AKR.lk

AKR.lk anything what you are expecting 🌍🤝 we're here always for your safety

Dear travellers here is a great opportunity for your next holidays planning 😍Visa free Access to Srilanka 🇱🇰Habeebee Com...
23/08/2024

Dear travellers here is a great opportunity for your next holidays planning 😍
Visa free Access to Srilanka 🇱🇰
Habeebee Come to Srilanka 💐🤝

🌝 පුන් පොහෝදා සිතුවිල්ල 🤝🙏සෑම අයකුටම නිදහස් මතයක් දැරීමට හා ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති සේම එමඟින් සමාජයට රටට දැයට අපකීර...
19/08/2024

🌝 පුන් පොහෝදා සිතුවිල්ල 🤝🙏

සෑම අයකුටම නිදහස් මතයක් දැරීමට හා ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති සේම එමඟින් සමාජයට රටට දැයට අපකීර්තියක් හානියක් නොවන සේ මේ උතුම් පුරපසළෝස්වක පොහොය දින අදිටන් කර ගනිමු
ව්‍යරී දේශපාලනයෙන් මිදී සහෝදරත්වයෙන් එක්ව රට දැය වෙනුවෙන් පෙනී සිටින සියලුම ලෝක වාසී ඔබ සැමට තෙරුවන් සරණයි,,🌝🙏

HVD ❤️💐😊
14/02/2024

HVD ❤️💐😊

Any opinions 🤝
07/01/2024

Any opinions 🤝

07/07/2023

Do u wnt a buy 😊🚘

Send a message to learn more

දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය..නීතිඥතුමා - ඔ...
25/06/2023

දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය..
නීතිඥතුමා - ඔබ දන්නවාද ඔබට එදිරිව ඔබේ ස්වාමිපුරුෂයා විසින් දික්කසාද නඩුවක් ගොනු කල ඇති බව..?
තරුණ බිරිය- එසේමයි සුවාමීනී..
නීතිඥතුමා - මෙහි ගොනු කොට ඇති කරුණු වලට තමා වැරදි කරුද? නිවැරදි කරුද?
තරුණ බිරිය - වරදකරු ස්වාමීනී..!
නීතිඥතුමා - අනාචාරයේ හැසිරීම සහ ද්වේශ සහගත අතහැරයාම පිලිබදව ඔබේ අදහස් දක්වන්න..
තරුණ බිරිය -
ස්වාමීනී,
මෙහි පැමිණිලි කරු නොහොත් මගේ ස්වාමිපුරුෂයා මට මුන ගැසුනේ මන් අවුරුදු 23දී පෞද්ගලික රැකියා ස්ථානයකදී, අවුරුදු දෙකක ප්‍රේම සම්බන්යකින් අනතුරුව අප විවාහ උනා, ඉන් පස්සෙ අපි හදා ගත්තු ගෙදරක අපි පදිංචියට ගියා,
බැදලා අවුරුද්දක් යනකොට අපිට දරුවෙක් ලැබුනා,
එයා කොහොමත් මන් ගැන එච්චර වගක් නෑ,
හැමෝම වගේ මන් උයන දේවල් රහ කර කර කෑවා,
ඒත් එයාට හැමදාම උයන එකේ අඩුපාඩු හෙව්වා, එක්කො ලුණු මදි,වැඩි කිරි මදි, මිරිස් වැඩි ඒ වගේ නොයෙකුත් දේවල්,,
ගෙවල් දොරවල් ලස්සනට අස් පස් කලත් ,මල් වැවුවත් ඒ වගෙත් එයාට ඇදක් පලුද්දක් හෙව්වා, එක්කො වැලි හරි පෑගෙනවා කිව්වා,
දරුවා කොච්චර හැඩට ලස්සනට තිබ්බත් මොකද මූ නාවර පෙරාගෙන කියලා අහනව මිසක් කිසිම වෙලාවක ළමයා ගැන හොයලා බැලුවෙ නෑ,
මන් කොච්චර ලස්සනට ඇදලා කරලා හිටියත් මොකද ඕයි තමුසෙගෙ හැටි අම්මේ ඒකට අපේ ඔෆිස් එකේ ඉන්න ගෑනු බලපන්කො ඇවිත් කියනවා,
මොකකට හරි වියදමට කීයක් හරි ඉල්ලුවාම ගිය සතියෙත් ඕව ගත්තා නේද ඉවරද අහනවා,,
බිල් ගෙනෙන් හැම එකකම , වියදම් අඩු කරපන් කියනවා, ඉතින් මන් මගේ දේවල් වලට මදි පාඩු උනාම මගේ සහෝදරයන් ගෙන් හරි අම්මගෙන් හරි පිරිමහ ගන්නවා,
කොච්චර පිරිමහල වැඩ කලත් එයා දැක්කෙ මගේ වියදම් පැත්තම විතරයි,
ස්වාමීනී මට ඕන කලේ එයා එක්ක තුරුලු වෙලා දවසෙ දේවල් කතා කරන්න එක පැයක් එයාගෙන් ,ඒත් ගෙට ගොඩ වෙන්නෙ මහන්සි කියාගෙන,
පැයක් විතර නාලා ,කාලා ෆෝන් එක ඔබල පැයක් විතර මන් වැඩ ඔක්කොම ඉවර වෙලා එනකොට එයා නිදි,
මට කතා කරන්න කෙනෙක් නෑ ,හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ, හදිස්සියේවත් දවල්ට වත් කෝල් එකක් අරන් මන් ඇහුවත් කෑවද කියලවත් අනේ මේහ් තියෙනවා අයිසේ මට වැඩ තියෙනවා අනික මන් ගෙදර එනව නේ කියනවා,
මගේ යාලුවෝ එක එක තැන්වල යනවා නිවාඩු දවසට ගිහින් කාල බීලා ෆොටෝ අරන් හරි උජාරුවෙන් ඒ ගැන පෙන්න පෙන්න කතා කරනවා,,
මගෙන් ඇහුවම ට්‍රිප් එකක්වත් යන්නෙ නැත්ද කියලා මන් දෙන උත්තරේ එයාට නිවාඩු නෑ කියලා,,අම්මෝ මෙයාගෙ මනුස්සයා බිස්නස්මන් කෙනෙක් වෙන්න ඇති ඒකනෙ මේ තරම් බිසී කියලා උන් හිනා වෙනවා,
ඒ තියා අම්මලව ඉදල හිටල බලන්න යන් කිව්වත් තමුසෙ ගිහින් එනවා මට ඕවට වෙලාව නෑ කියලා එයාගෙ ගමන් යනවා,,
අම්මල පවා හැමදාම එයාව අහනකොට බොරු උත්තර දෙනවා,,
කවදාවත් අපේ විසේස දවස්, මගේ උපන්දිනයක් මතක නෑ,,කවුරු හරි ඒකට සුබ පතපුවාම අහ් අද තමුසෙගෙ උපන්දිනේ ද අහනවා,ඒකට කවදාවත් මට තෑග්ගක් හම්බ වෙලා නෑ,
