Eco Pals

Eco Pals We ,Eco Pals Providing 100% Natural Product For World Wide.We are Helping For the Manufactures who is an innovative .

15/01/2023

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද?

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩලු නේද? තෙල් වැඩිය නොකන ඒත් මේ තත්වයන් තියෙන අය කොපමණ ඉන්නවාද? තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න තෙල් අඩුවෙන්ම කන අයට තමයි මේ ලෙඩ අන්තිමට ඇවිල්ලා තියෙනනේ. වැඩිපුර පරිස්සම් වෙන්නේ එයාලනේ. ඉතිං තෙල් තියෙන තැනකින් වත් යන්නේ නැහැ. ඒත් කවදාවත් මේ ලෙඩේ හොද වෙන්නෙත් නැහැලු. සමහර අයගේ ජාන වලත් තියෙනවාලු. සාමාන්යයෙන් සොයාගන්න බැරි ලෙඩක් වැටෙන්නේ මේ ජාන කැටගරි එකට තමයි.
මෙයත් අපගේ ශරීරයේ ඇති ස්වභාවික ක්රියාවලියක් වැරදියට වටහා ගැනීමක් නිසා ඇතිවී තියෙන තත්වයක්. අපි මේ කාරණා එකින් එක දිග හැර බලමු.

ඔබ දන්නවාද ඌරා කියන සතා කන තෙල් මොනවාද කියලා. ඌ කන්නේ බොහෝ විට එළවලුනේ. මස් මාංශ කන්නෙත් නැහැනේ. ඒත් උගේ ශරීරයේ කොපමණ තෙල් තියෙනවාද? කොහෙන්ද මේවා ආවේ. ඒ සතා කන දේවල් උගේ ශරීරයේදී ඌට අවශ්ය ආකාරයට පෙරලල හදා ගන්නවා. අපිත් එහෙමයි. අපි මොනවා කෑවත් මේදය අවශ්ය නම් මේදය නිපදවනවා. එය වෙනස් කරන්න අපට බැහැ. අපි තෙල් සහිත ඒවා නොක ඉදලා ශරීරයේ ඇති මේදය අඩු කරගන්න හදනවා. වෙජිටේරියන් අයට ෆැටි ලිවර් අවේ කෙසේද කියා සොයා බලන්න.
අපි කෙලින්ම මාතෘකාවට බහිමු. වටේ යන්නේ මොකටෙයි. අපි දැන් ඉස්සර වගේ නෙවෙයි. හරියට වස විස කනවා. වස විස කියන්නේ මොනාද? අපි කන යම් දෙයක් නිසා අපගේ ශරීරයේ යම් කොටසකට හිනියක් ක හැකි දේකට අපි කියනවා වස විස කියලා. දැන් අපි මේවා කන එක අනිවාර්යයි කියන එකත් දන්නවානේ. එලවලු ටිකේ කෘෂිරසායන, බොන වතුරේ ක්ලෝරීන්. ගෙදර ගේන ෆ්රයිඩ් රයිස් එකේ අජිනමොටෝ. කාල බොන පැණී බීම එකේ තවත් විෂ. රිෆයින් කරපු සීනි සහ පාන් පිටි වලත් විෂ එක්වෙලා තියෙනවා. මාගරින් වලත් තියෙනවා. ඒ මදිවට හවස දාන ෂොට් එකත් වස විස, දැන් මේ වස විස ඔක්කොම අපේ මුඛය ඇතුලට ගොස් ආමාෂයේ ටික වේලාවක් තිබිලා ටික ටික කුඩා බඩවැල තුලට ගමන් කරනවා.දැන් මේවා අංගුලිකා වලින් ටික ටික අවශෝෂනය කරනවා. මේ අතර අර විෂද තියෙනවා. දැන් මේ පෝෂ්ය කොටස් සහ විෂ ලේ වලට එක්වෙලා මුල්න්ම යනවා ෆිල්ටර් කරන්න. ඒ ෆිල්ටරය තමයි අක්මාව. අක්මාව කරන්නේ මෙකක්ද අර වස විෂ ටික තමන්ගාව තියාගෙන ඉතිරි අත්යවශ්ය කොටස් ටික රුධීරයට මුදා හරිනවා. දැන් අක්මාව බෝම්බයක් බැදගෙන ඉන්න කෙනෙක් වගේ. ඒත් කරන්න දේයක් නැහැ. එයාගේ කාර්ය්යනේ.

