තිබ්බත් 🫠. ඔන්න ටික වෙලාවකින් security එකෙන් කතා කලා මට Embassy එකේ ඇතුලට එන්න කිව්වා කියලා. කොල්ලා නැගිට්ටා පුරුශ ශක්තිය අරන් 🤗, හැමදේම හොදට වෙයිනේ කියලා ඇතුලට ගියා ❤️. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි අපේ personality එක develop කරගන්න ඕනේ ජීවිතේ ඕනම අභියෝගයකට තනියමම මුහුණ දෙන්න👆🏻. අපේ ජීවිතේ ගොඩ දාගන්න එක තමයි තමන්ගේ ජීවිතේ තියෙන ලොකුම වගකීම වෙන්නේ. මට නම් අම්මාගෙයි Deepa Chandani තාත්තාගෙයි Bandula Jayadeva ජාන වලින් ඉපදිලා, පොඩි කාලේ ඉදලා ඒ ගුරුහරුකම් එක්ක උස් මහත්වෙලා, තාත්තගේ පරම්පරාවෙන් එන්න ඉංග්‍රීසි දැනුමෙන් පොහොසත් වෙලා මගේ ජීවිතේ ගොඩනගා ගත්ත නිසා ඕනම නොදන්නම තැනක, නොදන්න පිරිසක් ලගට ගිහින් වුනත් කිසිමම භයක්, සැකයක් නැතුව කතා කරන්න පුලුවන් කියන 𝐂𝐨𝐧𝐟𝐢𝐝𝐞𝐧𝐜𝐞 එක මං බොහොම ශක්තිමත්ව හදාගෙන තියෙනවා. ඒ දේට බලපාන මූලුකම දේවල් තමයි 𝑰𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒗𝒆 𝑷𝒆𝒓𝒔𝒐𝒏𝒂𝒍𝒊𝒕𝒚 + 𝑭𝒍𝒖𝒆𝒏𝒕 𝑬𝒏𝒈𝒍𝒊𝒔𝒉. මං නම් විස්වාස කරන්නේ මේ දේවල් develop කරගත්තොත් අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ ජීවිතේ හොද ලොකු වෙනසක් කරන්න පුලුවන් ✌🏻. අතුරු කතා ඇති, නැවත කතාවට 🤭. මං ඉස්සරහ තිබ්බේ ලොකු වීදුරු දාපු counter එකක්. අර පිටරට film වල prison එකේ තියෙන්නේ දෙන්නෙක් දෙපැත්තෙන් ඉදලා කතා කරන්න පුලුවන් විදියේ 😄. Officer කෙනෙක් ආවා. හොදට හිනා වෙලා කතා කලා. එයා එතන තිබ්බ drawer එකකට දාලා return කලා මම දුන්න documents වගයක් මේ ටික අවශ්‍ය නෑ කියලා. මට පුදුමත් හිතුනා 🙄. ඊට පස්සේ ඇහුවා අමතර verification documents මොනාද? legalized කරන්න ඕනේ කියලා. මං INR 60,000/= ක් අරන් ආවා Residence Permit application fees එක්ක වැඩිපුර හැම document එකක්ම Foreign Ministry එකෙන් attest කරන් අවේ legalized කරන්න. ඒත් අන්තිම මොහොතේ හිතුනා sponsor letter එක තියෙන නිසා birth certificate & police clearance certificate විතරක් legalized කරාම ඇති කියලා ඒවට විතරක් pay කරා proceed කරන්න. මං ඒ officer ගෙන් ඇහුවා documents ඔක්කොම හරිද? මං තව දවසක් India ඉන්න ඕනේද? මේ සම්බන්ධව කියලා. එයා හිනාවෙලා කිව්වා ඔයාගේ අවශ්‍ය කරන documents ඔක්කොම හරි, ආයේ මං Embassy එන්න ඕන වෙන්නේ නෑ decision එක email එකකින් දැනුවත් කරන්නම් කියලා. අම්මෝ.... ඒ වචනේ ඇහුන ගමන් මට හිතුනේ එක දෙයයි "එහෙනම් පුතේ ලොවෙත් visa වදිනවම තමයි" කියලා 🥹. මාස 4ක් තනියමම කට්ට කාලා process එක සම්පූර්ණයෙන්ම කරලා අන්තිමට ඒ වගේ officially වචනයක් අහද්දී හිතේ තිබ්බ බර කොහෙන් ගියාද? නෑ බොක්කෙන්ම 😌.

ඉතින් ඒ සතුට, සැනසීම එක්ක තමයි මං Embassy එකෙන් එලියට අවේ 😍. ඊට පස්සේ ඉන්දියාවේ 🇮🇳 විස්තර සහ මං කරපු දේවල්, ලංකාවට ඇවිල්ල මං embassy update එකක් එනකන් බලාගෙන හිටපු කාලේ සහ වුන දේවල් ගැන අපි ඊලග කොටසින් හමුවෙමු. ජයවේවා! 👊🏻

~මොන බාධක කම්කටලු ආවත් තමන්ගේ සිහින අත අරින්න එපා!!!
සිහින තමයි අපිව ජීවත් කරවන්නේ~❤️🙌🏻

Tharindu Omal Jayadeva

ප.සු.
Austriaවේ 🇦🇹 විස්තර
𝐕𝐢𝐬𝐚 & 𝐈𝐦𝐦𝐢𝐠𝐫𝐚𝐭𝐢𝐨𝐧
https://www.migration.gv.at/en/

𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐦𝐞𝐧𝐭
https://www.ams.at/en

𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧
https://oead.at/en/

𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦
https://www.austria.info/en/

𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 & 𝐄𝐜𝐨𝐧𝐨𝐦𝐲
https://www.wko.at/

𝐀𝐮𝐬𝐭𝐫𝐢𝐚𝐧 𝐍𝐞𝐰𝐬
https://www.thelocal.at/

හතර වන කොටස:
https://www.facebook.com/share/17ujzVFGiV/?mibextid=wwXIfr

Adresse

Innsbruck

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Dream of Europe by Omal erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Service Kontaktieren

Nachricht an Dream of Europe by Omal senden:

Verknüpfungen

Teilen

Kategorie