Gogrow.lk

Gogrow.lk We make buying and selling a wisdom.

කියපු විදියට වුනා නේද?
20/10/2022

කියපු විදියට වුනා නේද?

කලින් Post එකෙන් අපි අනුමාන කරපු දේ ඒ විදියටම සිද්ධ වෙමින් පවතිනව. හැබැයි මේකෙත් අවදානමක් තියෙනවා. කාටද කියන්න පුලුවන් ඒ මොකක්ද කියල???

මිලට ගන්න යනකොට හීන ගණන් ගිහින්ද? වේගෙන් හීනවලට යන්න නම් අධිවේගී වෙළඳපොලක් ඕනිවෙනවා. ඉතින් ඔයාලට එහෙම එකක් ඕනිනම් අපිට ක...
26/08/2022

මිලට ගන්න යනකොට හීන ගණන් ගිහින්ද?
වේගෙන් හීනවලට යන්න නම් අධිවේගී වෙළඳපොලක් ඕනිවෙනවා.
ඉතින් ඔයාලට එහෙම එකක් ඕනිනම් අපිට කියන්න ඕනි හොඳේ...
ඉක්මනටම දෙන්නම්...😘

24/08/2022

සුවහසක් වාහන අයිතිකරුවන්ගේ one and only, wish එක. කොහොමත් වාහනේ විකුණන්න ළං වෙනකොට එන්ජිම රත්තරන් වේගන එනව වගේ දැනෙනව. ඒක සාමන්‍ය දෙයක්. මේක කොයිතරම් දුරට සාධාරණද?

ලංකාවේ මේ වෙලාවෙ පවතින ආර්ථික අර්බුදය නිසා වාහන ආනයනය කිරීම නවතා දැමීමට සිදුවීම පුදුමයක් නෙවෙයි. එලෙස වාහන ආනයනය නතර කරපු දවසේ ඉඳල නැවත වාහන ආනයනය කරන්න අවසර ලැබෙන දවසක් එනකන් ඉන්නෙ ඇඟිලි ගැන ගැන. ඒකට හේතුව වුනේ මෙන්න මේකයි. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් භේදයක් නැතුව ලංකාවේ වාහනවල එන්ජින් එකපාරටම රත්තරන් වෙලා අහස උසට මිල වැඩිවුන එක.

මේක කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වුනු දවසේ ඉඳලම වුනු දෙයක්.

ඔයාලට මතක ඇති, මෙරට සාමාන්‍ය මධ්‍යම පන්තියේ කෙනෙක්ට වුනත් මිලදී ගන්න පුලුවන්කම තිබුනු සුසුකි ඇල්ටෝ කාර් එකක මිලත් රුපියල් ලක්ෂ 40ක් විතර වෙනකන් එකපාරම වැඩි වුනු හැටි.

පාවිච්චි කරපු සුසුකි වැගන් ආර් එකක මිල රුපියල් ලක්ෂ 60ටත් වඩා වැඩි වෙනකන් මිල ඉහල ගියේ එකපාරටම.

ඔන්න ඔහොමයි ලංකාවේ වාහන වල එන්ජින් රත්තරන් වුනේ.

කොහොමහරි 2022 පෙබරවාරි වගේ වෙනකොට වාහනවල මිල මෙහෙමයි.

සුසුකී ඇල්ටෝ – රුපියල් ලක්ෂ 35ත් 40ත් අතර
සුසුකී වැගන් ආර් – රුපියල් ලක්ෂ 55ත් 60ත් අතර
ටොයෝටා විට්ස් – රුපියල් ලක්ෂ 60ත් 70ත් අතර
ටොයෝටා ප්‍රිමියෝ – රුපියල් කෝටි 1.5ත් – කෝටි 2ත් අතර
ටොයෝටා කොරොල්ලා – රුපියල් ලක්ෂ 50ත් 55ත් අතර
ටොයෝටා ඇක්වා – රුපියල් ලක්ෂ 60ත් 65ත් අතර
මයික්‍රෝ පැන්ඩා – රුපියල් ලක්ෂ 25ත් 30ත් අතර
ටොයෝටා ඇලියන් – රුපියල් ලක්ෂ 75ත් 80ත් අතර

