13/08/2022
ලංකාවේ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයේ තියෙන ගැටලු මෙපණයි කියන්නට බැහැ. 🥲
ගොවීන්ට අවශ්‍ය පොහොර කෘමිනාශක, සහ අවශ්‍ය බීජ ලබා ගැනීමේ සිට අස්වනු විකිණීම දක්වා ගැටලු ගොඩක් තියෙනවා.
ඒ කොච්චර ගැටලු තිබුනත් ගොවිතැන තම ජීවිකාව කරගත් ගොවි මහත්වරුන් වගාව නතර කරන්නේ නෑ. ඔවුන් කොහොමහරි තමන්ගෙන් රටට විය යුතු සේවය අකුරටම ඉශ්ට කරනවා. ඒත්? ඔවුන්ව ගොවිතැන් කිරීම කෙරෙහි අධෛර්යමත් කරන විශාල හේතුවක් තියෙනවා. ඔයා හිතන විදියට ඒ මොකක්ද?
ඒ ගැටලුව තමා අස්වනු මිල. කාලෙන් කාලෙට ඉක්මනින් වෙනස් වෙන මේ මිල නිසා සමහර භෝග වගා ගොවින් දැඩි අපහසුතාවය ලක් වෙනවා. මේක තදින් බලපාන්නේ බහු වාර්ෂික භෝග වගා කරුවන්ට නෙවෙයි. ඒ කියන්නේ වැවිලි ක්ෂේත්‍රයට නෙමෙයි. මේක තදින්ම බලපාන්නේ කන්න භෝග වගා කරන ගොවීන්ට. නමුත් වැවිලි ගොවීන්ටත් මේ ප්‍රශ්නේ බලපානවා.
ලක්ෂයක් දෙකක් වියදම් කරලා උදේ දවල් රෑ නැතුව මහන්සි වෙලා පැල් රැකලා වතුර දාල වගා කරලා අස්වනු නෙලනකොට මිල පහතට වැටුනාම ගොවියා ලොකු අපහසුතාවයකට ලක්වෙනවා. ඒ පාඩුව වැවිලි ක්ෂේත්‍රයේ අය මෙන්ම කන්න ගොවියාත් විඳිනවා. නමුත් අද වැඩි වශයෙන් කතා කරන්නේ අපනයන භෝග වල මිල පහත වැටීමක් ගැන.
මේ ඔක්කොම කාරනා පැත්තකින් තියලා අපි කල්පනා කරමු මේ මිල ඉහල යාම හො පහල යාමට මොනවද බලපාන සාධක කියලා.
පොඩ්ඩක් හිතන්න ලංකාවේ කෘෂිකර්මාන්තය මුලික වෙලා තියෙන්නේ මොන වගේ දේකටද කියන එක සහ ලංකාවේ ගොවින් මොනවගේ දෙයක් සදහා කෘෂිකර්මාන්තයේ නියැලිලා ඉන්නවද කියන කාරණාව.
ලංකාව කියන්නේ අතීතයේ ඉදන්ම කෘෂිකාර්මික රටක්. අපේ ප්‍රධාන වගාවන් වුනේ වී වගාව සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග වගා, හේන් ගොවිතැන. මේ වගා වල මුලික අරමුණ වුනේ එදිනෙදා අවශ්‍ය ආහාර සපයා ගැනීම සහ අතිරික්තය හුවමාරු කර සේවා සහ වෙනත් පහසුකම් ලබා ගැනීම. නමුත් විදේශීය ආක්‍රමණ සහ ලංකාව විවෘත ආර්ථිකයකට පරිවර්තනය වෙනකොට ලංකාව කෘෂි ආර්ථික රටාවක් හදා ගත්තා.
ලංකාවේ අපනයන භෝග ව්‍යාප්ත වුනා. වගාවන් වාණිජ අරමුණින් සිද්ද වෙන්න ගත්තා. මේ විදියට පටන් ගත්ත ලංකාවේ අද වෙනකොට කෘෂි බෝග විශාල ප්‍රමාණයක් වගා වෙනවා වාණිජ මට්ටමෙන්.
ලෝකේ අනෙක් රටවල් කෘෂි බෝග වගා කරන්නේ යම් නිෂ්පාදනයක් ඉලක්ක කරගෙන ඒ කියන්නේ අගය ඉහල නැංවූ නිෂ්පාදනයක් ඉලක්ක කරගෙන නැත්තම් තමාගේම සන්නාම නාමයක් හරහා කෘෂි බෝග වෙළදපොලට එවන එක තමා ගොඩක් රටවල ගොවියෝ කරන්නේ (ඇත්තටම එයාල ගොවියෝ නෙමේ කෘෂි ව්‍යවසායකයෝ) නමුත් ලංකාවේ වෙන්නේ ඕකට හාත්පසම වෙනත් දෙයක්. ඒ අය හැම වෙලේම බෝගයක් වගා කරන්නේ අස්වනු නෙලපු ගමන් කාට හරි පටවලා සල්ලි අරන් අත පිහදාගන්න, බහුතරයක් කරන්නේ මේක තමා. එතකොට මොකක්ද තියන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමා එතකොට මිල තීරණය කරන්නේ වෙළෙන්දන් එහෙම නැත්තම් මිලදී ගන්නන්.
එහෙමත් නැත්නම්, අතරමැදියන්.
කවුද මේ අතරමැදියා. එයා මොකක්ද කරන්නේ?
එයා බෝග නැත්නම් අස්වැන්න අවශ්‍ය වෙළඳපොල එක්ක ගැටෙනවා. වෙළඳපොල එයාව අඳුරනවා. වෙළඳපොලට එයාව ඕනි. ඒ වගේම මේ අතරමැදියා ගොවියන්ව අඳුරනවා. ගොවියගේ ආකල්ප, මානසිකත්වය, සහ ගොවියාගෙ වටපිටාව අඳුරනවා. ඉතින් මේ අතරමැදියා මේ දෙපැත්තෙම වාසිය අරගන්නවා.
මොකක්ද ඒ වාසිය?
ගොවියා දුක් විඳල මහන්සිවෙලා වගා කරත් වෙළඳපොල නැත්නම් මේ නිෂ්පාදන අවසන් පාර්බෝජකයා වෙත ගෙනියන්නෙ අතරමැදියා. ගොවියට එම අවසන් පාරිබෝජිකයා එක්ක තියෙන්නෙ වක්‍රාකාර සම්බන්ධයක්. ඉතින් තමන්ගේ මුළු අස්වැන්නම සුපිරි වෙළඳසැලකට පටවන්නවත්, පිටරට යවන්නවත් ගොවියට හැකියාවක් නැහැ. ඒක අත ඇරල කෙලින්ම අවසන් පාරිභෝගිකයා වෙත අලෙවි කරන්න ගියත් ඔහුට අවශ්‍ය සම්පත් නොමැතිකම නිසා ඔහුට ඒ දේ කරන්න බෑ. කරත් එකවර මුදල් ලැබීමක් නොවෙන නිසා වාසිය අඩුයි.
අනිත් පැත්තෙන් සුපිරි වෙළඳසැල් හිමියාට හෝ අවසන් පාරිභෝගිකයාට හෝ සෘජුව ගොවියා සමඟ සම්බන්ධ වී තමන්ට අවශ්‍ය එළවළු මිලදී ගැනීම කරන්න බැහැ. ඒ නිසා ඒ වාසියත් යන්නේ අතරමැදියාට.
මේ හේතුව නිසා මිල තීරණය කරන්නේ අතරමැදියා.
මේකට විසදුමක් තියනවද?
තියෙනවා. නව තාක්ෂණය සමඟ මුසු වූ සාර්ථක පියවරක්. ගොවි වෘත්තියට නවකයින් පවා පාතබන සාර්ථක පියවරක්. ඔබට හිතෙන විදියට මොකක්ද මේ විසඳුම? මේ විසඳුම මොනවගේ මුහුණුවරක් ගත්තොත් හොඳයිද? පහළින් Comment කරගෙන යන්න.
ඔබේ අදහස් අපිට වැදගත්. 🥰
Gogrow.lk - ගොවීන් වෙනුවෙන් අපි.