ළමයගෙ මොන්ටිසෝරියේ පේරන්ට් මීටින් වලට ගියේ මන් තනියම ,ලමයට මට පවා ලෙඩක් දුකක් අසනීපයක් උනාම මන් බෙහෙත් ගන්න ගියේ තනියම,මට රෑකට අසනීපයක් හැදුනම පවා පැනඩෝල් පෙත්තක් දෙන්නවත් එයා නැගිට්ටෙ නෑ,
මට දුක ස්වාමීනී යාලුවෙලා ඉන්නකොට මේ ගැන දැනුනෙ නැති එක ,එතකොට අඩු පාඩු දැනුනත් එයාට ගොඩක් ආදරේ කලා මන් බැන්දම හරි යයි කියලා මන් හිතුවේ..
නීතිඥතුමා - එතකොට මේ අනියම් සම්බන්ධය ගැන ඔබට මොනාද ප්‍රකාශ කරන්න තියෙන්නෙ..
තරුණ බිරිය-
එහෙමයි ස්වාමීනී ,මන් ඒකට අනියම් කියන්න කැමති නෑ,ඒකයි නියම සම්බන්ධ කම, මිනිස්සු ඒකට එහෙම කිව්වට ,මන් වෙනුවෙන් එයාට වෙන් කරන්න කාලෙ තිබ්බා, ඕන රෑක ඕන වෙලාවක කතා කරොත් එයා ඇවිල්ලා මගේ වැඩේ කරලා දුන්නා,
කොහේ ගියත් මන් වෙනුවෙන් මගේ හෑන්ඩ් බෑග් එක උස්සන් ඉන්න,ළමයව වඩන් ඉන්න ,මන් කියන දෙයක් ඕනම වෙලාවක් අහන් ඉන්න,ඕනම තැනක යන්න,සමහර විට වැඩත් එක්ක එකම වැඩේට දෙපාරක් තුන් පාරක් ගිය වෙලාවට පවා මුකුත්ම නොකියා එන්න,,
බඩගින්නට කෑමක් උනත් අරන් එන්න,කවදාවත් අරය කතා නොකරපු ආදර නම් වලින් මට කතා කරන්න,මගේ උපන්දිනේ ට චූටිම දේකින් පවා මාව පුදුම කරන්න එයාට පුලුවන් උනා,ඔව් වැරදි මන් ගොඩ කාලෙකින් නොලැබුණු ආදරනීයම පහසක් ලබන්න පවා මන් දෙපාරක් හිතුවෙ නෑ, වැඩේ කරන් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එයාගෙයි මෙයාගෙයි මන් ලොකූ වෙනසක් දැක්කා,මට හිතුනෙම මෙයා මගේ පෙම්වතා කියලා,
මගේ හැමදේකම එයා හොදක් දැක්කා,එයාට මන් කොච්චර කැත උනත් මාව ලස්සනට දැක්ක,මට වගේම දරුවටත් එක වගේම ආදරේ කලා,මගේ වැරදි අඩු පාඩු හදන් මාත් එක්කම හිටියා,තරහ උනත් ඉද හිටක ආයෙම ටිකකින් මුකුත්ම නොවුන ගානට කතා කලා,එයා මාව බලන්න හොරෙන් ආවෙ උනාට යනකොට මගේ නලලත ඉඹලා පරිස්සමෙන් සුදු නෝනා කියලා ගියා,මන් වගේම මගේ දරුවත් එයාට ආදරේ කලා,
මගේ ස්වාමිපුරුෂයා මේක දකිනකොට පවා මෙයා ළමයවත් වඩාගෙන අපි අයිස් ක්‍රීම් කකා පාරෙ ඇවිදිනවා,
ස්වාමීනී ,ගෑනු ආදරේ විදියට දකින්නෙ,පුංචිම පුංචි අගය කිරීමක, එයාට දෙන කාලය ගැන, එයා වෙනුවෙන් කරන පුංචි දේවල් වල,ඒවා ගොඩක් ලොකු වෙන්න ඕන නෑ,
රට්ටු මට වේස ගෑනි කියයි, නොයෙකුත් කතා කියයි ඒත් මට නොලැබුණු සෙනෙහස වෙන තැනකින් හෙව්ව මන් වැරදි ඇති,ඒත් මන් මානුෂික අතින් හරි අසරණ උනා,එයා දැනට උනත් මේ ප්‍රශ්න වලින් පලා ගිහින් නෑ,එලියෙ ඉන්නවා මන් එනකල්, මට කොහොමත් මේ කොලේ බැදීමට වඩා ඒ හදවතේ බැදීම වටිනවා ,ඔබ වහන්සේ මට දික්කසාදය දෙන්න මන් ඒකට කැමති රට්ටු මොනා කිව්වත් එයාලත් එක්ක නෙවෙයි මන් ඉන්නේ, එක මොහොතක් මන් කෑවද බීවද නාහා හිටපු අය ,මන් වෙන මිනිහෙක් එක්ක බුදිය ගත්ත එක හෙව්වා,මට එයාලගෙ කතා නම් වැඩක් නෑ ස්වාමීනී,
එසේ කියද්දි පැමිණිලි කූඩුවේ සිටි ස්වාමිපුරුෂයා ලැජ්ජාවෙන් බිම බලා සිටියා,විනිසුරුකරු නිරුත්තව මේසය දෙස බලා යමක් සටහන් කරමින් සිටියා,තරුණ බිරිය ඇස් අග කදුලක් පිස දමා සිය මෑණියන් අතේ සිටි දරුවා දෙස බලා දිග සුසුමක් පිට කර හැරියා..
(මේ දවසකට වෙන කතා අතුරෙන් එකම එක කතාවක් පමණයි,කෙනෙකුට කතා හදන්න පෙර ඔවුන්ගේ ජීවිත කතාව කියවා සිටින්න,මොකද හරිම කතාව දන්නේ ඔවුන් පමණක් නිසා)
උපුටා ගැනීමකී 🤝🙏

