Life in Japan

Life in Japan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Life in Japan, Colombo.

හොලෝග්‍රෑම් එකක් බැඳපු ජපන් වැඩ්ඩට වෙච්ච වැඩේ! 💔🌐ජපානයේ Akihiko Kondo (අකිහිකෝ කොන්ඩෝ) ගැන ඔයාලා අහලා ඇතිනේ? 2018 අවුරුද...
24/03/2026

හොලෝග්‍රෑම් එකක් බැඳපු ජපන් වැඩ්ඩට වෙච්ච වැඩේ! 💔🌐
ජපානයේ Akihiko Kondo (අකිහිකෝ කොන්ඩෝ) ගැන ඔයාලා අහලා ඇතිනේ? 2018 අවුරුද්දේ මුළු ලෝකෙම හොල්ලපු වෙඩින් එකක් තිබ්බේ මෙයා. කොන්ඩෝ බැන්දේ වෙන කවුරුත් නෙවෙයි, ජපානයේ ඉන්න සුපිරිම වර්චුවල් අයිඩල් කෙනෙක් වෙන Hatsune Miku (හත්සුනේ මිකු) ව! මේ වෙඩින් එකට මෙයා ඩොලර් 17,300ක් (ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 50කට වැඩියි!) වියදම් කළා. අමුත්තෝ 40ක් විතර ආපු මේ උත්සවයේදී මිකු පෙනී හිටියේ Gatebox කියන ඩිවයිස් එකෙන් ලැබුණු පුංචි හොලෝග්‍රෑම් එකක් විදිහට. මේ AI තාක්ෂණය නිසා මිකු හැමදාම මෙයා එක්ක කතා කළා, උදේට ඇහැරෙව්වා, වැඩ ඇරිලා එද්දී ආදරෙන් පිළිගත්තා.

හැබැයි මේ සතුට අවුරුදු දෙකකින් එකපාරටම නතර වුණා. මේ ඩිවයිස් එක හදපු සමාගම ඒකේ සේවාව (Service) නවත්තලා දැම්මා. දැන් කොන්ඩෝ එයාගේ "වයිෆ්" එක්ක කතා කරන්න යද්දී පේන්නේ "Network Error" කියලා විතරයි! හිතලා බලන්න, ඔයාගේ බිරිඳ එක්ක කතා කරන්න යද්දී "සර්වර් එක ඩවුන්" කිව්වොත් කොහොමට තියෙයිද? 😅

හැබැයි සර්වර් එක නැති වුණා කියලා කොන්ඩෝ සැලුනේ නැහැ. "මිකු තාමත් මාත් එක්ක ඉන්නවා" කියලා එයා දැන් සැබෑ ප්‍රමාණයේ (life-size) මිකු රූකඩයක් එක්ක ජීවත් වෙනවා. ජපානයේ මෙයා වගේ තව 100කට වඩා "ෆික්ටොසෙක්ෂුවල්" (Fictosexual) අය ඉන්නවලු. ඒ කියන්නේ කාටූන් හෝ වර්චුවල් චරිත එක්ක ආදරෙන් බැඳිලා වෙඩින් පවා ගත්ත අය!
මේක ටෙක්නොලොජි එකට තියෙන පිස්සුවක්ද? නැත්නම් තනිකම මකාගන්න කරන දෙයක්ද? ඔයාලගේ අදහසත් පහළින් කොමෙන්ට් කරගෙන යමු!

ජපානයේ සිංහල අවුරුදු උත්සව පරිස්සමෙන්!💥💥💥2026 මාර්තු මස ඉරිදා දිනක, සයිටමා ප්‍රාන්තයේ ටොඩා නගර සභා මන්ත්‍රීවරයෙකු වන යුස...
23/03/2026

