Indrathilaka PujaBandha

Indrathilaka PujaBandha ඉන්ද්‍රතිලක පූජා භාන්ඩ , ඔබට අවශ්‍ය සියලුම පූජා භාන්ඩ අපගෙන් ලබා ගත හැක. පහසු මිලට ඔබට සරිලන ලෙස,

📌️විශේෂ මිල අඩු කිරීම් යටතේවස්සාන සමයේ පිංවත් ඔබටඋතුම් බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට 🌼ඔබේ බුද්ධ මන්දිරය, ධාතූ ම...
13/09/2023

📌️විශේෂ මිල අඩු කිරීම් යටතේ

වස්සාන සමයේ පිංවත් ඔබට

උතුම් බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට 🌼

ඔබේ බුද්ධ මන්දිරය, ධාතූ මන්දිරය, පහන් කණුව අලකාර දිදුලන එළියකින් අලංකාර කරගන්න අවශ්‍යද?🌼

වෙන වෙනම වර්ණයන් ඇත.තොග සීමිත බැවින් ඉක්මනින් අමතන්න හෝ පණිවිඩයක් යොමු කරන්න.🌼

📌️දිවයින පුරා ඩිලවරි පහසුකම යටතේ

074 056 1377 Call or Whatsapp

විශේෂ මිල අඩු කිරීමක්!🌼📌️ඉන්ද්‍රතිලක පූජාභාන්ඩ වෙතින් ඔබට,මෙම වස්සාන සමයේ෴🔥අටපිරිකර (වර්ග තුනකින් මිලදී ගත හැකි)🔥සිව්රු🔥...
13/09/2023

විශේෂ මිල අඩු කිරීමක්!🌼📌️

ඉන්ද්‍රතිලක පූජාභාන්ඩ වෙතින් ඔබට,මෙම වස්සාන සමයේ෴

🔥අටපිරිකර (වර්ග තුනකින් මිලදී ගත හැකි)
🔥සිව්රු
🔥අඳනකඩ
🔥කුඩ

ඇතුළු පූජා භාන්ඩ රැසක්
ඉක්මනින් අමතන්න.තොග සීමිතයි.whatsapp හරහා වුවද සම්බන්ද විය හැකි.තොග ලබා දෙන්නේ නැත.

🔥දිවයින පුරා ඩිලවරි සේවාව෴

📌️0740561377

මේ වස්සාන සමයේ ඔබ වෙනුවෙන් පහසු මිලට ලබා දෙන වටාපත්෴ඕස්ට්‍රේලියාවේ පදිංචි K.A.රංජනී මහත්මියගේ පිංකමක් වෙනුවෙන් සකස් කල ව...
11/09/2023

මේ වස්සාන සමයේ ඔබ වෙනුවෙන් පහසු මිලට ලබා දෙන වටාපත්෴

ඕස්ට්‍රේලියාවේ පදිංචි K.A.රංජනී මහත්මියගේ පිංකමක් වෙනුවෙන් සකස් කල වටාපත්

ඔබටත් මෙවැනි අලංකාර වටාපත් මිලදී ගැනීමට අවැසි නම් අපව අමතන්න,නැතහොත් අපගේ whatsapp අංකය හරහා සම්බන්ද වන්න.

දිවයින පුරා බෙදාහැරීම් (ඩිලවරි කරනු ඇත)

මිල අඩු කිරීම් යටතේ පහසු මිලට ඔබේ අතට

0740561377 - call/whatsapp

මේ විශ්වයේ පහළ වූ උතුම් ස්ත්‍රී රත්නය ඇයයි🌼 ස්ත්‍රීයක් වන්දනා කල යුතුම ස්ත්‍රී රත්නයක් ඇත්නම් ඒ යශෝදරා උත්තමාවියයි෴ඉන්ද්...
10/09/2023

මේ විශ්වයේ පහළ වූ උතුම් ස්ත්‍රී රත්නය ඇයයි🌼 ස්ත්‍රීයක් වන්දනා කල යුතුම ස්ත්‍රී රත්නයක් ඇත්නම් ඒ යශෝදරා උත්තමාවියයි෴

ඉන්ද්‍රතිලක පූජා භාණ්ඩ වෙතින් ඔබට ගෙන එන ලද අඟල් 7ක් උසින් යුතු,කුඩා ස්ථානයකද උවද තම්පත් කල හැකි, ජලයෙන් පිරිසිදු කලද වර්ණයන් වෙනස් නොවේ,🌼ෆයිබ මාධ්‍යට හුරු මාධ්‍යකින් නිමවා ඇති නිසා බරින් අඩුය,

