Cake Tools & Ingredients

Cake Tools & Ingredients _ℂ𝕒𝕜𝕖 𝕚𝕤 𝕒𝕝𝕨𝕒𝕪𝕒 𝕒 𝕘𝕠𝕠𝕕 𝕚𝕕𝕖𝕒_

_ෆෘට්_කේක්_නිවැරදිව_සාදන_ආකාරය_(1 kg)අවශ්‍ය ද්‍රව්‍ය :-                          •පාන් පිටි          - 250g             ...
20/10/2023

_ෆෘට්_කේක්_නිවැරදිව_සාදන_ආකාරය_(1 kg)

අවශ්‍ය ද්‍රව්‍ය :-
•පාන් පිටි - 250g
•බටර් - 250g
•සීනි - 250g
•ලොකු බිත්තර - 4
•කජු - 15g - 20g
•වියලි මිදි - 30g
•කොල චෙරි - 60g
•රතු චෙරි - 60g (වියළි පලතුරු කැබළි 130g)
•බේකින් පවුඩර් - තේ හැදි 2
•වැනිලා - තේ හැදි 1 1/2
•ආමන්ඩ් එසන්ස්- බින්දු 3 - 4

සාදා ගන්නා ආකාරය :

• චෙරි,කජු සහ වියළි මිදි එක ගානට කපා ගන්න.
• ඉන් පසු පාන් පිටි මේස හැදි 5කට පමන කපා ගත් පලතුරු ටික කවලම් කරන්න. (ඔබ යොදා ගන්නේ වියළි පලතුරු කැබලි නම් ඒවාත් පාන් පිටි වලට කවලම් කරගන්න)
• ඉන් පසු බටර් කේක් සාදන ආකාරයට මිශ්‍රණය සාදා ගන්න. (කලින් පෝස්ට් එකක් දැම්මා බටර් කේක් සාදන ආකාරය පිළිබදව)
• පසුව එම මිශ්‍රණයට spatula එකක් ආදාරයෙන් පාන් පිටි සමග කවලම් කර ගත් පලතුරු හෝ වියළි පලතුරු ටික කවලම් කරගන්න.
• ඉන්පසු pre heat කරගත් අවන් එකක තැටියට දා ගත් කේක් මිශ්‍රණය 180°c විනාඩි 45ක් බේක් කරගන්න.

✍️ A & S Cakes By ShAshee-Ambalantota
https://www.facebook.com/profile.php?id=100075863121661&mibextid=LQQJ4d

_ස්පොන්ච්_කේක්_නිවැරදිව_සාදන_ආකාරය_ (1 kg)අවශ්‍ය දේවල් :           • සීනි - 250g           • කේක් පිටි (පාන් පිටි) - 200...
17/08/2023

_ස්පොන්ච්_කේක්_නිවැරදිව_සාදන_ආකාරය_ (1 kg)

අවශ්‍ය දේවල් :

• සීනි - 250g
• කේක් පිටි (පාන් පිටි) - 200g
• ලොකු බිත්තර - 08
• බේකින් පවුඩර් - තේ හැඳි 2
• වැනිලා - තේ හැදි 1 1/2
• ලුණු - තේ හැදි 1/2
• දෙහි බිංදු කිහිපයක් (අවශ්‍ය නම් පමණි)

