Lingika getalu-ලිංගික ගැටලු වලට විසදුම්

Lingika getalu-ලිංගික ගැටලු වලට විසදුම් ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අප වගකිමෙන්

🔰 පිරිමින්ට වඩා කාන්තාවන්ට ඇයි මේ තරම් ඉක්මනින් මුත්‍රා ආසාදන (Urinary Track Infections) හැදෙන්නේ ?🔰 ​අපි හැමෝම අතර තියෙ...
14/04/2026

🔰 පිරිමින්ට වඩා කාන්තාවන්ට ඇයි මේ තරම් ඉක්මනින් මුත්‍රා ආසාදන (Urinary Track Infections) හැදෙන්නේ ?
🔰 ​අපි හැමෝම අතර තියෙන, හැබැයි වැඩිය කතා නොකරන ලෙඩක් තමයි මේ මුත්‍රා ආසාදන කියන්නේ.
ගොඩක් වෙලාවට පිරිමි අයට වඩා මේ ප්‍රශ්නයට වැඩියෙන්ම මුහුණ දෙන්නේ කාන්තාවන්.
ඇයි මෙහෙම වෙන්නේ ?
ඒකට ප්‍රධානම හේතුව අපේ ශරීරයේ පිහිටීමම තමයි !

🔰 ​ඇයි මේ වෙනස ?

​1️⃣ මුත්‍රා මාර්ගයේ දිග: කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය (Urethra) ඉතා කෙටියි (සෙ.මී. 4ක් විතර). ඒ නිසා බැක්ටීරියාවලට මුත්‍රාශය දක්වා ගමන් කරන්න තියෙන්නේ බොහොම පොඩි දුරක්. හැබැයි පිරිමි අයගේ මේ දුර සෙ.මී. 20 ක් විතර වෙනවා.

2️⃣ බැක්ටීරියා පැමිණීම: ගුද මාර්ගය සහ මුත්‍රා මාර්ගය අතර දුර කාන්තාවන්ගේ ඉතා අඩුයි. මේ නිසා ගුද මාර්ගයේ සිටින බැක්ටීරියා පහසුවෙන්ම මුත්‍රා මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්.

3️⃣ වෙනත් හේතු: ලිංගික ක්‍රියාකාරකම්, හෝර්මෝන වෙනස්කම් සහ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් නොවීමත් මේ රෝගය ඇති වෙන්න ලොකු බලපෑමක් කරනවා.

🔰 ​ඔබටත් මේ ලක්ෂණ තියෙනවද ?

◾​මුත්‍රා කරන විට දැනෙන දැවිල්ල හෝ වේදනාව.
◾​නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.
◾​යටි බඩේ ඇතිවන අපහසුතාවය.

🔰 ​බේරෙන්නේ කොහොමද ?

◾​වතුර බොන්න: දිනකට ප්‍රමාණවත් තරම් වතුර පානය කරන්න.
◾​නිවැරදිව පිරිසිදු වන්න: වැසිකිළි භාවිතයෙන් පසු හැමවිටම ඉදිරිපස සිට පසුපසට (Front to back) පිරිසිදු කරන්න. මෙය බැක්ටීරියා පැතිරීම වළක්වන්න ඉතාම වැදගත්.
◾​මුත්‍රා තද කරගෙන ඉන්න එපා: අවශ්‍යතාවය දැනුණු විගස මුත්‍රා පිට කරන්න.
◾​සනීපාරක්ෂාව: පෞද්ගලික සනීපාරක්ෂාව ගැන නිතරම සැලකිලිමත් වෙන්න.

🔰 ​පුංචි සිහිපත් කිරීමක් !

මුත්‍රා ආසාදනයක ලක්ෂණ පෙනෙන්නට තිබේ නම්, ප්‍රමාද නොකර වෛද්‍යවරයෙකු හමු වෙන්න.
ගෙදර දොරේ අත් බෙහෙත් වලින් විතරක් මේක සනීප කරන්න හදන්න එපා.

🔰 ​දැනුවත් වෙමු - නීරෝගී වෙමු !

❤ මේ වැදගත් තොරතුරු ඔබේ ආදරණීයයන් අතරත් බෙදාගන්න (Share කරන්න).

27/05/2025

ඔයාගේ පරම්පරා පාත්තරය ඔයාම පරීක්ෂා කරගන්න දන්නවද? (Testicular Self-Exam) අපි මේ ගැන කතා කරමු!

📢 අද අපි කතා කරන්න යන්නේ ගොඩක් පිරිමි ළමයි, තරුණයෝ වැඩිය කතා නොකරන, ඒත් ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි තමන්ගේ වෘෂණ කෝෂ (පරම්පරා පාත්තරය) තමන් විසින්ම පරීක්ෂා කරගන්නා එක ගැන. මුලදී මේ වගේ දෙයක් තනියම කරන එක ටිකක් අමුතුයි වගේ, ලැජ්ජයි වගේ හිතෙන්න පුළුවන්. ඒත්, හිතන්නකෝ, මේක ඔයාගේම ඇඟ ගැන දැනගන්න, ඔයාගේම සෞඛ්‍යය ආරක්ෂා කරගන්න කරන දෙයක් කියලා. ටික දවසක් යනකොට මේක ඔයාට සාමාන්‍ය දෙයක් බවට පත් වෙයි. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන එකේ වැදගත්කම හිතලා මේ ගැන දැනුවත් වෙන එක ගොඩක් වටිනවා.

🤔 මොකක්ද මේ වෘෂණ කෝෂ ස්වයං පරීක්ෂාවේ (Testicular Self-Exam) වැදගත්කම?

සරලවම කිව්වොත්, මේ ස්වයං පරීක්ෂාව, ඒ කියන්නේ (Testicular Self-Exam) එක, කෙටියෙන් අපි (TSE) කියලත් කියනවා, ඔයාට උදව් වෙනවා වෘෂණ කෝෂ ආශ්‍රිතව යම් ගැටලුවක්, විශේෂයෙන්ම පිළිකා තත්ත්වයක් තියෙනවද කියලා කලින්ම අඳුනගන්න. දැන් ඔයා හිතයි, 'අනේ මට මොන පිළිකාද?' කියලා. ඇත්ත, තරුණ වයසේ අයට, විශේෂයෙන්ම අවුරුදු 15ට අඩු පිරිමි ළමයින්ට වෘෂණ කෝෂ පිළිකා (Testicular Cancer) ඇතිවෙන එක හරිම අඩුයි. ඒත්, අවුරුදු 15ත් 35ත් අතර පිරිමි අයට (විශේෂයෙන්ම තරුණ අයට) බහුලවම හැදෙන පිළිකා වර්ගය තමයි මේක. ඒක නිසා තමයි මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. මොකද, ඕනම ලෙඩකදී වගේ, මේකත් මුල් අවස්ථාවේදීම අඳුන ගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්කම වැඩියි. හරියටම කිව්වොත්, ඉක්මනට අඳුනගන්න තරමට, ප්‍රතිකාර සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩියි.

🤝 ඔයාගේ ඇඟ ගැන ඔයාම දැනගන්න එකේ වටිනාකම

හිතන්නකෝ, ඔයා හැමදාම දකින ඔයාගේ යාළුවෙක් ඉන්නවා කියලා. එයාගේ හැසිරීමේ හරි පෙනුමේ හරි පොඩි වෙනසක් උනත් ඔයාට ඉක්මනට අඳුනගන්න පුළුවන් නේද? අන්න ඒ වගේ තමයි මේකත්. ඔයා හැම මාසෙම වගේ මේ (TSE) එක කරනකොට, ඔයාගේ වෘෂණ කෝෂ දෙකේ සාමාන්‍ය ස්වභාවය – ඒ කියන්නේ ඒවායේ ප්‍රමාණය, හැඩය, අතට දැනෙන විදිහ – ඔයාට හොඳට හුරු වෙනවා. එතකොට, අනාගතයේදී යම් කිසි අසාමාන්‍ය දෙයක්, පොඩි වෙනසක් හරි උනොත්, ඔයාට ඒක ලේසියෙන්ම අඳුනගන්න පුළුවන් වෙනවා. 'ආ, මේක නම් හැමදාම තියෙන විදිහ නෙවෙයි, පොඩි වෙනසක් තියෙනවා' කියලා ඔයාටම තේරෙයි. මේකට කියන්නේ "තමන්ගේ ශරීරයේ මූලික තත්ත්වය දැනගැනීම ( "Knowing your body's baseline ) " කියලයි. ඒක ගොඩක් ලෙඩ රෝග කලින් අඳුනගන්න උදව්වක්.

⏰ මේ පරීක්ෂාව කරන්න හොඳම වෙලාව මොකක්ද?

