E- Design Architecture Sri Lanka

E- Design Architecture Sri Lanka �����

කිරිදිවෙල projectclient - south KoreaArchitectural Designer - ප්‍රසාද් හේවාමානගේ Design Firm - E-Design ( Biyagama )Cont...
13/04/2026

කිරිදිවෙල project
client - south Korea
Architectural Designer - ප්‍රසාද් හේවාමානගේ
Design Firm - E-Design ( Biyagama )
Contact number - 0772251004 ( whatsapp )

House Design E-Design Architecture Architectural Designer - Prasad Hewamanage Contact number - whatsapp 0772251004Sri La...
14/08/2025

House Design
E-Design Architecture
Architectural Designer - Prasad Hewamanage
Contact number - whatsapp 0772251004
Sri Lanka

"Design with purpose, create with passion."
13/06/2025

"Design with purpose, create with passion."

කෝටියක් වටින working drawings තුන්වන ලිපිය ( Sections )මුලින්ම හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා.කෝටියක් වටින worki...
31/03/2021

කෝටියක් වටින working drawings
තුන්වන ලිපිය ( Sections )

මුලින්ම හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා.කෝටියක් වටින working drawings ලිපිපෙළේ තුන්වන ලිපියට ඔයාලා හැමදෙනාම ඉතා ළෙන්ගතුව පිළිගන්නවා.අපේ page එකට අලුතෙන් එකතු වුන හැමෝටම මම ආරාධනා කරනවා මෙම ලිපිය කියවීමට පෙර මම කලින් ඉදිරිපත් කරපු ලිපි දෙක කියවන්න කියලා.මොකද මම මේ ලිපි පෙළ ඉතා ක්‍රමානුකූලවයි ඉදිරිපත් කරන්නේ.මම කලින් ඉදිරිපත් කරපු ලිපි දෙකටත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබිලා තිබුනා.ඒ විතරක් නෙවෙයි අපේ E-Design Architecture page එකේ Follows 1200 සීමාවට ලං වෙලා තියෙනවා.ඉතින් ලොකු සතුටක් හිතේ තියාගෙන තමයි මෙම ලිපිය ඔයාලට පිළිගන්වන්නේ.

මට තව පුංචි දෙයක් ඔයාලට කියන්න ඕනෙ.ගෙවුනු සති දෙක තුල අපේ page එක පමනක් විස්වාස කරලා සේවාදායකයො කිහිපදෙනෙක් අපිට house design බාරදීලා තිබුනා.මෙයින් දෙදෙනෙක් ලංකාවෙන් පිට ඉන්න අය.එයාලා,මාව කවදාවත් දැකලවත් නැහැ. මම කවුද කියලවත් එයාලා දන්නෙ නැහැ.මම ලියන දේවල් පමනක් විස්වාස කරල තමයි එයාලා එයාලගෙ ජීවිතේ තියන ලොකුම හීන‍ය ඇදලා දෙන්න කියලා මට බාර දුන්නෙ. කොච්චර උනත් ඒ දෙන්නගෙම හිතේ පොඩි චකිතයක් තිබුනා කියලා මට තේරුනා.ඒ නිසා මගේ හිතටත් ටිකක් හරිනැහැ වගේ.ඊට පස්සේ තමයි මම මගේ fb page එකේ profile picture එකේ තිබුනු logo එක අයින් කරලා මගේ photo එකක් ඒකට දැම්මේ.දැන් එයාලා දන්නවා මොකාද එයාලගෙ house design එක කරන්නෙ කියලා.මොකද එක දශමෙක හරි අවිශ්වාසයක් එක්ක මම වැඩකරන්න කැමති නැහැ.මම ගොඩක් මහන්සිවෙලා තමයි මගේ ආයතනය මේ තත්වෙට ගෙනාවෙ.මොනම හේතුවක් නිසාවත් මගේ ආයතනය ගැන තියන විශ්වාසය නැතිවෙන්න මම වැඩ කරන්නෙ නැහැ.ඒ නිසා අපිත් එක්ක දැනටමත් එකතුවෙලා ඉන්න අයටත්, එකතුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් මම මගේ ආයතනයෙ සේවාව ගැන සම්පූර්ණ වගකීමක් ලබාදෙනවා. ඇත්තටම මට මුදල් වලට වඩා වටින්නෙ මගේ ආයතනයෙ නම සහ කොලිටිය රැකගන්න එක.

හරි එහෙනම් අපි අපේ මාතෘකාවට යමු.ඊට කලින් හැමෝගෙම පහසුව සදහා working drawings list එක පහතින් සදහන් කරන්නම් .

