Aurous Lanka Education

Aurous Lanka Education Knowledge 1st

ව්‍යාපාර පිලිබද ලිපි මාලාවේ දෙවන පාඩම...🤔 ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හේතු මොනවාද?“ඇයි ඔබට ව්‍යාපාරයක් කරන්න ඕනේ?”මෙය සරල ප...
22/07/2026

ව්‍යාපාර පිලිබද ලිපි මාලාවේ දෙවන පාඩම...

🤔 ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හේතු මොනවාද?

“ඇයි ඔබට ව්‍යාපාරයක් කරන්න ඕනේ?”

මෙය සරල ප්‍රශ්නයක් වගේ පෙනුනත්, සාර්ථකත්වය තීරණය කරන වැදගත්ම ප්‍රශ්නවලින් එකක්.

බොහෝ දෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ,

* “රැකියාව එපා” කියලා.😩
* “ඉක්මනින් සල්ලි හොයන්න” කියලා.🤩
* “අනිත් අය කරන නිසා” කියලා.😏
* “මිතුරෙක් කිව්වා” කියලා.🙃

👉 නමුත් මේ හේතු පමණක් ප්‍රමාණවත් නැහැ.

😎 සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ වන්නේ පැහැදිලි අරමුණකින් (Purpose).

සාර්ථක ව්‍යවසායකයෙකුහට මෙවැනි ප්‍රශ්න තිබෙන්නට ඕන.❓

✔️ මම විසඳන්න යන ගැටලුව මොකක්ද?

✔️ මගේ නිෂ්පාදනයෙන් හෝ සේවාවෙන් කාටද වටිනාකමක් ලැබෙන්නේ?

✔️ මගේ ව්‍යාපාරය වසර 5කට පස්සේ කොතැනද තිබිය යුත්තේ?

✔️ මම මුදල් පමණක් හොයනවද, නැත්නම් සමාජයටත් වටිනා දෙයක් නිර්මාණය කරනවද?

සැබෑ ව්‍යාපාරිකයෙක් භාණ්ඩයක් විකුණන්නේ නැහැ. ඔහු විසඳුමක් තමයි ලබා දෙන්නෙ.

උදාහරණයක් ලෙස,
ගොවීන්ට හොඳ තත්ත්වයේ යන්ත්‍ර, නිවැරදි උපදෙස් සහ විශ්වාසදායක සේවාවක් ලබා දෙන ව්‍යාපාරයක්, යන්ත්‍ර විකිණීමට වඩා ඔවුන්ගේ "නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ ආදායම වැඩි කිරීමට දායක වේ". ඒ නිසා පාරිභෝගිකයා නැවතත් එම ව්‍යාපාරය තෝරා ගනී.

මතක තබා ගන්න:

“ශක්තිමත් හේතුවක් (Why) ඇති ව්‍යාපාරයකට, දුෂ්කර කාලවලදීත් ඉදිරියට යාමේ ශක්තිය තිබේ.”

📚 ව්‍යාපාරය (Business) කියන්නේ මොකක්ද?🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔බොහෝ දෙනා සිතන්නේ “ව්‍යාපාරය” කියන්නේ භාණ්ඩ විකුණලා ලාභ ලබන එක කියලය...
18/07/2026

📚 ව්‍යාපාරය (Business) කියන්නේ මොකක්ද?
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

බොහෝ දෙනා සිතන්නේ “ව්‍යාපාරය” කියන්නේ භාණ්ඩ විකුණලා ලාභ ලබන එක කියලයි. නමුත් ඇත්ත ඊට වඩා ගැඹුරුයි.

ව්‍යාපාරය කියන්නේ, මිනිසුන්ගේ ගැටලුවක් හෝ අවශ්‍යතාවයක් හඳුනාගෙන, එයට වටිනා විසඳුමක් ලබාදීම සඳහා නිෂ්පාදන හෝ සේවාවන් සපයමින්, ඒ වෙනුවෙන් ආදායමක් උපයන ක්‍රියාවලියයි.

සාර්ථක ව්‍යාපාරයක මූලික කොටස් 4ක් තිබේ.

✅ පාරිභෝගිකයෙක් (Customer)�✅ ගැටලුවක් හෝ අවශ්‍යතාවයක් (Need/Problem)�✅ වටිනා විසඳුමක් (Value)�✅ ලාභයක් (Profit)

මතක තබා ගන්න…

ලාභය ලැබෙන්නේ මුදල් ඉල්ලූ නිසා නොවේ. ඔබ අන් අයට වටිනාකමක් ලබා දුන් නිසාය.