ජපානයේ සිංහල අවුරුදු උත්සව පරිස්සමෙන්!💥💥💥

2026 මාර්තු මස ඉරිදා දිනක, සයිටමා ප්‍රාන්තයේ ටොඩා නගර සභා මන්ත්‍රීවරයෙකු වන යුසුකේ කවායි (Yusuke Kawai), අකිගාසේ උද්‍යානයේ පැවැති ජපාන කුර්දි සංස්කෘතික සංගමයේ 'නව්රුස්' (Newroz) හෙවත් කුර්දි නව අවුරුදු උත්සවයට සහභාගී විය.
ප්‍රාදේශීය කුර්දි ප්‍රජාව දැඩි ලෙස විවේචනය කරන්නෙකු වන කවායි මන්ත්‍රීවරයා, එදින ජපාන ධජය සහිත ඇඳුමකින් සැරසී පැමිණ සිටි අතර, තමා එහි පැමිණියේ "නිරීක්ෂණයකට" බව ඔහු ප්‍රකාශ කර තිබුණි.
පුද්ගලයන් 1,500ක පමණ පිරිසක් සහභාගී වූ මෙම උත්සවය අතරතුර මන්ත්‍රීවරයා සහ උත්සවයට පැමිණි පිරිස අතර බහින්බස්වීමක් ඇති වී තිබේ. එහිදී සාම්ප්‍රදායික වර්ණවත් ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙකු විසින් කවායි මන්ත්‍රීවරයාට පහර දී ඇත. ඉන් අනතුරුව ඔහු රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. පොලිසිය මේ වන විට මෙම පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ජපානය තුළ මේ වන විට පවතින විදේශික විරෝධී රැල්ල නිසා ඉදිරියට පැවැත්වෙන අපගේ සිංහල අලුත් අවුරුදු උත්සවවලදී ද මෙවැනි සිදුවීම් ඇති විය හැකි බැවින්, සියලු දෙනා ඉතා ප්‍රවේශමෙන් හා කල්පනාකාරීව කටයුතු කරන ලෙස කාරුණිකව මතක් කර සිටිමු.

Japan

21/03/2026

How new year start in Japan
🗾🎴🍡🌸


රාජ්‍ය තාන්ත්‍රික හමුවේදි ට්‍රම්ප් ගෙන් ජපන් අගමැතිට කින්ඩියක්ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ජපානයට කලින් දැනුම් නොදුන්නේ ඇ...
20/03/2026

රාජ්‍ය තාන්ත්‍රික හමුවේදි ට්‍රම්ප් ගෙන් ජපන් අගමැතිට කින්ඩියක්

ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ජපානයට කලින් දැනුම් නොදුන්නේ ඇයි කියලා ජපන් මාධ්‍යවේදියෙක් අහපු "Serious" ප්‍රශ්නෙට ට්‍රම්ප් දුන්නේ හිතාගන්නවත් බැරි 'Savage' උත්තරයක්.
​කැමරා දෙස බලා ට්‍රම්ප් මෙසේ පැවසුවා:
"හදිසි ප්‍රහාර (Surprise) ගැන ජපානයට වඩා හොඳින් දන්නේ කවුද? ඇයි ඔබ මට පර්ල් හාබර් ගැන කලින් කිව්වේ නැත්තේ?" 💀
​දහස් ගණනක් ජීවිත අහිමි වුණු, ඉතිහාසයේ අතිශය සංවේදී පරිච්ඡේදයක් වන පර්ල් හාබර් ප්‍රහාරය, ජපාන අගමැතිනි සනායේ ටකායිචි (Sanae Takaichi) ඉදිරිපිටදීම මෙලෙස සරදමකට ලක් කිරීම නිසා මුළු සභාවම මොහොතකට ගල් ගැසුණු බවයි ආරංචිය. 🤫✨

මේතාක් කතාවඅද අපි දකින ලෝක යුද්ධ, සම්බාධක සහ ආර්ථික අර්බුද පිටුපස තියෙන්නේ පෙනෙනවාට වඩා ගැඹුරු සෙල්ලමක්. ඒ සෙල්ලමේ නම "ඩ...
18/03/2026

මේතාක් කතාව

අද අපි දකින ලෝක යුද්ධ, සම්බාධක සහ ආර්ථික අර්බුද පිටුපස තියෙන්නේ පෙනෙනවාට වඩා ගැඹුරු සෙල්ලමක්. ඒ සෙල්ලමේ නම "ඩොලර් ආධිපත්‍යය". අපි මේ කතාවේ මුල ඉඳන්ම බලමු.
1️⃣ Bretton Woods: ඩොලරය ලෝකයේ රජ වූ හැටි
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයම ආර්ථිකව වැටිලා ඉද්දී, 1944 දී රටවල් 44ක් එකතු වෙලා Bretton Woods පද්ධතිය හැදුවා. මෙතනදී තමයි IMF සහ ලෝක බැංකුව උපදින්නේ. එදා ඇමරිකාව කිව්වා "උඹලගේ සල්ලි ඩොලර් වලට ගැටගහපන්, මම ඩොලරය රත්තරන් වලට ගැටගහන්නම්" කියලා. ඒ අනුව රත්තරන් ඕන නම් ඩොලර් තිබිය යුතුමයි කියන නීතියෙන් ඩොලරය ලෝකයේ 'මුල' වුණා.

