Paradise Ampara

Paradise Ampara in Ampara, Sri Lanka
(1)

නිවාඩු දවසට මම 🙊🥰
09/07/2023

නිවාඩු දවසට මම 🙊🥰

ගිනස් වාර්තා පොතට ඇතුලත් වූ යෝධ මඩුවා..කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමුවුණු අඩි 13 දිග රාත්තල් 661 ක් බර මිරිදිය මඩුවා, ලොව ...
25/06/2023

ගිනස් වාර්තා පොතට ඇතුලත් වූ යෝධ මඩුවා..

කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමුවුණු අඩි 13 දිග රාත්තල් 661 ක් බර මිරිදිය මඩුවා, ලොව විශාලතම මත්ස්‍යයා ලෙස ගිනස් වාර්තා අතරට එක් කර ගැනීම 2022 ජූනි මස 28 වන දින සිදුවිය.

මිකොං ගංගාවේ ධීවරයන් කණ්ඩායමකට මෙම යෝධ මඩුවා හමුවූයේ 2022 ජුනි මස 13 වැනිදා උතුරු දිග කාම්බෝජයේ ත්සං ත්‍රෙංග් පළාතෙනි. එම අවස්ථාවේදී එය ලොව ප්‍රධාන පෙළේ පුවතක් බවට ද පත් විය.

ගිනස් කමිටුවේ ද අවධානය මඩුවා වෙත යොමු වුණු අතර ඔවුන් 2022 ජුනි මස 28 වන දිනයේ ලොව විශාලතම මිරිදිය මත්ස්‍යා ලෙස මෙම මඩුවා ඔවුන්ගේ වාර්තා අතරට එක් කළේය.

කාම්බෝජ වැසියන් මෙම යෝධ මඩුවා ‘බොරාමි’ යන නමින් නම් කර ඇති අතර එහි අර්ථය ‘පුර සඳ’ ය. සත්ව විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ ‘බොරාමි’ දුර්ලභ ගන්නේ මිරිදිය මඩුවකු බවය.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් )

"මත්ස්‍ය ලෝකයේ සුන්දරත්වය විඳ ගැනීමට සහ මත්ස්‍ය ලෝකයට අයත් බොහෝ විස්තර පිළිබඳව දැන ගැනීමට කැමති ඔබට ඔබ නොදත් බොහෝ කරුණු පිළිබඳව මනා දැනුමක් ලබාදීම Paradise Ampara facebook පිටුවෙහි අරමුණයි. එමෙන්ම ඔබගේ අනෙක් මිතුරන් දැනුවත් කිරීම සදහා මෙය share කර මෙම පිටුව like කර මා හා එක්වන ලෙස ඔබ සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...."

ඔබ සැමට සුභ දවසක් වේවා !
ස්තූතියි...🙏

24/06/2023

🥰

සුරතල් මත්ස්‍ය ලොවේ වලි කාරයෝ.මාළු ඇතිකරන එක අපි ගොඩක් දෙනෙක්ගේ විනෝදාංශයක්. ඉතින් මේ මාළු ඇතිකරන එකත් පටන් ගත්තා වගේ නෙ...
20/06/2023

සුරතල් මත්ස්‍ය ලොවේ වලි කාරයෝ.

මාළු ඇතිකරන එක අපි ගොඩක් දෙනෙක්ගේ විනෝදාංශයක්. ඉතින් මේ මාළු ඇතිකරන එකත් පටන් ගත්තා වගේ නෙමෙයි, දිගටම කරගෙන යන්න ගියාම ගැටළු ගොඩයි. ඔන්න ලස්සනට ඇක්වේරියම් එකේ පීන පීන ඉන්න මාළු ජෝඩුවක් අපේ ටැංකියෙත් හැදුන නම් එල කියලා අපි අලුත් මාළු ජෝඩුවක් ගෙනත් අපේ ටැංකියට දානවා. අනේ ටික දවසකින් එක්කෝ අර මාළු අනෙක් මාළුන්ව කනවා. නැතිනම් අපේ ටැංකියේ ඉන්න මාළු අර අලුත් උන්ට ඇටෑක් කරනවා. ඉතින් මාළු ලෝකයෙත් ඒ විදිහේ අනිකාව නොරුස්සන, තමන්ගේ පැටවුන් පවා නොරුස්සන, හිරිහැර කරන තිරිසන් මාළු එමට ඉන්නවා.

