18/08/2026
වාසනාවන්ත ව්‍යවසායකයින් හතර දෙනෙකුට ජය! 🎉
ව්‍යවසායකයෙකුට ලබන්න පුළුවන් හොඳම දේ නම්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් ක්‍රියාත්මක EDP (Entrepreneurship Development Program) – ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන හා සම්බන්ධව අංග සම්පූර්ණ වෘත්තීය දැනුමක් ලබා ගැනීමයි.
වසරකට වරක් තෝරාගත් ව්‍යවසායන් කිහිප දෙනෙකුට පමණක් පූර්ණ නොමිලේ ලැබෙන මෙම අවස්ථාව ලබා ගන්නේ සැබෑම වාසනාවන්තයෙකුටමයි ♥
මෙවර බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් වාසනාවන්තයින් සිව් දෙනෙකු තෝරා ගැනීමට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට හැකිවුණා.
✅ RS Apparel ආයතනයේ අධිපති – රවීන්ද්‍ර චන්ද්‍රනාත් මහතා
✅ Freshmo Cake & Pastry Shop හි අධිපතිනි – M.A.D.D. මධුෂිකා මහත්මිය
✅ Nave Clothing ආයතනයේ අධිපතිනි – නිමේශා දිල්රුක්ෂි මෙනවිය
✅ වර්ණ ඇගෝ ආයතනයේ අධිපති – A.A. කවිෂ්ක ප්‍රවීන් මහතා
ව්‍යාපාරික වෘත්තීය නිපුණතාව තුළින් නව ලොවක් ගොඩනඟන්නටත්, ව්‍යාපාරික ලෝකයේ සිහින ජයග්‍රහණය කරන්නටත් EDP වැඩසටහන මහඟු මාර්ගයක් වේවා!
බලංගොඩ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ උණුසුම් සුභ පැතුම්! 💐
#ව්‍යවසායකත්වය #බලංගොඩ