Digital Business Academy

Digital Business Academy Empowering success in the digital age. Unlock your potential with the Digital Business Academy. 🚀 We then monitor success by measuring progress over time.

Established in 2019, Digital Business Academy has worked with over 5000 individuals from the most innovative businesses to create cutting-edge, real-world digital education that has empowered over 150 companies, government departments, and non-profit organizations. Digital Skills
Our digital and social media marketing courses will provide you with the skills and information you need to be a succes

sful digital professional. It will increase your credibility and turn you into a subject matter expert in your industry. Experiential Learning
Our courses are highly interactive, with discussions and hands-on demonstrations of the most recent research, case studies, techniques, and tools to help you better your marketing efforts. Expertise
We design tailored courses to address the digital gaps that companies face. Digital Marketing Courses that are Industry-Leading
Our digital marketing and social media courses will help you advance your job in digital marketing. Develop job-ready marketing abilities and a working knowledge of digital marketing, such as social media marketing, Facebook Ads, search engine optimization (SEO), search engine marketing (SEM), and email marketing.

15/01/2024

ඔබ අලෙවිකරණය ගැන දැඩි උනන්දුවක් දක්වන අතර ඔබේ වෘත්තිය ඊළඟ මට්ටමට ගෙන යාමට සූදානම්ද?
තවත් බලන්න එපා!
අලෙවිකරණයේ ප්‍රමුඛයෙකු වන ඩෙනාරෝ සිය කණ්ඩායම පුළුල් කරමින් අපගේ ආකර්ෂණීය ගමනට අප හා එක්වීමට දක්ෂ පුද්ගලයින් සොයමින් සිටී.

නත්තලට කලින් අතපිරෙන්න සල්ලි හොයන්න කැමතිනම් පරක්කු නොවී දැන්ම එන්න..!Follow Our WhatsApp Channel 👇👇https://whatsapp.com...
19/11/2023

නත්තලට කලින් අතපිරෙන්න සල්ලි හොයන්න කැමතිනම් පරක්කු නොවී දැන්ම එන්න..!

Follow Our WhatsApp Channel 👇👇
https://whatsapp.com/channel/0029VaElnqF2ER6p0KvaRe2R

19/11/2023
මගේ අම්මා හිතුවෙ මම o/l fail වෙයි කියලා. මේක බොරු කතාවක් නෙමෙයි මේක ඇත්ත කතාවක්. Result ආපු දවසේ Result sheet එකේ printo...
23/12/2020

