AJ Corporate Services PTE LTD

Call Directions Website Contact the business

AJ Corporate Services PTE LTD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AJ Corporate Services PTE LTD, Secretarial Service, No. 90, Drive N. M. Perera Mawatha, Colombo 08, Colombo.

We at AJ Corporate Services (PVT) Ltd specialize in providing comprehensive company registration, a full range of business startup services, and all types of secretarial support tailored to your needs.

17/09/2026
15/08/2026

TIN Number එකක් තියෙනවා කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම බදු ගෙවන්න ඕන කෙනෙක් කියන එකද?
Salary එකෙන් දැනටමත් Tax කැපෙනවා නම්, ඔබේ බදු වගකීම එතනින් අවසන්ද? Side Income එකක්, Freelance Income එකක්, Investment එකකින් ලැබෙන ආදායමක් හෝ විදේශ මූලාශ්‍රයකින් ලැබෙන ආදායමක් තිබුණොත් ඒවාට බදු බලපාන්නේ කොහොමද?

බදු ගැන කතා කරනකොට අපි බොහෝ දෙනෙක්ට තියෙන්නේ මේ වගේම ප්‍රායෝගික ප්‍රශ්න. ඒ නිසා මේ Episode එකෙන් අපි පුද්ගල ආදායම් බදු ගැන දැනගන්නම ඕන මූලික කරුණු සරලව සහ ප්‍රායෝගිකව තේරුම් කරන්න උත්සාහ කරනවා.

සම්පූර්ණ වැඩසටහනට ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ 👇

23/05/2026

ඔයත් රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් (Side Hustle) හොයන කෙනෙක් නම් ,පොඩියට හරි බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න.

ලක්ෂ 5ක ආයෝජනයක් ව්‍යාපාරයක් දක්වා ගොඩනගන ප්‍රායෝගික වැඩපිළිවෙලක් යෝජනා කරනෆ් ව්‍යාපාර උපදේශන සැසියක් අද අපි අරගෙන ඇවිත් තියෙනවා.

ඔයාගේ බිස්නස් අයිඩියා එක පියවරෙන් පියවර මහපොළවේ යතාර්ථයක් කරවන විදිහ ගැන හරියටම දැනගන්න සම්පූර්ණ වැඩසටහන බලන්න. ලින්ක් එක පළවෙනි Comment එකේ 👇

13/11/2025

ඔබේ සාක්කුවටත්, රටේ ආර්ථිකයටත් තීරණාත්මක 2026 අයවැය පිළිබඳව වඩාත්ම විවෘත හා විශ්ලේෂණාත්මක අදහස් ටිකක් අපි මේ පාර Podcast එකෙන් අරන් ඇවිත් තියෙනවා.
අපි මෙතනදී කතා කරන්නේ, ආණ්ඩුවේ තීන්දු තීරණ තනි පුද්ගලයෙකු ලෙස ඔබට සහ සමස්ථ රටේ ඉදිරි ගමනට බලපාන්නේ කොහොමද කියලා. සාම්ප්‍රදායික කතාබහෙන් ටිකක් වෙනස් ආර්ථික විශ්ලේෂණ කෝණයකින් වීවෘතව අයවැය තීරණ ගැන කියවීමක් කරන්න අපි උත්සාහ කරනවා.

⭕ආර්ථික වර්ධන ඉලක්ක: ආණ්ඩුවේ උපකල්පන යථාර්ථයක් වෙයිද?
⭕උද්ධමනය සහ බදු: බදු සංශෝධන නිසා ඔබේ දෛනික වියදම්වලට මොකද වෙන්නේ?
⭕වාහන මිල: හැමෝම බලන් ඉන්න වාහන මිලේ වෙනස ගැන විශ්ලේෂණාත්මක පිළිතුරක්!
⭕ඩිජිටල් විප්ලවය: ඩිජිටල් තාක්ෂණයට ගත් තීරණ ඔබේ රැකියාවට හා ව්‍යාපාරයට බලපාන්නේ කොහොමද?

ව්‍යාපාර හා ආයෝජන අවස්ථා.