ඒ වෙද්දි වාහන ආනයනය කරන අයත් කිව්වේ ඉස්සරහටත් වාහන මිල වැඩිවෙයි කියල. ඇත්තටම ඒක වුනා. මොකද එන්න එන්නම ලංකාවේ ඩොලර් සංචිත ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා අද වෙනකොට තත්ත්වය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නෙ. මේකෙන් වුනේ සාමන්‍යයෙන් රස්සාවක් කරල නැත්නම් ස්වෝත්සාහයෙන් මොකක් හරි ව්‍යාපාරයක් හදල තමන්ගේ හීනවලට යන කෙනෙක්ට වාහනයක් කියන එක හීනයක්ම වුනු එක. ආනයනය කරන අයත්, වාහන තියෙන අයත් මේ වෙලාවේ හිතාමතාම පමණ ඉක්මවා මිල වැඩිකරපු නිසාම අමාරුවෙන් සල්ලි එකතු කරල ගන්න ඉන්න අයට ලේසියෙන් ගන්න වුනෙත් නෑ. ඒ වගේම එක එක තැන්වල තමන්ට හිතුනු හිතුනු මිල ගණන්වලට වාහන විකුණපු නිසා නිරපරාදේ ගොඩක් වාහනවලට ලොකු මුදලක් ගෙවලා ගන්නත් ගොඩක් අයට සිද්ධ වුනා. ඒ වගේම සමහර තැරැව්කරුවෝ විශාල ලාභයක් උපයන්නත් මේක භාවිතා කලා.

නමුත් දැන් වාහන වෙළඳපොලේ යම්කිසි වෙනසක් පේන්න තියෙනවා. ඒකට හේතුව ඉන්දියාවෙන් ආනයනය කරන්න යන 800cc හා 1000cc මෝටර් රථ නිසා වෙන්න පුලුවන්. කොහොම වුනත් වාහන වෙළඳපොලේ ඉදිරි අනාගතය ගැන හරියටම අනාවැකියක් කියන්න අමාරුයි. ඉතින් එහෙමයි කියල ඔයා ඔයාගේ හීන අතාරිනවද? නැත්නම් ඒ හීනෙට යන්න හරිම තැන තෝරගන්නවද? ටිකක් හිතල බලල පහලින් comment කරගෙන යන්න. මොන ප්‍රශ්නේ ආවත් උත්සහවන්තයව නවත්තන්න කාටවත් බෑ. හැබැයි අසාධාරණ තැරැව්කරුවන්ට වගේම එන්ජින් රත්තරන් මිලට වාහන විකුණන අයට අහුවෙන්න ඕනිත් නෑ. හොඳට හොයල බලල ඔයා කැමති මිලකට හීන මිලදී ගන්න පුලුවන් තැනක් හොයාගන්න.

එහෙම තැනක් දැනට තියෙනවද?

කවුද මේ කිකිළි?....
16/08/2022

කවුද මේ කිකිළි?....

ලංකාවේ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයේ තියෙන ගැටලු මෙපණයි කියන්නට බැහැ. 🥲ගොවීන්ට අවශ්‍ය පොහොර කෘමිනාශක, සහ අවශ්‍ය බීජ ලබා ගැනීම...
13/08/2022

ලංකාවේ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයේ තියෙන ගැටලු මෙපණයි කියන්නට බැහැ. 🥲

ගොවීන්ට අවශ්‍ය පොහොර කෘමිනාශක, සහ අවශ්‍ය බීජ ලබා ගැනීමේ සිට අස්වනු විකිණීම දක්වා ගැටලු ගොඩක් තියෙනවා.