🤲🤲🤲1st day of Dhul Hijjah 1444 Start from tomorrow (19/06/2023) 🌙⭐
18/06/2023

🤲🤲🤲
1st day of Dhul Hijjah 1444 Start from tomorrow (19/06/2023) 🌙⭐

සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාව...
13/06/2023

සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.

1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.

2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.

3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.
4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.

5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.

6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.

7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.

8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.

9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.

10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.

11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.

12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.

13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.

14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.

15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.

16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.

17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.

සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.

උපුටාගැනීම අතීත මතක

🎈🎈අද වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල් මෙන්න. (how to buy a vehicle)🎈🎈👉වාහනයක පොතක් බලන්නේ කොහොමද?👉ගොඩක් අය හිතාගෙන ඉන්නේ ...
25/11/2022

🎈🎈අද වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල් මෙන්න.
(how to buy a vehicle)🎈🎈

👉වාහනයක පොතක් බලන්නේ කොහොමද?

👉ගොඩක් අය හිතාගෙන ඉන්නේ වාහනයක පොත හෙවත් ලියාපදිංචි සහතිකය බලන්න තමන් හොඳට දන්නවයි කියලයි. බලමු ඔබ කොච්චර දුරට හරිද කියලා. ගොඩක් අය පොතක් අරගෙන බලන්නේ අයිතිකරුගේ නම ලිපිනය, පරම අයිතිය, වාහනයේ නිෂ්පාදිත වර්ෂය, ලියාපදිංචිය වාගේ සරලම දේවල් විතරයි. ඔය ටික පොතේ මුද්‍රණය කරලම තියෙනවනෙ. ඕවා බැලූවා කියලා අපිට වාහනයේ නිරවුල් භාවය පිළිබඳව කිසිම නිගමනයකට එන්න බෑ. අපි වාහනයක පොතක් අරන් එහි අංක එකේ සිට සටහන් මෙහෙම බලමු.

👉ලියාපදිංචි කිරීමේ අංකය – කියලා දෙන්න ඕන නෑනෙ. කවුරුත් දන්නවනෙ.

👉චැසියේ අංකය – පොතේ තියෙන චැසි අංකයත්, වාහනයේ තියෙන චැසි අංකයත් පරීක‍ෂා කරන්න. චැසි අංකය වාහනයේ දෙතැනක තියෙනවා. එකක් චැසියේම කොටා තිඛෙන එකක්. ඒක තමයි කියවගන්න ඕනෑ. එහි අංකවල සුළු හෝ වෙනසක් තිඛෙනවා නම් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකර නිරවුල් කරගන්නම ඕනෑ. බිංදුවට ඕ අකුර, නවයට පී අකුර, එක ට හතේ ඉලක්කම වාගෙ වැරදි පොතේ තියෙන්න පුලූවන්. ඒවා හදාගන්න ඕනෑ. 2004 වසරේ ලියාපදිංචි කළ බඩී වෑන්වල එහෙම වැඩිපුරම තියෙන්නේ චැසියේ මුල් කොටස විතරයි. දැන් මේකත් අපි හදාගන්න ඕනෑ.

👉චැසි අංක කොටන්න යන්න කවුරුහරි උපදෙස් දුන්නොත් හොඳවයින් දෙකක් කියන්න. ඒක නීති විරෝධීයි. එහෙම කොටලා තිඛෙන වාහන ගන්නත් එපා. දැන දැන ඇයි ප්‍රශ්ණවලට යන්නෙ?

🎈වර්තමාන අයිතිකරු.

👉“මම තමයි වර්තමාන අයිතිකාරයා” කිව්වට බෑ. ඔප්පු කරගන්න සාධක ඔබ සොයාගන්න. අයිඩී එක බලන්න. ලිපිනය බලන්න. හොරු ජාවාරම් කරන්නෙත් ඔය විදිහටම නිසා බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න වෙනවා. ඔහු විස්තර ඉල්ලද්දී මගහරිනවා නම්, හදිසි කරනවා නම්, කාර්ය බහුල බවක්ම පෙන්වනවා නම්, කේන්ති ගන්නවා නම්, ඔබත් එක්ක කතා නොකර කෝල් කර කරම ඉන්නවා නම් අතහැරලා එන එක තමයි හොඳ. ඔබ වියදම් කරන්න යන්නේ ලක‍ෂ ගණනක්. වරද්දා ගත්තොත් ගොඩ එන්න පුලූවන්ද?