1) setting out plan
(අත්තිවාරම් කැපීම් සදහා )

2) floor plan
( බිත්ති බැදීම සදහා)

3) sections
(බිත්තිවල උස,ජනේලවල උස,වහලයේ උස වැනි කරුනු සදහා)

4) elevation
( නිවසේ බාහිර පෙනුම ලබාගැනීම සදහා)

5) roof plan
(වහලයේ බෑවුම,දිග පළල ,යොදන අමුද්‍රව්‍ය තීරනය සදහා)

6) electrical layout
(ලයිට්,ස්විච්,ප්ලග් පොයිට්,AC පොයිට් ... වැනි සියලුම විදුලිය සම්බන්ධ උපකරණ වල පිගිටීම හා ඒවා ප්‍රධාන පරිපථයට සම්බන්ධ වන ආකාරය හඳුනා ගැනීම සඳහා )

7) toilet detail layout
( බාත්රූම් එකේ සින්ක් එකේ , කොමඩ් එකේ, ශවර් එකේ පිහිටීම ලබාගැනීම හා උස ප්‍රමාණ ලබාගැනීම සදහා)

8) tile layout
( අවශ්‍ය කරන ටයිල් ප්‍රමාණය තීරනය කිරීම සදහා )

9) door and window layout
(නිවසේ සියලුම දොර ජෙනෙල් වල දිග පළල හා අවශ්‍ය ප්‍රමාණය තීරණය කිරීම සඳහා )

10) service layout
( වැසිකිලි අපද්‍රව්‍ය සහ මුළුතැන්ගෙයි අපජලය ගමන් කලයුතු මාර්ගය, ගලි වලවල් යෙදිය යුතු තැන් සහ අප ජලය එකතුවෙන වලවල් වල පිහිටීම ලබා ගැනීම සඳහා )

11) down pipe position layout
(වහලයට වැටෙන වැසිජලය ගමන් කලයුතු මාර්ගය තීරනය කිරීම සදහා)

12) rainwater layout
( වහලයෙන් පහලට වැටෙන වැසි ජලය හා ඉඩමට වැටෙන වැසි ජලය කලමනාකරනය සදහා )
_____________________________________
අපි මේවෙනකොට අංක 1 සහ 2 ගැන කතාකරලා ඉවරයි.ඒ කියන්නෙ setting out plan එකට අනුව ඔයාලගෙ ඉඩමෙ නූල් ටික ඇදලා , අත්තිවාරම් කපලා,අත්තිවාරම් බැඳලා , floor plan එකට අනුව බිත්ති ටික බඳින්න පටන් අරන් ඉවරයි.දැන් බිත්ති ටික බැඳගෙන යනකොට මේ බඳින බිත්ති කොච්චර උසකින් නතරකරන්න ඕනෙද කියන ප්‍රශ්නය එනවා නේද? අන්න එතිකොට තමයි මේ sections කියන drawing එක ඕනෙ වෙන්නෙ.මේ section drawing එකෙන් ඔයාගෙ නිවස ඉදිකිරීමට අවශ්‍ය වන සියලුම උසවල් (heights ) ලබාගන්න පුලුවන්. section drawing වලින් කෙරෙන වැඩ ගොඩක් තියනවා.මම ඒව පහතින් එකින් එක සදහන් කරන්නම්.

* නිවසේ ගෙබිමේ ඇති මට්ටම් ( levels ) හදුනාගැනීම
* පොලවේ සිට ජනේලවල පහත මට්ටමට ඇති උස ( sill height )
*දොර ජනේල වල උස
* සැලැබ් එකේ , සිවිලිමේ උස
*වහලේ මුදුන් ලීයට ඇති උස
*වහලේ යට ලී වලට ඇති උසවල්
* වහලයේ ආනතිය ( angle )
* පඩිපෙලට අදාල පඩි ගනන
* පඩිපෙලේ හැඩය සහ එක් පඩියක ප්‍රමානය
*කොන්ක්‍රීට් බීම් ගමන් කරන උස ප්‍රමාන
* upstand බීම් හදුනාගැනීම
* slab එක drop වෙන තැන් හදුනාගැනීම
*කැනොපි slab වැටෙන තැන් දැනගැනීම.
* වතුර ටැංකියේ පිහිටීම ලබා ගැනීම
* අත්වැට( handrail ) වල උස ලබාගැනීම
* නිවස තුල ඇති double height space හදුනාගැනීම

මේ වගේ වැඩ කෝටියක් විතර කරගන්න ඕනවෙන drawing එකක් තමයි section drawing එක කියලා කියන්නෙ.සමගර අය ඇඳපු plan වල section එක දැක්කම ඒක ඇඳපු මනුස්සයා කොච්චර කම්මැලි මනුස්සයෙක්ද කියලා හිතාගන්න පුලුවන්.බාගෙට details දාලා එහෙන් මෙහෙන් උසවල් ටිකක් දාලා ඔහේ බාරදෙනවා.ඔබ අනාගතයේ නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ ලිපිය save කරලා තියාගන්න.ඔයාගෙ house plan එක ඇඳපු කෙනා ඔයාට දෙන section drawing වල මේ කරුනු අඩංගු වෙලා තියනවද කියලා හොදට check කරලා බලන්න.section drawings වල හරියට තොරතුරු ටික නැතිඋනොත් බාස්ට ඕන විදිහට තමයි මිනිහා වැඩේ කරන් යන්නෙ.හොද බාස් කෙනෙක් set උනොත් නම් මිනිහා කියයි මේකෙ details අඩුයි කියලා.ඊට පස්සෙ ඔයාලට plan එක ඇඳපු කෙනා පස්සෙ දුවන්න වෙයි ඒ details ටික ඉල්ලගෙන. කෙනෙක්ගෙන් මුදල් අරන් වැඩක් කරද්දි වත් ඒ වැඩේ කැපවීමෙන් කරන්න බැරිනම් ඒ මනුස්සයගෙන් වැඩක් නැහැ.designer කෙනෙක් තෝරගද්දි එයා කරපු වැඩ දෙක තුනක් අනිවාර්යයෙන් බලන්න.කරන්නම් වාලෙ වැඩ කරන මිනිස්සු නම් plan එකක් ඇඳගන්නවා තියා ගේ අතුගාන්නවත් ගන්න එපා.

