Rajitha & Bridal Home

Rajitha & Bridal Home "Rajitha & Bridal Home" let us reveal your glamour in your most dazzling day of your life.

20/01/2023
20/01/2023

එයත් ලස්සනයි ❤

20/01/2023
20/01/2023

දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු...

“ව්‍යාඝ්‍ර‍පද්‍ය” නම් වූ කෝලිය රාජ පුත්‍ර‍යා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උට්ඨානසම්පදාය, ආරක්ඛසම්පදාය, කල්‍යාණමිත්තතාය, සමජීවිකතාය යි මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක.

උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ රාජකාර්යයකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත ව දක්ෂ ව අනලස ව කරන බව ය.

ආරක්ඛ සම්පදා යනු මාපියාදීන්ගෙන් අයිතිවීමෙන් හෝ තමාගේ වීර්යයෙන් උපයා ගැනීමෙන් හෝ තමාට අයත් වී තිබෙන වස්තුව රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් පැහැර නො ගන්නා පරිදි විනාශ නො කරන පරිදි ගින්නට දියට වේයන්ට මීයන්ට හසු වී විනාශ නොවන පරිදි ආරක්ෂා කරන බව ය.

කල්‍යාණ මිත්තතා යනු ශ්‍ර‍ද්ධා, ශීල, ප්‍ර‍ඥාදි ගුණ ධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍ර‍ය කරන බව ය. සමජීවිකතාය යනු ආදායමට වඩා වියදම් වැඩි කර නො ගෙන, ණය ගැති නො වී, පමණට වියදම් කොට දුක් නොවිඳ සමව ජීවිකාව කරන බව ය.

සද්ධාසම්පදාය, සීලසම්පදාය, චාගසම්පදාය, පඤ්ඤාසම්පදාය යන මේ සතර පරලොව යහපත පිණිස පවත්නා කරුණු ය.

සද්ධාසම්පදා යනු බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍ර‍යාගේ ගුණ හා කර්ම කර්මඵලය විශ්වාස කරන බව ය. ශීල සම්පදා යනු පන්සිල් රක්නා බව ය. චාගසම්පදා යනු ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට සුදුසු පරිදි ආහාර පාන වස්ත්‍රාදිය දෙන බව ය. පඤ්ඤාසම්පදා යනු ස්කන්ධාදි ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ හා අනිත්‍යාදි සාමාන්‍ය ලක්ෂණ දක්නා විදර්ශනා ඥානය ඇති බව ය.‍

අතිපූජනීය
රේරුකානේ චන්දවිමල
මහානායක ස්ථවිරපාදයන් වහන්සේ.

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Rajitha & Bridal Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share