Visa to Europe

Wegbeschreibung

Visa to Europe A-z guidance to your Europe Visit Visa

01. Schengen (යුරෝපා රටවලට) විසිට් ඇප්ලයි කරද්දි interview එකක් කරනවද 🇪🇺🌍02. ඔයාලගෙන් ඇප්ලයි කලොත් VFS යන්න ඕන නැද්ද ඉතා...
22/08/2026

01. Schengen (යුරෝපා රටවලට) විසිට් ඇප්ලයි කරද්දි interview එකක් කරනවද 🇪🇺🌍

02. ඔයාලගෙන් ඇප්ලයි කලොත් VFS යන්න ඕන නැද්ද

ඉතාලි 🇮🇹 විසිට් වීසා අයදුම්කරුවෙකුගෙ අද ආපු ප්‍රශ්නයක් එක්ක මේ ටික පැහැදිලි කරන්න ඕන කියලා හිතුණෙ මේ ගැන බහුතරය අතරේ සියල්ලගේම දැනගැනීමේ පහසුව වෙනුවෙන්.

VFS හෝ Embassy එකට අපි යන්නෙ ඇයි කියලා කිව්වොත් මූලික අරමුණ තමයි අපේ ඩොකියුමන්ට් බාර දීම (දැන් සමහර රටවලනම් අපි යන්න කලින්ම එයාල ඩොකියුමන්ට්ස් Online/PDF විදියට ගෙන්වාගෙන preliminary assessment එකක් කරනවා (උදාහරණ ජර්මනිය) සහ biometric (ඇගිලි සලකුණු) ලබා දීම. ඉතින් මේ ඇගිලි සලකුණු දෙන වැඩේටනම් අනිවාර්යයෙන්ම යන්නම වෙනවා.

අපි ඇප්ලයි කරන යුරෝප් රට මොකක්ද සහ ඒ ඒ රටවල් ජපානය වැනි රටවල ක්‍රමවේද දෙකකට බෙදා තියෙනවා.

Embassy/Consulate එක මඟින් කෙළින්ම කරන රටවල්: උදාහරණයක් විදියට ප්‍රංශය, ජර්මනිය වැනි රටවල්.

VFS Global හරහා කරන රටවල් Italy, Spain, Netherlands, Switzerland, Austria වැනි රටවල්.

මෙතනදිත් ඔයාගේ පදිංචිය අනුව තීරනය වෙනවා යන්න ඕන ඕසකාද තෝකියෝද කියලා( බොහෝ අවස්ථාවලදී)

මෙතනදී VFS කියන්නෙ පෞද්ගලික ආයතනයක් නිසා වීසා අනුමත කිරීමේ කිසිම බලයක් හෝ ප්‍රශ්න කිරීමක් එතනදී වෙන්නෙ නැහැ. ඔවුන් කරන්නේ ඩොකියුමන්ට් checklist එක බලලා බාර ගැනීම පමණයි🙌

Embassy/consulate general නම් සමහර අවස්තාවලදී පමණක් බොහෝම සරල ප්‍රශ්න අහන්න පුලුවන්

උදාහරන
Are you visiting France for 10 days?
Is this your hotel booking?

මෙම තත්වය මීට වඩා වෙනස් වී, එම්බසී කවුන්සලර් ඔෆිසර් කෙනෙක් සමඟ face to face real interview එකක් වෙනකන් දුරදිග යන්න පුළුවන්, එකම දේ අපේ ඇප්ලිකේෂන් එකේ මොනවා හරි red flag එකක් ට්‍රිගර් උනොත් විතරයි

(උදා: unclear employment, confusing bank records, mismatched travel dates...)

මෙන්න මේ Plausibility Check එකේදී ගැටලු මතු නොවන්න නම්, ඔයාගේ paperworks ටික ඔයාගේ travel story එකට හරියටම match වෙන්න ඕන. එතකොට කවදාවත් ඔයාගේ ෆයිල් එක flag කරල deeper review එකකට යන්නෙ නෑ.

හැමදාම වගේ කියනවා නම්, ඔයාට Academic level English knowledge එකක් තියෙනවා නම් මේ වැඩේ තනිවම කරගන්න පුළුවන් 🤝🙌

නමුත් පරිස්සම් වෙන්න, එක් වරක් සිදුවන Visa Rejection එකක් ඔයාගේ travel history එකටම දැඩි බලපෑමක් කරන නිසා 😱.

