Srilanka Business Opportunity

Srilanka Business Opportunity Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Srilanka Business Opportunity, Business Supply Service, Colombo.

10/09/2025


සුවිසල් එයාර්බස් 380 යානයක් අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරමින් තිබුනි. එහි නියමුවාට  හදිසියේම ශබ්දයේ වේගය ඉක්මවා යන පහසු...
21/10/2024

සුවිසල් එයාර්බස් 380 යානයක් අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරමින් තිබුනි. එහි නියමුවාට හදිසියේම ශබ්දයේ වේගය ඉක්මවා යන පහසුකම් සහිත යුරෝෆයිටර් යානයක් ඒ අසලින් පියාසර කරනු දකින විට, ඔහුගේ එයාර් බස් යානය අඩි 30,000 ක ^උසකින් පැයට කිලෝමීටර 800 ක වේගයෙන් පියාසර කරමින් තිබුණි .

සිය විසල් සහෝදර යානය දුටු ප්‍රහාරක ජෙට් යානයේ නියමුවා වේගය අඩු කලේය. සාපේක්ෂව දීර්ඝ එයාර්බස් යානයට සමාන්තරව ඉදිරියට පියාසර කල ඔහු, ගුවන් විදුලියෙන් මගී ගුවන් යානයේ නියමුවා අමතා, ආචාර කලේය :

"එයාර්බස්, කම්මැලි ගුවන් ගමනක් නේද? වෙනසකටත් එක්ක, දැන් මෙතනින් බලන්න!"

ඔහු තම ජෙට් යානය ධාවනය කරන අතර දක්ෂ ලෙස එහි පිටුපසට පෙරළීය, වේගවත් කලේය , ශබ්ද බාධකය බිඳ දමමින්, වේගයෙන් කරකැවෙන උසකට නැඟී, පසුව විශ්මයජනක කිමිදීමකින් මුහුදු මට්ටමට පාහේ පහළට ඇදුනේය.

අනතුරුව ඔහු නැවත එයාර්බස් යානය අසලට ගොස් එහි නියමුවා වෙතින් .. "හොඳයිද ? ඒක කොහොමද?" යනුවෙන් ඇසීය.

" නියමයි ", "ඉතා ආකර්ෂණීයයි, නමුත් මෙය බලන්න !"
එයාර්බස් නියමුවා පිළිතුරු දුන්නේය.
ජෙට් නියමුවා එයාර් බසය නරඹමින් සිය ජෙට් යානය ඉදිරියට ධාවනය කල නමුත් කිසිවක් සිදු නොවීය.
එය එකම වේගයකින් කෙලින්ම පියාසර කලේය .
මිනිත්තු 15 කට පසු, එයාර්බස් ගුවන් නියමු ගුවන්විදුලිය ඔස්සේ ෆයිටර් ජෙට් නියමුවා අමතා, "හොඳයි, එය කෙසේද? යයි ඇසීය.

ව්‍යාකූලත්වයට පත් වූ ජෙට් ගුවන් නියමුවා "මොකක්ද කළේ?" මා කිසිත් නොදුටුවෙමි ' යි පැවසීය .

"මම නැඟිට, මගේ කකුල් දිගු කර, වැසිකිළිය භාවිතා කිරීමට ගුවන් යානයේ පිටුපසට ඇවිද ගියෙමි, පසුව ප්‍රධාන ගුවන් සේවිකාව හා සුළු කතාබහක යෙදී, කෝපි කෝප්පයක් සහ චොකලට් ෆජ් පේස්ට්‍රි එකක් ආහාරයට ගත්තෙමි අනතුරුව නැවත පැමිණ යානයේ පාලනය මා අතට ගත්තෙමි " .

සදාකාලිකව සිය පියාසැරියේදී වේගවත් ගමණකට සැකසූ ෆයිටර් ජෙට් යානයේ කුඩා නියමු කුටියේ සිර ව පියාසැරියේ යෙදෙන ෆයිටර් ජෙට් නියමුවා නිශ්ශබ්ද වූයේය.

