28/03/2026
දක්ෂයෙක් නොවී විශිෂ්ඨයෙක් වෙන්න.
" පුතා, හොදට විභාග ටික පාස් වෙලා හොද ජොබ් එකක් කරන්න "
කියන කතාව ගොඩක් අය අද සමාජයේ බොහෝමයක් දෙනාත් දරුවන්ට කිව්වට නූතන පශ්චාත් සමාජ ක්‍රමයේ පෙරට වඩා ජීවන ක්‍රමය සංකීර්ණයි සහ අපිට ඉදිරියට යන්න දැනුම සහ සහතික කියන කාරණාව පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ.
පාසල් කාලයේ සිට ම මානසික සහ කායික සමබරතාවය පවත්වා ගැනීම අතිශයින් ම වැදගත් කාරණයක්. දිනෙන් දින මානසික පීඩනය දරාගැනීමට නොහැකිව ඇතිවන රෝග මෙන් ම විවිධ වූ බෝ නොවන රෝගවලින් මියයන පිරිස වැඩි වෙනවා මිසක අඩුවෙන්නේ නැහැ.
මෙයට ප්‍රධාන වශයෙන් බලපාන හේතුවක් ලෙස මේ අසතුලිත ලෙස ඇතැම් විට අපේ අධ්‍යාපන ක්‍රමය නිර්වචනය කරගෙන තිබෙනවා කියන කාරණය ඔස්සේ පෙනීයන දෙයක්.
ඒ නිසයි 2021 වසරේ සිට මේ දක්වා ශාරීරික සහ මානසික යහපැවැත්මෙන් යුක්ත දරු පිරිසක් බිහි කිරීමේ අරමුණෙන් ඒ හා සම්බන්ධ පුහුණු වැඩසටහන් පැවැත්වීම මා විසින් ආරම්භ කලේ.
කම්මැලි කමින් අධ්‍යාපනයටත් එතරම් උනන්දුවක් නොමැතිව සිටි මා තුල සිටි විශිෂ්ඨයාව අවදිකිරීමට මා හට පිටුබලයක් වුණේ ක්‍රීඩාව කියන ඖෂධය
මීට සමගාමීව පැවැත්වුණු තවත් වැඩසටහනක් ඊයේ දිනයේදී උඩදුම්බර චූලාභය මහා විද්‍යාලයේ දී පැවැත්වුණා.
එහිදී එහි ක්‍රීඩා කණ්ඩායමේ සිටින දරු දැරියන් 100 කට ආසන්න ප්‍රමාණයකට පැය තුනක පුහුණු වැඩසටහනක් පැවැත්වීමට මා හට ආරාධනයක් ලැබුණා. මෙම වැඩසහනේදී,
1) ක්‍රීඩාවක් තුලින් අධ්‍යාපනයේ මෙන් ම ක්‍රාඩාවේද විශිෂ්ඨයෙක් වෙන්නේ කොහොමද ?
2) දුර්වලම හැකියාව විශිෂ්ථත ම හැකියාවක් බවට පත් කරගන්නේ කොහොමද ?
3) Unbeaten Mindset එකක් තුලින් ජීවිතේ ඕනෑ ම අභියෝගයක් තුලින් ඉදිරියට ගමන් කරන්නේ කොහොමද ?
4) ඉදිරියේදී පැවැත්වෙන තරගවලදී තමන්ගේ උපරිම දක්ෂතා අතරට පැමිණෙන්නේ කොහොමද ?
කියන කාරණා පිලිබද ව මාගේ පෞද්ගලික අත්දැකීම් ද එකතු කරගනිමින් වැඩසටහන පැවැත්වූවා.
ආරාධනය සිදුකලේ පාසලේ ක්‍රීඩා පුහුණු කරු වගේ ම ආචාර්යවරයෙකුවශයෙන් කටයුතු කරන මා මිත්‍ර Krishan Madushanka මහතා විසින්. බොහොම ස්තූතියි ඔබේ ඒ ආරාධනයට. (ඒ වගේ ම දරු දැරියන් පිරිසකගේ අනාගතය වෙනස් කරන්න ඔබ දරන වෙහෙසට මාගේ ගෞරවය)
This is Journey of the Unbeaten Mindset
තවත් බොහෝ දෑ ඉදිරියට...
Lakruwan Pallewela