AI කියන්නෙ කවුරුහරි අපි වගේම අපේම දැනුම තියෙන අය අහන ප්‍රශ්නවලින් details එකතු කරගන්න platform එකක් නිසා, නිතරම ඒ වෙනුවට Official Immigration/Embassy Pages වලින්ම නිවැරදි තොරතුරු ලබාගන්න.

Further info in English , සිංහල, 日本語 , Deutsch (Paid service)

එහෙනම් 🫡✈️🇪🇺

WhatsApp එකටත් User Name ඔප්ශන් එක ඇවිල්ලා! 😌ආයෙ කවුරුහරි ඔයාගෙ wtzup නම්බර් එක ඉල්ලුවොත්"User Name එක දෙන්නම්” කියලා කි...
01/07/2026

WhatsApp එකටත් User Name ඔප්ශන් එක ඇවිල්ලා! 😌

ආයෙ කවුරුහරි ඔයාගෙ wtzup නම්බර් එක ඉල්ලුවොත්

"User Name එක දෙන්නම්” කියලා කියන්න පුළුවන්. 😏

මේකෙන් නම්බර් එකක් නැතුවම චැට් කරන්නත් පුළුවන්, කෝල් ගන්නත් පුළුවන්.

තවදුරටත් නොදන්න අයට නම්බර් එක දෙන්න ඕන නෑ....🔥

❗️හැබැයි මේකයි වැඩේ, ඔයාට ඕනම කරන ලස්සන User Name එක ගන්න නම් ටිකක් ඉක්මන් වෙන්න වෙනවා.

පොඩ්ඩක් හරි පරක්කු වුනොත් වෙන කවුරුහරි ඒක අරගෙන තියෙයි. ඊට පස්සේ ඉතින් නමේ අගට 123 කෑලි දාලා තමයි හදාගන්න වෙන්නේ. 🥲

මම නම් කොහොමහරි ගේම ගහලා මගේ නමටම User Name එක අරගත්තා. 😎

ඔයාලත් මේක ට්‍රයි කරලා බැලුවද?
ඔයාට ඕනම කරපු User Name එක ගන්න පුළුවන් වුනාද? නැත්තම් වෙන කවුරුහරි උස්සලද?

ජපානයේ වත්මන් තත්ත්වය ගැන කලකිරී සිටිනවාද? තව අවුරුදු ගානක් හිටියත් හැමදේම එක මොහොතින් නැති වෙලා යාවි කියලා දෙගිඩියාවෙන්ද....

අපි Team EuroMarket ✈️🤝
Contact us for your travel and education visa consultations for Europe.

📲 අදම අපට පණිවිඩයක් එවන්න!
What's App 💬 හෝ Facebook හරහා අපව සම්බන්ධ කරගන්න!

📞 +49 160 92485154

බිස්නස් එකයි හෘද සාක්ෂියයි අතරෙ හිරවෙන ප්‍රශ්නමෙතනින් එලියට යුරෝප් හෝ ඔසී යන්න අයිඩියා එකක් තියෙනවා සහ AL rank එකක් තියෙ...
07/06/2026

බිස්නස් එකයි හෘද සාක්ෂියයි අතරෙ හිරවෙන ප්‍රශ්න

මෙතනින් එලියට යුරෝප් හෝ ඔසී යන්න අයිඩියා එකක් තියෙනවා සහ AL rank එකක් තියෙනවා Ielts කරගන්න පුලුවන් කියලා self confidence එකක් තියේනම් විතරක් මේක අදාලයි, නැත්නම් වෙලාව නාස්ති කරන් කියවන්නෙපා

මේ ටිකේ දවසකට එන inquiries අසාමාන්‍ය විදියට වැඩි වෙලා තියෙනවා ජපානෙ අවුල් මෙතනින් යන්නෝන මොනවද තියෙන options අහගෙන.

හැබැයි ඔතනින් බහුතරයට ඕන කෙටිකාලීන විසදුම් සරලවම කියනවනම් විසිට් එකක් ගහන් ගිහින් ###### දාගන්න තමයි වැඩිදෙනා කතා කරන්නෙ.

පුලුවන් විදියට වෙලාවක් දාගෙන කැශුවල් කතා කරලා ෆ්‍රොෆයිල් එක රිවීව් කලාම සමහර කේසස් ඇත්තටම හිත හදාගෙන කරන්න බැරි ඒවා.

ඊයෙ පිරිමි ලමයෙක් කතා කලා. මෙහේ ආපු ගමන්, තවම නිහොන්ගෝ ගක්කො AL's අයිලඩ් රෑන්ක් එකක් තියන් මෙහේ ඇවිත් ආයෙ විසිට් එකක් ගහලා ඉල්ලනවා ගිහින් ###x දාගන්න.

