12/11/2026
🇱🇰 2027 අයවැය – ඔබ දැනගත යුතුම වැදගත් බදු සංශෝධන!
2027 ජාතික අයවැය මගින් ශ්‍රී ලංකාවේ බදු ක්‍රමවේදයට වැදගත් වෙනස්කම් රැසක් යෝජනා කර තිබෙනවා.
විශේෂයෙන්ම වැටුප් ලබන පුද්ගලයන්ට, ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට බලපාන ප්‍රධාන යෝජනා කිහිපයක් මෙන්න. 👇
💰 1. පුද්ගල ආදායම් බදු (PAYE / APIT)
🔹 වාර්ෂික පුද්ගලික බදු සහනය රු. මිලියන 1.80 සිට රු. මිලියන 1.95 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
🔹 මාසික බදු සහන සීමාව රු. 162,500 දක්වා ඉහළ යයි.
🔹 පුද්ගල ආදායම් බදු අනුපාත සහ බදු කාණ්ඩ සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
🧾 2. එකතු කළ අගය මත බද්ද (VAT)
🔹 තෝරාගත් පොත් සහ මුද්‍රිත ද්‍රව්‍ය සඳහා VAT නිදහස් කිරීම්.
🔹 ඉලෙක්ට්‍රොනික බදු ඉන්වොයිසි (Electronic Tax Invoices) සඳහා නීතිමය පිළිගැනීම.
🔹 Input VAT ඉල්ලුම් කිරීමේ කාලසීමා සහ ක්‍රමවේද සංශෝධනය.
🏢 3. ව්‍යාපාර සහ ආයෝජන සඳහා බදු සහන
🔹 සුදුසුකම් ලබන BOI අනුමත ව්‍යාපාර සඳහා 200% දක්වා Enhanced Capital Allowance ලබාගැනීමේ යෝජනාවක්.
🔹 අවම වශයෙන් USD මිලියන 3ක සුදුසුකම් ලත් ආයෝජනයක් අවශ්‍ය වේ.
📊 4. අනෙකුත් වැදගත් බදු සංශෝධන
🔹 SSCL බදු සම්බන්ධ සංශෝධන.
🔹 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක Special Commodity Levy (SCL) වෙනස් කිරීම.
🔹 HS Code 800ක් සඳහා CESS බදු අනුපාත 25%කින් අඩු කිරීම.
🔹 Tourism Development Levy (TDL) 2027 අප්‍රේල් 01 සිට අහෝසි කිරීමට යෝජනා කිරීම.
📅 වැදගත් දිනය:
වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කර නොමැති නම්, මෙම යෝජිත සංශෝධන 2027 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර අදාළ නීතිමය සංශෝධනවලට යටත් වේ.
━━━━━━━━━━━━━━━━
💡 ව්‍යාපාරික ඔබ දැන් කළ යුත්තේ කුමක්ද?
✅ ඔබගේ බදු සැලසුම් නැවත සමාලෝචනය කරන්න.
✅ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය (Cash Flow) නිවැරදිව සැලසුම් කරන්න.
✅ VAT සහ අනෙකුත් බදු වාර්තාකරණ ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන්න.
✅ නව බදු සහන සහ ව්‍යාපාරික අවස්ථා හඳුනාගන්න.
✅ ඔබගේ ගිණුම් සහ මූල්‍ය වාර්තා යාවත්කාලීනව පවත්වා ගන්න.
ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු නිවැරදිව කළමනාකරණය කරගැනීමට අප සමඟ එක්වන්න!
🏢 Swift Records Accounting (Pvt) Ltd
අපගේ සේවාවන්:
📌 Bookkeeping & Accounting
📌 Business Registration
📌 Tax Consultation & Compliance
📌 Financial Consultancy
📌 Accounting & ERP Solutions
📞 076 404 3500
Swift Records Accounting
Quick • Accurate • Reliable
📲 තවත් වැදගත් බදු සහ ගිණුම්කරණ තොරතුරු සඳහා අපගේ Facebook පිටුව Follow කරන්න.