ලෙව්මිත /lewmitha

ලෙව්මිත /lewmitha Mortivation People

16/03/2024

නිහඩ විම පරාජයක් නොවේ
සාර්ථක සැලසුමක ආරම්බයක්.
ලෙව්මිත /lewmitha .☝️

01/01/2024
ෆිල්ම් බලන්න ආස අයට ඔන්න සිංහල ෆිල්ම් 65ක් ම..❤️1- Super Sixhttps://www.facebook.com/officialhithakiyai/videos/455133275...
22/09/2023

ෆිල්ම් බලන්න ආස අයට ඔන්න සිංහල ෆිල්ම් 65ක් ම..❤️

1- Super Six

https://www.facebook.com/officialhithakiyai/videos/455133275319530/

2- යමරජසිරි

https://www.facebook.com/slthebro/videos/703027270058515/

3- හෝ ගානා පොකුණ

https://www.facebook.com/kaviyage.adawiya/videos/983415398436788/

4-ඇහැළේපොල කුමාරිහාමි

https://www.facebook.com/l.sugath/videos/1003057169904931/

5-ආදරණීය කතාවක්

https://www.facebook.com/Beautifulworlds1989/videos/1828651397464830/

6-මායා

https://www.facebook.com/para.999/videos/1538650296211723/

7- රන් සයුර

https://www.facebook.com/456229561166532/videos/1603681876421289/

8-රොබින්සන් අන්දරය

https://www.facebook.com/SirawatamaMalaPaninawa/videos/1104281109653918/

9-දේදුනු ආකාසේ

https://www.facebook.com/hemantha.pradeep.37/videos/485962265173011/

10- එක දවසක අපි

https://www.facebook.com/dhananjamadhusankaa/videos/1887777481386169/

11-ධර්මයුද්ධය

https://www.facebook.com/Onlineedite/videos/2165871240100455/

12- අනගාරික ධර්මපාලතුමා

https://www.facebook.com/SinhalaDVD/videos/1726254184106428/

13-උලත් එකයි පිලත් එකයි

https://www.facebook.com/NewSinhalamp3/videos/1218781361546992/

14-කලර්

https://www.facebook.com/natashajenifferofficial/videos/166740552043017/

15-හාර්ට් Fm

https://www.facebook.com/officialhithakiyai/videos/2392119600852487/

16-ජොන්සන් and ගොන්සන්

https://www.facebook.com/113013803881791/videos/303874064652969/

17- ගෝරි

https://www.facebook.com/nishantha.dishanayaka.31/videos/947092469076957/

18- අගර දගර

https://www.facebook.com/107852057289054/videos/1477575342596396/

19- සිංහයා

https://www.facebook.com/107852057289054/videos/866125167291217/

20-මචං කරාටෙ

https://www.facebook.com/2229678620696010/videos/551105885817297/

21- රජහොරු

https://www.facebook.com/107852057289054/videos/797095501183845/

22-අප්පට සිරි

https://www.facebook.com/500777266947939/videos/2296572487238733/

23- රීලෝඩ්

https://www.facebook.com/themask.lk/videos/236664671055146/

24- සිරිපැරකුම්

https://www.facebook.com/kaviyage.adawiya/videos/963545140423814/

25- රෂ්

https://www.facebook.com/113407170035175/videos/284015356035760/

26- දැවෙන විහගුන්

https://www.facebook.com/enna.igenaganna/videos/2444727582469263/

27- ගාමිණි

https://www.facebook.com/kaviyage.adawiya/videos/965883733523288/

28- ප්‍රවේගය

https://www.facebook.com/441848643061030/videos/329964301220918/

29- ගින්නෙන් උපන් සීතල

https://www.facebook.com/pivithuru.net.94/videos/109296847403252/

30- සැමීගේ කතාව

https://www.facebook.com/kaviyage.adawiya/videos/1255788061199519/

31- බඹර වලල්ල

https://www.facebook.com/221BSLH/videos/3235347496588642/

32- ඇඩ්‍රස් නෑ

https://www.facebook.com/aravindanii/videos/1126531954091814/

33- බ්‍රැන්ඩෝ

https://www.facebook.com/Hithatawaduna01/videos/1695667157155757/

34- ඔහොම හරිද

https://www.facebook.com/Waidyasekera1980/videos/119070613499718/

35- ප්‍රසිඩන්ට්

https://www.facebook.com/113407170035175/videos/602936293977040/

36- කතාකරන හීන

https://www.facebook.com/kaveeshi.fernando/videos/794626024277946/

37- ගෝල්

https://www.facebook.com/107410824075715/videos/112217220201096/

38- විජය කුවේණි

https://www.facebook.com/kaviyage.adawiya/videos/954308898014105/

39- සුහද කොකා

https://www.facebook.com/tvdiyatha/videos/390309835063467/

40- පුරහද කලුවර

https://www.facebook.com/kaviyage.adawiya/videos/1032253006886360/

41- 64 මායම්

https://www.facebook.com/mahimaradio/videos/300161167606907/

42- යහලුවෝ

https://www.facebook.com/1159154704113427/videos/1509553562406871/

43- The නිව්ස් පේපර්

https://www.facebook.com/101711918214777/videos/761056178095903/

44- මහරජ අජාසත්

https://www.facebook.com/kaviyage.adawiya/videos/1230958540349138/

45- A ලෙවල්

https://www.facebook.com/livesindu1/videos/320815075114394/

46- සේයා

https://www.facebook.com/441848643061030/videos/679737175834793/

47- සොදුරු දඩ බිම

https://www.facebook.com/rohanasarath.kumara/videos/1918098874908551/

48- තාල

https://www.facebook.com/441848643061030/videos/812615372588300/

49- පත්තිනි

https://www.facebook.com/107852057289054/videos/874150199746528/

50- සුවද දැනුනා ජීවිතේ

https://www.facebook.com/939815182855115/videos/194435324792461/

51- සොමි බෝයිස්

https://www.facebook.com/1tikka/videos/245422266379905/

52- උදුම්බරා

https://www.facebook.com/102011558155744/videos/171897943985853/

53- වැලි පවුර

https://www.facebook.com/AyubovanSLTV/videos/303530830921375/

54- සරෝජා

https://www.facebook.com/1159154704113427/videos/1502898143072413/

55- සරිගම

https://www.facebook.com/livesindu1/videos/221539978375238/

56- සකිසද සුවාරිස්

https://www.facebook.com/kaviyage.adawiya/videos/1029312687180392/

57- වන් සොට් වන්

https://www.facebook.com/malliofficial/videos/1865568327090763/

58- එතුමයි මෙතුමයි

https://www.facebook.com/siyanerawaya/videos/266629923890615/

59- මාතා

https://www.facebook.com/films.qa/videos/879812792822035/

60- සිකුරු හතේ

https://www.facebook.com/105862540754269/videos/239992503741740/

61- කුස පබා

https://www.facebook.com/thusharasd9/videos/437043291055892

62- සිංහාවලෝකනය

https://www.facebook.com/www.lokusir/videos/1676291035817924/

63-සූරිය අරණ

https://www.facebook.com/lowethne.lk/videos/446254266017363/

64- පහ සමත්

https://www.facebook.com/109661127396274/videos/228463758474793/

65- තණ්හා රතී රගා

https://www.facebook.com/pivithuru.net.94/videos/122485646084372/

දැන් තරුණයන්ටත් හෘදයාබාධ! (හේතුව ආතතිය)💢හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක📌️නුතන සමාජයේ පවතින ප්‍රධානතම මාරක රෝගය...
03/08/2023

දැන් තරුණයන්ටත් හෘදයාබාධ!
(හේතුව ආතතිය)💢

හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක📌️

නුතන සමාජයේ පවතින ප්‍රධානතම මාරක රෝගය ලෙස හෘදයාබාධ හැඳින්විය හැකි ය. වර්තමානයේ දී නගරබදව කාර්යයබහුලව ජීවත්වන බොහෝ පුද්ගලයින්ට හෘදයාබාධ වැළදීමේ ප්‍රවණතාව වැඩි වී තිබේ.එමෙන් ම ලෝකයේ ධනවත් රටවල්වල ද වයස් සීමාවක් රහිතව හෘද රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබේ.සෞඛ්‍ය සම්පන්න නොවු නොසැළිකිලිමත් ආහාර රටාව හේතු කොට ගෙන ඇතිවන හෘදයාබාධ තත්ත්වයන් බොහෝ විට කෙළවර වන්නේ මරණයෙනි. හෘදයාබාධ තත්ත්වයෙන් නිකරුණේ ජීවිතයෙන් වන්දි ගෙවනවා වෙනුවට හෘදයාබාධ හට ගැනීමේ අවධානමෙන් මීදීමට පියවර ගැනීම වඩාත් යෝග්‍ය වේ. හෘදරෝගියෙකු පරිස්සම් විය යුත්තේ කෙසේ ද? ඒ සඳහා භාවිතා කරන ඖෂධ වර්ග සහ පිළියම් පිළිබඳව කොළඔ ජාතික රෝහලේ හෘද රෝග ආයතනයේ හිටපු හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා පළකළ අදහස් මෙසේ ‍ය.