මේ මාළුන් කලහකාරි වුණාට මේ මාළුන් ලොව පුරා විසිතුරු මත්ස්‍ය ලෝලීන් විසින් ඇතිදැඩි කරනවා. උන්ව වෙන්කරලා, නිසි කලට පෝෂණය ලබා දීලා ඒ එකට ඉන්න පුළුවන් සත්තු එකට දාලා ඇති කළොත් මේ ටිකක් කළබල සතුන් වුණත් අවුලක් නැතුව එකට දාන්නට පුළුවන්. ඉතින් මේ මාළු මාළු අතර පවා යම් යම් සීමා මායිම් වලට, ආහාර වලට රණ්ඩු දබර වෙනවා. ඒත් මාළු ඇතිකරන අපි ටිකක් අවබෝධයෙන් මාළු ඇති කළොත් වලි නැති සාමකාමී මාළු ටංකියක් අපිට හදාගන්නට පුළුවන් වෙනවා.
අපි අද එවැනි මාළුන් කිහිපයක් ගැන විස්තර ටිකක් දැන ගමු.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් )

"මත්ස්‍ය ලෝකයේ සුන්දරත්වය විඳ ගැනීමට සහ මත්ස්‍ය ලෝකයට අයත් බොහෝ විස්තර පිළිබඳව දැන ගැනීමට කැමති ඔබට ඔබ නොදත් බොහෝ කරුණු පිළිබඳව මනා දැනුමක් ලබාදීම Paradise Ampara facebook පිටුවෙහි අරමුණයි. එමෙන්ම ඔබගේ අනෙක් මිතුරන් දැනුවත් කිරීම සදහා මෙය share කර මෙම පිටුව like කර මා හා එක්වන ලෙස ඔබ සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...."

ඔබ සැමට සුභ දවසක් වේවා !
ස්තූතියි...🙏

Good Night 🌙 මොනතරම් බාධක ආවත් ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් ගත් උත්සාහ කවදාවත් අත්හරින්න එපා.❤️
20/06/2023

Good Night 🌙

මොනතරම් බාධක ආවත් ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් ගත් උත්සාහ කවදාවත් අත්හරින්න එපා.❤️

20/06/2023

Koi world 🥺😍

ලොව සුන්දරම සුරතල් මසුන් දස දෙනා ❤️"මත්ස්‍ය ලෝකයේ සුන්දරත්වය විඳ ගැනීමට සහ මත්ස්‍ය ලෝකයට අයත් බොහෝ විස්තර  පිළිබඳව දැන ග...
19/06/2023

ලොව සුන්දරම සුරතල් මසුන් දස දෙනා ❤️

"මත්ස්‍ය ලෝකයේ සුන්දරත්වය විඳ ගැනීමට සහ මත්ස්‍ය ලෝකයට අයත් බොහෝ විස්තර පිළිබඳව දැන ගැනීමට කැමති ඔබට ඔබ නොදත් බොහෝ කරුණු පිළිබඳව මනා දැනුමක් ලබාදීම Paradise Ampara facebook පිටුවෙහි අරමුණයි. එමෙන්ම ඔබගේ අනෙක් මිතුරන් දැනුවත් කිරීම සදහා මෙය share කර මෙම පිටුව like කර මා හා එක්වන ලෙස ඔබ සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...."

ඔබ සැමට සුභ දවසක් වේවා !
ස්තූතියි...🙏

18/06/2023

Ballerina triger fish 🐠❤️

මඩුවා ( Skate fish )මහ මුහුදේ, වෙරළාසන්න මුහුදු තීරයේ සහ දූපත් ආශ්‍රිතව ජලය තුළ පක්ෂීන් මෙන් පියාසර කරන සත්ව විශේෂයක් ඇත...
18/06/2023

මඩුවා ( Skate fish )

මහ මුහුදේ, වෙරළාසන්න මුහුදු තීරයේ සහ දූපත් ආශ්‍රිතව ජලය තුළ පක්ෂීන් මෙන් පියාසර කරන සත්ව විශේෂයක් ඇත. තවද උන් සැරිසරන්නේද ජලයෙහිමය. ගැඹුරු හෝ නොගැඹුරු සයුරේ පතුල් තුළ මෙන්ම, උණුසුම් හෝ ශීත ජලය තුළත්, ඊට අමතරව ඇතැම් විල් සහ ගංගාවලත් උන්ව දැකගත හැක. අප කතා කරමින් සිටින්නේ කවර මත්ස්‍ය විශේෂය ගැනද? එනම් මඩුවන් ගැනයි. මුහුදේ සැරිසරන මත්ස්‍යයන් වුවද, උන්ගේ ගමන පියාසර කරන පක්ෂීන්ගේ ගමන මෙනි.

