Shyamali Weerasooriya Arachchi

Shyamali Weerasooriya Arachchi Your Best Printing Solution

24/02/2023

දරුවො තරම් හයියක් !!!

දරුවො කියන්නේ මහ පුදුම හයියක්….

ජීවිතේ කවදාවත් කරන්න හිතපු නැති දේවල් කරන්න අපිව පොළඹවන මහ පුදුම ශක්තියක්. බැරි බව දැන දැනත් ආයෙ ආයෙ උත්සහා කරන්න අපිව පොළඹවන මහ පුදුම උත්තේජනයක්.

දරුවො කියන්නේ මහ පුදුම හයියක්…

නැගිට ගන්නවත් පණ නැතිව ඉන්න වෙලාවට උඩ පැනලා දුවන්න මතක් කරන මහ පුදුම ශක්තියක් . කෑගහලා අඬන්න, පෙරළි පෙරළි වැළපෙන්න හිතෙන වෙලාවටත් මහ හයියෙන් හිනාවෙන්න අපිව පොළඹවන මහා පුදුම උත්තේජනයක් .

දරුවො කියන්නේ මහ පුදුම හයියක්….

අතේ සතේ නැතත් තට්ටු මාළිගා හදන්න ගෙපැල කපන්න අපිව පොළඹවන මහ පුදුම මායාවක්, බිංදුවෙනුත් තවත් ටිකක් පහලට වැටිලා ඉද්දි කෝටි ගනන් හීන මවන්න අපිට මඟපෙන්වන අමුතුම ධෛර්යයක්.

දරුවො කියන්නේ මහ පුදුම හයියක්…

ආතක් පාතක් නැතිව ඔහේ පාවෙවී ඉන්න වෙලාවට ජීවිතයට මහා ලොකු ඉලක්ක හොයා දෙන අමුතුම මඟපෙන්වීමක්. කවදා කොහොම කරන්නද කියලා හිතපු ගොඩක් දේවල් , කෙරෙන තැනට අපිව බලෙන්ම තල්ලු කරන ආශ්චර්‍යමත් බලවේගයක්.

දරුවො කියන්නේ මහ පුදුම හයියක්. කවදාවත් කාටවත් කිසිමදේකට සමාන කරන්න බැරි විශ්වීය අරුමයක්. …

කිසිවෙකුට සමකල නොහැකි විශිෂ්ටතම ප්‍රථිඵලයක් වෙනුවෙන් කැපවෙනඅසමසම වූ අපගේ වැඩපිළිවෙළ
24/02/2023

කිසිවෙකුට සමකල නොහැකි
විශිෂ්ටතම ප්‍රථිඵලයක් වෙනුවෙන් කැපවෙන
අසමසම වූ අපගේ වැඩපිළිවෙළ

24/02/2023
12/01/2023

සයන්ස් කොලේජ් - මිද්දෙනිය
නව පන්ති ආරම්භය...




විමසීම් - 070 778 3777

Address

Hedaketiya
Angunakolapelessa
82220

Telephone

+94707783777

Website

Alerts

Be the first to know and let us send you an email when Shyamali Weerasooriya Arachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share