මේක මගේ හිතට එකගව කරන්න බැරි වැඩක්. අවුරුදු 25ට කලින් කොල්ලෙකුගේ හෝ කෙල්ලෙක් ජීවිතේ හදාගත්තා කියන්නෙ උගේ විතරක් නෙවේ බොහෝවිට එතනින් එහාට පරම්පරා ගානක් මෙච්චර කල් ගෙවපු ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන turning point එකක් වෙනවා ඒක. අන්න ඒකමයි අනාගත්තත් වෙන්නෙ ඕකෙ අනික් පැත්ත.

මම ප්‍රොෆයිල් එකක් රිවීව් කලොත් පර්සනලි දෙන ඇඩ්වයිසස් බොහෝවිට අපේ බිස්නස් එකට opposite. උදාහරණයක් විදියට අර කතා කරපු කොල්ලට විනාඩි 30ක් අරන් මන් explain කරනවා ඔයා යුරෝප් ගිහින් ###xx එපා. ඔය AL result එක තියාගෙන අපි ජර්මන් යුනි එකකට apply කරමු, එහේ යුනි ෆී එක සීරෝ කියල.

වැඩේ ලොකු විශන් එකක්. කොල්ලා ielts කරගන්නෝන ආයෙ ජර්මන් ලැන්ග්වේජ් එක හදාගන්නෝන foundation level එක. සල්ලි හදාගන්නෝන. ඔය ඔක්කොටම පොරගෙ කැපෑසිටි එක අනුව අඩුම අවුරුද්දක්වත් යනවා. මලාට ඔය කේස් එක අපිට එන්නෙ නෑ මන් දන්නවා. ඊට වඩා ලේසියෙන්ම මට කරන්න තිබුන විදිය තම පොරව විසිට් එකක් ගස්සලා අපේ consulting fee එක අරන් අත පිහිදාගන්න එක. Business model එකක් විදියට ගත්තොත් මම හෝ අපේ අනෙක් ඕනම agent කෙනෙක් කරන්න බැදිලා ඉන්න duty එක තමයි ඕක, සරලවම අලුතින් sale එකක් ගේන එක. ඔන්න ඔතනදි තමයි අපි වෙන institute එකකින් වෙනස් වෙන්නෙ මනුස්සයෙක් its just a unit කියලා නොබලා හිතට අවංකව පුලුවන් තරම් වැඩේ කරනවා ඒ job එක අපට ආවත් නැතත්.

මම සමරි එකක් විදියට පොදුවේ මෙහෙම කියන්නම් උබ මොනමහරි scheme එකකින් AL දාගෙන ඉන්නවනම් උබට considerable result එකක් තියෙනවනම් Ielts කරගන්න පුලුවන් කියලා විශ්වාසයක් තියේනම් කවදාවත් යුරෝප් විසිට් ගිහින් ###x දාන වැඩේ ප්ලෑන් කරනෙපා. ලෝකෙ හරි ලොකුයි, හරියට කැරියර් එක build කරගත්තොත් උබ යන දුර උබවත් අද දන්නෙ නෑ. උබට වයස තියෙනවා කියන්නෙ ඒ තමා අද උබට තියෙන ලොකුම asset එක. ඒක හරි විදියට use කරපන්. තාම පරක්කු නෑ. උබවත් හෑලි ලියන මමවත්

ජපානයේ සිට යුරෝපයට විසිට් යමු! 🌍🇪🇺ඇත්තටම අපි මොනවා කිව්වත්, ජපානයේ Resident card එකක් තිබීම ලෝකයේ ඕනෑම රටක විශාල පිළිගැන...
11/05/2026

ජපානයේ සිට යුරෝපයට විසිට් යමු! 🌍🇪🇺

ඇත්තටම අපි මොනවා කිව්වත්, ජපානයේ Resident card එකක් තිබීම ලෝකයේ ඕනෑම රටක විශාල පිළිගැනීමක් ලැබෙන කරුණක්.

ඒක Gakusei ,Gijinkoku (Engineer/Humanities) හෝ SSW හෝ Keiei Kanri වීම අදාළ නෑ; වැදගත් වන්නේ නිවැරදි වීසා category එකක් නීත්‍යානුකූලව ජපානයේ රැඳී සිටීම පමණයි.