හෘදයාබාධයක් යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?

සාමාන්‍යයෙන් හෘදයාබාධයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ හෘද වස්තුවේ මාංශපේශී තුවාල වීම හෝ සම්පුර්ණයෙන් ම මිය යෑමේ තත්ත්වයට ය. මාංශ පේශී මිය ගියහොත් ප්‍රබල හෘදයාබාධ තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබයි. එමෙන් ම මාංශ පේශී තුවාල වීමක් සිදු වුවහොත් සුළු හෘදයාබාධ තත්ත්වයක් වශයෙන් හඳුන්වනු ලබයි.

හෘද රෝගයක ලක්ෂණ මොනවා ද?

හෘදවස්තුව යනු සංකීර්ණ ඉන්ද්‍රියකි. හෘද වස්තුව සංවිධානය වී ඇත්තේ කපාට,හෘද මාංශ පේශීය,හෘද කිරීටක ධමනි,සහ හෘද වස්තුව ක්‍රියාකරන විද්්‍යුත් සන්නායක පද්ධතියෙනි.මාංශ පේශීවල දෝෂයක් සිදු වී ඇත්නම් පපුවේ ගැස්ම තත්ත්වය ඇති වේ. සන්නායක පද්ධතියේ දෝෂයක් සිදු වී ඇත්නම් පසුවේ ගැස්ම ඇති වී ඉන් අනතුරුව කලන්තය ඇති වේ. කිරීටක ධමනියේ ලේ ගමනාගමනය අඩු වු විට පපුවේ වේදනාව ඇති වේ. තව ද කපාට දෝෂයක් සිදු වී ඇත්නම් හතිය ඇති වේ.

මීට අමතරව ආහාරයට සම්බන්ධයක් නැති බඩේ දැවිල්ල,වැඩි විඩාව,ලිංගික දුර්වලතාව යන මේ අවිශේෂී රෝග ලක්ෂණත් හෘද රෝග ආශ්‍රයෙන් ඇති වන්නට පුළුවන. මෙම හෘද රෝග ලක්ෂණ ඒ ඒ හෘද රෝග අනුව වෙනස්වීම්වලට ලක් වේ.

පුද්ගලයෙකුට හෘදයාබාධ ඇති වන්නේ කුමන වයස් සීමාවන් වල දී ද?

හෘදයාබාධ ඇති වීමට වයස් භේදයක් බලපාන්නේ නැත. ඹ්නෑම වයසක පුද්ගලයෙකුට හෘදයාබාධ තත්ත්වයක් ඇති වීමට පුළුවන. එසේ වුවත් අවුරුදු 40 ට වැඩි පුද්ගලයින්ට හෘද රෝග හට ගැනීමේ අවධානම වැඩි වේ. එම නිසා අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් හෘදයාබාධ ඇති වීමට හේතුවන හේතු සාධක වලින් පරිස්සම් වී සිටිය යුතු ය .

දරුවකුගේ ජානමය කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නම් එවැනි දරුවෙකුට අවුරුදු 10 යේ දී පමණ හෘදයාබාධයක් හට ගැනීමට පුළුවන. එලෙස කොළෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නොවු විට ද හෘදයාබාධ තත්ත්වයක් ඇති විය හැකි ය.එසේ සිදු වන්නේ ධමනි ප්‍රදාහය හේතුවෙනි.රුමටොයික් සන්ධි ප්‍රදාහය එක් උදාහරණයකි.

හෘදයාබාධ තත්ත්වය හට ගන්නට දවසේ විශේෂ වේලාවක් තිබෙනවා ද?

සාමාන්‍යයෙන් හෘදයාබාධ තත්ත්වයක් හට ගන්නේ උදෑසන 4 සිට උදෑසන 10 අතර කාල වකවානුවේ දීය. එම නිසා පුද්ගලයෙකුට උදෑසන අවදි වු අවස්ථාවේ දී වුව ද හෘදයාබාධ තත්ත්වයක් හට ගැනීමට පුළුවන. එහෙත් දවසේ ඹ්නෑම වෙලාවක හෘදයාබාධයක් හැදෙන්නට පුළුවන.

හෘදයාබාධ හට ගැනීමට හේතුවන කරුණු මොනවා ද?

හෘදයාබාධ තත්ත්වයක දී බහු සාධක රෝග ලක්ෂණ ඉස්මතු වේ.හෘදයාබාධවලට සාම්ප්‍රදායික අනතුරු සාධක මෙන් ම සාම්ප්‍රදායික නොවන අනතුරු සාධකත් බලපානු ලබයි.සාම්ප්‍රදායික අනතුරුකාරක සාධක ලෙස අධික රුධිර මේදය,අධික රුධිර පීඩනය,දියවැඩියාව,ව්‍යායාම ප්‍රමාණවත් නොවීම, ස්ථුලතාවය, දුම්වැටි ඉරීම,ජන්ම ප්‍රවේණිය, දිගු කාලීන මානසික ආතතිය පෙන්වා දීමට පුළුවන.එමෙන් ම සාම්ප්‍රදායික නොවන අනතුරුසාධක ලෙස ජින්ජ වෛරසය,රූමටොයිඩ් ප්‍රදාහය,ලයිම ප්‍රෝටීන තත්ත්වය,ටෙස්ටෙස්ටරෝන් සහ අනෙකුත් ලිංගික හෝමෝන අඩු වැඩි වීම,යූරීක් ඇසිඩ් සංයෝගය රුධිරයේ ඉහළ යාම වැඩි වීම. පෙන්වා දීමට පුළුවන.

බොහෝ දෙනෙක් නොදන්නා වුව ද හෘදයාබාධ සඳහා පරිසරයේ තිබෙන වායුන් බලපානවා නේ ද?

ඔව්, අනිවාර්යයෙන් ම හෘදයාබාධ ඇති වීම සඳහා පරිසරයේ තිබෙන වායු ප්‍රබල බලපෑමක් සිදු කරයි.පොසිල ඉන්ධන (පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල් ) දහනය වන විට සියුම් කාබන් අඩංගු අංශු වාතාශ්‍රයට එකතු වේ.ඉන් පසු එම කාබන් අංශු පෙනහළුවලට ඇතුළු වු විට පෙනහැල්ල තුළ ප්‍රදාහයක් ඇති වේ.එයින් නිකුත්වන රසායනික ද්‍රව්‍ය ධමනි ප්‍රදාහය ඇති කරයි.

හෘද රෝගයක් තිබේ ද යන්න සනාථ කිරීම සඳහා කරනු ලබන පරීක්ෂණ මොනවා ද?

මුල් අවස්ථාවේ දී හෘද රෝගයක් තිබේය. යන්න සනාථ කරන්නට නම් සමහර විට රෝග ලක්ෂණ ඉස්මතු කිරීමට සිදු වේ.යම් කිසි ප්‍රබලතාවයකින් රෝගය පවතින්නේ නම් සාමාන්‍ය සායනික පරීක්ෂණයක් සඳහා ECG පරික්ෂණය, Eco පරීක්ෂණය X-ray පරීක්ෂණය හෝ රුධිර පරීක්ෂණය මඟින් හෘද රෝග හඳුනා ගැනීමට පුළුවන.නමුත් නිශ්චල අවස්ථාවේ දී ඉස්මතු වන්නේ නැත්නම් ව්‍යායාම ECG, කීරීටක ධමනි වලට ඩයි වීදචීමේ පරීක්ෂණය ,විශේෂ CT Scan වර්ග , එමෙන් ම විදෙස් රටවල්වල MRI Scan පරීක්ෂණය,න්‍යෂ්ටික ක්‍රියාකාරී ද්‍රව්‍ය ශරීරගත කර සිදු කරන කරන පරීක්ෂණය නිර්ණය සඳහා යොදා ගන්නට සිදුවේ.