සාදන ආකාරය :
• පලමුව කේක් සාදා ගැනීමට භාවිතා කරනු ලබන කේක් තැටි බේකින් පේපර්ස් දමා සූදානම් කර පසෙකින් තබාගන්න.
• අනතුරුව කේක් පිටි සහ බේකින් පවුඩර් එකට දමා හොඳින් කලවම් වන පරිදි තෙවරක් හලා ගෙන පසෙකින් තබා ගන්න.
• පසුව හොදින් පිරිසිදු කොට වේලාගත් භාජන දෙකක් ගෙන බිත්තර සුදු මද එක් භාජනයකටත් බිත්තර කහ මද අනෙක් භාජනයටත් වශයෙන් වෙන්කර ගන්න.
(මේ අතරතුර අවන් එක 180c° ට විනාඩි 15-20 ක් පමණ pre heat කරගන්න.)
• මුලින් වෙන්කරගත් බිත්තර කහ මද සහිත භාජනය ගෙන එයට සීනි භාගයක්( 125g ) දමා ක්‍රීම් එකක් වනතුරු හොදින් බීට් කර බේකින් පව්ඩර් දමා හලාගත් පිටි මිශ්‍රණය ද කොටස් වශයෙන් එක්කර ගනිමින් එකම දිශාවට හොදින් කලවම් කර පසෙකින් තබා ගන්න.
• අනතුරුව වෙන්කර ගත් බිත්තර සුදු මද සහිත භාජනයට ඉතිරි සීනි භාගය (125g) දමා සුදු පාට හිම මෙන් වනතුරු හයි ස්පීඩ් හොඳින් බීට් කරගන්න. (බීටරය ඉහළට එසවූ විට මිශ්‍රණය බිමට වැටෙන්නේ නැතිනම් පදම හරි)
• පසුව හිම මෙන් සාදාගත් බිත්තර සුදු මද මිශ්‍රණයද පිටි එකතුකොට සාදා ගත් කහ මද මිශ්‍රණයටම දමා වැනිලා,ලුණු සහ දෙහි බිංදු කිහිපයක් එක්කොට හොදින් කලවම් කරගන්න.
• අවසාන වශයෙන් මුලින් සූදානම් කරගත් කේක් තැටියට සාදාගත් කේක් මිශ්‍රණය දා ගත් පසුව pre heat කරගත් අවන් එකේ 180c° විනාඩි 45ක් පමණ බේක් කරගන්න.
✍️A & S Cakes By ShAshee-Ambalantota
https://www.facebook.com/profile.php?id=100075863121661&mibextid=LQQJ4d

_රිබන්_කේක්_නිවැරදිව_සාදන_ආකාරය_ (1kg)අවශ්‍ය ද්‍රව්‍ය :-  • බටර් - 250g                         • කේක් පිටි (පාන් පිටි) ...
29/07/2023

_රිබන්_කේක්_නිවැරදිව_සාදන_ආකාරය_ (1kg)

අවශ්‍ය ද්‍රව්‍ය :- • බටර් - 250g
• කේක් පිටි (පාන් පිටි) - 250g
• සීනි - 250g
• බිත්තර - 4
• වැනිලා - තේ හැදි 1 1/5
• බේකින් පවුඩර් - තේ හැදි 2
• කිරි (Fresh milk) - 75ml
• පාට දෙකක කලරින් (කැමති colours)

සාදන ආකාරය :

• පලමුව කේක් සාදා ගැනීමට භාවිතා කරනු ලබන කේක් තැටි බේකින් පේපර්ස් දමා සූදානම් කර පසෙකින් තබාගන්න.
• අනතුරුව කේක් පිටි සහ බේකින් පවුඩර් එකට දමා හොඳින් කලවම් වන පරිදි තෙවරක් හලා ගෙන පසෙකින් තබා ගන්න.
• ඉන්පසුව කාමර උෂ්ණත්වයේ ඇති බටර් සහ සීනි භාජනයකට දමා මිශ්‍රණය ලා කහ පැහැ වනතුරු හොඳින් එකම අතට බීට් කරන්න.
• පසුව බිත්තර එක බැගින් ගෙන සුදු මද වෙන්කොට වෙනත් භාජනයකට දමා සීනි සහ බටර් මිශ්‍රණයට කහ මදය එක් කරන ගමන් හොදින් බීට් කරගන්න.
(මේ අතරතුර අවන් එක 180c° ට විනාඩි 15-20 ක් පමණ pre heat කරගන්න.)
• දැන් එම මිශ්‍රණයට බේකින් පවුඩර් එක්කොට මුලින් හලා වෙන්කරගත් පිටි ටික සහ කිරි ටික කොටස් වශයෙන් එක් කරගන්න.
• අනතුරුව මුලින් වෙන්කරගත් සුදුමද ටික ගෙන බීටරයේ වේගය වැඩිකොට හොදින් බීට් කර (හිම මෙන්) මුලින් සාදාගත් මිශ්‍රණයට එකතු කරගන්න.
• පසුව සාදාගත් මිශ්‍රණය කොටස් දෙකකට වෙන්කොට colours දෙක එක් කරන්න.
• අවසාන වශයෙන් මුලින් සූදානම් කරගත් කේක් තැටියට සාදාගත් කේක් මිශ්‍රණ දා ගත් පසුව pre heat කරගත් අවන් එකේ 180c° විනාඩි 45ක් පමණ බේක් කරගන්න.

