Ivel Consultancy Services

Ivel Consultancy Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ivel Consultancy Services, Business service, Avissawella.

06/07/2022
" අපේ අමිමා " Youtube channel  එකට Subscribe ලා මිලියන දෙකයි...ලංකාවෙි ගොඩක් මිනිස්සු  හිතනවා අවුරැදු 55 - 60 විශ්‍රාම ග...
02/06/2021

" අපේ අමිමා " Youtube channel එකට Subscribe ලා මිලියන දෙකයි...

ලංකාවෙි ගොඩක් මිනිස්සු හිතනවා අවුරැදු 55 - 60 විශ්‍රාම ගත්තම ජිවිතේ ඉතිරි කාලේ තමන්ට මුකුත් කරගන්න බෑ ... කරන්න බෑ අපි වයසයි කරලා වැඩක් නෑ කියලා.. ඒක නිසා තමයි ලංකාවෙි ලොකු පිලිගැනිමක් රජයේ රැකියාවකට ලැබිලා තියෙන්නෙ මොකද විශ්‍රාම වැටුපක් නිසා ජිවිතේ ඉතිරි කාලේ ගෙවන්න පුලුවන් නිසා

ඇත්තටම දෙයක් කරන්න පුලුවන් අවුරැදු 55 - 60 පස්සෙ කියලා පෙන්නපු මිනිස්සු ලෝකේ ගොඩක් ඉන්නවා නිර්මතෘ colonel තමන්ගේ ව්‍යාපාර පටන් ගන්නෙ අවුරැදු 69 දි, තමන්ගේ ධනයෙන් වැඩි ප්‍රතිශතයක් අත්කරගත්තෙ අවුරැදු 60 පස්සෙ

මොකද ජිවිතේ ගොඩක් අත්දැකිමි, දැනුම තියෙන්නෙ මෙි අයට ගොඩක් ව්‍යාපාර ගොඩ නගන්න මුලික වෙන ප්‍රධානම කාරණය තමයි අත්දැකිමි වලින් ලබන දැනුම. නමුත් අවාසනාවකට ලංකාවෙි අවුරැදු 50 - 60 පස්සෙ ජිවිතේ රැකියාවෙන්, ව්‍යාපාර වලින් අධ්‍යාපනයෙන් ලබපු අත්දැකිමි මත පදනමි වෙලා ගොඩ නැඟුන ව්‍යාපාර ගොඩක් අඩුයි...

දවසින් දවස ලෝකේ ඉස්සරහට යනවා තාක්ෂණය දියුණු වෙනවා ඒ එක්කම මිනිස්සුන්ට වැඩ කරන්න පහසු වෙන්න නව නිර්මාණ බිහිවෙනවා... ව්‍යාපාරයක් සේවාවක් ආරමිභ කරන්න මීට අවුරැදු 10 කට කලින් තිබුනට වඩා දැන් ලොකු අවස්ථා තියෙනවා international business එකක් open කරන්න අවස්ථාව ඔින තරමි තියෙනවා තමන්ගේ දැනුම අත්දැකීම් භාවිතා කරලා

" අපේ අමිමා " චැනල් එක කියන්නෙ ලංකාවෙි ගොඩක් විශ්‍රාමික පිරිකට වගේම ගොඩක් අයට ආදර්ශයක් ... අවුරැදු 4 වගේ කාලයක් තුන මිලියන දෙකක පිරිසක් එකතු කරනවා කියන්නෙ ලොකු දෙයක්. ඇයගේ භාශා විලාශය තවත් නොයෙක් කාරණා වලට Social media වල ගොඩක් මිනිස්සු හිනා වෙනවා විවෙිචනය කරනවා.මිනිස්සු විදියට එක එක්කෙනාගේ අඩුපාඩු තියෙනවා ඒ අය සිතන සිතුමි පැතුමි අනුව එයාලගේ රටාවක් තියෙනවා. එයාලා හිතන විදියක් තියෙනවා සමහර කාරනා වලදි නොදැනුවත් කමට එතුමිය විවිධ ප්‍රකාශ කරනවා ... මොකද තාක්ෂණය ගැන තියෙන දැනුම එතුමියට අල්ප නිසා. ඒත් ඒ විවෙිචන කරන මිනිස්සු කොතනද එතුමිය කොතනද