වර්තමානයේ දී තරුණ තරුණියන්ට හෘදයාබාධ වැළදීමේ ප්‍රවණතාවයක් පවතිනවා. එසේ සිදු වන්නේ ඇයි?

වර්තමානයේ දී තරුණ තරුණියන්ට හෘදරෝග වැළදීමේ ප්‍රනණතාවය වැඩි වී ඇත්තේ මානසික ආතතිය නිසා ය.ග්‍රාමීයව ජීවත් වු තරුණ තරුණියන් නගරයට සංක්‍රමණය වීමත් සමඟ මානසික ආතතියට ගොදුරු වේ. එමෙන් ම ඔවුන්ට ගැමි සංස්කෘතියේ දී තිබු ආහාර රටාවන් වෙනස් කිරීමට සිදුවේ. සැබවින්ම ඔවුන්ට සෞඛ්‍යමවත් ආහාර රටාවන්ට අනුගත වීමට නොහැකි වේ.

දුම්වැටිවලට ඇබ්බැහි වීමට සිදුවීමෙන් ද තරුණයින්ට වර්තමානයේ දී හෘදයාබාධ තත්ත්වය ඇති වී තිබේ. නගරබඳ පරිසරයේ තිබෙන අපිරිසිදු වස විෂවලින් යුක්ත වායු වර්ග ආශ්වාස ප්‍රාශ්වාස කිරීම මඟින් ද වර්තමානයේ මිනිසුන්ට හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාවය වැඩි වී තිබේ.

හෘදයාබාධ සහ කොලෙස්ටරෝල් අතර සම්බන්ධතාවක් පවතිනවා නේ ද?

මනුෂ්‍ය රුධිරයේ දිය වී ඇති ප්‍රධාන තෙල් වර්ගය කොළෙස්ටරෝල් යනුවෙන් හඳුන්වනු ලබයි.අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරයේ කොළෙස්ටරෝල් ඇති වු විට එම කොළෙස්ට‍රෝල් ප්‍රමාණය රුධිර නාලිකාවල තැන්පත් වේ.එලෙස රුධිර නාලිකා ඇතුළත කොළෙස්ටරෝල් තැන්පත් වු විට ධමනි කුහර සිහින් වී යයි.ඇතැම්විට සම්පූර්ණයෙන් ම වැසී යයි.එවිට රුධිර හීනතා තත්ත්වයක් උද්ගත වේ.

මැදි වියේ පුද්ගලයෙකුගේ රුධිරයේ කොළෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 220% ට වඩා අඩු නම් එම පුද්ගලයාට හෘදයාබාධ වැළදීමේ අවධානම අඩු ය. පුද්ගලයෙකුගේ රුධිරයේ කොළෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 250% දක්වා වැඩි වුවහොත් හෘදයාබාධ වැළදීමේ අවධානම දෙගුණ වේ. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 250% සිට 300% දක්වා වැඩි වුවහොත් හෘදයාබාධ වැළදීමේ අවධානම නැවත දෙගුණ වේ. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 160-180% දක්වා හෝ ඊට අඩු ප්‍රමාණයක් දක්වා හෝ අඩු වුවහොත් තෙල් තැන්පතු පවා මඳින් මඳ දියවන්නට ඉඩ ඇත. කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 180% ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් වුවහොත් එය යෝග්‍ය වේ.

පුද්ගලයෙකුගේ ශරීරයේ මේද තැන්පතුවක් ඇති වීමට බලපාන අවධානම් සාධක මොනවා ද?

හේතු සාධක රාශියක් පුද්ගලයෙකුගේ ශරීරයේ මේද තැන්පතුවක් ඇති වීමට බලපායි.ළබාල වියේ පටන් ම ශරීරයේ මේද තැන්පතු ඇති වීමේ ක්‍රියාවලිය ආරම්භ වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. තව ද මේද තැන්පතු ඇති වීම සඳහා ජානමය පසුබිම ද බලපානු ලබයි.අධික කොලෙස්ටරෝල් ( මෙය LDL කොලෙස්ටරෝල් ලෙස පවතින්නේ නම් අවධානම් තත්ත්වය වැඩිය. HDL කොළෙස්ටරෝල් වැඩි වීම ගුණදායක වන අතර,එය අඩු වීම අනතුරුදායක වේ.ට්‍රයිග්ලිසරයිඩ නම් වු මේදය මඳක් වැඩි වුවාට ගැටලුවක් නොවන අතර අධිකව වැඩි වුවහොත් ස්වාධින අනතුරුකාරක සාධකයක් වේ.)එමෙන් ම දියවැඩියාව,අධික රුධිර පීඩනය,ස්ථුලතාවය,දුම්වැටි ඉරීම,ව්‍යායාම මඳකම,රුධිරයේ හෝමෝසිස්ටීන් සංයෝගය වැඩි වීම,රුධිරයේ ලයිපොප්‍රෝටීන නම් සංයෝගය වැඩි වීම,මෙන් ම රුධිර කැටි ගැසීමපහසු කරන ෆයිබ්‍රිනෝජන් ප්‍රෝටීනය රුධිරයේ වැඩි වීම,ඉතා තියුණු මානසික ආවේග ඇති වීම,ඇතැම් ක්ෂුද්‍ර ජීවි ආසාදන නිසා අන්තශ්ඡදය තුවාල වීම. යනාදිය පුද්ගලයෙකුගේ ශරීරයේ මේද තැන්පතුවක් ඇති වීමට බලපාන අනතුරු කාරක සාධක වේ.

වර්තමානයේ පවතින අධික කාර්යය බහුල සමාජ රටාවත් සමඟ මිනිසුන්ට මානසික ආතතිය වැළදීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. මානසික ආතතිය හෘද රෝගයට බලපාන්නේ කෙසේ ද?

කායික ව්‍යායාම තරමටම මානසික විවේකය ද හෘද රෝගියෙකුට අවශ්‍යය. මානසික අවිවේකය, එසේත් නැතහොත් අසහනය කරණ කොට ගෙන ශරිරය තුළ යම් යම් රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය වේ.මේ හේතුවෙන් රුධිර පීඩනය වැඩි වීම,නාඩි ගැස්ම වැඩි වීම,රුධිර සීනී වැඩි වීම ආදී වු වෙනස්වීම් සිරුර තුළ ඇති වෙයි. එම වෙනස්කම් හේතුවෙන් මානසික අවිවේකයට මුහුණ පෑමට ශරීරය වඩාත් සුසුසු බවට පත් වේ.එලෙස ස්‍රාවය වන ඇඩ්රිනලීන් නම් වු ස්නායු උත්තේජකය මගින් රුධිර ධමනිවල අන්තශ්ඡදයට හානි පැමිණෙයි. මෙහි දී හානි වු ස්ථාන මත රුධිරයේ පට්ටිකා කැට ගැසෙන්නට පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් විශාල ලේ කැටියක් බවට වැඩෙන්නට පුළුවන. මානසික අසහනය ඇති වීම හෘදයාබාධ වැළදීම වැඩි වීමට හේතුවක් බව වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

තව ද මානසික අසහනයෙන් පෙළෙන්නන් බොහෝ විට මත් පැන්වලට හා දුම්පානයට ඇබ්බැහි වී සිටී.මේ හේතුවෙන් ද හෘදයාබාධ වැළදීමේ අවධානම වැඩි වේ.

බයිපාස් සැත්කමකින් සිදු කරන්නේ කුමක් ද?

මහා ධමනියේ සිට මාංශ පේශිය දක්වා රෝගියාගේ ධමනියක් හෝ ශිරාවක් යොදා ගෙන රුධිර ගමනය සඳහා නව ධාවන පථයක් ඇති කිරීම බයිපාස් සැත්කමෙන් සිදු කරනු ලබයි.

බයිපාස් සැත්කමකින් පසු හෘද රෝගීයෙකු ප්‍රවේසම් විය යුත්තේ කෙසේ ද?

බයිපාස් සැත්කමකින් පසු හෘද රෝගියෙකු නිසි පරිදි පරිස්සම් නොවුණහොත් බයිපාස් සැත්කමේ දී යොදා ගත් ධමනිය අනතුරුදායක සාධක හේතුවෙන් නැති වීමට ද පුළුවන.එම නිසා රෝගියා 100% ක්ම අනතුරුදායක සාධකවලින් පාලනය විය යුතු ය.නිරන්තරයෙන් ම සෞඛ්‍යවත් ජීවන රටාවකට (Healthy Life Style)අනුගත විය යුතු ය.එසේ නොවුණහොත් අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගවලට ද ගොදුරු වීමට සිදු වේ.