දැනගන්න ඕන තව දෙයක් තමයි ඔයාල හදන්න බලාපොරොත්තු වෙන ගෙදර එක වහලයකට වඩා තියනව නම් ඒ හැම වහලයක් හරහම section එකක් ඇඳ තිබිය යුතුයි.සරලව කිව්වොත් වහලයක් හදන්න ඕනෙ නම් අනිවාර්යයෙන් ඒ වහලය සදහා වෙනම section එකක් තිබිය යුතුයි.මේ කතාව කිව්වම සමහරු මට බනී."මේ යකා මොනවද මේ කියවන්නෙ,අපි වහලවල් ගහන්නෙ ඇහේ ලෙවල් එකටනෙ කියලා" ලොකු ගානක් වියදම් කරලා plan ඇඳලා එකඑක්කෙනාගෙ ඇහේ ලෙවල් එකට වැඩ කරන්න ගිහින් වැඩ අවුල් කරගන්න එපා.ඔයාලා මුදල් දීලා plan එක ඇඳගන්නවා නම් ඔයාලට අයිතියක් තියනවා design එක සහ ඊට අදාලා detail ගැන කතාකරන්න.ඒ නිසා මම හැමදාම කියනවා වගේ හොඳට දැනුවත් වෙන්න, තොත්තබබාලා වගේ ඉදලා නම් ගෙවල් හදන්න යන්න එපා.මම අත්දැකීමෙන් ඔයාලට කියන්නෙ. සමහර විට ඔයා, ඔයාගෙ ජීවිතකාලෙ කරන ලොකුම investment එක මේක වෙන්න පුලුවන්.අනික ඔයාලා ගෙවල් හදන්නෙ ඔයාලට විතරක් ඉන්න නෙමෙයි.කවදහරි ඔයාලගෙ ලමයිගෙ ලමයිනුත් ඕවා වල ජීවත් වෙයි.

අනිත් කාරනය තමයි ඔයාගෙ නිවසෙ පඩිපෙල හරහා අනිවාර්යයෙන් section එකක් ඇද තිබිය යුතුමයි.පඩිපෙලේ හැඩය , පරාසය , පඩියක උස යන කරුනු ඔක්කොම තියෙන්නෙ section drawing වල තමයි.මම මේ post එකට දාලා තියෙන්නෙ මම ඇඳපු section එකක්.ඒක ටිකක් zoom කරල බලන්න.පඩිපෙල හරහා section එක ගිහින් තියන විදිහ.මම ඇඳපු section එකේ බලන්න කොච්චර details ප්‍රමාණයක් දාලාතියනවද කියලා.දැනටමත් ඔයා plan එකක් ඇඳගෙන ඉවරනම් මේ කරුනු ටික check කරලා බලන්න.ගෙදර වැඩ පටන්ගන්න කලින් plan set එක හරියටම finalize කරගෙන ඉන්න.

Plan ටික හරියට නැතිඋනොත් ඒ කියන්නෙ details ටික බාගෙට තිබුනොත් construction එකේදි බාස් අන්කල් මොන වැරැද්ද කලත් කට වහන් තමයි ඉන්න වෙන්නෙ.මිනිහා කියයි plan එකේ විදිහට තමයි කලේ කියලා.ඒ නිසා මේ ලිපි කියවලා ඒවා අමතක කරලා දාන්න එපා.මේ හැමදේම ලියන්නෙ ඔයාලගෙ හොදට.මේ ලියන දේවල් වල නොතේරෙන දෙයක් තියනවා නම් මට මැසේජ් එකක් එවන්න.නැත්තන් මගෙ whatsApp number එකට call එකක් හරි ගන්න.මගේ whatsApp number එක දැකලා බයවෙන්න එපා.මම ඩුබායි ඉන්නකොට පාවිච්චි කරපු number එක තමයි තාම whatsApp එකේ තියෙන්නෙ.මම ඒක වෙනස් කලේ නැහැ.මගෙ යාලුවො ගොඩදෙනෙක් ඒ number එකට තමයි මට කතා කරන්නෙ.මට කෝල් එකක් ගන්න ඕනෙ නම් මගේ whatsApp number එක ඔය තියන විදිහටම ඔයාලගෙ phone එකේ save කරගෙන whatsApp එකෙන් කතා කරන්න.මම ඔයාලට කලිනුත් කියලා තියනවා මම දැනට වැඩ කරන්නෙ බහරෙන් වල.ඔයාලට මගෙන් දැනගන්න දෙයක් තියනවා නම් මට සිකුරාදා හෝ සෙනසුරාදා කතාකරන්න.සතියෙ දවස් වල උදේ 10.30 ට කලින් හෝ රෑ 7.30 න් පස්සෙ කතාකරන්න .ඔයාලා ඕනම වෙලාවක මට මැසේජ් එකක් දාන්න.ඕනම මැසේජ් එකකට මම උත්තරයක් එවනවා.

