Young Ants

Directions

Young  Ants create your own vibe

🚨ඉන්දියාව කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ඇති බව නිල වශයෙන් පිළිගෙන තිබේ.🇮🇳🤝🇱🇰 අනුරගෙයි මෝදිගෙයි සම්බන්තාවය කොහොමද ? ...
07/10/2026

🚨ඉන්දියාව කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ඇති බව නිල වශයෙන් පිළිගෙන තිබේ.🇮🇳🤝🇱🇰
අනුරගෙයි මෝදිගෙයි සම්බන්තාවය කොහොමද ? කට්ටිය ජාත්‍යන්තර සම්බන්තා නැහැ කියුව නේද ? 🫡
ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ කච්චතිව් දූපතේ ස්වෛරීභාවය ශ්‍රී ලංකාව සතු බවයි.
කච්චතිව් දූපත සහ මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමේ අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ අත්සන් කළ 1974 සහ 1976 ගිවිසුම් නැවත විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය රජය විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
දෙරට අතර පවතින යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැලකිල්ලට ගනිමින් ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
නඩුව විභාග වූ අවස්ථාවේදී ඉදිරිපත් වූ ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න:
👉 ඉන්දීය ධීවරයින්ට බලපාන ගැටලු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් විසඳමින් පවතින බවත්, ඉන්දියාවේ ස්ථාවරය අනිවාර්යයෙන්ම පිළිගන්නා ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කළ නොහැකි බවත් රජය විසින් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.
👉 ඉන්දීය ධීවරයින් දිගින් දිගටම ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම ගැන ඉන්දීය රජය ද සිය කනස්සල්ල පළ කර තිබෙනවා.
👉 ඉන්දීය මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත අඩුවීම නිසා මෙලෙස ඔවුන් ලංකා මුහුදු සීමාවට ඇතුළු වන බවත්, මුහුදු සීමාව උල්ලංඝනය නොකිරීම ගැන ධීවරයින්ව දැඩිව දැනුවත් කළ යුතු බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණා.

ඉන්දියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් මැතිවරණ සමයන්හිදී මේ පිළිබඳව මොනව කියුවත් , නිල වශයෙන් සහ නීතිමය වශයෙන් ඉන්දීය රජය පිළිගන්නේ කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට අයිතියි කියල.


27/09/2026

ජනාධිපතිතුමාගේ පුද්ගලික ජීවිතය ගැන කියන්න දෙන්න බෑ - ලක්මාලි

කනදරාවේ සීලවතී අම්මගෙ අවනඩුව විසදමු...මේ ඉන්නෙ  මැදවච්චිය  කනදරාවේ සීලවතී කියන අහිංසක දුප්පත් අම්ම කෙනෙක්. තනිවම ජීවත් ව...
27/09/2026

කනදරාවේ සීලවතී අම්මගෙ අවනඩුව විසදමු...

මේ ඉන්නෙ මැදවච්චිය කනදරාවේ සීලවතී කියන අහිංසක දුප්පත් අම්ම කෙනෙක්. තනිවම ජීවත් වෙන මේ අම්මගෙ ගෙදර කොටසක් වරිච්චි බිත්ති තියෙන ගෙයක්.මෙයාගෙ මුලු ගෙදරටම තියෙන්නෙ බල්බ් දෙකයි.. ඒ උනාට එයාට පසුගිය මාසෙක රුපියල් 90000 ක ලයිට් බිලක් එවල..
මාසෙ හම්බවෙන වැඩිහිටි ආධාරයෙන් පෝස්ට් ඔෆිස් එකට ගිහින් රුපියල් තුන් හාරසීය වෙලාවට ගෙවන අම්ම්ට මේ හෙනගහන බිල එවල.
තව ඒ මදිවට ඒක ගෙව්වෙ නැහැ කියල කරන්ට් එක කපල..