මේ (TSE) එක කරන්න හොඳම වෙලාව තමයි ඔයා උණු වතුරෙන් නාන වෙලාවෙදි හරි, නාලා ඉවර වෙලාම හරි. ඇයි දන්නවද? මොකද උණු වතුර නිසා ඔයාගේ වෘෂණ කෝෂ වටේ තියෙන සම, ඒ කියන්නේ වෘෂණ කෝෂ පසුම්බිය/පරම්පරා පාත්තරය(Sc***um) එක, හොඳට ලිහිල් වෙලා තියෙන්නේ. එතකොට ඔයාට වෘෂණ කෝෂ දෙක ඇතුළේ තියෙන දේවල් පැහැදිලිව අතපත ගාලා බලන්න ලේසියි. සීතල වෙලාවකදී වගේ වෘෂණ කෝෂ ඇඟට කිට්ටු වෙලා, හැකිළිලා තියෙනකොට මේ පරීක්ෂාව හරියට කරගන්න ටිකක් අමාරුයි. ඒ නිසා, නාන කාමරයේදී, උණුසුම් වතුර පාවිච්චි කරන අතරතුර හෝ ඉන් පසුව මේ සඳහා විනාඩි කිහිපයක් වෙන් කරගන්න.

📝 කොහොමද මේ ස්වයං පරීක්ෂාව (TSE) හරියටම කරගන්නේ?
හරි, එහෙමනම් අපි බලමු මේක හරියටම කරගන්නේ කොහොමද කියලා. කලබල වෙන්න එපා, මේක හරිම සරල දෙයක්. මේ පියවර ටික අනුගමනය කරන්න:

👉 1. කණ්ණාඩියක් ඉස්සරහට යන්න (පුළුවන් නම්): නාන කාමරයේ හෝ වෙනත් පෞද්ගලික ස්ථානයක කණ්ණාඩියක් ඉදිරිපිට හිටගන්න. ඔයාගේ පරම්පරා පාත්තරයේ (Sc***um) සමේ පිටතින් මොනවාහරි ඉදිමීමක්, වර්ණයේ වෙනසක්, නැත්නම් අසාමාන්‍ය දෙයක් තියෙනවද කියලා දෘශ්‍යව බලන්න.
👉 2. එක වෘෂණ කෝෂයක් වරකට පරීක්ෂා කරන්න: ඔයාගේ අත් දෙකම පාවිච්චි කරන්න. එක වෘෂණ කෝෂයක් අරගෙන, මහපට ඇඟිල්ලයි, අනිත් ඇඟිලි ටිකයි (විශේෂයෙන්ම දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි) අතර හෙමිහිට රෝල් කරන්න. හරියට පොඩි බෝලයක් අතේ කරකවනවා වගේ. වෘෂණ කෝෂයේ සම්පූර්ණ මතුපිටම දැනෙන විදිහට මේක කරන්න. හොඳට මතක තියාගන්න, හෙමින්, පීඩනයක් දෙන්නේ නැතුව, මෘදුවට කරන්න ඕන. රිද්දගන්න එපා.
👉 3. මොනවද දැනෙන්න ඕන? මොනවද හොයන්න ඕන? සාමාන්‍යයෙන් නිරෝගී වෘෂණ කෝෂයක් අතට දැනෙන්නේ සිනිඳු, ඕවලාකාර හැඩේට, ටිකක් තද ගතියට (හරියට තදින් තම්බපු බිත්තරයක සුදු මදය වගේ, හැබැයි ඊට වඩා ටිකක් මෘදුවට). ඔයා හොයන්න ඕන ගැටිති, හරිම තද තැන්, ගුලි වගේ දේවල්, එහෙම නැත්නම් යම් තැනක වේදනාවක් තියෙනවද කියලයි.
👉 4. දෙවැනි වෘෂණ කෝෂයත් ඒ විදිහටම පරීක්ෂා කරන්න: පළවෙනි එක පරීක්ෂා කරපු විදිහටම, ඒ සැලකිල්ලෙන්ම දෙවැනි වෘෂණ කෝෂයත් පරීක්ෂා කරන්න.

👉 5. සාමාන්‍ය දේවල් ගැනත් දැනගෙන ඉන්න:
🔹 එක වෘෂණ කෝෂයක් අනිකට වඩා ටිකක් ලොකු වෙන එක හරි, ටිකක් පහළින් එල්ලිලා තියෙන එක හරි සාමාන්‍ය දෙයක්. මේක ගොඩක් පිරිමි අයට තියෙන දෙයක්. ඒ ගැන කලබල වෙන්න එපා.
🔹 හැම වෘෂණ කෝෂයකම පිටිපස්සෙන්, උඩ හරියේ ඉඳන් පහළට යන කුඩා, ලණුවක් වගේ මෘදු කොටසක් ඔයාට අතට අහුවෙයි. මේකට අපි වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ (Epididymis) කියලා. මේක තමයි ශුක්‍රාණු පරිණත වෙලා ගබඩා කරලා තියෙන, පසුව ශුක්‍රාණු පිටතට අරගෙන යන නාලිකාව. මේක ගැටිත්තක් කියලා වරදවා වටහාගන්න එපා. මේක සාමාන්‍යයෙන් තියෙන දෙයක්, ටිකක් මෘදුවට අතට අහුවෙයි. මේක ගැන දන්නේ නැත්නම් සමහරු බයවෙන්න පුළුවන් 'අනේ මට මොකක්හරි ගැටිත්තක්' කියලා. ඒ නිසා මේ (Epididymis) එක ගැන දැනගෙන ඉන්න එක වැදගත්. මේ පියවර ටික අනුගමනය කරනකොට ඔයාට ඔයාගේ වෘෂණ කෝෂ වල සාමාන්‍ය ස්වභාවය ටිකෙන් ටික හුරු වෙයි. මුලදී ටිකක් අමුතු ගතියක් දැනුනත්, මාස කීපයක් යනකොට මේක ඔයාගේ සාමාන්‍ය පුරුද්දක් වේවි.
🔍 මොනවද ඔයා හොයන්න ඕන වෙනස්කම්?

ඔයා මේ පරීක්ෂාව කරනකොට, විශේෂයෙන්ම මේ කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන:

⚠️ ගැටිත්තක් හෝ ගුලියක්: වෘෂණ කෝෂයේ මතුපිට හෝ ඇතුළත අතට අහුවෙන, සාමාන්‍යයෙන් වේදනාවක් නැති (මුල් කාලයේදී), කඩල ඇටයක්, ඇට වර්ගයක් වගේ තද ගැටිත්තක්. සමහර වෙලාවට මේවා සහල් ඇටයක තරම් පොඩි වෙන්නත් පුළුවන්, මිදි ගෙඩියක තරම් ලොකු වෙන්නත් පුළුවන්.

Credit goes to dr priya

14/05/2025

කොන්ඩම් හෝ Vasectomy වෙනුවට ආදේශ කළ හැකි නව පිරිමි උපත් පාලන ක්‍රමයක් සොයාගැනේ..‼️

ඇමරිකානු සමාගමක් විසින් තනි එන්නතකින් වසර දෙකක් සඳහා ඵලදායී වන පිරිමි උපත් පාලන ක්‍රමයක් හදුන්වා දී ඇත.

බ්‍රිතාන්‍ය Guardian පුවත්පතට අනුව ඇමරිකානු Contralin සමාගම, ශුක්‍රාණු චලනය වළක්වන ADAM නම් උපත් පාලන ක්‍රමය සඳහා පළමු සායනික අදියරේ (clinical phase 1) අත්හදා බැලීම් සාර්ථකව සිදු කර ඇත.

ADAM මගින් ශුක්‍රාණු චලනය අවහිර කිරීම සඳහා ජලයේ ද්‍රාව්‍ය hydrogel, ශුක්‍ර නාලවලට (vas deferens) එන්නත් කිරීම සිදු වේ.

හයිඩ්‍රොජෙල්, ජෙලි වලට සමාන ද්‍රව්‍යයක් වන අතර එහි ජලය විශාල ප්‍රමාණයක් අඩංගු වන බැවින් ඉතා මෘදු වේ.

සාමාන්‍ය තත්ත්ව යටතේ ශුක්‍රාණු වෘෂණ කෝෂවල නිපදවන අතර, ශුක්‍ර නාල සහ මුත්‍රා මාර්ගය හරහා ගමන් කර ශරීරයෙන් බැහැර වීම සිදු වේ. ADAM මගින් ශුක්‍ර නාල අවහිර වූ විට සිරවන ශුක්‍රාණු, ශරීරය විසින් අවශෝෂණය කරනු ලැබේ.