මගේ අම්මා හිතුවෙ මම o/l fail වෙයි කියලා. මේක බොරු කතාවක් නෙමෙයි මේක ඇත්ත කතාවක්. Result ආපු දවසේ Result sheet එකේ printout එකකුත් අරගෙන අම්මව හම්බෙන්න ගියා. ලොකු රිසාල්ට් එකක් තිබුනෙ නැහැ. A1, B3, C4, S1 වගේ තමයි තිබුණේ. මට A/L කරන්න කිව්වා. බොරු කියන්න ඕනෙ නෑ ඇත්තටම මගේ ඔය exam කියන දේවල් ඔළුවේ දුවන්නෙ නෑ. ඔය පාඩම් කරන දේවල් පාඩම් කරන සීන් එක මගේ ඔලුවට යන්නෙ නෑ මොන දේ කළත්. පොතේ තියෙන දේ පාඩම් කරලා අරගෙන එක්සෑම් එකකට ගිහිල්ලා ලියන්න ඇත්තටම මට බෑ.
මම නම් කියන්නේ ඉගෙන ගන්න පුළුවන් කට්ටිය ඉගෙන ගන්නේ ඒක වැරදි දෙයක් නෙමෙයිනේ. මම කිය මම ගැන. මට ඇත්තටම පාඩම් කරන දෙයක් ගිහිල්ලා එක්සෑම් එක ලියන්න බෑ.. exam එකක් ලියන්න යනවා කියන්නේ මාව නිකං අපායට ගිහිල්ලා ඇදලා දානවා වගේ. අම්මා මට බලකරල ඒ ලෙවල් කරන්න කිව්වා. මම Aල්ල කරන්න ඇත්තටම උවමනාවක් තිබ්බෙ නෑ මොකද දෙවෙනි පාර ඒ-ලෙවල් කරන්න ඇත්තටම උවමනාවක් තිබ්බෙ නෑ මොකද දෙවෙනි පාර ඒ-ලෙවල් කරත් ඕක් fail වෙන එක තමයි වෙන්නේ.
ඉන්පස්සෙ අම්මලා මාව ගිහිල්ලා private university එකකට දැම්මා. මම ඒකෙත් අවුරුදු 4ක් විතර 1st year එකයි 2nd year එකයි කර කර හිටියා. මට ඒකෙනුත් pass වෙන්න බැරි වුණා. ඔන්න ඔය time period එකේ තමයි මම ඔය එක එක වීඩියෝ හද හද යූටියුබ් එකේ ෆේස්බුක් එකේ දාන්න ගත්තෙ. 2010, 2011 වගෙ කාල වලදි තමයි ඔය vine කියන concept එක ලංකාවට ඇවිල්ලා, එතකොට ඔය කන්සෙප්ට් එක් කවුරුවත්ම දන්නෑ මම තමයි ඕක පටන් අරන් යූටියුබ් එකට දාලා ලංකාවේ ඔය vine concept එක හැදුනේ. මං මුලින්ම ෆේස්බුක් එකේ තමයි වීඩියෝස් කරේ. ඒක ඇතුලෙන් audience එකක් හදාගෙන තමයි මං එක youtube එකට අරගෙන ගියේ. මගේ ජීවිතය සම්පූර්ණම turning point එක වුනේ එතන. කාලකන්නියෙක් වෙලා ඉඳලා ගේමක් ගහන්න ඕනේ කියලා හිතුනෙ මට අන්න එතනින් තමයි.
මගේ main ම income source එක තමයි digital marketing. මම මේ දවස් වල dropshipping කරනවා ඒවා උගන්නනවා. ගොඩක් අය හිතන් ඉන්නේ මගේ mainම income එක ඒක කියලා.
ඇත්තටම ඒක නෙමෙයි. මම ලංකාවට නෙමෙයි පිටරට company හය හතකට විතර වැඩ කරනවා. Digital marketing සම්භන්ධයෙන් සහ ඒ අයගේ consultation සම්භන්ධයෙන් තමයි වැඩ කරන්නේ. ලංකාවේ companies 3 කට වැඩ කරනවා. ගොඩක් අය කියනවා interview එකකට ගියාට පස්සේ මගේ අම්මා දුප්පත් මට සල්ලි නෑ එහෙම දේවල්..එහෙම family එකකින් නෙවෙයි මම ඇත්තටම අපේ අම්මට තාත්තට සාමාන්‍ය විදියට සල්ලි තිබ්බා කාලා බීලා ඉන්න.
2010 දි වගේ comady කියන side එකට හිටියේ රෑ දැනියල් දවල් මිගේල් ලා වගේ set එකක්. ඒ දවස් වල මිනිස්සුන්ට යූටියුබ් එකේ කොමඩි කියල බලන්න දේවල් තිබුණෙ නෑ. ඒ දවස් වල ගප්පියා හිටොයා ජෙහාන් හිටියා ඒත් මිනිස්සුන්ට මදි ඒ content. ඉතින් ඕක nish market වුණා. ඔය nish market එකට pitch කරන්න තමයි මම nawran කින brand එක හැදුවේ. මම මේක හැදුවෙ මාකට් කරන්න බලාගෙන නෙවෙයි. ඒ උනාට මගේ වීඩියෝස් බලපු අය ඒ videos ආදරෙයි වැළඳගත්තා. එයාල තමයි ඔය nawran කියන brand එක build up කරන්න උදව් කරේ. දැනටත් 110000 ක් විතර ඉන්නවා subscribers ලා ඒ උනාට මම චැනල් එක use කරන්නේ නෑ. හේතුව තමයි මම ඒ videos කරකර හිටපු කාලේ පට්ට free. ඒත් දැන් එහෙම නෑ මං පට්ට බිසී. ඉස්සර වගේ නෙමේ මට ගොඩක් වැඩ තියෙනවා. ඉස්සරනම් මම නිකන් හිටියේ වැඩක් නැතුව. කලින් කිව්වා වගේ දැන් මම ගොඩක් company වලට මගේ service එක දෙනවා. මම web sites හදනවා. ලංකාවෙන් මේ ගොඩක්ම පිටරට companies වලට. මගේ main income source එක වෙන්නේ ඒක. ඒක තමයි මම වැඩිපුරම focus කරන්නේ. ඒක focus කරපු නිසා තමයි youtube කියන එක මග ඇරුනේ.
Fiverr කියන එක මට සෙට් වෙන්නේ නෑ. Upwork එක තමයි මට සෙට් වුනේ. Upwork එකෙන් එක clien කෙනෙක් සෙට් වෙලා එයාගේ මාර්ගයෙන් තමයි මට අනිත් අයවත් සෙට් උනේ. මට දැන් private client ලා ඉන්න නිසා මම upwork එකත් අත ඇරලා තියෙන්නේ. ගොඩක් අය කියන කතාවක් තමයි fiverr කරනවා නම් fiverr විතරක් කරන්න ඕනි upwork කරනවා නම් upwork විතරක් කරන්න ඕනි youtube කරනවා නම් youtube විතරක් කරන්න ඕනි කියන එක.