ඔබ තාරුණ්‍යයේ දී වේගවත් බව විශිෂ්ට බව සිතේ.
නමුත් ඔබ වයසින් හා ප්‍රඥාවන්ත බවින් මුහුකුරා යන විට, වේගවත් බව අඩු වූවත්, ස්ථාවර බව, සැනසීම සහ සාමය වඩාත් වැදගත් බව ඉගෙන ගනු ඇත.
එබැවින් දඟලන අයට දඟලන්න දී,
ඔබ ඔබේ ගමන ස්ථාවර ලෙස යන්න.

© විරාජ් නානායක්කාර..

"මා ගැන දවසක මතක තබාගන්න වෙනසක් කළ පුද්ගලයකු ලෙස!""කිසිම විටෙක මුදල් සෙවීම අරමුණු කරගෙන ව්‍යාපාරයක් අරඹන්නත් එපා..වෙනසක්...
12/10/2024

"මා ගැන දවසක මතක තබාගන්න
වෙනසක් කළ පුද්ගලයකු ලෙස!"

"කිසිම විටෙක මුදල් සෙවීම අරමුණු
කරගෙන ව්‍යාපාරයක් අරඹන්නත් එපා..
වෙනසක් කිරීමේ අරමුණෙන් එය අරඹන්න!

-රතන් ටටා-

ඉන්දියාවේ වෛර කරන්නෝ කිසිවෙකු නොසිටි දැවැන්ත ව්‍යාපාරිකයෙක් හිටියානම් ඒ තමයි
රතන් ටාටා! රතන් යන වදනේ හිංදි අර්ථය මැණික යන්නයි. සැබෑවටම TATA සන්නාමය යනු ලොවපුරා ඉන්දියාව බැබලවීමට සමත්වූ නමක්..

TATA ලංකාවේත් ඕනෑම කෙනෙක් අසා ඇති ඉන්දියානු සන්නාමයක්,මෙම ව්‍යාපාර සමූහය රථවාහන ක්ෂේත්‍රය,හොටෙල් ක්ෂේත්‍රය පමණක් නොවෙයි, ඇදුම්, තේ, ස්වර්ණාභරණ වැනි ක්ෂේත්‍රය රැසක් පුරාවට විහිදී ගිය එකක්.

නමුත් ටාටා සමූහය එක් රැයකින් ධනවත් වූ සමාගමක් නම් නොවේ. වසර 200ක පමණ අතීතයක් ඒ සතු වෙනවා..

"සෙමෙන් ළගාකරගන්නා සාර්තකත්වය
ඔබේ චරිතය ගොඩනගයි
සීග්‍ර සාර්තකත්වය
මමත්වය ඇතිකරයි"

🟥ටාටා සමාගමේ ඉතිහාසය

"කිසිම දිනෙක ඔබ පැමිණි තැන අමතක කරන්න එපා. හැමවිටම ඒ පිළිබදව ආඩම්බර වන්න..."
-රතන් ටාටා"

TATA සමාගමේ ඉතිහාස කතාව 1822 වසරේ සිටයි ඇරඹෙන්නේ.

ගුජරාටියේ සාමාන්‍ය පර්සි පවුලකට දාව කුඩා දරුවෙක් උපදිනවා. ඔහු නසර්වාන් ජී නම් වුණා. කුඩා කළ සිටම දියුණුවීමේ සිහින දුටු ඔහු ගමෙන් දුරස්වී, මුම්බායි නගරයට ආවා .ඇවිත් කොට්න් සහ රෙදි සම්බන්ද ව්‍යාපාරයක් ඇරඹුවා. එය යම්තරමක් සාර්තක වුණා. අන්න එහෙම තමයි ටාටා සමාගමේ ඇරඹුම සටහන් වුණේ. ඒ වගේම කෙසේ හෝ තම පුතු වූ ජම්සේට් ජීට හොද අධ්‍යාපනයක් දෙන්නත් මේ නසර්වාන් ජී අමතක කලේ නෑ.