👉ඒ වගේම ලිපිනය කියවලා බලන්න. මුහුදුබඩ ප්‍රදේශවල වැඩි කළක් පාවිච්චි කළ වාහන දිරා යාමේ ප්‍රවනතාව වැඩියි. දිරන්නේ අහුමුළු. ලිපිනය දැක්කහම දිරුම් ගැන වැඩිපුර බලන්න. වාහනයේ වර්තමාන හිමිකරු සමාගමක් බව පොතේ සඳහන් වෙනවා නම් පැවරුමට අදාලව තවත් අමතර ලියකියවිලි අවශ්‍ය වෙනවා. පැවරුම් ලේඛණවල එම්බෝස් සීල් හෙවත් තෙරපුම් මුද්‍රාව තිබිය යුතුයි. තෙරපුම් මුද්‍රාව භාවිත නොකරන සමාගමක් නම් ඒ බවට වෙනම ලිපියක් ඕනෑ. සමාගමේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්. ෆෝම් 48 හෝ ෆෝම් 20 ලේඛණය. මෙම පැවරුමට විරුද්ධ නොවන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට සමාගම මගින් ලියනු ලබන ලිපිය.

🎈පොත ඩුප්ලිකේට්ද?

👉කොන්දේසි/විශේෂ සටහන් – පොත ඔරිජිනල් දල ඩුප්ලිකේට්ද කියලා මෙතන තියෙනවා. පොත DUPLICATE නම් එක් දින පැවරුම් ලබා ගැනීම අසීරුයි. ඒ නිසා ලීසිං ගියොත් අයිතිකරුට චෙක් එක දෙන්නේ සාමාන්‍ය පැවරුමකට පස්සෙ. කාලය ගත වෙනවා. සමහර මුල්‍ය ආයතන ඩුප්ලිකේට් සහතිකය සහිත වාහනවලට ණය මුදල් අනුමත කරන්නේ නැහැ. හැබැයි ඩුප්ලිකේට් පොත් සහිත හොඳ තත්ත්වයේ වාහන වෙළඳපළේ අනන්ත හමුවෙනවා. ඒත් ඉහත ලියකියවිලි ගැටළු හින්දා වටිනාකම අඩුවෙන් ගන්නත් පුලූවන්. විකුණන්න වෙන්නෙත් එහෙමයි. මෙම වාහනය ගෙන්වලා තියෙන්නේ බදු සහන යටතේ නම් ඒ ගැන මෙතැන තියෙනවා. ඒ නිසා ලියාපදිංචි දිනය බලන්න. එතැන් පටන් අවුරුදු හතරක් හෝ පහක් යනතුරු පැවරුම කරන්න බැහැ. එක්කෝ පැවරුම කරනවා නම් බදු ගෙවන්න වෙනවා. ඕවා නොදැන ගත්තොත් කරදරයි.

🎈ෆිනෑන්ස් තියෙන වාහනයක්ද?

👉පරම අයිතිකරු.- ලීසිං තිඛෙනවා නම් එක පාරටම බයවෙන්න එපා. ලීසිං අවසන් කළ බවට වන ඩිලීෂන් ලෙටර් එක තිඛෙනවද බලන්න. ඒ ලියුමේ තියෙන වාහන අංකයත්, ලීසිං සමාගමේ නාමයත්, මෝටර් ප්‍රවාහන කොමසාරිස්ට එඩ්රස් කළ ලියුමක්ද බවත් චෙක් කරගන්න.

🎈එන්ජින් අංකය බලමු.

👉එන්ජින් අංකය හොයාගන්න ටිකක් අමාරුයි. ඒත් ඒකත් චෙක් කරලා ගැළපෙනවද කියලා බලලම ගත්තොත් තමයි හොඳ. එන්ජින් එකක් අලූතෙන් තියලා ආර්එම්වී එකේ රෙජිස්ටර් කරලා නැති වාහන තියෙනවා. ඒවා රෙජිස්ටර් කරගන්න ඕනෑ. එන්ජින් එක ගත්ත බිලත් ඉදිරිපත් කරන්න ඕනෑ. 7 සිට 28 දක්වා පොතේ මුද්‍රිත තොරතුරු කියැවීමෙන් වාහනයේ නිරවුල්භාවය සමබන්ධ නිගමනවලට එන්න සාධක නැහැ.

🎈ඉන්ෂුවරන්ස් කන්ඩම් වාහනයක්ද?