යම් පුද්ගලයෙකුට බයිපාස් සැත්කම කරන්නට යැයි නිර්දේශ කළ පසු එය නොකර සිටීමෙන් අනිවාර්යයෙන් ම ජීවිතය අවදානමට ලක්වනවා ද?

එලෙස සිදු වන්නේ නැත.බයිපාස් සැත්කම පරමාර්ථ දෙකක් සඳහා නිර්දේශ කරනු ලබයි.රෝග සමනය කිරීම සඳහා බයිපාස් සැත්කම නිර්දේශ කරයි. කොතරම් උසස් මට්ටමින් ඖෂධ පන්තියක් සකස් කර යෙදුව ද ඇතැම් රෝගීන්ගේ රෝග ලක්ෂණ යටපත් කීරීමට අපහසු වේ.රෝග ලක්ෂණ අධිකබව නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට රෝගියාට අපහසු වන අතර ජීවිතයේ ගුණාත්මකභාවය ද අඩු වේ.මෙබඳු තත්ත්වයක දී බයිපාස් සැත්කම නිර්දේශ කරනු ලබන්නේ රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා ය.ඇතැම්විට බයිපාස් සැත්කම නිර්දේශ කරනු ලබන්නේ ජීවිතය ආරක්ෂා කිරීම පිණිස ය.මෙය ද සීයට සීයයක් ස්ථිර ව වෛද්‍යවරුන් අනුමත කරන්නේ නැත.

කිරීටක ධමනි පද්ධතියේ ප්‍රධානතම මුලීක ධමනියේ අවහිරතාවක් ඇත්නම් එය පිපිරී ලේ කැටියක් ඇති වුවහොත් මරණය ස්ථිර ලෙස ම සිදුවේ.මෙය සිදු වේ යැයි ස්ථිරවම කිව හැකි නුවුව ද එසේ වීමට ඇති අවදානම වැඩි නම් මරණය සිදු වීම වැළැක්වීම පිණිස බයිපාස් සැත්කම නිර්දේශ කරනු ලැබේ.

යම් පුද්ගලයෙකුගේ හෘද ස්පන්ධනය අඩු වුවහොත් කළ යුතු ප්‍රතිකාරය කුමක් ද?

සිහිසුන් වීම එක් වතාවක්වත් ඇති වුයේ නම් සුදුසුම ප්‍රතිකාරය වන්නේ පිළියම් කෘත්‍රිම පියකුරුවක් සවි කිරීම යි.මෙහි දී කුඩාතම අත් පරිගණකයක් වැනි විශේෂ විද්යුත් කෝෂයක් සම යට තැන්පත් කොට දකුණු කෝෂිකාවේ අගට එක් ඉලෙක්ට්‍රෝඩයක් විහිදුවා සවි කරනු ලබයි.මේ සියල්ල කරනු ලබන්නේ සිහි නැති කිරීමක් නොමැතිව හිරි වට්ටවා ය. මෙම පියකුරුව මඟින් අවශ්‍ය වු විට හෘදය නිසි වේගයට ස්පන්දනය කරවනු ලබයි. සිහිසුන් වීමක් නොමැතිව සිහි මඳ ගතිය හෝ කලාන්තය පමණක් ඇති වුයේ නම් පියකුරුවක් සවි කිරීම අනිවාර්යය නැත. එහෙත් නිතර නිතර ම රෝග ලක්ෂණ ඇති වන්නේ නම් මේ ගණයේ රෝගීන්ට ද පියකුරු නිර්දේශ කරන අතර ඇතැම් විට සුළු ඖෂධයක් දිගින් දිගට ම දීමෙන් ද හෘද ස්පන්දන වේගය යථා තත්ත්වයට පත් කළ හැකි ය.එසේ ඖෂධ ගැනීමට තීරණය කළහොත් නොකඩවා ම බෙහෙත් පෙති ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.කෘත්‍රීම පියකුරුවක ආයු කාලය විවිධ වේ.නිතර නිතර පියකුරුව ක්‍රියාත්මක වේ නම් අවුරුදු කිහිපයකින් එහි කෝෂ වැය වී යයි.එසේ නොමැතිනම් එම පියකුරුවක් අවුරුදු 10-12 වුව ද ක්‍රියා කරනු ලබයි.

හෘදයාබාධයක් ඇති වු අවස්ථාවක දී කළ යුතු පිළියම් මොනවා ද?

හෘදයාබාධයක් ඇති වු පුද්ගලයෙකුට ප්‍රථමයෙන් ම විවේකයෙන් තැබිය යුතු ය.ඉන්පසු රෝගියාව කලබලයට පත් නොකළ යුතු ය.හෘදයාබාධයක් වැළදුණු පුද්ගලයෙකුට ඇස්ප්‍රින් පෙත්තක් ( මිලි ග්‍රෑම් 300) සපා ජලය සමඟ පානය කිරීමට ලබා දීම වඩාත්ම යෝග්‍ය පිළියම වේ.එමෙන් ම මෙය වෛද්‍යවරුන් අනුමත කරන ඖෂධය වේ. සමහර පුද්ගලයින් තුළ අනේ අපරාදේ TNT පෙත්තක් දුන්න නම් රෝගියාගේ ජීවිතය බේරා ගන්න තිබ්බ යනුවෙන් මිත්‍යා මතයක් පවතී. එය වැරදි මතයකි. TNT පෙත්ත වෛද්‍යවරුන් ලබා දෙන්නේ ඇවිදින විට හෝ මහන්සි වී වැඩක් කළ විට ඇති වන වේදනා තත්ත්වය නැති කිරීම එසේත් නැත්නම් ඇන්ජයිනාව පාලනය කිරීම සඳහා ය. එහෙත් සමහර හෘදයාබාධවලදී TNT පෙත්ත ලබා දීමෙන් අනතුරුව රෝගියාගේ රුධිර පීඩනය අඩු වේ. හෘදයාබාධයක් ඇතිවුණ විගස පුද්ගලයාව කලබලයට පත් නොකර,ඉහත කී ආකාරයට ඇස්ප්‍රින් පෙත්තක් ලබා දීම හෘදරෝගවලින් මිය යන සංඛ්‍යාව 21% කින් පමණ අඩු කළ හැකි බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් රෝහලට ඇතුළත් වු රෝගියෙකු පළමු පැය ඇතුළත දී ලේ කැටිය දිය කර හැරීම සඳහා දෙනු ලබන ඖෂධය භාවිතා කළ යුතු ය. ලේ කැටිය දිය කර හැරීම සඳහා Fibrinoloytic ඖෂධය ලබා දේ.මෙහි දී Streptokinase සහ Tenecteplase ඖෂධ ලබා දේ.වර්තමානයේ දී ලේ කැටිය දිය කර හැරීම සඳහා දෙන ප්‍රබලතම ඖෂධය වන්නේ Tenecteplase ඖෂධයයි. මෙම ඖෂධය රෝගියාට ශිරා ගත කළ විට දී හෘද වස්තුව අඩාල වීම වළක්වා ගැනීම සහ මරණ සංඛ්‍යාව අඩු කළ හැකි ය. පළමු පියවරේ ධමනි විස්තරණයක් primary PCI ( P-PCI) හෘද වස්තුවේ අවහිර වුණු නාලය තුළට බැලුන් එකක් මඟින් සිර වී තිබෙන ලේ කැටිය ඉවත් කොට යථා තත්ත්වයට පත් කළ හැකි ය.හෘදයාබාධයක් වැළදී පැය 2 ක කාලයක් ඇතුළත දී Fibrinoloyticඖෂධය ලබා දීමෙන් පසුව පැය 24 ඇතුළත දී වුවත් ධමනි විස්තරණ ඒකකයට ඇතුළත් කළ හැක. මෙම ප්‍රතිකාර දෙකම හෘදයාබාධ රෝගියෙකුට වඩාත්එලප්‍රයෝජනවත්වන ජීවිත අවධානම අඩු කරන පිළියම් ය.

හෘදයාබාධ තත්ත්වය නිට්ටාවට ම සුව කළ හැකි ද?

සමහර හෘදයාබාධ පුද්ගලයින් 100% ක් ම සුව වේ. ජීවිතාන්තය දක්වාම හෘදයාබාධ තත්ත්වයක් නොමැතිව ජීවත් විය හැකි ය.තවත් සමහර පුද්ගලයින්ට හෘදයාබාධ තත්ත්වයන් යළි යළිත් හට ගනී. එසේත් නොමැතිනම් වැළඳුණු හෘදයාබාධයේ සංකූලතා මතු වේ. එම නිසා පුද්ගලයෙකුට හට ගන්නා හෘදයාබාධ පිළිබඳව අනාවැකි කීමට අපහසු ය.