මඩුවෙකු දැකගැනීමේ භාග්‍යය ගැඹුරු මුහුදේ කිමිදෙන්නෙකුට හෝ ධීවරයෙකුට පමණක් සීමා වී නැත. ඇතැම්විට ඒ සඳහා ජලය තුළට බැසීම අවශ්‍ය වන්නෙත් නැත. මන්ද සමුද්‍ර ජීවවිද්‍යාඥ බාට් පවසන පරිදි, මුහුදු වෙරළේ සිට බලන විට පවා, උන් ජලයෙන් ඉවතට පැන කෙටි දුරක් පියාසර කරන්නාක් මෙන් ගමන් කරන ආකාරය දැකගත හැකි නිසාය.

මඩු විශේෂ සිය ගණනක් ඇත. උන් ප්‍රමාණයෙන් සහ හැඩයෙන් එකිනෙකාට වෙනස් වේ. සමහරුන් අඟල් කිහිපයක් පමණක් දිගය. තවත් සමහරුන් අඩි කිහිපයක් දිගය. උන් දෙස හොඳින් බලන විට, උන්ගේ කිට්ටු නෑයෙකු වන මෝරාට සමාන හැඩහුරුවක් ඇති බව පැහැදිලි වේ. බොහෝ මත්ස්‍යයන් මෙන් නොව, මඩුවෙකුගේ බිත්තර එම ගැහැනු සතාගේ සිරුර තුළම සංසේචනය කෙරේ. එක් කුඩා මඩු වර්ගයක් (ස්කේට්), සංසේචනය වූ බිත්තර දමයි. තවත් මඩු වර්ගයන් පැටවුන් ප්‍රසූත කරයි. ඒ මඩු විශේෂයන්වල පැටවුන් ගැහැනු සතාගේ සිරුර තුළදීම බිත්තරයෙන් පිටතට පැමිණෙන අතර, ලොකු සතාගේ සමානත්වයෙන් යුත් පැටවෙක් ලෙස ප්‍රසූත වේ.

මඩුවන් අතුරින් වඩාත්ම ජනප්‍රිය මඩු වර්ගයක් ගැන දැන් සලකා බලමු. මෙම වර්ගය අස්ථිවලින් තොරව සෑදී ඇති අතර උන්ගේ කාටිලේජවලින් යුත් සිරුරුවල, හිස සිට වලිගයේ මුල දක්වා වරල් දෙපැත්තෙන්ම විහිදේ. මෙම මඩු වර්ගය විවිධාකාර හැඩයන් ගනී. ඇතැම්විට උන් දියමන්තියක හැඩයට බෙහෙවින් සමාන වේ. එසේ නැතහොත් වෘත්තාකාර හැඩයක් ගනී. තවත් එක් වර්ගයක පෙනුම වලිගයක් සහිත සරුංගලයක් මෙන්ය. උන්ගේ සිරුරු ඉතා පැතලි නිසා, උන්ට පහසුවෙන්ම ජලය කපාගෙන එහා මෙහා ගමන් කළ හැකි අතර, උන්ගේ වරල් වැනෙනසුලු නිසා, පියාසර කරන්නාක් මෙන් ජලය තුළ කිසිදු ආයාසයකින් තොරව ගමන් කිරීමටද හැකියාව ලබා දේ. මඩුවෝ එහා මෙහා ගමන් නොකරන අවස්ථාවන්හිදී, මුහුදු පතුලේ ඇති වැලිවල සැඟවී සිටිති.