සමහර කට්ටිය කියන upwork කරන අය තමයි online entrepreneurs ලා කියලා. සමහර කට්ටිය කියනවා fiverr කරන අය තමයි online entrepreneurs ලා කියලා. තවත් සමහර කියනවා dropshiping කරන අය online entrepreneursලා කියලා. නෑ ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ඔයා ලංකාවට මොකක්ම හරි income එකක් ගේනවනම් ඔයා online entrepreneur කෙනෙක් වෙනවා.
මම dropshipping දෙදහට කරන එකටත් ගොඩක් අය මාත් එක්ක ඇරියස්. ගොඩක් අය මත fake account හදාගෙන මඩ ගහනවා. තවත් සමහරක් අය group හදාගෙනත් මඩ ගහනවා. ඇත්තටම මට ඔය දෙදහෙන් ගන්න දෙයක් නෑ. දවසට මට ඔයිට වඩා ලොකු income එකක් එනවා. ඒක මම කියන්නේ නෑ එතකොට මම නිකම් පොරක් වෙනවා. සමහර මල්ලිලා ඉන්නවා එයාලා spam වලට අහුවෙනවා. සමහර අය තිස් හතළිස් දහස් ගණන් දීලා ඕක කරනවා. ඔන්න ඕක නිසා තමයි ඒ මල්ලිලට මම ඔය ගානට ඕක කියලා දුන්නේ. එක මගේ main income එක නෙමෙයි. එක මගේ sub income එකක්. ඇත්තටම එක test එකක් විතරයි. ජීවිතයේ අපි එක එක දේවල් ටෙස්ට් කරලා බලන්න ඕනි. එතකොට අපිට හොඳ output එකක් ගන්න පුළුවන්. .
මම dropshipping site හයක් කළා. කෝවිඩ් නිසා දෙකක් වහන්න වුණා. දැනට අනිත් 4 කරගෙන යනවා. dropshipping කරද්දි ඉවසීම කියන එක සෑහෙන්න තියෙන්න ඕන. සමහර මාස වලට මම පට්ට loss. සමහර මාස වලට විසි තිස් දහස් ගණන් පාඩුයි. එක මාසයක් තිබ්බ ඒ මාසේ අසුදහසක් පාඩු වුණා. අද මොකක් හරි තත්වෙක මම ඉන්නව නම් එදා කාපු කට්ට නිසා තමයි. මම ඔය dropshipping course එක නිකන් කරන්න හිටියේ. පස්සේ තේරුණා මේක නිකං කරොත් ඕකේ වටිනාකමක් නෑ කියලා. මොකද ලංකාවෙ මිනිස්ස්සුන්ට නිකන් දෙන කිසිම දෙයක් වටින්නේ නෑ.
අද මම මේ වගේ තැනක ඉන්න මගේ ටර්නින් පොයින්ට් එක වෙන්න හේතු වුණේ මම ඕ ලෙවල් ෆේල් වෙච්ච එක. ගොඩක් අය කිව්වා ඕලෙවල් මේ ගාණින් pass වෙලා හොඳ රස්සාවක් කරන්න බැරි වෙයි. හොඳ තැනකට යන්න බැරිවෙයි. අපේ අම්මටත් ගොඩක් අය ඇවිල්ල කියල තිබ්බා පුතාට මෙහෙම පාස් වෙලා නම් බැරි වෙයි. හොඳ ජොබ් එකක් කරගන්න බැරි වෙයි වගේ දේවල්. මම දැන් පෞද්ගලිකව හිතනවා ඒ කට්ටියට උත්තරයක් දීලා තියෙනවා කියලා.
මම පළවෙනි වහනේ ගත්ත BMW එකක්. ගෙවල් පැත්තෙ උන් හිතුවා මම කුඩු විකුණනවා වත්ද කියලා. මට proof කරන්න පුළුවන් කොහොමද මේ දේවල් ගත්තෙ කියලා. කොහොමද මේ income එන්නෙ කියලා මට proof කරන්න පුළුවන්. ඔය BMW එක ගන්න යන දවසේ මම ගෙදරට කිව්වේ නෑ මෙහෙම එකක් ගන්නවා කියලා. අපේ අම්මා දන්නෙත් නෑ අපේ තාත්තා දන්නේ නෑ. අඩුම තරමේ මම වාහනයක් ගන්න ඉන්න කෙනෙක් කියලවත් කවුරුවත්ම දන්නේ නෑ. අරගෙන ඉවර වෙලා තමයි මම අම්මට කෝල් එකක් දුන්නේ අම්මේ මම වාහනයක් ගත්ත දැන් ගෙදර එන ගමන් කියලා. ගෙදර ගිය ගමන්ම ඇහුවේ කාගේද මහා හරි කියලා. මං කිව්වා මගේ මම එක ගත්ත කියලා. තාත්තට වත් විශ්වාස නෑ මේක මගේ කියලා. මම ගෙදර හිටපු විදියට කාටවත් හිතුවේ නෑ මම මෙහෙම දෙයක් කරයි කියලා.
Online කියන side එක පොතක් කට පාඩම් කරලා ඉලග දවසෙ ගිහින් exam එකක් ලියනවා වගේ දෙයක් නෙමෙයි. ඔයා හැම පැත්තම try කරලා බලන්න ඕනි. Fiverr කරලා fail වෙලා අතහැරලා දාලා ඉන්නවා වගේ නෙමේ. මම හැමදේම try කලා. එහෙම ට්‍රයි කරල හරි ගියේ එක දේකින් තමයි මම ගොඩ ගියේ.
online entrepreneur කෙනෙක් කියන්නේ දවසින් දෙකෙන් සල්ලි හොයල හෙට interview එකටට ඇවිල්ලා මම මෙහෙම සල්ලි හෙව්ව කියලා කියන කෙනෙක් නෙමෙයි. ඒ කෙනාට field එකේ සෑහෙන්න experiences තියෙන්න ඕනි. ඒ වගේම එයා ඉගෙන ගත්ත දේ තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් විදියට දැනුමක් එයාට තියෙන්න ඕනි. ගොඩක් අය හිතනවා data කාඩ් එකක් දාගෙන internet එකට ආවට පලියට සල්ලි හොයන්න පුලුවන් කියලා. ඇත්තටම ඒක බොරුවක් අපි ඒ මතය වෙනස් කරන්න ඕනි. මම දකින විදියට online entrepreneur කෙනෙක් කියන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි හැමෝම වෙනුවෙන් online platform ඇතුලේ හැම පැත්තෙන්ම හොඳ දෙයක් කරනවා නම් මම දකින විදිහට අන්න එයා තමයි online entrepreneur කෙනෙක් කියලා කියන්නේ.