එහෙනම් මම තුන්වෙනි ලිපිය මෙතනින් නවත්වනවා.ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියනවා.මගේ ලිපි ගැන ඔයාලට හිතෙන දේ ගැන පොඩි අදහසක් කොටාගෙන යන්න .ඒක මට ලොකු හයියක්. මගේ මේ ලිපි පෙල ඔයාලගෙ යාලුවො අතරේ share කරන්න.ඔය දෙකම බැරිනම් ලයික් එකක් හරි දාගෙන යන්න.
ස්තූතියි...

"කෝටියක් වටින Working Drawings" හතරවන ලිපියෙන් නැවත හමුවෙමු.
ඔබට සුභ අනාගතයක් ....

ප්‍රසාද් හේවාමානගේ ..🖋️

අපගේ ආයතනය මගින් ඔබට ලබාගතහැකි සේවාවන්.

1) ප්‍රාදේශීය සභා අනුමැතිය සඳහා සැලසුම් නිර්මාණ
( council approval drawings )

2) නිවස ඉදිකිරීම සදහා බාවිතා කරන සැලසුම් නිර්මාණ
( working drawings )

3) 3D නිර්මාණ
( ඉහත 2 සේවාවන් සදහා 3D නිර්මාණ නොමිලේ ලබාගත හැක)

4) දැනට පවතින නිවසේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සදහා සැලසුම් නිර්මාණය කිරීම.
( Renovation drawings )

අපගේ සේවාවන්වල මිලගනන් දැනගැනීමට අවශ්‍ය නම් අපගේ page එකට මැසේජ් එකක් දාන්න.

කෝටියක් වටින Working drawings දෙවන ලිපියහැමෝටම සුභ දවසක් .කෝටියක් වටින working drawings දෙවන ලිපියට හැමදෙනාම සාදරයෙන් පි...
31/03/2021

කෝටියක් වටින Working drawings
දෙවන ලිපිය

හැමෝටම සුභ දවසක් .කෝටියක් වටින working drawings දෙවන ලිපියට හැමදෙනාම සාදරයෙන් පිලිගන්නවා.ගිය සතියෙ මම ඉදිරිපත් කළ, මෙම ලිපිපෙළේ පළමු ලිපියට හිතාගන්නවත් බැරි විදිහට ප්‍රතිචාර ලැබුණා.ඇත්තටම මම මේ වගේ ඉහල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නැහැ .මට ඕන උනේ මම දන්න දේ ඔයාලා අතර බෙදාදෙන්නයි.ගෙවුණු සතිය තුළ සිය ගණනක් මට මැසේජ් කරලා, ලයික් කරලා තිබුණා.මම ඒ හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා.මට පුළුවන් හැකි අයුරින් මට මැසේජ් කරපු සියලු දෙනාට රිප්ලයි එකක් දාලා තියෙනවා.පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අපේ ආයතනයේ වැඩපිළිවෙළ ගැන දැනුවත් උනා.දැනටමත් ඉන් කිහිප දෙනෙක් අප සමග ඇතිකරගත් විශ්වාසය මත ඔවුන්ගේ නිවස ඩිසයින් කිරීමට අපට බාරදීලා තියනවා.ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඉදිකිරීම් ආයතන කීපයක් අප ආයතනය සමග වැඩ කිරීමට කැමැත්ත පල කරලා තියෙනවා.ලංකාවේ ආකිටෙක්ට්ලා කීපදෙනෙක් අපගේ වැඩපිළිවෙළ ගැන සුභ පතල අපට මැසේජ් කරලා තිබුණා.ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.ලැබුණු ඉහළ ප්‍රතිචාර එක්ක මට තේරුම් ගියේ අපි හොද චේතනාවෙන් දෙයක් කරනවා නම් එම ක්‍රියාවට ලැබෙන ප්‍රතිඵලයද ඉතා හොඳ එකක් වන බවයි.
_____________________________________
මේ ලිපිය කියවන හැමෝගෙම පහසුව සඳහා working drawings list එක පළමු ලිපියේ පරිදිම පහතින් සඳහන් කරන්නම්