" ලංකාවෙි ගොඩක් මිනිස්සුන්ගේ අඩුපාඩුවක් තමයි තමන් දෙයක් නොකර අනුන් විවෙිචනය කිරිම... තමන් ලබපු අත්දැකිමි වලින් තව කෙනෙක්ගේ අඩුපාඩුවක් පෙන්නලා දෙන එක වෙනම කාරණයක් "

නමුත් එතුමියගෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය තමයි මොන බාධක ආවත් පටන් ගත්ත වැඩක් අතරමග නතර නොකර දිගටම කරොත් කවදා හරි තමන් ඉලක්ක කරපු ඉලක්කයටත් වඩා තැනකට යන්න පුලුවන් කියන එක, ජිවිතේ දෙයක් කරන්න පටන් ගන්න වයස කිසිම බාධාවක් නොවන බව

" අපේ අමිමා " කියන්නෙ personal Brand එකක් එදා.... එතුමියටම ආපු සිතුවිල්ල ක්‍රියාත්මක නොකර නමි හරි youtube channel එකක් කරමු කියලා කවුරැන් හෝ කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරානමි හරි අද ලංකාවෙි ගොඩක් දෙනා දන්න personal Brand එකක් වෙන්න අවස්ථාවක් එතුමියට ලැබෙන්නෙ නෑ .

- රන්දිල් -

Share this...to see ur friends,if u r a good friend of them...  ✅❤ 👍 😉
02/08/2018

Share this...to see ur friends,if u r a good friend of them... ✅❤ 👍 😉

28/08/2017

How Can I Get A Good Job With No Experience?

It’s a question as old as time. Here’s how to get your foot in the door when you don’t have any previous work experience.
First, remember that everyone begins with no experience–so you’re not alone.
You didn’t mention which fields you’re interested in entering, but you did say your English degree was useless. I strongly disagree. An English degree may not translate immediately to a great focused job the same way a degree in, say, accounting might do, but it certifies that you have high-level skills in communication, analytical thinking, and creativity–skills that are greatly valued in many workplace settings. Depending on the professional and educational choices you make now, your degree can be the springboard to anything from law to journalism to technical writing to teaching.
When you are just out of college and embarking on finding a career path, it’s easy to feel intimidated. Job searching without much work experience can be frustrating, but with some hard work, a lot of ambition, and confidence in yourself, it can happen.
Here’s how to get there:
1. EMBRACE YOUR REALITY

If you’re applying for entry-level positions, most people aren’t expecting you to come in with a resume filled with experience. Instead, embrace your inexperience and leverage it as motivation to learn. Highlight examples of your dedication, curiosity, and commitment to learning and growth. People who are hiring are looking for people who are willing to work hard and want to learn.
2. IDENTIFY YOUR SKILLS

Make a list of all the skills listed in postings for the role you’re looking to get: computer skills, technical skills, communication skills, research skills, problem-solving skills. What do people come to you for help with?
3. MAKE THE LINK

When you decide to apply for a given position, you must have a reason to believe you can do the job well. Spend some time analyzing that link. What formal or informal experience do you have, or what personal traits, that make the job a good fit? Be analytical and creative in this process. Once you establish the link for yourself, you can explain it to a potential employer.
4. EMPHASIZE “SOFT SKILLS”

What will make you stand out from the rest? Remember to showcase qualities like friendliness, professionalism, responsiveness, and follow-through. Strong soft skills can go a long way, because they can’t really be taught.
5. KNOW YOUR OWN WORTH

You might not have years of work experience, but what else in your background can demonstrate your worth to an employer? Experience doesn’t have to just come from traditional jobs; market any skills you’ve developed in other areas of your life.
6. BALANCE CONFIDENCE WITH BEGINNER’S MIND

Confidence is important, but it has to be laced with humility and modesty–the hallmarks of “beginner’s mind.” Show that you can do the job, but also show that you’re willing to learn.
7. START VOLUNTEERING

If you can’t find a job, work for free. A volunteer position can be easier to find than an internship. Volunteer for as much relevant service as you can. You’ll not only gain valuable experience, but will also be able to build a network and get a foot in the door.
8. NETWORK