_රිබන් කේක් එක සදහා අවශ්‍ය බටර් අයිසින් සාදා ගන්නා ආකාරය_

• කේක් එක හොඳින් නිවුනු පසු කේක් එක මැදට අයිසිං දමා සරසා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:
• බටර් - 50g
• අයිසින් සීනි - 150g
• වැනිලා - තේ හැදි 1
• කිරි (Fresh milk) - තේ හැදි 2

සාදන ආකාරය :
• කාමර උෂ්ණත්වයේ පතින බටර් 50g හොදින් බීට් කර අයිසින් සීනි 150g, වැනිලා සහ කිරි එක්කර බීට් කරගන්න.
• මුලුන් colours යොදා සදාගත් කේක් දෙක හොඳින් නිවුනු පසුව මැද අයිසින් layer එක දමා සාදා ගන්න.
✍️A & S Cakes By ShAshee-Ambalantota
https://www.facebook.com/profile.php?id=100075863121661&mibextid=LQQJ4d

_චොක්ලට්_කේක්_නිවැරැදිව_සාදන_ආකාරය_ (1 kg)අවශ්‍ය ද්‍රව්‍ය -        •බටර් - 250g       •සීනි - 250g       •ලොකු බිත්තර - ...
25/07/2023

_චොක්ලට්_කේක්_නිවැරැදිව_සාදන_ආකාරය_ (1 kg)

අවශ්‍ය ද්‍රව්‍ය -
•බටර් - 250g
•සීනි - 250g
•ලොකු බිත්තර - 4
•කේක් පිටි (පාන් පිටි) - 200g
•Chocolate powder - 50g
•බේකින් පවුඩර් - තේ හැදි 02
•බේකින් සෝඩා - තේ හැදි 1/2
•වැනිලා - තේ හැදි 02
•කිරි(Fresh milk) - 75ml

සාදන ආකාරය:
•පළමුව කේක් සාදා ගැනීමට භාවිතා කරනු ලබන කේක් තැටි බේකින් පේපර්ස් දමා සූදානම් කර පසෙකින් තබාගන්න.
•අනතුරුව කේක් පිටි, chocolate powder, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එකට දමා හොඳින් කලවම් වන පරිදි තෙවරක් හලා ගෙන පසෙකින් තබා ගන්න.
•ඉන්පසුව කාමර උෂ්ණත්වයේ ඇති බටර් සහ සීනි භාජනයකට දමා මිශ්‍රණය ලා කහ පැහැ වනතුරු හොඳින් එකම අතට බීට් කරන්න.
•පසුව බිත්තර එක බැගින් ගෙන සුදු මද වෙන්කොට වෙනත් භාජනයකට දමා සීනි සහ බටර් මිශ්‍රණයට කහ මදය එක් කරන ගමන් හොදින් බීට් කරගන්න.
(මේ අතරතුර අවන් එක 180c° ට විනාඩි 15-20 ක් පමණ pre heat කරගන්න.)
•දැන් එම මිශ්‍රණයට චොක්ලට් පව්ඩර්, බේකින් පවුඩර් , බේකින් සෝඩා එක්කොට මුලින් හලා වෙන්කරගත් පිටි ටික සහ කිරි ටික කොටස් වශයෙන් එක් කරගන්න.
•අනතුරුව මුලින් වෙන්කරගත් සුදුමද ටික ගෙන බීටරයේ වේගය වැඩිකොට හොදින් බීට් කර (හිම මෙන්) මුලින් සාදාගත් මිශ්‍රණයට එකතු කරගන්න.
•අවසාන වශයෙන් මුලින් සූදානම් කරගත් කේක් තැටියට සාදාගත් කේක් මිශ්‍රණය දා ගත් පසුව pre heat කරගත් අවන් එකේ 180c° විනාඩි 45ක් පමණ බේක් කරගන්න.
✍️ A & S Cakes By ShAshee-Ambalantota
https://www.facebook.com/profile.php?id=100075863121661&mibextid=LQQJ4d

