Thammanna.lk - තම්මැන්නා

Thammanna.lk - තම්මැන්නා Thammanna is an Event Management Company which do out door and indoor event management

The Mahaweli River, Sri Lanka's longest river, has a history deeply interwoven with the nation's ancient and modern deve...
16/09/2025

The Mahaweli River, Sri Lanka's longest river, has a history deeply interwoven with the nation's ancient and modern development. For over 2,500 years, the river was the lifeblood of an impressive hydraulic civilization.💙 Ancient Sinhalese kings and engineers harnessed its waters to create a vast network of reservoirs and canals, turning the dry northern plains into a fertile "granary of the east." This sophisticated system, however, fell into disuse after the decline of the ancient kingdoms. In the 20th century, the river's potential was again recognized, leading to the ambitious Mahaweli Development Programme. Initiated in the 1970s and accelerated shortly after, this massive undertaking transformed the river into a modern resource for hydroelectric power and large-scale irrigation, profoundly reshaping Sri Lanka's economy and landscape.

✍️Kavindya De Silva ✨
~Thammanna.lk - තම්මැන්නා💓

ඉස්සර ගෙවල්වල පිරිස වැඩියිනමුත් ගෙදර පොඩියි...එක එක්කෙනාට වෙන වෙනමකාමර තිබුනේම නෑ...එක කාමරේ පැදුරු එලාගෙනනිදා ගත්තේ......
31/08/2025

ඉස්සර ගෙවල්වල පිරිස වැඩියි
නමුත් ගෙදර පොඩියි...
එක එක්කෙනාට වෙන වෙනම
කාමර තිබුනේම නෑ...
එක කාමරේ පැදුරු එලාගෙන
නිදා ගත්තේ...
කුප්පි ලාම්පුව තමයි
එළිය දුන්නේ...
පොල් අතු පැලක් උනත්
ඒ තමයි ජීවිතේ සතුටින්ම
ගෙවපු කාලය... ♥️😍

✍️මෙය උපුටා ගන්නා ලදී..
ගෞරවය මුල් හිමිකරුට හිමි වේ... ❤

ලංකාවේ තුට්ටු දෙක භාවිතයට එන්නේ ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. ඒ කාලයේ මුදල් ඒකක කිහිපයක්ම තිබුණා.දොයිතුව (Duit) - ...
29/08/2025

ලංකාවේ තුට්ටු දෙක භාවිතයට එන්නේ ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. ඒ කාලයේ මුදල් ඒකක කිහිපයක්ම තිබුණා.

දොයිතුව (Duit) - මෙය ලන්දේසීන් ලංකාවට හඳුන්වා දුන් තඹ කාසියක්. දොයිතු 4ක් තුට්ටුවක් ලෙස සැලකුණා.
තුට්ටුව (Thuttu) - මෙය තඹවලින් තැනූ තවත් මුදල් ඒකකයක්.
තුට්ටු දෙක (Thuttu Deka) - මෙය තුට්ටු දෙකක වටිනාකම ඇති කාසියක්.

මේ කාසිවල එක් පැත්තක අලියෙකුගේ රූපයක් සහ අනෙක් පස "Ceylon Government" යනුවෙන් සටහන්ව තිබුණා. මේවායේ වටිනාකම ද සඳහන් වුණා.

තුට්ටු දෙක කියන මුදල් ඒකකය ලංකාවේ භාවිතයෙන් ඉවත් වුණත්, ඒ වචනය අදටත් අපි අතර තියෙනවා.අදටත් කෙනෙක්ගේ වටිනාකමක් නැති බව කියන්න "ඔයා තුට්ටු දෙකටවත් වටින්නේ නැහැ" වගේ වාක්‍ය අපි පාවිච්චි කරනවා. ඒ වගේම, යම් දෙයක් ඉතාම අඩු වටිනාකමකින් කරන විට "තුට්ටු දෙකේ වැඩ" කියලා කියනවා. ඒකට හේතුව තමයි, අතීතයේ තුට්ටු දෙක කියන්නේ ඉතාම අඩු වටිනාකමක් තිබුණු මුදලක් වීම.