ජපානයේ එක්තරා සබන් කර්මාන්ත ශාලාවකි. එහි අමුද්‍රව්‍ය අඹරණ යන්ත්‍රයට දැමු විට ඒවා ඇඹරී, සබන් කැට සෑදී බෙල්ට් එකක් දිගේ පැ...
08/12/2020

ජපානයේ එක්තරා සබන් කර්මාන්ත ශාලාවකි. එහි අමුද්‍රව්‍ය අඹරණ යන්ත්‍රයට දැමු විට ඒවා ඇඹරී, සබන් කැට සෑදී බෙල්ට් එකක් දිගේ පැමිණේ. ඊට පහළින් තවත් බෙල්ට් එකක් දිගේ හිස් සබන් පෙට්ටි පැමිණේ. හිස් සබන් පෙට්ටි වලට සබන් කැටය වැටෙන පරිදි ටයිමින් සකස් කර ඇත. ඉන් පසුව ස්වයංක්‍රීයව සබන් පෙට්ටි සීල් වන අතර ඒවා සබන් කැට 100 ක් වන පරිදි ලොකු පෙට්ටි වලට ඇසිරේ. එම පෙට්ටි අළෙවි අංශයෙන් ජපානය පුරා බෙදා හරිනු ලැබේ.

ටික කලකින් අළෙවි අංශයෙන් පැමිණිල්ලකි. සබන් කැට 100 ලොකු පෙට්ටියක සබන් නොමැති හිස් පෙට්ටි 10% ක් 15 % ක් පවතින බව ඉන් කියැවිණ. ඉන් අදහස් වන්නේ බෙල්ට් එක දිගේ පැමිණෙන හිස් සබන් පෙට්ටියට හරියටම ⁣සබන් කැටය නොවැටීමේ සම්භාවිතාව 10% ක් 15% ක් වන බවය.

මෙම ගැටළුව ඇති වූයේ හිස් සබන් පෙට්ටි පැමිණෙන වේගය හා ඊ⁣ට අනුරූපව සබන් කැටය එම පෙට්ටියට වැටෙන වේගය මිලි තත්පර ගණනකින් වෙනස් වීම නිසාය. තේරෙන්න කීවොත් ටයිමින් අවුලක් නිසාය. කර්මාන්තශාලාවේ තාක්ෂණික අංශයට මෙය විසදිය නොහැකි විය. පිටතින් ගෙන්වාගත් විශේෂඥ කණ්ඩායම් වලටද බැරි විය. විදෙස් රටවලින් ගෙන්වාගත් අයටද බැරි විය.

කර්මාන්තශාලා හිමිකරු අසරණ වී සිටියේය. බැරිම තැන ඔහු, කර්මාන්ත ශාලාවේ සියළු සේවකයන්ගේ රැස්වීමක් කැදවා ඔවුන් සියළු දෙනාගේ අදහස් විමසා සිටියේය. ඔවුන් අදහස් ලබා දුන් අතර, ඒවා සියල්ල කලින් කවුරුන් විසින් හෝ ඉදිරිපත් කර අසාර්ථක වූ ඒවා විය. අයිතිකරු තවත් අසරණ විය.

මේ අතර, තේ පැන් පිළියෙළ කර පිළිගැන්වීමේ වාරය උදා විය. ⁣රැස්වීමට සහභාගී නොවූ එකම සේවකයා වූ තේ පැන් පිළිගන්වන සුළු සේවකයා අයිතිකරු අමතා එකී තාක්ෂණික ගැටළුව ඔහුට විසදිය හැකි බව පැවසීය. අයිතිකරු මුලදී කෝපයට පත් විය. ලොව පුරා විශේෂඥයන්ට කෝටි ගණනක් වියදම් කර විසදිය නොහැකි වූ ගැටළුව මෙම සුළු සේවකයා විසදන්නේ කෙසේදැයි අයිතිකරුට සිතෙන්නට ඇත.

