කව්ද බෝයි - Kawda Boy

කව්ද බෝයි - Kawda Boy මොනවා හරි උදව්වක් ඕන වුණොත් කියපන්, ඕන වෙලාවක මම ඉන්නවා..!
(1)

19/07/2026

🚨 "ෂර්ලොක් හෝම්ස්ලාගේ" මාධ්‍ය නාට්‍ය, අමතක වන අතීත වෛරයේ ඇත්ත

මෑතකදී සමාජ මාධ්‍ය හරහා හිටපු ප්‍රමුඛ පෙළේ විමර්ශන නිලධාරීන් සහ ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් විසින් අතීතයේ සිදුවූ ඛේදවාචකයන් තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය කරමින් සමාජගත කරන ආකාරය දක්නට ලැබෙනවා (මේ සමඟ ඇති වීඩියෝවෙන් ද එය පැහැදිලි වේ).

තමන් "නූතනයේ ෂර්ලොක් හෝම්ස්ලා" ලෙස පෙනී සිටීමට උත්සාහ කරන ඇතැම් විමර්ශකයන්ගේ ප්‍රකාශ දෙස ගැඹුරින් බලද්දී, මෙතැන තියෙන්නේ නිකම්ම විමර්ශන තොරතුරු හෙළිදරව් කිරීමක් නොවන බව වැටහේ. මේ ප්‍රකාශ පිටුපස පැහැදිලිවම ඉස්මතු වන්නේ "කාකි ඇඳුම" (පොලිසිය) සහ "හමුදා ඇඳුම" (ත්‍රිවිධ හමුදාව/බුද්ධි අංශ) අතර පවතින ආයතනික ගැටුමක් සහ පෞද්ගලික චර්යාත්මක වෛරයකි.

අප ප්‍රේක්ෂකයන් ලෙස මෙවැනි කරුණු දෙස බැලිය යුත්තේ මාධ්‍ය සන්දර්ශනවලින් හෝ දේශපාලන කණ්ණාඩිවලින් නොව, රටේ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ පුළුල් කෝණයකිනුයි.

📌 හමුදා ඇඳුම සහ බුද්ධි අංශ ඉලක්ක කිරීමේ න්‍යාය පත්‍රය

ඇතැම් විමර්ශකයින් සහ ජඩ මාධ්‍යකරුවන් දිගින් දිගටම උත්සාහ කරන්නේ රට වෙනුවෙන් විශාල සේවයක් කළ ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ (Intelligence) සැමවිටම වැරදිකරුවන් හෝ කුමන්ත්‍රණකරුවන් ලෙස සමාජයට පෙන්වීමටයි.

👉 සූරියකන්ද ඛේදවාචකයට මූලිකම හේතුව වුණේ දේශපාලනයටත් වඩා, එදා සිටි විදුහල්පතිවරයෙකුගේ පෞද්ගලික පළිගැනීමක් මත හමුදා අංශ නොමඟ යවමින් කළ ව්‍යාජ පැමිණිලි බව නඩු තීන්දුවලින් පැහැදිලි වුණා.

👉 මනම්පේරි ඝාතන නඩුවේදී ද 3 වැනි විත්තිකරු වූයේ පොලිස් නිලධාරියෙකි. මෙතනදී අමතක වුනු ඇත්ත එයයි.

👉 විශේෂයෙන්ම මට්ටක්කුලිය සිදුවීමේදී ද වරදකරුවන් වූයේ සමස්ත බුද්ධි අංශ නොව, මත්ද්‍රව්‍ය හා පෞද්ගලික හුටපට මත ක්‍රියාත්මක වූ පුද්ගලයන් පිරිසකි (වැරදිකරුවන් කිසිදු බුද්ධි ආයතනයක සාමාජිකයන් නොවුණු බව උසාවියේදී ඔප්පු විය).

එසේ තිබියදී, යුද්ධය දිනූ, රට බේරාගත් හමුදාව කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවය නැති කර, සමාජය තුළ වෛරයක් සහ සැකයක් හැදීමට උසාවියෙන් නිදොස් කළ සිදුවීම් පවා විකෘති කරමින් මාධ්‍ය නාට්‍ය රඟදක්වන්නේ කාගේ උවමනාවටද?

