Bogala Graphite Lanka Plc

Bogala Graphite Lanka Plc We are pleased to introduce ourselves as Graphite mining, processing and exporting company for over 150 years in Sri Lanka.

Our company is a subsidiary of Graphit Kropfmühl GmbH in Germany.

26/01/2026

බෝගල ග්‍රැෆයිට් පිරිනැමූ මුදල ගලිගමුවට කෝටියක් වටිනවා
================================

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් මාර්ගවල පාලම් සහ බෝක්කු ප්‍රතිසංස්කරණය සඳහා බෝගල ග්‍රැෆයිට් පී. එල්. සී. ආයතනය විසින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සුදුසු ස්ථාන විමසන ලදුව එම ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තෝරාගෙන ඇත.

ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල වන රුපියල් හැත්තෑ නව ලක්ෂ තිස්තුන්දහස් අටසිය විසි හයයි ශත විසි හතක මුදලක් (7,933,826.27) "ප්‍රාදේශීය ලේකම්, ගලිගමුව" නමට රේඛනය කරන ලද අංක 015797 දරන චෙක්පත කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මා වෙත බෝගල ග්‍රැෆයිට් පී. එල්. සී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අමිල ජයසිංහ මහතා විසින් අද දින (2026 01 26) පරිත්‍යාග කරන ලදී.

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත් ව්‍යාපෘතිය අවසන්වීමට පෙර බෝගල ග්‍රැෆයිට් ලංකා පී. එල්. සී. නිලධාරීන්ගේ නිරීක්‍ෂණයට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉල්ලීමක්ද මෙහිදී සිදු කරන ලද අතර මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහත්මා ද සහභාගි විය.

අපගේ කම්හල් සහ සැකසුම් දෙපාර්තමේන්තුවේ  සුපරීක්ෂක නිලධාරීයෙකු  ලෙස සම්බන්ධ වීමට කැමති වගකිවයුතු, ක්‍රියාශීලී පුද්ගලයෙකු ...
02/08/2025

අපගේ කම්හල් සහ සැකසුම් දෙපාර්තමේන්තුවේ සුපරීක්ෂක නිලධාරීයෙකු ලෙස සම්බන්ධ වීමට කැමති වගකිවයුතු, ක්‍රියාශීලී පුද්ගලයෙකු සදහා අයදුම්පත් කැදවනු ලැබේ.

ඔබගේ අයදුම්පත මෙම දැන්වීමේ සදහන් අවසන් දිනයට පෙර එහි සදහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. නැතහොත් කාර්යාලයීය දිනවලදී මානව සම්පත් හා පරිපාලන අංශයට ගෙනවිත් භාරදෙන්න.

සුභ නව වසරක් වේවා..!උඩගම අරුග්ගම්මන පිපෙන කැකුළු ළමා සමාජය සහ බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී ආයතනය එකමුතුව පවත් වන ලද ම...
21/04/2025

සුභ නව වසරක් වේවා..!
උඩගම අරුග්ගම්මන පිපෙන කැකුළු ළමා සමාජය සහ බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී ආයතනය එකමුතුව පවත් වන ලද මහා බක් මහ උළෙල උත්කර්ෂවත් අන්දමින් 2025.04.17 දින පුරා කල එලි දැක් විනි.මෙහිදි තරග රැසක් සහ එම තරග ජයග්‍රහකයින් සදහා ත්‍යාග ප්‍රදානය කිරීමද උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිනි.
අප හා මෙහිදී අත් වැල් බැදගත් සියලු දෙනාටම හද පිරි ස්තූතිය පුද කරනෙමු.

උඩගම අරුග්ගම්මන පිපෙන කැකුළු ළමා සමාජය විසින් තෙවෙනි වරටත් පවත්වනු ලබන බක්මහ උළෙල අප්‍රේල් 17 වන දින  පෙරවරු 7 සිට අරුග්...
10/04/2025

උඩගම අරුග්ගම්මන පිපෙන කැකුළු ළමා සමාජය විසින් තෙවෙනි වරටත් පවත්වනු ලබන බක්මහ උළෙල අප්‍රේල් 17 වන දින පෙරවරු 7 සිට අරුග්ගම්මන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ දී පැවැත්වේ.බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී ආයතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් සිදු කරනු ලබන මෙම බක්මහ උළෙල ,
මැරතන් ධාවන තරඟ ,කඹ ඇඳීම ,කොට්ටපොර තරගය ,පැණි බඹරේ වැනි නොයෙකුත් ක්‍රීඩා වලින් සමන් විත වේ‍. ජයග්‍රහයකයන් සදහා වටිනා තිලිනද ප්‍රදානය කිරීමද සිදු වේ. රාත්‍රී 7 සිට සංගීත රාත්‍රියක්ද සංවිධානය කර ඇත.
ඔබ සැමට සුහද ආරාධනා!

