30/07/2026
Save the Date - Totally Free
ආරාධනා..!
ගැනුම්කරුවන් - විකුණුම්කරුවන් හමුව -2026
(Buyer Seller Meeting -2026)
📍 Grand Guardian Hotel, Colombo rd, Ratnapura
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට අයත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් "ගැනුම්කරුවන් විකුණුම්කරුවන් හමුව" වැඩසටහනක් සංවිධානය කර ඇත.
වසරකට වරක් පවත්වන මෙම වැඩසටහන 2026 අගෝස්තු මස 11 වන දින පෙ. ව. 10. 00 සිට 12.30 දක්වා කුරුවිට ග්‍රෑන්ඩ් ගාර්ඩියන්ස් හෝටලයේ දී පැවැත්වේ. මෙම වැඩසටහනේ දී සබරගමුව පළාත නියෝජනය කරමින් ඇඟළුම්, ආහාර, බෑග් හා පාවහන්, විසිතුරු අත්කම්, කුළුබඩු, කෘෂි නිෂ්පාදන ආදී ක්ෂේත්‍රයන්හි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 70 ක ගේ භාණ්ඩ ඉදිරිපත් කෙරේ.
තොග අලෙවිකරුවකු හා කර්මාන්ත නිෂ්පාදකයන් වශයෙන් ඔබ හා වෙළඳ ජාලයට අයත් අවශ්‍ය සැපයුම්කරුවන් හා නිෂ්පාදන මෙහි දී හඳුනාගැනීමට හැකිය. සුදුසු භාණ්ඩ තෝරාගැනීමටත්, සැපයුම්කරුවන් සෘජුව මුණගැසීමටත්, එකඟතාවන්ට එළඹීමටත් හැකිය.
📅 2026 අගෝස්තු 11 (අඟහරුවාදා)
🕙 පෙ.ව. 10.00 සිට ප.ව. 12.30 දක්වා
📍 Grand Guardian Hotel, Kuruwita
• විකුණුම්කරුවන් 70 කට අධික පිරිසක් හමුවීමට
• දේශීය හා විදේශීය ගැනුම්කරුවන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමට
• නව වෙළඳ සබඳතා ගොඩනඟා ගැනීමට
• අනාගත ව්‍යාපාර අවස්ථා පුළුල් කර ගැනීමට සහභාගී වන්න.
ඔබත් මේ සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් අදම පහත අයදුම්පත සම්පූර්ණ කර ලියාපදිංචි වන්න.
https://forms.gle/1E32v6t1cT2BaTTb7
සංවිධානය හා මෙහෙයවීම
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය – රත්නපුර
📞 045 22 30 703 / 070 625 1289 අනූෂා