👉21. පෙර අයිතිකරුවන් අතර රක‍්ෂණ සමාගමක නාමයක් දැක්කොත් හරි පරෙස්සමෙන්. හොඳට බලන්න. ඉතා කෙටි කලකින් රක‍්ෂණ සමාගම මෙම වාහනය නැවත පැවරීමක් කර තිබේ නම් දෙවරක් සිතන්න. මෙය ඉන්ෂුවරන්ස් කන්ඩම් කළ වාහනයක් විය හැකියි. දැඩි අනතුරුවල දී රක‍ෂණ සමාගම් එම වාහන වන්දි ගෙවා ලබාගෙන අඩු මුදලට විකුණා දමනවා. ඇත්තෙන්ම ඒවා නැවත අලත්වැඩියා කර

👉පාව්චිචියට සුදුසු ඒවා නොවෙයි. ඒත් අපේ සමහර අය එවැනි වාහන අඩු ගානට ගෙනත් හොයන්න බැරිවෙන්න හදලා විකුණා දමනවා. මෙවැනි අලත්වැඩියාවන්වල ආයුෂ අඩුයි. යළි යළිත් කැඩී යාම්, වෙනස් වීම් සිදුවෙනවා. වාහනය අනතුරු දායකයි. 19 සහ 27 – ලීසිං ගන්නවා නම් නිෂ්පාදිත වර්ෂයත්, පළමු ලියාපදංචියත් බලන්න.

👉මොකද ලියාපදිංචියෙන් වසරක් තුළ පවරන වාහනයකට දැන් ලීසිං ලබාගන්න පුලූවන් සියයට පනහක් විතරයි. ලියාපදිංචියෙන් වසරක් ඉක්ම ගිහින් නම් සියයට හැත්තෑවක් පුලූවන්. පොතේ අක‍්ෂර රටා ගලපා බැලීමල ලොට් අංක පිරික්සීම, පොත මුද්‍රණය කළ දිනය බැලීම ආදියෙන් යම් යම් නිගමනවලට එන්න පුලූවන් වෙන්නේ ඒ ගැන හොඳ දැනුමක් සහ නිරන්තර අධ්‍යයනයක් ඇති අයට විතරයි.

🎈මේ විදිහටත් පොත බලන්න.

👉පොත නිල් එලිය සහිත ස්කෑනින් උපකරණයක් මගින් පරීක‍ෂා කරගන්න පුලූවන් නම් තමයි හොඳ. මොකද පොතක කලර් ප්‍රින්ට් එකක් ගත්තොත් හරි පොතයි හොර පොතයි හොයන්න බැහැ. හරි පොත ස්කෑන් කළහම රාජ්‍ය ලාංඡනයත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේ ඉංග්‍රීසි අකුරු මණ්ඩලයත් පෙනෙන්න පටන් ගන්නවා.

🎈පොතේ තොරතුරු ඉන්ටනෙට් එකෙන් ගත්තොත් හරිද?

👉වාහනයක පොතේ තොරතුරු දැනගැනීමට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පුලවන්. ඒත් එහි සඳහන් වෙන්නේත් හොරා හොර පොතේ මුද්‍රණය කරගෙන එන්නේත් එම දෙයම නිසා මෙම තොරතුරු බලා ගත්තයි කියලා වැඩක් වෙයිද?

🎈සමහර වාහන පවරන්න බැහැ.

👉පොතේ විශේෂ කොන්දේසි සටහන් දෙස බලන්න. යම් කාලසීමාවකට යටත්ව පැවරුම තහනම් කළ වාහන තිඛෙනවා. බදු සහන මත ගෙනා වාහන තිඛෙනවා. බදු සහන ලබා ගත් වාහන ලියාපදිංචියෙන් වසර 4ක් හෝ පහක් ගතවනතුරු පවරන්න බැහැ. හොර පොත්වල අකුරු රටා, ලොට් අංක ආදියත් වෙනස්. මේවා සොයාගන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ.

🎈දඩයි බදුයි මට ගෙවන්න වෙයිද?

👉මෙම වාහනය පෙට්‍රල් වාහනයක් නම් එන්ජින් ධාරිතාව අනුවත්, ඩීසල් නම් එම ඉන්ධන විශේෂත්වය අනුවත් ටැක්ස් ගෙවන්න තිඛෙනවා. එහි කළින් නොගෙවූ හිග ටැක්ස් තිබුණොත් ඔබට ගෙවන්න වේවි. වාහනේ ගන්න කළින් මේ තොරතුරු නම් ආර්එම්වී එකට ගිහින් ගන්න පුලූවන්.

🎈ඔබ්ජෙක්ෂන් දාලා තිබුණොත්?

👉වාහනය විකිණීමට විරුද්ධව කිසියම් පාර්ශ්වයක් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වෙත විරෝධතා ගොනුකර තිඛෙන්න පුලූවන්. ඔබ වාහනයට මුදල් ගෙවා අතට ගත් පසුව මුදල් ලබා ගත් වාහනයේ හිමිකරු පසෙකට වෙනවා. ඔබේ නමට පැවරුම කරගන්න මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාට පස්සෙ තමයි වැඩේ පත්තු වෙන්නෙ. ට්‍රාන්සර් කරගන්න බෑ. විරෝධතාවක්. මෙවැනි ප්‍රශ්න කෙළවර වෙන විදිහක් ගැන කාටවත් කියන්න බෑ.

