Regal Quality Seeds

Regal Quality Seeds Production and Distribution of Quality Seeds

සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!                                                      🌟2026🌟
01/01/2026

සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

🌟2026🌟

🌾රීගල් සීඩ්ස් බිත්තර වී
12/09/2025

🌾රීගල් සීඩ්ස් බිත්තර වී

🛑මෑ වගාව💢බිනරි BINARI பிணரி💢🔸දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශමෑ වර්ග ඉතා හොඳින් වගාකළ හැකි වන්නේ පහතරට තෙත්, අතර...
04/07/2025

🛑මෑ වගාව

💢බිනරි BINARI பிணரி💢

🔸දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
මෑ වර්ග ඉතා හොඳින් වගාකළ හැකි වන්නේ පහතරට තෙත්, අතරමැදි හා වියළි කලාපීය ප්‍රදේශවලය.
🔸පස
වැලි ලෝම් පස් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.6-7 අතර වීම වගාවට යෝග්‍ය වේ. ජල වහනය දුර්වල මැටි අධික පස වගාවට සුදුසු නැත
🔸බීජ අවශ්‍යතාවය
පඳුරු ආකාරයේ වර්ග – හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 17-20
වැල් ආකාරයේ වර්ග – හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 16-20
🔸තවාන් කළමනාකරණය
සෘජු රෝපණය බැවින් තවාන් පාලනයක් අවශ්‍ය නැත,
තෙත් කලාපය – මෝසම් වැසි වලින් පසු;
වියළි කලාපය – යල: වැසි සහිත වගාවන්හි – මාර්තු / අප්‍රේල්
වියළි කලාපය – වාරිමාර්ග යටතේ (යල කන්නය) – අප්‍රේල් / මැයි. නොවැම්බරයේ මහ අවසානය
🔸බිම් සැකසීම
සෙන්ටිමීටර් 15-20 පමණ ගැඹුරකට පස පෙරලා කැට පොඩිකර ගන්න. තද වර්ෂා කාලයන්හි ජලය රඳා සිටීමට ඉඩ ඇති ස්ථානවල උස් පාත්ති හෝ වැටි හා කාණු සකසාගන්න.
ජල සම්පාදනය යටතේ වගාකරන අවස්ථාවේදී වැටි හා කාණු සකසන්න. පාත්ති නොසාදා සමතලා බිමෙහි වගා කරන්නේ නම්, විශේෂයෙන් මහ කන්නයේදී ඉඩමෙහි ජලවහන කාණු සැකසීම වැදගත්ය.
🔸පැළ සිටුවීම
එක් වළකට බීජ 3 – 4 ක් පමණ එකිනෙකට තරමක් දුරින් සිටුවන්න. සිටවූ බීජවලට හොඳින් ජලය සපයන්න.බීජ පැළවී සති 2 කින් නිරෝගිමත් පැළ 2 ක් එක් වළක ඉතිරි කර අනෙක් පැළ ගලවා දමන්න.
🔸ආධාරක සැපයීම හා වැල් පුහුණු කිරීම
වැල් ආකාරයේ මෑ ප්‍රභේද සඳහා ආධාරක සැපයීම අවශ්‍යය. ඒ සඳහා අඩි 7 ක් පමණ උස ආධාරක කෝටු එක් වළකට එක බැගින් සිටුවා එම ආධාරක කෝටුවකට වැල් පුහුණු කිරීම හෝ තැනින් තැන ආධාරක කෝටු සිටුවා සිරස් අතට ලණු ඇද, ලණු දිගේ වැල් පුහුණු කරන්න.
🔸පරතරය
පඳුරු මෑ වර්ග – පේළි අතර සෙන්ටිමීටර් 60-75 සහ පැළ අතර සෙන්ටිමීටර් 20,
වැල් ආකාරයේ මෑ වර්ග – පේළි අතර සෙන්ටිමීටර් 90 සහ පැළ අතර සෙන්ටිමීටර් 30. ආධාරක කෝටු වෙත වැල් වැඩීමට සලසන්න.
🔸පොහොර
බීජ සිටුවීමට පෙර දිරාපත් වූ කාබනික පොහොර හෙක්ටයාරයට ටොන් 10 ක් පමණ යොදා පසට කළවම් කරන්න. එයට අමතරව පහත සඳහන් අන්දමට රසායනික පොහොරද වගාවට ලබා දෙන්න.
යෙදිය යුතු කාලය යුරියා
කි.ග්‍රෑම්./ හෙක් ත්‍රිත්ව සුපර් පොස්පේට්
කි.ග්‍රෑම්./ හෙක් මියුරියේට් ඔෆ් පොටෑෂ්
කි.ග්‍රෑම්./ හෙක්
මුලික පොහොර (සිටුවීමට දින 02 කට පෙර) 35 130 35
මතුපිට පොහොර (මසකට පසු) 55 – 35
🔸ජල සම්පාදනය
වගාවේ මුල් අවධියේ දී දින 4 කට වරක් බැගින් ද, ඉන්පසු සතියකට වරක් බැගින් ද, ජලය සපයන්න. පසෙහි තෙතමනය වැඩි වුවහොත් පාමුල කුණුවීමේ රෝගය වැළඳීමට ඉඩ තිබේ.
🔸වල් පැළෑටි පාලනය
සති 2 සහ 4 දී වගාවේ වල් පැළෑටි ඉවත් කරන්න.