ශ්‍රී ලංකන් Passport එකට වීසා නැතිව ඇතුළු විය හැකි රටවල් ප්‍රමාණය සීමිත වුනත්, මෙහේ රෙසිඩන්ට් කාර්ඩ් එක ලැබුනු සැණින් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒත් එක්ක අපේ passport එකට මෙතෙක් නොතිබූ සුවිශේෂී වටිනාකමක් සහ පිළිගැනීමක් ඉබේම ලැබෙනවා.

අපි ගකුසෙයි කාලයේ පවා Switzerland🇨🇭, Italy🇮🇹, france 🇫🇷 ,Germany🇩🇪 වගේ රටවල් 13කට වඩා විසිට් ගිහින් තියෙනවා. ඇත්තටම මේකට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමත් සිතන තරම් අපහසු නෑ.

මූලික අවශ්‍යතා:

🔸 Visa Validity: සංචාරය අවසන් කර නැවත ජපානයට පැමිණෙන දින සිට අවම වශයෙන් මාස 3කවත් වලංගු වීසා කාලයක් තිබීම.

🔸 Financial Stability (Show Money): මේක ඔයාගෙ ප්‍රොෆයිල් එක සහ සංචාරය කිරීමට බලාපොරොත්තු වන දින ගානත් එක්ක වෙනස් වෙනවා.

🔸 Supporting Documents:

• Student නම්: පාසලෙන් ලබාගන්නා Enrollment Certificate එක. (Zaigaku Shomeisho)

• Gijinkoku හෝ SSW නම්: Employment Certificate (Zaishoku Shōmeisho) එකයි 休暇承認書 එකයි.

• Business Manager : Tokubetsu tohon එක සහ bank statements

ඔයාට Academic level english Knowledge එකක් තියෙනව නම් මේ වැඩේ තනිවම කරගන්න පුලුවන්🤝

නමුත් පරිස්සම් වෙන්න එක් වරක් වෙන Visa Rejection එකක් ඔයාගෙ travel history එකටම බලපාන නිසා😱

මෙතනදී අදාල ගක්කෝ එකෙන් සහ කයිශා එකෙන් ගන්න supporting docs වල ඇතුලත් වෙන්න ඕන කරුනු ගැන පරිස්සම් වෙන්න. Official Immigration/Embassy Page එකෙන්ම වැඩි විස්තර ගන්න.වෙලාව අරන් ආයෙ ආයෙ එකින් එක points කියවන්න. 💯✅

Chatgpt වගේ බැලුවාට 50%ක්වත් නිවැරදි තොරතුරු එන්නෙ නෑ කියන එක ගැන පරිස්සම් වෙන්න, විශේෂයෙන් සින්හලෙන් බැලුවාම මේ තත්වය තවත් බරපතලයි.❌

කෙනෙකුට මේ ටික තනිවම කර ගැනීමට අපහසුයි කියල හිතෙනවනම් පමනක්, අදාළ සේවා ගාස්තු ගෙවීමෙන් අපගේ සුදුසුකම් ලත් නියෝජිතයෙකුගේ සහාය කැමති භාෂාවකින් ලබාගන්න පුලුවන්.

එහෙනම් 🫡✈️🇪🇺

🇯🇵 From Japan to Europe(ජර්මන්, ඉතාලි, ස්විට්සර්ලන්තය, ප්‍රංශය ....) 🇪🇺✈️ ඔබේ යුරෝප් සිහිනය ඇරඹෙන්නේ මෙතනින්මයි!📍 Visit ...
02/11/2025

🇯🇵 From Japan to Europe(ජර්මන්, ඉතාලි, ස්විට්සර්ලන්තය, ප්‍රංශය ....) 🇪🇺

✈️ ඔබේ යුරෝප් සිහිනය ඇරඹෙන්නේ මෙතනින්මයි!

📍 Visit Visa Consultation
💼 Expert guidance for your European visa journey

💰 Consultation Fee: Only 10万円
🏃Limited time offer - 2万 discount

📞 මැසෙන්ජර් ඔස්සෙ අදම අපව සම්බන්ධ වන්න! 🌍
Don’t miss your chance to travel to Europe 🌍

Adresse

Berlin

Website

Benachrichtigungen

Erfahren Sie als Erste/r von Neuigkeiten und Aktionen: Wir schicken Ihnen eine E-Mail, wenn Visa to Europe etwas veröffentlicht. Ihre E-Mail-Adresse wird für keinen anderen Zweck verwendet, und Sie können sich jederzeit abmelden.

Verknüpfungen

Teilen

Kategorie