ඉන්පසු ටටා ව්‍යාපාරයේ අයිතිය ජම්සේට්ට හිමිවුණා. ඔහු මෙම ව්‍යාපාර විදේශයන්ට ව්‍යාප්ත කිරීමේ ප්‍රමුඛ කාර්‍ය ඉටුකළා. ඉන්දියාවේ පළමු වානේ කම්හල, පළමු තරු පහේ හෝටය ඇරඹුනේ මේ සමයේදීයි .(තාජ් මෙහෙල් හොටෙල්- මුම්බායි)

කාරුණික පුද්ගලයකු වූ ඔහු තම සේවකයන් ගැනත් සෙව්වා. ඒ ලෝකයේ ධනවාදී ගැටළු තදින්ම තිබූ සමයක්. නමුත් ජම්සේට් තම සේවකයන්ට විශ්‍රාම සැලසුමක් ,රක්ෂණ සැලසුමක් , ඒ වගේම පවුලේ ක්‍රීඩා දින,සැමරුම් දින වැනි විනෝදාත්මක අවස්තා සදහා අවකාශය ලබාදුන්නා.

ඉන්පසු මෙහි පාලනය ඔහුගේ පුත් දොරාබ්ජී ටාටා ලබාගන්නවා. ඒ පළමු ලෝක යුධ සමයයි. ටටා සමාගම එකළ ඉස්තරම්ම වානේ නිපදවූවා. ඒවා විදේශ රටවල යුධ ටැංකි සෑදීමට භාවිතා කලා. සතුරන් එල්ල කළ බෝම්බ ටාටා වානේ වලින් සෑදූ යුධ ටැන්කි විනාශ කිරීමට අසමත් වුණා.
ඒ හේතුවෙන් වරක් එක් ඉංග්‍රීසි දේශපාලකයෙක්
"ටාටා වානේ අපිව ආරක්ශා"කලා ලෙස පවසා සිටියා.මේ සමග ටටා සමාගමේ කීර්තිය තවත් ඉහළ ගියා.

ඉන්පසු මෙම සමාගමේ මුලසුන හිමිවූයේ JDR tata හටයි. ඔහු ප්‍රංශයේ අධ්‍යාපනය ලැබූ ගුවන් යානා ධාවනයේ දක්ශයෙක්.
ඔහුගේ පාලන සමයේදී ටාටා එයර්ලයින් ඇරඹුණා .පසුව Air india බවට පත්වූයේ එම සමාගමයි.

නමුත් නිදහසෙන් පසු රටේ විශාල සමාගම් රජයට පවරාගෙන පාලනය කරන්න ජවහර්ලාල් නේරු තීරණය කලා..

මුලින් මේ ගැන ටාටාගේ හිත බිදුණත්
පසුව ඔහු හිත හදාගෙන තිබුණා. සමාගම රාජ්‍ය පාලනයට යටත් වුණත්, ජවහර්ලාල් නේරු එහි නායකත්වයේ පුටුව JDR ටාටා හටම පැවරුවා. ඔහුගේ නායකත්වය යටතේ එය ලොව කීර්තිමත්ව ගුවන් සමාගමක් බවට පත්වුණා. ඒ වගේම රථවාහන නිශ්පාදනය ඇරඹුණේත් මේ කාලයේදීයි. ඉලෙට්‍රොනික්, පිළිකාරෝග පිළිබද අධ්‍යන ආයතන , තොරතුරු සැකසීම පිළිබද සේවය සැපයීම වැනි ක්ශේත්‍ර පුරා මෙම සමූහය විහිදී ගියා.

🟥රතන් ටාටා

1937 දී උපත ලැබූ රතන් ටාටා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක්, ඒ ගෘහ නිර්මාණ ශිල්පය සහ ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබදවයි.