පුද්ගලයෙකුගේ ශරීරය අනුව, අනතුරුකාරක සාධක අනුව, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් අනුව, ඖෂධවලට දක්වන ප්‍රතිචාරය අනුව එක් එක් පුද්ගලයින්හට හෘදයාබාධ විවිධ ආකාරයෙන් වැළඳේ.

හෘදයාබාධයක් පවතින පුද්ගලයෙකුට හදිසි මරණයක් අත් වන්නේ ඇයි?

කිසිදු රෝග ලක්ෂණයක් පුර්ව නිමිත්තක් ලෙස ඉස්මතු නොවී ක්ෂණයකින් මිය යාම හසිදි මරණයක් යනුවෙන් හඳුන්වනු ලබයි. ඇතැම් විට මෙලෙස මරණයට පත් වන පුද්ගලයින් තමන්ගේ හෘද රෝග ලක්ෂණ සඳහා ඖෂධ භාවිතා කර ඇත. එහෙත් තප්පර කීපයක් අතරතුර ප්‍රාණය නිරුද්ධව ගිය විට හදිසි මරණ තත්ත්වයක් ඇති වේ .මෙබඳු රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන විට මේද තැන්පතුවක් පිපිරී නව ලේ කැටියක් මඟින් ධමනිය අවහිර වී ඇති බව පෙනී යයි. මේසේ වු විට හෘදයාබාධයක් ප්‍රවර්ධනය වීමටත් පෙර හෘද ස්පන්දනය දැඩි සේ අක්‍රමික වී හෘදය ක්ෂණයකින් ඇණ හිටී. තවත් සමහර පුද්ගලයින්ට හොඳින් ක්‍රීඩා කර වෙහෙස වෙමින් දිවි ගෙවන අතරතුර ද හදිසි හෘද මරණ ඇති වේ. එලෙස සිදු වන්නේ රෝග ලක්ෂණ ඇති කිරීමට තරම් උග්‍ර නොවන ( 10-30% පමණ ) මේද තැන්පතුවක් පිපිරී යෑමෙනි.

හෘදයාබාධයක් වැළඳීමෙන් පසු රෝගියා පළමු දින දෙක තුළදී ගත යුතු ආහාර පාන පිළිබවඳව පැහැදිලි කිරීමක් කරන්න?

හෘදයාබාධයක් වැළඳීමෙන් පසු මුල් පැය 48 පුරා රෝගියා සම්පුර්ණයෙනක් ම ඇඳ විවේකයෙන් ගත කළ යුතු ය.මේ අවස්ථාවේ දී රෝගියාට දෙනු ලබන්නේ දියරමය ආහාර පමණි. දියර වර්ග ලෙස තැඹිලි වතුර,තේ වතුර,පෙරන ලද එළවළු සුප්,මේදය රහිත කිරි,කැඳ වතුර,කොත්තමල්ලි වතුර යොග්‍ය වේ.මෙම දියර වර්ගවලට සුදුසු තැන්හි ලුණු ද සිනී ද මඳ වශයෙන් යොදා ගත්තාට වරදක් නැත. එමෙන් ම මෙම දියර වර්ගවලින් කුමන හෝ දියර වර්ගයක් වරකට කොප්පය බැගින් පැය තුන හතරකට වරක් පානය කළ හැක. කෝපි පානය කිරීම සහ අධික ලුණු ඇති බැවින් මාමායිට් සුප් කැට යොදා සාදාගන්නා පාන වර්ග පානය කිරීම මෙන් ම මේදය අඩංගු කිරිපිටි පානය කිරීම සුදුසු නැත.

හෘදයාබාධයක් ඇති වු පුද්ගලයෙකුට නින්ද කොපමණ අත්‍යවශ්‍ය ද?

හෘද රෝගියෙකුට නින්ද ඉතා අත්‍යවශ්‍ය ය.රැයකට පැය 6 ක් හෝ 8 ක් නිදා ගැනීම සෑහේ. බොහෝ විට හෘදයාබාධ කරණ කොට ගෙන ඇති වන මරණ බිය නිසා නින්ද යෑම අඩු විය හැකි ය ඒ හේතුව නිසා ම උදේ දෙකට හෝ තුනට ඇහැරෙන්නට පුළුවන.මේ අවස්ථාවලදී නින්ද යාමට දෙනු ලබන ඖෂධ භාවිතා කළ යුතු ය.දහවල් කාලයේ දී බොහෝ වේලාවක් නිඳා ගත හොත් රෑට නින්ද යාම අඩු වේ. මෙසේ රෑ නින්ද අඩාල වනුයේ නම් පමණක් දහවල් නින්ද පැය භාගයකට පමණ සීමා කිරීමට උත්සහ ගත යුතු වේ.

උපුටා ගැනිම සිළුමිණ පුවත්පත...

ලොවේම නම රැන්දූ " KFC" ඉතිහාසය 💟හාර්ලන්ඞ් සැන්ඩර්ස් 1890 දී උපත ලැබීය. සැන්ඩර්ස්ගේ වයස අවුරුදු පහේ දී ඔහුගේ පියා මියගිය ...
19/07/2023

ලොවේම නම රැන්දූ " KFC" ඉතිහාසය 💟

හාර්ලන්ඞ් සැන්ඩර්ස් 1890 දී උපත ලැබීය. සැන්ඩර්ස්ගේ වයස අවුරුදු පහේ දී ඔහුගේ පියා මියගිය අතර ඔහුගේ මවට ටින් කිරීමේ කර්මාන්ත ශාලාවක වැඩ කිරීමට සිදු විය. මෙනිසා ඇයගේ වැඩිමහල් පුත‍්‍රයා ලෙස සැන්ඩර්ස් තම බාල සහෝදර සහෝදරියන් දෙදෙනා රැකබලා ගැනීමට සමත් විය. ඔහුට වයස අවුරුදු හතේ දී පමණ සිට ඔහුගේ මව ඔහුට ආහාර පිසීමට උගන්වන ලදී. වයස අවුරුදු 13 දී පවුලෙන් පිටත්වීමෙන් පසුව සැන්ඩර්ස් විවිධ වෘත්තීන් හරහා ගමන් කළේය. වර්ෂ 1930 දී ඇපාලාචියන් කඳුකරයේ පිහිටි කුඩා නගරයක් වන කෙන්ටකි , නෝර්ත් කෝබින් නදියේ එක්සත් ජනපද මාර්ගයේ 25 ෂෙල් පිරවුම්හලක් භාර ගත්තේය. මුලින් ම ඔහු කුඩා දරුවෙකු ලෙස ඉගෙනගත් වට්ටෝරුව යොදා ගනිමින් කුඩා ආහාර සංචිතයක් ආරම්භ කළේය. ඔහුටම ආවේණික වට්ටෝරුවකින් සමන්විත වූ මෙය බදින ලද කුකුල් මස් විය. වසර හතරකට පසු සැන්ඩර්ස් පාරේ අනික් පැත්තෙන් විශාල පිරවුම්හලක් මිලදී ගත් අතර මේස හයක් දක්වා එය පුළුල් කළේය. 1936 වන විට, සෙන්ටර්ස් විසින් ආණ්ඩුකාර රූබි ලෆූන් විසින් කෙන්ටකි කර්නල් ගෞරවණිය නාමය ලබා දෙන ලදී. 1937 දී ඔහු සිය අවන්හල ආසන 142 දක්වා පුළුල් කළේය. ඔහු වීදිය හරහා මිලට ගත් මොටර් හෝටලයක් එකතු කොට සැන්ඩර්ස් කැෆේ ලෙස එය නම් කරන ලදී.