Building your personal network is a reliable path to a great job at any stage of life. Connect with everyone you know–and in turn with everyone they know–through social media, community and professional events, setting up lunch or coffee dates to stay in touch, any way you can find.
9. KEEP LEARNING

It may be that you need more education to qualify for what you really want to do–for example, if you discover an interest in law, then it may be time to apply to law school. But even outside of formal education, find ways to keep current and expand your base of knowledge–take noncredit or audit classes, enroll in professional development or special training courses, or just do a lot of reading in your fields of interest.
10. BE REALISTIC

Even making the most of your skills and experience, make sure you’re applying for positions that are appropriate for you. In a tight job market where employers are flooded with highly qualified applicants, there’s less incentive to take a chance on a marginally qualified candidate. Carefully target jobs you truly can prove you can succeed in–not just those where you think, “I could do that,” but those where you can excel with the strength and skills you already have.
The more defeated you allow yourself to feel, the more defeatist this experience will be. Every day, do something to find a job, and do it with the mind-set that it is not a futile undertaking but an adventure, a chance to learn and explore.
Along the way, remember to put yourself in the shoes of those who will be hiring you. What should make them excited about you? The answer to that question needs to be reflected in everything you do–from your responses on job searches to your cover letter, your résumé and your interview. Make a compelling case for yourself, take your life in your own hands, and make this work.
You’ll be surprised at what you can achieve with the right mind-set. Good luck!

by-Lolly Daskal
(Lolly Daskal is a leadership development and CEO coach and consultant and founder of Lead From Within). Follow her at .
www.fastcompany.com/3046146/how-can-i-get-a-good-job-with-no-experience

______    නෙමෙයි මේ   කියවන්නම වටින ලිපියක්._______ #හොඳ සහ  #නරක අතර තරඟය.ඊයේ මුලු ලෝකෙම ඇස් තිබුනේ උසේන් බෝල්ට්ට, ඒ උන...
06/08/2017

______ නෙමෙයි මේ
කියවන්නම වටින ලිපියක්._______

#හොඳ සහ #නරක අතර තරඟය.

ඊයේ මුලු ලෝකෙම ඇස් තිබුනේ උසේන් බෝල්ට්ට, ඒ උනත් මං බලාගෙන හිටියේ බෝල්ට්ට ලේන් හතරක් මෙහා පැත්තෙන් හිටපු, නම කියද්දි මුලු ක්‍රවුඩ් එකම හූ කියපු, ඒ වෙලාවෙත් බිම බලාගෙන හිටපු, ඒ නලියන ඇස් දිහා. ඒ තමයි ගැට්ලින්. බෝල්ට් නෙමෙයි ඌ තමයි මගේ වීරයා.

මේ කතාවට සෑහෙන්න ඉතිහාසයක් තියෙනවා. ඒක පටන්ගත්තේ අවුරුදු 6කට කලින් .
....කොහොමහරි 2012ලන්ඩන් ඔලිම්පික් පටන්ගන්න්කොට මිනිස්සු දැනගෙන හිටිය තරඟය දිනන්නෙ ජැමෙයිකාවේ කල්ලෙක් කියලා. ඒ ලෝක වාර්තව තිබුන බෝල්ට් ද, නැත්නම් ලෝක ශූරයා උන බ්ලේක්ද කියලා විතරයි ප්‍රශ්නේ තිබුනේ. ඒත් අවුරුදු අටක තරඟ තහනමකින් පස්සෙ ( හතරකට සීමාවුන) ඇමරිකන් ඔලිම්පික් ට්‍රයල්ස් වලින් හොඳම කාලයක් අරගෙන අවුරුදු 30 ට වැඩි කෙනෙක්ගෙ හොඳම කාලය වාර්තා කරගෙන ගැට්ලින් ඇවිත් හිටියා. ඌ ගැන මිනිස්සු කතාකරෙත් අපුලෙන්. මට මතකයි 2012 ඔලිම්පික් බලන්න සෙට් වෙද්දී අපි උසස්පෙල ලියන්න හිටපු කාලේ. ඒකෙ ෆයිනල් එකේදී මම Lahiru Prasad එක්ක ඔට්ටු තිව්වෙ ගැට්ලින් දිනාවි කියල. ඌ පැරදුනා, බෝල්ට් දිනුවා. ලෝකඩ පදක්කමක් විතරක් අරගෙන ගියා. ඊට පස්සෙ රියෝ ඔලිම්පික් වෙන්න කලින් ඩයමන්ඩ්ස් ලීග් වල රෝමෙදි විතරක් බෝල්ට්ව පරද්දන්න පුලුවන් උනා. ඒත් මිනිස්සු ගැට්ලින්ට හූ කිව්වා. 2016 රියෝ ඔලිම්පික් එද්දි ලෝකේ ඒ වෙනකොටත් හොඳම වෙලාව තිබුනේ ගැට්ලින්. බෝල්ට් හිටියේ ආබාධ ගොඩක. මං ඔට්ටු තිව්වෙ ආපහු ගැට්ලින්ට, ඒ පාරත් දිනුවා.