දැන් අක්මාව මේ ටික සල්ෆර් අංශු සමග එක් කරල බැදලා අක්මාවෙන් පිටකරනවා. දැන් මේවා අපගේ බහිශ්රාවීය පද්ධති මාර්ගයෙන් පිට කල හැකියි. මේසල්ෆර් නිසා තමයි අපගේ දහදිය එහෙම දුගද හමන්නේ. ඒ කියන්නේ දහදිය ගද අය දැනගත යුතුයි තමන්ගේ ආහාර වල වස විෂවැඩි බව. ඒ නිසා අපේ දෛනික ආහාර වේලට යම් සල්ෆර් නැත්නම් ගෙන්දගම් සහිත ආහාරයක් එක් කරගන්න අපි දැනගන්න ඕනි. මොනවද ඒ ආහාර.

ගෝවා.

නොකෝල්.

රාබු.

බ්රොකෝලි.

කෝලිෆ්ලවර්.

සුදුලූණු.

මේ වගේ ආහාර සල්ෆර් බහුලයි. මේවගේ යම් සමාන බවක් දකින්නේ නැද්ද? මේවා නරක් වුනාම ගදයි නේද? ඒ සල්ෆර් නිසා. මේන්න මේ මිනරල් එක් අපි අනිවාර්යයෙන් ආහාරයට එක් කර ගත යුතුයි. තෛරොයිඩ් ගැටලු තියෙන අය ගෝවා වෙනුවට සුදුලුණු චීස් වගේ ඒවාගෙන් මේ තම ගැටලුව නිරාකරණය කරගත යුතු වෙනවා.
දැන් ඉතින් වහ කෑවට ගැටලුවක් නැහැ. මොකද අක්මාව ඒ ටික තියාගන්නවා පස්සේ සිරුරින් බැහැර කරනවා. හරි ශෝක් නේද? වැඩේ තියෙන්නේ අක්මාවත් වැඩ කරන්නේ අකුරට. එයා තමන් සන්තකයේ තියෙන විෂ ඉවත් කරන්නේ රාත්රී කාලයේ අපි නින්දේ ඉන්නවා නම් විතරයි. ඒකත් රෑ 11 ත් පාන්දර 2ත් අතර අපි තද නින්දේ ඉන්න ඕනි. නැත්නම් මොකද වෙන්නේ. අක්මා මේකා හෙටවත් නිදා ගනීවි නේ කියලා අර විෂ ටික තියාගෙන ඉන්නවා. අනේ මේ මෝඩයා මේක දන්නවා යෑ. පහුවදාත් පාන්දර තුන විතර වෙනකම් නිදි වරනවා. මේ විදිහට අක්මාව තුව වස විෂ එකතු වෙනවා. ඉතිං අක්මාවෙන් කෙරෙන වැඩ කරන්න බැහැ.

මේ විෂ කියන්නේ මොනවාද? විෂ කියන්නේ අපගේ ශරීරයේ සෛල වලට යම් හානියක් කල හැකි විනාෂයක් කල හැකි රසායනිකයකට. කෘමියන්ව විනාෂ කරන්නේ මේ ආකාරයෙන්මයි. උන්ගේ ශරීරයේ සෛල වලට හානි සිදු කර උන්ව මරා දමනවා. දැන් මේවා අපේ ශරීරයට ඇවිල්ලා. ප්රශ්නය තියෙන්නේ දැන්මේ බෝම්බට තියෙන්නේ අක්මාවේ. අක්මා වේ සෛල වලට මෙයාල දැන් ටික ටික හානි කරනවා. අක්මාවත් ඉන්නවා විද දරාගෙන රෑ වෙනකම් විතරයිනේ උඹට නටන්න පුලුවන් කියලා. ඒත් රෑටක් අපේ අය ඒ විවේකය දෙන්නේ නැහැ අක්මාවට. ඉතිං පහුවදාටත් අර සංතෑසියමයි. එදා ගන්න ආහාර වල තියෙන වස විෂ ටිකත් දැන් එකතු වෙනවා. දැන් හානිය ඩබල්.
අපේ සිරුරේ තියෙනවා හරි අපූරු උපක්රමයක්. අපේ සිරුරේ යම් පඨකයටකට හානියක් වුනොත් ඒ තැනට ප්ලාස්ටර් එකක් දාන ක්රමයක්. මා මින් පෙර ලියා ඇති කොලෙස්ටරෝල් සම්න්ධ ලිපි කියවලා තියෙනවා නම් මෙය තේරුම් ගන්න ලේසියි. දැන් මේ හානි වුන තැන්වලටත් ඒ ප්ලාස්ටර් එක දානවා. මොකද නැත්නම් තවත් හානි වෙනවානේ. අන්න ඒ ප්ලාස්ටර් එකට තමයි ෆැටි ලිවර් කියන්නේ. මේවා අපි කන කෑම වල තියෙන ෆැට් එක නෙවෙයි. කන කෑම වල තියෙන විෂ නිසා අපගේ සිරුරෙන්ම නිපදවන ෆැට් එක.