🛑කැකිරි වගාව                                                                           💢මලී  MALEE மலீ 💢🔸දේශගුණික අවශ්‍ය...
04/07/2025

🛑කැකිරි වගාව

💢මලී MALEE மலீ 💢

🔸දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
උෂ්ණ පරිසර තත්ත්වයට ප්‍රිය කරන බෝගයකි. 300 – 350 C අතර උෂ්ණත්ව පරාසයක බෝගය සාර්ථකව වර්ධනය වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස්වූ ප්‍රදේශ දක්වා වගා කළ හැක. වසර පුරාම වගා කළහැකි බෝගයකි.
🔸පස
පුළුල් පරාසයක පස් වර්ග පවතින ඉඩම්වල වගා කළ හැකි වන අතරම කාබනික ද්‍රව්‍ය අඩංගු හොඳින් ජලවහනය වන පස වගාව සඳහා වඩාත් සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.5 – 7.5 අතර වීම සුදුසුය.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට බීජ ග්‍රෑම්. 500 ප්‍රමාණවත්ය. ග්‍රෑම්. 1.0 ක බීජ 90 – 100 අඩංගු වේ
🔸බිම් සැකසීම
සෙ.මී. 20-30 ගැඹුරට පස පෙරළා තරමක් රළු වයනයක් ඇති වන ලෙස කැට පොඩි කර දිග ,පළල,හා ගැඹුර සෙ.මී. 30 බැගින් වන පරිදි වළවල් සකස් කර, සැකසූ වළවල් දිරූ කාබනික ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයකින් පුරවා මතුපිට පස සමඟ මිශ්‍ර කර පොළව මට්ටමේ සිට සෙ.මී. 10 ක් පමණ උසට වළ මුදුන්කර ගන්න. සකසා ගත් වළවල් වල බීජ 3 – 4 පමණ සිටුවා ගන්න. සති 2 දී එක වළක සාර්ථකව වැඩී ඇති පැළ 2ක් පමණක් ඉතිරිවන ලෙස වැඩි පැළ ගලවා දමන්න.
🔸වගා කාලය
වසර පුරාම වගා කළහැකි ය.
🔸පරතරය
පැළ අතර මීටර් 1.0 පේළි අතර මීටර් 1.0
🔸ජල සම්පාදනය
බීජ පැළවන තෙක් දිනපතා ජලය යෙදීම අවශ්‍ය වේ. අවශ්‍යතාවය හා දේශගුණික තත්ත්ව අනුව දින 3 – 4 කට වරක් ජලය යෙදීම ප්‍රමාණවත්ය. අනවශ්‍ය ජල සම්පාදනය වැල් හා ගෙඩි කුණු වී යාමට හේතු විය හැකිය.
🔸වල් මර්ධනය
වගාව ස්ථාපනය කර මුල් කාලයේදී වල් පැළ පාලනය කිරීම වැදගත් වේ.වසුන් යෙදීම මඟින් ද වල් පැළ පාලනය කර ගත හැකි වේ.
🔸පළිබෝධ කළමනාකරණය
ඉල් මැස්සා,අවුලකපෝරා කුරුමිණියා, එපිලැක්නා කුරුමිණියා, කුඩිත්තා,සුදු මැස්සා
නිර්දේශිත කෘමිනාශක යෙදීම, ක්ෂේත්‍රය පිරිසිදුව පවත්වා ගැනීම,
🔸අස්වනු නෙලීම
ගෙඩි හොඳින් මේරූ විට පිහියක් වැනි ආයුධයකින් නටුව කපා නෙළාගන්න.
🔸අස්වැන්න
හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 20,000 – 25,000 කි
උපුටා ගැනීම :https://doa.gov.lk/sinhala-hordi-crop-kekiri/