අනෙක් පුද්ගලයන් මෙන් සැන්ඩර්ස් කුකුල් මස් බැදීමට ලිපට දමා විනාඩි 35 ක කාලයක් ගත කළේ නැත. ඔහු කුකුළුමස් ගැඹුරු තෙලේ බැ`දීමට අකමැති විය. 1939 දී පළමුවන වාණිජ පීඩක උදුන වෙළඳපොළට නිකුත් කරන ලදී. සැන්ඩර්ස් එකක් මිලදී ගත් අතර, එය පසුව චිකන් ෆ‍්‍රයිචර් බවට පරිවර්තනය කරන ලදී. නව ක‍්‍රමවේදය වන (Fried) බදින ලද චිකන් ගුණාත්මකභාවය රඳවා තබාගැනීම, පහසු බව සැන්ඩර්ස්ගේ අදහස විය. ගැඹුරු ලෙස ෆ‍්‍රයිඩ් කරන ලද කුකුල් මස් සමග සංසන්දනය කළ විට එය නිෂ්පාදන කාලය අඩු කරන බව සැන්ඩර් අවබෝධ කොට ගත්තේය. වර්ෂ 1940 ජූලි මාසයේ දී සැන්ඩර්ස්, ඖෂධ පැළෑටි සහ කුළු බඩු 11 කින් යුත් "මුල්ම වට්ටෝරුව" හඳුන්වා දෙනු ලැබුවේය. ඔහු වට්ටෝරුව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකළ ද, ලූණු හා ගම්මිරිස් භාවිතය පිළිබඳව ඔහු පිළිගත්තේය. 1950 දී සැන්ඩර්ස් සිය ඇඳුම වෙනස් කළේය. සුදු පැහැති ඇඳුමකින් සැරසුණු ඔහු තද කළු පැහැකි ටයි පටියකුත් නිකටෙහි කුඩා රැවුලක්ද සහිත විය. 1952 දී සැන්ඩර්ස් තම රහස් වට්ටෝරුව සිය ප‍්‍රථම විශාලතම ආපනශාලාවලින් එකක් වන දකුණු සෝල්ට් ලේක්හි පිහිටි පීට් හර්මන් වෙත ප‍්‍රදානය කළේය. නිෂ්පාදිතය විකිණීමේ පළමු වසර තුළ, ෆ‍්‍රයිඩ් චිකන් අලෙවියෙන් 75% කින් එනම් ආපනශාලා අලෙවිය තුන් ගුණයකින් වැඩි විය. හැම්මාන් සඳහා ෆ‍්‍රයිඩ් චිකන් එකතු කිරීම තරඟකරුවෙකුගෙන් තම අවන්හල වෙන් කර තැබීමේ ක‍්‍රමයකි. හැම්මාන් විසින් කුලියට ගන්නා ලද චිත‍්‍ර ශිල්පියෙකු වන ඩොන් ඇන්ඩර්සන්, විසින් Kentucky Fried Chicken (KFC) නාමය හඳුන්වා දුන්නේය. හර්මන්ගේ සාර්ථකත්වයෙන් පසු වෙනත් ආපනශාලා හිමියන් කීපදෙනෙකු ද එම සංකල්පය අලෙවි කළ අතර සැන්ඩර්ස් සඳහා ඩොලර් 0.04 ක මුදලක් ගෙවා ඇත.

හාර්ලන්ඞ් සැන්ඩර්ස්, "කර්නල්" 1954 දී පවුලේ සාමාජිකයන්ට සරිලන ආකාරයේ බඳුනක් හඳුන්වා දුන්නේය. එහි කුකුළු මස් කැබලි 14 ක්, පාන් රෝල 5 ක් සමග මස් ව්‍යංජනයෙහි හොදි ද ලබා දුන්හ. කඩදාසි බාල්දියේ සිය අත්සන සටහන් කිරීම සමාගමට සංකේතාත්මක අගයක් විය.

1963 වන විට ඇමෙරිකාවේ KFC අවන්හල් 600 ක් පමණ වූ අතර විශාලතම ක්ෂණික ආහාර මෙහෙයුම් කටයුතු සිදුකරන සමාගමක් විය. KFC බදින ලද කුකුල් මස් කොතරම් ජනප‍්‍රිය වූවා ද කියතොත් සිය අණසක පතුරවාගෙන සිටි හැමිබර්ගර්වලට අභියෝග කරන්නට විය.

වර්ෂ 1964 දී සැන්ඩර්ස් ජෝන් වයි බ‍්‍රවුන් සහ ජැක් සී. මැසි විසින් මෙහෙයවන ආයෝජකයින් පිරිසකට ඩොලර් මිලියන 2 ක මුදලට විකුණනු ලැබීය. ඔවුන් අතර සිදු වූ ගිවිසුමෙහි සැන්ඩර්ගේ ජීවිත කාලය තුළ දී වැටුපක් සහ ආයතනයේ ගුණාත්මකභාවය වෙළද ළකුණ සුරක්ෂිත කරලීම සිදු කළ යුතු විය. 1967 වනවිට KFC ආයතනය ක්ෂණික ආහාර නිපදවීමේ ආයතන අතර 6 වැනි ස්ථානයට පත් විය. 1970 වන විට විවිධ රටවල් 48 ක් පුරා පැතිර ගිය KFC අලෙවි වී ඇති අතර වෙළදසැල් සංඛ්‍යාව 3,000 කට අධික වී ඇත. 1971 ජුලි මාසයේ දී බ‍්‍රවුන් විසින් KFC ආයතනය ඇසුරුම් කළ ආහාර හා බීම ආයතනයක් වන හෙවුබ්ලෙයින් සංස්ථාව වෙත ඩොලර් මිලියන 285 ක (ඩොලර් බිලියන 1.6 ක් පමණ) මුදලකට ලබා දීය. 1980 දී සැන්ඩර්ස් මිය ගියේය. ඇමෙරිකානු සංස්කෘතික ඉතිහාසයේ කැපී පෙනෙන පුද්ගලයෙක් විය. ඔහුගේ මරණය සිදු වූ කාලයේ දී ලෝක ව්‍යාප්තව ලොව පුරා රටවල් 48 ක KFC මධ්‍යස්ථාන 6,000 ක් පමණ තිබූ අතර වාර්ෂිකව එම ආයතන ඩොලර් බිලියන 2 ක ආදායමක් උපයා ඇත.

වර්ෂ 1982 දී Heublein සමාගම දුම්කොළ දැවැන්තයා වන ආර්. ජේ. රෙනෝල්ඞ් විසින් අත්පත් කර ගන්නා ලදී. 1986 ජුලි මාසයේ දී රෙනෝල්ඞ් විසින් ඩොලර් මිලියන 850 ක (ඩොලර් බිලියන 1.8 ක් පමණ) Pepsico සමාගම වෙත විකුණා ඇත. 1987 නොවැම්බර් මාසයේ දී චීනය බීජිංහි KFC අලෙවිහලක් සමග වෙළදපොළට අවතීර්ණ විය.

1991 දී KFC නම නිලවශයෙන් අනුමත කරන ලදී. එය ලෝකය පුරා තව දුරටත් KFC නාමය ප‍්‍රචලිත වීමට හේතුවක් විය. 1994 වන විට KFC සමාගම එක්සත් ජනපදයේ වෙළෙඳසැල් 5,149 ක් වූ අතර, සමස්තයක් ලෙසින් ලෝකය පුරා 9,407 ක් වූ අතර සේවක සංඛ්‍යාව 100,000 ක් පමණ විය. 1994 දී මැක්ඩොනල්ඩ් ආහාර වට්ටෝරු ද හදුන්වා දෙමින් තිබිණ. 1997 අගෝස්තු මාසයේ දී Pepsico සිය අවන්හල් අංශයෙන් ඩොලර් බිලියන 4.5 ක් වටිනාකමක් ඇති පොදු සමාගමක් බවට පත් විය. මෙම සමාගම Tricon Global Restaurants ලෙස නම් කරන ලදී. එවකට එහි අලෙවිසල් 30,000 ක් සහ වාර්ෂික විකුණුම් ඩොලර් බිලියන 10 ක් පමණ වී ඇත. 2002 මැයි මාසයේ දී Tricon ආයතනය Yum! Brands ලෙස නම් කරන ලදී.

2015 වන විට සමාගම් සුලබව, සෙසු සිල්ලර වෙළෙන්දන්ට ව්‍යාපාර අහිමි වූ අතර, මීට වසර තුනකට පෙර ප‍්‍රධාන චිකන් සිල්ලර අලෙවි සමාගම ලෙස චිකාගෝ ෆිල් ඒ් සමාගම අභිබවා ගියහ. මෙය මර්ධනය කිරීම සඳහා KFC ආයතනයේ ඇසුරුම්කරණ, අලංකරණ සහ නිල ඇඳුම වැඩිදියුණු කිරීම සඳහාත්, එහි මෙනුව පුළුල් කිරීමටත් සැලැස්මක් සහිතව නව සමාගමක් දියත් කළේය. ඊට අමතරව, 2015 මැයි මාසයේ සිට, කර්නල් සැන්ඩර්ස්ගේ ප‍්‍රතිරූපය අනුව යමින් ඩැරල් හැමන්ඩ් යොදා ගනිමින් නව වෙළඳ දැන්වීම් මාලාවක් දියත් කරන ලදී. තව දුරටත් KFC ආයතනය ජනතාව අතරට ගෙන යාමට නෝම් මැක්ඩොනල්ඩ් , ජිම් ගෆිගන් , ජෝර්ජ් හැමිල්ටන් සහ රොබ් රීග්ල් වෙළද ප‍්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා ලදී.