1) setting out plan
(අත්තිවාරම් කැපීම් සදහා )

2) floor plan
( බිත්ති බැදීම සදහා)

3) sections
(බිත්තිවල උස,ජනේලවල උස,වහලයේ උස වැනි කරුනු සදහා)

4) elevation
( නිවසේ බාහිර පෙනුම ලබාගැනීම සදහා)

5) roof plan
(වහලයේ බෑවුම,දිග පළල ,යොදන අමුද්‍රව්‍ය තීරනය සදහා)

6) electrical layout
(ලයිට්,ස්විච්,ප්ලග් පොයිට්,AC පොයිට් ... වැනි සියලුම විදුලිය සම්බන්ධ උපකරණ වල පිගිටීම හා ඒවා ප්‍රධාන පරිපථයට සම්බන්ධ වන ආකාරය හඳුනා ගැනීම සඳහා )

7) toilet detail layout
( බාත්රූම් එකේ සින්ක් එකේ , කොමඩ් එකේ, ශවර් එකේ පිහිටීම ලබාගැනීම හා උස ප්‍රමාණ ලබාගැනීම සදහා)

8) tile layout
( අවශ්‍ය කරන ටයිල් ප්‍රමාණය තීරනය කිරීම සදහා )

9) door and window layout
(නිවසේ සියලුම දොර ජෙනෙල් වල දිග පළල හා අවශ්‍ය ප්‍රමාණය තීරණය කිරීම සඳහා )

10) service layout
( වැසිකිලි අපද්‍රව්‍ය සහ මුළුතැන්ගෙයි අපජලය ගමන් කලයුතු මාර්ගය, ගලි වලවල් යෙදිය යුතු තැන් සහ අප ජලය එකතුවෙන වලවල් වල පිහිටීම ලබා ගැනීම සඳහා )

11) down pipe position layout
(වහලයට වැටෙන වැසිජලය ගමන් කලයුතු මාර්ගය තීරනය කිරීම සදහා)

12) rainwater layout
( වහලයෙන් පහලට වැටෙන වැසි ජලය හා ඉඩමට වැටෙන වැසි ජලය කලමනාකරනය සදහා )
_____________________________________

හරි අපි දැන් අපේ මාතෘකාවට බහිමු .පළමු ලිපියෙන් අපි කතා කලේ Setting out plan එක පිළිබඳව.Setting out plan එකෙන් කෙරෙන දේ ගැන දැන් ඔයාලා හොදටම දන්නවා.මගේ පළමු ලිපියට එක මහත්මයෙක් හොද ප්‍රශ්නයක් යොමු කරල තිබුණා.ඇත්තටම ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක් .ඔයාලව දැනුවත් කිරීම සඳහා මම ඒ ප්‍රශ්නය සහ ඊට අදාළ පිළිතුර පහතින් සඳහන් කරන්නම් .

ප්‍රශ්නය - අත්තිවාරම කපන්නෙ structural drawing එකට නෙවෙයිද?

පිළිතුර - අත්තිවාරම කපන්න කලින් අත්තිවාරමේ පිහිටීම ලබාගන්න ඕනෙ.අත්තිවාරමේ center point එක ගන්න තමයි නූල් ඇදීම සිදුකරන්නෙ.setting out plan එකට අනුව නූල් ටික ඇදලා අත්තිවාරමේ center point එක හොයාගෙන structural drawing එකේ ඇති , අත්තිවාරමේ පළල ලැබෙන පරිදි අර center point නූල දෙපැත්තට offset කරනවා. අත්තිවාරමේ ගැබුර තීරණය කරන්නේද structural drawing එකේ details අනුව. setting out plan එකක ප්‍රදාන කාර්ය තමයි ඔයාගෙ ඉඩම තුල , නිවසේ අත්තිවාරමේ පිහිටීම ලබාගැනීම.
_____________________________________

හරි දැන් අපි හිතමු Setting out plan එකට අනුව නූල් ටික ඇදල ඉවරයි කියලා .දැන් කරන්න තියෙන්නේ අත්තිවාරම කපන වැඩේ. අත්තිවාරම කපන්න කලින් එහි පළල සහ ගැඹුර දැනගෙන ඉන්න ඕනේ .ඒ සඳහා තමයි structural drawing set එක තියෙන්නෙ. structural engineer කෙනෙක්ගෙන් structural drawing set එක ඔයාලට කරගන්න පුලුවන්.(මම මේ ලිපි පෙළෙන් කතා කරන්නේ architectural working drawings ගැන පමණක් නිසා sructural drawings ගැන වෙනම ලිපියකින් ඔයාලව දැනුවත් කරන්නම්).

හරි දැන් ඔයාලා අත්තිවාරම බැඳලා ඉවරයි කියලා හිතමු.දැන් කරන්න තියෙන්නේ බිත්ති බඳින වැඩේ.මේ වැඩේට තමයි working drawings වල දෙවන drawing වර්ගය අවශ්‍ය වන්නේ .