සීලවති අම්ම මැදවච්චිය උප පොලට ගිහින් මේක කිව්වම ඉස්සෙල්ල බිල ගෙවන්නලු. එයාලට කරන්න දෙයක් නැහැලු....
විදුලි ඉන්ජිනේරුවගෙන් කරුනු විමසීම කලත් පැහැදිලි උත්තරයක් නැහැ කියල කහටහස්දිගිලියෙ සිඩ්නි රුවන් කියනව...

අනේ අද වෙනකන් මේ තක්කඩි නිලධාරීන් නිසා සීලවතී අම්ම කළුවරේ.. අපිට පුලුවන් මේ අම්මගෙ අවනඩුව රටට පෙන්නන්න... අඩුම තරමින් වගකිවයුතු ඉහල නිලධාරීයෙක් හෝ දේශපාලන අධිකාරියක් ඇය වෙනුවෙන් ඉදිරිපත් වන තුරු... ඔයත් මේ කතාව රටට කියල සීලවතී අම්මට උදවු කරන්න ... 🙏



20/09/2026



එයා දැන් ෆ්‍රෙන්චයිස් කණ්ඩායමක අයිතිකරුවෙක් 🔥👏ශ්‍රීලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතීරණ ක්‍රිකට් වලින් ඔබ්බට ගිහින් Cey...
20/09/2026

එයා දැන් ෆ්‍රෙන්චයිස් කණ්ඩායමක අයිතිකරුවෙක් 🔥👏

ශ්‍රීලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතීරණ ක්‍රිකට් වලින් ඔබ්බට ගිහින් Ceylon Pickle League තරගාවලියේ ක්‍රීඩා කරන Yarl Drinkers ෆ්‍රෙන්චයිස් කණ්ඩායම මිලදීගෙන තිබෙනවා. මෙම මිලදී ගෙනිමට මතීෂගේ දිගු කාලින ක්‍රිකට් කළමනාකරු අමිල කුලතුංගත් මතීෂ සමග එකතුවී තිබෙනවා.මෙමෙ ෆ්රන්චයිස් කණ්ඩායමේ උපායමාර්ගීක සහ වාණිජ දිශනතිය මෙහෙයවන්නේ ඔහුයි.

මතීෂ පතිරණගේ අබිලාශය කණ්ඩායමක් හිමි කරගෙනීමෙන් ඔබ්බට යනවා. ශ්‍රීලංකාවේ Pickleball ක්‍රීඩාව තව තවත් ස්ථාපිත වෙනකොට, yarl Drinkers රසිකයාන්ට සමීප හැකි ක්‍රීඩා සන්නාමයක් බවට පත් කිරීම ඔහුගේ මුලික ඉලක්කය වේ. 🥹❤️


"හැමවිටම හිනාවෙලා සතුටින් ඉන්න කෙනෙකුට වුණත් මානසිකව වැටෙන, මහන්සි හිතෙන අවස්ථා එන්න පුළුවන්. ඒක ඉතාම සාමාන්‍ය දෙයක්..."...
20/09/2026

"හැමවිටම හිනාවෙලා සතුටින් ඉන්න කෙනෙකුට වුණත් මානසිකව වැටෙන, මහන්සි හිතෙන අවස්ථා එන්න පුළුවන්. ඒක ඉතාම සාමාන්‍ය දෙයක්..." 💛

ජනප්‍රිය රංගන ශිල්පිනී Nazriya Nazim ඇගේ මානසික සෞඛ්‍යය සහ ඇය මුහුණ දුන් අභියෝග ගැන විවෘතව අදහස් දක්වමින් අපිට මතක් කරන්නේ වැදගත් පාඩමක්.