ඒ කොච්චර ගැටලු තිබුනත් ගොවිතැන තම ජීවිකාව කරගත් ගොවි මහත්වරුන් වගාව නතර කරන්නේ නෑ. ඔවුන් කොහොමහරි තමන්ගෙන් රටට විය යුතු සේවය අකුරටම ඉශ්ට කරනවා. ඒත්? ඔවුන්ව ගොවිතැන් කිරීම කෙරෙහි අධෛර්යමත් කරන විශාල හේතුවක් තියෙනවා. ඔයා හිතන විදියට ඒ මොකක්ද?

ඒ ගැටලුව තමා අස්වනු මිල. කාලෙන් කාලෙට ඉක්මනින් වෙනස් වෙන මේ මිල නිසා සමහර භෝග වගා ගොවින් දැඩි අපහසුතාවය ලක් වෙනවා. මේක තදින් බලපාන්නේ බහු වාර්ෂික භෝග වගා කරුවන්ට නෙවෙයි. ඒ කියන්නේ වැවිලි ක්ෂේත්‍රයට නෙමෙයි. මේක තදින්ම බලපාන්නේ කන්න භෝග වගා කරන ගොවීන්ට. නමුත් වැවිලි ගොවීන්ටත් මේ ප්‍රශ්නේ බලපානවා.

ලක්ෂයක් දෙකක් වියදම් කරලා උදේ දවල් රෑ නැතුව මහන්සි වෙලා පැල් රැකලා වතුර දාල වගා කරලා අස්වනු නෙලනකොට මිල පහතට වැටුනාම ගොවියා ලොකු අපහසුතාවයකට ලක්වෙනවා. ඒ පාඩුව වැවිලි ක්ෂේත්‍රයේ අය මෙන්ම කන්න ගොවියාත් විඳිනවා. නමුත් අද වැඩි වශයෙන් කතා කරන්නේ අපනයන භෝග වල මිල පහත වැටීමක් ගැන.

මේ ඔක්කොම කාරනා පැත්තකින් තියලා අපි කල්පනා කරමු මේ මිල ඉහල යාම හො පහල යාමට මොනවද බලපාන සාධක කියලා.

පොඩ්ඩක් හිතන්න ලංකාවේ කෘෂිකර්මාන්තය මුලික වෙලා තියෙන්නේ මොන වගේ දේකටද කියන එක සහ ලංකාවේ ගොවින් මොනවගේ දෙයක් සදහා කෘෂිකර්මාන්තයේ නියැලිලා ඉන්නවද කියන කාරණාව.

ලංකාව කියන්නේ අතීතයේ ඉදන්ම කෘෂිකාර්මික රටක්. අපේ ප්‍රධාන වගාවන් වුනේ වී වගාව සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග වගා, හේන් ගොවිතැන. මේ වගා වල මුලික අරමුණ වුනේ එදිනෙදා අවශ්‍ය ආහාර සපයා ගැනීම සහ අතිරික්තය හුවමාරු කර සේවා සහ වෙනත් පහසුකම් ලබා ගැනීම. නමුත් විදේශීය ආක්‍රමණ සහ ලංකාව විවෘත ආර්ථිකයකට පරිවර්තනය වෙනකොට ලංකාව කෘෂි ආර්ථික රටාවක් හදා ගත්තා.

ලංකාවේ අපනයන භෝග ව්‍යාප්ත වුනා. වගාවන් වාණිජ අරමුණින් සිද්ද වෙන්න ගත්තා. මේ විදියට පටන් ගත්ත ලංකාවේ අද වෙනකොට කෘෂි බෝග විශාල ප්‍රමාණයක් වගා වෙනවා වාණිජ මට්ටමෙන්.