එවිට පිරිමින්ට ශුක්‍රාණු නොමැති ශුක්‍ර තරලය පමණක් පිටවීම සිදුවේ.

©️ සටහන උපුටා ගැනීම 🌷
Dr. Terash Hettige

වටින වචන ටිකක්..උඹ රූම් ගිහින් තියනව ද ?රූම් පොට් එකකට ගොඩවෙලා නැති කෝඩුකාර ඔයාටයි මේ වචන ටික.. කියවලා බලන්න, වැදගත් වේව...
23/03/2025

වටින වචන ටිකක්..
උඹ රූම් ගිහින් තියනව ද ?
රූම් පොට් එකකට ගොඩවෙලා නැති කෝඩුකාර ඔයාටයි මේ වචන ටික..
කියවලා බලන්න, වැදගත් වේවි.. 🙂

මෙහෙමයි, රූම් A/C සහ NoN A/C කියලා වර්ග දෙකකට බෙදෙනවා. සාමාන්‍ය රූම් එකක අවම ගාස්තු රු 800 ක් වගේ වෙනවා. රූම් එකේ කන්ඩිෂන් එක අනුව මේ ගණන් තව ඉහළ යනවා. රුපියල් 2000 කට වගේ සාමාන්‍යයෙන් හොඳ තත්වයේ රූම් එකක් ගන්න පුළුවන්. නයිටක් ගහනවනම් මේ ගාන අනිවාර්‍යෙන්ම ඩබල් වෙනවා. මේකෙත් short time සහ long time කියලා දෙකකට බෙදෙනවා. බහුතරය ගොඩවෙන්නෙම ඉතින් short time තමයි.. ඒ කියන්නෙ උදේ 9 ඉඳන් හවස 5 වෙනකන්..එහෙමයි කියලා නවය වෙද්දිම එතන හිටන් ඉන්න එපා. ඒක හරි කැතයි. හවස පහ වෙනකන් ඉන්න ඕන කියලා එකකුත් නෑ. තමන්ට ඕන වෙලාවක මෙතනින් පිටවෙන්න පුළුවන්. වෙලාව මදි වගේනම් අපිට තව ඉන්න පැය ගාන වැඩි කරගන්න පුළුවන්. ඒ හැම පැයකටම අමතරව චාර්ජ් කරනවා.

වැඩේ මෙහෙමයි වෙන්නෙ. මෙතන්ට යද්දි දෙන්නගෙම ID කාඩ් එක අරගෙන යන එක අනිවාර්‍යයි. මොකද පොලිසියෙන් හදිසි වැටලීමක් කරොත් මුලින්ම රෙසිප්ෂන් එකෙන් ඉල්ලන්නෙ රූම් වල ඉන්න කපල් වල ID කාඩ් ටික. වයස 18 ට වැඩිනම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි වයස 18 ට අඩු නම් නෝ සොරි නෝ වොරි එවලෙම දොරට තට්ටු කරලා දෙන්නවම පොලිසියට අරන් යනවා..ඒ නිසා ඒ වගේ දෙකයි පනහෙ වැඩ නොකර ඉන්න වග බලා ගන්න.

දෙන්නගෙම ID කාඩ් නම්බර් ලොග් පොතේ සටහන් කරගන්නවා. සමහර තැන් වල කොල්ලගෙන් අත්සනක් ඉල්ලනවා. ඒත් සමහර තැන් වල එහෙම නෑ.

අදාල ගාස්තු ගෙව්වට පස්සෙ එතන ඉන්න Room boy කෙනෙක් ඔයාලව එයාලගෙ රූම් පෙන්නන්න එක්කන් යනවා. එතනින් අපිට කැමති රූම් එකක් තෝර ගන්න අයිතිය තියනවා.

එතනදි පොර ඔයාලට දෙනවා ටවල් දෙකක් සහ චූටි සබන් කෑල්ලක්.ඔයාලට ලන්ච් එක එහෙම අවශ්‍ය නම් ඒක ඒ වෙලාවෙම ඔහුව දැනුවත් කරන්න වෙනවා. මොකද සමහර තැන් වල රූම් එකේ ලෑන්ඩ් ෆෝන්, බෙල් තිබ්බට හැමතැනකම එහෙම නැති නිසා.

මචං අටසීයෙ රූම් කෑලි නම් හොයන් යන්න එපා.
දෙක ගහද්දි ඇඳ කඩන් වැටෙනවා ෂුවර්. කොන්ද කඩන් තමයි ගෙදර එන්න වෙන්නෙ.රට අඹ ලීයෙන් හදපු ජරස් බරස් ගාන ඇඳන්. බිත්තිවල එක එක සිතුවම්, කලින් එකාගෙ වෙරළු මල් සුවඳ කාමරේ පුරාම.අනික හම්පඩ බෙඩ්ෂීට්. බාතෲම් ඊට එහා..අරන් යන්නෙ උඹ දන්න කියන කෙල්ලෙක්නෙ. ඒ නිසා මචං පොඩි රෙස්පෙක්ට් එකක් වටිනාකමක් දියන් ඒ කෙල්ලට. ටිකක් උසස් කන්ඩිෂන් එකක් තියන තැනකට එක්ක පලයන්.

රූම් පොට් වල ඉන්න කැෂියර්කාරයා, අපි එක්කන් යන කෙල්ල දිහා බලන්නෙ තම්බි හරක් දිහා බලන ගානට. අපි ධාවනය කරන්න කලින් ඌ ඇස් දෙකෙන් ධාවනය කරලා ඉවරයි. ඒක උඹට මට නවත්තන්න බෑ. ඒත් හැමෝම එහෙම නෑ.ඒ නිසා මචං ඒකට තරහා ගන්න එපා ඒ හැටි. හා ද ?

කාමරේ ඇතුලට ගියාට පස්සෙ මුලින්ම දොර ලොක් කරපන්. හැබැයි යතුර ගලවලා අයින් කරන්න එපා. මොකද ඇඳ තියලා තියන්නෙ දොර කෙලින්නම් එළියෙ ඉඳන් ඉන්න කෙනෙක්ට අර හිලෙන් ඔයාලගෙ ධාවනය බලන් ඉන්න පුළුවන්. ඒ නිසා යතුර දොරේම තියපන්.

කෙල්ලට දොර ළඟ ඉන්න කියලා උඹ ගිහින් ජනෙල් වහලා ලොක් කරපන්. කර්ට්න් වහපන්. බාතෲම් එකේ දොර ඇරලා ඇතුල බලපන්. ඇඳ යට බලපන්. බලන්න තියන හැම තැනක්ම බලපන්. උඹලා ධාවනයෙ ඉද්දි කවුරුහරි ඇඳ යට ඉඳන් පහනෙ භූතයා වගේ එළියට ආවොත් මලා ජෝන්. ලයිට් නිවලා කාමරේම අඳුරු කරලා බලපන් ඇතුලට එළිය එන හිල් තියනවද කියලා. ඒවට ඇහැ තියලා බලපන් පිටින් බලන්න පුළුවන් ද කියලා. තව බලපන් LED ටයිප් එකටත් වඩා පොඩි රතු පාට ලයිට් කොහෙහරි පත්තු වෙනවද කියලා..සීන් එක හොටෙල් එකේම එකෙක් වීඩියෝ කරන්න බැරි නෑ. තව බලපන්...නෑ නෑ බැලුවා ඇති. දැන් ඉතින් කෙල්ල දිහාත් බලපන්. උඹ දිහා කින්ඩියට වගේ බලලා හිනා වෙයි. මේ ටික ෂේප් නම් දැන් ටිකක් කූල්.

පුළුවන් නම් දෙන්නා ගෙදරින් ටවල් එකක් අරන් යන්න. මොකද දාහක් දෙනා පිහදාන ටවල් ඔතන තියන්නෙ. සමහර තැන් වල එක් පාවිච්චියෙන් පස්සෙ ටවල් එක තම්බලා හෝදනවා. ඒත් තව තැන් වල අව්වට දාලා ආයෙම ගෙනත් තියනවා. සෞඛ්‍ය ආරක්ෂාව මෙතනදි ගොඩක් වැදගත්. ඒ නිසා ටවල් එකක් සබන් කෑල්ලක් ගෙදරින් අරන් යන්න.

කිසිම දවසක රූම් පොට් එකෙන් කෑම ඕඩර් කරන්න එපා. එකක් තමයි ඌ කෑම එක උස්සන් ඇවිත් දොරට තඩිබානකොට උඹ ඉන්නෙ ධාවනයෙ උච්චතම අවස්තාවෙ වෙන්න පුළුවන්. එතකොට උගෙ අම්ම අප්පා මතක් වෙනවා. අනික ඒ ක්ෂණිකෙට උඹට ෂර්ට් එක දාගන්න පුළුවන් වුණාට කලිසම එහෙම දාගන්න බෑනෙ බන්. ඊළඟ කාරණේ කෑම වලට මොනාහරි දාලා දෙන්න ඉඩ තියනවා. උඹලා තද නින්දකට වැටිලා සිහිය එද්දි සෑහෙන්න දේවල් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා කන බොන දෙයක් දන්න කියන තැනකින් අරන් යන එක වැදගත්.

