HRLegis Lanka

HRLegis Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HRLegis Lanka, Business service, Colombo.

HR & Legal Services (employment contracts, letters, policies) | Typing, copy-paste work, document formatting, and typesetting | Payroll preparation | Lanka 🇱🇰

💎Trusted by small businesses, professionals, and HR students across Sri Lanka.

10/05/2026

EPF ගැන හැමෝම දැනගත යුතුම මුලික කරුණු! (Episode 01)

ඔබ දන්නවාද ඔබේ පඩියෙන් කැපෙන 8% ට වඩා වැඩි මුදලක් ඔබේ අනාගතය වෙනුවෙන් තැන්පත් වෙනවා කියලා? අද අපි පටන් ගන්නවා EPF ගැන ඔයාලා දැනගත යුතුම දේ සරලව කියලා දෙන EPF Series එක!
2. වැටුපෙන් කීයක් කැපෙනවාද

• ඔබෙන්: ඔබේ මාසික උපයීමෙන් 8% ක්.
• ආයතනයෙන්: ආයතනය තවත් 12% ක් ඔබ වෙනුවෙන් දානවා.
• එකතුව: ඔබේ නමට මාසිකව 20% ක මුදලක් EPF එකට එකතු වෙනවා!

මුළු එකතුව 20% ක් ඔබේ අනාගතය වෙනුවෙන්!

3. EPF ලැබෙන්නේ කාටද?

ලැබෙන අය (Covered) ✅

👉 ස්ථිර / අනියම් / කොන්ත්‍රාත් සේවකයන්

👉 දෛනික වැටුප් ලබන්නන්

👉 පුහුණු වන්නන් (Apprentices)

👉 කොමිස් පදනමට වැඩ කරන අය

නොලැබෙන අය (Excluded) ❌

👉 රජයේ සේවකයන් (Public Servants)

👉 ස්වයං රැකියාලාභීන්

👉 NAITA පුහුණු වන්නන්

👉 පවුලේ සාමාජිකයන් පමණක් සිටින ව්‍යාපාර

ඔබේ ආයතනයෙන් හරියටම EPF ගෙවනවාද කියලා දැනගන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න Episode 02 එකෙන් හමුවෙමු. දැන්ම අපේ පේජ් එක Follow කරලා තියාගන්න!




#රැකියා #නීතිය HRLegis Lanka

10/05/2026

අතිකාල දීමනා (OT) හිමිකම් පිළිබඳ අවබෝධය
සාප්පු සහ කාර්යාල සේවක පනතට අනුව (ශ්‍රී ලංකාව)
ඔබේ කැපවීම වෙනුවෙන් නිවැරදි ගෙවීමක් ලබා ගැනීම ඔබේ අයිතියකි. දිනකට පැය 8කට වඩා සේවය කරන සේවකයින් සඳහා (ආහාර විවේකය හැර) අතිකාල දීමනා ලබා ගැනීමට හිමිකම් ඇත. එම ගණනය කිරීම් සිදුකරන ආකාරය පහත දැක්වේ:
1. සාමාන්‍ය වැඩ කරන දිනක අතිකාල දීමනා
සාමාන්‍ය වැඩ කරන දිනයක නියමිත වේලාවට වඩා වැඩිපුර වැඩ කරන පැය සඳහා ඔබේ පැයක වැටුප මෙන් 1.5 ගුණයක දීමනාවක් හිමිවේ.
• ගණනය කිරීම: මූලික වැටුප පැය 240න් බෙදා පැය 1.5 ගුනයකින් වැඩි කල යුතුයි .
2. විශේෂ අතිකාල දීමනා (ඉරිදා, පෝය සහ වෙළඳ නිවාඩු දින)
ඉරිදා දිනයක, පෝය දිනයක හෝ වෙනත් ඕනෑම රජයේ වෙළඳ නිවාඩු දිනයක ඔබ සේවය කරන්නේ නම්, අතිකාල පැය සඳහා පැයක වැටුප මෙන් 2 ගුණයක (Double OT) දීමනාවක් හිමිවේ.
•ගණනය කිරීම: මූලික වැටුප පැය 240න් බෙදා පැය 2 ගුනයකින් වැඩි කල යුතුයි .

📘 Understanding Overtime (OT) Entitlement
As per the Shop and Office Employees Act (Sri Lanka)
Ensuring you are paid correctly for your hard work is essential. If you work more than 8 hours a day (excluding your 1-hour meal break), you are entitled to overtime pay. Here is how your entitlement is calculated based on the day you work:
1. Normal Working Day OT
If you work extra hours on a standard working day, you are entitled to 1.5x your hourly rate.
• Formula: Basic Salary/ 240* 1.5 times
2. Double OT (Sundays, Poya, & Mercantile Holidays)
If you are called into work on a Sunday, Poya Day, or any Public/Mercantile holiday, your overtime is calculated at 2x your hourly rate.
• Formula: Basic Salary/ 240* 2 times