ඉක්මනින් අපව අමතන්න, ඩිලවරි කරණු ලැබේ,තොග ලබාදෙනු නොලැබේ

074 0561377 = Call / Whatsapp

බිම්භාදේවිය ඇයයි🙏🌸යශෝදරා ඇයයි🌸🙏බුද්ධ පාදපරිචාරිකාව ඇයයි🙏🌸එක් වරක් ඇයව නමස්කාර කලොත් කවදාවත් දුගතියක් නොදකී, මෙතෙක් ලොව ප...
03/03/2023

බිම්භාදේවිය ඇයයි🙏🌸
යශෝදරා ඇයයි🌸🙏
බුද්ධ පාදපරිචාරිකාව ඇයයි🙏🌸

එක් වරක් ඇයව නමස්කාර කලොත් කවදාවත් දුගතියක් නොදකී, මෙතෙක් ලොව පහල වූ පාරිශුද්ධ පතිවෘතාව ඇයයි!! නිවන් මගට වැඩය උතුම් යශෝදරා රහත් තෙරණින් වහන්ස,ඔබ වහන්සේටමාගේ නමස්කාරය වේවා🙏🌸

"ඉන්ද්‍රතිලක පූජා භාන්ඩ" වෙතින් ඔබට මිලදී ගත හැක, මෙවන් අසීරු කලෙක පින්වන්ත ඔබට පහසු මිලට!! අපට කතා කරන්න😍🙏

074 - 0561377 ☎️

Whatsapp 074 056 1377📞

අඟල් 7 හමාරක් උස ප්‍රතිමාවහන්සේ ඔබගේ නිවසේ ඔබේ දැරියට ඔබට වන්දනාමාන කරන්න මිල දී ගන්න!!

නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත!!

අටපිරිකර පූජා කිරීමේ ආනිසංස..❛❛අටපිරිකරක් සම්පූර්ණ වීමට නම්❜❜01. පාත්‍රය02. පෙරහංකඩය03. පටිය04. තනිපට සිවුර05. දෙපට සිවු...
24/02/2023

අටපිරිකර පූජා කිරීමේ ආනිසංස..

❛❛අටපිරිකරක් සම්පූර්ණ වීමට නම්❜❜
01. පාත්‍රය
02. පෙරහංකඩය
03. පටිය
04. තනිපට සිවුර
05. දෙපට සිවුර
06. අඳනකඩ
07. දැළි පිහිය
08. ඉදිකටුව

යන කොටස් ඇතුලත් විය යුතුය. උපත ලැබූ ඕනෑම කෙනෙක් මෙම අටපිරිකර පූජාව සිදුකරන්නේ නම් පහත සඳහන් ආනිසංස කැමති විය යුතුයි.

✧ තුන් සිවුරු ( තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩ ) පිදීමේ අනුසස් 08 කි.

01. රන්වන් සිරුරක් ලැබීම.
02. ශරීරයේ දූවිලි නොවැළකීම.
03. ප්‍රභාශ්වර (රැස් විහිදෙන) ශරීරයක් ලැබීම.
04. මහත් වූ ප්‍රතාප ඇතිවීම.
05. ශරීරය ඉතා සිනිඳු වීම.
06. සසරදී හිසෙහි සුදු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
07. සසර සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
08. සසර සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.

✧ පාත්‍ර පිදීමේ අනුසස් 10 කි.

01. රන්, මැණික්, රිදී තලි පරිභෝග කරයි.
02. උපද්‍රවයක් කිසිදා සිදු නොවේ.
03. අනතුරක් කිසිදා නොවේ.
04. හැම කල්හිම ගරු පුද ලබයි.
05. ආහාර පාන, වස්ත්‍ර, සයනාසන නොමදව ලබයි.
06. තම භෝගයෝ නොනැසෙති.
07. ස්‍ථීර වූ සිත් ඇතිව වෙසේ.
08. සෑම කල්හිම ධර්මය කැමති වේ.
09. මද කෙලෙස් සහිත වේ.
10. ආශ්‍රව රහිතව වෙසේ.

✧ දැළි පිහිය පිදීමේ අනුසස් 07 කි.