ධාවනයෙ යෙදෙනකොට ඇඳ සද්ද දානවනම් දෙන්නත් එක්කම මෙට්ටෙ අල්ලලා බිමට දා ගනින්.
එතකොට පුළුවන් ෂේපෙට වැඩේ කරගෙන යන්න. වෙන වෙන සද්ද එනවනම් ඉතින් ෆෝන් එකෙන් සිංදුවක්වත් දාපන්.

මස් කඩේට දක්කපු හරකා වගේ ගිය ගමන් ඒකිව මරං කන්න හදන්න එපා..ඔය ඉන්න ගමන් කන්න බොන්න මොනා හරි අරන් යන්න. ඇපල් මිදි ජම්බො පීනට්ස් රෙඩ්බුල් එකක් බියර් එකක් චොක්ලට් එකක්
වගේ දේවල්. හැබැයි මේ වෙලාවෙ උඹ ටැබ්ලට් එකක් යූස් කරලනම් ඉන්නෙ මිදි කන එක එච්චර හොද නෑ. මයිලෝ එකක් ෆෘට් ජූස් එකක් වගේ එකකින් ඒක බැලන්ස් කරගන්න. අදාල දේම කරගන්න දගලන් නැතුව ටිකක් වෙනස් විදියට කූල් විදියට ඒ වෙලාව ගෙවලා දාන්න. හිතට දැනෙන්න... 😌❤️

Credit goes to Randika Dilshan 😌❤️🌸

සමාජරෝග ඇසට හුරුකරගමු.....මේ දවස්වල අපි වැඩියෙන් කතාකරන මාතෘකාවක් ...සමාජරෝග...රටපුරා සීඝ්‍රයෙන් පැතිරීමේ අවධානමක්..හේතු...
28/01/2025

සමාජරෝග ඇසට හුරුකරගමු.....

මේ දවස්වල අපි වැඩියෙන් කතාකරන මාතෘකාවක් ...
සමාජරෝග...
රටපුරා සීඝ්‍රයෙන් පැතිරීමේ අවධානමක්..
හේතු කීපයක් තියනව....
අපි නිතරම භයෙන් ඉන්න HIV විතරක් නෙවෙයි ,
තවත් ඒ වගේම භයානක රෝග කීපයක් තියනව HIV වලට වඩා පහසුවෙන් බෝවෙන්න පුලුවන් ...
මේ තියෙන්නේ ඒ රෝග කීපයක සම මතුපිට ඇතිවන තුවාල( skin manifestations ) .....
මේවා ගෑවුනත් බෝවෙන්න පුලුවන් ....
රේන්කෝට් දාලත් බේරෙන්න අමාරුවෙන්න පුලුවන් ...
ඉතින් මේ සම මතුපිට ඇතිවන තුවාල අදුනගන්න පුලුවන්නම් .....
ගින්දරට පනින්න කළින්ම බේරෙන්න පුලුවන්
Dr Ravinda Udagamage

සියළුම කාන්තාවන් අනිවාර්යයෙන්ම කියවිය යුතුම ලිපියක් පිරිමි පිස්සුම වැටෙන්නේ හෙන Successful, Degree පිට Degree ගහපු, Bran...
07/10/2024

සියළුම කාන්තාවන් අනිවාර්යයෙන්ම කියවිය යුතුම ලිපියක්

පිරිමි පිස්සුම වැටෙන්නේ හෙන Successful, Degree පිට Degree ගහපු, Branded අඳින, Posh ගෑනුන්ට වත්,
උයන්න, පිහන්න, පිළිවෙලට ඉන්න, මහන්න, ගොතන්න දන්න, ගෙදර සියලු යුතුකම් ඉටු කරන හෙනම ක්‍රියාශීලී ගෑණුන්ට වත් නෙමෙයි.
🙏🙏🙏🙏🙏🙏

ඒ හැම දේම එක්ක පිරිමියෙකුට වැදගත්ම දේවල් කීපයක් තියෙනවා.

පළවෙනිම එක හිතේ නිදහස.. දෙවෙනි එක ආදරේ සහ ලිංගිකත්වය, තුන් වෙනි එක ගරුත්වය.
පිරිමියෙක් පිට යන්න හේතු වෙන්නෙත් ඔන්න ඔය හිතේ නිදහස, ආදරේ, ලිංගිකත්වය සහ ගරුත්වය කියන දේවල් ම තමයි.

ලිංගික නොවන, හුදෙක් ආදරය සොයාගෙන යන අසරණ ජීවිත පවා අපි දන්නවා.
ලිංගිකත්වය කියන මාතෘකාව ලංකාවේ බහුතර ගෑණු අයට නම් කතා කරන්න වත් කැමැති නැති විෂයක්.
හැබැයි පිරිමියෙක් පිස්සු වට්ටන්න මේ දේවල් තේරෙන ගෑනු කෙනෙකුට ලේසියෙන්ම පුළුවන්..

තමන්ගේ ආශාවන් දශමේටම තේරුම් ගන්න,
තමන්ව තුරුළු කරන් දරුවෙක් ට වගේ ආදරේ කරන්න පුළුවන්,
වචනෙන් පවා පිරිමි හිත අවුළුවන්න පුළුවන්,
මැසේජ් එකකින් පවා කාමුක කරවන්න පුළුවන්, ආදරෙන්, කාමයෙන් තමන්ගේ ජිවිතේ අවුළුවලා දාන්න පුලුවන්,
ඒක කිස් එකකින් තාමන්ගේ හදවත නවත්වන්න පුළුවන්,
ලිංගිකත්වය යෙන් තමන්ව පිස්සෙක් කරන්න පුළුවන්,
පිරිමියාට නැගිට ගන්න බැරි වෙන ගානට, කෙඳිරි ගෑවෙන ගානට දඟ කරවන්න පුළුවන් ගෑණුන්ට. පිරිමි පුදුම ආසයි..

ගෙදරින් එලියට යද්දී කාම ගින්නක් මිනිහාගේ හිතේ කොනක වත් ඉතුරු නොවෙන ගානට නටවන්න පුළුවන්,
වෙන ගෑනියෙක් නිරුවතින් දැක්කත් "මගේ පිස්සි එක්ක හැරෙන්නවත් පුළුවන් ද මුන් ට" කියලා හිතෙන ගානට පිරිමියා සතුටු කරවන්න පුළුවන් ගෑණුන්ට, පිරිමි පුදුම ආදරෙයි.

තමන්ගේ ඒකිගෙන් ලබන අපරිමිත සතුට වෙන ගෑනියෙක් ලඟට ගිහින් තුරුළු කරගන්න ඕනේ නෑ,
මගේ ඒකි පිස්සුවෙන් අල්ලන, සෙල්ලම් කරන එක වෙන එකියෙක් ට දකින්නවත් දෙන්නේ නෑ කියලා හිතෙන ගානට පිරිමි හිත මෙල්ල කරවන්න පුළුවන් පිස්සු කෙල්ලන්ට පිරිමි පුදුම ආසයි.
පිරිමි මෙල්ල කරන මන්තරේ තියෙන්නේ ගෑනු ළඟමයි. කොහෙද උන්ට කිසිම අදහසක් නෑ ඒ ගැන.

කනවා බොනවා, නානවා වගේම ලිංගිකව හැසිරෙනවා කියන්නේ පිරිමින්ගේ ජිවිතේ අත්‍යාවශ්‍ය කොටසක්.
උයනවා, අස් කරනවා, වැඩට යනවා වගේම පිරිමියා එක්ක සතුටු වෙනවා කියන එකත් තමන්ගේ ජිවිතේ කොටසක් කරගත්තු ගෑනු ජිවිතේ දිනනවා. ඒ වගේම තමන්ගේ මිනිහාගෙන් උපරිම ආදරේ ලබනවා.

ඉදලා හිටලා, ඇවිටිලි කරලා කරලා, වැඩේට කැමති වෙන, වැඩේ වෙනකං පස් මහ බැලුම් බලා බලා දින ගනින පිරිමි ජීවිත කොච්චර පවු ද කියලා බහුතර ගෑනු හිත් දන්නේවත් නෑ, හිතන්නෙවත් නෑ..