2 Floor plan
( බිත්ති බැදීම සදහා)

බිත්තියකින් සිදු කරන්නේ ඔබේ නිවසේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය කොටස් වලට වෙන් කිරීම( partition ) සහ බාහිර පරිසරයෙන් නිවසේ අභ්‍යන්තරය ආරක්ෂා කිරීම යන ප්‍රධාන කරුණු දෙකයි .

ඇත්තටම floor plan එකක් කියලා කියන්නේ ඔබේ නිවස, පොළොව මට්ටමේ සිට අඩි හතරකින් කපා උඩ කොටස ඉවත්කර ඉතිරි කොටස දෙස ඉහළ සිට බැලූ විට පෙනෙන ආකාරයයි.ඔබ පොඩ්ඩක් හිතල බලන්න දැනට ඔබ ජීවත් වෙලා සිටින නිවස, ඔබේ ඉන මට්ටමින් කපා,නිවසේ උඩ කොටස ඉවත් කරා කියලා.දැන් ඔබේ නිවසේ වහලයක් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ .දැන් ඉතිරිවෙලා තියෙන කොටස දෙස ඉහළ සිට බැලූ විට පෙනෙන ආකාරය තමයි floor plan එකකින් පෙන්නුම් කරන්නේ .

Floor plan මගින්, බිත්ති අතර දුර ,බිත්තියේ ඝනකම , living room bed room වැනි නිවසේ අභ්‍යන්තර කොටස් වල දිග සහ පළල , දොර සහ ජනේල වල පිහිටීම ,නිවසේ බිමෙහි මට්ටම් ( floor levels ),car park,swimming pool,staircase, balcony සහ verandas වල පිහිටීම වැනි ප්‍රධාන තොරතුරු ලබාගත හැක.ඊට අමතරව නිවසට යෙදීමට බලාපොරොත්තුවන ගෘහ භාණ්ඩ , සින්ක් , කොමඩ්, කියුබිකල්,ගෑස් කුකර්,වොශින් මැශින් වැනි ප්‍රධාන උපකරණ වල පිහිටීම මෙම floor plan මගින් දැක්විය හැක .ඔබ ඔබේ නිවසේ interior design එකක් හෝ 3D එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙම floor plans ඉතා නිවැරදි ලෙස සකසා ගැනීම අනිවාර්ය බව හොදින් මතක තබා ගන්න.
තවද ඔබේ නිවස තට්ටු කිහිපයකින් සමන්විත නම් එම සෑම තට්ටුවක් සඳහාම වෙන වෙනම floor plans ලබා ගැනීමට කටයුතු කරන්න .

"කෝටියක් වටින Working Drawings"
තුන්වන ලිපියෙන් නැවත හමුවෙමු.
ඔබට සුභ අනාගතයක් ....

ප්‍රසාද් හේවාමානගේ ..🖋️

අපගේ ආයතනය මගින් ඔබට ලබාගතහැකි සේවාවන්.

1) ප්‍රාදේශීය සභා අනුමැතිය සඳහා සැලසුම් නිර්මාණ
( council approval drawings )

2) නිවස ඉදිකිරීම සදහා බාවිතා කරන සැලසුම් නිර්මාණ
( working drawings )

3) 3D නිර්මාණ
( ඉහත 2 සේවාවන් සදහා 3D නිර්මාණ නොමිලේ ලබාගත හැක)

4) දැනට පවතින නිවසේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සදහා සැලසුම් නිර්මාණය කිරීම.
( Renovation drawings )

අපගේ සේවාවන්වල මිලගනන් දැනගැනීමට අවශ්‍ය නම් අපගේ page එකට මැසේජ් එකක් දාන්න.

Your dream ......   without color ....
31/03/2021

Your dream ...... without color ....

කෝටියක් වටින Working Drawingsපළමු ලිපිය සුබ දවසක් හැමෝටම.මම ඔයාලට පොරොන්දු උනා working drawings ගැන වෙනම ලිපි පෙලක් E-De...
27/03/2021

කෝටියක් වටින Working Drawings
පළමු ලිපිය

සුබ දවසක් හැමෝටම.මම ඔයාලට පොරොන්දු උනා working drawings ගැන වෙනම ලිපි පෙලක් E-Design Architecture පිටුවෙ පලකරනවා කියලා.මගේ පිටුවට අලුතෙන් එකතූන අය දැන් බලනවා ඇති මම කවදද එහෙම පොරොන්දු උනේ කියලා.මම මීට පෙර, " පිටරට සිටින ඔබ නිවස සෑදීමට පෙර නිදානය අතට ගන්න " කියලා ලිපියක් මගේ පිටුවෙ පලකලා.මේ ලිපිය කියෙව්වනම් working drawings කියන්නෙ මොනවද කියලා ඉතා හොද අවබෝධයක් ගන්න පුලුවන් .මම ඉතාමත් සරලව එහි සදහන් කරලා තියනවා working drawings වල වටිනාකම කොච්චරද කියලා.