HRLegis Lanka

25/04/2026

වසර 5ක් සේවය කරලා අස්වෙනකොට පාරිතෝෂිකය (Gratuity) ලැබෙන්නේ කොහොමද? 📝 ශ්‍රී ලංකාවේ පාරිතෝෂික පනත ගැන සේවකයෙකු ලෙස ඔබ දැනගත යුතුම දේ මෙන්න.
ගෙවීම් ප්‍රමාද කරන ආයතනයකට එරෙහිව ඔබට 30% දක්වා අතිරේක වන්දියක් ලබාගත හැකි බව ඔබ දන්නවාද? ⚖️✨ වැඩි විස්තර වීඩියෝවෙන් බලන්න.
ඔබේ පාරිතෝෂිකය ගැන ගැටලු තියෙනවාද? පහළින් කමෙන්ට් කරන්න. 💼

22/04/2026

ඔබ රැකියාවට බැඳුණු මුල්ම වසරේ සිට නිවාඩු (Leaves) ගණනය වෙන්නේ කොහොමද? 📝⚖️

බොහෝ දෙනෙක් රැකියාවට බැඳුණු අලුත පටලවා ගන්නා ප්‍රධානම කරුණක් තමයි තමන්ට හිමි නිවාඩු ප්‍රමාණය සහ ඒවා ලැබෙන ආකාරය.

ශ්‍රී ලංකාවේ සාප්පු හා කාර්යාලීය සේවක පනත (Shop and Office Employees Act) අනුව මෙය සිදුවන නිවැරදි ක්‍රමය පහතින් දැනගනිමු:

සැ: යු මෙහි වර්ෂය ලෙස සැලකෙන්නෙ ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා වන කැලැන්ඩර් වර්ෂයයි

1️⃣ පළමු වසර (බැඳුණු වර්ෂය):

ඔබ රැකියාවට බැඳුණු වර්ෂය තුළ ඔබට "වාර්ෂික නිවාඩු" (Annual Leaves) හිමිවන්නේ නැහැ.
නමුත් සෑම සේවය කරන මාස දෙකකට වරක් දින භාගය (1/2) බැගින් "අනියම් නිවාඩු" (Casual Leaves) ලබාගැනීමට ඔබට අයිතිය තිබෙනවා.

2️⃣ දෙවන වසර (ප්‍රගතිශීලී ක්‍රමය):
ඔබේ දෙවන වසරේ ලැබෙන වාර්ෂික නිවාඩු ප්‍රමාණය තීරණය වන්නේ ඔබ පළමු වසරේදී සේවයට බැඳුණු මාසය අනුවයි:

📍 ජනවාරි 01 - මාර්තු 31 අතර නම්: දින 14
📍 අප්‍රේල් 01 - ජූනි 30 අතර නම්: දින 10
📍 ජූලි 01 - සැප්තැම්බර් 30 අතර නම්: දින 07
📍 ඔක්තෝබර් 01 - දෙසැම්බර් 31 අතර නම්: දින 04

"අනියම් නිවාඩු" (Casual Leaves) දින 07 ලබාගැනීමට ඔබට අයිතිය තිබෙනවා.

3️⃣ තෙවන වසරේ සිට:
ඔබ ආයතනයේ ස්ථාවර සේවකයෙකු ලෙස තෙවන වසරට පා තැබූ දින සිට, ඔබට හිමි සම්පූර්ණ නිවාඩු ප්‍රමාණය වන:

✅ වාර්ෂික නිවාඩු (Annual Leaves) - දින 14
✅ අනියම් නිවාඩු (Casual Leaves) - දින 07

පඩි පාලක සභා වල මෙම නිවාඩු හිමිකම වෙනස් වන අතර ඉදිරි දිනයකදි ඒ පිලිවදව ලිපියක් රැගෙන එන්නම් ...

මානව සම්පත් කළමණාකරනයෙ ඔබ දැනගැනීමට කැමති යමක් වෙතොත් කමෙන්ට් කරන්න ...අපිට ඒ අනුව ඊලග ලිපිය ලියන්න පුලුවන්...

සම්පූර්ණයෙන්ම ලබාගැනීමට ඔබට නීත්‍යානුකූල අයිතිය හිමිවෙනවා.
ඔබේ වෘත්තීය ජීවිතයේ මෙවැනි වැදගත් කරුණු දැනගෙන සිටීම ඔබ සතු වගකීමක් වගේම අයිතියක්. මේ ගැන තවත් දැනගන්න අවශ්‍ය යාළුවෝ එක්ක මේ පෝස්ට් එක Share කරන්න! 👇

03/02/2025

සිංහල සහ ඉංග්‍රීසි ටයිප් කිරීමේ සේවා.
දත්ත ඇතුළත් කිරීමේ ඩේටා එන්ට්‍රි සේවාව (Image to word/excel, PDF to word/excel/ppt දක්වා).
facebook පොස්ටු සඳහා නිර්මාණාත්මක පෝස්ටු සකස් කර දීම ( facebook post).