📌 පොලිසියේ වැරදි වසා ගැනීම (කාකි ඇඳුම රැක ගැනීමේ උත්සාහය)

තමන්ගේම ක්ෂේත්‍රයේ (කාකි ඇඳුමේ) වැරදි සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට CID එක ඇතුළු පොලිස් ලොක්කන් අතින් සිදුවූ වෘත්තීයමය පැහැර හැරීම් වසා ගැනීමට, ඔවුන් කරන්නේ හැම බෝලයක්ම හමුදා ඇඳුම දෙසට පාස් කිරීමයි. ලංකා ඉතිහාසයේ දරුණුතම සහ සාහසිකම අපරාධ රැසකට ඇතැම් පොලිස් නිලධාරීන් කෙලින්ම වගකිවයුතු වූ බව මේ "නූතන ෂර්ලොක් හෝම්ස්ලාට" තමන්ගේ වාසියට අමතක වී ඇත.

👉 1980 දශකයේ කටුනායක බන්ධුල සහ බාලසූරිය ඝාතනය (පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසට මරණ දඬුවම ලැබුණි).
👉 2009 අඟුලාන ද්විත්ව තරුණ ඝාතනය (පොලිස් නිලධාරීන් 4කට මරණ දඬුවම ලැබුණි).
👉 2015 කොටදෙණියාවේ සදෙව්මි දැරියගේ නඩුවේදී ව්‍යාජ ලෙස වරද පැටවීමට අහිංසකයන්ට වධහිංසා පැමිණවීම.
👉 2018 ඇඹිලිපිටිය සාදයකදී තරුණයෙකු උඩුමහලෙන් බිමට තල්ලු කර ඝාතනය කිරීම (ASP ඇතුළු පිරිස වැරදිකරුවන් විය).
👉 මෑතකදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) ඇතැම් නිලධාරීන් කුඩු ජාවාරම්කරුවන් සමඟ ඍජුවම සම්බන්ධ වීම.
👉 ගම්පහ ඔස්මන්ගේ සිදුවීම ඇතුළු වර්තමානයේ ජාවාරම්කරුවන් සමග ගහපු ගේම්

වැරැද්ද කවුරු කළත් වැරැද්දමය. නමුත් පෙර වැරදි හෝ පෞද්ගලික වෛරයන් පිරිමසා ගැනීමට, උසාවියේ ඔප්පු වෙච්ච කරුණු තමන්ගේ වාසියට පෙරළා ගනිමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නම්, එවැනි විමර්ශකයන් ද අසාර්ථක බව සමාජය තේරුම් ගත යුතුය.

📌 3. පාස්කු ප්‍රහාරයේ සැබෑ බුද්ධි තොරතුරු සහ විමර්ශන මඟහැරීම

අවුරුදු ගණනාවක් තිස්සේ පාස්කු ප්‍රහාරය පිටුපස ඇති "මහ මොළකරුවන්" ගැන රටේ විශාල කතිකාවතක් පවතිනවා. මෑතකදී එළිදැක්වුණු විවිධ කමිටු වාර්තා (Alwis Report වැනි) සහ අධිකරණ ලේඛන දෙස බැලීමේදී පෙනී යන්නේ, මෙතැන තිබුණේ බුද්ධි අංශවල අසාර්ථකත්වයට වඩා, ලැබුණු තොරතුරු මත ක්‍රියා නොකිරීමේ දැවැන්ත පද්ධතිමය බිඳවැටීමක් බවයි.

ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ විසින් 2017 සිටම සහරාන්ගේ කල්ලිය පිළිබඳව සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සිද්ධිය පිළිබඳව සියලුම තොරතුරු එවකට සිටි ඉහළම විමර්ශන අංශ (CID) වෙත ලබා දී තිබුණි. එසේ තහවුරු වී තිබියදීත්, සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට නොගෙන නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ හැරියේ සහ බුද්ධි ලේඛන පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගත්තේ කාගේ වුවමනාවකටද යන්න බරපතල ප්‍රශ්නයකි.