කකුල් පලල් කරන් ඉන්න මැරිච්ච කෙසෙල් කඳන් වෙනුවට,
පිරිමියා ගෙන් උපරිම සතුටු වෙන, එක පිට එක සුරතාන්ත විඳින, පිරිමියාට මහන්සි නම් තමන් වැඩේ කරවගන්න, කකුල් හිරිවැටිලා, ඇඟ පන නැති වෙලා යනකම් මිනිහාගෙන් සතුටු වෙන ගෑණු දිහා බලලා පිරිමි පුදුම ආත්මාභිමානයක් ලබනවා.
සමාජ සම්මත ලැජ්ජාවේ සීමාවන් බල්ලට දාලා, තාමංගේ එකා ළඟ ශිල්ප දක්වන බිසෝ වරුන්ට පිරිමි හිත් කෑදරයි..

තමන්ගේ ඒකිගේ අතින්, මුවෙන් නිරන්තරයෙන් සතුටු වෙන පිරිමියා තමන්ගේ දෛනික ජිවිතේ සැහැල්ලුවෙන් සතුටින් ගත කරනවා.
තමන්ගේ ඒකි උපරිමෙන් සතුටු වෙන හැටි දැකලා පිරිමි තමන්ගේ පුරුෂ ශක්තිය ගැන සතුටු වෙනවා. ඒ සතුට, ඒ අභීමානය උන්ගේ පුංචි ලෝක වල උන්ව රජවරු කරනවා.
මේවා නොදන්නා මෝඩ ගෑනු ලැජ්ජාවට තමන්ගේ කෙඳිරිය මිනිහාගෙන් හංගනවා.
මේව දන්න ගෑනු, දන්න ශිල්ප දාලා මිනිහාව සතුටු කරවන්න තමන් උපරිම සතුට විඳ ගන්නවා.

ලෝකෙට ම යක්කු වගේ ඉන්න ලොකු හැඩි දැඩි පිරිමි, මේ වගේ ගෑනු ළඟ පුස් පැටවු වෙනවා..
ලෝකේ පෙරලුනත් දරාගන්න හයිය තියෙන මහා පුරුෂයෝ මේ වගේ ගෑනියෙක් ගේ ආදරේ ඉස්සරහ හඬා වැටෙනවා.
සක්කරයා ඉස්සරහවත් දන නොගහපු චණ්ඩි, මේ වගේ ගෑනුන්ගේ කකුල් පාමුල දනින් වැටිලා ආදරේ යදිනවා..

හිතක් පපුවක් නැති ගල් හිත් තියෙන පිරිමින්ට මේ වගේ ගෑනියෙක් ගේ සිතුවිල්ලක්, චිත්තක්ෂනයක් පවා දැනෙනවා.
කෙල්ලගේ පුංචි වෙනසක් පවා උන්ගේ මුළු ජිවිතේ ම සසල කරවනවා.
ඒ වගේ කෙල්ලෙකුට ආදරේ කරන පිරිමියෙකුට ආයේ අලුතින් "Loyalty" කියලා දෙන්න දෙයක් නෑ.. උන් පණ දීලා ඒ කෙල්ලට ආදරේ කරනවා.. තමන්ට ලැබුණත්, නොලැබුනත් පිස්සුවෙන් ආදරේ කරනවා..

ඒත් දුක තමයි බහිතරේ පිරිමි ජීවිත කාලේම මේ වගේ ආදරයක් ලෝකේ තියෙනවා ද කියලා වත් නොදැන මැරිලා යනවා.

මේවා තේරෙන ගෑනු ලෝකෙටම ඉන්නේ ටිකයි.
අනිත් උන් මේවා පිළිගන්නවත් කැමැති නෑ.
මොකද 99% ක් ගෑනු හිතන් ඉන්නේ සෙක්ස් කියන්නේ නරක දෙයක්. ඒක පිරිමින්ගේ වල් වැඩක්. ඒව ගෑනුන්ගේ යුතුකම් වගකීම් නෙමෙයි කියාල.
දෙන්නෙක් අතර බැඳීම ට, ආදරෙයි, අත්සන් කරපු කොලෙයි විතරක් ඇති කියලා හිතාගෙන ඉන්න බහුතරෙට නම් ඉතින් මේවා කුණුහරුප වෙයි.

වැඩ බැරි කම්මැලි සුදු අම්මිලා ගේ Tag line
ටික තමයි නියම.
" එයාගේ s*x එක කරනවා ට වඩා මට කොච්චර වැඩ තියෙනවා ද"
එහෙනම් කසාද නොබැඳ ඒ වැඩ කරන් හිටහන් කෝ..

"ආදරේ කියන්නේ සේක්ස් නෙමෙයි"
එහෙනම් බල්ලෙක් හරි පූසෙක් ට හරි ආදරේ කරහන් පිරිමි පිස්සෝ කරන්නේ නැතුව.

"ජිවිතේ ම s*x නම් දරුවෝ හම්බුනාම මුන් පිට යයි නේ"
"ලෙඩක් දුකක් හැදුණොත් මුන් පිට යයි නේ"
උන්ට නොතේරෙන සත්‍ය තමයි
පුළුවන් කාලේ උපරීමෙන් උඹලා ආදරේ කරලා, s*x කරවලා, ශිල්ප දක්වලා, පිස්සු වට්ටපු පිරිමියා, උඹට බැරි කාලෙදි උඹට ද්‍රෝහී වෙන්නේ නෑ. ඌ නියම පිරිමියෙක් වගේ උඹව රකිනවා.

✒️ හර්ෂ නවරත්න

උපුටාගැනීමකි

දන්නවද...ගැහැනියකට පිරිමියෙක් තෘප්තිමත් කරන්න සෙක්සි ෆිගර් එකක් තිබුනටම මදි..ගැහැණියකට පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පි...
04/10/2024

දන්නවද...
ගැහැනියකට පිරිමියෙක් තෘප්තිමත් කරන්න සෙක්සි ෆිගර් එකක් තිබුනටම මදි..
ගැහැණියකට පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පියවුරු දෙකකුයි,ලොකු පස්සකුයි තිබ්බටම මදි...

ගැහැනියකට පිරිමියෙක් නතු කරගන්න ක්ලියර් ස්කින් කලර් එකක් තිබුණටම මදි...
එහෙනම් පිරිමියෙක් ආකර්ෂණය කරගන්නේ,දිනාගන්නේ කොහොමද කියලා හිතෙනවා නේද...???

ඔව්...
මෙහෙම කියන්නම්..
ගැහැනියගේ ආත්මීය බරට පුළුවන් ඕනෑම පිරිමි රූපාන්තරයක් වල්මත් කරන්න..
ගැහැනියකගේ සියුමැලි වදනකට පුළුවන් ඕනෑම පිරිමි ශරීරයක් හීලෑ කරන්න...
ගැහැනියකගෙ සුන්දර බැල්මකට පුළුවන් ඕනෑම පිරිමි සිතුවිල්ලක් අවුලවන්න...
ගැහැනියගේ ඇගෙන් එන මෘදු ඕඩිකොලොන් සුවදට පුළුවන් රළු පිරිමියෙක්ව වුනත් දණ ගස්සන්න...

ගැහැනියකගේ සුන්දර හිනාවකට පුළුවන් පිරිමියෙක්ව සතපවන්න...
ගැහැනියකගේ පිරිපුන් අධ්‍යාපන පසුබිමට පුළුවන් පිරිමියෙක්ගේ ආධිපත්‍යය දිය කරන්න...

සරලව ගත්තොත් අර කිව්ව වෙයිට් එක තියෙනවා නම් ගැහැනියකට ප්‍රේම කරන්න,ගැහැනියකට පිරිමියෙක් ආකර්ශනය වෙන්න පොටී උලන්නම ඕන්නෑ...
ලෝකේ තියෙන සුපිරිම කොස්මෙටික්ස් පාවිච්චි කරන්නම ඕන්නෑ...

වයිට්නින්,බ්ලීචින් නාන්නම ඕන්නෑ..
බර තියෙන ගැහැනියකගේ ප්‍රතිපත්තිමය පෞරුෂය ඉස්සරහා පිරිමි නොදරුවො වෙන්නෙ නිතැතින්...

සෙක්සි ෆිගර් එකක් තිබ්බට කට ඇරියොත් අබුද්ධිමත් කම ප්‍රදර්ශනය වෙනවා නම් ඒ ගැහැනිය පිරිමි හිතින් රිජෙක්ට් වෙනවා.
ගැහැනියක්ට පැහැදිලි හමක් තිබ්බත් ඇය සමාජ ක්‍රියාකාරිත්වයේදි නොදරුවෙක්නම් පිරිමි හිතින් ගැලවෙනවා.