මිනිස්සු ඒ තරඟෙ බැලුවෙ හොඳ සහ නරක අතර තරඟය කියලා. (legend vs evil) කොහොමහරි
බෝල්ට් වාසනාවට වගේ ඒක දිනනවා. මිනිස්සු සතුටු වුනා, එතකොටත් වීරයා උසේන් බෝල්ට්. ගැට්ලින් පැරදිලා රිදී පදක්කම අරගන්නවා. එතකොට අවුරුදු 34 ක් වුනු ගැට්ලින් ආයේ තරඟ කරන්න ඒවි කියලා කවුරුත් හිතුවෙ නෑ. ඔය අතරෙදි උසේන් බෝල්ට් කියනවා එයාගෙ අන්තිම තරඟය 2017 ලෝක ශූරතාවය කියලා.

කොහොමහරි ඩිග්‍රේස්, කෝල්මන් වගේ තරුණයො එක්ක තරඟ කරල ගැට්ලිනුත් එනවා ලන්ඩන් ලෝක ශූරතාවයට. ඒකෙදි ගැට්ලින් කලින් වතාවල වගේ තරුවක් නෙමෙයි. ඔහුට අන්තිම තරඟයේ පිටත ධාවන තීරුවකින් තරඟ කරන්න වෙන්නෙ, ඔහුට වඩා හොඳ කාලයක් බ්ලේක්, බෝල්ට්, කෝල්මන් හැමෝටම තියෙනවා, හැමදාම හොඳම කාලයට හම්බවෙන මැද ධාවන තීරුවවත් නැතුව අටවෙනි ධාවන තීරුව ගැට්ලින්ට හම්බවෙන්නෙ.

මුලු ග්‍රවුන්ඩ් එකම චියර් කරන්නෙ උසේන් බෝල්ට්ට, ඒ බෝල්ට් මේ තරඟයෙන් පස්සෙ පිටියෙන් සමුගන්න නිසා. පුරුදු විදිහටම 2012 ඔලිම්පික්වල උනා වගේම ජස්ටින් ගැට්ලින් කියන නම කියද්දි මුලු ක්‍රවුඩ් එකම "බූ" කියනවා. තරඟෙ පටන්ගන්නවා, තරඟාවලිය පුරාම හොඳම කාලයක් අරගෙන තිබුන කෝල්මන් මුල්ම මීටර් 75 ඉස්සරහින් ඉන්නවා. එත් අන්තිම මීටර් 25 ගැට්ලින් ඉස්සර වෙනවා.
තරඟය ගැට්ලින් දිනනවා. මිනිස්සු සැරටම අප්‍රසාදය පලකරනවා. බෝල්ට් තුන්වෙනියා වෙනවා. තරඟය ඉවර උන ගමන්ම බෝල්ට් එනවා ගැට්ලින්ව හොයාගෙන සුබ පතන්න. ඒ වෙලාවෙ ගැට්ලින් බෝල්ට් ඉස්සරහ දණගහල ආචාර කරනවා ඒ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයට ඔහුගේ අන්තිම තරඟය වෙනුවෙන්. තරඟය ඉවර උනාට පස්සෙත් බ්‍රිතාන්‍ය මාධ්‍ය ගැට්ලින්ට මඩගහනවා. ඒ ඔහුගේ අතීත වැරදි වෙනුවෙන්.