_බටර්_කේක්_නිවැරදිව_සාදන_ආකාරය_ (1kg)අවශ්‍ය ද්‍රව්‍ය :      • බටර් - 250g                          • කේක් පිටි (පාන් පිට...
22/07/2023

_බටර්_කේක්_නිවැරදිව_සාදන_ආකාරය_ (1kg)

අවශ්‍ය ද්‍රව්‍ය : • බටර් - 250g
• කේක් පිටි (පාන් පිටි) - 250g
• සීනි - 250g
• ලොකු බිත්තර - 4
• කිරි පිටි - 75ml
• වැනිලා තේ හැදි - 2
• බේකින් පවුඩර් තේ හැදි - 2

සාදන ආකාරය:-
• පළමුව කේක් සාදා ගැනීමට භාවිතා කරනු ලබන කේක් තැටි බේකින් පේපර්ස් දමා සූදානම් කර පසෙකින් තබාගන්න.
• අනතුරුව බේකින් පවුඩර් සහ පාන් පිටි එකට එක්කර හොදින් කලවම් වන පරිදි තෙවරක් හලාගන්න.
• ඉන් පසුව කාමර උෂ්ණත්වයේ ඇති බටර් සමග සීනි භාජනයකට දමා විනඩි 3-4ක් පමණ මිශ්‍රණය ලා පැහැති වනතුරු බීට් කරගන්න.
• පසුව බිත්තර එක බැගින් ගෙන සුදු මද වෙන්කොට වෙනත් භාජනයකට දමා සීනි සහ බටර් මිශ්‍රණයට කහ මදය එක් කරන ගමන් හොදින් බීට් කරගන්න.
(මේ අතරතුර අවන් එක 180c° ට විනාඩි 15-20 ක් පමණ pre heat කරගන්න.)
• දැන් එම මිශ්‍රණයට බේකින් පවුඩර් එක්කොට හලාගත් පිටි ටික සහ කිරි කොටස් වශයෙන් එක් කරගන්න.
• අනතුරුව මුලින් වෙන්කරගත් සුදුමද ටික ගෙන බීටරයේ වේගය වැඩිකොට හොදින් බීට් කර (හිම මෙන්) මුලින් සාදාගත් මිශ්‍රණයට එකතු කරගන්න.
• අවසාන වශයෙන් මුලින් සූදානම් කරගත් කේක් තැටියට සාදාගත් කේක් මිශ්‍රණය දා ගත් පසුව pre heat කරගත් අවන් එකේ 180c° විනාඩි 45ක් පමන බේක් කරගන්න.
• විනාඩි 45කට පසු ටූත්පික් එකක් ආධාරයෙන් කේක් එක බේක් වී ඇත්දැයි යන්න පරීක්ෂා කරන්න.
✍️A & S Cakes By ShAshee-Ambalantota https://www.facebook.com/profile.php?id=100075863121661&mibextid=LQQJ4d

Address

No. 01, First Lane, Ussangoda Janaudana Village, Lunama
Ambalantota
159

Telephone

+94767218313

Website

Alerts

Be the first to know and let us send you an email when Cake Tools & Ingredients posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share