ඉතින් ගැහැනු වුනත් පිරිමි වුනත් මම හිතනවා කෙනෙක්ව දිනාගන්න ඕන මට්ටමට තමන්ගේ වපසරිය බරසාර කරගත්තානම් ලෝකේ මීට වඩා සුන්දර වෙයි කියලා.
Sumiran Dhananjaya Gunasekara

ජීවිතයට යමක් ! 🩶සැබෑ මිතුරා ශිෂ්ණයක් වැනිය, ඔහු අවශ්‍ය අවස්ථාවලදී ඔබ වෙනුවෙන් පෙනී සිටියි. අව්‍යාජ මිතුරෙකු බ්‍රා එකක් ව...
07/09/2024

ජීවිතයට යමක් ! 🩶

සැබෑ මිතුරා ශිෂ්ණයක් වැනිය, ඔහු අවශ්‍ය අවස්ථාවලදී ඔබ වෙනුවෙන් පෙනී සිටියි. අව්‍යාජ මිතුරෙකු බ්‍රා එකක් වැනි ය, ඔවුන් සෑම විටම ඔබට සහාය දක්වයි.

විශ්වාසවන්ත මිතුරා කොන්ඩමයක් වැනි ය, ඔහු ඔබව සියලු කරදරවලින් ආරක්ෂා කරයි. ආදරණීය මිතුරා යෝනි මාර්ගයක් වැනි ය, ඔබේ ගැටලුවේ තරම නොතකා ඔවුන් ඔබට සම්පූර්ණයෙන්ම නවාතැන් දෙයි.

⭕1. කාමසූත්‍රය මෙහෙම කියනවා: ඔබ එක් තන පුඩුවක් උරා බොන්නේ නම්, කාන්තාව විසින්ම අනෙක් තන පුඩුව ලබා දෙයි.

"එකක් මිල දී ගද්දි එකක් නොමිලේ" යන්නෙහි මූලාරම්භය එයයි !

⭕2. ලිංගිකව හැසිරීමට පෙර, ඔබ එකිනෙකාට නිරුවත් වීමට උදව් කරයි. ලිංගිකව හැසිරීමෙන් පසු, ඔබ ඔබ විසින්ම ඇඳුම් ඇඳගනියි.

ගතයුත්ත: ඔබ කෙලෙසුණු පසු ජීවිතයේ කිසිවෙකු ඔබට උදව් නොකරයි !

⭕3. සාර්ථකත්වය ගැබ් ගැනීමක් වැනිය.

හැමෝම ඔබට සුබ පතන අතර ඔබ එය සාක්ෂාත් කර ගැනීමට කොපමණ වාරයක් වෙහෙස වූවාදැයි කිසිවෙකු දන්නේ නැත.

⭕4. ප්‍රායෝගික අදහසක්:

ස්වාමිපුරුෂයා තෙත්කලයුත්තේ බිරිඳගේ පෑන්ටිය මිස, ඇගේ දෑස් නොවේ. බිරිදක් දැඩිකලයුත්තේ තම ස්වාමිපුරුෂයාගේ ශිෂ්ණය මිස ඔහුගේ ජීවිතය නොවේ.

⭕5.කාන්තාවක් ගැබ්ගෙන සිටින විට,

ඇගේ සියලු මිතුරන් ඇගේ බඩ ස්පර්ශ කර "සුබ පැතුම් !" යැයි පැවසුවත් ඔවුන් කිසිවෙක් පැමිණ පිරිමියාගේ ශිෂ්ණය ස්පර්ශ කර සුබපතන්නේ නැත.

ගතයුතු දේ: වෙහෙස මහන්සි වී වැඩ කිරීම කිසි විටෙකත් අගය නොකෙරේ: ප්‍රතිඵල පමණක් වැදගත් වේ.

ඔයාගෙ ජීවිතේට වැදගත් යමක් එකතුවෙන්න ඇති කියලා හිතනවා ! ✅දැන් මේ වටින පාඩම තව අයටත් දැනගන්න share කරන්න.🙏😃🖤

සදෙව්

තෘප්තිමත් ලිංගික සබඳතාවක් සදහා...ආදරය,විවාහය සහ ජීවිතය සම්බන්ධව පවතින මිත්‍යාවන්ගෙන් බැහැරවී සැබෑ ලෙසම ලිංගිකත්වය දෙස බල...
31/08/2024

තෘප්තිමත් ලිංගික සබඳතාවක් සදහා...

ආදරය,විවාහය සහ ජීවිතය සම්බන්ධව පවතින මිත්‍යාවන්ගෙන් බැහැරවී සැබෑ ලෙසම ලිංගිකත්වය දෙස බලන ආකාරය ගැන කතා කරන ලිපි මාලාවේ තවත් වැදගත් කරුණු කිහිපයක් ගැනයි මේ කතාකරන්නේ. උපදේශන ක්ෂේත්‍රයේ වසර ගණනක අත්දැකීම් මෙම ලිපි මාලාව හරහා ඔබ වෙත ගෙනඒම කතුවරියගේ අපේක්ෂෘව..

කාන්තාවගේ කන්‍යාභාවය සහ බැඳීමකදී ඇයගේ කාර්යභාරය සම්බන්ධයෙන් පවතින මිත්‍යාවන් සම්බන්දයෙන් ද සත්‍ය අනාවරණය කර ගත යුතුය. ලිංගික තෘප්තිය සහ සංස්කෘතික මිත්‍යාවන් අවබෝධ කර ගැනීම මෙහිදී අත්‍යාවශ්‍ය වේ. ඊළඟට කතාකරන මිත්‍යාව ගොඩනැගෙන්නේ ලිංගික උත්තේජන ක්‍රියාවලිය තුළ පිරිමි පාර්ශවය ලිංගික උත්තේජනය වෙන්න ලොකු උත්තේජක අවශ්‍ය නැහැ, පොඩි උත්තේජකයක් සංවේදනය වීම තුළ, ඒ කියන්නේ අපේ පංචේන්ද්‍රයන්ට සංවේදනය වන පොඩි සිදුවීමකින් පිරිමි කෙනෙක්ගේ ශිස්ණය (p***s) ප්‍රාණවත් වෙනවා.

එතනදි සිද්ධ වෙන්නේ ශිෂ්ණයට රුධිර ගමනාගමනය වැඩිවෙලා අදාල ලිංගික කාර්යයට ශාරීරිකව සහ මානසිකව කෙටි කලකින් සූදානම් වෙනවා. ඉතින් එහෙම වුණ ගමන් කාන්තාවත් ඒ ක්ෂණිකව සූදානම් කියලා පතාගෙන ලිංගික කාර්යය කරන්න ගනිද්දි මොකද වෙන්නේ. කාන්තාවගේ යෝනි ප්‍රදේශය වියලි වෙලා තියෙන්න පුළුවන්. ඇයට දැඩි වේදනාවක් දැනෙන්න පුළුවන්. සමහර විට යෝනි මාර්ගයේ වියල බව නිසා පටක තුවාල වෙලා රුධිරය එන්නත් පුලුවන්. මෙහෙම වුණා පිරිමි හිතනවා මේ ගෑණි මම එක්ක ඉන්න අකමැතියි? මොකක්ද වෙලා තියෙන්නේ, මට ඕන සතුට ලැබෙන්නේ නැත්තේ ඇයි? වගේ දේවල්. එහෙම හිතලා එක්කෝ ජීවත කාලය පුරාවටම විඳව විඳව ඉන්නවා. එහෙම නැත්නම් වෙන වෙන අයව හොයාගෙන ගිහින් මුදලට තමන්ගේ ආශාව සපුරගන්නවා. ඒත් ගැහැණු පාර්ශවය, ඒ කියන්නේ තමන්ගේ සහකාරිය එක්ක ඇයි එහෙම උණේ කියලා කතා කරන්නේ නෑ.

එහෙම ඇහුවත් අහන්නේ 10% ක් වගේ පොඩි ප්‍රමාණයක්. එහෙම අහලා බලලා ඇයි ඒ කියලා අහන්නේ නැති අයට තමයි මේ පිළිතුරු දෙන්නේ. ගැහැනු කෙනෙක් පරිණාමය වෙලා තියන්නෙම උණුසුම, ආදරය, කරුණාව කියන කරුණු කාරණාත් පෙරදැරි කරගෙන. ඉතින් පිරිමි වගේ කෂ්ණික තීරණ ගැනීමේ හැකියාව කාන්තාවන්ට පරිණාමිකවම අඩුයි. කාන්තාව ලිංගිකව උත්තේජනය වෙන්නතේ මේ කියන කරුණු කාරණා මතයි. ගැහැණියව ලඟට අරගෙ ආදරෙන් සිව වැළඳගැනීම, හිස අතගෑම, කන් දෙපස සිපගැනීම, පියයරු ආශ්‍රිතව සිපගැනීම ආදරෙන් තුරුළු කරගෙන සිටීම තුළ තමයි ඇය ලිංගිකව උත්තේජනය වෙන්නේ.

