Aththa News

Aththa News සත්‍යයෙන් අවදි වන්න,එකතු වෙන්න අපි සමගින්

18/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,798 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව වැඩිම රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ ගම්පහ, කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවලින් බවයි සඳහන් වන්නේ.

පවතින ඩෙංගු වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

A N | 18.05.2023 | 03.30 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

නිවැරදි පුවත්, විශ්වාසවන්තව, වේගයෙන් ඔබ වෙත සමීප කරන ඇත්ත 𝑵𝒆𝒘𝒔 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ප්‍රවෘත්ති සේවාව ඔබේ මිතුරන්ට නොමිලේම ලබා ගැනීමට මෙම Link Share කරන්න.

https://chat.whatsapp.com/GKxOypRLfAx5omcbgNI2TO

18/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි බල, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

A N | 18.05.2023 | 03.10 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

ඇත්ත 𝑵𝒆𝒘𝒔 ෆේස්බුක් පිටුවට ලයික් 👍 කරන්න 👇👇👇

https://bit.ly/3kxIgLN

18/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

සියලුම රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය විදුලිය ඉන්ධන සහ දුරකථන වෙනුවෙන් භාවිත කරන ලද මාසික ඒකක ගණන ඇතුළත් තොරතුරු වාර්තාවක් කැඳවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරමින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත මේ බව දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේ ජුනි 30 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා මාස 06ක කාලය සඳහා මාසිකව වැය වී ඇති ඒකක ගණන පිළිබඳ දත්ත ලබාගැනීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

A N | 18.05.2023 | 02.43 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

නිවැරදි පුවත්, විශ්වාසවන්තව, වේගයෙන් ඔබ වෙත සමීප කරන ඇත්ත 𝑵𝒆𝒘𝒔 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ප්‍රවෘත්ති සේවාව ඔබේ මිතුරන්ට නොමිලේම ලබා ගැනීමට මෙම Link Share කරන්න.

https://chat.whatsapp.com/GKxOypRLfAx5omcbgNI2TO

15/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුර සඳහා පත්කිරීම සඳහා සූදානමක් පවතින බවට පැතිර යන කටකතාවේ සත්‍යතවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එම අසත්‍ය ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවයි.

A N | 15.05.2023 | 07.50 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

ඇත්ත 𝑵𝒆𝒘𝒔 ෆේස්බුක් පිටුවට ලයික් 👍 කරන්න 👇👇👇

https://bit.ly/3kxIgLN

15/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

බම්බලපිටිය මුහුදු මාර්ගයේ නිසි අවසරයකින් තොරව යතුරුපැදි ධාවන තරගයක නියැලුණු තරුණයින් 8 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

එමෙන්ම යතුරුපැදි 5ක් ද එම කොට්ඨාස නිලධාරින් සිය භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සමාජ මාධ්‍ය මඟින් අද අලුයම් කාලයේ තරුණයින් එක්රැස්වී ඇති බවත් ඔවුන් යතුරුපැදි ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද TikTok සමාජ මාධ්‍යට එක්කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මාර්ගයේ ධාවනය වූ රථවලට සහ පදිකයින්ට බාධා වන අයුරින් මොවුන් යතුරු පැදි ධාවනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

A N | 15.05.2023 | 07.23 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

නිවැරදි පුවත්, විශ්වාසවන්තව, වේගයෙන් ඔබ වෙත සමීප කරන ඇත්ත 𝑵𝒆𝒘𝒔 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ප්‍රවෘත්ති සේවාව ඔබේ මිතුරන්ට නොමිලේම ලබා ගැනීමට මෙම Link Share කරන්න.

https://chat.whatsapp.com/GKxOypRLfAx5omcbgNI2TO

13/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

නාවික කාන්තාවන්ට හිමිවන නව අවස්ථාව

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට නාවික කාන්තාවන් මුහුදු රාජකාරීන් සඳහා අනුයුක්ත කර තිබෙනවා.

ඒ අනුව ප්‍රථම කණ්ඩායමට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් සහ කාන්තා නාවිකයින් 05 දෙනෙකු ඇතුළත් බවයි සඳහන් වන්නේ.