කෙසේ වෙතත් වෙන කළ හැකි යමක් නොමැති නිසා ඔහුගෙන් අයිතිකරු විමසා සිටියේ "ඔබට මේ ගැටළුව විසදා දීමට මිලියන කීයක් ඕනෑද?" යනුවෙන් පමණි. සේවකයා එය අසා පැවසූයේ "මට මිලියන ගණනක් ඕනෑ නැහැ; මට ඕන හොද ස්ටෑන්ඩ් ෆෑන් එකක් විතරයි" යනුවෙනි.

පුදුමයට පත් වූ අයිතිකරු උපහාසයෙන් සිනා සී හොද ෆෑන් එකක් ලබා දුන්නේය. සුළු සේවකයා එය රැගෙන ගොස් ප්ලග් එකට ගසා සබන් වැටී බෙල්ට් එක දිගේ එන සබන් පෙට්ටි දෙසට දමා ෆෑන් එක ක්‍රියාත්මක කළේය. සබන් කැටය නොවැටී පැමිණෙන හිස් සබන් පෙට්ටි ෆෑන් එකේ සුළගෙන් විසි වී ගිය අතර වසර ගණනාවක් විසදිය නොහැකි ගැටළුව විසදිණ. වැය වූයේ යෙන් තුන්දහසක මුදලක ෆැන් එකක් පමණි !

ආදර්ශය -

ඔබ ව්‍යවසායකයෙකු නම්, හොද ඇහුම්කන් දෙන්නෙකු විය යුතුය. නොසිතෙන පුද්ගලයන්ගෙන් ඔබට මිල කළ නොහැකි ප්‍රයෝජන ගත හැක්කේ එවිටය. කිසි ⁣දිනෙක කිසිවෙකු අවතක්සේරු නොකරන්න. එවිට ඔබ අසමසම ව්‍යවසායකයෙකු වනු ඇත.

උපුටා ගැනීමකි. අයිතිය මුල් රචකයා සතු වේ. ස්තූතියි !
🤔😀

එක් උදෑසනක, හිරු උදාවට පෙර, ධීවරයෙක් මාළු ඇල්ලිමට ගඟකට ගියේය.  ඉවුරේ ඔහුට යමක් තිබෙනු දැනුණ. එය කුඩා ගල් මල්ලක් බව ඔහුට ...
07/12/2020

එක් උදෑසනක, හිරු උදාවට පෙර, ධීවරයෙක් මාළු ඇල්ලිමට ගඟකට ගියේය. ඉවුරේ ඔහුට යමක් තිබෙනු දැනුණ. එය කුඩා ගල් මල්ලක් බව ඔහුට පෙනී ගියේය. ඔහු මල්ල අතට ගෙන ඔහුගේ දැල පසෙකට දමා, ඉර උදාව එන තෙක් බලා සිටියේය.

ඔහුගේ දවසේ වැඩ ආරම්භ කිරීම සඳහා ඔහු හිරු උදාවන තෙක් බලා සිටියේය. කම්මැලි ඔහු බෑගයෙන් ගලක් ගෙන වතුරට විසි කළේය. වෙන කරන්නට දෙයක් නැති නිසා ඔහු එකින් එක ගල් වතුරට විසි කලේය.

සෙමෙන් හිරු උදාවිය. ඒ වන විට ඔහු එක් ගලක් හැර අනෙක් සියලුම ගල් විසි කර තිබිණ. අන්තිම ගල ඔහුගේ අතේ තිබිණ.

හිරු උදාවත් සමඟ ඔහු අතේ තබාගෙන සිටි දේ දුටු විට ඔහුගේ හදවත කම්පා විය. එය මැණික් වර්ගයක් විය! අන්ධකාරයේ දී, ඔහු මැණික් මල්ලක් වතුරට වීසි කර තිබිණ.

ඔහු නොදැනුවත්වම ඔහුට අහිමි වූයේ කුමක්ද! පසුතැවිලි වූ ඔහු තමාටම ශාප කළේය. ඔහු හඬා වැලපුණි. තම ජීවිතය සාරවත් කිරීමට තරම් ධනය ඔහුට හමුවි නොදැනුවත්වම අන්ධකාරයේ දී ඔහුට එය අහිමි වි ඇත.

එහෙත් එක්තරා ආකාරයකින් ඔහු වාසනාවන්ත විය. තවමත් එක් මැණික් ගලක් ඉතිරි විය. ඔහු එය විසි කිරීමට පෙර ආලෝකය උදාවිය.

සමස්ථයක් ලෙස ගත් කල, බොහෝ මිනිසුන් එතරම් වාසනාවන්ත නැත. ජීවිතය යනු අති විශාල නිධානයකි. මිනිසා එය ඉවතලෑම හැර වෙන කිසිවක් නොකරයි. ජීවිතයේ වැදගත්කම අප වටහාගන්නා කාලය වන විට, අපි එයින් දුරස් වී ඇත්තෙමු.