දැන් මේක මෙහෙම කිව්වට ටිකක් දැනම් තේරුම් තියෙන අයට මේක ගැටලුවක්. ඒ නිසා තවත් ටිකක් විග්රහ කරන්න වෙනවා. මේ විෂ කියන ඒවා ක්රියා කරන්නේ කෙසේද මේවා වැඩ කරන්නේ ෆ්රී රැඩිකල් ආකාරයට. නැත්නම් මුක්ථ ඛණ්ඩක විදිහට. මේවා ධන අයන ලෙසයි පවතින්නේ. ඉතිං මෙම ධන අයන යම් මාධයයකට ආවම ඒ මාධ්යයේ ඇති ඍණ අයන සමග එක්වෙලා ස්ථායි වෙන්න බලනවා. මෙන්න මේ ක්රියාවලියේදී අදාල ස්ථානයේ ඇති පරමාණු අස්ථායි වෙලා එම අස්ථායී බාවය නැති කරගන්නට වෙර දරණවා. මේ අයුරින් මේක චේන් එකක් ආකාරයට අපගේ ශරීරය තුල ක්රියාත්මක වෙනවා. මෙයයි අක්මාව තුලත් වෙන්නේ. පහත ඇති වීඩියෝව නරඹා තවත් දැනුවත් වන්න.

මේ ක්රියාවලිය ධමණියක් ඇතුලත වුවහොත් එතනටත් ෆැට් එක ඇවිල්ලා කවර් කරගන්නවා. ඒකට අපි කියනවා කොලෙස්ටරෝල් කියලා. මේ කතාවම අක්මාවේ වුනාම කියනවා ෆැටි ලිවර් කියලා. එකම හේතුවක් නිසා හටගන්නා වර්ග දෙකක්.
මේ මුක්ථ කණ්ඩක සොයන්නේ මොනවාද? එයාල සොයන්නේ ඉලෙක්ට්රෝන. ඉතිං හත්දෙයියනේ අපි ඉලෙක්ට්රෝන ආහායට ගත්තා නම් ඉවරයිනේ නේද? ඒත් ඉතිං කරන්ට් වයර් එකක් කටේතියා ගන්න ඇයි නේද? මොකක්ද මේකට තියෙන පිලිතුර. මේ ධන අයන වලින් සිදු කරන ක්රියාවලියට අපි කියනවා ඔක්සිකරණය කියලා. අපේ පරිසරය මේකට හරියන විකල්පයක් නිර්මානය කරලා තියෙනවා. ඒකට කියනවා ප්රතිඔක්සිකාරක කියලා. ප්රති ඔක්සිකාරක සහිත ආහාර අපි දෛනික ආහාර වේලට එක් කරගත්තා නම් දැන් ඉතිං ඒ ගැටලුවත් ඉවරයි නේද? එයාල සොයන්නේ ඉලෙක්ට්රෝන නම් ඉලෙක්ට්රෝන වැඩියෙන් තියෙන ප්රතිඔක්සිකාරක සහිත ආහාර ලබාදුන්නා නම් වැඩේ අහවරයිනේ. නේද? ඒත් ඉතිං අපි දැනගෙන ඉන්න ඕනි මොනවාද මේ ආහාර කියලා.

ප්රති ඔක්සිකාරක ප්රමාණය මණින ඒකකයක් තියෙනවා ORAC ( Oxygen Radical Absorbance Capacity ) කියලා. අන්තර්ජාලය පරීක්ෂා කර බලන්න ORAC අගය වැඩි ආහාර මොනවාද කියලා. ඔබට පුදුම හිතෙයි අපේ රටේ තමයි ලොව හොද ORAC අගයක් තියෙන ආහාර තියෙන්නේ. අපට සාමාන්යයෙන් දවසකට ORAC points 20,000 ක පමණ අගයක් ඇති ආහාර ප්රමාණයක් ගන්න ඕනි. ඒ මොකටද අර අපි දෛනිකව ගන්නා වස විෂ වල ඇති ෆ්රී රැඩිකල් ටික උදාසීන කරගන්න. දැන් ෆැටි ලිවර් හෝ කොලෙස්ටරෝල් ඇති අයෙක්කරන්න තියෙන්නේ මොකක්ද? මේ අගය ටිකක් වැඩි කරලා ගන්න එකයි.