ලෝකේ අනෙක් රටවල් කෘෂි බෝග වගා කරන්නේ යම් නිෂ්පාදනයක් ඉලක්ක කරගෙන ඒ කියන්නේ අගය ඉහල නැංවූ නිෂ්පාදනයක් ඉලක්ක කරගෙන නැත්තම් තමාගේම සන්නාම නාමයක් හරහා කෘෂි බෝග වෙළදපොලට එවන එක තමා ගොඩක් රටවල ගොවියෝ කරන්නේ (ඇත්තටම එයාල ගොවියෝ නෙමේ කෘෂි ව්‍යවසායකයෝ) නමුත් ලංකාවේ වෙන්නේ ඕකට හාත්පසම වෙනත් දෙයක්. ඒ අය හැම වෙලේම බෝගයක් වගා කරන්නේ අස්වනු නෙලපු ගමන් කාට හරි පටවලා සල්ලි අරන් අත පිහදාගන්න, බහුතරයක් කරන්නේ මේක තමා. එතකොට මොකක්ද තියන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමා එතකොට මිල තීරණය කරන්නේ වෙළෙන්දන් එහෙම නැත්තම් මිලදී ගන්නන්.

එහෙමත් නැත්නම්, අතරමැදියන්.

කවුද මේ අතරමැදියා. එයා මොකක්ද කරන්නේ?

එයා බෝග නැත්නම් අස්වැන්න අවශ්‍ය වෙළඳපොල එක්ක ගැටෙනවා. වෙළඳපොල එයාව අඳුරනවා. වෙළඳපොලට එයාව ඕනි. ඒ වගේම මේ අතරමැදියා ගොවියන්ව අඳුරනවා. ගොවියගේ ආකල්ප, මානසිකත්වය, සහ ගොවියාගෙ වටපිටාව අඳුරනවා. ඉතින් මේ අතරමැදියා මේ දෙපැත්තෙම වාසිය අරගන්නවා.

මොකක්ද ඒ වාසිය?

ගොවියා දුක් විඳල මහන්සිවෙලා වගා කරත් වෙළඳපොල නැත්නම් මේ නිෂ්පාදන අවසන් පාර්බෝජකයා වෙත ගෙනියන්නෙ අතරමැදියා. ගොවියට එම අවසන් පාරිබෝජිකයා එක්ක තියෙන්නෙ වක්‍රාකාර සම්බන්ධයක්. ඉතින් තමන්ගේ මුළු අස්වැන්නම සුපිරි වෙළඳසැලකට පටවන්නවත්, පිටරට යවන්නවත් ගොවියට හැකියාවක් නැහැ. ඒක අත ඇරල කෙලින්ම අවසන් පාරිභෝගිකයා වෙත අලෙවි කරන්න ගියත් ඔහුට අවශ්‍ය සම්පත් නොමැතිකම නිසා ඔහුට ඒ දේ කරන්න බෑ. කරත් එකවර මුදල් ලැබීමක් නොවෙන නිසා වාසිය අඩුයි.

අනිත් පැත්තෙන් සුපිරි වෙළඳසැල් හිමියාට හෝ අවසන් පාරිභෝගිකයාට හෝ සෘජුව ගොවියා සමඟ සම්බන්ධ වී තමන්ට අවශ්‍ය එළවළු මිලදී ගැනීම කරන්න බැහැ. ඒ නිසා ඒ වාසියත් යන්නේ අතරමැදියාට.

මේ හේතුව නිසා මිල තීරණය කරන්නේ අතරමැදියා.

මේකට විසදුමක් තියනවද?

තියෙනවා. නව තාක්ෂණය සමඟ මුසු වූ සාර්ථක පියවරක්. ගොවි වෘත්තියට නවකයින් පවා පාතබන සාර්ථක පියවරක්. ඔබට හිතෙන විදියට මොකක්ද මේ විසඳුම? මේ විසඳුම මොනවගේ මුහුණුවරක් ගත්තොත් හොඳයිද? පහළින් Comment කරගෙන යන්න.

ඔබේ අදහස් අපිට වැදගත්. 🥰

Gogrow.lk - ගොවීන් වෙනුවෙන් අපි.

සිහින නිවහන තනාගන්න තවමත් බැරි වුනාද? අතේ තියෙන බජට් එකට ඔයා කැමති වාහනය නැද්ද?  හැමෝම කැමතියි තමන්ගේ හීනවලට යන්න. හැබැය...
05/08/2022

සිහින නිවහන තනාගන්න තවමත් බැරි වුනාද? අතේ තියෙන බජට් එකට ඔයා කැමති වාහනය නැද්ද?

හැමෝම කැමතියි තමන්ගේ හීනවලට යන්න. හැබැයි ඒ හීනවලට මහන්සි වෙනකොට හීන ගණන් ගිහින්. ඔයාටත් එහෙම වුනාද?

මේකට විසඳුමක් ඕනි නේද?

මුලින්ම ඔයාගෙ ප්‍රශ්න අපිට කියන්න. අපි කියන්නම් විසඳුම.

දැන් බඩුමිල දැක්කම ඇඟේ අවයව බයේ ගැහෙනව නේද? ඔයාගෙ ගෙදරට අවශ්‍ය බඩු ටික ඔයා කැමති මිලට විතරක් ගන්න ක්‍රමයක් තිබුනොත් කොහො...
25/07/2022

දැන් බඩුමිල දැක්කම ඇඟේ අවයව බයේ ගැහෙනව නේද?

ඔයාගෙ ගෙදරට අවශ්‍ය බඩු ටික ඔයා කැමති මිලට විතරක් ගන්න ක්‍රමයක් තිබුනොත් කොහොමද?

කැමතිද ? නැද්ද? කියාගෙන යන්න.

ගම්බද ගොවීන් හැමෝටම වගේ පොදු ප්‍රශ්නයක් තමයි මේක. කොච්චර මහන්සියෙන් කුඹුරු කොටල, හේන් වගා කරල අස්වැන්න ගත්තත් අන්තිමේදි ...
19/07/2022

ගම්බද ගොවීන් හැමෝටම වගේ පොදු ප්‍රශ්නයක් තමයි මේක. කොච්චර මහන්සියෙන් කුඹුරු කොටල, හේන් වගා කරල අස්වැන්න ගත්තත් අන්තිමේදි විකුණගන්න ගියහම හරි මිලක් නෑ. ගොඩක් අය අන්තිමට කේවල් කරල කේවල් කරල ගන්න මුදලාලිට අස්වැන්න දෙන්නෙ ඇස්වල කඳුලු පුරෝගෙන. බඩකට පිරෙන්න ඕනි නිසා. මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නම් කියල මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න මත්තෙන් සැප විඳින මිනිස්සුත් නැතුවාම නෙවෙයි. ඒ මිනිස්සු දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නෙ නැත්තෙ එහෙම වුනොත් එයාලගෙ සැප නැතිවෙයිද කියන බයටද මන්දා.

ඒ කොහොම වුනත් ගොවියගෙන් කේවල් කරල ගන්න අස්වැන්න Supermarket වල නගර වෙළඳසැල් වල විකිණෙන්නේ අස්ප ගණන් වලටලු. දහදුක් විඳල අස්වැන්න ගත්ත ගොවියා දංකුඩ කනකොට කළුකඩ මුදලාලිටත් රජ සැප.

මේ ප්‍රශ්නවලට උත්තර තියා හේතුවවත් දන්නෙ නැති ගොවියො තමා වැඩිහරියක්ම ඉන්නෙ. ඉතින් එයාලට මේවට උත්තර ඕනිනම් අපිට ගොවීන්ගෙ ප්‍රශ්න දැනගන්න වෙනවා. ඉතින් ඔයාලට පුලුවන් Comment section එකේ ඒ ප්‍රශ්න අපිට කියන්න. නැත්නම් Inbox message එකක් දාන්නත් පුලුවන්. පටන්ගමුද?

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Gogrow.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category