2️⃣ Nixon Shock:
රත්තරන් නැති ඩොලරය
70 දශකයේදී ඇමරිකාව වියට්නාම් යුද්ධයට පැටලුණා. වියදම පියවන්න ඔවුන් රිසි සේ ඩොලර් අච්චු ගැහුවා. ලෝකයේ අනිත් රටවල් තමන් සතු ඩොලර් දීලා රත්තරන් ඉල්ලද්දී ඇමරිකාව ළඟ දෙන්න තරම් රත්තරන් තිබුණේ නැහැ. 1971 දී රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ලෝකයම හෙල්ලූ තීරණයක් ගත්තා; ඒ තමයි ඩොලරය සහ රත්තරන් අතර තිබුණු සම්බන්ධය කපා දැමීම (Nixon Shock).

3️⃣ Petrodollar:
තෙල් වලින් රැකගත් ඩොලර් බලය
රත්තරන් රැකවරණය නැති වුණාම ඩොලරය වැටෙන්න ගත්තා. ඒත් ඇමරිකාව සවුදිය ප්‍රමුඛ OPEC රටවල් එක්ක සූක්ෂම ගනුදෙනුවක් කළා. "උඹලගේ ආරක්ෂාව අපි බලාගන්නම්, හැබැයි උඹලා තෙල් විකුණන්න ඕනේ ඩොලර් වලට විතරයි" (Petrodollar). ලෝකයේ හැම රටකටම තෙල් ඕන නිසා, හැමෝටම ඩොලර් එකතු කරන්න වුණා. මේ නිසා ඩොලරය වැටෙන්නේ නැතුව ඇමරිකාවට ඇති තරම් ණය ගන්නත්, ඩොලර් බිලියන 900+ හමුදාවක් නඩත්තු කරන්නත් පුළුවන් වුණා.

4️⃣ චීනයේ නැගීම සහ MAGA උපාය

ඇමරිකාව නිෂ්පාදන ආර්ථිකයෙන් මිදිලා, චීනය වගේ රටවල් වලින් අඩුවට බඩු ගේන "පරිභෝජන ආර්ථිකයක්" වුණා. හැබැයි චීනය මේ සෙල්ලම තේරුම් ගත්තා. ඔවුන් රුසියාව සහ BRICS රටවල් එක්ක එකතු වෙලා ඩොලරයේ ආධිපත්‍යය බිඳින්න ප්ලෑන් කළා. මේක කල්තියා දැකපු නිසයි ට්‍රම්ප් "Make America Great Again" (MAGA) කියන සටන් පාඨය ගෙනාවේ. ඔහුගේ ඉලක්කය වුණේ:
• චීනයට බදු ගහලා නැවතත් නිෂ්පාදනය ඇමරිකාවට ගැනීම.
• ලෝක පොලිස්කාරයා වෙන්න යන වියදම් අඩු කරගැනීම.
5️⃣හෝමුස් වලදී වරදින ග්ණන් බැලීම්
ට්‍රම්ප් ඉරානයට එරෙහිව සම්බාධක දමලා එරට අස්ථාවර කරන්න හැදුවේ හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නෙවෙයි; ලෝකයේ තෙල් නහරය බඳු හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) පාලනය තමන් යටතට ගන්නයි. නමුත් ඉරානය "Smart" ගේමක් ගැහුවා. ඔවුන් ඇමරිකාවට ගහන්නේ නැතුව, ලෝකයේ බෙල්ල වුණ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරලා ලෝක බලශක්ති සැපයුම හිර කළා.

දැන් තත්ත්වය දරුණුයි. ඉරානය කියන්නේ "තෙල් දෙන්නම්, හැබැයි ඩොලර් වෙනුවට චීන යුවාන් (Yuan) දීපන්" කියලා. මේක තමයි පෙට්‍රො-යුවාන් (Petro-Yuan) යුගයේ ආරම්භය.