සාමාන්‍ය මඩුවන්ගේ ඇස් පිහිටා තිබෙන්නේ උන්ගේ හිස මතුපිට වන අතර, උන්ගේ මුඛය පිහිටා ඇත්තේ ශරීරයේ යට පැත්තෙහිය. උන්ට ඉතා ශක්තිමත් දත් සහ හක්කක් ඇති අතර, බෙල්ලන් පහසුවෙන් බිඳ අනුභව කිරීමට උන් සමත්ය. බෙල්ලන් උන්ගේ ප්‍රියතම ආහාරය වන අතර, මුතු බෙල්ලන් පරයක් වුවත් වනසා දැමීමට උන්ට පුළුවන්. මනුෂ්‍යයන් විසින් මඩුවන්ව ආහාරයට ගන්නා අතර, ඇතැම්විට, ආහාර පිළියෙළ කිරීමේදී බෙල්ලන් සඳහා විකල්පයක් වශයෙන්ද උන්ව යොදාගැනේ.

සාමාන්‍යයෙන් මඩුවෙකුගේ දිගු වලිගයේ අග, තියුණු විෂ සහිත කූරු පිහිටා ඇත. යම් හෙයකින් මඩුවෙකුව පෑගුණොත්, සතුරන්ගේ තර්ජනයට උන්ව ලක් වූවොත් නැත්නම් ඌට අඩන්තේට්ටම් කළහොත්, උගේ විෂ සහිත වලිගයෙන්, වේදනා ඇති කරවන පහරක් එල්ල කිරීමට ඌ කිසිවිටක පසුබට වන්නේ නැත. එම පහරින් ඇති වන ගැඹුරු තුවාලවල මෙම කූරු තදින් කා වැදී තුවාලය තුළටම කිදා බසින නිසා, ඒවා ඉවත් කිරීම ඉතාමත් අසීරු කාර්යයකි. තවද එම තුවාලවලට නිසි ලෙස ප්‍රතිකාර නොකළේ නම්, ඒවා බරපතළ විය හැක. මඩුවෙකුගේ විෂ සහිත කූරුවලින් ඔබ පහර කෑවොත්, සාමාන්‍ය ජලයෙන් නැත්නම් මුහුදු ජලයෙන් තුවාලය හොඳින් සෝදන්න. ඉන් පසුව, හැකි ඉක්මනින් ඔබේ සිරුරට දැරිය හැකි උපරිම උෂ්ණත්වයෙන් යුත් උණු ජලයෙන් තුවාලය තවන්න. මෙසේ කිරීමෙන් ඇනී තිබෙන කූරුවල විෂ ඉවත් වන අතර, එයින් හටගන්නා වේදනාවද යම් දුරකට අඩු කරයි. ඉන්පසුව, හැකි ඉක්මනින් රෝගියා වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න.

මෙවැනි භයානක කූරුවලින් යුත් වලිගයක් ඇති නිසා, ඇතැම්විට ඔබ තුළ මෙම මත්ස්‍යයා ගැන බියක් ඇති විය හැක. එනමුත්, මඩුවන් සාමාන්‍යයෙන් කලහකාරි ස්වරූපයක් පෙන්වන්නේ නැත. උන් තම වලිගයෙන් පහර ගසන්නේ බියට පත් වූ අවස්ථාවන්හිදී පමණි. මඩුවන්ගෙන් කිසිදු හිරිහැරයක් සිදු නොවන බව මෙම ලිපියෙහි මුලින් සඳහන් කළ බාට්ගේ අද්දැකීම වී තිබේ. ඔහු සහ ඔහුගේ බිරිඳ කේමන් දූපත් අවට මුහුදු තීරයේ සාමාන්‍යයෙන් මඩුවන් එකතු වන ස්ථානයක පිහිනමින්, උන් සමඟ සෑහෙන වේලාවක් ගත කළෝය. බාට් මෙසේ පවසයි. “අපි අඩි 15ක් විතර ගැඹුරු මුහුදු පතුලේ දණගහගෙන උන්ට ආහාර දෙන්න පටන්ගත්තහම උන් අපේ වටේටම එක් රොක් වුණා! මං හිතන්නේ මඩුවන් 30ක් 40ක් විතර එතන ඉන්න ඇති. උන් අපේ ඇඟේ දැවටුණේ හරියට කෑම හොයන්නාක් මෙනි. කෑම ටිකක් ඕනෙ වුණහම උන් අපේ ඇඟේ හැප්පෙනවා. උන් හරිම හීලෑයි. හරිම ලස්සනයි. උන් අපට ඉහළින් යද්දී, බඩවල් අතගාන්න වුණත් ඉඩ දෙනවා.” කේමන් දූපත් අවට සිටින මඩුවන් සෑහෙන හීලෑ නිසා, උන්ගෙන් කිසිදු හිරිහැරයක් මෙතෙක් වාර්තා වී නැති බව බාට් සඳහන් කළේය.