කාන්තාව ලිංගිකව උත්තේජනය වෙලානම් ඇයගේ යෝනි ප්‍රදේශය තෙත් වෙනවා. ඒ ලබන උත්තේජනය තුළ ඇගේ යෝනි ප්‍රදේශයේ මාංශපේෂී ලිහිල් වෙලා ලිංගික සංසර්ගයට අවශ්‍ය දායකත්වය 100% ක්ම සැපයෙනවා. ඒ හරහා දෙදෙනාටම උපරිම ලිංගික සන්තර්පණයක් ලබාගන්න ඉඩකඩ ලැබෙනවා. ලිංගිකත්වය කියන්නේ කලාවක්. ඒ කලාව ඇතුලේ බාධක නැහැ. ලිංගික හැසිරීමේදී සැමවිටම කාන්තාව ඇඳ මතත්, පිරිමියා කාන්තාව මතත් සිටිය යුතුයි කියලා නියමක් නැහැ. විවිද ඉරියව් වලින් ලිංගික කාර්යය විඳිමින් ඉටු කරගන්න පුළුවන්. ඒ කැමැත්ත සහ අයිතිය පිරිමින්ට විතරක් නෙවෙයි කාන්තාවටත් තිබෙනවා. විවාහයක් කියන්නේ ආදරයක් කියන්නේ කොන්දේසි විරහිතව දෙන්නෙක් එක තැනක නතරවීමයි. ඒ ගමන සුන්දර කරගැනීම තියෙන්නේ තමන් මතම තමයි. ඒ සුන්දරත්වය වැඩි කරගන්න ලිංගිකත්වය කියන කලාව අත්‍යවශ්‍යයි. මේ කලාව තුළ දෙදෙනාගේ කැමැත්ත අකමැත්ත හැමවිටම දෙදෙනා දැනගත යුතුමයි. ඒ සඳහා දෙදෙනා මේ ගැන විවෘතව කතා කිරීම සහ දැනුවත් වීමත් අත්‍යාවශ්‍යයි. එහෙම නොවුණොත් මිත්‍යාවෙන් අසංවර වුණු ලිංගිකත්වය නිසා අසහනය විතරක් සදහට ඉතිරිවෙන්නත් පුළුවන්.

ලිංගිකත්වය ගැන කතා කරද්දි තවත් එක් වැදගත් මිත්‍යාවෙන් වැහුණ දෙයක් තමයි ලිංගික ඉරියව්, එහෙමත් නැතිනම් S*x Positions. කලින් කියලා තියෙනවා වගේ ප්‍රාග් ඓතිහාසික යුගවල ඉඳන් පැවතගෙන එන ක්‍රමය තමයි ගැහැණිය මත පිරිමියා හිඳිමින් සංසර්ගයේ යෙදීම. එහෙත් අද වනවිට විවිධ හේතු කාරණා මත වෙනස් අන්දමින් සංසර්ගයේ යෙදීම තුළින් වෛවාහක සබඳතාවල ශක්තිමත් භාවයක් වැඩිවෙනවා කියලා. ඒත් ඒ කොහොමද? ඊට හේතුව ලෙස ඒ විදිහට හැසිරීම තුළ සන්තර්පණය වීම සහ ආශ්වාදය වැඩි වීම ලිංගිකත්වය කියන කලාව රසවින්දනාත්මකව භාවිතා කිරීම තුළ දෙදෙනා තුළ කෘප්තිමත්භාවය වැඩිවීම සිදුවේ. එම නිසා ශක්තිමත් සබඳතාවයකට මග සැලසෙයි. මොනවද මේ S*x Positions මේ දකින S*x Position කිසිවත් අසංවර අවිනීත ඒවා නොවේ. මේ S*x Position අනුගමනය කිරීමේදී දෙදෙනාගේ කැමැත්ත සහ හැකියාව වැදගත් වේ.

සමහර විට පුරුෂයාට වඩා කාන්තාව මේ දේවල් වලට තියෙන කැමැත්ත සහ අත්හදා බැලීමේ හැකියාව වැඩි වීමට පුළුවන. එසේත් නැතිනම් කාන්තාව ගර්භනී කාලය තුළ තිබෙන අපහසුතා සමග මේ කියන වෙනත් S*x Positions වලට මාරු වීමට පුළුවන. ගර්භණී කාලය තුළ ලිංගික හැසිරීමට තහනමක් නොමැති නිසා කාන්තාවට අපහසුවක් නොවන S*x Positions තෝරා ගැනීමේ වරදක් නැත. එහෙත් විවිධ සංකූලතා තත්ත්ව නිසා In*******se වලින් තොරව ලිංගික ආශ්වාදය ලබා ගැනීමට මෙම ක්‍රම වැදගත් වෙනවා. ලිංගිකත්වය යනු මිත්‍යාවෙන් ලජ්ජාවෙන් තොර බියෙන් තොරව තිබිය යුතු හැඟීමක්. දැනුවත්භාවයෙන් යුතුව විඳිය යුතු හැඟීමක්. කලාත්මක ඇද්දැකීම් තුළ සිදුවන යහපත් කරුණු කීපයක් ඇත. ලිපියෙහි මුලින් සඳහන් කර ඇති පරිදි ලිංගිකත්වය කියන්නේ පේරණයක්- ප්‍රේරන කියන්නේ පුද්ගලයා අභිප්‍රේරණය කරන සාධක (Motivation)මේ ලබන අභිප්‍රේරණය තුළ පුද්ගලයාගේ ආතතිය දුරුවීම, Refresh වීම සිද්ධවෙනවා. ලිංගික තෘප්තිය ලැබීම කියන්නේ එක්තරා ආකාරයක Physical සහ Mental relaxation එකක්.

ඒ වගේම යහපත් ලිංගික විදියක් තිබීම තුළ පුද්ගල පෞර්ෂය (Personality)වර්ධනය වීමටත් හේතුවක්. එමෙන්ම ශාරීරිකව ලබාගන්න පුලුවන් හොඳ ව්‍යායාමයක්. සබඳතා වර්ධනය සහ පවත්වා ගැනීමට මනා පිටුවහලක් මේ හරහා ලැබෙනවා. ලිංගිකත්වය තුළ සෑම විටම දෙදෙනාගේ අදහස් නිසැකවම හුවමාරු විය යුතුය. දෙනොගේ තෘප්තිමත් බාවය අතෘප්තිමත් භාවය පිලිබඳ දෙනොම දැනගත යුතුය. මේ කියන කාරණා තුළ යහපත් ජීවිතයකට මග සැලසෙනවා පමණක් නොව සබඳතා ශක්තිමත් වීමත් අනිවාර්යෙන්ම සිදුවන බව ඔබට දැන් වැටහෙනවා ඇති.

උපුටා ගැනීමකී

.S.e.x. කරද්දි light off කරනවද ? ❤️‍🩹මේක ගොඩක් අය කරන දෙයක්... වැඩිපුරම මේ request එක එන්නේ කාන්තා පාර්ශවයෙන්… තමන්ගේ mo...
31/08/2024

.S.e.x. කරද්දි light off කරනවද ? ❤️‍🩹

මේක ගොඩක් අය කරන දෙයක්... වැඩිපුරම මේ request එක එන්නේ කාන්තා පාර්ශවයෙන්… තමන්ගේ mood එක expose කරන්න තියෙන බය, එහෙම නැත්නම් තමන්ගේ ඇඟේ තමන්ට වෙන කෙනෙකුට පෙන්නන්න අපහසුතාවයක් දැනෙන තැන් පේනකොට දැනෙන ලැජ්ජාව, තමන්ට තමන්ගේ .s.e.x.u.a.l energy එක ගැන confidence නැති කම වගේ හේතු මේකට බලපානවා.

මෙතනදි කතා කරන්නේ vibe එක හදාගන්න dim light use කරන ජනතාව ගැන නෙමෙයි... දත් ටිකවත් පේන් නැති වෙන්න කලුවර කරගන්න අය ගැන.