6️⃣ අනාගතය:

ඩිජිටල් සල්ලි සහ BRICS බලය
මේ සෙල්ලම තවත් දරුණු වෙන්නේ BRICS සංවිධානය ව්‍යාප්ත වීමත් එක්කයි. සවුදිය, ඉරානය සහ UAE වැනි රටවල් දැන් BRICS වල සාමාජිකයන්. ඒ වගේම චීනය දැන් උත්සාහ කරන්නේ ඩිජිටල් යුආන් (Digital Yuan) හරහා ඇමරිකානු බැංකු පද්ධතිය මඟහැරලා කෙලින්ම ගනුදෙනු කරන්නයි. මෑත කාලයේ චීනය සහ ඉන්දියාව වැනි රටවල් වාර්තාගත ලෙස රත්තරන් මිලදී ගනිමින් ඉන්නේ ඩොලරය මත තියෙන විශ්වාසය බිඳවැටෙන බව කල්තියා දන්නා නිසයි.

📌 අවසාන වශයෙන්...
ඇමරිකාව තමන්ගේ අධිරාජ්‍යය රැකගන්න මාරාන්තික සටනක ඉන්නේ. USS Tripoli වගේ දැවැන්ත යුධ නැව් හෝමූස් වලට එද්දී ලෝකයම බලාගෙන ඉන්නේ ඩොලරයේ ආධිපත්‍යය අවසන් වෙයිද, නැත්නම් ඇමරිකාව මේකෙන් ගොඩ එයිද කියලා.
ඔබ මොකද හිතන්නේ? ඉදිරි දශකයේදී ලෝකයේ බලවතා වෙන්නේ ඩොලරයද? නැත්නම් චීන යුවාන් එකද?

18/03/2026
🚨 ජපානය සහ ඇමරිකාව අතර මැදපෙරදිග අර්බුදය: ඇත්තටම මොකක්ද මේ වෙන්නේ? 🚢🇯🇵🇺🇸ලෝක දේශපාලනය ඇතුළේ මේ දවස්වල වැඩිපුරම කතා වෙන මා...
17/03/2026

🚨 ජපානය සහ ඇමරිකාව අතර මැදපෙරදිග අර්බුදය: ඇත්තටම මොකක්ද මේ වෙන්නේ? 🚢🇯🇵🇺🇸

ලෝක දේශපාලනය ඇතුළේ මේ දවස්වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ආරක්ෂාව ගැන ඇමරිකාවෙන් ජපානයට එල්ල වෙලා තියෙන පීඩනය. විශේෂයෙන්ම ඉරානයත් එක්ක තියෙන නොසන්සුන්කාරී තත්ත්වය නිසා මේ මුහුදු මාර්ගය සෑහෙන අවදානමක තියෙන්නේ.

ඇත්තටම සිද්ධ වෙන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයට බලපෑම් කරනවා මේ මාර්ගය ආරක්ෂා කරන්න සහය වෙන්න කියලා. හැබැයි මේක ජපානයට ලොකු අර්බුදයක් වෙලා තියෙන්නේ මොකද ජපානය හැමතිස්සෙම සාමය අගය කරන, තමන්ගේ ව්‍යවස්ථාවෙන්ම යුධ කටයුතු සීමා කරලා තියෙන රටක් නිසා.
මේ ගැන අගමැතිනී සානේ ටකායිචි පාර්ලිමේන්තුවේදී කිව්වේ, දැනට ජපාන ස්වයං ආරක්ෂක බලකායේ (SDF) නැව් එහෙට යවන්න සෘජු සැලසුමක් නැති වුණත්, ජපානයේ නීතිමය රාමුව ඇතුළේ ඉඳගෙන මේකට සහය දෙන්න පුළුවන් ක්‍රම ගැන රජය හොයලා බලනවා කියලා. ඇමරිකාව කියන්නේ ජපානයේ ප්‍රධානම ආරක්ෂක සහකරුවා නිසා ට්‍රම්ප්ගේ ඉල්ලීම අහක දාන්නත් බැහැ, ඒ වගේම තමන්ගේ රටේ නීති උල්ලංඝනය කරන්නත් බැහැ. ඉතින් ජපානය දැන් ඉන්නේ හරිම මැදක.
ඉදිරියේදී අගමැතිනිය වොෂින්ටන් ගිහින් ට්‍රම්ප් එක්ක මේ ගැන මුහුණට මුහුණ සාකච්ඡා කරන්න නියමිතයි. ඇමරිකාව එක්ක තියෙන මිත්‍රත්වයත්, තමන්ගේ රටේ ප්‍රතිපත්තිත් දෙකම රැකගෙන ජපානය මේ ප්‍රශ්නය කොහොම විසඳගනීද කියලා ලෝකයම බලාගෙන ඉන්නවා.