දැන් කෙනෙක් අහන්න පුලුවන් මේවා වැඩි වුනොත් මොකද වෙන්නෙ කියලා. ඔබ නිවසට විදුලිය ගන්නා විට කොළ පාට වයර් එකක් පොලොවට යට කරනවා දැකලා තියෙනවාද? අපි ඒකඑ කියනවා Earth වයර් එක කියලා. මේක තියෙන්නේ වැඩි විදුලියක් ආවොත් පොලොවට එක් කරන්න. ඒ කියන්නේ වැඩියෙන් ඉලෙක්ට්රෝන තියෙනවා නම් ඔබට පොලොවේ පය ගහලා ඇවිදින්න විතරයි තියෙන්නේ. නිකන්ම වැඩේ කෙරෙනවා. හරිම සරලයි. දවසකට ORAC අගය ලක්ෂ දෙකක් ගත්තත් ගැටලුවක් නැහැ. අපි සිංගප්පූරුවේ මේවාගේ අයට දෙන සප්ලිමන්ට් එකක් තියෙනවා 100%ක් ස්වභාවික. එහි ORAC අගය දවසකට ගන්නා මාත්රාව තුල 180000 ක් තියෙනවා. ඉතිං කොලෙස්ටරෝල් ෆැටිලිවර් පලාතක තියෙන්නේ නැහැ. පහත පින්තූරයේ තියෙන ආහාර වල ORAC අගය දෙස බලන්න. එහි ඇති සහ නොමැති අපට ඉතාමත් පහසුවෙන් ලබා ගත හැකි ආහාර කිහිපයක් දක්වන්නම්.

කුරුදු කුඩු. 100g ක ඇති ORAC points ගණන 240,000
වියලිමුරුංගා කොළ කුඩු. 100g ක ඇති ORAC points ගණන 157,000
කිඩ්නි බීන් කප් එකක ඇති ORAC points ගණන 17,500
ග්රීන් ටී කප් එකක ඇති ORAC points ගණන 3,000

දැන් ඔබම ගණන් හදලා බලන්න 20000 කියන්නේ මොනතරම් පහසු අගයක්ද කියලා.

මේ ගැටලුව ඇතිකරණ තවත් එක් මාර්ගයක් තමයි වේදනා නාශක. වේදනා නාශක වල තියෙන ඇසිටොමිනොෆින් වලින්ද මේ කාර්ය්යම කෙරෙනවා. ඒ කියන්නේ අක්මාවට හානි වෙනවා. ඉතිං ඒ තත්වය නැති කරගන්නට නම් වේදනා නාශක වලින් මිදෙන්නට වෙනවා. අවශ්ය නම් මේ ගැන දීර්ඝවකතා කල හැකියි.
තවත් කාරණාවක් තමයි ෆැට් බර්නිං මේනියා එක. මහත වැඩියි කියලා සතියෙන් දෙකෙන් කෙට්ටුවෙන්න යන අය ඉන්නවා නේද? අන්න ඒ අය මේ ටික කිහිප සැරයක් කියවා ගන්න.
වස විෂ ජලයේ දියවෙන්නේ නැහැ. ඒවා බොහෝ විට මේදයේ තමයි දිය වෙන්නේ. අපි කන අහාර වල තියෙන විෂ අක්මාවේ විතරක් නොව සිරුරේ මේද පටක වලත් තැන්පත් වී තියෙන්නට පුලුවන්. අක්මාවට තමන්ගේ වැඩ කොටස හරියට කරගන්න බැරි වුනාම වස විෂත් ලේ වලට එක් වෙනවා. ඉතිං ඒ විෂ සිරුරේ ඇති වෙනත් මේද පටක වල තැන්පත් වෙනවා. ඉක්මනින් කෙට්ටු වෙන්න හදන අය පරිවෘතීය ක්රියා වේගවත් කර මේදය දවාලන්නට කරන උත්සාහයේදී මේ විෂ නැවතත් රුධිරයට එක්වෙනවා. ඉතිං නැවතත් මේ විෂ අක්මාව වෙත ගෙනයනවා ඉවත් කරන්නට. දැන් සතියක් දෙකක් වගේ කෙටිකාලයක් ඇතුලත විෂාල විෂ තොගයක් අක්මාව වෙත එනවා. මේනිසා අක්මාවට විෂාල ලෙසට හානි වෙනවා. එවැනිඅය තම අක්මාවේ තත්වය චෙක් කරගත්තාට කමක් නැහැ.