තමන්ගේ මානසික සුවපහසුව වෙනුවෙන් පුංචි විවේකයක් ගන්න එක, Social media වලින් පොඩ්ඩක් ඈත් වෙන එක කිසිම වෙලාවක වරදක් නෙවෙයි. Mental Health ගැන කතා කරන්න, තමන්ගේ සෞඛ්‍යයට මුල් තැන දෙන්න බය වෙන්න එපා. Yourself always comes first! ✨

පීතෘමූලික සමාජයේ "ලස්සන" මනින මාපක සහ මව්පදවියට ලැබෙන නිගරුව: කත්‍රිනාගේ පෙනුම පිටුපස ඇති කටුක ඇත්තසිනමා පටයකින් හෝ උත්ස...
18/09/2026

පීතෘමූලික සමාජයේ "ලස්සන" මනින මාපක සහ මව්පදවියට ලැබෙන නිගරුව: කත්‍රිනාගේ පෙනුම පිටුපස ඇති කටුක ඇත්ත

සිනමා පටයකින් හෝ උත්සවයකින් පසු නිළියකගේ ඇඳුම, පෙනුම ගැන කතාබහ ඇතිවීම විනෝදාස්වාද ක්ෂේත්‍රයේ සාමාන්‍ය දෙයක්. නමුත්, මව්පදවිය ලැබූ කාන්තාවකගේ ශරීරයේ සිදුවන ස්වාභාවික වෙනස්කම් ඉලක්ක කරගනිමින් පහත් මට්ටමින් අපහාස කිරීම (Body Shaming) සාමාන්‍යකරණය කළ හැකි දෙයක් නෙවෙයි.

පසුගියදා අම්බානි පවුලේ උත්සවයකට සිය සැමියා වන විකී කෞෂල් සමඟ සහභාගී වූ ජනප්‍රිය බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ්ට මුහුණ දීමට සිදු වූයේ මෙන්න මේ අවාසනාවන්ත තත්ත්වයටයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිය පළමු දරුවා මෙලොවට බිහිකළ 43 හැවිරිදි කත්‍රිනා, දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. එහිදී ඇයගේ ශරීරයේ බර සහ පෙනුම වෙනස් වී ඇති බව පවසමින් ඇතැම් ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයන් දැඩි ලෙස අසංවේදී ලෙස ඇයට අපහාස කර තිබුණා.

මේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ වර්තමාන සමාජය තවමත් කාන්තාවකගෙන් බලාපොරොත්තු වන අසත්‍ය සහ අසාධාරණ "Beauty Standards" (ලස්සන පිළිබඳ ප්‍රමිතීන්) කෙතරම් විෂ සහිතද යන්නයි. දරුවෙකුට උපත ලබා දීමෙන් පසු කාන්තා ශරීරයක මෙවන් ලක්ෂණ සාමාන්‍ය වේ .

🚀 විශ්වය ජයගන්නා හෙළයේ මහා ප්‍රාතිහාර්යය  "මේඝ මහිම විජේවර්ධන" 🇱🇰🌌✨සමහර දරුවන් මෙලොවට බිහිවන්නේම සාමාන්‍ය මිනිස් මනසකට ස...
18/09/2026

🚀 විශ්වය ජයගන්නා හෙළයේ මහා ප්‍රාතිහාර්යය "මේඝ මහිම විජේවර්ධන" 🇱🇰🌌✨

සමහර දරුවන් මෙලොවට බිහිවන්නේම සාමාන්‍ය මිනිස් මනසකට සිතාගත නොහැකි තරමේ විශ්මයජනක කුසලතාවන් පෙරදැරි කරගෙනය. අපේම ලාංකීය ලේ උරුමය සහිත, වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන මේඝ මහිම විජේවර්ධන යනු එවැනි අසිරිමත් බුද්ධිමතෙකි.

වයස අවුරුදු 4ක් තරම් කුඩා අවධියකදීම දකුණු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ

(University of South Australia) තාරකා විද්‍යා පාඨමාලාවකට සම්බන්ධ වෙමින් ලෝකයම මවිත කළ මේ පුංචි දරුවා, අද වන විට මුළු මහත් ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන දුන් ලෝක පූජිත චරිතයක් බවට පත්ව තිබේ.