එදා ඉහළම පුටුවල වැජඹුණු නිලධාරීන්, ප්‍රහාරයට පෙර තමන් අතට පත්වුණු "අතිරහස්‍ය බුද්ධි ලියවිල්ල" ලැබුණු අවස්ථාවේ වෘත්තීයමය ලෙස ක්‍රියා නොකර, අද දේශපාලන වේදිකාවල (අදිටන වැනි) සර්වසාධාරණත්වයේ මුහුණුවරින් පෙනී සිටිමින් මාධ්‍ය හරහා සුදුහුනු ගා ගැනීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණකි.

📌 අධිකරණමය ක්‍රියාදාමය සහ දේශපාලන නාට්‍ය

දැනට අධිකරණය හමුවේ පවතින B ලේඛන (උදාහරණ ලෙස B 35882/24 නඩුව වැනි) සහ විවිධ බුද්ධි නිලධාරීන් සැකකරුවන් ලෙස නම් කිරීම් පිළිබඳව අප විචාරාත්මක විය යුතුය. ඇතැම් නිලධාරීන් විදේශගතව සිටි කාලසීමාවන් සහ සිදුවීම්වල ගැලපීම දෙස බැලීමේදී, මේවා වෘත්තීයමය විමර්ශනද නැතහොත් තමන්ගේ ඇඟ බේරාගැනීමට හෝ පෞද්ගලික පලිගැනීම් වෙනුවෙන් කරන දේශපාලන හිතළුද යන්න අධිකරණය විසින් තීරණය කරනු ඇත.

කවුරුන් කුමන සාක්ෂි ඇතැයි මාධ්‍ය සන්දර්ශන පවත්වමින් සමාජය තුළ කටකතා සහ දුර්මත වැපිරිය යුතු නැත. කළ යුත්තේ එම සාක්ෂි නිසි පරිදි අධිකරණයට ඉදිරිපත් කර, නීත්‍යානුකූලව වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමයි. එසේ නොමැතිව මාධ්‍ය සංදර්ශන මඟින් වැරදිකරුවන් තීරණය කිරීමට විමර්ශකයන් කටයුතු නොකළ යුතුය.

📌 අන්තිමේදී බැට කෑවේ අහිංසක දුප්පතා පමණි

රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, විමර්ශකයන් සහ විවිධ ඉහළ පෙළේ ප්‍රභූන් ප්‍රහාරය පිළිබඳව විවිධ මට්ටමින් දැනුවත් වී සිටි බව හෝ මඟහැර සිටි බව පැහැදිලිය. ඇතැම් VVIP පිරිස් එදා පල්ලි නොපැමිණීම පිළිබඳව ද සමාජයේ බරපතල ප්‍රශ්න පවතිනවා. කවුරු මොනවා කීවත්, අන්තිමේදී මේ හැම පද්ධතිමය පාවාදීමකින්ම බැට කෑවේ සහ ජීවිතවලින් වන්දි ගෙව්වේ කිසිවක් නොදත්, පල්ලියට ගිය අහිංසක දුප්පත් ජනතාව පමණි.

📢 "කන්න ඕනෑ වූ විට කබරයාත් තලගොයා කර ගැනීම" නවතනු

පාස්කු ප්‍රහාරය හෝ අතීත ඛේදනීය සිදුවීම් කියන්නේ දේශපාලන වේදිකාවල ඡන්ද ගුණ්ඩු, මාධ්‍ය නාට්‍ය හෝ පුද්ගලික පළිගැනීම් සඳහා විකෘති කළ යුතු මාතෘකා නොවේ. මෙතැන ඇත්තේ යුක්තිය ඉටු කිරීමේ අවංක උවමනාවකට වඩා, "ඇඳුම් දෙකක් සහ පද්ධති දෙකක් අතර පවතින වෛරය සහ පළිගැනීම" තමන්ගේ වාසියට පාවිච්චි කරමින් කරන මාධ්‍ය රඟදැක්වීමකි.

ප්‍රහාරයක් වන බව දැන දැනම තමන්ගේ වෘත්තීය රාජකාරිය පැහැර හැරපු, සාක්ෂි යට ගැසූ සහ ඊට අනුබල දුන් ඉහළ පෙළේ දේශපාලන, ආරක්ෂක මෙන්ම විමර්ශන අංශවල සිටි සියලුම වැරදිකරුවන්ට තරාතිරම නොබලා, තනතුරු නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුය.