කර්නල්ගේ වට්ටෝරුවේ සැගවුණු රහස ....

සැන්ඩර්ස්ගේ මුල්ම වට්ටෝරුව "ඖෂධ පැළෑටි සහ කුළු බඩු" 11 කින් සමන්විත ආහාර සැපයීමේ කර්මාන්ත අතර වඩාත්ම ප‍්‍රසිද්ධ වෙළඳ රහසක් බවට පත්ව ඇත. එම රහස් වට්ටෝරුව සඳහා පේටන්ට් බලපත‍්‍රය හිමි වී නැත.
සැන්ඩර්ස් විසින් අත්සන් කරන ලද වට්ටෝරුවෙහි පිටපතක් KFC මූලස්ථානයේ ගබඩාව තුල සුරක්ෂිතව තබා ඇති අතර, එහි ඖෂධ පැළෑටි හා කුළු බඩු එකොළහක් අඩංගු වේ. වට්ටෝරුව පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට මැක්ක්‍රොමික්ට ලබා දීමට පෙර ග‍්‍රිෆිත් රසායනාගාර තුළ දී අර්ධ වශයෙන් කර්නල්ගේ වට්ටොරුවත් ඉතිරි අර්ධය ඔවුන්ගේ වට්ටොරුවක් එක් කළේය.

1980 දී කර්නල් මිය ගිය අතර 1999 දී, කර්නල් සැන්ඩර්ස් සිටි නිවස මිලදී ගත් යුවළක්, රහස් වට්ටෝරුව ලියන ලද ලක්ෂණ සටහන් කර ගත්හ. මුලදී KFC සමාගම මෙම යුවලට එරෙහිව නඩු පැවරීමට වුවමනා වුවද, 2001 වර්ෂයේ ආරම්භයේ දී නඩු විභාගය අත්හැර දැමූ අතර, KFC ආයතනය එම වට්ටෝරු ලත් සටහන් කර්නල්ගේ මුල් මුල්පිටපතට "කිසිසේත් සමීපව" නැති බව කියා සිටියේය.
කර්නල් සැන්ඩර්ස් ජෝ ලේඩින්ටන් සමග විවාහා වූ අතර ජෝ ලෙඩින්ටන් හට කර්නල් විසින් කඩදාසි කැබැල්ලක ලියන ලද වට්ටෝරුවේ මුල් පිටපතක් හමු වී තිබේ.

2016 අගෝස්තු මාසයේ දී Chicago Tribune කාර්ය මණ්ඩලය විසින් මෙම වට්ටෝරුව පිළිබද ආහාර පිසීමේ පරීක්ෂණයක් සිදු කරන ලද අතර මෙම බදින ලද කුකල් මස් සදහා MSG සමග ඇක්සෙන් එක් කොට රසය වැඩි දියුණු කර ඇති බව සනාථ විය.

ලෝකයේ පැරණිතම ඇඳුම් හමුව ඇත්තේ ඊජිප්තුවේන් වේ. ඊජිප්තු සොහොන් ගෙයක තිබී ලිනන් වස්ත්‍රයක් මත කරන ලද නව විකිරණ කාබන් විශ්ල...
12/07/2023

ලෝකයේ පැරණිතම ඇඳුම් හමුව ඇත්තේ ඊජිප්තුවේන් වේ. ඊජිප්තු සොහොන් ගෙයක තිබී ලිනන් වස්ත්‍රයක් මත කරන ලද නව විකිරණ කාබන් විශ්ලේෂණයන් මගින් මෙය අනාවරණය වේ: මෙම ඇඳුම මීට වසර 5,100 ත් 5,500 ත් අතර යුගයකට අයත් වේ. 'තාර්කන්ගේ ඇඳුම' ලෙස හැඳින්වේ.

නැවත සොයා ගත් " මොනාලිසා "  ඉතාලි ජාතිකයෝ තවමත් එම චිත‍්‍රය මොනාලිසා නමින් හැඳින්වීමට අකමැතිය. ඔවුන් එය හඳුන්වන්නේ ජොකොන...
03/07/2023

නැවත සොයා ගත් " මොනාලිසා "

ඉතාලි ජාතිකයෝ තවමත් එම චිත‍්‍රය මොනාලිසා නමින් හැඳින්වීමට අකමැතිය. ඔවුන් එය හඳුන්වන්නේ ජොකොන්දා නමින්ය. මොනාලිසාගේ සැබෑ නම ලිසා ගෙරර්දීනීය. ඇය විවාහවී සිටියේ ෆිරෙන්සියේ එවකට සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික ෆ‍්‍රැන්සිස්කෝ ජොකොන්දා සමගය. ඉතාලි ජාතිකයෝ ලෙනාඩෝ ඩා වින්චිගේ උක්ත චිත‍්‍රය තවමත් හඳුන්වන්නේ ඇගේ වාහක සැමියාගේ වාසගමිනි.

ඉතාලි ජාතිකයෝ තවමත් මොනා ලීසා චිත‍්‍රයේ අයිතිය තමන් සතු බව කියති. මෙයට පදනම් වෙන්නේ එම චිත‍්‍රය සිතුවම් කළ ලෙනාඩෝ ඩා වින්චි ඉතාලි ජාතිකයකු වීමය. එහෙත් ලෙනාඩෝ ඩා වින්චි විසින් ම එම චිත‍්‍රය ප‍්‍රංශයේ දී මුදලට විකුණා දැමූ චිත‍්‍රයක් වෙන බැවින්, ඉතාලි ජාතිකයන්ගේ උක්ත තර්කය පදනම් විරහිතය.

තම බිරිඳ වූ ලීසාගේ චිත‍්‍රයක් අඳින ලෙස ලෙනාඩෝ ඩා වින්චිට භාරදී තිබුණේ ඇගේ සැමියා විසින් මය. ජොකොන්දා ඇණවුමක් මත අඳින ලද චිත‍්‍රයක් වූ බැවින්, සිතුවම නිමා වූ පසුව ඇණවුම්කරුට එය භාරදිය යුතුව තිබුණි. එහෙත් චිත‍්‍රය ඇණවුම්කරුට බාරදී තිබුණේ නැත. ලෙනාඩෝ ප‍්‍රංශයට සංක‍්‍රමණය වෙන විට ජොකොන්දා චිත‍්‍රය තමන් සමග එහි රැගෙන ගොස් තිබුණේ ඒ නිසාය. මේ පිළිබඳව අවධානය යොමුකරන ඇතැමෙකු පවසන්නේ, ලීසාගේ සැමියා වූ ෆ‍්‍රැන්සිස්කෝ ජොකොන්දා තම බිරිඳගේ සිතුවම පිළිබඳව සෑහීමකට පත්නොවූ බැවින් එය භාර නොගන්නට ඇති බවය. මෙම චිත‍්‍රය ලීසාගේ සැබෑ රූපය හා නොසැසදෙන්නට ඇතැයි ඔවුහු කියති. මහා හඬකින් නොකීව ද, චිත‍්‍ර පිළිබඳ ඇතැම් විචාරකයන් කියන්නේ මොනාලිසා චිත‍්‍රයේ අඩුපාඩු රැසක් ඇති බව ය. ලෙනාඩෝ් ම වුව ද මෙම චිත‍්‍රය පිළිබඳව සෑහීමකට පත්ව සිටියේ නැත. මොනාලිසා චිත‍්‍රය පිළිබඳව මෑතක දී කරන ලද එක්ස් කිරණ පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ, පසුකාලීනව ලෙනාඩෝ ඩා වින්චි විසින්ම මෙම චිත‍්‍රයේ වෙනස්කම් කීපයක් කර ඇති බව ය.