01. හැම කල්හිම සූරයෙක් වේ.
02. නොවිසිරි සිත් ඇත්තෙක් වේ.
03. විශාරද්‍යත්වයෙන් යුක්ත වේ.
04. ධෛර්යය ඇතිව වෙසේ.
05. වීර්යය ඇතිව වෙසේ.
06. ඔසවා ගත් සිත් ඇත්තේය.
07. කෙලෙස් සිඳින සූක්ෂ්ම ශුද්ධ ඥාණය ලබයි.

✧ ඉදිකටු නූල් පිදීමේ අනුසස් 07 කි.

01. සැක නැතිව සැරිසරයි.
02. සැක සිඳ භවයේ හැසිරෙයි.
03. රූ ඇතිව වෙසේ.
04. භවභෝග සම්පත් විඳියි.
05. තියුණු නුවණින් යුතුව භවයේ හැසිරෙයි.
06. ගැඹුරු, සියුම් ස්ථාන සහිත අර්ථයන් දිකියි.
07. මොහඳුර දුරු කරන වජ්‍ර සම ඥාණ ශක්‍තීන් ලබයි.

✧ පෙරහන්කඩ පිදීමේ අනුසස් 05 කි.

01. සෑම දෙනාම ඉක්මවා දිව්‍යායුෂ විඳියි.
02. සොරුන් හට කිසිදා හිංසා කල නොහැකිය.
03. සතුරන්ට කිසිදා විපත් පැමිණවිය නොහැක.
04. ආයුධ, විෂ ආදියෙන් අනතුරු නොවේ
05. අතුරු මරණ නොමැත. පරමායුෂ විඳියි.

✧ පටි පිදීමේ අනුසස් 06 කි.

01. සමාධීන්හි අකම්පිත වේ.
02. සමාධි හි වශීභාවයට පැමිණෙන්නේ ය.
03. නොබිඳෙන පිරිස් ඇත්තේ වේ.
04. හැම කල්හිම තම වදන් අනුන් විසින් පිළිගන්නේ ය.
05. එළඹ සිටි සිහි ඇත්තේ වේ.
06. කිසිදු භවයකදී හෝ තැති ගැනීමක් ඇති නොවේ.

➣මෙහි එන ආනිසංස හොඳ හැටි කියවා තේරුම් ගෙන අටපිරිකර පූජාව සිදු කරන්නේ නම් ඔබට සසරෙහි මේවා අත්විඳ සසර දුකින් නිදහස්ව උතුම් නිවන අවබෝධ කරගත හැකි උතුම් පිංකමක් වනු ඇත.

තෙරුවන් සරණයි!

උපුටා ගන්නා ලද්දකි

ඔබට අවශ්‍ය පූජා භාන්ඩ එකම වහලක් යටින්,
පින්වත් ඔබට මේ අපහසු කාලයේ පහසු මිලට,

කුරිය පහසුකම් ඇත,

විදුලියෙන් උපන් මේඝ පතිනි මෑණියෝ!!! 🙏🌸
24/02/2023

විදුලියෙන් උපන් මේඝ පතිනි මෑණියෝ!!! 🙏🌸

🍂 පැන් පූජාවේ ආනිසංස 🙏💧💧💧1.දීර්ඝායුෂ ලැබීම.2.රූප ශෝභාව නම් වූ වර්ණ සම්පත්තිය ලැබීම.3.නොයෙක් සැප සම්පත් ලැබීම.4.පරිවාර සම...
22/02/2023

🍂 පැන් පූජාවේ ආනිසංස 🙏💧💧💧

1.දීර්ඝායුෂ ලැබීම.
2.රූප ශෝභාව නම් වූ වර්ණ සම්පත්තිය ලැබීම.
3.නොයෙක් සැප සම්පත් ලැබීම.
4.පරිවාර සම්පත් ලැබීම.
5.යම් වැඩක් කිරීමේදී තමාගේ ආධ්පත්‍ය බලවත් ලෙස ලැබීම
6.කැමති සේ ශබ්දය ලැබීම.
7.සුවද ආදීයෙන් කැමති සේය් සතුටූ වීම.
8.නොයෙක්‍ රසවත් ආහාර පාන ආදීය ලැබීම.
9ස්පර්ශය හා සැපය කැමති සේ ලැබීම.
10.රූපාදියෙන් කැමැති සේ සතුටු වීම

----- ----- ----- ------- -------

== පැන් පිදීමේ අනුසස් ==

මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.

එකනවුතිතො කප්පො යං දකං අදදිං තදා
දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං
මේ ඒ ස්ථවිරියගේ ප්‍රකාශනයෙකි.

මෙයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කළෙම්ද ඒ හේතුවෙන් මේ වන තෙක් කිසිවිටෙක දුර්ගතියට නො පැමිණියෙමි. මෙය උදක දානයේ ඵලය ය යනු එහි තේරුම යි.
(ආපදාන පාළියෙන්)

== පැන් පූජා කළ දාශියක් ==

එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ බික් සඟන හා කොසොල් රට සැරිසරන සේක් ථුන නම් බමුණු ගම වෙත වැඩම කළ සේක. “ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ගේ ගම සමීපයට පැමිණියහ.” යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේය. එහි වෙසෙන බ්‍රාහ්මණයෝ මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. මසුරෝ ය. බුදුරදුන් කෙරෙහි අප්‍රසන්නයෝ ය. ඔවූහු “ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වුවහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළිගන්නෝ ය. ඉන්පසු අපගේ බ්‍රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැති වන්නේ ය.” යි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහෙනු පිණිස තැන තැන ගං ඉවුරෙහි තිබූ යාත්‍රාවන් ඉවත් කරවූහ. ඒදඬු බිඳ දැමූහ. පැන්හල් නැති කළහ. වාසය කළ හැකි ශාලා නැති කළහ. එක් ළිඳක් ඉතිරි කොට අන් සියළු ළිං වසා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්‍රකාරය දැක අහස් ගමනින් ගඟින් එතෙරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි බික්සඟන පිරිවරා වැඩහුන් සේක.

පැන් ගෙන යන්නාවූ බොහෝ ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමඟින් පැන් ගෙන ගියෝය. කලින් එගම බ්‍රාහ්මණයන් ශ්‍රමණ ගෞතමයන් එන කල්හි කිසිවකු පෙර ගමන් කිරීම් ආදියෙන් ඔවුනට කිසිඳු සැලකිල්ලක් නො දැක්වූහ. ඔවුන් අතුරෙන් එක් බ්‍රාහ්මණයෙකුගේ දාශියක් පැන් කළයක් ගෙන යන්නී භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩ සිටින බොහෝ භික්ෂූන් ගමන් විඩාවෙන් පිපාසිතව සිටිනා බව පෙනී “ශ්‍රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකයන්ට සැලකිලි නො කිරීමට ගමෙහි බමුණෝ කතිකා කරගෙන සිටින්නාහ. එහෙත් මෙබඳ පුණ්‍යක්ෂේත්‍රයක් ලැබ පැන් ටිකක්වත් පිළිගන්වා පිනක් කර නො ගතහොත් කවදා මම මේ දුඃඛ ජීවිකාවෙන් මිදෙන්නෙම්දැ” යි සිතා “මාගේ ස්වාමියා හා ගම් වැසියෝ මට කරන දඬුවමක් කෙරෙත්වා. මම මේ පුණ්‍යක්ෂේත්‍රයෙහි පානීය දානයක් දෙමි” ය යි අන්‍ය ස්ත්‍රීන් විසින් වළක්වත්දී ම ජීවිතාපේක්ෂාව හැර හිස තැබූ පැන් කළය ගෙන බිම තබා තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නා සේ යාඥාකළාය.

එකල්හි තථාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස පැන් පෙරහා අත්පා සිසිල් කොට පැන් බීම ද කළ සේක. කළයෙහි පැන් මඳකුදු අඩු නො වීය. ඕ තොමෝ ඒ ප්‍රාතිහාර්යය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්ෂුවකට ද පැන් පිළිගැන්වූවාය. ඒ භික්ෂුව ද පැන් පෙරහා ගෙන අත්පා සිසිල් කර පානය ද කළේය. කළයේ පැන් තිබූ පරිදි ම පිරී තිබිණ. ඈ එසේ සියළුම භික්ෂූන්ට පැන් පිළිගැන්වූවාය. පැන් කළය පළමු සේම පිරී තිබිණ. ඕ තොමෝ අතිශය ප්‍රීතියෙන් පැන් කළය හිස තබා නිවස බලා ගියාය. තමාගේ දාශිය බුදුරදුන් ඇතුළු මහ සඟනට පැන් පිළිගැන්වූ බව ඇසූ බ්‍රාහ්මණයා “මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කළාය” යි කිපී බිම පෙරළා ඇයට අතින් පයින් පහර දිණ. බමුණාගේ ප්‍රහාරයෙන් දාසිය මියගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට එහි කල්පවෘක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළ විය. විමන වටා රිදීවන් වැලිතලා ඇති නිල්මැණික් කඳක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ විය. විමානය ඉදිරිපස පඤ්චවර්ණ පද්ම සමූහයන් ඇති මහා පොකුණක් පහළ විය. එහි ස්වර්ණ නෞකාවක් ද පහළ විය. ඕ එහි දිව්‍ය සම්පත් විඳිමින් විසුවාය.

තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය ළිඳට ගොස් මා හට පැන් ගෙන එව” යි වදාළ සේක. “ස්වාමිනි, මෙගම බමුණන් ළිඳ දූෂණය කොට ඇත්තේය. එබැවින් පැන් නො ගත හැකිය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැළ කළහ. දෙවනුව ද තුන්වෙනුව ද තථාගතයන් වහන්සේ පැන් ගෙන එන්නට වදාළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන ළිඳ කරා ගියහ. උන්වහන්සේ ගිය කල්හි පැනින් පිරී ළිඳ උතුරා යන්නට විය. ළිඳෙහි වූ වීපොතු පිදුරු ආදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු විය. එයින් ගලායන ජලයෙන් ගමෙහි පහත් තැන් යට වන්නට විය. ඒ ප්‍රාතිහාර්ය දුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යට වී යනු ඇතැයි බිය වී තථාගතයන් වහන්සේගේ ම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් ක්ෂමා කරවා ගත්හ. එකෙණෙහි ජලය අතුරුදහන් විය. ඔවූහු භාග්‍යවතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියෙල කර දී පසු දින දානයට ද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන් දී ඔවූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳ ගත්හ.
එකෙණෙහි දෙවඟනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නී ඒ පැන් දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ “දැන් ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳිමි. මනාකොට පිළිපන්නවුන්ට කරන ස්වල්ප වූ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවට ප්‍රකාශ ද කරන්නෙමි” යි අප්සරා දහස හා විමානයත් සමග තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැන්දාය. තථාගතයන් වහන්සේ ඇගෙන් ම ප්‍රශ්න කර මහජනයාට ඇය හඳුන්වා දී ධර්ම දේශනා කළ සේක. දෙවඟන දහම් අසා සෝවාන් ඵලයට පැමිණියාය. පැමිණි පිරිසට ද ධර්ම දේශනාව සාර්ථක විය. (විමාන වස්තුවෙන් ගන්නා ලදී. එහි නාවාවිමාන නමින් මෙය දැක්වෙි...!!!

#පැන් #පූජාවට #අලංකාර #වූ #පැන් #බඳුන් #අප #ආයතනයෙන් #මිල #දී #ගත #හැක!!

මේ අපහසු කාලයේ පහසු මිලට පින්වත් ඔබට

#ඉන්ද්‍රතිලකපූජාබාන්ඩ

මුතු කුඩ පූජා කිරීමේ පින෴ඔබටත් ඔබේ පිංකමකට අලංකාර මුතුකුඩයක් අවශ්‍ය නම් අප ආයතනය හා සම්බන්ද වන්න 😊
22/02/2023

මුතු කුඩ පූජා කිරීමේ පින෴

ඔබටත් ඔබේ පිංකමකට අලංකාර මුතුකුඩයක් අවශ්‍ය නම් අප ආයතනය හා සම්බන්ද වන්න 😊

පින්වත් ඔබට, ඔබගේ නිවසේ/හිතමිතුරන්ගේ නිවසක, පූජනීය ස්ථානවල පවත්වන්නට යෙදෙන උතුම් පිංකම් සදහා පහසු මිලට පූජා භාන්ඩ ඉන්ද්‍...
22/02/2023

පින්වත් ඔබට, ඔබගේ නිවසේ/හිතමිතුරන්ගේ නිවසක, පූජනීය ස්ථානවල පවත්වන්නට යෙදෙන උතුම් පිංකම් සදහා පහසු මිලට පූජා භාන්ඩ ඉන්ද්‍රතිලක පූජා භාන්ඩ අප වෙතින්!!!

🔉කුරිය පහසු කම යටතේ සියලු පූජා භාන්ඩ ඔබේ අතටම ලබාගත හැක,

🔉වැඩි විස්තර සදහා අමතන්න
=

Whatsapp හරහාද ඔබට අප සමග සම්බන්ද විය හැක.

Address

Brahakmanagama

Telephone

+94740571377

Website

Alerts

Be the first to know and let us send you an email when Indrathilaka PujaBandha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indrathilaka PujaBandha:

Share