විමුක්තිය, ස්වර්ගය සියල්ල නැති වී යයි. කෙනෙකුගේ ජීවිතය ගත වනවාත් සමග ඔවුන් ඉවතට විසි කරන දේවල් ගල් නොව මැණික් බව ඔබ ඔවුන්ට අවධානය යොමු කළහොත් මිනිසුන් කෝපයට පත් වේ.

ඔවුන්ගේ මමත්වය නැඟි සිටියි. ඔවුන්ට තරහ යනවා. එක් මැණික් ගලක් පමණක් ඉතිරි වුවද, ඔබේ ජීවිතය තවමත් ගලවා ගත හැකිය. ඉගෙනීමට කිසි විටෙකත් ප්‍රමාද නැත. උදව් තවමත් කළ හැකි අතර, විශේෂයෙන් සත්‍යය සෙවීමේදී එය කිසි විටෙකත් ප්‍රමාද නොවේ.

- ඔෂෝ -

Entrepreneur කෙනෙක් වෙන්න ඕනම නම් 👇👇👇Entrepreneurship ගැන කතාකරන හැමවෙලාවකම වගේ මම තේරුම් කරන්න හැදුවත් ගොඩක් අය තේරුම් ...
22/11/2020

Entrepreneur කෙනෙක් වෙන්න ඕනම නම් 👇👇👇

Entrepreneurship ගැන කතාකරන හැමවෙලාවකම වගේ මම තේරුම් කරන්න හැදුවත් ගොඩක් අය තේරුම් නොගන්න දෙයක් තමයි මේක කරන්න පුළුවන් හොඳ vision එකක් එක්ක, focus එක තියාගෙන step by step ගමනක් යන කෙනෙක්ට විතරයි කියලා. ගොඩක් දෙනෙක්ට ඕන එක හීනෙන් එලි වෙන්න..

දැන් ඉතින් Covid Outbreak එකත් එක්ක ගොඩක් අය ගෙදර ඉදන් වැඩ කරන්න පටන් අරන් තියනවා. සමහර අය job එකෙනුත් අයින් වෙලා. ඉතිං මේ online එහෙමත් නැත්නම් digital විදියට වැඩ කරන්න හැමෝම වගේ Covid නිසා අලුතින් හුරුවෙලා. ඒත් එක්කම entrepreneurship, Business වගේ දේවලුත් digitalize වෙලා.
Digital industry එක කියන්නෙ ඇත්තටම ගොඩක් ලොකු opportunity එකක් තියෙන තැනක්. හැබැයි ඔයාලා Digital / Online Entrepreneur කෙනෙක් වෙනවානම් ඔයාලගේ ගමන පටන් ගන්න කලින් මෙන්න මේ දේ හරියටම තේරුම් ගන්න ඕන..

මේක Online Entrepreneur කෙනෙක් වෙන්න බලාගෙන දැනට Freelancing හරි, Content Creation (Youtube / Web /Mobile), direct shipping/ drop-shipping කරන කෙනෙක්ට වුණත් එකම විදියට අදාළ වෙන කාරණාවක්.
මොකද මේ හැමදේකම සාර්ථකත්වයට හරි අසාර්ථකත්වයට හරි මුල් වෙන්නේ අපේ තියෙන plan එක සහ ඒ වෙනුවෙන් අපි කරන කැපවීම.

මේ තියෙන photo එක ඇතුලේ තියන මගේ කතාව මම කියන්නම්. අපිට හැමවෙලාවෙම තියෙන්න ඕන goal එකක් සහ vision එකක්. ඉතිං මේ goals කියන ඒවා life goals වෙන්න පුළුවන් couple goals වෙන්න පුළුවන් එහෙමත් නැත්තං month, week, day මේ ඕනම category එකක goal එකක් වෙන්න පුළුවන්. Goal එකක් තිබුණට එක පාරට ඒක achieve කරන්න බෑ. අපි හරියට ඒ goal එක වගේම goal එකට යන පාරත් අදුනගන්න ඕනේ. Life එකකට goals නෑ කියලා කියන්නෙ නිකම් රෝද නැති කාර් එකක් වගේ.. ඒත් එක්කම dreams නෑ කියන්නෙ නිකම් කාර් එකේ petrol ලුත් නෑ වගේ. ඒ නිසා පදින්න බැරි කාර් එකක් ගන්න තමන්ගෙ කාලය වැය කරන්න එපා.

ජීවිතය ජීවත් කරවන්නේ හීන කියනවානෙ ඉතිං ඔයාලාගෙ හීන වලට සැබෑ ලෝකෙදි යන්න goals එක්ක vision එකක් හදාගෙන ඒකට යන path එක හොයාගන්න ඕන..
කාටහරි හිතෙන්න පුළුවන් දැන් මූට නම් කාර් 2,3ක් තියෙනවා. Company 2,3ක් තියෙනවා එහෙම එකේ තියෙන්නේ ආතල් එකේ ඉන්න තමයි කියලා. ඒත් මම දැන් ඉන්න මේ තැන මගේ journey එකේ එක point එකක් විතරයි.