⭕සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර: නව ණය පහසුකම් වලින් ඔබ ප්‍රයෝජන ගන්නේ කොහොමද?
⭕දේපළ වෙළෙඳාම්: දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය පුළුල් කිරීමට ගත් තීරණවලින් ඔබට ලැබෙන වාසි මොනවාද?
⭕BPO / IT අවස්ථා: ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීමට දරන උත්සාහයන් නව රැකියා උත්පාදනයට බලපායිද?

රටක අයවැය කියන්නේ ලබන වසරේ ඔබේ ජීවිතයේ සැලැස්මට සෘජුවම බලපාන කාරණාවක්.මේ සියුම් කාරණා ගැන පොදු ජනතාවක් විදිහට අවධානයෙන් හා අවබෝධයෙන් සිටීම රටක පුරවැසියෙක් වශයෙන් අතිශය වැදගත්.

ඔබේ දැනුමට වටිනාකමක් එකතු කරන්න, ආර්ථිකමය වශයෙන් හෙට දවසට මුහුණ දෙන්න ඔබව පෙරසූදානම් කරවන්නට අවශ්‍ය අත්වැලක් මේ මගින් ලැබේයැයි අපි විශ්වාස කරනවා.

සම්පූර්ණ වැඩසටහනට Link එක 👇
https://www.youtube.com/watch?v=x4qPwM9av04

📢 සම්පුර්ණ වැඩසටහන නරඹා ඒ පිළිබඳව ඔබේ අදහස සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා.

04/11/2025

ඔබ ඔබේ ව්‍යාපාරය සාර්ථකව පුද්ගලික සීමිත සමාගමක් (Private Limited Company) ලෙස ලියාපදිංචි කර අවසන්ද?
එසේනම්, දැන් ඇත්තේ ඔබේ ව්‍යාපාරය නිසි නීතිමය රාමුවක් තුළ ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය අඩිතාලම දැමීමයි.
මේ වැඩසටහනෙන් අපි ඒ සඳහා ගතයුතු අත්‍යවශ්‍ය පියවර මොනවාද යන්න පිළිබඳව ඔබව දැනුම්වත් කරනවා.

ලියාපදිංචියෙන් පසු ඔබ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කාර්යයන් සහ ලේඛන කටයුතු පිළිබඳ සම්පූර්ණ මඟ පෙන්වීමක් මෙයින් ඔබට හිමි වේ.

🟢මේ කොටසින් ඔබ දැනුවත් වන ප්‍රධාන කරුණු:

• ප්‍රයිවට් ලිමිටඩ් සීමාවන් – තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා එය වෙනස් වන්නේ කෙසේද?
• බැංකු කටයුතු – නිවැරදිව බැංකු ගිණුමක් ආරම්භ කිරීම හා Board Resolution හි වැදගත්කම.
• TIN සහතිකය – TIN (ටින්) අංකය ලබා ගැනීම සහ එහි නීතිමය භාවිතය.
• ලේඛන සහ භාවිතය – චෙක් පොතක වැදගත්කම, සමාගමේ අත්‍යවශ්‍ය සීල් වර්ග සහ නිල නාම භාවිතය.
• පාලන ව්‍යුහය – තීරණ ගැනීමේ අයිතිය හා වගකීම අධ්‍යක්ෂවරුන් අතර බෙදී යන ආකාරය.
• වාර්ෂික අවශ්‍යතා – සමාගමක් වසරක් පාසා අලුත් කිරීම අවශ්‍යද? ගිණුම් තැබීමේ වර්ෂය කුමක් විය යුතුද?

ඔබේ ව්‍යාපාරය නීත්‍යානුකූලව, කාර්යක්ෂමව සහ සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු ප්‍රායෝගික දැනුම මේ වැඩසටහනෙන් ලබාගන්න!

සම්පුර්ණ වැඩසටහනට ලින්ක් එක 👇
https://www.youtube.com/watch?v=WPuX_SnbJBA

Address

No. 90, Drive N. M. Perera Mawatha, Colombo 08
Colombo
00800

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94772787312

Alerts

Be the first to know and let us send you an email when AJ Corporate Services PTE LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AJ Corporate Services PTE LTD:

Shortcuts

Share