ලෙනාඩෝ ඩා වින්චි විසින් ජොකොන්දා චිත‍්‍රය 1516 දී එවකට ප‍්‍රංශයේ රජකම දැරූ චිත‍්‍ර ලෝලියෙකු වූ පළමුවැනි ෆ‍්‍රැන්සිස්ට රං කාසි හාරදහසකට විකුණා දමා ඇත. ජොකොන්දා මොනාලිසා වූයේ එතැන් පටන් ය. රජ පවුල සතුව තිබුණු මෙම චිත‍්‍රය ප‍්‍රංශ විප්ලවයෙන් පසුව කෞතුකාගාර භාරයට පත්ව ඇත. නැපෝලියන් බොනපාට් බලයට පත්වීමෙන් පසුව මෙම චිත‍්‍රය ගෙන ගොස් කෙටි කලක් තම යහන් ගබඩාවේ තැන්පත් කර තිබුණු බවක් ද කියැවේ.

මොනාලිසා චිත‍්‍රය පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තිබිය දී, 1915 දී ඉතාලි ජාතිකයකු විසින් එය සොරාගෙන ඉතාලියට නැවත රැගෙනවිත් තිබුණි. සිකුරාදා සවස කරන ලද මෙම සොරකම කෞතුකාගාර භාරකාරත්වය හෙළිකරගෙන තිබුණේ සඳුදා පෙරවරුවේ ය. ඒ වෙන විට චිත‍්‍රය ප‍්‍රංශයෙන් පිටමංව තිබුණි. එහෙත් මාස විසි අටකට පසුව මෙම චිත‍්‍රය ෆිරෙන්සියේ සඟවා තබා තිබිය දී නැවත සොයාගෙන, 1914 දී යළි ප‍්‍රංශයට ම භාර දී ඇත.

ලිසා ගෙරර්දීනී උපත ලබා තිබුණේ 1479 ජුනි මස පහළොස්වැනිදා ය. ඇය ලෙනාඩෝ ඩා වින්චි ඉදිරිපිට චිත‍්‍රය සඳහා මුහුණ දෙන විට ඇගේ වයස අවුරුදු විසිහතරකි. එහෙත් චිත‍්‍රයෙන් පෙනෙන්නේ වයසට වඩා මේරූ කාන්තාවකගේ රූපයකි. මීට වසර කීපයකට පෙර මොනාලිසා චිත‍්‍රය පරීක්ෂා කළ වෛද්‍යවරු කණ්ඩාමක් ප‍්‍රකාශ කළේ, ලිසා ගෙරර්දීනීගේ රුධිරයේ කොලැස්ටරෝල් ඉතාම ඉහළ මට්ටමක පවතින්නට ඇතුවාට සැකයක් නැති බවය. ඇය මියගියේ 1542 ජූලි මස පහළොස්වැනිදා ය. ඒ වෙන විට ලිසාගේ වයස අවුරුදු හැට තුනකි. මියයන විට ඇය දරු පස්දෙනෙකුගේ මවකි. ඇගේ ගැහැනු දරුවන් දෙදෙනම කන්‍යාසොහොයුරියන් බවට පත්ව සිටියෝ ය. ලිසා ගෙරර්දීනීගේ සිරුර ෆිරෙන්සි නගරයේ සාන්ත ඔර්සොලා කන්‍යාරාමයේ සාන්ත මරියා නොවෙල්ලා බැසිලිකාව තුළ භූමිදාන කළ බව පැරණි ලේඛන පෙන්වා දෙයි. 2015 වසරේදී මෙම බැසිලිකාව තුළ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලිසා ගෙරර්දීනිගේ අස්ථි ශේෂ සොයාගෙන ඇත.

මොනාලිසා දිර්ඝ කාලීනව නිහඬව සිටින්නේ නැත. මේ දිනවල ඇය පිළිබඳව පවතින කතාබහ වුවද තව නොබෝ දිනකින් නිහඬ වෙනු ඇත. එහෙත් ඒ නිහඬ බව දිගුකල් රැකීම ඇගේ සිරිත නොවේ. මීළඟ වාරයේ දී ඇය කුමන මාතෘකාවක් මත කතාකරනු ඇත්දැයි අපි බලා සිටිමු.

(ඉතිහාස මතකයන් තුලින් උපුටා ගන්නා ලදි.)

ටයිටැනික් 1997 වර්ෂයේ දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කර ,රචනා කර, නිෂ්පාදනය කර සංස්කරණය කරන ලද RMS ටයිටැනික් නැව ගිල...
30/06/2023

ටයිටැනික් 1997 වර්ෂයේ දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කර ,රචනා කර, නිෂ්පාදනය කර සංස්කරණය කරන ලද RMS ටයිටැනික් නැව ගිලීයාම පිළිබඳව වූ ,ව්‍යවසනය කැටිවූ ප්‍රේම වෘත්තාන්තමය චිත්‍රපටයකි. 1912 දී මංගල යාත්‍රාවේ යෙදෙන අතරතුරදී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වන ටයිටැනික් නෞකාව තුළදී ආදරයෙන් වෙළෙන සමාජයේ වෙනස් සමාජ පන්ති දෙකකින් එන ජැක් ඩෝසන් සහ රෝස් ඩිවිටි බුකාටර් (ලියනාඩෙ ඩි කැප්රියෝ සහ කේට් වින්ස්ලට් රඟ දක්වයි) අතර ප්‍රේම වෘතාන්තය මෙය තුළින් ගෙන හැර දක්වයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සහ කේන්ද්‍රගත ආදර කතාව කල්පිත ඒවා වුවද සමහර සහායක චරිත(නාවික පිරිසෙහි සාමාජිකයන් වැනි) ඓතිහාසික චරිත පදනම් කරගෙන ගොඩනගා ඇත. ග්ලෝරියා ස්ටුවර්ට් විසින් වයස් ගත රෝස් ගේ චරිතය රඟ දක්වන අතර ඇය විසින් නූතන දින රාමුවක සිට කතාව කියනු ලැබේ. සුන්බුන් වූ සැබෑ RMS ටයිටැනික් නෞකාවෙහි කොටසක් රූපගත කළ කැමරන් විසින් 1995 දී චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කළේය. ඔහු විසින් මෙම ආදර කතාව සැබෑ ජීවිතයේ ශෝකාන්තය දැනවීමට ප්‍රේක්ෂක පිරිස ඇඳ බැඳ තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස චිත්‍රපටයේ වර්තමාන දර්ශන සඳහා රූගත කිරීම් Akademik Mstislav Keldysh හිදි සිදු කෙරෙනු අතර Playas de Rosarito හිදී නෞකාව යලි නිර්මාණය කරන ලදී. කැමරන් විසින් ‘පරිමාණ ආදර්ශය’ සහ පරිගණක රූපද නෞකාවේ ගිලියෑම නැවත නිරූපනය සඳහා යොදා ගන්නා ලදී. ටයිටැනික් සඳහා දැරූ වියදම ඇ.ඩොලර් මිලියන 200ක් පමණ වූ අතර එය මෙතෙක් නිපදවා ඇති වැඩිම වියදම් දැරූ චිත්‍රපටයද වේ. මේ සඳහා Paramount Pictures සහ20th Century Fox. ආයතනද මූල්‍යයමය ආධාර සපයා ඇත. චිත්‍රපටය 1997 ජුලි මස 2 වැනි දා මුලින්ම නිකුත් වීමට නියමිතව තිබුණද එයින් පසු නිෂ්පාදන කාර්යන් නිකුත් වීමේ දිනය 1997 දෙසැම්බර් 19 වැනිදා දක්වා කල් ගියේය. ටයිටැනික් නිකුතුවේ දිනය කල් යෑම පිළිබඳ පුවත සැල වීමත් සමග මුද්‍රණාලය ටයිටැනික් අසාර්ථකවේ යැයිද එය Fox සහ Paramount ආයතන වල වැටීමට හේතු වේ යැයි ද විශ්වාස කළේය. සියලු සුන්වූ බලාපොරොත්තු මැද ටයිටැනික් චිත්‍රපටය චිවේචනාත්මක වශයෙන් සහ වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපටයක් බවට පත්විය. එය ‘ඇකඩම් සම්මාන’සඳහා යෝජිත නම් අතරට 14 වතාවක් එකතු වෙමින් ඇකඩම් සම්මාන සඳහා වැඩියෙන්ම යෝජනා වු චිත්‍රපටය බවට පත්විය. ටයිටැනික් චිත්‍රපටය හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය ඇතුළුව ඇකඩම් සම්මාන 11 ක් ජයග්‍රහණය කළේය. එමෙන්ම එය ලොව වටා ඩොලර් බිලියන 1.8ක ආදායමක් ලබමින් මෙතෙක් වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවටද පත්විය.

Address

Gimhae

Website

Alerts

Be the first to know and let us send you an email when ලෙව්මිත /lewmitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share