මම ඒක බොහොම පැහැදිලිව කියන්නෙ, මොකද මටම චැට් කරලා ගොඩක් දෙනා කියනවා i8 එකක් ගන්න එක තමා එකම හීනෙ කියලා. හැබැයි එහෙම අයට කියන්න තියෙන්නේ එක්කො import කරන්න, එහෙමත් නැත්තම් ලංකාවේ show room එකකින් ගන්න. සල්ලි හොයාගන්න ඕන නම් මොකක්ම හරි සාර්ථක ආදායම් මාර්ගයක් හොයාගන්න.

Entrepreneurship කියන්නේ i8 එකක් ගන්න විදියක් නෙවෙයි. ගොඩක් දෙනා වැරදියට තේරුම් ගන්න එක තැනක් ඕක. වාහනයක් කියන්නේ තමන්ගේ තේරීමක්. Entrepreneur කෙනෙක් වෙන්නේ වාහනයක් අරන්වත්, වාහනයක් ගන්නේ entrepreneur කෙනෙක් වෙන්නවත් නෙවෙයි. ඒක කොහොමද එහෙම වෙන්නෙ කියලා මමත් කල්පනා කරනවා ඇත්තටම. ඊට පස්සෙ මම පුළුවන් විදියට තේරුම් කරලා දෙනවා goals කියන්නෙ මොනවද ඒවට යන්නෙ කොහොමද entreprenuer කෙනෙක් කියන්නේ කවුද කියලා.

ඉතිං මේ goal එකකට යද්දි වැදගත් වෙන දෙයක් තමයි focus එක එහෙමත් නැත්තම් එක අරමුණක් වෙනුවෙන් වැඩ කරන එක.

වට පිට ගැන හිතන්න එපා. නිකමට හිතලා බලන්නකො අපි ඔයාලා ගැනම. අපි ගොඩක් දෙනෙක් අලුත් දෙයක් පටන් ගද්දි අර සෝඩා බෝතලේ කැඩුවා වගේ එක පාර මාර උනන්දුවකින් වැඩ කරනවා. ඒත් ඒ උනන්දුව නැත්නම් කැපවීම දවස් කීයක් අපිට තියෙනවාද? අන්න ඒ කැපවීම අසාර්ථක වීම් නිසා නවත්තලා සාර්ථක වෙන්න අවශ්‍යම අත්දැකීම් ටික නැති කරගන්න එපා. එහෙම නවත්තලා දාන්න නම් පටන් ගන්නත් එපා. තමන්ගෙ වෙන වැඩක් කරගන්න.මොකද ඒ කාලෙ අපරාදෙ නිසා.

එතකොට ඇත්තටම මේ කැපවීම කොහොමද දිගටම තියාගන්නෙ? ලේසි වැඩක් නෙවෙයි. අන්න එතනදී තමයි ඔයාලා දෙයක් කරලා සාර්ථක වුණ අයගේ කතාව අහන්න ඕන. හැබැයි Youtube එකේ බලන්න ඕන ඒවා බලලා කාවවත් කොපි කරන්න යන්න එපා. තමන්ට ගැලපෙන තමන්ගේ පාර හොයාගන්න. එයාලා ජීවිතේ කරපු කැපකිරීම්, කාපු කට්ට, ආපු ගමන ඒ ටික එකිනෙකාට වෙනස්. එක පුද්ගලයෙක්ගේ ඡීවිත කතාව තවත් කෙනෙක්ගේ ඡීවිත කතාවට හාත්පසින් වෙනස්.

මගේ විශ්ව විද්‍යාල ඡීවිතෙත් තියෙනවා මම රෑට නොකාපු දවස්. මේ කතාව දන්නෙ මගේ ජීවිතේ ළඟම අය වුණත් මේක කියන එක ඔයාලාට motivation එකක් වෙන නිසා කියන්නම්.

මගේ අම්මා ගුරුවරියක්, තාත්තා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර කළමනාකරුවෙක්. මම A/L කරද්දි තමා තාත්තා විශ්‍රාම යන්නේ.
තාත්තා කරේ pension නැති ජොබ් එකක් නිසා මුලු ගෙදරම බරත් එක්ක මගේ ඉගෙනගන්න බර වැටුණෙත් අම්මගෙ ජොබ් එකට. අයියා ඒ කාලෙ මොරටුව කැම්පස් එකේ non academic staff එකේ. එයා ගත්ත වැටුප එයාගෙ වියදමටත් මදි නිසා මම ඉල්ලන්නෙත් නෑ. මම කරන්නෙ අම්මා එවන සල්ලි manage කරගන්න බැරි වුණාම රෑ කෑම වලින් එහෙම වියදම අඩු කරන එක. ඉතිං එදා මම හිතාගත්තා මේ කාපු කට්ට වෙනුවෙන් හොඳ තැනකට එනවාමයි කියලා.ඉතිං මම කැම්පස් out වෙලා ඇවිල්ලා job දෙකක් කලා. ඒත් මට ඕන දේ ඒක නෙමේ කියලා මම තේරුම් ගත්තා. ඒ නිසායි මම තීරණය කරේ risk එකක් ගන්න. ඒ risk එක ගත්ත නිසා මම අද ලොකු දුරක් ආවා කියලා මට හිතෙනවා..