🎈එම්ටී සික්ස් ආර්එම්වී එවලද?

👉සමහර අවස්ථාවල ට්‍රාන්සර් එකට ගියාම කියනවා වෙනත් නමකින් පැවරුම් ලේඛණ එවලා තියෙනවා කියලා. ඔබේ පැවරුම ප්‍රතික්‍ෂේප වෙනවා. මේ ප්‍රශ්නෙත් කෙළවර වෙන තැනක් කියන්න බෑ. ඔබ සල්ලි ගෙවලා ඉවරයිනෙ. සමහර වෙලාවට පැවරුම් ලේඛණයේ අත්සන වෙනස් කියන්න පුලූවන්. පැවරුම් ලේඛණවල සඳහන් දිනයේ සිට දින 14ක් ඉක්ම ගිහින් නම් එක් දිනකට රුපියල් සියය ගනනේ දඩ ගෙවන්නත් ලෑස්ති වෙලා යන්න. බැරිවෙලාවත් අවුරුද්දක් පරක්කු.

🎈වෙලා තිබුණොත් 36500ක් ගෙනිච්චොත් ඇතිනෙ නේද?

👉වයිෆ්ගෙ වාහනේ හස්බන්ඩ් විකුණලා. ගොඩක් අය විකුණන්නේ තමන්ගෙ නමට තියෙන වාහන නෙවෙයි. එහෙම වෙලාවට මේ ප්‍රශ්න වැඩියි. වාහනය විකුණන්නේ ලියාපදිංචි හිමිකරු වුනත් ප්‍රශ්න එන තැන් ඕන තරම්. බිරිඳගේ වාහනය සැමියා විකුණනවා. අම්මාගේ වාහනය පුතා විකුණනවා. සහෝදරයාගේ වාහනයල යාලූවාගේ වාහනය විකුණනවා. මේවාටත් විරෝධතා හා වෙනත් ගැටළු මතුවෙන තැන් අනන්තයි. ඉතින් හරි වැඩක්නෙ. කොහොමද මේ විදිහට අපි මේ

🎈ලංකාවෙන් වාහනයක් ගන්නේ?

👉ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි ව්‍යාපාරයක් වශයෙන් සිය දහස් ගණන් වාහන දිනපතාල සතිපතා, මාස්පතා, අවුරුදු පතා විකුණනකොට මොන තරම් ගැටලු එන්න ඕනද? ඒවා අවම කරගන්න අපි නම් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සැම විටම වාහනයේ අයිතිකාරයාට සම්පූර්ණ මුදල් ගෙවන්නේ ගැණුම්කරුගේ නමට පැවරුම සම්පූර්ණ කළ පසුවයි. අපි මෙහෙම කළත් ඔබ පෞද්ගලික කෙනෙකුගෙන් වාහනයක් ගන්නකොට ඒක කරන්න බෑනෙ. වාහනේ ඔබේ නමට පැවරුවාට පස්සෙ සල්ලි දෙන්නම් කියලා ඔබ වාහනේ අයිතිකාරයාට කිව්වොත් එයා කියයි හොඳට තියෙයි කියලා. වාහනේ හිමිකරුගේ පැත්තෙන් බලන්නත් ඕනනෙ. ඒ නිසා පෞද්ගලිකව වාහනයක් ගන්නකොට මේ අවදානම නම් තිඛෙනවා.

🎈මුදල් හදිසියකට වකුණමි.

👉විදෙස් ගතවීමට කියලා හරිල සල්ලි හදිස්සියට කියලා හරි වාහන විකුණන්න හදන අවස්ථා ගැන සැළකිලිමත් වෙන්න. මේ කලබලය භයානක ගැටළු මතු කරන්න ඉඩ තියෙනවා. වාහනය අපිට දීලා සල්ලි අරන් එයා රට ගියාට පස්සෙ ගැටලූවක් මතු වුනොත් කොහොමද නිරවුල් කරගන්නේ? රට ගිහින් එක්ක එන්නද? සල්ලි හදිස්සියකට කියලා වාහන විකුණන අයත් ඉන්නවා. හදිසියේ පැවරුම සම්බන්ධයෙන් ගැටලූවක් ආවොත්? සල්ලි හදිස්සිකාරයා හින්දා ඒ ටික ඒ හදිස්සියට වියදම් කරලා ඉවරත් ඇති. ආය කොහොමද සල්ලි ගන්නෙ? කරදරේ වැටෙන්නේ වාහනේ ගත්ත ඔබ නේද?