🌟 නාසා (NASA) ආයතනයේ ළාබාලතම තානාපතිවරයා

නාසා ආයතනයේ අතිශය සුවිශේෂී මෙහෙයුමක් වන OSIRIS-REx අභ්‍යවකාශ මෙහෙයුම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව නියෝජනය කරන එකම සහ ළාබාලතම කනිෂ්ඨ තානාපතිවරයා (Junior Ambassador) ලෙස තේරී පත්වීමට මේඝ සමත් විය. 'බෙන්නු' (Bennu) ග්‍රහකයෙන් සාම්පල ලබාගැනීමේ මෙම ඓතිහාසික මෙහෙයුම පිළිබඳව මහජනතාව සහ ළමුන් දැනුවත් කිරීමේ භාරදූර වගකීම ඔහු වෙත පැවරුණේ ඔහුගේ අසාමාන්‍ය සන්නිවේදන හැකියාව සහ විද්‍යාත්මක ඥානය හේතුවෙනි.

🏆 දැවැන්තයින් පරදා සම්මාන ලැබූ හපන්කම

වයස අවුරුදු 7 දී අභ්‍යවකාශ ඉංජිනේරුවන් පරාජය කිරීම: 2017 වසරේදී ඔහු NASA Space Apps Challenge තරඟාවලියට ඉදිරිපත් විය. එහිදී තමන්ට වඩා වයසින් බෙහෙවින් මුහුකුරා ගිය විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන් සහ ප්‍රවීණ අභ්‍යවකාශ ඉංජිනේරුවන් පවා අභිබවා යමින්, කීර්තිමත් Northrop Grumman සම්මානය දිනා ගැනීමට මේඝ සමත් විය.

ActInSpace ජාත්‍යන්තර අභියෝගය: සාගරයේ සිදුවන නීතිවිරෝධී ධීවර කටයුතු සහ "Ghost Ships" (අවතාර නැව්) හඳුනාගැනීම සඳහා තාක්‍ෂණික මෘදුකාංග විසඳුමක් ඉදිරිපත් කරමින්, එම ජාත්‍යන්තර තරඟාවලියේ ළාබාලතම ව්‍යවසායකයා සහ කණ්ඩායම් නායකයා බවට පත්වීමටද ඔහුට හැකි විය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය: ඔහුගේ අසීමිත බුද්ධි වර්ධනය හේතුවෙන්ම Flinders විශ්වවිද්‍යාලයේ වයස අවුරුදු 19ක වැඩිහිටි සිසුන් සමඟ හිඳ භෞතික විද්‍යාව හැදෑරීමේ සුවිශේෂී අවස්ථාවද ඔහුට හිමිවිය.

🎹 විද්‍යාවට පමණක් නොව කලාවටත් එකසේ දස්කම් පෑ පෙරළිකාරයා

මේඝ යනු හුදෙක් විද්‍යාවට පමණක් සීමා වූවෙක් නොවේ. ඔහු ස්වයං අධ්‍යයනයෙන් (Self-taught) සංගීත භාණ්ඩ රැසක් වාදනය කිරීමට ඉගෙන ගෙන ඇත.

ඩ්‍රම්ස් (Drums) 🥁

පියානෝ (Piano) 🎹

බටනලාව (Flute) 🪈

වයලීනය (Violin) 🎻

ගිටාරය (Guitar) 🎸

ඇකෝඩියන් (Accordion) 🪗

මීට අමතරව තරුණ විද්‍යා සන්නිවේදකයෙකු (Scientific Communicator) ලෙස ලොව පුරා ළමුන් අතර STEM අධ්‍යාපනය (විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) ප්‍රචලිත කිරීමටත්, NASA Artemis මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමටත් ඔහු නිරන්තරයෙන් දායක වේ.

🇱🇰 ශ්‍රී ලංකාවට ආඩම්බරයක්!

අපේ රටේ උපත ලබා විදේශයක ජීවත් වුවද, තම මව් රටේ නාමය ජාත්‍යන්තරය හමුවේ ඉහළින්ම ඔසවා තැබීමට මේ පුංචි පුතා කටයුතු කර තිබේ. දේශපාලන හෝ ආර්ථික අර්බුද මැද වුවද ලාංකීය ලේවල ඇති සැබෑ දක්ෂතාවය කුමක්දැයි ඔහු ලෝකයාටම පෙන්වා දී ඇත.