"ඔබ සිහිනයකින් ආරම්භ කර,
ආශාවෙන් එය සාර්තක කරගැනීමට කැපවන විට, සාර්ථකත්වය යනු නොවැළැක්විය හැකි යමක් වේ."

වයස 52දී DJR ටාටාගේ මියයෑමෙන් පසු මේ සමූහයේ කොටස් පාලනය විවිධ පුතුන් අතර බෙදී ගියා. ඒ වෙද්දී සමූහය ව්‍යාපාර 95ක් දක්වා පුළුල්වී තිබුණා. සමහර ව්‍යාපාර ක්ෂේත්‍ර සාර්තක වෙද්දී සමහර ඒවා අසාර්තක වුණා..

"සාර්ථකත්වය අවසානය නොවේ, අසාර්ථකත්වය මාරාන්තිකද නොවේ.
යමක් දිගටම කරගෙන යාමට ඔබ සතු ධෛර්යය පමණක් වැදගත් වේ."

එහෙම අසාර්තක වුණ එකක් සමාගමක් නෙල්කො ඉලෙක්ට්‍රොනික් සමාගමයි. 20%වෙළදපොළ අයත්කරගෙන තිබූ එම සමාගම 2%දක්වා පහත වැටී තිබුණා. අවසානයේ එහි පාලනය පවුලේ මුණුපුරෙකු වුණ රතන් ටටාහට බාර වුණේ මේ කාලයේදීයි

ඔහු රේඩියෝ නිශ්පාදන සමාගම සැටලයිට් නිශ්පාදන සමාගමකට පෙරළමින් යළිත් සමාගමේ වෙළදපොල 20% ක් දක්වා නංවාලුවා.

තවත්,බිදවැටෙමින් තිබුණ සමාගමක් වුණේ "කොටන් මිල්" සමාගමයි. එයත් සාර්තකව නගා සිටුවීමට රතන් ටටා සමත්වුණා. ඒ එක්ක ඉහළ පාලන තන්ත්‍රවල සිටි අය ඔහු සතු හැකියාව හදුනා ගත්තා.

ඒ හේතුවෙන්, 1991 වසරේදී ටටා සමූහයේ ප්‍රධානියා බවට පත් කරවීම සිදුකළා.

"මම කෙටිකාලීන ඉලක්ක විශ්වාස කරන්නේ නෑ. මම විශ්වාස කරන්නේ දීර්ඝ කාලීන දැක්ම පිළිබදවයි"

ඔහු මෙම සමූහයේ ඉහළම පුටුව දශක දෙකක් පුරාවට දැරුවා. එනම් 1991 සිට 2012 දක්වා Tata Group හි හිමිකාර සමාගම වන Tata Sons හි සභාපතිවරයා ලෙස සේවය කරනු ලැබුවේ ඔහුයි. මෙම දශක දෙක තුළ ඔහු සමාගම 1991 වසරට සාපේක්ශව 40 ගුණයකින් වර්ධනය කිරීමට සමත්වුණා

මේ කාලේ ඉන්දියාවේ ආර්ථිකය කඩාවැටෙමින් පැවති සමයක්. එයින් ගොඩ එන්න ඉන්දියානු ආර්ථිකයත් විවෘත කිරීම සිදුවුණා.නමුත් රතන් ටාටා තම පවුලේ කොටස් ප්‍රමාණය ඉහළ දමා ගනිමින් විදේශිකයන්ට තම සමාගමේ කොටස් මිලට ගැනීමේ අවකාශ අවහිරකලා.

"සියල්ල අවසානයේ අපි පසුතැවෙන එකම දේ අපට ලබාගත නොහැකි වූ අවස්තා පිළිබදව පමණයි. එහෙයින් එළැඹෙන අවස්තා ප්‍රයෝජනයට ගන්න!"