මේ අනුව නාවික හමුදාව තුළ මෙතෙක් පිරිමි නාවික පුද්ගලයන් හට පමණක් සීමාවී තිබූ නෞකා සහ යාත්‍රාවන්ගේ රාජකාරීන් සඳහා නාවික කාන්තාවන්ට ද එක්වීමට අවස්ථාව විවරවී තිබෙනවා.

A N | 13.05.2023 | 09.15 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

ඇත්ත 𝑵𝒆𝒘𝒔 ෆේස්බුක් පිටුවට ලයික් 👍 කරන්න 👇👇👇

https://bit.ly/3kxIgLN

13/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ

බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති තීරණයට අනුව එහි සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා පහසුකම් සැලසීමට එම රෝහල තෝරාගෙන ඇති බව සඳහන්.

A N | 13.05.2023 | 08.48 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

නිවැරදි පුවත්, විශ්වාසවන්තව, වේගයෙන් ඔබ වෙත සමීප කරන ඇත්ත 𝑵𝒆𝒘𝒔 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ප්‍රවෘත්ති සේවාව ඔබේ මිතුරන්ට නොමිලේම ලබා ගැනීමට මෙම Link Share කරන්න.

https://chat.whatsapp.com/GKxOypRLfAx5omcbgNI2TO

13/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

නෞකා හානිය සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ, නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හේතුවෙන් ඇතිවූ ආපදා සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.

A N | 13.05.2023 | 04.00 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

ඇත්ත 𝑵𝒆𝒘𝒔 ෆේස්බුක් පිටුවට ලයික් 👍 කරන්න 👇👇👇

https://bit.ly/3kxIgLN

13/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 454ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජනවාරි සිට අප්‍රේල් දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 1,867.2ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

A N | 13.05.2023 | 03.34 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

නිවැරදි පුවත්, විශ්වාසවන්තව, වේගයෙන් ඔබ වෙත සමීප කරන ඇත්ත 𝑵𝒆𝒘𝒔 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ප්‍රවෘත්ති සේවාව ඔබේ මිතුරන්ට නොමිලේම ලබා ගැනීමට මෙම Link Share කරන්න.

https://chat.whatsapp.com/GKxOypRLfAx5omcbgNI2TO

11/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු සඳහන් කළේ. මහ බැංකුවේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිම බවයි.

ඒ අනුව ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිත භාවය සහතික කිරීමට පියවර ගන්නා බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

A N | 11.05.2023 | 02.05 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

ඇත්ත 𝑵𝒆𝒘𝒔 ෆේස්බුක් පිටුවට ලයික් 👍 කරන්න 👇👇👇

https://bit.ly/3kxIgLN

11/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව එම සංගමය පවසනවා.

ඒ අනුව අද (11) සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් ඊයේ (10) දිනයේ අවලංගුවී තිබුණා.

A N | 11.05.2023 | 01.40 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

නිවැරදි පුවත්, විශ්වාසවන්තව, වේගයෙන් ඔබ වෙත සමීප කරන ඇත්ත 𝑵𝒆𝒘𝒔 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ප්‍රවෘත්ති සේවාව ඔබේ මිතුරන්ට නොමිලේම ලබා ගැනීමට මෙම Link Share කරන්න.

https://chat.whatsapp.com/GKxOypRLfAx5omcbgNI2TO

10/05/2023

🟤 𝑵𝒆𝒘𝒔 𝑨𝒍𝒆𝒓𝒕

පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි

පරිගණක පද්ධතියේ කොන්සියුලර් කටයුතු අංශයේ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ප්‍රාදේශීය කාර්යාල ඇතුළුව එහි කොන්සියුලර් කටයුතු අංශයේ ලිපි ලේඛන සත්‍යාපනය කිරීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එබැවින් අවශ්‍ය සේවා සඳහා අදාළ කාර්යාල අමතන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

A N | 10.05.2023 | 02.25 PM

ඇත්ත 𝑵𝒆𝒘𝒔

ඇත්ත 𝑵𝒆𝒘𝒔 ෆේස්බුක් පිටුවට ලයික් 👍 කරන්න 👇👇👇

https://bit.ly/3kxIgLN

Address

Saddawasa Mawatha
Colombo
81000

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 09:00 - 20:00
Sunday 10:00 - 19:00

Telephone

+94750410718

Alerts

Be the first to know and let us send you an email when Aththa News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aththa News:

Share