🎈වාහන විකුණන කලබලකාරයින්ගෙන් ප්‍රවේශම් වෙන්න.

👉වාහනයක් වෙළඳපලේ විකිනෙන මිලට වඩා අඩු මිලකට විකුණනවා කියලා දැන්වීම් එහෙම තියෙනවා නම් බොහොම කල්පනාවෙන්. ගැටළු සැඟවී සිටින්නේ මෙන්න මෙවැනි තැන්වලයි. අඩු ගානක් නිසා අපේ අය හරි කලබල වෙනවා. ඉක්මණට ගිහින් කිසිවක් හොයන්නේ බලන්නේ නැතිව සල්ලි ගෙවනවා. ඔබ වාහනේ ළඟට යනකොට තවත් අය එතැන කලබල කරනවා. එයාගෙ දුරකථනයටත් හෝ ගාලා කෝල් එනවා. ගැණුම්කාරයෙක් මග එනවා කියනවා. තවත් කට්ටියක් වාහනේ ගන්නම එනවා කියනවා. වාහනේ විකුණන්න හදන අයගේ කතා එහෙමනේ. ඉතින් මොකුත් බලන්නේ නෑ. අනිත් කෙනාට කලින් ඉස්සර වෙන්න හිතාගෙන සල්ලි ගෙවනවා. එක්කෝ ඊසි කෑෂ් කරනවා. බැංකු පොතට දානවා. ඔබට මොන කුවිතාන්සි දුන්නත්, මොන ගිවිසුම් ගැසුවත් ගැටළුව මතුවුනු වෙලාවට ඒවා වැඩක් වෙන්නෙ නෑ. වංචනිකයා ඒවා ගනන් ගන්නෙවත් නෑ. කිසි බයකුත් නෑ. මොන උසාවි ගියත්ල පොලිසි ගියත්, වංචනිකයාම ජයගන්නා වටපිටාවක් රට තුළ නිර්මාණය වී තියෙනවා. ඒ නිසා හොඳම දේ අපිම ආරක‍්ෂා වීමයි. වාහනයක් ගන්න යනකොට හොඳටම හඳුනා ගැනීමක් නැතිව ගනුදෙනු කරන්න යන්න එපා. වාහනේ ගන්න සල්ලි අරන් එනවා කියලා යන්නත් එපා. අද රට ඒ තරමටම වංචනිකයින්ගෙන් දූෂණය වෙලා.

👉වාහන, ඉඩකඩම් කියන්නේ ජාවාරම්කරුවන්ට එකවරම ලක‍ෂ ගණනක් මුදලින් වංචා කරගත හැකි පහසුම ජාවාරමක් බවට පත්වෙලා. අපේ අහිංසක ජනතාව අහුවෙනවා. වාහන ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහකට නෙවෙයි. මොන මොන විදිහෙන්

👉👉එනවද කියන්න බැහැ. වෛද්‍යවරුන් වැනි විශේෂ වෘත්තීයවේදීන් හැටියට රඟපාමින් වංචා කරන පුද්ගලයින් ඉන්නවා. ඔබ ඔහුව දුටුවත් සැකයක් හිතෙන්නෙම නැහැ. ආගම දහමට ලැදි සැදැහැවතුන් ලෙසත්, කිසිවක් නොදත් ගැමියන් ලෙසත් රඟපාමින් වංචා කරන්නන්ද ඕනතරම්.

විශේෂ ස්තුතිය කසුන් ලලින්ද මහතා....

🚘Mazda Familia🚘1500 cc Engine🚘YOM 2001🚘YOR 2004🚘Low mailage🚘Engine running100% 🚘Dual airbag🚘ABS Brakes🚘Allow wheel🚘Remot...
21/03/2022

🚘Mazda Familia
🚘1500 cc Engine
🚘YOM 2001
🚘YOR 2004
🚘Low mailage
🚘Engine running100%
🚘Dual airbag
🚘ABS Brakes
🚘Allow wheel
🚘Remote key
🚘Rs 3200000 /=💸
🚘මිල ගනන් වෙනසක් කල හැකිය
🚘ෆිනෑන්ස් පහසුකම් ලබාදිය හැකිය
🚘විමසීම් 0712116886📞
🚘Location -Anuradhapura

Address

Kandy Road
Colombo
5000

Alerts

Be the first to know and let us send you an email when AKR.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AKR.lk:

Share