මේ පියවර සාර්තකවුණා. ඒ එක්ක ඔවුන්ගේ සමාගම විශාල ලාබ ලැබුවා. විදේශයන්ට තම සමාගම් කොටස් විකිණීම වෙනුවට කුඩා විදේශ සමාගම් අත්පත් කර ගැනීම සිදුකළා. බ්‍රිතාන්‍ය සුබෝපබෝගී රථවාහන නිශ්පාදන සමාගමක් වූ ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම එසේ අයත්කරගත් ප්‍රමුඛතම සමාගමක්

සුබෝපබෝගී වාහන නිපදවූවත් දරිද්‍රතාවේ පහල සහ මධ්‍යම පාන්තික මිනිසුන්ද මෙම සමාගම අමතක කලේ නෑ. ඒ අයට ස්කූර් හදුන්වා දුන්නා.

නමුත්, 2003 වසරේ දිනක් රතන් ටටා වාහනයක ගමන්කරන විට, වැස්සක් මැද 4 දෙනෙකුගෙන් යුතු පවුලක් අමාරුවෙන් ස්කූටරේක තෙමෙමින් යන අයුරු ඔහු දුටුවා. ඉන්පසුව තමයි ඔහු ටාටා නැනෝ කාර් එක හදුන්වා දුන්නේ . වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ශ එකක් වුණ මෙය ලෝකේ මිල අඩුම මෝටර් රථය ලෙසයි වෙළදපොළට හදුන්වා දුන්නේ.

ඉතිං ,ඔක්තෝබර් 9 ඔහු මෙසේ සියළු ඉන්දියානුවන් හඩවමින් ජීවන ගමනට සමුදුන්නා. ඒ 86 වන වියේදීයි.ඔහුගේ දේහයට සමුදෙන්න දැවැන්ත ජනගගක් ඇදී ආවේ ඉන්දියානුවන් රටක් ලෙස ලැබූ දියුණුවට මෙම ශ්‍රේෂ්ඨ මිනිසාද හේතුවක් වූ නිසයි.

🟥නායකත්වය

"මම හරි තීරණ ගැනීම පිළිබදව විශ්වාස කරන්නේ නෑ. නමුත් ගනු ලැබූ තීරණ නිවැරදිම ඒවා බවට පත්කරගන්න මම වැඩකරනවා"

ඔහු නායකත්වය දැරූ කාලය තුළ රතන් ටටා විසින් එම සමූහ ව්‍යාපාරය සාර්ථකත්වයේ සහ ගෝලීය පිළිගැනීමේ නව තලයකට ගෙන යෑමට සමත් වුණා.

"ලොකුම අවදානම
කිසිදු අවදානමක් නොගැනීමයි.
ඉක්මනින් වෙනස් වන ලෝකයක,
අවදානම් නොගැනීම යනු
ඔබේ අසාර්තකත්වය
සහතික කරගැනීමකි"

ඔහුගේ නායකත්වය යටතේ, ටාටා සමූහය සිය ගෝලීය පැවැත්ම පුළුල් කර, එහි දැවැන්ත විවිධාංගීකරණයකට ලක්කලා. ඒ නිසාම එක් අංශයකින් අසාර්තක වුවත් ඔවුන්ට ශක්තිමත්ව සිටීමට දායකවන තව බොහෝ ක්ශේත්‍ර ඒ තුළ තිබෙනවා. ඒ අතර, වානේ, මෝටර් රථ, විදුලි සංදේශ, ඇදුම් ආභරණ, ආහාර පාන සහ ආගන්තුක සත්කාර වැනි සේවා ඇතුළු විවිධ කර්මාන්ත අඩංගු වෙනවා..
එහි සේවය කරන සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 7කට අධිකයි.

"නායකත්වය යනු ආයතනයක්
භාරව සිටීම නොවේ. ඔබේ භාරයේ සිටින පුද්ගලයන් ගැන සැලකිලිමත් වීමයි. ”

ටාටා සමාගම Jaguar, Land Rover, සහ Tetley වැනි ගෝලීය සන්නාමයන් අත්පත් කර ගැනීම සිදුවන්නේද ඔහුගේ සභාපති ධූරය යටතේයි.