මගේ ලොකුම බලාපොරොත්තුව ඔයාලව දැනුවත් කිරීමයි.දැනුවත් වීම මගින් සාර්ථක ගමනක් යන්න පුලුවන් කියන එක මම හැමදාම විස්වාස කරනවා.මම හින්දා කවුරුහරි එක දශමයක් හරි ඉදිරියට යනවනම් ඒක තමයි මගෙ සතුට.මගේ ලිපි වලට like එකක් comment එකක් නොලැබෙන වෙලාවට හිතට පොඩ් දුකකුත් දැනෙන අවස්ථාත් තියනවා.ඒ කොහොම උනත් මේ විදිහට ලියන එකෙන් මම ලොකු මානසික සුවයක් ලබනවා.

හරි එහෙනම් දැන් අපි කෙලින්ම මාතෘකාවට බහිමු.මේක working drawings ගැන ලියන ලිපි පෙලේ පලමු ලිපිය නිසා මම working drawings ගැන පොඩ් ගැදින්වීමක් කරලම වැඩේට බහින්නම්.

ඔයාලා දන්නව ලංකාවෙ වැඩි පිරිසක් house plan එකක් කරනවා කියලා කරන්නෙ ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා බාවිතා කරන plan එකක් ඇදලා දෙන එකට.අපි එම drawing වර්ගයට council drawings කියලා කියනවා.මෙම council drawings වලට යොදන්නෙ නිවසෙ

floor plans ( නිවසේ බිමේ සැලැස්ම )
sections (නිවසේ හරස් කැපුම් ) සහ
elevations ( නිවසේ පිටත පෙනුම )

විතරයි.නමුත් working drawing සෙට් එකකට අපි drawing වර්ග 12 ක් ලබා දෙනවා.මම එම drawing list එක පහතින් දාන්නම්.

1) setting out plan
(අත්තිවාරම් කැපීම් සදහා )

2) floor plan
( බිත්ති බැදීම සදහා)

3) sections
(බිත්තිවල උස,ජනේලවල උස,වහලයේ උස වැනි කරුනු සදහා)

4) elevation
( නිවසේ බාහිර පෙනුම ලබාගැනීම සදහා)

5) roof plan
(වහලයේ බෑවුම,දිග පළල ,යොදන අමුද්‍රව්‍ය තීරනය සදහා)

6) electrical layout
(ලයිට්,ස්විච්,ප්ලග් පොයිට්,AC පොයිට් ... වැනි සියලුම විදුලිය සම්බන්ධ උපකරණ වල පිගිටීම හා ඒවා ප්‍රධාන පරිපථයට සම්බන්ධ වන ආකාරය හඳුනා ගැනීම සඳහා )

7) toilet detail layout
( බාත්රූම් එකේ සින්ක් එකේ , කොමඩ් එකේ, ශවර් එකේ පිහිටීම ලබාගැනීම හා උස ප්‍රමාණ ලබාගැනීම සදහා)

8) tile layout
( අවශ්‍ය කරන ටයිල් ප්‍රමාණය තීරනය කිරීම සදහා )

9) door and window layout
(නිවසේ සියලුම දොර ජෙනෙල් වල දිග පළල හා අවශ්‍ය ප්‍රමාණය තීරණය කිරීම සඳහා )

10) service layout
( වැසිකිලි අපද්‍රව්‍ය සහ මුළුතැන්ගෙයි අපජලය ගමන් කලයුතු මාර්ගය, ගලි වලවල් යෙදිය යුතු තැන් සහ අප ජලය එකතුවෙන වලවල් වල පිහිටීම ලබා ගැනීම සඳහා )

11) down pipe position layout
(වහලයට වැටෙන වැසිජලය ගමන් කලයුතු මාර්ගය තීරනය කිරීම සදහා)

12) rainwater layout
( වහලයෙන් පහලට වැටෙන වැසි ජලය හා ඉඩමට වැටෙන වැසි ජලය කලමනාකරනය සදහා )

දැන් ඔයාලට පැහැදිලි ඇති council drawing වලයි working drawing වලයි අතර වෙනස. ඔබ සෑදීමට බලාපොරොත්තු වන නිවස තරමක් සංකීර්ණ නම් සහ නිවස වෙනුවෙන් ඔබ වැය කිරීමට බලාපොරොත්තු වන මුදල තරමක් වැඩිනම් අනිවාර්යයෙන් ඔබ ඔබගේ ගෘහනිර්මාන ශිල්පීයා ලවා මෙම working drawing set එක කරගන්න. එක ගොඩක් වටිනවා.නිවස ඉදිකිරීම ආරම්භයේ සිට අවසානය දක්වා අවශ්‍ය වන සියලුම details මෙම drawing set එක තුල අන්තර්ගත වෙලා තියනවා.මෙම working drawing set එක සදහා යම්කිසි මුදලක් වියදම් කිරීමට සිදුවුවත් එම මුදලට වඩා සියගුනයක් ප්‍රතිලාභයක් ඔබට අනිවාර්යයෙන් ලැබෙනවා.නිවස ඉදිකිරීමට ප්‍රතමයෙන් මුලු නිවසෙම පැහැදිලි සැලැස්ම ඔබේ අත උඩ තියාගෙන තමයි ඔබ නිවස ඉදිකිරීම් ආරම්බ කරන්නෙ.