ඉතාමත් දිග මාතෘකාවක් ඉතාමත් කෙටියෙන් කතා කලේ. තවත් කෙනෙකුගේ නිරෝගීතාවය වෙනුවෙන් මේ ලිපි ෂෙයාර් කර ඒඅයටත් දැනුම බෙදා දෙන්න.

පෝෂණ වේදී, නයන තේනුවර.
(උපුටා ගැනීමකි.)

15/01/2023
මම හිතන්නේ මේ කාඩ්බෝර්ඩ් මිනී පෙට්ටිය ලංකාව පුරාම පුචලිත කරන්න ඔනේ.... වටිනාකම රු.10000ක් හෝ ඊට අඩු විය හැක.තමන්ගේ ජීවිත...
30/05/2021

මම හිතන්නේ මේ කාඩ්බෝර්ඩ් මිනී පෙට්ටිය ලංකාව පුරාම පුචලිත කරන්න ඔනේ....
වටිනාකම රු.10000ක් හෝ ඊට අඩු විය හැක.

තමන්ගේ ජීවිත කාලය තුල කිසිම දිනෙක
රුපියල් 35000- 40000ක මෙට්ටයක එක දිනක් නිදා නොගත් මිනිසුන් " දැවෙන " මිනිත්තු කිහිපයට එවන් මුදලක් යට කරන්නේ ඇයි?
බුද්ධියෙන් සිතා සැවොම වෙනස් වෙමු.
ක්‍රමය වෙනස් කරමු.🙌

උපුටා ගැනීමකි

-ගීත්-

45 Year old majestic tusker Revatha of Kalawewa National Park, Sri Lankakilled electrocuted by an illegal electric fence...
09/03/2021

45 Year old majestic tusker Revatha of Kalawewa National Park, Sri Lanka
killed electrocuted by an illegal electric fence of an illegal chena cultivation of maize.. RIP රේවත මේ රටේ ආයෙ ඉපදෙන්න එපා.
Sri Lanka does not deserve you or your kind. 407 elephants killed in 2019 in Sri Lanka
318 elephants killed in 2020 in Sri Lanka even when the country was on locked down.

Copied
💔💔💔💔🥺

Latest Bridle sarees available 🌹♥️♥️
08/12/2020

Latest Bridle sarees available 🌹♥️♥️

Brand new Bridle sarees available (From Dubai)😍♥️😘Please Contact me IF you need please just inboxed
05/12/2020

Brand new Bridle sarees available (From Dubai)😍♥️😘Please Contact me
IF you need please just inboxed

230 Wedding Cards & 400 Wedding boxes Ready to Go😍🙏♥️Thank you Saumya & Aminda 😍
26/11/2020

230 Wedding Cards
& 400 Wedding boxes Ready to Go😍🙏♥️
Thank you Saumya & Aminda 😍

28/09/2020
සාක්‍ය වංශයේ සුද්ධොධන රජුගේ පුත් කුමරුන් ලොස ලොව පහලවූ අපමහා බෝසතානෝ ගසක් යට ලොව උපන්නේ ය...ගසක් යට දී සියළු කෙලෙසුන් නස...
17/09/2020

සාක්‍ය වංශයේ සුද්ධොධන රජුගේ පුත් කුමරුන් ලොස ලොව පහලවූ අපමහා බෝසතානෝ ගසක් යට ලොව උපන්නේ ය...
ගසක් යට දී සියළු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධයට පත්විය...
සල්ගස් දෙකක් අතර අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පා වදාල සේක...
එහෙව් ශාස්තෘන් වහන්සේ නමක් සරණගිය අප ගහකොල පරිසරයට ආදරය කලයුතුය. ඒ මිනිස් වර්ගයාගේ ම පැවැත්ම රදාපවතින්නේ ස්වාභාවධර්මය මත නිසාය...

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Eco Pals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share