"අනාගතය පුරෝකථනය කිරීමට හොඳම ක්‍රමය තමා විසින්ම එය නිර්මාණය කිරීමයි"

Ratan Tata ගේ දූරදර්ශී නායකත්වය මෙන්ම ව්‍යාපාර සහ සමාජ ප්‍රගමනය වෙනුවෙන් සිදුකළ කැපවීම ඉන්දියානුවන් අතර ඔහු අතිශය ගෞරවනීය චරිතයක් ලෙස ඔසවා තැබීමට සමත් වුණා.

"ඔබේ තරඟය ඇත්තේ අන් අය සමග නොවේ. ඔබ කා දමන කාලය සමගයි.
ඔබ සිදුකරන අයහපත් දෑ
ඔබ ඉගෙන ගැනීමට අතපසු කරන දැනුම,
ඔබ ගොඩනඟා ගැනීමට අපොහොසත් වන සම්බන්ධතා,
ජීවන ගමනේදී කැප කරන සෞඛ්‍යය,
නව අදහස් ජනනය කිරීමට ඔබේ නොහැකියාව..
ඔබ අසමත් කරන සාධක වේ"

🟥වත්කම

"සාර්තකත්වය යනු ගමනාන්තයක් නොවේ
එක එක් ගමනක් පමණි!"

සමස්ථ ටටා ව්‍යාපාර සමූහයේම වටිනාකම ගණනය කළොත් එහි වටිනාකම ඩොලර් බිලියන 403 ඉක්මවා යනවා. ඉතිං සමූහයක් විදියට ගත්තම අම්බානි නොවෙයි, ටටා සමූහය තමයි ලෝකේ ධනවත්ම ව්‍යාපාර සමූහය. නමුත් එය විවිධ පුද්ගලයන් අතර බෙදී ගිහින් පාලනය වෙමින් තිබෙන නිසා එය ලොව දැවැන්තම තනිව්‍යාපාරය වන්නේ නෑ. ඒ වගේම එහි අයිතිකරුවන්ද ලොව ධනවත්ම පුද්ගලයන් 10ට ඇතුළත් වන්නේ නැහැ.

ඒ වගේම අදානි අම්බානි මෙන් සීග්‍ර දියුණුවක් ලබාගැනීමට හෝ තම ව්‍යාපෘති සදහා දේශපාලන අතපෙවීම් වල සහාය ලබාගැනීමට ටාටා සමාගම කටයුතු කළේ නෑ.එසේම තම සේවකයන්ටද ඉතා හොදින් සැලකුම් කරන සමාගමක් ලෙස ඉතිහාසයේ සිටම ටාටා සමාගම කීර්තිය ලබා සිටිනවා.
එසේම අදානි ,අම්බානි සමාගම් මෙන් දේශීය ගොවීන් පීඩාවට පත්කිරීමට හෝ මධ්‍යම හා දරිද්‍ර පාන්තික පුද්ගලයන් නොසලකා හැරීමද ටාටා සමාගම සිදුකර නැහැ.

"ඔබට වේගයෙන් ඇවිදීමට අවශ්‍ය නම්
තනිව ඇවිද යන්න..
ඔබට බොහෝ දුර ඇවිද යෑමට අවශ්‍ය නම්
අන් අය හා එක්ව ඇවිද යන්න..."

එහෙයින් ටාටා සමාගම ගෞරවනීය ඉන්දියානු සන්නාමයක් ලෙස වැජඹෙමින් පවතිනවා.

🟥දිවියේ අරුත

ඔබ ජීවිතයේ වඩාත්ම සතුටට පත් වූ අවස්ථාව ගැන දිනක් මාධ්‍යවේදියෙක් විමසුවා.