ලෝකයක් මවිත කළ, අනාගතයේදී තවත් මහා විද්‍යාත්මක සොයාගැනීම් රැසකට උරුමකම් කියන්නට පෙරුම් පුරන මේ පුංචි තාරකා විද්‍යාඥයාට, හෙළයේ මහා ප්‍රඥාවන්ත පුත්‍රයාට හදවතින්ම දීර්ඝායුෂ සහ සුබ පැතුම් එක් කරමු! ❤️🙌

18/09/2026

JR Chad

🇱🇰 අග්නිදිග ආසියානු ඔලිම්පියාඩ් ගණිත තරඟාවලියෙදී ලකුණු 100න් 100ම අරන් රටවල් 22ක් පරද්දපු අපේ පුංචි ගණන්කාරිය නුරේෂි රුව...
31/08/2026

🇱🇰 අග්නිදිග ආසියානු ඔලිම්පියාඩ් ගණිත තරඟාවලියෙදී ලකුණු 100න් 100ම අරන්
රටවල් 22ක් පරද්දපු අපේ පුංචි ගණන්කාරිය නුරේෂි රුවිත්මා ❤️🧠

අද අපි කියන්න යන්නේ අන්න ඒ වගේ මුළු රටම ආඩම්බරයෙන් හිස ඔසවන්න සලස්වපු පුංචි දුවෙක් ගැන කතාවක් 🇱🇰✨

📌එයාගේ නම නුරේෂි රුවිත්මා හෙට්ටිආරච්චි. තාමත් වයස අවුරුදු 7යි
කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ (Lyceum International School) 3 ශ්‍රේණියේ ඉගෙනගන්න මේ පුංචි දූ, වයසට වඩා ගොඩක් පැහුණු, ගණන් විෂයට මාරම දක්ෂ දියණියක්.

පහුගිය දවසක මැලේසියාවේ පැවැත්වුණා අග්නිදිග ආසියානු ඔලිම්පියාඩ් ගණිත තරඟාවලිය (South East Asian Mathematical Olympiad - SEAMO 2025). මේක අග්නිදිග ආසියාවෙන් පටන් ගත්තට අද වෙද්දි මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වුණු, ජාත්‍යන්තර මට්ටමේ ඉතාමත් සංකීර්ණ ගණිත තරඟාවලියක්.

මෙන්න මේ තරඟාවලියේ වයස අවුරුදු 6 – 8 කාණ්ඩය යටතේ තරඟ කරන්න නුරේෂි දූටත් අවස්ථාව ලැබෙනවා. ඒ ලංකාවේ පවත්පු සුදුසුකම් ලැබීමේ තරඟයෙන් ඉහළම ලකුණු ලබාගෙන.

🏆 ඔබ දන්නවාද ඒ ජාත්‍යන්තර තරඟයේදී නුරේෂිට මුහුණ දෙන්න වුණේ මොනවගේ ප්‍රශ්න පත්‍රයකටද කියලා?
Geometry (ජ්‍යාමිතිය), Algebra (බීජගණිතය), Arithmetic (අංකගණිතය), Number Patterns (සංඛ්‍යා රටා), Combinatorics වගේම Logic (තර්කනය) ඇතුළත් ඉතාමත් සංකීර්ණ ගණිත ප්‍රශ්න පත්‍රයකට. ඒකත් නියමිත කාල සීමාවක් ඇතුළත විසඳන්න ඕනේ. ලෝකයේ විවිධ රටවලින් ආපු දක්ෂතම පුංචි ගණන්කාරයෝ සිය ගණනක් ඒ වෙලාවේ විභාග ශාලාවේ හිටියා.

හැබැයි අපේ නුරේෂි දූ මොකද කළේ?

එයා ඒ අමාරු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා ලකුණු 100න් 100ම (Full Marks 100/100) ලබාගත්තා 😱💥

රටවල් 22ක තරඟකරුවන් සියල්ලන්ම පරාජයට පත් කරමින්, ඒ තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගෙන ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දෙන්න මේ අවුරුදු 7ක පුංචි දියණිය සමත් වුණා.

