Max Deal

Max Deal We are very established online selling company. We make special great offers for uncommon lifestyle products. Please visit and enjoy your life.

11/02/2025










නිදහස උපරිමයෙන් විදින්න කැමති උන් වරෙල්ලා
19/12/2022

නිදහස උපරිමයෙන් විදින්න කැමති උන් වරෙල්ලා

19/12/2022
30/08/2021

විද්‍යාඥයාට ඔහුගේ න්‍යාය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය වූ අතර, මිය යාම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට අයෙකු සොයාගත නොහැකිව කලක් ගතව තිබින.

නමුත් අවසානයේ ඔහු ඒ සඳහා පුද්ගලයෙකු සොයා ගන්නා ලදී. හෙතෙම විදුලි පුටුවේ හිඳුවීමට නියම වූ වරදකරුවෙකු විය.

විද්‍යාඥයා ඔහුට යෝජනා කරන ලද්දේ, හදවතේ රිද්මය ක්‍රමයෙන් අඩු කිරීමේ විද්‍යාත්මක අත්හදා බැලීමකට ඔහු සහභාගී කරගන්නා අතර ඔහුගේ ලේ ඉතා සෙමෙන් අන්තිම බින්දුව දක්වා ගලා යාමට සැලැස්වීමක් එහිදී සිදුකෙරෙන බවයි.

ඒ අනුව වරදකරු වූ තැනැත්තාට දිවි ගලවා ගැනීමේ අවම සම්භාවිතාව පමණක් ඇති බවද, වේදනාවෙන් විලාප නැගීමක් නොමැතිව ඔහු මාරාන්තික තත්වයට පත්වනු ඇතැයිද ඔහු පැහැදිලි කළේය.

විදුලි පුටුවට වඩා එසේ මියයාම හොඳ යැයි තීරණය කල ඔහු එයට එකඟ වූයෙන්, ඔවුහු ඔහුව යම් සැකිල්ලක තබා අතපය චලනය නොවන පරිදි ශරීරය බැඳ දමන ලදී. අනතුරුව ඔහුගේ මැණික් කටුවේ කුඩා කැපුමක් සිදු කර, ඇලුමිනියම් භාජනයක් ඔහුගේ අතට යටින් තබා තිබින.

ඔහු සැකිල්ලට බරව වැතිරුනු අතර, සමෙහි කපා තිබුනේ මතුපිට පළමු ස්ථර පමණක් වුවද ඔහු නහරයක් කපා දමා ඇතැයි විශ්වාස කළේය. එක් කෙලවරක් බඳුනට ඇතුළු කල, බිංදු ආකාරයෙන් දියර ගලායාම පාලනය කලහැකි කුඩා කපාටයක් සහිත බටයක් තවත් දියර භාජනයක සිට පැමිනි අතර එහි කපාටය තරමක් විවෘත කරන ලදී.

ඔහුට දැන් භාජනයට රුධිරය වෑස්සෙන සේ හඬක් ඇසෙන අතර ඒවා බිංදු ගනනින් ගනන් කලහැකි වූයෙන්, ඔහු ඒවා ඔහුගේ රුධිරය ලෙස සැලකීය.

සිදුවන්නේ කුමක්දැයි නොපෙනුනත්, රුධිරය නැති වී යන බව ඔහුට විශ්වාස කරවීමේ අදහසින්, බිංදු වැටෙන කාල පරාසය වැඩිවන පරිදි කපාටය තරමක් වසා දමන ලදී.
විනාඩි කිහිපයකට පසු වරදකරුගේ මුහුණ සුදුමැලි වී, හෘද ස්පන්දනය වේගවත් විය. බලාපොරොත්තු සුන්වීම උච්චතම ස්ථානයට පැමිණෙන විට කපාටය සම්පූර්ණයෙන්ම වසා දැමූ අතර, ඔහුගේ හදවත නතර වීමෙන් ඔහු මිය ගියේය.

රිනාත්මක හෝ ධනාත්මක හෝ වේවා, අප දකින සෑම දෙයක්ම අපේ සමස්ත වාචික හා ගණිතමය සෝමැටික් යන්ත්‍රය කෙරෙහි බලපාන බව ඔප්පු කිරීමට විද්‍යාඥයාට හැකි විය.

මිනිසුන් පවසන්නේ තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව වන අතර ඔවුන් එයට බිය වී මිය යති.

දිවා රෑ නොබලා ජනමාධ්‍ය තුළින් තොරතුරු මූර්තිමත් කරමින් පෙන්වීම තුළින් අපි බියෙන් පිරී සිටින අතර ප්‍රතිශක්තිකරණය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වේ.
වෛරසයකින් ඇති අවදානම ඇත්තෙන්ම කුඩා එකක් බව දන්නා නමුත් ඔබේ මනස වෙනත් දෙයක් කරයි. සංකූලතා ඇති විය හැක්කේ ප්‍රතිශක්ති පද්ධතිය ඉතා දුර්වල නම් පමණි.

සෞඛ්‍යය යහපත් නම් වෛරසය පරාජය වන බවද, ආසාදිතයන් අතරින් මිය යන්නේ ප්‍රතිශක්තිය හීන ඉතා සුලු පිරිසක් බවද, අස්ථානයේ බිය වියයුතු නැති බවද අප දනිමු.