"මම මුළින්ම සම්පත් ධනය රැස්කළා. නමුත් ඒ තුළ මට සතුට ලැබුණේ නෑ.
ඊලගට මම වටින බඩු එකතු කළා එතනත් මගේ සතුට තිබුණේ නෑ. ඊට පස්සේ ව්‍යාපාරය ලෝකේ පුරා මගේ සමාගම ප්‍රචාරය කරන්න මම උනන්දු වුණා . මම සාර්තක වුණත් එහි අවසානයේ මා බලාපොරොත්තු වූ සතුට තිබුණේ නෑ.

නමුත් දිනක් මම ආබාධිත ළමුන් සදහා රෝදපුටු පරිත්‍යාගයක් සිදුකලා. රෝදපුටු ප්‍රධානයේදී ඒ කුඩා දරුවන්ගේ ඇස්වල සතුට මම දැක්කා. ඒ මොහොතේ මා ජීවිත කාලය පුරාවටම සෙවූ සැබෑ සතුට එය බව අවබෝධ කරගත්තා.

"ද්‍රව්‍යමය දේවලින් ලැබෙන ලොකු දෙයක් නැති බව දවසක ඔබට තේරේවි.
ඇත්තටම හැමදාම වැදගත් වෙන්නේ ඔබ ආදරය කරන මිනිසුන්ගේ යහපැවැත්මයි.

තමාට පවුලක් නොතිබුණත් ඔහු තම රටට සහ මිනිසුන්ට පමණක් නොවේ සතුන්ටද අසීමිතව ආදරය කලා. ඔහුගේ ධනයෙන් වැඩිකොටසක් පුණ්‍යකටයුතු සහ සුබසාධනය වෙනුවෙන් වැයකළේද ඒ මානවහිතවාදී බව නිසාමයි.

ඒ හැමදේම එක්ක සාර්තක ව්‍යාපාරිකයෙක් පමණක් නොවෙයි, හොද නායකයෙක් ,මනුෂ්‍යයෙක් ලෙසයි ඉන්දියානු ජනතාව ඔහුව හදුනාගන්නේ.

🟥සුබ සාධනය

"සාර්තකත්වයේ මිම්ම ඔබ හොබවන තත්වය නොවේ. කෙතරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් කෙරෙහි ඔබ සුබවාදී බලපෑම් කර ඇතිද යන්නයි"

විශ්වාස කරන්න,ඔහුගේ ධනයෙන් 90%කට වඩා ඔහු පරිත්‍යාග සහ සුබසාධන කටයුතු සදහා භාවිතාකර තිබෙනවා. වටිනාකම අනුව ඒ බිලියන ගණනක මුදලක්.

"ඔබ ලෝකයේ දැකීමට කැමති
වෙනස, ඒ වෙනස ඔබ වෙන්න."

ව්‍යාපාරයෙන් ඔබ්බට, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ග්‍රාමීය සංවර්ධනය සහ දරිද්‍රතාවය පිටුදැකීම කෙරෙහි රතන් ටාටා බෙහෙවින් අවධානය යොමුකළා. ටාටා ට්‍රස්ට් පදනම හා එහි මෙහෙවරයන් තුළින් සමාජ වගකීම සහ තිරසාර සංවර්ධනය සඳහා ඔහු දක්වන කැපවීම පැහැදිලිව කැපී පෙනෙනවා.

🟥පෞද්ගලික ජීවිතය

"ජීවිතේ නැගීම් බැසීම් තිබිය යුතුමයි.
අපේ ජීවිත ඉදිරියට ගෙනයන්න ඒ දේවල් බෙහෙවින් වැදගත්, ECG එකක් වුණත් සෘජුව ගමන් කිරීම හදුන්වන්නේ මිනිසෙකුගේ මියයෑමක් කියලනේ.."

ඒ අදහස වගේම තමයි රතන් ටාටාගේ ජීවිතේත් හැමවිටම සුන්දර එකක් වුණේ නැහැ.

තරුණ කාලයේ කඩවසම් ධනවත් උගත් සහ ජනප්‍රිය චරිතයක් වු රතන් ටාටා කිසිම දිනෙක විවාහ වුණේ නැහැ. නමුත් ඔහු සිව් වතාවක් ආදරෙන් බැදුණා. ඒ සිව්වතාවෙම විවාහය ආසන්නයේදී එය අවාසනාවන්ත ලෙස වැලකී තිබුණේ ඔහුගේ හදවත නැවත නැවත බිද දමමින්.