දේශපාලන මඩගැසීම් සහ මාධ්‍ය නාට්‍යවලින් ඔබ්බට ගොස්, සැබෑ යුක්තිය අධිකරණය ඉදිරියේ ඉටුකරන තෙක් මුළු රටම ඇස් ඇරගෙන බලා සිටී 👁️

ෂේනු ✍️



ඔබේ අදහස කුමක්ද? පහතින් Comment කරන්න.👇
සීතාසිනම් එවන්න එපා, ගෙවන්න සල්ලිනම් නැහැ.

(දේශපාලන මඩ ගැසීමට නොව, සත්‍යය රටට අනාවරණය කිරීම උදෙසා මෙම තොරතුරු පළ කර සිටිමු)

15/07/2026

📌 වැරදීම මනුෂ්‍ය ගතියකි, වැරැද්ද පිළිගෙන නැවත නැගිටීම උදාර ගතියකි
(මිස්ටර් කොත්තු සිදුවීමෙන් සමාජයට පාඩමක්)

පසුගිය දිනවල මෙරට සමාජ මාධ්‍ය ආන්දෝලනයට ලක් කළ ප්‍රධානම මාතෘකාවක් වුණේ "Mr. Kottu" (මිස්ටර් කොත්තු) ආයතනයේ ඇති වූ සිදුවීමයි. එහි හිමිකරු වන විරාජ් වික්‍රමනායක විසින් සේවකයෙකුට පහර දෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ප්‍රචාරය වීමත් සමඟ සමාජය තුළ විශාල විරෝධයක් මෙන්ම කතාබහක් නිර්මාණය වුණා.

නීතිය ක්‍රියාත්මක වෙමින් ඔහුව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණු අතර, මේ සිදුවීමත් සමඟ සේවක අයිතිවාසිකම්, EPF/ETF සහ සේවා ස්ථානවල සේවක සුරක්ෂිතතාවය වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශය පවා දැඩිව මැදිහත් වුණා. එමෙන්ම ඉදිරියේදී සෑම වෙළඳසැලක්ම පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වන මට්ටමට නීතිමය පසුබිම පවා සකස් වෙමින් පවතිනවා අප දුටුවා.

⚠️ ව්‍යවසායකයින්ට සහ සමාජයට හොඳ පාඩමක්
ඕනෑම ව්‍යාපාරයක කොන්ද පණ ගැහෙන්නේ සේවකයින් නිසයි. මේ සිදුවීම, සේවකයන්ට අමානුෂික ලෙස සලකන ඕනෑම අයෙකුට දෙපාරක් සිතන්නට පොළඹවන හොඳ නීතිමය සහ සමාජයීය පාඩමකි.

🤝 නමුත්... වැරැද්ද පිළිගන්නට තිබූ "කොන්ද" ගැන අප අගය කළ යුතුය
ඇප ලබා පැමිණි පසු ඔහු Facebook සජීවී (Live) වීඩියෝවක් ඔස්සේ සමාජය හමුවට පැමිණියා. එහිදී කිසිදු පුරාජේරුවක් හෝ නිදහසට කරුණු කීමකින් තොරව, "මගේ අතින් ලොකු වැරැද්දක් වුණා" යන්න ඔහු විවෘතව පිළිගත්තා. වැරදි හදාගෙන, බිංදුවටම වැටුණු තැන සිට නැවත අලුතෙන්ම නැගිටින්නට සමාජයෙන් අවස්ථාවක් සහ උදව් ඉල්ලා සිටියා.

රටක් විදිහට, වැරැද්දක් කරලා ඒක වසාගන්න බොරු කියන මිනිස්සු අතරේ, තමන්ගේ වැරැද්ද ප්‍රසිද්ධියේ පිළිගන්නට ඔහුට තිබූ ඒ කොන්දට අප Respect ❤️🙌 කළ යුතුය. වැරදි කරන්නේ මනුෂ්‍යයන්ය. වැදගත් වන්නේ ඒ වැරැද්දෙන් පාඩම් ඉගෙනගෙන යහපත් මිනිසෙකු වීමයි. වැරැද්දට සමාජයෙන් සහ නීතියෙන් ලැබිය යුතු දඬුවම් ලැබී අවසානය. දැන් අවශ්‍ය වන්නේ නිවැරදි වීමයි.