හරි මම දැන් ඔයාලට පැහැදිලි කරන්න හදන්නෙ ඉහත සදහන් කරපු working drawing set එකේ drawings 12 න් පලමු drawing එක ගැන.

1) Setting out plan

අපි හොදටම දන්නවා නිවසක් ඉදිකිරීමේදී එහි ප්‍රදානනම කොටස එහි අත්තිවාරම කියලා.නිවසේ හැඩය , ප්‍රමාණය හා ශක්තිය යන අංග තුනටම මෙම අත්තිවාරම ප්‍රදාන ලෙස බලපානවා.මෙම setting out plan එක මගින් සිදුකරන්නෙ නිවසේ අත්තිවාරම කැපීම සදහා "නූල් ඇදීම" නම් ක්‍රියාවලියට අවශ්‍ය මිනුම් ලබාදීමයි.මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඔබේ ඉඩම තුළ ,ඔබේ නිවස ඉදි කරන ස්ථානය නිශ්චිතව හඳුනා ගැනීමයි.මෙම setting out plan එක මගින් ඔබේ ඉඩමේ මායිම්වල සිට නිවසේ අත්තිවාරමට ඇති දුරවල් සහ අත්තිවාරමේ එක් කොටසක සිට අනෙක් සෑම කොටසක් දක්වාම දිගවල් ඉතා ක්‍රමානුකූලව ලබාදේ.මෙමගින් ඉතා පහසුවෙන් නූල් ඇදීම සිදුකර අත්තිවාරම් කැපීම ආරම්භ කල හැක.අත්තිවාරම් කැපීමෙට ප්‍රතම මුල්ගල තැබීම යන ක්‍රියාවලිය සදහාද මෙම setting out plan එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

ඔබත් ඔබේ නිවස ඉදිකිරීමේදී ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා බාවිතා කරන සැලසුම් වලට (council approval drawing ) අමතරව working drawings set එකක් කරගන්නව නම් ඔබටත් මෙම setting out plan එක ලබාගෙන ඉතාමත් ක්‍රමානුකූලව ඉබේ නිවසේ අත්තිවාරම කැපීම සිදුකරගත හැක.

"කෝටියක් වටින Working Drawings"
දෙවන ලිපියෙන් නැවත හමුවෙමු.
ඔබට සුභ අනාගතයක් ....

ප්‍රසාද් හේවාමානගේ ..🖋️

අපගේ ආයතනය මගින් ඔබට ලබාගතහැකි සේවාවන්.

1) ප්‍රාදේශීය සභා අනුමැතිය සඳහා සැලසුම් නිර්මාණ
( council approval drawings )

2) නිවස ඉදිකිරීම සදහා බාවිතා කරන සැලසුම් නිර්මාණ
( working drawings )

3) 3D නිර්මාණ
( ඉහත 2 සේවාවන් සදහා 3D නිර්මාණ නොමිලේ ලබාගත හැක)

4) දැනට පවතින නිවසේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සදහා සැලසුම් නිර්මාණය කිරීම.
( Renovation drawings )

අපගේ සේවාවන්වල මිලගනන් දැනගැනීමට අවශ්‍ය නම් අපගේ page එකට මැසේජ් එකක් දාන්න.

E-DESIGN ARCHITECTURE කඩුවෙල කොතලාවල  project Modern House අපගේ ආයතනය මගින් ඔබට ලබාගතහැකි සේවාවන්. 1) ප්‍රාදේශීය සභා අනු...
27/03/2021

E-DESIGN ARCHITECTURE
කඩුවෙල කොතලාවල project
Modern House

අපගේ ආයතනය මගින් ඔබට ලබාගතහැකි සේවාවන්.

1) ප්‍රාදේශීය සභා අනුමැතිය සඳහා සැලසුම් නිර්මාණ
( council approval drawings )

2) නිවස ඉදිකිරීම සදහා බාවිතා කරන සැලසුම් නිර්මාණ
( working drawings )

3) 3D නිර්මාණ
( ඉහත 2 සේවාවන් සදහා 3D නිර්මාණ නොමිලේ ලබාගත හැක)

4) දැනට පවතින නිවසේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සදහා සැලසුම් නිර්මාණය කිරීම.
( Renovation drawings )

අපගේ සේවාවන්වල මිලගනන් දැනගැනීමට අවශ්‍ය නම් අපගේ page එකට මැසේජ් එකක් හෝ පහත් දැක්වෙන whatsApp number එකට මැසේජ් එකක් දාන්න.

whatsApp -00971581808055

Address

Colombo

Telephone

+94713274978

Website

Alerts

Be the first to know and let us send you an email when E- Design Architecture Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E- Design Architecture Sri Lanka:

Share