වැඩි අස්වැන්නක් සඳහා, ගුණාත්මක  තත්ත්වයෙන් යුත්, ඉහළ පැළ වීමේ ප්‍රතිශතයක් සහිත, උසස් තත්ත්වයේ බීජ මිල දී ගැනීම සඳහා අප හ...
19/05/2025

වැඩි අස්වැන්නක් සඳහා, ගුණාත්මක තත්ත්වයෙන් යුත්, ඉහළ පැළ වීමේ ප්‍රතිශතයක් සහිත, උසස් තත්ත්වයේ බීජ මිල දී ගැනීම සඳහා අප හා එක්වන්න.

විමසීම් : (+94) 071-1779367 / 025-2249765

වැඩි අස්වැන්නක් සඳහා, ගුණාත්මක  තත්ත්වයෙන් යුත්, ඉහළ පැළ වීමේ ප්‍රතිශතයක් සහිත, උසස් තත්ත්වයේ බීජ මිල දී ගැනීම සඳහා අප හ...
18/05/2025

වැඩි අස්වැන්නක් සඳහා, ගුණාත්මක තත්ත්වයෙන් යුත්, ඉහළ පැළ වීමේ ප්‍රතිශතයක් සහිත, උසස් තත්ත්වයේ බීජ මිල දී ගැනීම සඳහා අප හා එක් වන්න.

විමසීම් : (+94) 071-1779367 / 025-2249765

📌සරෝජා 📌බණ්ඩක්කා බීජ⭕️⭕️⭕️අඩු මිලට වැඩි අස්වැන්නක්....               # vegetableseeds
10/05/2025

📌සරෝජා
📌බණ්ඩක්කා බීජ

⭕️⭕️⭕️අඩු මිලට වැඩි අස්වැන්නක්....

# vegetableseeds

⭕️ඉහළ පැළ වීමේ ප්‍රතිශතයකින් යුත්, උසස් තත්ත්වයේ බිත්තර වී...🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾⭕️මිල දී ගැනීම සඳහා  විමසීම් : 071-1779367   ...
25/04/2025

⭕️ඉහළ පැළ වීමේ ප්‍රතිශතයකින් යුත්, උසස් තත්ත්වයේ බිත්තර වී...
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

⭕️මිල දී ගැනීම සඳහා විමසීම් : 071-1779367

#බිත්තර වී #වී #2025 මහ #2025 යල

📌ගොවිතැන් කරන ඔබට ගැළපෙනම තෙල් ඉසින යන්ත්‍රය.📌ස්වයංක්‍රීය හා අතින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.📌2 in 1 Sprayer (Manual...
03/01/2025

📌ගොවිතැන් කරන ඔබට ගැළපෙනම තෙල් ඉසින යන්ත්‍රය.
📌ස්වයංක්‍රීය හා අතින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.
📌2 in 1 Sprayer (Manual and Automatic)

⚒️ Super Sale Alert! ⚒️📌Looking for Unbeatable Deals on Hardware Items...📌ඔබ‍ට අවශ්‍ය සියළුම හාඩ්වෙයාර් උපකරණ අපගෙන් මිල...
02/01/2025

⚒️ Super Sale Alert! ⚒️

📌Looking for Unbeatable Deals on Hardware Items...

📌ඔබ‍ට අවශ්‍ය සියළුම හාඩ්වෙයාර් උපකරණ අපගෙන් මිල දී ගත හැකිය.

📌තොග සහ සිල්ලරට

විමසීම් : 0711779367

Address

15C, Kagama Road, Narangallegama, Senapura
Anuradhapura
50284

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94711779367

Website

Alerts

Be the first to know and let us send you an email when Regal Quality Seeds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Regal Quality Seeds:

Share