මේ වගේ ලෝක දේශපාලනික වෙනස්කම් ජපානයේ ඉන්න අපිටත් නොදැනීම බලපාන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙහයින් කමෙන්ට් එකක් දාගෙන යන්න. 👇
🇯🇵🇺🇸⚓

📍 Google Maps දැන් සිතියමක් විතරක් නෙවෙයි, ඔයාගේ පෞද්ගලික AI සහායකයෙක්! 🚗🤖ගූගල් මැප්ස් පාවිච්චි කරන අපිට දශකයකට පස්සේ ලැ...
17/03/2026

📍 Google Maps දැන් සිතියමක් විතරක් නෙවෙයි, ඔයාගේ පෞද්ගලික AI සහායකයෙක්! 🚗🤖
ගූගල් මැප්ස් පාවිච්චි කරන අපිට දශකයකට පස්සේ ලැබුණු සුපිරිම Update එක තමයි මේ. දැන් Gemini AI තාක්ෂණය නිසා මැප් එකත් එක්ක අපිට කතා කරන්න පුළුවන්.
මේ අලුත් Update එකේ අපේ ජීවිතේ ලේසි කරන ප්‍රධාන දේවල් කිහිපයක් මෙන්න:

• 💬 මැප් එකෙන් ප්‍රශ්න අහන්න (Ask Maps):
දැන් "කෝපි ෂොප්" කියලා සර්ච් කරනවා වෙනුවට, "මට ෆෝන් එක චාජ් කරගන්න ප්ලග් පොයින්ට් එකක් තියෙන, සද්දබද්ද අඩු, හොඳ කෝපි එකක් බොන්න පුළුවන් තැනක් ලඟපාත තියෙනවද?" කියලා කෙලින්ම අහන්න පුළුවන්. Gemini AI එක මිලියන ගාණක රිවීව්ස් කියවලා ඔයාට ගැලපෙනම තැන හොයලා දෙයි.

• 🏢 ඇස් දෙකට පේනවා වගේ පාර පෙන්වන 3D Navigation:
ඉස්සර වගේ පැතලි ඉරක් දිගේ යන්න ඕනේ නැහැ. දැන් පාරේ තියෙන ගොඩනැගිලි, පාලම්, පදික මාරු පවා 3D විදිහට පේනවා. විශේෂයෙන්ම සංකීර්ණ හන්දියකට ආවම මැප් එක "Zoom" වෙලා ඔයා ඉන්න ඕනේ නිවැරදිම මංතීරුව (Lane) පැහැදිලිව පෙන්වනවා.

• 🗣️ යාළුවෙක් වගේ කතා කරන Voice Guidance:

"මීටර් 200කින් හැරෙන්න" කියන රොබෝ සද්දේ වෙනුවට, දැන් මැප් එක කියන්නේ "ඉදිරියෙන් තියෙන ඉන්ධන පිරවුම්හල පහුකරපු ගමන් දකුණට හැරෙන්න" වගේ හරිම ස්වාභාවික විදිහට. ඒක පාර හොයාගන්න ගොඩක් ලේසියි.

• ගමනාන්තයටම මග පෙන්වන 'Final Stretch':

බොහෝ වෙලාවට අපි ලොකු බිල්ඩිමකට ගියාම ඒකේ ඇතුල් වෙන දොර හෝ පාර්කින් එක හොයාගන්න දඟලනවනේ. දැන් මැප් එක ගොඩනැගිල්ල ලඟට ආවම ඒකේ ප්‍රධාන දොරටුව සහ වාහන නවත්වන්න පුළුවන් තැන් විශේෂ කරලා පෙන්වනවා.

මේක අපිට ලැබෙන්නේ කවදාද?
දැනට ඇමරිකාව සහ ඉන්දියාව වැනි රටවලට මේක ලැබිලා තියෙනවා. ජපානය සහ ලංකාව ඇතුළු අනෙක් රටවලටත් ඉදිරි මාස කිහිපය ඇතුළත මේ සුපිරි පහසුකම ලැබෙන්න නියමිතයි. ඒ නිසා ඔයාගේ Google Maps App එක Update එකේම තියාගන්න!