සමහරවිට ඔය හැමදාම නිවන bulb එක පත්තු කරපු දවසට එයාට mood එක expose කරන්න තියෙන බය නැති වෙයි... හංගන්න දෙයක් නැති වුණාම අපහසුතාවය නිසා එන ලැජ්ජාව මග ඇරිලා යයි… අන්න ඒතකොට ඔයාට ඔගේ .s.e.x.u.a.l confidence එක වැඩි කරගන්න පුළුවන් වෙයි.
S.e.x. කියන්නෙම එයාව දකින එක...! I repeat, එයාව දකින එක...! ❤️

-උපුටා ගැනීමක්-

S*x කරන්න ආසද....කියලා ඇහැව්වොත් සමහරු මේ වචනෙටත් බයයි...කෑම කන්න ආසද කියලා ඇහැව්වොත් එල මරුනේ....නිදාගන්න ආසද කියලා ඇහැ...
15/08/2024

S*x කරන්න ආසද....
කියලා ඇහැව්වොත් සමහරු මේ වචනෙටත් බයයි...
කෑම කන්න ආසද කියලා ඇහැව්වොත් එල මරුනේ....
නිදාගන්න ආසද කියලා ඇහැවොත් අම්මෝ ඇදට වැටෙන්න විතරයි ...
හැබැයි s*x ගැන ඇහැව්වොත් නිහඩයි....

විශේෂයෙන් මේක ආසියාතික රටවල්වල තියෙන ලොකුම ගැටලුවක් ...හැබැයි මේ සටහන කටේ කිරි සුවදවත් නොගිය පොඩි උන්ට නෙවෙයි ...නැත්නම් පොඩි උන් හිතයි අනේ මේ කියන්නේ s*x කරන්න ..මරුනේ කියලා...
මේ සටහන හුදෙක් විවාහක හෝ අවිවාහක හෝ වේවා අවම වයස 20 ක් වත් සම්පූර්ණ උන කෙනෙක්ට ......

S*x කියන්නෙම මනුස්සයෙක්ගේ ලිංගික අවශ්‍යතාවයක් ...විවාහ උනොත් ඒ සදහා විශේෂ බලපත්‍රයක් ලැබෙනවා....ආ දැන් උඹලා විවාහකයි...ඇති වෙන්න කරහල්ලා කියලා...අන්න ඔතනදී අපිට හිතෙනවා නම් විවාහ වෙච්ච අයගේ වැඩේම මේක කියලා...එහෙම වෙන්නෙ නෑ....විවාහ වෙනකන් ලොකු අරමුණක් වෙච්ච ඒකම අවුරුද්දක් දෙකක් යනකොට නිකන් කම්මැලි මාතෘකාවක් කරගන්න අය අතරේ හැමදාම අලුත් වෙන කපල් නැතුවාම නොවේ.....

දැන් ගැටලුව s*x කරන්න විවාහ වෙන්නම ඕනේද...මට විවාහ වෙන්න කෙනෙක් නෑනේ....එතකොට ජීවිත කාලෙම මට විවාහ වෙන්න බැරි උනොත් මොකද වෙන්නෙ...මේක යුරෝපීයන්ට නම් මාතෘකාවක් නෙවෙයි...කොටින්ම කිව්වොත් එහෙම නොකල එකෙක් නැති තරම්.....

හැබැයි ලංකාව වගේ සංස්කෘතික රටවල් වල මිනිස්සු ඇත්තටම පව්....උන්ට s*x ඕනේ ...හැබැයි ඒ සදහා අවස්තාවක් නෑ . ඒ වගේම මෙලෝ දැනුමක් නැතිව කරන්න ගිහින් එක්කෝ අනිසි ගැබ් ගැනීම් නැත්නම් ඒඩ්ස් වගේ සමාජරෝග බෝ කරගැනීම් බහුල වෙලා.....

S*x කරන්න කැමති නැතිම පිරිසක් ඉන්නවා..ඒකත් අසාමාන්‍ය නෑ......විවාහ නොවුන සහ විවාහ උන අයත් ඉන්නවා අකැමැති ....
නමුත් සීයට අනූවක්ම ලිංගික සහකරුවෙක් හෝ සහකාරියකගේ අවශ්‍යතාවය තියෙන අය.....

සමහර විට ඒ ආකර්ශනය විරුද්ධ ලිංගිකයන් අතර වෙන්න පුළුවන් ..එහෙම නැති සමලිංගියන් අතරවෙන්න පුළුවන් ....මේකේදී කාගේවත් රුචි අරුචි කම් විවාදයට ලක් කරන්න අපිට අයිතියක් වත් නෑ....

වැදගත් දේ මිනිසුන්ට s*x කරන්න ඕනේ නම් ඇයි නොකර ඉන්නෙ කියන එක....දැන් ඇතිවෙන ගැටලුව කා එක්කද ....
විවාහක නම් ඒ ගැන තර්ක කරන්න දෙයක් නෑනේ....අවිවාහක නම් ,
අන්න එතන ගැටලුවක් ඇති වෙනවා....

හිතන්න මෙහෙම ඔයා විවාහ වෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් ඉවසුවා කියලා ගැටලුවක් නෑ....හැබැයි ජීවිත කාලයේම විවාහ වෙන්න අකැමැති නමුත් ලිංගික අවශ්‍යතා තියෙන කෙනෙක් නම් අන්න එයාට ලොකු ගැටලුවක් තියෙනවා .....

මෙන්න මේ වගේ අවස්තාවල කාගේ හරි භාවිතයක් බවට පත් වෙන අවස්තා තියෙනවා ...කොටින්ම කිව්වොත් කවුරු හරිවෙනුවෙන් තමන්ව භාවිතා වෙනවා...එයාට භාවිතය එපා උන දවසට යන්න කියනවා..නැත්නම් එයාගේ භාවිතය තාම ඉවර නැත්නම් යන්න නොදී රදවගන්නවා....එතන ආදරයක් හෝ සෙනෙහසක් බොහෝ වෙලාවට නෑ....

අවංකව හරියට s*x කරන මිනිස්සු දන්නවා බලෙන් හැගීම් ඇතිකරව ගන්න බෑ...ඒක ගනිකා මඩමකට රිංගනවට වඩා සංකීර්ණ මනෝභාවයක්....දෙදෙනෙක් එකගත්වයෙන් යුතුව සිදුවෙන සොදුරු සිදුවීමක් මහා අපරාධයක් නෙවෙයි....

කොහොම උනත් කවුරු උනත් s*x ඇරියස් නම් තියාගන්න එපා...මොකද බරපතලම ඇරියස් එකක් ඕක....වයසට යනකොට ඒ ඇරියස් එකෙන් තමන් විදවනවා විතරක් නෙවෙයි සමාජයේ මිනිස්සුන්ටත් වදයක් වෙනවා....

මනුස්සයෙක්ට ලිංගික අවශ්‍යතාව ඇති වෙන්නෙ විවාහය පදනම්ව නෙවෙයි ...විවාහ උනාම මැශිමක් වගේ ක්‍රියාත්මක වෙන විවාහ නොවනම ඕෆ් එකේ තියෙනහැගීමක් නෙවෙයි ලිංගික අවශ්‍යතාව ....

කොටින්ම ස්වයංවින්දනය කියන මාතෘකාව පවා මෙතනදී ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන් ....

ඒ කියන්නේ මිනිස්සු s*x කරන්නම ඕනේද....
ඒක තීරණය වෙන්නෙ තමන්ගේ හැගීම් අනුව....ඕනේම කියල දැනෙනවා නම් ඕනේමයි...එපා කියල දැනෙනවා නම් එපා....එච්චරයි .... s*x වලට වයසක් නෑ...සමහර මිනිස්සු තරුණ වයසට වඩා මැදිවීමේ ක්‍රියාකාරි වෙන්න පුළුවන් ...
කොහොම උනත් s*x ඇරියස් තියාගන්නේ නැතිව විදින්න ඕනේ කාරානාවක් ......

විදින්න ඕන ජීවිතේ විදවන්නේ නැතිව විදින එකත් වෙනම කලාවක්...හැබැයි කාගෙවත් පාවිච්චියක් නොවී පරිස්සමෙන් යන්න ඕන කාරනාවක්....

පිරිමි ගැහැනු කියලා භේදයක් නෑ...මේ අවශ්‍යතාවය හිස් උනොත් ඇතිවෙන්නෙ පට්ට ඇරියස් එකක් සමාජය එක්ක...

අන්න එහෙම පිරිමි ලස්සනට අදින පලදින ගැහැනුන්ට බඩුව කියලා ලේබල් දානවා...කොටින්ම එයාගේ ඇරියස් එක ඒ කවර් කරන්නේ...එහෙම ඇරියස් ගැහැනු ලස්සනට අදින ගැහැනුන්ට අපිට නෑනේ ඔය විසේ කියලා රෙද්දේ ඇද හොයනවා....

විවාහ උනත් නැතත් ඇරියස් නැතිව විදපු මිනිස්සු සමාජයට බරක් නොවී ලස්සනට ඉන්නවා....

✍️Himali Kolonne
( counsellor)

Adresse

Democratic Republic Of The
93650

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Lingika getalu-ලිංගික ගැටලු වලට විසදුම් publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager