SATA Biz - Elite

SATA Biz - Elite Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SATA Biz - Elite, Business consultant, Colombo.

ව්‍යාපාර ලෝකයේ දිනෙන් දින දියුණු වෙන සුභම සුහ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා.
14/04/2023

ව්‍යාපාර ලෝකයේ දිනෙන් දින දියුණු වෙන සුභම සුහ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා.

ඔන්ලයින් විකුණමුද ? අප රට පරම්පරා ගණනාවක් තිස්සේ අත්පිට මුදලට වුණු ගනුදෙනු පමණක් අත් දැක ඇත. භාණ්ඩය සියතට ගෙන එහි වටිනාක...
09/04/2023

ඔන්ලයින් විකුණමුද ?

අප රට පරම්පරා ගණනාවක් තිස්සේ අත්පිට මුදලට වුණු ගනුදෙනු පමණක් අත් දැක ඇත. භාණ්ඩය සියතට ගෙන එහි වටිනාකමට සරිලන මුදලක් දී එම භාණ්ඩය තමා වෙත ගැනීම තවමත් ලංකාව තුළ ප්‍රසිද්ධ වන විකුණුම් ක්‍රමවේදයයි. නමුත් අද වන විට ලෝකය පත්ව ඇත්තේ ඩිජිටල්කරණයේ යුගයකට ය. ලෝකය අද බොහෝ දුරට සිටි තැනින් ඉදිරියට බොහෝ දුර ඉදිරියට පැමිණ ඇත. අද වන විට ලෝක ආර්ථිකය පත්ව ඇති ඩිජිටල්කරණයේ ආර්ථිකය තුළ අප රටට හුරු පුරුදු විකුණුම් කරණයේ ක්‍රමවේදය වෙනුවට මාර්ගගත විකුණුම් ක්‍රමවේදය ප්‍රචලිත වෙමින් පවතී. ඒ සඳහා ලෝකය හුරුවෙමින් පවතින කාලයක ලංකාවද ඒ සදහා හුරුවීම අත්‍යාවශ්‍ය පවතී. ව්‍යවසායකයන්ට ද සිය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම මාර්ගගත විකුණුම් ක්‍රමවේදය අත්කර දෙන්නේ මහඟු ප්‍රති ලාභ රැසකි. ඒ නිසා අද ලිපියෙන් සොයා බලමු මාර්ගගත විකුණුම් ක්‍රමවේදයන්ගෙන් ව්‍යවසායකත්වය සාර්ථක කරගන්නා ආකාරය කෙසේද යන වග;
අද වන විට ලෝකයේ ව්‍යවසායකත්වය වර්ධනය වෙමින් පවතින්නේ මේ මාර්ගගත විකුණුම් ක්‍රමවේදය මත පදනම්ව ඒ හරහා තම නිෂ්පාදන ප්‍රවර්ධනය කරගැනීමෙනි. ශ්‍රී ලංකාව තවමත් 100% ඒ ක්‍රමවේදයට අවතීර්ණ ව නැති මුත්, සුළුතරයක් දෙනා සාර්ථකව එම ක්‍රමවේදය අනුගමනය කරමින් තම නිෂ්පාදන ප්‍රවර්ධනය කරගනිමින් ව්‍යවසායකත්ව ප්‍රතිලාභයන් භුක්ති විඳිමින් සිටියි. වර්තමාන ලෝකය තුළ මාර්ගගත විකුණුම් ක්‍රමවේදය තුළ කටයුතු ඉදිරියට සිදුකරගැනීමට අවශ්‍ය වන්නේ ස්ථාවර අන්තර්ජාල සබඳතාවයක් පමණි. මේ වන විට අන්තර්ජාලයේ සුප්‍රකට මාර්ගගත ව භාණ්ඩ ප්‍රවර්ධනය කරන ආයතන රාශියකම වෙබ් අඩවි පවතින අතර ඒවා සමඟ ඕනෑම අවස්ථාවක සම්බන්ධවී තමන්ටම ඒ වෙබ් අඩවිය තුළ ගිණුමක් විවෘත කරගනිමින් මාර්ගගත විකුණුම් ක්‍රමවේදය වෙතට පිවිසීමේ හැකියාවක් ඕනෑම ව්‍යවසායකයෙකුට ඇත.
මාර්ගගත විකුණුම් වෙළඳසැලක් ආරම්භ කිරීමේ හැකියාව ව්‍යවසායකයින්‍ට අන්තර්ජාල භාවිතාව ඔස්සේ සිදු කරගත හැකි නමුත් එහි සාර්ථක භාවය රඳා පවතින්නේ ව්‍යවසායකයන් සතු බුද්ධිය මත පදනම් වය. මාර්ගගත විකුණුම් වෙළඳසැලක් තුළ අත්‍යාවශ්‍යම වන දේ නම් නිෂ්පාදනයි. නිෂ්පාදන නොමැති විට මාර්ගගත වෙළඳසැලකින් ඵලක් නැත. එහිදි කළ යුතු මුල්ම දේ නම් මාර්ගගත විකුණුම් වෙළඳසැල් සංකල්පය තුළ අලෙවිවන නිෂ්පාදන අතර වඩාත් හොඳින් අලෙවියට බඳුන් වන නිෂ්පාදන ගැන අවධානය යොමු කිරීමයි. එසේ වැඩි අලෙවියක් මාර්ගගතව පෙන්වන නිෂ්පාදනයකට යොමු වීමට හැකියාව තිබේ නම් එය එසේ කළ හැකි අතර, එසේ නොමැති නම් අලෙවිය පිළිබඳව වන වාර්තා ගැන සැලකිල්ලක් දක්වා අළුත්ම නිෂ්පාදනයක් මාර්ගගත වෙළඳසැල ඔස්සේ හඳුන්වාදීමට ද ව්‍යවසායකයන් ලෙස ඔබට හැකියාව ඇත. සෑම විටම සාර්ථක ව්‍යවසායකයන් වන්නේ සෙසු ව්‍යවසායකයන්ට වඩා වෙනස් මානයකින් අදහස් දරන අයයි. ඒ නිසා කැපී පෙනෙන අලෙවියක් ඇති නිෂ්පාදන ඔස්සේම ගොස් මාර්ගගත වෙළඳසැල ප්‍රවර්ධනය කරනවා වෙනුවට අළුත් නිෂ්පාදනයක් වෙළදපොළ වෙත හඳුන්වා දෙන්නේ නම් එය වඩාත් සාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩිය. ඉන්පසුව තමන්‍ට වඩාත් ලාභයක් රඳවා ගත හැකි ක්‍රමවේදයක් ඔස්සේ එම නිෂ්පාදනය පාරිභෝගිකයන් වෙතට හඳුන්වා දීම සිද්ධ කළ යුතුය.

නිෂ්පාදනයක් මාර්ගගත වෙළඳපොළ වෙත හඳුන්වාදීම ඔස්සේ සෑම විටම ඒ සඳහා පාරිභෝගිකයන් යොමුවීම සිදුවේ. ඊට හේතුව වන්නේ සම්මුඛව ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය තුළදී මෙන් නොව පාරිභෝගිකයන් සොයන භාණ්ඩය වෙනුවෙන් බොහෝ අවස්ථාවන් පිළිබඳ අවධානය දීම සඳහා අන්තර්ජාලය විසින් ඉඩ සලසන බැවිනි. මේ හේතුව නිසාම හුදෙක් නිෂ්පාදනය හඳුන්වා දීමෙන් නොනැවතී ඒ නිෂ්පාදනය ආකර්ෂණීයව වෙළඳපොළ වෙත හඳුන්වා දීම කළ යුතුය. එනම් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමක් ව්‍යවසායකයන් විසින් සිදු කළ යුතුය. ඒ සඳහා මුදල් යෙදවීම ව්‍යවසායකයන්ට ලාභය අතින් යහපතක් සිදු නොකරන බැවින් ඒ සඳහා යොදාගත හැකි සුදුසුම මාධ්‍යයක් වන්නේ සමාජ ජාලයි. ස්වකීය සමාජ ජාල ගිණුම් ඔස්සේ නිෂ්පාදනයේ ආකර්ෂණීය බාවය මෙන්ම නිසි ගුණාත්මක භාවය පෙන්වීම තුළින් මාර්ගගත අලෙවිකරණය අතිශය සාර්ථක කරගැනීමේ හැකියාව ඇත.

නිසි ක්‍රමවේද අනුගමනය කර, එමෙන්ම නිසි මාධ්‍යයන් අනුගමනය කර සිදුකරන මාර්ගගත අලෙවිකරණය සෑම විටම ව්‍යවසායකයන් හා ව්‍යවසායකත්වය සෑම විටම දියුණු කරයි.

ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?අද ව්‍යාපාර ලෝකයේ විවිධ ව්‍යාපාර දැකගත හැකිය. නමුත් වැදගත්ම කරුණ ...
06/04/2023

ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?

අද ව්‍යාපාර ලෝකයේ විවිධ ව්‍යාපාර දැකගත හැකිය. නමුත් වැදගත්ම කරුණ වන්නේ ඒවා සාර්ථක මට්ටමේ ඇති ලාභ ලබන ව්‍යාපාරයක්ද නැද්ද යන්න වීමයි. ව්‍යාපාරයක් ආරම්භ කල පමණින්ම එය සාර්ථක ව්‍යාපාරයක් වන්නේ නැත. ව්‍යාපාරයක් සාර්ථක වීමට නම් එය පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන පාරිභෝගිකයා තෘප්තිමත් කරවන ව්‍යාපාරයක් විය යුතුය. ඒ හේතුවෙන් අද අපි බලමු ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක්.

1. පුද්ගල අවශ්‍යතාවයන් හා උවමනාවන්

යම් පාරිභෝගික අවශ්‍යතා ඉටු කරගැනීමට නොයෙකුත් ක්‍රම හා විධි තිබෙන්නට පුළුවන. ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවයකි. මේ අවශ්‍යතාවය සපුරාලීමට වෙළදපලේ බොහෝ ව්‍යාපාරිකයන් ඇත. නමුත් මෙම අවශ්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. මෙහිදී ඔබ කල යුත්තේ ඒ විවිධ වූ උවමනාවන් හරි හැටි අවබෝධ කරගෙන පාරිභෝගිකයා උපරිම අයුරින් තෘප්තිමත් කල හැකි භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරන පිණිස සුදුසු ව්‍යාපාර අවස්ථාව තෝරාගැනීමයි.

2.පාරිභෝගික රුචිය

මෙයින් අදහස් වන්නේ භාණ්ඩ හෝ සේවා වලට ඇති පාරිභෝගික කැමැත්තයි. නිතර වෙනස්වීම් වලට ලක් වන පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කල හැකි ව්‍යාපාර අවස්තාවන් ඔබ විසින් තෝරා ගත යුතුය. දැනට පවතින ව්‍යාපාරයක වුවද භාණ්ඩ හා සේවාවන් වලට තිබෙන පාරිභෝගික කැමැත්ත කාලයෙන් කාලයට වෙනස් වෙයි. එමෙන්ම අලුතින් ඇතිවන පාරිභෝගික අවශ්‍යතාද ඇත. මෙතැනදී ඔබ ලක යුත්තේ ඒ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබදව නිරීක්ෂණය කරමින් ඒ අනුව ඔබගේ ව්‍යාපාරය සැලසුම් කිරීමයි.

3.වෙළදපොල හදුනා ගැනීම

තමන් නිපදවිමට බලාපොරොත්තු වන භාණ්ඩයට හෝ සේවාවට තිබෙන / තිබිය හැකි වෙළදපොල නිවැරදිව හදුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙයි. ඔබගේ පාරිභෝගික පිරිස කවුරුන්ද යන්න ඔබ දැනසිටීමත් ඉතාමත්ම වැදගත්ය. කුඩා දරුවන්ද, කාන්තාවන්ද, පුරුෂයන්ද, නැත්නම් කවුරුන්ද යන්න ආදී වශයෙන් ඔබ නිශ්චිතවම දැන සිටිය යුතුය. එවිට ඔබට ඒ අදාල පාර්ශවයන් වෙනුවෙන් ඔබගේ භාණ්ඩය හෝ සේවාව නිර්මාණශිලිව ඉදිරිපත් කල හැකිය.

4. තරගකාරීත්වය

තම නිෂ්පාදනයට වෙළදපොලේදී මුහුණ දීමට සිදු විය හැකි තරගකාරිත්වය කල් ඇතිව වටහා ගත යුතුය. නව තාක්ෂණය යොදා ගෙන නිෂ්පාදන වියදම අඩු කර ගනිමින්, නිර්මාණශිලී ලෙස ගුණාත්මක නිෂ්පාදනයක් වෙළදපොලට ඉදිරිපත් කල හැකිය.ඇතැම් විට දැනටමත් ඔබගේ භාණ්ඩයම වෙළදපලට ඉදිරිපත් කරන එක් අයෙක් හෝ කිහිප දෙනෙක් සිටිය හැක. එවැනි තත්වයකදී තරගකරුවන් කවුද? ඔවුන්ගේ නිෂ්පාදනවල තත්වය කුමක්ද? මිල කීයද? ආදී වශයෙන් කරුණු සොයා බලා ඒවාට ගැළපෙන පරිදි තම භාණ්ඩය ඉදිරිපත් කළ යුතුය.

5. තම දැනුම හා පළපුරුද්ද

ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමේදී ඒ පිළිබදව තමන්ට ඇති දැනුම හා පළපුරුද්ද අතිශය ප්‍රයෝජනවත් වෙයි. ලෝකයේ බොහොමයක් සාර්ථක ව්‍යවසායකයන් සාර්ථකත්වයට පත් වී ඇත්තේ ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදනයන් පිළිබදව ඔවුන්ට තිබුණු අද්විතීය දැනුම හා පළපුරුද්ද නිසාවෙනි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ඔබට ඔබට සාර්ථක ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමට හැකියාව ඇත. තවදුරටත් මේ කරුණු පිළිබදව ගැබුරින් අධ්‍යනයක් ඔබට සිදු කළ හැකිය.

කළමණාකරුවෙකුගේ ගුණාංග කළමනාකරුවෙක් යනු, නිවැරදි දේ නිවැරදි ලෙස කරන පුද්ගලයෙකි.ව්‍යාපාරයේ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය තුළ...
18/09/2022

කළමණාකරුවෙකුගේ ගුණාංග

කළමනාකරුවෙක් යනු, නිවැරදි දේ නිවැරදි ලෙස කරන පුද්ගලයෙකි.

ව්‍යාපාරයේ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය තුළින් ව්‍යාපාරයේ අරමුණු දිනා ගැනීම සදහා මෙහෙයවන්නේ කළමනාකරු විසිනි. බොහෝ විට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වල අයිතිකරු විසින්ම ව්‍යාපාරය කළමනාකරණය කරනු ලැබේ. එවිට එවැනි ව්‍යාපාරයක කළමනාකරු වන්නේද අයිතිකරුමයි. එහි වරදක් නැත.

ඔබ ව්‍යාපාරයේ අයිතිකරු ලෙස ව්‍යාපාරය කළමනාකරණය කරයි නම් ඔබේ ව්‍යාපාරයේ සම්පත් ඔබ අපේක්ෂා කරන අරමුණු ලබා ගැනීම සදහා කළමනාකරණ ක්‍රියාවලිය තුළින් මෙහෙයවන්නේද ඔබමය. මෙහිදී ඔබේ ව්‍යාපාරය සුළු පරිමාණ වුවත් මධ්‍ය පරිමාණ වුවත් එහි කළමනාකරු හැටියට ඔබට බරපතල වගකීමක් දැරීමට සිදුවේ.

ව්‍යාපාරයේ අයිතිකරු වන ඔබට කළමනාකරණ කාර්ය ඉටුකර ගැනීම සදහා සුදුසුකම් ඇති පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් යොදවා ගැනීමටද පුළුවන. එවිට එම අය ඔබේ ව්‍යාපාරයේ කළමනාකරු හෝ කළමනාකරුවන් බවට පත්වේ.

මුළු ව්‍යාපාරයම මෙහෙය වන්නේ කළමනාකරු විසිනි. ව්‍යාපාරයේ ස්වභාවය ගැන හොදින්ම දන්නා පුද්ගලයා කළමනාකරුය. දුර්වලතා හා ගැටළු ගැනද කළමනාකරුට මනා අවබෝධයක් තිබිය යුතුය. ඒ අවබෝධය මත කළමනාකරණ ක්‍රියාවලිය තුලින් ව්‍යාපාරයේ අරමුණු දිනා ගැනීම සදහා ව්‍යාපාරය මෙහෙය වීම කළමනාකරුගේ කාර්යයි.

කළමනාකරුවෙකු සතු විය යුතු කුසලතා මොනවාද යන්න දැන් අපි සොයා බලමු.

1. තීරණ ගන්නෙකු විය යුතුය

එනම් කළමනාකරුවෙකු පලදායි තීරණ ගන්නෙකු විය යුතුය. ඔහු නිතරම ව්‍යාපාරය වෙනුවෙන් එහි සේවකයන් වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි පුද්ගලයෙකු විය යුතුය.

2. වගකීම් බාරගන්නා අයෙකු විය යුතුය

කළමනාකරුවෙකු සෑම විටම වගකීම් බාරගැනීමට තරම් ශක්තිවත් අයෙකු විය යුතුය. ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම සදහා ක්‍රියාකාරී අයෙකු විය යුතුය.

3. නායකත්වය දිය යුතුය

ඔහු නිතරම තම කණ්ඩායමට නායකත්වය දෙන්නෙක් විය යුතුය. නිතරම නායකත්වය දරන්නෙක් විය යුතුය.

4. නිර්මාණශීලි අයෙකු විය යුතුය.

තම දැනුම, කුසලතාවය, පළපුරුද්ද හා හැකියාව තුලින් ව්‍යාපාරයේ යහපැවැත්මට උපකාර වන ක්‍රියාවන් සිදු කල හැකි විය යුතුය.

5.තොරතුරු හුවමාරුව (සන්නිවේදන කාර්යය ) මනාව සිදුකළ හැකි අයෙක් විය යුතුය.

6. සේවකයන් පලදායි ලෙස මෙහෙය වීමට හැකි විය යුතුය.

තම සේවකයන්ගෙන් පලදායි ලෙස සේවය ලබාගනිමින් හොදින් වැඩ කටයුතු කල හැකි කෙනෙකු විය යුතුය

7. තම කණ්ඩායම දිරිමත් කර සාර්ථකත්වය කරා මෙහෙයවිය හැකි අයෙක් විය යුතුය

නිතරම තම සේවක කණ්ඩායම දිරි ගන්වමින් ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කල හැකි අයෙකු වීම

8. ගැටුම් කළමනාකරණය

ව්‍යාපාරය තුල වන ගැටුම් මනාව කළමනාකරණය කරගත හැකි අයෙකු වීම

9. වෙනස්වීම් කළමනාකරණය කරගත යුතුය

10. වටපිටාවේ සිදුවන වෙනස හා සංවර්ධනය පිළිබද නිරන්තර අවධානයෙන් සිටින අයෙකු විය යුතුය

ඔබගේ ව්‍යාපාරය මෙහෙයවීමේදී ඔබ හෝ ඔබගේ කළමනාකරු ඉහත සදහන් හැකියාවන් යොදා ගන්නේද යන්න මදක් විමසා බලන්න.

ව්‍යාපාරයට මුදල් යොදවා එය ආරම්භ කර පවත්වා ගෙන එන නමුත් දැනට පවත්නා කාර්ය බහුලත්වය නිසා ඔබට ඇතැම් කළමනාකරණ කාර්යයන් ඉටු කිරීම අපහසු බව දැනේ නම් සුදුසුකම් සහිත දක්ෂ කළමනාකරුවෙකු පත්කර ගැනීම ඔබේ ව්‍යාපාරයේ මතු දියුණුවට උපකාරී විය හැකිය. එයින් ඔබට ඇති අධික පීඩනයද අඩු වේ. ඔබට ඉතා සැහැල්ලුවෙන් යුතුව ව්‍යාපාරයේ වර්ධනය අධීක්ෂණය කිරීමට අවස්ථාව ලැබේ.

ව්‍යාපාරයේ මුදල් තමයි වැදගත්ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය, ආරම්භ කිරීමට අවශ්‍ය දේවල් මොනවද? ව්‍යාපාරික අවස්ථා හදුනා ගන්නේ ...
10/09/2022

ව්‍යාපාරයේ මුදල් තමයි වැදගත්

ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය, ආරම්භ කිරීමට අවශ්‍ය දේවල් මොනවද? ව්‍යාපාරික අවස්ථා හදුනා ගන්නේ කෙසේද? මෙවැනි බොහෝ වැදගත් දේවල් රැසක් අපි ඔබට ඉදිරිපත් කළෙමු. අද අපි ඔඅබට ඉදිරිපත් කරන්න යන්නේ ඔබේ ව්‍යාපාරයේ මුදල් නිසි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්නයි.

1. ව්‍යාපාරයයි ඔබයි දෙදෙනෙක්.

කිසිවිටෙකත් ඔබත් ව්‍යාපාරයත් එකම පුද්ගලයෙකු නොවේ, ව්‍යාපාරය ඔබෙන් සම්පුර්ණයෙන්ම වෙන් වූ වෙනම ඒකකයකි. එමනිසා ඔබට හිතු මනාපෙට ව්‍යාපාරයේ මුදල් ඔබේ පුද්ගලික අවශ්‍යතා සදහා භාවිතා කළ නොහැකි බව හොදින් මතක තබාගන්න.

2. අනවශ්‍යයි නම් කපා දමන්න.

ඔබ ඔබගේ ව්‍යාපාරය තුළ හොදින් සොයා බැලීමක් කළහොත් ඔබට අනිවාර්යෙන්ම අනවශ්‍ය ව්යදම් අවම 1ක් හෝ හමුවනු ඇති. එමනිසා පමණට වැඩියෙන් සිදුවන අනවශ්‍ය වියදම් කපා හැරීමට ඔබ වගබලා ගත යුතුය. එය ඔබට මහත් ඉතිරියක් වනු නොඅනුමානය.

3. ව්‍යාපාරය ලබන ලාභය එයටම යොදවන්න

ඔබේ ව්‍යාපාරය ලබන ලාභය ව්‍යාපාරයේම සුභ සිද්ධිය උදෙසා යෙදවිය යුතුය. ව්‍යාපාරයට අවශ්‍ය කරන දේවල් මෙන්ම වර්ධනය කරගත් යුතු වූ දේවල් එම ලාභයෙන් වර්ධනය කරගැනීමට ඔබට හැකියාවක් ඇත. ඔබ සැමවිටම ඔබට ලැබෙන ලාභය ආයෝජනය කරමින් එය තවත් ඉහළ නැංවිය යුතුය.

4. ව්‍යාපාරික කටයුතු සදහා මුදල් යෙදවීම

ව්‍යාපාරය ගොඩ නැගීම, ප්‍රවර්ධනය වැනි කටයුතු සිදු කිරීමට අනිවාර්යෙන්ම මුදල් අවශ්‍ය වනු ඇත. ඔබේ ව්‍යාපාරයේ අළෙවිය ඉහළ නංවා ගැනීමට ඔබ අළෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කළ යුතුය. ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතා සොයා බලමින් ඒවා වැඩි දියුණු කරගැනීම සදහා මුදල් යොදවන්න නිතරම වග බලාගන්න.

අපනයනය - අපේ රටින් පිටරටටඅද පවතින Covid 19 තත්වය යටතේ බොහෝ ව්‍යවසායකයන් අපනයනය පිළිබදව උනන්දුවක් දක්වයි. නමුත් අපනයනය කි...
06/09/2022

අපනයනය - අපේ රටින් පිටරටට

අද පවතින Covid 19 තත්වය යටතේ බොහෝ ව්‍යවසායකයන් අපනයනය පිළිබදව උනන්දුවක් දක්වයි. නමුත් අපනයනය කිරීම සදහා යම්කිසි සුදුසුකම් කිහිපයක් ඔබ විසින් සපුරාලිය යුතුය. නිසි තත්ව පාලනය, ප්‍රමිති සහතික ලබාගැනීම් වැනි දේවල් ඒ අතර ප්‍රධාන වෙයි. එමෙන්ම අපනයනය කරනු ලබන රටවල් අනුව ඒ ඒ රටට අදාළ නීති රෙගුලාසි ඔබ විසින් පිළිපැදිය යුතුය. ඔබ අපනයනය කරනු ලබන භාණ්ඩ නිසි ලෙස සකසා ගැනීමට නම් ඔබ සපුරාලිය යුතු සුදුසුකම් මොනවාදැයි අපි බලමු.

1. ප්‍රමිතිය ඉතාමත් වැදගත්.

ඇමෙරිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වැනි දියුණු රටවල් වලට භාණ්ඩ අපනයනය කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඒ රටවල් විසින් පනවා ඇති නීති රීති ඔබ විසින් ඉටු කළ යුතුය. භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කිරීමට ඔබ වග බලාගත යුතුය.

2. තත්තවය ඉහළ විය යුතුය.

ඔබගේ භාණ්ඩ ඉහළම තත්ව පාලනයකින් තිබීම මෙහිදී ඉතාමත්ම වැදගත් වෙයි. ISO (ජාත්‍යන්තර තත්ත්ව පාලන සංවිධානය) ,GMP (Good Manufacturing Practice) වැනි තත්ත්ව පාලන සහතික ඔබගේ භාණ්ඩ වෙත ලබා ගැනීම ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත.

3. තිරසාර පදනමක් හා පරිසර හිතකාමී භාණ්ඩ වලට අපනයන ඉල්ලුමක් තිබීම

අපනයනය සදහා විශේෂයෙන්ම දියුණු රටවල් තිරසාර පදනම (Sustainable) හා පරිසර හිතකාමී භාණ්ඩ වලට ඉතා හොද ඉල්ලුමක් ඇත. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිසර හිතකාමී දේ නිෂ්පාදනය කිරීමට ඔබට හැකියාවක් තිබිය යුතුය. උදාහරණයක් ලෙස ප්ලාස්ටික් භාවිතා කරමින් ඔබගේ භාණ්ඩ ඒ තුළ ඇසිරීමට වඩා පරිසර හිතකාමී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේවල් තුල භාණ්ඩ ඇසිරීමට නිතරම වග බලාගන්න.

4. අපනයනයට අවශ්‍ය විධි විධාන ක්‍රියාවලි

අපනයන ක්‍රියාවලිය පිළිබදව යම්කිසි දැනුමක් තිබීම ඔබට වාසි සහගත වෙයි. මේ පිළිබදව ජාතික අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ඔබට උපදෙස් ලබා ගැනීමට හැකියාවක් ඇත. ඔබට අවශ්‍ය ලියකියවිලි හා උපදෙස් ලබාගෙන ඒවා පිළිපැදීමෙන් ඔබට පහසුවෙන්ම භාණ්ඩ අපනයනය කළ හැකිය.

5. Online අළෙවිය

වෙබ් අඩවියක් හරහා ඔබට අපනයන වෙළදපොලට දැන් පහසුවෙන්ම පිවිසිය හැකිය. ඔබ කළ යුත්තේ ඔබගේ භාණ්ඩ පිළිබදව විස්තර එම වෙබ් අඩවිය මගින් ඔබේ පාරිභෝගිකයාට ළගා කරදීමයි. ජාත්‍යන්තර මට්ටමින් ඔබ පවත්වාගෙන යන්නේ නම් ඔබට මෙයින් සාර්ථක වීමට හැකියාවක් ඇත.

ව්‍යාපාරය අලුත් කරමු Covid 19 තත්වය සමග කුඩා පරිමාණ හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසකට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දීමට සිද...
26/08/2022

ව්‍යාපාරය අලුත් කරමු

Covid 19 තත්වය සමග කුඩා පරිමාණ හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසකට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වී ඇත. ඒවා හමුවේ තමන්ගේ ව්‍යාපාර වසා දැමීමට බොහෝ දෙනාට සිදුවී ඇත. ව්‍යාපාරික ස්ථාන වල කුලී ගෙවා ගැනීමට නොහැකිව යම් යම් මුල්‍යමය ගැටළු රැසකට ඔවුන් මේ වන විටත් මුහුණ දී අවසන්ය. නමුත් මේ තත්වය හමුවේ තම ව්‍යාපාරය වසා දැමීම වෙනුවට මේ ඇති වී තිබෙන තත්වය හමුවේ අලුත් විදියකට හිතමින් ක්‍රියා කරමින් ඔබට ඔබගේ ව්‍යාපාරය යලිත් යථා තත්වයට පත් කරගත හැකිය. ඒ කෙසේද කියා අපි අද බලමු.

1. ප්‍රවර්ධනය අන්තර්ජාලයට භාර දෙමු

සමාජ මාධ්‍ය හරහා මෙන්ම Online ගෙවීම් ක්‍රම හරහා ඔබට පාරිභෝගිකයාට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව උදා කරදීමට දැන් පුළුවන. සමාජ මාධ්‍ය හරහා ව්‍යාපාර කටයුතු සිදු කිරීමට ඇතැම් විට ඔබට නුහුරු දෙයක් වුනත් එය එතරම් සංකීර්ණ කරුණක් නොවන බව එය කිරීමෙන්ම ඔබට වටහා ගැනීමට පුළුවන් වනු ඇත. ඔබ කළ යුත්තේ Facebook, Instagram, WhatsApp වැනි දේවල් හරහා ඔබගේ ව්‍යාපාරය නමින් Page එකක් Open කරගෙන ඔබේ භාණ්ඩ වල විස්තර එහි ඇතුලත් කරන්න.

2. අනවශ්‍ය වියදම් අවම කරන්න

ඔබේ ව්‍යාපාරය තුල තිබෙන අත්‍යවශ්‍යම නොවන දේවල් සදහා වැය වන මුදල ඊට තවත් වැය නොකරන්න. එම වියදම මුළුමනින්ම කපා හරින්න. එය ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වියදමක් වනු ඇත. එය තීරණය කල යුත්තේ ඔබමයි. ඔබ හොදින් සිතා බලා පළමුවෙන්ම ඔබගේ ව්‍යාපාරයට ඇති අනවශ්‍ය වියදම සියල්ලම කපා හරින්න.

3. අලුත් පාරිභෝගිකයන් සොයාගන්න

මේ ඔබට පහසුවෙන්ම සිදු කරගත හැකි වන්නේ සමාජ මාධ්‍ය ජාල තුලින්ය. එමනිසා නැවතත් ඔබගේ අවධානය ඒ වෙත යොමු කරන්න. එවිට ඔබට අලුත් පාරිභෝගිකයන් රැසක් සොයා ගැනීමට හැකියාව ඇත.

4. ප්‍රවර්ධනය ( Promote) කිරීම

ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම ඉතාමත්ම වැදගත් දෙයකි. ඔබට පාරිභෝගිකයාට යම් යම් විශේෂ වට්ටම් ලබා දී ඔබේ ව්‍යාපාරය පාරිභෝගිකයා අතරට රැගෙන යාමට ඔබට හැකියාවක් ඇත.

5. Delivery කිරීම

මේ දිනවල මෙය බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇත. තම භාණ්ඩ හා සේවා නිවෙසටම ගොස් අළෙවි කිරීම මේ වන විට කා අතරත් ජනප්‍රිය දෙයකි. ඔබටත් මෙම ක්‍රමය භාවිතා කළ හැකිය. ඔබගේ භාණ්ඩ පාරිභෝගික අවශ්‍යතාවය මත ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් අළෙවි කිරීමෙන් ඔඅබට ඔබගේ ව්‍යාපාර කටයුතු ශක්තිමත් කළ හැකිය.
මෙම කරුණු සැලකිල්ලට ගැනීමෙන් ඔබට ඔබගේ ව්‍යාපාරය නැවතත් ශක්තිමත්ව ගොඩ නගා ගත හැකිය. එමනිසා ඇති වී තිබෙන තත්වය හමුවේ නොසැලී ශක්තිමත්ව ඔබ ඉදිරියට පැමිණෙන සෑම අභියෝගයකටම මුහුණ දෙන්න. අලුත් විදියට හිතමින් අලුත් ආකාරයෙන් ඔබගේ ව්‍යාපාරික ජීවිතය ජය ගන්න.

ව්‍යාපාරවල මුල්‍ය අවශ්‍යතාව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මූලික අවශ්‍යතාවයක් වන්නේ මුදල්ය. ඔබ විසින් ඔබේ ව්‍යාපාරයට සරිලන මුල...
12/08/2022

ව්‍යාපාරවල මුල්‍ය අවශ්‍යතා

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මූලික අවශ්‍යතාවයක් වන්නේ මුදල්ය. ඔබ විසින් ඔබේ ව්‍යාපාරයට සරිලන මුල්‍ය සැලසුමක් සකස් කරගැනීම මෙහිදී වැදගත් වෙයි. බොහෝ ව්‍යාපාරිකයන් ඉතාමත් ඉක්මනින්ම ගන්නා තීරණය නම් බැංකු ණයක් වෙත යාමයි. ඊට පෙර ඔබ මේ දේවල් ගැනත් මොහොතක් සිතා බලන්න.

1. ඔබගේ ව්‍යාපාරයට බැංකු ණයක් අවශ්‍ය වන්නේ ඇයි?

ඔබ විසින් ව්‍යාපාර සැලසුමක් සකස් කර තිබෙනවාද? එසේ නැතිනම් ඔබ විසින් ව්‍යාපාර සැලසුමක් සකස් කරගත යුතුය. එහි ඔබගේ මුල්‍ය තත්වය කුමක්ද? ඒ සදහා ඔබට බැංකු ණයක් අවශ්‍යමද? නැත්නම් ඔබේ අත ඉතිරි මුදලින් ඔබට යම් ආයෝජනයක් මේ සදහා යෙදවිය හැකිද යන්න සොයා බැලීම ඉතාමත්ම වැදගත් කරුණකි.

2. ඔබේ ව්‍යාපාර සැලසුම කෙටිකාලීනද? දිගුකාලීනද?

කෙටිකාලීන සැලසුම් යෙදීමට වඩා දිගුකාලීන සැලසුම් යෙදීම වැදගත් වෙයි. මුල්‍ය අවශ්‍යතාවය ඒ මතද බොහෝ විට පදනම් වෙයි.

3. බැංකු ණයකට යොමුවන්නේ කෙසේද?

පළමුව ව්‍යාපාර සැලසුමක් සකස් කරගෙන මුල්‍ය තත්වය පිළිබදව යම් අදහසක් ඔබ ලබා ගත යුතුය. එමෙන්ම බැංකු ණයක් ලබාගැනීමේදී ඔබට යම්කිසි ඇපයක් ලෙස ඔබගේ යම්කිසි දේපළක් හෝ ස්ථාවර තැන්පතුවක් හෝ ඔබ සතුව තිබිය යුතුමය. මේ සියල්ල පිළිබදව මනා අවබෝධයක් තිබිය යුතුය.

4. බැංකු ණයක් නොමැතිව ව්‍යාපාරයක් කිරීමට හැකිද?

අනිවාර්යෙන්ම ඔව්. ඔබ සතුව ඉතිරි මුදල් ඇත්නම් ඔබට ඔබ සතු මුදලින් කුඩාවට ඔබගේ ව්‍යාපාරය ආරම්භ කල හැකිය. එයින් ඔබ සතුවන වගකීම් ප්‍රමාණයද පහළ යනු ඇත. ඔබ බැංකු ණයක් සදහා වගකිම් සහිත කෙනෙකු නොවනු ඇත. මේ ලෙසින් ඔඑ ව්‍යාපාර ආරම්භ කිරීමට හැකිනම් එය ඉතාමත්ම යහපත්ය.

5. ප්‍රායෝගික විය යුතුය

ඔබ වඩාත් ප්‍රායෝගික වන්නේ නම් එය ඔබට ඉතාමත්ම යහපත් වනු ඇත. බැංකු ණයක් ලබා ගැනීම පහසු යයි සිතුවත් පසුකාලීනව එය ඔබට පහසු දෙයක් නොවන්නටත් පුළුවන. එමනිසා සැම විටම ඔබ විසින් ප්‍රයෝගික දේවල් සිදු කිරීම වඩා වැදගත් වනු ඇත.

ව්‍යවසායක ඔබ ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත්ද?ව්‍යවසායකයෙකු යනු, ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කර එය පවත්වාගෙන යන අයෙකි. නමුත් ඔබ පු...
06/08/2022

ව්‍යවසායක ඔබ ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත්ද?

ව්‍යවසායකයෙකු යනු, ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කර එය පවත්වාගෙන යන අයෙකි. නමුත් ඔබ පුද්ගලයෙකු හැටියට සෞඛ්‍ය සම්පන්න නැතිනම් එය ඔබට මහත් ගැටළුවක් වනු ඇත. එමනිසා ව්‍යවසායකයෙකු හැටියට ඔබ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු ලෙස සිටීමට ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අපි අද බලමු.

1. මුල් තැන ඔබේ සෞඛ්‍යට දෙන්න.

රෝගී තත්වයන්, මානසික විඩාවන් වැනි දේවල් ගැන ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. එවැනි දේවල් වලට ඔබ ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගත යුතුය.

2. විවේකය ඉතාමත් වැදගත්

බෝහෝ අය අවධානය නොදෙන දෙයක් තමයි විවේකය කියලා කියන්නේ, ඔඅබ සැම විටම නීරෝගී පුද්ගලයෙකු වීමට නම් ඔබගේ ශරීරයට අවශ්‍ය විවේකය ලබාගත යුතුමය. නැත්නම් එය ඔබට වඩාත් හානිදායක වනු ඇත. අනවශ්‍ය ආතතියට ඉඩ නොදී සියල්ලම නිසි ලෙස කළමනාකරණය කරගත යුතුය.

3. නින්ද නැති රැයේ

ඔබ බොහෝ රෑ බෝ වන තුරුම වැඩ කටයුතු වල නිරත වෙමින් නින්දට දෙන්නේ අඩු කාලයක් නම් එය බෙහෙවින්ම භයානක තත්වයක් වනු ඇත. සාමාන්‍යයෙන් අපගේ ශරීරයට අවම පැය 6ක් නින්දක් අත්‍යාවශ්‍ය වෙයි.

4. විටමින් C

විටමින් C නිතර භාවිතයත් සමගම ඔබට ප්‍රතිශක්තිකරණ ශක්තිය ලැබෙනු ඇත. එමෙන්ම ස්වාභාවික ලෙස එය ලබාගැනීමට කැමති ඔබට රතු ලූනු, සුදු ලූනු හා කා මගින් එය ලබා ගත හැකිය.

5. ව්‍යායාම ගෙන දෙයි සුව දිවිය

ව්‍යවසායකයෙකු ලෙස සිටින ඔබ ව්‍යායාම කිරීම ඔබගේ දවසේ එක් අංගයක් බවට පත් කරගන්න. එමගින්ද ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඔබට ලැබෙනු ඇත.

ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබ මේ දේවල් දන්නවාද? ව්‍යාපාරයක් ආරම්භ කිරීම සිතා සිටින ඔබ ඊට ප්‍රථමව බොහොමයක් කරුණු කාරණා අධ්‍යනය...
04/08/2022

ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබ මේ දේවල් දන්නවාද?

ව්‍යාපාරයක් ආරම්භ කිරීම සිතා සිටින ඔබ ඊට ප්‍රථමව බොහොමයක් කරුණු කාරණා අධ්‍යනය කරනු ලබයි. සමහරවිට එවිට ඔබට මෙවැනි දේවල් අතපසු විය හැකියි. අද අපි බලමු ඒ මොනවද කියලා.

1. ඔබේ ආතතිය වැඩි විය හැකිය.

ඔබගේ ව්‍යාපාරයේ හැම කාර්යක්ම ඔබ විසින්ම සිදු කරන්නට යාමේදී ඉන් ඇතිව අධික කාර්ය බහුලත්වය නිසාම ඔබට ආතතිය ඇති විය හැකිය. එමනිසා මෙවැනි කාරණා ගැන ඔබ වඩාත් සැලකිලිමත් වන්න. හැම කාර්යක්ම ඔබ මතම පටවාගෙන අනවශ්‍ය ලෙස වෙහෙස වීමෙන් වලකින්න. හැමවිටම සැලැස්මකට අනුව දවසේ වැඩ කටයුතු සිදු කරන්න.

2. ඔබේ මුල්‍ය අවශ්‍යතා නිසිපරිදි කළමණාකරණය කරන්න.

ව්‍යාපාරයක් ආරම්භයේදී මෙය ඉතාමත්ම වැදගත් දෙයකි. අනවශ්‍ය ලෙස මුදල් පරිභෝජනය කිරීමෙන් ඔබ වැළකෙන්නේ නම් එය ඔබට ඉතාමත්ම යහපත් දෙයක් වනු ඇත. එවිට අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති වීම ඔබට අවම කරගත හැකිය. මුදල් පාලනයටද සැලසුමක් සකස් කරගන්නවා නම් වඩාත් හොද දෙයකි.

3. ඔබගේ ජීවන රටාවේ සිදුවන වෙනස්කම් කළමණාකරණය කරගන්න.

මෙය පුද්ගලයෙකු ලෙසට ඔබට ඉතාමත්ම වටිනා දෙයකි. ව්‍යාපාරයේ වැඩ කටයුතු සමග සිටින ඔබට ඔබගේ ජිවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු වන බව දැනෙනවද? ඔබ පවුලේ අය සමග ගත කල කාලය අඩු වීම, ඔවුන් සමග ඇති සම්බන්දතාවයේ ඇති දුරස් බව වැනි දේවල් ඔබේ ජීවිතයෙන් වෙනස් විය හැකිය. එය ඉතාමත්ම අයහපත් දෙයකි. එමනිසා එය එසේ නොවන්නට ඔබ වග බලාගත යුතුය.

4. ව්‍යාපාරය රකිමු කූඩා දරුවෙකු මෙන්.

ඔබේ ව්‍යාපාරය පොඩි දරුවෙකු රක බලාගන්නවා වගේ පරිස්සමෙන් හා ආරක්ෂිතව සිදු කළ යුතු දෙයකි. බොහෝවිට ඔබ විසින් ප්‍රායෝගික තීන්දු තීරණ ඔබ විසින් ගත යුතුය.

ව්‍යාපාරයට මුදල් අපිම ආයෝජනය කරමුද?ව්‍යාපාරයක් ආරම්භ කරන විට මුදල් ආයෝජනයක් සිදු කළ යුතු බව අපි හැමදෙනෙක්ම හොදින් දන්නා ...
13/07/2022

ව්‍යාපාරයට මුදල් අපිම ආයෝජනය කරමුද?

ව්‍යාපාරයක් ආරම්භ කරන විට මුදල් ආයෝජනයක් සිදු කළ යුතු බව අපි හැමදෙනෙක්ම හොදින් දන්නා කරුණකි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදීම ණයක් සමග ආරම්භ කිරීමට වඩා තමන්ගේම මුදල් ආයෝජනය කිරීම මගින් ලැබෙන වාසි කිහිපයක් ගැන අද අපි කතා කරමු.

1. වගකීම් අඩුවීම.

බැංකුවක් හෝ මූල්‍ය ආයතනයකින් ණය ලබාගත් විට ඔඅබට ඒ සදහා වගකීමක් ඇත.නමුත් ඔබ ඔබේම මුදල් මේ සදහා ආයෝජනය කරන්නේ නම් ඔබට එම වගකීමෙන් නිදහස් වීමේ හැකියාවක් ඇත. ඔබගේ ව්‍යාපාරය මුල් අවස්තාවේ සිටම ලාභ ලැබුවත් පාඩු ලැබුවත් ඔබ වගකීම් වලට යටත් නොමැති නිසා ඔබට ඒ පිළිබදව ගැටළුවක් පැන නගින්නේ නැත.

2. එය කළමනාකරණයට රුකුලක් වනු ඇත.

මුල්‍ය කළමනාකරණය පහසු දෙයක් නොවේ. ඔනාම් ව්‍යාපාරයක් ආරම්භ කරන විට ඒ සදහා යම්කිසි පිරිවැයක් දැරීමට සිදු වීම අනිවාර්ය දෙයකි. එමනිසා එවැනි අවස්තාවක තමන්ගේම මුදල් මේ සදහා ආයෝජනය කර තිබීම මුල්‍ය කළමනාකරණයේදී ඔබට පහසුවක් වනු ඇත.

3. අවධානම අවම වීම.

තමන්ගේම මුදල් ආයෝජනය කිරීමෙන් ඔබට ඇතිවිය හැකි අවධානම් තත්වය ඉතාමත් අඩු වීමට ඉඩකඩ වැඩිය. ඔබගේ ව්‍යාපාරය අසාර්ථක මට්ටමට ගමන් කළහොත් ඔබට තුන්වන පාර්ශවයක් සදහා වගකීම් නොමැති නිසාවෙන් ඔබගේ අවධානම් තත්වය බොහෝ දුරට අවම වනු ඇත.

4. ආයෝජනයන් ලබාගත යුත්තේ වර්ධනයෙන් පසුවය.

ඔබ ඔබගේ ව්‍යාපාරයට යම්කිසි ආයෝජනයක් ලබාගත යුත්තේ ඔබගේ ව්‍යාපාර යම්තාක් දුරකට වර්ධනය වූ පසුවය. වර්ධනය වූ පසුව ලබාගන්නා ආයෝජනය ඔබට මෙනම් ඔබගේ වයාපාරයටද ඉතාමත්ම හිතකර වනු ඇත.

ඔබගේ business එක අසාර්ථකද? අසාර්ථකත්වය සාර්ථක කර ගමු.ඔබගේ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ඔබ මානසිකව පසුබෑමකට ලක්වෙලා ද?දන්නව...
30/06/2022

ඔබගේ business එක අසාර්ථකද? අසාර්ථකත්වය සාර්ථක කර ගමු.

ඔබගේ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ඔබ මානසිකව පසුබෑමකට ලක්වෙලා ද?

දන්නවාද ඇත හැරීම හෝ නැවතීම නොව නොනැවතී ඉදිරියයට ගමන් කිරීම අපේ මනසට ශක්ක්තියක් ඇති බව?ඕනෑම දෙයක් කිරීමට මනසට ඇති ශක්තිය අපට ලැබී ඇත්තතේ අපේ උපතේ සිටියි . මතකද අපි පාසල් කාලේ ඉගෙන ගත්ත තෝමස් අල්වා එඩිසන් ගැන. තෝමස් අල්වා එඩිසන් ඔහු විදුලි බල්බය සොයා ගැනීම සදහා එම බල්බයේ සුත්‍ර්කාවට ගැළපෙන කෙන්දක් තොරා ගැනීම දහස් වරක් පරික්ෂණ කලබව. අවසානයේ ඔහුගේ ඇති කැපවීම මත ඔහු ලොවට සේවයක් කලා වගේම ජයග්‍රාහකයෙක් වුණා. දන්නවනේ ඔබ නිතරම යන KFC එම ආයතනයේ අයිතිකරු ගෙවල් ගානේ ගිහින් ඔහුගේ කෑම විකුණපු කෙනෙක් බව අද ලෝකේ පුරාම KFC අවන් හල් . එහෙම දියුණු වෙලා තියෙන්න්ව් ඔහු තුල තිබුණු ඇත නොහරින උත්සාහය නිසා .

ඔබ ලබා දෙන භාණ්ඩය හෝ සේවට ඇති ඉල්ලුම සලකා බලන්න

තමන් කරන business එකට ඇත්තටම වටිනවද ඒ සඳහා ඉල්ලුමක් තියනවද කියලා බලන්න ඕනේ ඔබ කරන business එක මිනිස්සුන්ට දෙන්න ඕන විදිය ඔබ කලපනා කරන්න ඕන. එසේම අලුත් වෙන්න ඕනේ. අලුත් විදියට මිනිසුන්ට ලබා දෙන්න ඕනේ මුලින්ම ලාබ උපරිම කරන්නේ නැතුව ලබාදෙන භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයා සතුටු වෙන ලෙස ලබාදීම කල යුතු වේ නිරතුරුව හොද සේවා ලබා දී ම තුලින් ඔබට ඔබගේ සාර්ථකත්වය කරා යාම අපහසු නොවේ. ඔබගේ පාරිභෝගිකයට අවශ්‍ය දේ අවශ්‍යම වෙලාවේ ලබා දෙන්න.

ඔබගේ අසර්ථකත්වට හේතුව සොයා බලන්න

මෙහිදී ඔබගේ අසාර්ථකත්වය ඇති උනේ කෙසේද කියා ඔබම විමර්ශනය කල යු තු වේ . ඔබ එය නැවත නැවතත් එහි ඇති අඩු පාඩු බැලිය යුතුවේ. ඔබ එය සදහා උවමනා නම් උපදේශකවරුන්ගෙන් උපදෙස් ගැනීමහෝ සාකච්ඡ කල හැක. ඒ අතර තුර ඔබම විසින් ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කල යුතුය. ඒ වගේම ඔබ තව තවත් නායකත්ව වැඩසටහන් සදහා යොමු විය යුතු ය. ඔබ දුරදර්ශි නායකයෙකු විය යුතු අතර ඔබ ඔබගේ personality එක වර්ධනය කර ගත යුතුය. ඔබ ඔබට ගැලපෙන business plan එකක් තබා ගත යුතුවේ

අසාර්ථක වී පසුව දියුණු වූ පුද්ගලයන් ගැන සොයන්න

ඔබගේ අසාර්ථකබව නිසා ඔබ පසු තැවිල්ලලෙන් සිටිනවා නම් ඔබ කල යුතු තවත් දෙයක් නම් අසාර්ථක වී පසුව දියුණු වූ පුද්ගලයන් ගැන සොයා ඔවුන් කටයුතු කල ආකාරය පිළිබද සොයා බැලීම හා ඔවුන් ඒවාට මුහුණ දුන් අකාර, ඔවූන්ගේ ධනාත්මක් සිතුව්ලි අභියෝග වලට නොසැලී මුහුණ දුන් හැටි ගැන සොයා බලා ඒවා ඔබ ආදර්ශයට ගනිමයි

ඔබ නිරතුරුව ඔබගේ business එකේ සිදුවූ අඩුපාඩු ඔබගේ සේවකයන් සමග කතා කල යුතු වේ

ඔබගේ සේවකයන් සමග කතා කරන්න. එවිට ඔවුන් ගේ අදහස ගැන දැනුවත් වීය හැකි අතර ඔබට ඉදිරියේදී කල යුතු දේ පිළිබද නව ඇදහස් ඇති වේ . සේවකයන්ගේද අදහස් ඇතුව ඔබට නැවත දියුණු විය හැක. අත්දැකීමෙන් හා සේවකයෝ පරිබෝගිකයන් නිරතුරුව හමු වන නිසා සේවකයන්ගේ වටිනා අදහස් ඔබ උපයෝගී කර ගන්න.

නරක කාලයේදී ඔබ ඔබවම විශ්වාස කරන්න

ඔබ තුල ආත්ම ශ්ක්තිය වර්ධනය කර ගන්න . මේ ලොවතුල කල නොහැක්කක් නොමැති බව ඒ සදහා වුවමනා වන්නේ කැපවීම පමණක් බවත් ඒ වෙනුවෙන් ඔබ වෙහෙස විය යුතු බවත් ඔබ විශ්වාස කල යුතු වේ. ඔබ ඔබගේ මනස ශක්තිමත් කල කර ගත යුතු ය කිසිවිට ඔබ මානසිකව වැටෙන්න එපා. ඔබ ගේ ශක්තිය ඔබ සතු බව අමතක නොකරන්න. ඔබ උත්සාහය කිසි දින ඇත් නොහරින්න. ඔබගේ දියුණුව ඇත්තේ ඔබ තුලමයි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SATA Biz - Elite posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share