#ජපානය

ලෝකයේ බලවතුන් "හුදකලා" කරන ස්පාඤ්ඤ අගමැතිගේ ප්‍රබල ප්‍රතිචාරය! 🌍🚫එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපයෙන් සහ ජාත්‍යන...
16/03/2026

ලෝකයේ බලවතුන් "හුදකලා" කරන ස්පාඤ්ඤ අගමැතිගේ ප්‍රබල ප්‍රතිචාරය! 🌍🚫

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපයෙන් සහ ජාත්‍යන්තරයෙන් ඉරානයට එරෙහිව සහයෝගය ඉල්ලා සිටින අවස්ථාවේදී, එයට පිළිතුරු දෙමින් ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චේස් කළ ප්‍රකාශය ලෝක දේශපාලනයේ දැඩි කතාබහට ලක්ව තිබේ. ඔහු පැවසුවේ "ලෝකය ගිනි තබා එම ගින්නෙන් ඇති වන දුමට දොස් පවරන අයට ඔබට සහාය දිය නොහැක" යනුවෙනි.

අතීතයේ සිටම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සම්පත් සූරාකෑම, ආක්‍රමණයන්, ප්‍රහාරයන් සහ ජන සංහාරයන් සිදු කිරීම සාමාන්‍ය කටයුත්තක් බවට පත්ව ඇත. එවැනි ආක්‍රමණශීලී ක්‍රියාවලට ප්‍රතිචාරයක් ලෙස ලෝකයේ ප්‍රතිප්‍රහාරයන් සිදු වන විට, එම රටවල් වෙත දොස් පවරා ඔවුන්ට එරෙහිව යුරෝපයේ රටවල් එකතු කර ගනිමින් හමුදා ක්‍රියාමාර්ග ගැනීම මොවුන්ගේ සාමාන්‍ය උපක්‍රමයයි.

ඉරානයට එරෙහිව නීත්‍යානුකූල නොවන ප්‍රහාරයක් දියත් කර ලෝකයේ ගින්නක් ඇති කර, එයින් ඇති වූ දුමට ප්‍රතිචාර දැක්වීමට වෙනත් රටවලින් සහයෝගයක් ඉල්ලීමට පෙර, ආරම්භයේදීම එවැනි ගින්නක් ඇති නොවන පරිදි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය කටයුතු කළ යුතුව තිබූ බව පෙඩ්‍රෝ සැන්චේස්ගේ මෙම ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. අතීතය මෙන් නොව ඇමරිකාවට සහ ඊශ්‍රායලයට සහය නොදීමෙන් යුරෝපයේ රටවල් මෙලෙස කටයුතු කිරීම නිසා, ජාත්‍යන්තරය තුළ ඇමරිකාව සහ ඊශ්‍රායලය වර්තමානය වන විට හුදකලා වී ඇත.

ජපානයේ සකුරා 🌸🌸🌸
14/03/2026

ජපානයේ සකුරා 🌸🌸🌸

🇯🇵 අහසයි පොළොවයි නිල් පාටින් එකතු වෙන ඉබරාකි වල හිටාචි පාර්ක් (Hitachi Seaside Park)අප්‍රේල් අග වෙද්දී ජපානයට එනවා නම් අ...
12/03/2026