ඒ වගේ ඔයාලාත් හොයාගන්න ඕන ඔයාව motivate කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. එක්කො ඔයාට නැතිවුණ දෙයක්, ලබාගන්න ආසාවෙන් ඉන්න දෙයක්, ඔයාගෙ life goal එකක් ඒ වගේ ඔයා motivate කරන්න පුළුවන් ඒ දේ ඔලුවේ තියාගෙන vision board එකක් හදාගන්න පුළුවන් ඔයාටම. මේ vision board එක කියන එක මහ ලොකු දෙයක් නෙමේ ඒක බිත්තියේ ගහපු ෆොටෝ එකක් නැත්තං computer wallpaper එක නැත්තං ෆෝන් එකේ screensaver එක වුණත් වෙන්න පුළුවන්.

අර කතාවක් තියෙනවා නේ "If Your Goals Don’t Scare You, They Aren’t Big Enough”

ඒ වගේ ඔයාගෙ goals ඔයාව බය කරන්නෙ නැත්තං තව ලොකු goals හොයාගන්න වෙනවා. හිතද්දිත් බය හිතෙනවා නම් අන්න හරි තැන ඉන්නෙ. ඉතිං ඒ goals වෙනුවෙන් risk එක ගන්න ඕන අපිමයි. හරි තැනදි හරි විදියට risk එක ගන්න නම් බය වෙන්නම එපා මොකද "High risk කියන්නෙ High Profit”

Goal එක අදුරගත්තා නම් ඉස්සර වෙලාම කරන්න ඕන එක පාරට හැම දේම බදාගන වැඩ කරන එක නෙවේ. මේ ලොකු goal එක පොඩි පොඩි tasks වලට කඩාගන්න එක.
පොඩි task වලට කඩාගත්තට පස්සෙ ඒ task වලට deadlines දාගන්න එකත් ඒ task අපි achieve කරගත්තාම celebrate කරන එකත් මාරම වැදගත් දෙයක් වගේම තමන්ව සතුටු කරන්න පුළුවන් හොදම විදියක්. මොකද ඒකෙන් අපිට අපේ mind එකට positivity ලොකුවටම දෙන්න පුළුවන් මම ඒ දේ කරා කියන පණිවිඩේ දෙන එකෙන්. ඒ වගේම මේ පොඩි පොඩි ටික කරගෙන යන අතරෙදි ප්‍රශ්න නම් එයි. මේ ප්‍රශ්න අතරින් අතාරින්නේ නැතිව goal එකට යන එක තමා වැදගත්.

ඉතිං මේ විදියට පොඩි පොඩි goals ඉස්සරහට යනකොට ඔයාට මුලදි තිබුණට වඩා ලොකු වෙනසක් එක්ක ඊළඟ step එකට ජීවිතේ තල්ලු කරලා දාගන්න පුළුවන් වෙනවා වගේම end goal එකටත් ටිකෙන් ටික එනවා නේද කියලා තේරෙයි. ඉතිං ඒ goal එක ආවම නවත්තලා ආතල් එකේ ඉන්නවාද නැත්තං replan කරලා achieve කරාටත් වඩා ලොකු දේවල් කරනවාද කියන එක තියෙන්නේ ඔයාගෙම අතේ.

මේකට සරලම උදාහරණයක් මම දෙන්නම්. කව්රුහරි කෙනෙක් iPhone 12 එක ගන්න සල්ලි එකතු කරලා iPhone X එක ගන්න සල්ලි ඇති වෙද්දි ඒක අරන් 12 එක ඕන නෑ කියලා හිතනවා. ගොඩක් මිනිස්සුන්ට තමන්ගේ ඡීවිතේ මුලින් හදාගත්ත goals වලට යන්න බැරුව මග නතර වෙන්නේ මෙන්න මේ නිසයි. තමන්ගේ end goal එක achieve කරනකන් කිසිම වෙලාවක තමන්ගේ ගමන නවත්තන්න එපා.

අන්තිමටම ඉතිං කියන්න තියෙන්නේ ඉතින් “යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්න එපා වගේ risk එකක් ගන්න බයයි නම් entrepreneur කෙනෙක් වෙන්න හිතන්නවත් එපා කියලා."



- Madusanka Premarathne -
( Online Entrepreneur / Co founder @ INSFRA )

Address

Colombo, Western
Colombo
01

Telephone

+94741096914

Website

https://bit.ly/Denaro-SignUp, https://bit.ly/MPC-MicroJobs

Alerts

Be the first to know and let us send you an email when Digital Business Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share