ඒක නෙමෙයි හොඳම කතාව.
සමහර වෙලාවට දෛවය මහ පුදුම දේවල් කරන්නෙ, උසේන් බෝල්ට්ට දැන් මීටර් සීය ලෝක වාර්තාව තිබුනත් ඔහු මුලින්ම ලෝක මට්ටමේ තරඟයකට සහභාගි වෙන්නෙ 2004 ඇතෑන්ස් ඔලිම්පික්වලට. ඒකෙ මුල් වටේදිම තරුණ උසේන් බෝල්ට් ඉවත් වෙනවා. නමුත් ඇතෑන්ස් ඔලිම්පික් ඒකේදි 100m රන් පදක්කම දිනන්නෙ ජස්ටින් ගැට්ලින්. පුදුම වෙන්න දෙයක් නෑ. ඔහු 2005 ලෝක ශූරතාවයත් දිනනවා. ඊට පස්සෙ ඔහු තහනම් උත්තේජක වලට වැරදිකරු වෙලා අවුරුදු 8 තරඟ තහනමක් හම්බවෙනවා. (පස්සෙ ඒක හතරකට සීමවෙන්වා.) එතන ඉඳලා ඔහු ඉතාම දුශ්කර ජීවිතයක් ගෙවන්නෙ 2010 වෙනකම්ම. ඔහුට අනුග්‍රහකයින් අහිමි වෙනවා, දිනපු තරඟ මුදල් අහිමි වෙනව, ඒ විතරක් නෙමෙයි අවුරුදු හතරක් යනකම් පිට්ටෙනියට, ජිම් එකකට යන්න තහනම් වෙනවා. මාධ්‍යයේත් ඔහුව පතුරු ගහනවා.
නමුත් කොහොමහරි අවසානයේ වයස අවුරුදු 35 දි ඔහු ආයෙමත් ලෝක ශූරතාවය දිනනවා. ඔව් උසේන් බෝල්ට් කියන්නෙ ලෝකේ බිහිවුන ශ්‍රේෂ්ඨම ක්‍රීඩකයෙක් ඔහුට මුලු ලෝකෙම මිනිස්සු ආදරෙයි. කොටින්ම අපේ ගම්වල මිනිස්සු පවා උසේන් බෝල්ට් කිව්වම දන්නවා. නමුත් ඉතිහාසය ගැට්ලින්ගෙන් මේ අවස්තා ඔක්කොම උදුරගන්නවා. නමුත් තවමත් ඔහු දෙවරක් ලෝක ශූරතාවය දිනලා තියෙනවා. ඔලිම්පික්වල මීටර් සීය ඉසව්වේ රන්, රිදී, ලෝකඩ පදක්කම් තුනම දිනලා තියෙනවා. අවුරුදු 13 ක් තිස්සෙ විටින් විට 100m ඉසව්වෙ ලෝක මට්ටමේ ජයග්‍රහණ අරගෙන තියෙනවා. ඒත් කෙටිදුර ධාවකයෙක්ගෙ හොඳම වයස් කාලය තරඟ තහනම් නිසා ඔහුට අහිමි වෙනවා.

අන්තිමට කියන්න තියෙන්නෙ හැමෝගෙම ජීවිත වල උස්, පහත් තැන් තියෙනවා. වැටෙන තැන් එනවා, ඒ උනත් ජීවිතේ දිනන්න දෙවෙනි අවස්තාවක් ලේසියෙන් හම්බවෙන්නෙ නෑ. හම්බවුනොත් දිනපන් හරියට ගැට්ලින් කරා වගේ, ලෝකේම බෑ කියද්දි, කවුරුත්ම නැති වෙද්දි, ඒ හැමෝගෙම ඇස් ඇරෙන්න දිනපන්, කවදාවත් පරදින්න සෙල්ලම් කරන්න එපා. කොහොමහරි අවුරුදු 6 ක් බලාගෙන ඉඳලා අන්තිමට මං බලාගෙන හිටපු දිනුම ගැට්ලින්ට ලැබුනා. සතුටුයි...❤️

© Iresh Madhushan Edirisinghe (නාසා)

06/07/2017

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when Ivel Consultancy Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share