🇯🇵 අහසයි පොළොවයි නිල් පාටින් එකතු වෙන ඉබරාකි වල හිටාචි පාර්ක් (Hitachi Seaside Park)
අප්‍රේල් අග වෙද්දී ජපානයට එනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ තැනක් තමයි ඉබරාකි ප්‍රාන්තයේ තියෙන මේ හිටාචි සීසයිඩ් පාර්ක් එක. මේ දවස්වල ලෝකෙම අවධානය මෙතනට යොමු වෙන්නේ මිලියන 5කට වඩා පිපෙන "Nemophila" කියන පුංචි නිල් පාට මල් නිසා.
මොකක්ද මෙතන තියෙන විශේෂත්වය?
මෙහි තියෙන "Miharashi Hill" කියන කන්ද මුළුමනින්ම මේ නිල් පාට මල් වලින් වැහිලා යද්දී, ඒක නිල් අහසත් එක්ක එකතු වෙලා පේන්නේ හරියට පාරාදීසයක් වගේ. මල් බලනවාට අමතරව කිලෝමීටර් 11ක් දිග බයිසිකල් පථවල රවුමක් දාන්න, Amusement park එකේ සෙල්ලම් කරන්න වගේම ෆැමිලි එකත් එක්ක නිදහසේ කාලය ගත කරන්නත් මේක මරු තැනක්.
ගාස්තු සහ වෙලාවල්:
• සාමාන්‍ය ගාස්තුව යෙන් 450ක් වුණාට, මේ මල් පිපෙන කාලෙට (Peak Season) ඒක යෙන් 800 - 1000 වගේ වෙන්න පුළුවන්.
• අවුරුදු 15ට අඩු අයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
• උදේ 9:30 සිට සවස 5:00 වෙනකම් පාර්ක් එක විවෘතයි.
යන්නේ කොහොමද?
ටෝකියෝ වල ඉඳන් එනවා නම් JR Joban Line එකේ Katsuta Station එකට ඇවිත්, එතනින් බස් එකේ විනාඩි 15කින් විතර පාර්ක් එකට යන්න පුළුවන්.
මේ දවස්වල ජපානයේ ඉන්නවා නම් හෝ නිවාඩුවකට එන්න ප්ලෑන් කරනවා නම්, මේ ලස්සන අත්දැකීම මගහැරගන්න එපා. 🌸🌊

ඊයේ, මාර්තු 11, ජපානයට මාරම විශේෂ දවසක් වුණා. හරියටම මීට අවුරුදු 15කට කලින් (2011) සිද්ධ වුණු ඒ මහා භූමිකම්පාවට සහ සුනාම...
12/03/2026

ඊයේ, මාර්තු 11, ජපානයට මාරම විශේෂ දවසක් වුණා. හරියටම මීට අවුරුදු 15කට කලින් (2011) සිද්ධ වුණු ඒ මහා භූමිකම්පාවට සහ සුනාමියට වසර 15ක් පිරුණු සැමරුම තමයි ඊයේ තිබුණේ.
සිද්ධිය වුණේ 2011 මාර්තු 11 හවස 2:46ට. රිච්ටර් මාපකයේ 9.1 ක ප්‍රබලත්වයකින් ආපු ඒ භූමිකම්පාව විනාඩි 6ක් තිස්සේ මුළු ජපානයම හොලවලා දැම්මා. ඒක කොච්චර ප්‍රබලද කියනවා නම්, මුළු පෘථිවියේ අක්ෂය පවා සෙන්ටිමීටර් කිහිපයකින් වෙනස් වුණා කියලා තමයි කියන්නේ. භූමිකම්පාවෙන් පස්සේ ආපු අඩි 130කට වඩා උස සුනාමි රළ පහරවල් ටොහොකු (Tohoku) පැත්තේ වෙරළබඩ නගර සේරම සෝදාගෙන ගියා.
මේ විනාශයෙන් මිනිස්සු 18,000කට වඩා මියගියා වගේම, ෆුකුෂීමා වල න්‍යෂ්ටික බලාගාරයටත් හානි වෙලා ලොකු අර්බුදයක් ඇති වුණා. ඊයේ හවස 2:46 වෙද්දී මුළු ජපානය පුරාම සයිරන් නාද කරලා, මිනිස්සු තමන් ඉන්න තැන්වලම නැවතිලා ඒ මියගිය අය වෙනුවෙන් නිහඬතාවයක් පෑවා. අද වෙද්දී ඒ නගර ගොඩක් දුරට යථා තත්ත්වයට පත් කරලා තිබුණත්, ඊයේ දවස පුරාම ඒ ප්‍රදේශ වල තිබුණු ස්මාරක ළඟ මිනිස්සු මල් තියලා තමුන්ගේ අතීතය මතක් කරනවා දකින්න ලැබුණා.
ඇත්තටම ඊයේ ඒ දවස ගෙවුණේ සෑහෙන බැරෑරුම් විදියට. සොබාදහම ඉදිරියේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් අපි තාමත් පුංචි මිනිස්සු විතරයි කියන එක ඊයේ ආයෙත් මතක් වුණා. 🕯️🇯🇵

Address

Colombo

Telephone

+817014440772

Website

Alerts

Be the first to know and let us send you an email when Life in Japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life in Japan:

Share