✍️Kavindya De Silva ✨
~Thammanna.lk - තම්මැන්නා💓

මතුගමට ආවේණික දෙමළ ගස්තර කුලය  -1. ආරම්භය හා මූලයමතුගම ප්‍රදේශයේ “ගස්තර” ලෙස හැඳින්වෙන කුලය මූලිකව දෙමළ සමාජයේ Kasthiriy...
27/08/2025

මතුගමට ආවේණික දෙමළ ගස්තර කුලය -
1. ආරම්භය හා මූලය
මතුගම ප්‍රදේශයේ “ගස්තර” ලෙස හැඳින්වෙන කුලය මූලිකව දෙමළ සමාජයේ Kasthiriyar (கஸ்திரியர்) නම් කුලයෙන් උරුමයක් ලබනවා.
ඉතිහාසයේදී මෙම කුලය සේවක පන්තියකට අයත් වූ අතර ගොවිතැන්, ගෘහ සේවය, හා වෙළඳාමට උපකාර කිරීම වැනි කාර්යයන් වල නිරත වුණා.
කාලයත් සමග, ආර්ථික හේතු, විවාහ සම්බන්ධතා, සහ ආගමික බලපෑම් නිසා මේ කුලයේ කොටස් බස්නාහිර දිස්ත්‍රික්කයට, විශේෂයෙන්ම මතුගම සහ අවට ගම්වලට පැමිණ, සිංහල සමාජයට එක්විය.
2. මතුගම අවට පුරාණ වසස්ථාන
දෙමළ ගස්තර පවුල් මතුගම නගරය සහ අවට ගම් කිහිපයක විශාල ලෙස පිහිටා තිබුණා:
යටදොල
නාරාවිල
මගුරුකඩ
කටුගහහේන
බෝන්දුපිටිය
උතුන්ගම
මෙම ගම්වල පවුල් වසර ගණනාවක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට බස, ආහාර, ආගම, සහ පවුල් සම්ප්‍රදායන් රැකගෙන ඇත.
3. සමාජ–ආර්ථික පැවතුම්
ඉතිහාසයේදී මතුගම ගස්තර ජනතාවගේ ප්‍රධාන වෘත්තීන්:
ගොවිතැන්: තේ, රබර්, හා වී වගාවන් සදහා ශ්‍රමය ලබාදිම.
දක්ෂතා හා සේවා කටයුතු: ගෘහ සේවා, වෙළඳාමට සහය, හා කාර්මික අංශයේ කම්කරු රැකියා
20වැනි සියවසේ අග භාගයේදී, අධ්‍යාපනය හා රාජ්‍ය සේවා අවස්ථා වැඩිවීමත් සමග, ගස්තර පවුල් බොහෝමයක් වෘත්තීන් විවිධත්වය කර ගත්තා.
4. සංස්කෘතික ලක්ෂණ
ආගම: බොහෝවිට බුද්ධාගම
භාෂාව: සිංහල, නමුත් උච්චාරණයේදී තවමත් දෙමළ වචන හා උච්චාරණ බලපෑම් ඇත.
සම්ප්‍රදායන්:
වාර්ෂික පවුල් හමුවීම්
පුරාණ උත්සව (පුර පසල්, මහා උපෝසථ, නවම්)
පවුල් නාම පදනමින් පරම්පරාව ගෙනයෑම
5. විකාශනය හා ව්‍යාප්තිය
මතුගම සිට අනෙක් ප්‍රදේශ වෙත සංක්‍රමණය:
බස්නාහිර පලාත– වාද්දුව, බණ්ඩාරගම, කළුතර
දකුණු පළාත– අළුත්ගම, ඇල්පිටිය, ගාල්ල
මධ්‍යම සහ උතුරු–මධ්‍යම – කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර
මෙම සංක්‍රමණය හේතුවෙන්, ගස්තර කුලය බොහෝ ප්‍රදේශවලට පැතිරුණත්, මතුගම තවමත් මූලස්ථානය ලෙස සැලකේ.
6. නවීන තත්ත්වය
අද කාලයේදී, මතුගම දෙමළ ගස්තර ජනතාව:
අධ්‍යාපනයේ උසස් මට්ටමක් ලබාගෙන, වෘත්තීන් විවිධ කර ඇත.
සමාජයේ සම්පූර්ණ පිළිගැනීමක් ලබන අතර, කුල පදනම් සීමා ප්‍රායෝගිකව නැත.
පවුල් ඉතිහාසය සහ පූර්වික මූලය ගැන ගෞරවය තවමත් තැන්පත් කරයි.
7. නිගමනය
මතුගම දෙමළ ගස්තර කුලය කියන්නේ, දෙමළ මූලය සහ සිංහල සංස්කෘතියේ මිශ්‍රණයකින් ගොඩනැගුණු, දිගු ඉතිහාසයක් සහිත, අද සමාජයට සමගියෙන් සහ ගෞරවයෙන් එකතුවූ සමාජ කණ්ඩායමකි.
එහි ඇවතුම්, පැවතුම්, හා විකාශනය, ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික පසුබැසීමේ විශේෂ උදාහරණයක් ලෙස ගෙන හැරිය හැක.

දෙමළආරචිගේ මන්දිනු සපුමල්
සමාජ විද්‍යාචාර්ය
කැලණිය විශ්වවිද්‍යාලය

✍️මෙය උපුටා ගන්නා ලදී..
ගෞරවය මුල් හිමිකරුට හිමි වේ... ❤

History and Creator of AmbuluwawaAmbuluwawa is a unique and relatively modern monument in Sri Lanka, designed to be a sy...
25/08/2025

History and Creator of Ambuluwawa

Ambuluwawa is a unique and relatively modern monument in Sri Lanka, designed to be a symbol of religious harmony and biodiversity. While the mountain itself has historical significance dating back to the 13th-century Gampola Kingdom, the current complex is a recent construction.

The Ambuluwawa Biodiversity Complex and its central tower were the brainchild of former Sri Lankan Prime Minister D.M. Jayaratne. The project began in 1997 and was officially opened to the public in 2009. A key aspect of its creation was the promotion of peace and unity among the country's diverse religious communities. The construction was funded by government funds, donations from local residents, and international sponsors. People from various religious and ethnic backgrounds contributed their labor and financial support, making the complex a true testament to interfaith cooperation.

ගමකටම දඬුවම් කළ නරේන්ද්‍රසිංහ රජතුමා...මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැණික්හින්න කඩමණ්ඩියට ...
22/08/2025

ගමකටම දඬුවම් කළ නරේන්ද්‍රසිංහ රජතුමා...

මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැණික්හින්න කඩමණ්ඩියට යාව කුරගන්දෙණිය ගාඩි ගම්මානය පිහිටා ඇත. මහනුවර සිට එයට දුර සැතපුම් දහයක් පමණ වෙයි. මැණික්හින්න කඩමණ්ඩිය පිටුපස ඉතා සුළු බිමක මේ ජනාවාසය පැතිර ඇත. පවුල් 104 අයත් පුද්ගලයෝ 324 ක් ජීවත්වෙති.
අද ලංකාවේ ඉහළම වාණිජ කරණයට ලක් වූ ගාඩි ගම්මානය කුරගන්දෙණියයි. දිනපතා හා සති අන්ත පුවත්පත් දැන්වීම් අනුව ඉනා හා වශී ගුරුකම් කරන අය පනහකට වඩා ජීවත් වෙති. ඉන් සමහරු තම පැරණි පරපුරේ අයගේ නම ගෙන ඇත. මේ ගමේ ආරම්භය මහනුවර යුගයේ මුල්ම අවදියට වැටෙයි. එහෙත් ජනප්‍රවාද අනුව ගමේ ආරම්භය සිදු වූයේ කුණ්ඩසාලේ අගනුවර කරගෙන රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුකලය. (ක්‍රි.ව 1707-1739)

නරේන්ද්‍රසිංහ රජු කුණ්ඩසාලේ අගනුවර කොට ගෙන රජ කළේ 1707 සිට 1715 දක්වා කෙටි කාලයකි. ඉන්පසු ඔහු කුණ්ඩසාලේ අතහැර දියතිලකපුර හෙවත් හඟුරන්කෙත අගනුවර කර ගත්තේය. අවසාන සිංහල රජු ඔහුය. ඔහුගෙන් පසු රජකමට පත් වූයේ නායක්කාර් රජවරුය. තරුණ වියේදීම රජකමට පත් නරේන්ද්‍රසිංහ කුමරු ස්ත්‍රිය - සුරාව - විනෝදය තදින් ප්‍රිය කළ අයෙකි. ජන කවිවල පවා ඔහු හඳුන්වනුයේ ‘‘සෙල්ලම් නිරිඳු’’ යනුවෙනි. රජු වයස 49 අකාලයේ මිය ගියේ වැරදි රාගික ජීවිතයෙන් වැලඳුණු ලෙඩ හා සුව කළ නොහැකි රෝග නිසාය.

ඒ නරේන්ද්‍රසිංහ රජු තරුණවියේදීම කුණ්ඩසාලේ රජ කරන කාලයයි. අද මැණික්හින්න ලෙස ප්‍රකට කඩමණ්ඩියේ වැඩි කොටසක් ශුන්‍ය හිස් කැලෑ බිම් හා පාළු වැලි තලාව විය. එය එහි යාව පිහිටි ගම්මානය හුරීකඩුව නම් විය. 1960 පමණ වනතුරු මෙහි තැපැල් කාර්යාලය පවා හඳුන්වන ලද්දේ හුරීකඩුව නමිනි. හුරීකඩුව පාරම්පරික ගැමි ගම්මානයකි.
හරීකඩු යාම එද‌ා පළිහගොඩැල්ල පිටියේ දේවාලය විය. රජු පිටියේ දෙවියන් ගැන දැඩි භක්තියක් විය. ඉඳහිට අසු පිට නැගී මෙම දේවාලයට එන තරුණ රජුට මෙම ගමේ එක් පවුලක නව යොවුන් රූබර තරුණියක් දක්නට ලැබුණි. ඇය දුටු රජු ඇගේ රූපයෙන් වශී විය. ඇය හා කළ කතාබහේදී ඇය යාබද නිවසක ගැමි තරුණියක බව හෙළිවිය.
කුණ්ඩසාලේ සිට අසු පිට නැගී සංචාරය කරන රජු අඳුරු වැටෙන විට තරුණියගේ නිවසට ඒමට පුරුදු විය. ඒ වන විට ගම මැද පිහිටි දැවැන්ත හුරී ගසක් දිරා ඉබේ හැදී තිබූ විශාල ගස් බෙනයක තම කඩුව හා හෙල්ල සඟවා ඒමට පුරුදුව සිටියේය.

දිනක් අසු පිටින් ආ රජු තම කඩුව හා හෙල්ල ගස් බෙණයේ සඟවා ඉවත්ව යනු දුටු ගමට ආගන්තුක කපන්නන් පිරිසක් බෙනයේ සඟවා තිබූ කඩුව හා හෙල්ල රැගෙන ගියහ. එ් සැඟවූයේ රජු බව ඔවුන් දැන සිටියේ නැත.
තරුණිය සමඟ කාලය ගත කර අසු පිට නැගී ආපසු එන රජු තමා හුරී ගසේ කුහරයේ සැඟවූ කඩුව හා හෙල්ල ගැනීමට යන විට එය අතුරුදන් වී තිබුණි. රජුගේ කෝපයේ සීමාව පැන ගියේය. අද ගාඩි ගම්මානය ඇති බිම එකල වන මැද පිහිටි ගහකොළ නැති වැලි පිරුණු තැනිතලා බිමකි. ඒ මැදින් අසු පිටින් යන විට අසුගේ පාද වැලිතලාවේ එරුණේය. රජු සිතේ දැඩි කෝපයෙන් සිත අන්දමන්දව යන විට අසුනේ පාද වැල්ලේ එරී යද්දී ‘‘කුර ගන්, කුර ගන්’’ යනුවෙන් කුර ඉහළට ඔසවෙන ලෙස අශ්වයාට පහර කීපයක් එල්ල කළේය. ඌ පාද වැල්ලෙන් ඇද ගෙන ගමන ඉක්මන් කළේය.

රජවාසලට ගිය රජු කඩුව හා හෙල්ල හොරකම් කළ ගම්මුන්ට අපූරු දඬුවමක් දීමට කටයුතු කළේය. හුරීකඩුව ගම එක කෙළවරක ගාඩි පවුල් කීපයක් පදිංචි කරවීය. රජවාසලට කඹ හා මදු සැපයීම ඔවුන්ට පැවරුණු රාජකාරිය විය. ගමේ අනිත් කෙළවර කින්නර පවුල් කීපයක් පදිංචි කළේය. නියඳවලින් දුම්බර රටා පැදුරු විවීම හා නියඳ සැරසිලි රටා විවීම ඔවුන්ට පැවරුණි.
අද මේ කින්නර පවුල් වාසය කරන ප්‍රදේශය හේනාවල නමින් ප්‍රකටය. රජු හුරීකඩුව ගමෙන් තමාට කළ වරදට ගම දෙපැත්​තේ‍ ගාඩි හා කින්නර පවුල් පදිංචි කොට ඉන්පසු මුළු ගමම පහත හෙළුවේය. රජුගේ වෛරය සංසිදුණේ ඉන්පසුවයි.

චායාරූපය : අන්තර්ජාලය ඇසුරෙනි
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන මහතාගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගන්නා ලදී....
ගෞරවය මුල් හිමිකරුට හිමි වේ... ❤

Meemure is an isolated village in Sri Lanka's Central Province with a unique history and culture. Located 343 km from Co...
20/08/2025

Meemure is an isolated village in Sri Lanka's Central Province with a unique history and culture. Located 343 km from Colombo in the Kandy District, the village is historically linked to the prehistoric era through the mountain Lakegala and its connection to King Ravana.
Folklore suggests the village was once owned by a Vedda named Beduruwa during the reign of King Wimaladharmasuriya. The village's current inhabitants are said to be descendants of two men from Poddalgoda, Herath Hami and Riti Hami. The Meemure people have a distinct culture, with specific traditions related to religion, rituals, marriage, food, and architecture.

✍️Kavindya De Silva ✨
~Thammanna.lk - තම්මැන්නා💓
The rights to the images must belong to the original owners.❤️

හෙළ කතුන් හැඩකළ සූසැට ආභරණ නොහොත් සිව්සැට ආභරණ...ආභරණ පැළඳීම අතින් එදා හෙළ ලඳුන් ලෝකෙයේ අන් කවර ස්ත්‍රීන්ට වුව ද දෙවැනි ...
18/08/2025

හෙළ කතුන් හැඩකළ සූසැට ආභරණ නොහොත් සිව්සැට ආභරණ...

ආභරණ පැළඳීම අතින් එදා හෙළ ලඳුන් ලෝකෙයේ අන් කවර ස්ත්‍රීන්ට වුව ද දෙවැනි වී නැත. සූසැට ආභරණයෙන් හැඩ වූ හෙළ කතුන් කනට තෝඩු ඉනට හවඩි, පයට නූපුරු බන්දි වළලු මිණිමෙවුල ගෙලට මාල, හත්පොට මාල වැනි අපූරු මෙවලම් කට්‌ටල පැළැඳි බව පොතපොතේ සඳහන්වේ. රොබට්‌ නොක්‌ස්‌ ද එදා හෙළ දිව ග්‍රන්ථයේ අපේ රටේ කතුන් පැළඳි ආභරණ පිළිබඳ මෙසේ සඳහන් කොට ඇත්තේය.

" අතෙහි රිදී වළලු දමා පය පාද මුදු හා අතැඟිලි වල රිදී මුදු දමති. ගෙලේ පබළු මාලයක්‌ හෝ පපුව පුරා වැටෙන කැටයම් කළ රත්රන් පෙවූ රිදී පළඳිති. දෙකනෙහි කන් විද කැටයමින් සුන්දර වූ රන් පෙවූ ගල්බැඳි කුණ්‌ඩලාභරණ වෙති."

මේ අන්දමට හෙළ කුල කත එදා පැළඳි ආභරණ වර්තමානයේ නවීකරණය වී යළිත් අපේ කතුන් වෙත පැමිණ තිබේ. කෙසේ වුවද එදා හෙළ කතුන් පැළඳි ආභරණවලින් අරික්‌කාලක්‌වත් වර්තමානයේ අපේ කතුන් පළඳින්නේ නැති බවනම් ඉඳුරාම පැහැදිළිය.

සූසැට ආභරණ
================

🏵️01. රන්පට
🏵️02. රුවන් තෝඩු
🏵️03. නාගවඩම
🏵️04. කාදුකාප්පු
🏵️05. මුතුපට
🏵️06. කච්චොඩම්
🏵️07. බාහු අණ්ඩ
🏵️08. මිණිකයිවඩම්
🏵️09. ගිගිරි වළලු
🏵️10. තුන්කොන් මාල
🏵️11. සිව්කොන් මාල
🏵️12. හස්තපෝට්ටු
🏵️13. මේඛලාදාම
🏵️14. පස්‍ රූ
🏵️15. පස් පෙරහර
🏵️16. සත්රුවන් වැල
🏵️17. රන් හවඩි
🏵️18. රිදී හවඩි
🏵️19. මුතු හවඩි
🏵️20. කිංකිණි ජාලා
🏵️21. සත්රුවන් හවඩි
🏵️22. නිලිමිණි හවඩි
🏵️23. රන්මිණි හවඩි
🏵️24. හස්තාංගුලි
🏵️25. හස්ත මුද්‍රිකා
🏵️26. කෛපෝට්ටු
🏵️27. අංගදාභරණ
🏵️28. ඒකාවැල
🏵️29. කර්ණාවතංස
🏵️30. ග්‍රීවාභරණ
🏵️31. පදක්කම්
🏵️32. කර්ණසුත්‍ර
🏵️33. මිණිබන්ධි
🏵️34. කෙයුරාභරණ
🏵️35. ඌරුජාල
🏵️36. ඉනහැඩ
🏵️37. උදර බන්ධන
🏵️38. මකර පට
🏵️39. නළල් පට
🏵️40. පාද ශංඛලා
🏵️41. පාදාභරණ
🏵️42. පාද ජාලා
🏵️43. පාදාංගුලි
🏵️44. පාදජංඝා වළලු
🏵️45. ගල්මුතු මාල
🏵️46. රන්මිණි මාල
🏵️47. ගෙලමුතු මාල
🏵️48. මිණිමුතු මාල
🏵️49. දර්ශන මාල
🏵️50. නිල්මිණි මාල
🏵️51. රන්මුතු මාල
🏵️52. ලියරන් මාල
🏵️53. රුවන් මාල
🏵️54. වටරන් මාල
🏵️55. පත්‍රවළලු
🏵️56. සක්දම්
🏵️57. මුතුදම්
🏵️58. රන්දම්
🏵️59. රිදී දම්
🏵️60. මිණිදම්
🏵️61. මුතුහර
🏵️62. අවුල්හර
🏵️63. අලකාපට
🏵️64. ඔටුන්න

📄 මූලාශ්‍රය :- අන්තර්ජාලය හා පුවත්පත් ලිපි
✍️ සැකසුම :- හෙළ අරණ™️

✍️මෙය උපුටා ගන්නා ලදී..
ගෞරවය මුල් හිමිකරුට හිමි වේ... ❤

ශ්‍රී වික්‍රම රාජසිංහ රජශ්‍රීලංකාවේ අවසාන රජතුමා 1815 උඩරට ගිවිසුම ඇති කිරීමට කටයුතු කිරීම            ශ්‍රී වික්‍රම රාජස...
16/08/2025

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
ශ්‍රීලංකාවේ අවසාන රජතුමා
1815 උඩරට ගිවිසුම ඇති කිරීමට කටයුතු කිරීම
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ශ්‍රී ලංකාවේ රාජධානිය ඉංග්‍රීසීන්ට යටත්වීමට පෙර එහි අවසාන රජතුමා විය. ඔහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගෙන් පසු 1798 දී සිහසුනට පත් විය. ඛ්‍රිතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී ඔහු පරාජය කොට පහ කරන ලදි. දකූණු ඉන්දීය තෙළිඟු සම්භවයක් ඇති ඔහු සිංහලේ නායක්කාර රාජ වංශයට අයත් විය. කන්නසාමි නම් වු මොහු 1798 දී සිංහාසනාරූඪ වන විට අභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ නම තෝරා ගන්නා ලදි. ඔහු ලංකාවේ නායක්කාර රජ පෙළපතෙහි අවසාන රජු විය.

මුල් දිවිය
මොහු රාජාධිරාජ සිංහ රජුගේ බිසව වූ උපේන්ද්‍රම්මාගේ සොහොයුරියගේ පුතාය. වයස අවුරුදු 18 දී ඔහු මහනුවර රාජධානියේ රජු ලෙස අභිෂේක ලද්දේය. ඔහු මහනුවර නායක්කර් රජ පරපුරේ අන්තිමයා වූවා මෙන්ම ශ්‍රී ලංකාවේද අන්තිම රජු විය. ඔහුගේ පාලන කාලය තුළ ලංකාවේ අනිකුත් පෙදෙස්වල ද බ්‍රිතාන්‍ය යටත් විජිතය ස්ථාපනය විය.
රාජාධි රාජසිංහගෙන් පසු රජකමට පත්වීම සඳහා තවත් අයෙකු සිටියේය. ඔහු උපේන්ද්‍රම්මා බිසවගේ සහෝදරයාය. ඔහුට රජ කමේ උරුමයට වැඩි අයිතියක් තිබිණ. කෙසේ වෙතත් අගමැති පිළිමතලාවේ, දකුණු ඉන්දීය කුමාරයා රජකමට තේරුවේය. වාර්ථාවන අන්දමට ඔහු එසේ කළේ විශාල සැලසුමක් හිතේ දරා ගෙනයි. එනම් සිහසුන අනියම් වශයෙන් ලබා ගෙන ඔහුගේම වූ නව රජ පරපුරක් පවත්වාගෙන යාමය. රජකමට පත් වීමෙන් පසු තරුණ රජුට කුමණ්ත්‍රණ ගණනාවකට මුහුණ දීමට සිදු විය..

අභ්‍යන්තර ගැටුම්
ඔහුගේ පාලන කාලය තුළදී ලන්දේසීන්ගෙන් පසු මුහුදු බඩ ප්‍රදේශයේ බලය අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ උඩරට රාජ්‍යයේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවූහ. එහෙත් පිළිමතලාවේ බ්‍රිතාන්‍යයන් සමග රහස් ගිවිසුම් පවත්වා ගෙන ගියේ බ්‍රිතාන්‍යයින්ට එරෙහිව ආරවුල් කිරීමට රජු පෙළඹෙන අයුරිණි. එවිට උඩරට රාජධානිය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයින්ට සාධාරණ හේතුවක් ඉස්මතුවෙයි. පසුව රාජ ද්‍රෝහි වීමේ හේතුව මත පිළිමතලාවේ මරා දැමීමට රජුට සිදු විය. එසේ කරන ලද්දේ ඊට පෙර එම වරද සම්බන්ධයෙන් දෙවරක් සමාව දී තිබීමෙන් පසුවයි.
අලුතෙන් අගමැති (නොහොත් පළමු අධිගාර්) පදවියට පත් වූ ඇහැළේපොල, පිළිමතලාවගේ බෑණාය. ඔහු විසින් සංවිධානය කරන ලද කැරැල්ල රජු විසින් මැඩ පැවැත්වීමෙන් පසු ඇහැළේපොල කොළඹට පලා ගොස් බ්‍රිතාන්‍යයන් හා සම්බන්ධ වූයේය. ඔහුට යටත් වන ලෙස රජතුමා දන්වා සිටියේය. සති තුනක් ගත වීමෙන් පසුව ද ඔහු යටත් නොවීම නිසා කෝපයට පත් රජු ඔහුගේ මුළු පවුලම මරා දමන ලෙස නියෝග කළේය. මෙම දඬුවම ගැන විස්තර රට පුරා පතල කරන ලද්දේ ඒ ගැන ශෝක වූවන් විසිණි. කෙසේ වුවද මෙම තොරතුරුවල නිරවද්‍යතාවය ප්‍රශ්නකාරීය.

✍️මෙම ලිපිය රජ TV's post පිටුවෙන්.
ගෞරවය මුල් හිමිකරුට හිමි වේ... ❤

ලංකාවේ ධාවනය වූ ට්‍රෑම්කාර්1858 දී දුම්රිය සේවය ලංකාවේ ස්ථාපනය විය. අද අපි දකින තත්ත්වයට ආසන්නව මඟීන් 20-30ක් එකවර පටවාග...
14/08/2025

ලංකාවේ ධාවනය වූ ට්‍රෑම්කාර්

1858 දී දුම්රිය සේවය ලංකාවේ ස්ථාපනය විය. අද අපි දකින තත්ත්වයට ආසන්නව මඟීන් 20-30ක් එකවර පටවාගෙන යෑමට හැකි මට්ටමට බස්රිය ලංකාවට පැමිණෙන්නේ 1920 ආසන්න කාලසීමාවේ දී ය. ඒවා කරළියට එන්නට පෙර යටත්විජිත කාලයේ දී කෙටිදුර ගමන් සදහා බක්කි කරත්ත, රික්ශෝ, සහ අශ්ව රිය භාවිතා විය.
1900 කාලය වනවිට කෙටිදුර ගමන් සඳහා ප්‍රවාහන මාධ්‍යයක් නොමැති විය. ඒ අඩුව පුරවාලන්නට ලන්ඩන් නගරයේ ලොව ප්‍රථම භූගත මෙට්‍රො දුම්රිය 1890 දී ආරම්භ විය. ඉන්පසුව ඇමරිකාවේ චිකාගෝ (1897), හංගේරියාවේ බුඩාපෙස්ට් (1896), ප්‍රංශයේ පැරිස් (1900) ආදී නගරවල මෙට්‍රො දුම්රිය සේවාවන් බිහිවිය. ඒ ඔස්සේ කෙටිදුර ගමන් පහසුව සලසාගන්නට ඒ නගර වැසියන්ට අවකාශ ලැබුනි.
ලංකාවට හඳුන්වාදුන් ට්‍රෑම් සේවාවේ විශේෂතා රැසකි. මෙට්‍රො සේවාවටත් වඩා ජනයාට සමිප වූ ට්‍රෑම්, මරදාන සිට පුංචි බොරැල්ලට යනතෙක් ස්ථාන 10කින් නවත්වා මඟීන් හුවමාරු කරගත් බව වාර්තා වල සඳහන්ය. එය අද කොට කොටා යන මොරටුව-පිටකොටුව බස් රිය මෙන් සෑම නැවතුමකම නවත්වන, නාගරික මඟීන්ට ගමන් පහසුව සලසන මනා සේවාවක් වී තිබේ.
එංගලන්තයේ සමාගමකින් පාලනය වූ ලංකාවේ ට්‍රෑම් සේවාව 1944 දී කොළඹ නගර සභාවට පවරාගන්නා ලදී. ඉන්පසු ට්‍රෑම් සේවාව නවීකරණය මන්දගාමී වූ අතර බස්රිය සේවාවන් කොළඹ සිසාරා පැතිරෙන්නට ද විය. එහෙත් කෙසේ හෝ බාධක මැද ට්‍රොලි බස් සේවාවක් ද එකතු කරගෙන ට්‍රෑම් දශක දෙකක් අමාරුවෙන් ධාවනය කරගන්නට නගර සභාවට හැකිවිය. ඉන්පසු ඇරඹි මහා වැඩවර්ජනයේ දී එවකට පාඩු ලබමින් තිබූ ට්‍රෑම් සේවාවේ රියදුරු පඩි වැඩිකරගන්නට බලධාරින් අකමැති විය. ට්‍රෑම් සේවාව 1970 කාලයේ දී කොළඹින් සදහටම අතුරුදහන් විය.
1903 ජනවාරි 13 වැනි දා මුලින්ම ධාවනය ඇරඹූ ට්‍රෑම් රිය කොළඹ කොටුවේ සිට මරදාන දක්වාත්, මරදාන සිට නැවත තොටළඟ සහ බොරැල්ල දක්වාත් ධාවනය විය.
1905 කාලයේ දී ග්‍රෑන්ඩ්පාස් සහ මරදාන මාර්ගයේ පමණක් දිනකට මගීන් 14,529ට අධික ප්‍රමාණයක් ට්‍රෑම් මඟින් ප්‍රවාහනය කොට තිබුණි. ඒ අනුව වසරකට මඟීන් මිලියන 6.5කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කරන්නට 1905 තරම් ඈත කාලයේ ට්‍රෑම් සේවාව සවිමත් විය.