මරණයට ඇති බිය ගැන ඔවුන්ගේ මනස නොදන්නා, බොහෝ දරුවන් ඉතා නරක අවස්ථා යටතේ පවා ජීවත් වීමට එකම හේතුව වන්නේද මෙයයි.

සාමාන්‍යය මිනිසුන්ගේ ක්‍රමය නම් යම් විපතක් සිදුවන තෙක් ඒ ගැන නොසිතා ඉතා නිර්භීත ලෙස සිට විපත පැමිනි පසු ඉතා බියපත්ව කටයුතු කිරීමයි. නමුත් විපත පැමිනීමට පෙර ඒ ගැන බියෙන් පසුවී විපත පැමිනි විට ඉතා නිර්භයව කටයුතු කිරීම නියම මිනිසුන්ගේ ක්‍රමයයි.

වෛරසයද එසේමය, ආසාදනය වූවකු බියවීමෙන් ඇති පලක් නැත. නොබියව සිටීමෙන් තමාගේ මානසික තත්වය යහපත් වන අතර මොලය නිසිලෙස ක්‍රියාත්මක වීමෙන් ප්‍රතිශක්තියද වර්ධනය වනු ඇත.

19/03/2021

Mr:ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද?
_________________________________________💛

1. වියදම් ලියන්න. මාස 6ක් විතර එක දිගට ලියා ගන්න.

2. වියදම් කොටස් වලට බෙදන්න.. transport වලට යන වියදම, කෑමට, cigerett /alcohol වලට වගේ.. එක එක කාණ්ඩ වලට

3. ආදායම කොටස් කරන්න. ආදායමෙන් 10% save කරන්න බලන්න ඉස්සෙල්ල.40000 ක ආදායමක් තියෙනවා නම් 4000ක් save කරන්න ඉස්සෙල්ල.save කරන මුදල ඉස්සෙල්ලම bank කරන්න. ඊලගට වියදම් වලට % එකක් විදිහට බෙදන්න. Save කරන % වැඩි කර ගන්න බලන්න

4. මාස 6 ක වියදම් ලිව්වම, පේනවා වියදම් pattern එක. වියදම එන්න කලින්ම දන්නවා, ඊලග මාසේ වියදම් මොනවද කියල. (budget එකක් හදන්න, excel sheet එකක් හදල දෙන්නම් ඕන නම්).. මම දන්නවා ඊලග මාස 12ම මට එන වියදම්.

5. මේ අස්සේ, emergency fund එකක් හදා ගන්න. එක bank එකට දාන්න එපා. පුළුවන් තරම් try කරන්න emergency fund එක ලොකු කරන්න. බොන එක අඩු කරලා පුළුවන් කියල හිතන්න නොදැන එන වියදම්, අපි හිතමු high speed දඩයක් කෑවා කියලා. එක emergency fund එකෙන් cover වෙනවා.

6. Deposit on deposit method එකට save කරන්න. ඒ කියන්නේ, මේ මාසේ 5000ක් Fixed deposit දානවා monthly පොලිය ගන්න. දෙවෙනි මාසේ 5000 deposit කරන්නේ, පලවෙනි මාසේ දාපු 5000 monthly පොලියත් එක්ක. අපි හිතමු 12% වාර්ෂික පොලියක්,මාස්පතා ගෙවනවා කියලා. ඒ කියන්නේ, (5000 x 12%/12) = 50. දෙවෙනි මාසේ deposit එක 5000 + 50 = 5050.... තුන් වෙනි මාසේ .... 5000 + 51+50 = 5101.... මේ විදිහට

7. savings කොටස් කරන්න. bank එකක 50% දාන්න. 25% gold ගන්න , (කවදා හරි ප්‍රයෝජනවත් වේවි), 20% invest කරන්න. 5% income generation method එකකට යොදවන්න. ඒ කියන්නේ, තමන්ගේම business එකක්. පොඩියට අඩු වියදමකින්. (මේක example එකක්, තමන්ගේ ක්‍රමයක් හදා ගන්න)

8. කැපවීමෙන් කලොත්, මේක අමාරු දෙයක් නෙවෙයි.

එසේම මෙම ලිපි බෙදා ගැනීමට අමතක නොකරන්න. යමෙක් යමක් ඉගෙන ගනු ඇත.ලෝකයට ධෛර්ය සම්පන්න පුද්ගලයන් අවශ්‍යය. ඔබට ස්තුතියි

share කරලා තවත් අය දැනුවත් කරන්න....ETF ෆෝම් එකේ ලින්ක් එක : http://www.etfb.lk/pdf/eServicesEn/Application%20for%20Memb...
19/02/2021

share කරලා තවත් අය දැනුවත් කරන්න....

ETF ෆෝම් එකේ ලින්ක් එක :http://www.etfb.lk/pdf/eServicesEn/Application%20for%20Member%20Request%20English%20for%20ETF%20e%20Services.pdf

ETF ලොගින් එක : http://www.eservices.etfb.lk/member/login.action

EPF ෆෝම් එක :http://www.epf.lk/assets/library/member_registration_form.pdf

EPF ලොගින් එක : https://www.epfportal.com/Pages/Member/MemberLogin.aspx

Address

Bandarawela Town

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 07:00
Sunday 07:00 - 19:00

Telephone

+94783526559

Website

Alerts

Be the first to know and let us send you an email when Max Deal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share