අපගෙන් බහුතරයක් අද්දැකීම් ලත් කිමිදුම්කරුවන් නොවුවත්, නොගැඹුරු ජලයෙහි හෝ ලොව පුරා ඇති මින්මැදුරුවලින් මඩුවන් නැරඹීම තුළින් ආස්වාදයක් ලබාගත හැක. සමහර මින්මැදුරුවල මඩුවන්ව අල්ලා බැලීමට අවසර දෙන අතර, නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා උන්ගේ කූරු ගළවා ඇත. ෆ්ලොරිඩාවේ පැනමා නගරයේ තිබෙන මින් මැදුරක අයිතිකරුවෙක් වන රොන් හාඩි මෙසේ පවසයි. “ජීවමාන සතුන් පිළිබඳව තේරුම්ගැනීම සඳහා, උන්ව ප්‍රදර්ශනය කිරීම කොයිතරම් වැදගත්ද කියලා පෙන්වන්න අපිට තියෙන හොඳම උදාහරණය තමයි, මඩුවන්ව ප්‍රදර්ශනය කරන අපේ තටාකය. ඇත්තටම ගොඩක් මිනිස්සුන්ට මඩුවන් ගැන තියෙන්නේ පුදුම භයක්. ඒත් උන් පිළිබඳව කරන අපේ විස්තරයට ඇහුම්කන් දුන්නට පස්සේ හුඟාක් අය බිය සැක දුරු කරගන්නවා. එකෙක්ව ඇල්ලුවායින් පස්සේ, උන්ගේ ලස්සනට, ඒ වගේම උන්ගේ ගමනේ ලතාවට ඒගොල්ලන්ගේ සිත් ඇදිලා යනවා. මේ නිසා, ඊළඟට තියෙන ඩොල්ෆින් සන්දර්ශනයට සමහරුන් යන්නේ නැත්තේ, මඩුවන් එක්ක තවත් කාලය ගත කරන්න ආස වන නිසයි.”

මඩුවන් ගැන මෙම ලිපියෙන් ඔබ තොරතුරු රැසක් ඉගෙනගන්න ඇතැයි සිතමු. දැන් උන් සඳහා ඔබට තිබූ භයත් අඩු වී තිබෙනවා විය හැක. එනමුත්, උන් සාමාන්‍යයෙන් නොගැඹුරු, උණුසුම් සහිත ජලයෙහි වැලි අතරේ සැඟවී සිටින බව මතක තබාගන්න. එමනිසා, එවැනි තැන්වල වතුරේ බැස යද්දී, ඔබේ පාද ඔසවන්නේ නැතුව, වැල්ලෙහි ඇදෙන සේ ගමන් කරන්න. එසේ කිරීමේදී, ඔබගේ පැමිණීම මඩුවන්ට දැනී උන් සිටි තැනින් වහාම ඉවත් වෙනවා ඇත. තවද මේ නිසා හදිසියේ උන්ව පෑගීමෙන්, උන්ගේ කූරු ඇනීමෙන් ලබන වේදනාකාරි අද්දැකීමෙන් බේරීමටද ඔබට හැකි වේ.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් )

"මත්ස්‍ය ලෝකයේ සුන්දරත්වය විඳ ගැනීමට සහ මත්ස්‍ය ලෝකයට අයත් බොහෝ විස්තර පිළිබඳව දැන ගැනීමට කැමති ඔබට ඔබ නොදත් බොහෝ කරුණු පිළිබඳව මනා දැනුමක් ලබාදීම Paradise Ampara facebook පිටුවෙහි අරමුණයි. එමෙන්ම ඔබගේ අනෙක් මිතුරන් දැනුවත් කිරීම සදහා මෙය share කර මෙම පිටුව like කර මා හා එක්වන ලෙස ඔබ සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...."

ඔබ සැමට සුභ දවසක් වේවා !
ස්තූතියි...🙏

Address

Ampara

Telephone

+94704259912

Website

Alerts

Be the first to know and let us send you an email when Paradise Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Paradise Ampara:

Share