🥹දිනුවට පස්සේ නුරේෂි දූ කියපු ඒ ලස්සන කතාව ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ගේ හදවතට තදින්ම දැනෙනවා.
"අම්මා මට නිතරම කියන්නේ දිනන එක ගැනවත්, කාවවත් පරද්දන එක ගැනවත් හිතන්න එපා, කරන දේ හරියටම කරන්න කියලයි. ඒ නිසා මම දිනුමක් ගැන හිතුවෙම නැහැ. මම මගේ උපරිමය කළා."

"ජයග්‍රහණය ප්‍රකාශ කරලා ස්ටේජ් එකට ගිහින් ශ්‍රී ලංකා ජාතික කොඩිය ඉහළට ඔසවලා පෙන්නද්දි මගේ ඇස්වලට නිකන්ම කඳුළු ආවා. ඒ වගේම එතන තිබුණු රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නම අංක එකට තියෙනවා දැක්කම දැනුණු සතුට වචනයෙන් කියන්න බෑ..."

හිතලා බලන්න, අවුරුදු 7ක පුංචි දරුවෙක්ගේ හිතේ රට ගැන තියෙන ඒ ආදරය සහ අභිමානය කොච්චර ලස්සනද?

එයා ලංකාවට ආවට පස්සේ ජනාධිපතිතුමා විසින් පවා ජනාධිපති මන්දිරයට කැඳවලා මේ ජයග්‍රහණය අගය කරමින් විශේෂ සම්මානයක් පිරිනමනු ලැබුවා. එ විතරක් නෙවෙයි, පාසලේ එයාගේ යාළුවොත් දැන් නුරේෂි නිසාවෙන්ම ගණන් විෂයට ගොඩක් ආස කරන්න පටන් අරන්ලු.

🌟 නුරේෂි කියන්නේ ගණන්වලට විතරක් දක්ෂ ළමයෙක් නෙවෙයි. එයා ගායනයට, ලේඛනයට, කථිකත්වයට වගේම පිහිනුම් ක්‍රීඩාවටත් හරිම දක්ෂයි. 2023 සහ 2024 සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කරපු ජාතික සාහිත්‍ය උළෙලේ තරඟවලිනුත් එයා ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා.

තාත්තා වෛද්‍යවරයෙක්, අම්මා නීතිඥවරියක් වුණු මේ පුංචි පවුලේ එකම දියණිය වෙන නුරේෂිගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද දන්නවද? "ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක්" වෙන්න, නැත්නම් "තාරකා විද්‍යාඥවරියක් (Astronomer)" වෙන්න🚀🩺✨

❤️අපේ රටේ ලෝකයම දිනන්න පුළුවන් පුංචි දක්ෂයෝ ඉන්නවා. රටක් විදියට අපි මෙන්න මේ වගේ පුංචි දරුවන්ගේ දක්ෂතාවලට නිසි තැන දෙන්න ඕනේ. ඒ අයට ශක්තියක් වෙන්න ඕනේ.

රටවල් 22ක් පරද්දලා, ලකුණු 100න් 100ම අරන්, සිංහ කොඩිය ජාත්‍යන්තර තලයේ ඉහළින්ම එසවූ නුරේෂි රුවිත්මා හෙට්ටිආරච්චි දූට අපේ උණුසුම් සුබ පැතුම්! 👏🇱🇰💐

ඔයාගේ අනාගත සිහින සියල්ලම සැබෑ වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

(මේ පුංචි දූගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔයාලගේ ආශිර්වාදය සටහන් කරගෙන යන්න. පෝස්ට් එක Share කරලා මුළු රටටම බලන්න සලස්වන්න!) 👇❤️

Address

Hawa Mahal Rd, Badi Choupad, Pink City
Jaipur
302002

Website

Alerts

Be the first to know and let us send you an email when Young Ants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share