22/11/2024

🌟 විශේෂඥ මානව සම්පත් සහ පරිපාලක සහාය ඇතිව ඔබේ ව්‍යාපාරය නිදහසෙ කරගෙන යන්න! 🌟

ඔබගේ කුඩා ව්‍යාපාරයේ සේවක ගැටළු වැටුප් සැකසීම් නව සේවකයින් සොයාගැනීම හෝ කම්කරු අණපනත් වලට අනුව කටයුතු කිරීමට කාලය වැයකිරීම ඔබට ගැටළුවක්ද? වැඩි වැටුපකට වැටුප් සැකසීමට තවත් සේවකයෙකු තබාගැනීම ඔබට ගැටළුවක්ද?

අපි සූදානම් ඉතාම අවම ගාස්තුවකට ඔබෙ ව්‍යපාරයේ සියළුම පරිපාලන, වැටුප් සැකසීම් හා ලියකියවිලි වැඩ ගැන බලාගන්න.

අදම කතාකරන්න අපිට. Whatsapp 0778581508.

ඔබ ඔබගේ ව්‍යාපාරයෙ ප්‍රධාන අදායම් ඉපැයීම ගැන පමණක් බලන්න.

අපිට පුළුවන් ඔබගේ සේවකයින් ගැන වගේම ලියකියවිලි වැටුප් වගේ දේවල් කරල දෙන්න.

✨ අපගේ සේවාවන්ට ඇතුළත් වන්නේ:

පත්වීම් ලිපි, සේවක සම්බන්ධ ලියකියවිලි සහ සේවා ගිවිසුම් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කිරීම.
වැටුප් සකස් කිරීම සහ ව්යැවස්ථාපිත Eඵ්F, Eඨ්F සහ පාරිතෝෂිත ගණනය කිරීම්.
ඔබේ ආයතනය සඳහා ගැලපෙනම සේවකයා ඔබේ අවශ්‍යතාවයට නෞව සොයා ගැනීමට කාර්යක්ෂම බඳවා ගැනීමේ විසඳුම්.
ඔබේ මෙහෙයුම් සඳහා සහාය වීමට ඔබගේ අවශ්යතාවය මත ආයතනයටම පැමිණ සේවාවන් සැපයීම

📊 ඔබට අපගෙන් ලබාගත හැකි වෙනත් සේවාවන්

සිංහල සහ ඉංග්‍රීසි ටයිප් කිරීමේ සේවා.
දත්ත ඇතුළත් කිරීමේ ඩේටා එන්ට්‍රි සේවාව (Image to word/excel, PDF to word/excel/ppt දක්වා).
facebook පොස්ටු සඳහා නිර්මාණාත්මක පෝස්ටු සකස් කර දීම ( facebook post)
👨💼 වසර 10කට වැඩි පළපුරුද්දක් සමඟින්, අපගේ මානව සම්පත්, පරිපාලක සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් අනුකූලතාව සහ කාර්යක්ෂමතාව සහතික කරමු,

📩 ඔබගේ මානව සම්පත් සහ පරිපාලන සේවාවන් ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න! Whatsapp 0778581508.

🔑 Why Clear Employee Contracts Matter🤔🤔A well-drafted employee contract ensures that both the employer and employee are ...
10/11/2024

🔑 Why Clear Employee Contracts Matter🤔🤔
A well-drafted employee contract ensures that both the employer and employee are on the same page, preventing misunderstandings and disputes in the future. It’s crucial for setting clear expectations regarding job responsibilities, compensation, and company policies.

📄 Key Elements of an Employee Contract:

1. Job Title and Responsibilities
2. Salary and Benefits
3. Working Hours and Leave Policies
4. Confidentiality Clauses
5. Termination Terms

Having a clear contract makes your business run smoothly and reduces potential risks.

For more details: 📲0778581508

🔑 පැහැදිලි සේවක ගිවිසුම් ඇයි වැදගත්ද?🤔🤔
පැහැදිලි සේවක ගිවිසුමක්, සේවාදායකයා සහ සේවකයා එකිනෙකාගේ අපේක්ෂාවන් හෝ නියෝගයන් ගැන තේරුම්ගැනීමට සහ අනාගතයේ ඇති විය හැකි පසුබැසීම් හෝ සම්මතයන් අවම කිරීමේදී ඉතා වැදගත් වේ. එය වගකීම්, වැටුප් සහ ආයතන ප්‍රතිපත්ති යන විෂයයන්ට සම්බන්ධයෙන් පැහැදිලි අපේක්ෂාවන් ස්ථාපිත කරයි.

📄 සේවක ගිවිසුමකට අයත් මූලික තොරතුරු:

1. රැකියාව සහ වගකීම්
2. වැටුප් සහ වාසි
3. වැඩ කරන වේලාවන් සහ නිවාඩු ප්‍රතිපත්තිය
4. රහස්‍යතා නියෝග
5. අවසන් කිරීමේ කොන්දේසි

පැහැදිලි ගිවිසුමක් තිබීම, ඔබේ ව්‍යාපාරයට ඉතා හොදින් කටයුතු කරගෙන යාමට උදවු කරයි.

For more details: 📲0778581508

Address

Colombo
10115

Telephone

+94768581508

Website

Alerts

Be the first to know and let us send you an email when HRLegis Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HRLegis Lanka:

Share