✍️මෙය උපුටා ගන්නා ලදී..
ගෞරවය මුල් හිමිකරුට හිමි වේ... ❤

Adisham Bungalow (St.Benedict's Monastery)ශ්‍රී ලංකාවේ මනරම් කඳුකරය මැද පිහිටි බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයට නුදුරි...
12/08/2025

Adisham Bungalow (St.Benedict's Monastery)

ශ්‍රී ලංකාවේ මනරම් කඳුකරය මැද පිහිටි බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයට නුදුරින් පිහිටි Adisham බංගලාව ස්වභාව සෞන්දර්යය සහ වාස්තු විද්‍යාත්මක ශ්‍රේෂ්ඨත්වය එකට මුසුවූ සුවිශේෂී ස්ථානයකි. ශාන්ත බෙනඩික්ට් ආරාමය ලෙසින්ද හැඳින්වෙන මෙය සැබවින්ම සාමකාමී සහ ආධ්‍යාත්මික අත්දැකීමක් සොයන ඕනෑම කෙනෙකුට කදිම තෝතැන්නකි.😇🤍

🌸ඉතිහාසය

මෙම බංගලාව ඉදිකරනු ලැබුවේ ශ්‍රීමත් තෝමස් ලෙස්ටර් විලියම් විලියම්ස් (Sir Thomas Lister William Williams) නම් ඉංග්‍රීසි ජාතික වතු හිමියා විසිනි. 1927 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර, 1931දී එය නිම කරන ලදී. ස්කොට්ලන්තයේ සහ එංගලන්තයේ තිබූ ග්‍රාමීය නිවාසවල ආකෘතියට අනුව මෙය නිර්මාණය කර ඇති අතර, එය 16 වැනි සියවසේ ටියුඩර් යුගයේ (Tudor style) වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් සමන්විත වේ. විශාල උද්‍යානයක්, පලතුරු වතු සහ මනරම් භූමි ප්‍රදේශයක් සමඟින් මෙය ඉදිකර තිබේ.

🌸ආරාමයක් බවට පත්වීම

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, 1948දී ශ්‍රීමත් තෝමස් විලියම්ස් මහතා මෙම බංගලාව ශාන්ත බෙනඩික්ට් ආශ්‍රමයට විකුණන ලදී. එතැන් පටන් එය ශාන්ත බෙනඩික්ට් ආරාමය (St. Benedict's Monastery) ලෙස හඳුන්වනු ලබන අතර, මෙම ආරාමයේ ප්‍රධාන අරමුණක් වන්නේ දේව මෙහෙයන් පැවැත්වීම සහ ජෑම්, ජෙලි, සිරප් වැනි දේ නිෂ්පාදනය කර විකිණීම සිදු කිරීමයි.

🌸ඇඩිෂම් බංගලාවේ විශේෂත්වය

වාස්තු විද්‍යාව - මෙය ගල්, ලී සහ බදාම යොදාගෙන ඉදිකර ඇති අතර, එහි ටියුඩර් යුගයේ (Tudor) ගෘහ නිර්මාණ ශිල්පයේ අලංකාරය මනාව විදහා දක්වයි. ඇතුළත ඇති පැරණි ලී බඩු, ගිනි උදුන් සහ බිත්ති සැරසිලි ද අතීතයේ ශ්‍රී විභූතිය සිහි ගන්වයි.

ස්වාභාවික පරිසරය - මීදුමෙන් වැසුණු කඳු මුදුන්, සදාහරිත වනාන්තර සහ සිසිල් දේශගුණයක් මෙහි පවතී. අලංකාර මල් වතු, විවිධ පක්ෂීන් සහ දුර්ලභ ශාක වර්ග මෙහි දැකගත හැකිය.

සාමය සහ නිස්කලංක බව - ආරාමයක් ලෙස ක්‍රියාත්මක වන නිසා, මෙහි දැඩි සාමකාමී වාතාවරණයක් පවතී. නගරයේ කඩිමුඩියෙන් මිදී විවේකයක් ලබා ගැනීමට මෙය කදිම තෝතැන්නකි.

ඇඩිෂම් බංගලාව යනු හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොවේ. එය ඉතිහාසය, ස්වභාවික සුන්දරත්වය සහ ආධ්‍යාත්මික සාමය එකට මුසු වූ අද්විතීය අත්දැකීමකි. ඔබ හපුතලේට යනවා නම්, මෙම සුන්දර ස්ථානය නැරඹීමට අමතක නොකරන්න.☺️❤️

✍️Kavindya De Silva ✨
~Thammanna.lk - තම්මැන්නා💓
The rights to the images must belong to the original owners.❤️

Address

Colombo 03

Alerts

Be the first to know and let us send you an email when Thammanna.lk - තම්මැන්නා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share