බෝගල ග්‍රැෆයිට් ලංකා පිඑල්සී ආයතනයේ බෝගල පතල්හි කම්කරු සේවයට සේවකයන් 03 ක් සහ සේවිකාවන් 02 ක් බදවාගැනීම සදහා අයදුම්පත් ක...
05/04/2025

බෝගල ග්‍රැෆයිට් ලංකා පිඑල්සී ආයතනයේ බෝගල පතල්හි කම්කරු සේවයට සේවකයන් 03 ක් සහ සේවිකාවන් 02 ක් බදවාගැනීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
ඔබගේ අයදුම්පත් මෙම දැන්වීමේ සදහන් අවසන් දිනයට පෙර පහත සදහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. නැතහොත් කාර්යාලයීය දිනවලදී මානව සම්පත් හා පරිපාලන අංශයට ගෙනවිත් භාරදෙන්න.

කෑ/ගලි/අරුග්ගම්මන කණිෂ්ඨ විද්‍යාලය මගින් කරන ලද ඉල්ලීමකට අනුව, බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී ආයතනය මගින් ඉටුකරන ලද තවත්...
13/02/2025

කෑ/ගලි/අරුග්ගම්මන කණිෂ්ඨ විද්‍යාලය මගින් කරන ලද ඉල්ලීමකට අනුව, බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී ආයතනය මගින් ඉටුකරන ලද තවත් එක් සමාජ මෙහෙවරක් ලෙස ශක්තිමත් දරු පරපුරක් දැයට දායද කරණු වස්, කෑ/ගලි/අරුග්ගම්මන කණිෂ්ඨ විද්‍යාලීය දරුවන්ට අංග සම්පූර්ණ සෙල්ලම් මිදුලක් පරිත්‍යාග කරන ලදි.
එම කාර්යය සදහා ඍජුව හො වෙනත් කිසිදු ආකාරයකින් සහය දැක්වූ සියලුම දෙනාටද ස්තූතිය පුද කරනෙමු..

බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී හි අවුරුදු අග සුහද හමුව!2024.12.28 දින ගලිගමුව ශාන් හොටෙල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින...
25/01/2025

බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී හි අවුරුදු අග සුහද හමුව!
2024.12.28 දින ගලිගමුව ශාන් හොටෙල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.
එදින අප හා අත්වැල් බැදගත් බෝගල පවුලේ සැමට අපගේ ස්තූතිය.
"අප එක්ව තවත් මෙවැනි සාර්ථක අවුරුදු ගණනාවක අනාගතයක් කරා පියනගමු."

22/06/2024

බෝගල මිනිරන් නිකම්ම රට යවනවාද?
මේ ගැන දැනගන්න! එන්න අප හා එක්වන්න.

2024 ජුනි 19, 20, 21, 22 සහ 23 යන දිනවල බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී,
අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය “Industrail Expo 2024”
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජාත්‍යන්තර මණ්ඩපයේ - B ශාලාවේ පිහිටි අපගේ ප්‍රදර්ශන කුටි අංක 07 වෙත පැමිණෙන්න.

22/06/2024
"මිනිරන් වලින් ග්‍රැෆයිට් නිෂ්පාදනය කරන්න පුළුවන්" මේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත දැනගන්න බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාල...
22/06/2024

"මිනිරන් වලින් ග්‍රැෆයිට් නිෂ්පාදනය කරන්න පුළුවන්"
මේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත දැනගන්න බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජාත්‍යන්තර මණ්ඩපයේ - B ශාලාවේ පිහිටි අපගේ ප්‍රදර්ශන කුටි අංක 07 වෙත පැමිණෙන්න.

Amila Jayasinghe Saliya Gunasekara Ruwan Jayakody Anura Liyanage
Industry Expo - Sri Lanka
fans

Address

Bogala Mines
Aruggammana
71041

Opening Hours

Monday 07:00 - 15:00
Tuesday 07:00 - 15:00
Wednesday 07:00 - 15:00
Thursday 07:00 - 15:00
Friday 07:00 - 15:00

Telephone

+94774401295

Alerts

Be the first to know and let us send you an email when Bogala Graphite Lanka Plc posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bogala Graphite Lanka Plc:

Share

Category