උදාහරණයක් ලෙස:
�☕ කෝපි කෝප්පයක් විකුණන්නේ කෝපි නොවෙයි. විකුණන්නේ අවදිවීම, රසයක් සහ අත්දැකීමක්.
�🚜 ගොවියෙකුට පොහොර විකුණන්නේ පොහොර නොවෙයි. විකුණන්නේ වැඩි අස්වැන්නක් සහ වැඩි ආදායමක්.
�🏭 රයිස් මිල් යන්ත්‍රයක් විකුණන්නේ යන්ත්‍රයක් නොවෙයි. විකුණන්නේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ වැඩි ලාභයක්.

සහල් සැකසුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් දැනුමින් සන්නද්ධ කිරිමේ අරමුණින් ඔරස් ලංකා එඩියුකේශන් ආයතනය( Aurous Lanka Education...
09/03/2026

සහල් සැකසුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් දැනුමින් සන්නද්ධ කිරිමේ අරමුණින් ඔරස් ලංකා එඩියුකේශන් ආයතනය( Aurous Lanka Education) විසින් පවත්වනු ලබන බිස්නස් කුප්පිය වැඩසටහන් මාලාවේ තුන්වන වැඩසටහන "ඔබේ වී ගබඩාවේ පලිබෝධ පාලනය" පිළිබඳ online වැඩමුළුව 2026.03.15 ඉරිදා රාත්‍රී 7.00 සිට පැවැත්වේ.

මෙම වැඩසටහන 100% නොමිලේ පවත්වනු ලබන අතර ආසන ප්‍රමාණය සීමිත බැවින් පහත ගූගල් පෝරමය පුරවා ඔබේ ආසනය ඉක්මනින් වෙන්කරවා ගන්න.

https://forms.gle/PY6LB1Ds64je9q4h9

වැඩිදුර විස්තර සදහා අමතන්න :-
077 166 4 862 නවීන්ද්‍ර නානායක්කාර.

බිස්නස් කුප්පිය - 2 “ඔබේ සහල් සන්නාමය සදහා GMP සහතිකයක්" යන කරුන යටතේ තරගකාරී වෙලදපල තුල ඔබේ සහල් සන්නාමයේ විකුනුම් වැඩි...
12/02/2026

බිස්නස් කුප්පිය - 2 “ඔබේ සහල් සන්නාමය සදහා GMP සහතිකයක්" යන කරුන යටතේ තරගකාරී වෙලදපල තුල ඔබේ සහල් සන්නාමයේ විකුනුම් වැඩිකරගන්න අපේ බිස්නස් කුප්පිය වැඩමූලූවට ඔබත් සහභාගිවෙන්න. පහතින් දක්වා ඇති WhatsApp Link එකෙන් group එකට එකතු වෙන්න.

https://chat.whatsapp.com/G9GK5c1JVyiCr4cOMUn66i?mode=gi_t

"බිස්නස් කුප්පිය " වැඩසටහන් මාලාවේ 2වන වැඩසටහන ඔන්න අපි අරගෙන එනවා පෙබරවාරි 15 වන ඉරිදා දිනයේ. සහල් සැකසුම් ක්ශේත්‍රයේ න...
09/02/2026

"බිස්නස් කුප්පිය " වැඩසටහන් මාලාවේ 2වන වැඩසටහන ඔන්න අපි අරගෙන එනවා පෙබරවාරි 15 වන ඉරිදා දිනයේ. සහල් සැකසුම් ක්ශේත්‍රයේ නිරත සුලූ හා මධ්‍ය පරීමාන සහල් මෝල් හිමි ඔබගේ සහල් සන්නාමයේ අගය වැඩි කරන GMP( යහපත් නිශ්පාදන පිලිවෙත්) සදහා වූ සහතික කරනය පිලිබද ඔබට මෙහිදි පුලූල් අවබෝධයක් ලබගැනිමට පුලුවන්. Online zoom යෙදවුම හරහා වැඩසටහන පවත්වන බැවින් ඒ සදහා ඔබට පහත Google පෝරමය පුරවා වැඩසටහනට සහභාගි වියහැක. මෙය Aurous Lanka Education මගින් නොමිලේ ඔබවෙත ලබාදෙන අවස්තාවක් වන අතර ආසන ප්‍රමානය සීමිත බැවින් ඉක්මනින් ලියාපදින්චි වන්න. ඔබේ ව්‍යාපාරය ඉහලට ඔසවා තබන්න දැනුම බෙදන අපි Aurous Lanka Education

https://forms.gle/9u1A96VeNxRaxcN88

03/02/2026

Limited seats only

30/01/2026

Address

No 30 , New Shopping Complex, New Town
Anuradhapura
50000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94771664862

Alerts

Be the first to know and let us send you an email when Aurous Lanka Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aurous Lanka Education:

Shortcuts

Share