01/08/2025
🫵🏻🫵🏻Sir..boost කරපු එකක් එඩිට් කරන්න පුලුවන්ද..එසේන්ම් එයකරන්නේ කොහොමද?,එඩිට් කරන්න බැරිනම් පෝස් නොකර මකන්න පුලුවන්ද? මම බූස්ට් කරපු එකේ ටික් මර්ක් එක මැසෙන්ජර් වලට වැටිලා ඇති..සමහරවිට..මැසේජ් එන්නේ නෑ බිස්ස්නස් වට්සැප් වලට එනිසා තියෙන එක මකන්න හෝ boost again නොකර යන්න ක්‍රමයක් තියේද..?
🧐මේක අපේ Member කෙනෙක් අහපු ප්‍රශ්නයක්. ඔන්න එහෙනම් දන්නේ නැති අයට දැනගන්න දාන්නේ.:
🌟1. Boost කරපු Post එකක් Edit කරන්න පුලුවන්ද?
සම්පූර්ණයෙන්ම Edit කරන්න බෑ. ⛔️
නමුත්, සමහර දේවල් Edit කරන්න පුළුවන්: උදාහරණයක් විදියට, Ad Creative එකේ (Photo/Video) Text එක, Audience එකේ Demographics (වයස, ස්ත්‍රී/පුරුෂ භාවය) වගේ දේවල් පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්.
නොහැකි දේවල්: හැබැයි, Ad Objective එක (උදා: Messages, Website Clicks) හෝ Message Destination (Messenger ද, WhatsApp ද) වගේ ප්‍රධාන දේවල් Boost කළාට පස්සේ වෙනස් කරන්න බෑ. ❌
🌟2. Edit කරන්නේ කොහොමද?
ඔබගේ page එකට යන්න.
Ad Center හෝ Meta Business Suite එකට යන්න.
එහි ඇති Active Ads අතරින් ඔබ Boost කළ Post එක සොයාගෙන, එය මත Click කර Edit කිරීමට උත්සාහ කරන්න. (ඉහත කී පරිදි, සියල්ල Edit කිරීමට නොහැකි වනු ඇත).
🌟3. Edit කරන්න බැරිනම් Post නොකර මකන්න පුලුවන්ද?
ඔව්, Boost කළ Post එක Delete කරන්න හෝ Pause කරන්න පුළුවන්. ✅
කරන විදිය: Ad Center හෝ Meta Business Suite එකට ගිහින්, Active Ad එක මත Click කර, එය Pause කිරීමට හෝ Delete කිරීමට Option එකක් සොයාගන්න. Pause කළොත් Budget එක කැපෙන්නේ නෑ.
🌟4. WhatsApp Business වලට Messages එන්නේ නැති ප්‍රශ්නයට විසඳුම:
ඔබ කියන විදියට Boost කරපු Ad එකේ Tick Mark එක Messenger වලට වැටිලා නම්, Messages එන්නේ Messenger එකට මිසක් WhatsApp Business වලට නෙවෙයි. 😥
🧐Boost කළාට පස්සේ Destination එක වෙනස් කරන්න බෑ. ❌
විසඳුම:
දැනට Boost කරලා තියෙන Post එක Pause කරන්න හෝ Delete කරන්න. 🛑
අලුත් Post එකක් හදන්න (හෝ දැනට තියෙන Post එකම නැවත Boost කරන්න).
Boost කරනකොට Ad Objective එක විදියට Messages තෝරලා, Message Destination එක විදියට ඔබගේ WhatsApp Business Number එක හරියටම Select කරන්න. 📲 (Personal WhatsApp Number එකක් Connect කරන්න බෑ, Business Number එකක්ම වෙන්න ඕනේ).
මේ විදියට කළොත්, ඔබ බලාපොරොත්තු වන විදියට Messages කෙලින්ම WhatsApp Business එකට එයි! 💪