"යකඩ විනාශ කරන්න කිසිම දේකට නොහැකි වුණත්, එයින්ම ඇතිවන මළකඩවලට පහසුවෙන් පුළුවන්. ඒ වගේමයි අවට කිසිවකුට ඔබව විනාශ කරන්න බෑ,ඔබේ මනසටම පමණයි එය සිදුකළ හැක්කේ"

ජීවිතේ ගෙවී යද්දී ඔහු කෙතරම් හුදෙකලා වුණත්, ඔහු මානසික බිද වැටුනේ නම් නැහැ.

"මම ජීවිතේ කල ශක්තිමත්ම දේ මගේ හැගීම් ලොවට නිරාවරණය කිරීමයි"

ඒ නිසා වෙන්නට ඇති. ඒ සිදුවීම් ගැන වගේම හුදෙකලාව ගැනත් ඔහුගේ අවංක හැගීම් සෘජුව සංවාදවලදී පැවසුවා.

🟥සැදෑ සමයට සතුට ගෙනා මිතුරෙක්..

වයෝවෘධ වියේදී රතන් ටාටාහට එක් අපූරු මිතුරෙක් සිටියා. ඒ වයස 30ක ශාන්තානු නායිදු නම් අපූරු තරුණයෙක්.

රතන් ටටා සහ ඔහුගේ මිත්‍රත්වය ඇරඹෙන්නේ විදී බලුපැටවුන් සදහා වූ සුබසාධන කටයුත්තකට ලියූ ලිපියක් සමගයි. තරුණායා ඊට පිළිතුරක් බලාපොරොත්තු නොවුණත් රතන් ටාටාගෙන් ඔවුන්ගේ පදනමට ආරාධනාවක් ලැබුණා.

ඒ හමුවීමේදී දුටු මේ කුඩා තරුණයාගේ කාරුණික, විශ්වාසවන්ත සහ ආදරණීය බවට රතන් ටාටා ප්‍රියකලා. රතන් ටාටා සතු මනුෂ්‍යත්වය ,කාරුණික සහ ආදරණීය බව නායිදු හදුනා ගත්තා. ඒ එක්ක මේ යුගලය අතර අපූරු මිත්‍රත්වයක් ඇතිවුණා.

පසුකාලීනව ඔහු රතන් ටාටාගේ විශ්වාසවන්ත පෞද්ගලික ලේඛම් බවටත් පත්වුණා. නායිදු සෑම විටෙකම බිරිදක් හෝ දරුවන් නොසිටි මෙම හුදෙකලා පුද්ගලයා කාරුණිකව බලාගන්න, ඔහු සතුටින් තබන්න අමතක කලේ නෑ.

"කිසිවිටක ඉගෙනීම නතර නොකරන්න. ඒ තුළින් දියුණුව සහ පරිණාමය ලබා ගැනීමට
ඔබටම අභියෝග කරගන්න."

වයෝවෘධ වියේදී පවා මේ තරුණ මිතුරාගෙන් ඔහු සමාජ මාධ්‍ය භාවිතය ,හෑශ්ටැග් යෙදීම ආදී බොහෝ දේ ඉගෙන ගෙන තිබුණා.

"ඔබගේ මිත්‍රත්වය මා තුළ ඉතිරි කරගිය සිදුර පුරවන්නට මම මගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරමි.
මන්ද දුක යනු ආදරය සඳහා ගෙවිය යුතු
මිල බව මා දනිමි.
ඉතිං, ආයුබෝවන්,
මගේ ආදරණීය ප්‍රදීපාගාරය!

30 හැවිරිදි නයිදු එසේ තම මිතුරාට සමුදී තිබුණා.

11/10/2024

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Srilanka Business Opportunity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share