Greeny HOMIE

Greeny HOMIE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Greeny HOMIE, Colombo.

29/01/2023

පිටි මකුණු කරදරයට උචිත කාබනික කෘමි නාශකය 🌿🍃

එයට සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
💥ඉගුරු (100g)
💥සුදු ලූනු (100g)
💥සබන් (බාර් සබන්) (25g)
💥දුම්කොල (50g)

🌿🌱ඔබගේ වගාවට හානි පමුනුවන පිටි මකුනන් නැසීමට හැකි බෙහෙත
🍃සුදුලූනු 100g සුද්ද කරන කෑලි වලට කපාගන්න
🍃දුම්කොල 50g නාරටිය ඉවත් කර,කෑලි වලට කපා ජලය 200gකට දමා විනාඩි 10ක් හොදින් තම්බා ගන්න
🍃ඉගුරු 100g පිරිසිදු කර කෑලි වලට කපා ගන්න
🍃ස්බන් කැබැල්ලත් කෑලි වලට කපාගන්න
🍃එම අමුද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩර් කරගන්න (ජලය 1L ලමන එක්කරගන්න)
🍃මෙම මිශ්‍රනය දින 3ක් වසා තබන්න
🍃 දින 3ට පසු මිශ්‍රනයට ජලය 2Lක් එක් කර හොදින් මිශ්‍ර කරගන්න

🌱🌿දැන් අපගේ මිශ්‍රණය සූදානම්
🌿ද්‍රාවණය හොදින් පෙරාගෙන ස්ප්‍රේ ගන් එකක්ට දමා ඔබගේ ශාකයේ පිටිමකුනන් ඉන්නා ස්තාන වලට ඉසින්න

🌳දින 3න් 3ට දින දෙකක් ඉස පසුව සතියෙන් සතියටත් පසුව මාසයෙන් මාසයටත් ඉසින්න 🌳

ඔබගේ වගා බූමිය සාර්ථක කරගන්න ❤️

22/01/2023

🍃🌱කොල කොඩ කරන මයිටාවන් නසන අත්දුටු බෙහෙතක් සාදාගමු😍

🍂මයිටාවන් හානි කරන ශාක හදුනාගනිමු
▫️මිරිස්
▫️වම්බටු
▫️දඹල
▫️බතල වැනි ශාක

💥මයිටාවන්ගේ හානිය වැඩි වන්නේ වියලි දේශගුනික තත්ත්වයන් වලය

🌱🌿කෘමි නාශකය සාදා ගන්නා අයුරු
💥නිවසෙන් ඉවත දමන සුදුලූණු,ලූණු පොතු පැය 24ක් පෙගෙන්න තබා බ්ලෙන්ඩර් කරගන්න
💥මෙම නිස්සාරකයට සමාන ජල පරිමා 5ක් එක් කර තනුක කර බාවිතයට ගන්න
💥මෙය ශාකයට ඉසීමේදී සබන් ස්වල්පයක් දිය කර ශාකයට ඉසීන්න.එසේ ඉස දින 5කින් නැවත ඉසින්න.🌿🍃

ඔබගේ වගාවට ජය ❤️

14/01/2023

සරුසාර කාබනික පොහොරක් ගෙදරදීම ගෙදරදි පහසුවෙන් සාදාගමු😍🌿

පොහෙර මිශ්‍රණය සෑදීමට අවෂ්‍ය ද්‍රව්‍ය
👉👉👉
💥කුඩු කරගත් බිත්තර කටු (500g)
💥ජලය 1 3/4
💥අව්වෙ සතියක් වියළා ගත් ගිනිසීරියා (කොළ 30)
💥වියලි ගොම (500g)
💥ප්ලාස්ටික් ලොකු බෝතලයක් (2L)

🌿🌱අප දැනගමු පොහොර සදහා යොදන ද්‍රව්‍ය වලින් ලැබෙන පෝශණ ගුණ
💥ගිනිසීරියා
මෙමගින් පැල සාරවත්ව වර්දනයට අවෂ්‍ය නයිට්‍රජන් වගේම යූරියා ලැබේ
💥බිත්තර කටු
බිත්තර කටු මගින් පැළයට කැල්සියම් ලැබේ
💥ගොම පොහොර
ගොම වලින් පැළය සාරවත්ව වර්ධනයට උපකාරී වන කාබනික පොහොරකි

🌿🌱 අප දැන් බලමු ඔබගේ අසිරිමත් ගෙවත්ත සාරවත් කරන පොහොර මිශ්‍රණය සාදාගන්න අයුරු
🍃 අප යොදාගත් ප්ලාස්ටික් බෝතලය ගෙන එයට ගොම,බිත්තර කුඩු සහ ගිනිසීරියා කොල එක් කරගන්න
🍃 පසුව එම බෝතලයට ජලය එක් කරගන්න (බොතලයේ ප්‍රමාණයට)
🍃 බෝතලයේ මූඩිය වසා මිශ්‍රණය හොදින් මිශ්‍ර වන තුරු කලතන්න
🍃මිශ්‍රණය දින දෙකක් පල් වෙන්න ඉඩ හරින්න.

🌿🌱සාදාගත් මිශ්‍රණය පැළ සදහා යෙදීමේදී සැලකිලිමත් විය යුතු කරුනු
💥පැළය වාටා පස හොදින් මුල්ලු කරගන්න
💥මිශ්‍රණයෙන් අඩු කෝප්ප බාගයක් යොදන්න
💥සවස් කාලයේදී පැළ වලට ජලය එක් කිරීමෙන් පසුව මෙම පොහොර මිශ්‍රණය එක් කරන්න
💥මසකට එක් වරක් යෙදීම ප්‍රමාණවත්

ඔබට ජය 🌱🍃

Limited time onlyDelivery free for Colombo locations.Need professional help with your garden, let us help you. Contact u...
08/01/2023

Limited time only
Delivery free for Colombo locations.
Need professional help with your garden, let us help you.
Contact us through WhatsApp or messenger

Limited time only ... Start your gardening we'll help you in the wayDelivery free for Colombo area
04/01/2023

Limited time only ... Start your gardening we'll help you in the way
Delivery free for Colombo area

Address

Colombo
01500

Website

Alerts

Be the first to know and let us send you an email when Greeny HOMIE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Greeny HOMIE:

Share