🛑 පුද්ගලයාගේ වැරැද්දට විරුද්ධ වෙමු - නමුත් ව්‍යාපාරය විනාශ නොකරමු
විරාජ් අතින් වැරදි සිදුවෙලා තිබුණා නම්, ඒවාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ වගේම පාරිභෝගිකයන්ගේ විවේචනයත් සාධාරණයි. ව්‍යාපාරිකයෙක් ලෙස වගකීම භාරගන්නත්, අවශ්‍ය වෙනස්කම් කරන්නත් ඔහුට සිදුවෙනවා.

හැබැයි, ව්‍යාපාරයක් සම්පූර්ණයෙන්ම වහලා දාන තැනට පත් කිරීමෙන් දඬුවම් ලැබෙන්නේ අයිතිකාරයා විතරක් නෙවෙයි. උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි වෙන කුක්ලා, වේටර්ලා, කැෂියර්ලා, ක්ලීනර්ලා, මැනේජර්ලා, ඩිලිවරි රයිඩර්ස්ලා, සැපයුම්කරුවන්, ප්‍රචාරණ ආයතන, නඩත්තු සේවා සපයන්නන් සහ ඒ හැමෝගෙම පවුල්වල අහිංසක සාමාජිකයනුත් ඒකේ බිහිසුණු ප්‍රතිඵල භාරගන්න වෙනවා. මෙහෙම ව්‍යාපාර වැහිලා ගියොත් අපේ ගමේ කොල්ලෙක්ට රස්සාවක් කරන්න තියෙන තැන් නැතිවෙලා යයි (ගොඩක් branches වහලා තිබුණා).

📈 රටට අවශ්‍ය වගකීම් සහගත ව්‍යවසායකත්වයක්
ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වෙන්නේ ව්‍යවසායකයන් අහිමි කරගන්න එක නෙවෙයි. වගවීමෙන් වැඩ කරන, නීතියට ගරු කරන, රැකියා බිහි කරන ව්‍යවසායකයන් තවත් බිහි කරන එකයි. ව්‍යාපාරයක් ගොඩනඟන එක අවුරුදු ගණනාවක කැපවීමක්. ඒක විනාශ කරන්න පැය කිහිපයක් හෝ දින කිහිපයක් ඇති.

වැරදි නම් නිවැරදි කරමු. වගවීම ඉල්ලමු. නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙමු. හැබැයි රැකියා සිය ගණනක්, පවුල් සිය ගණනක් සහ දේශීය ව්‍යාපාරයක්ම නැති කරලා දාන මට්ටමට සමාජයක් තල්ලු කිරීම අපේ රටට කිසිම ජයග්‍රහණයක් නෙවෙයි. ව්‍යවසායකයෙක් ලාභයක් උපයනවා වගේම, බොහෝ දෙනෙකුට ජීවිතයක් උපයන්න අවස්ථාවක්ත් නිර්මාණය කරනවා. රටක් දියුණු වෙන්නේ වෛරයෙන් නොවෙයි, වගකීම, නීතිය සහ නිවැරදි තීරණවලින්.

💪 අපේ එකෙක් වැටුණු තැනදී හයියක් වෙමු
බිංදුවටම වැටුණු මොහොතේ ඔහුට උදව් කරන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත් වන අයුරු අප දුටුවා. ලාංකිකයන් විදිහට වැටුණු මිනිසෙකුට පයින් නොගසා, නැවත දෙපයින් නැගිටින්නට හයියක් වීම අපේ යුතුකමකි.

රස වෙනස් කරලා, වැරදි මඟහරවාගෙන, සේවක අයිතීන් ද සුරකිමින්, විශේෂිත කෑම වට්ටෝරුවක් සමඟින් ව්‍යාපාරික ලෝකය තුළ නැවතත් විධිමත්ව සහ සාර්ථකව දෙපයින් නැගිටින්නට සහෝදරයා ඔබට ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමු 👍💥

💼 රැකියා අවස්ථා
ඔබත් රැකියාවක් සොයන අයෙක් නම්, නව වෙනස්කම් සමඟින් පෙරට යන Mr. Kottu කණ්ඩායමට එකතු වීමට ඔබේ අයදුම්පත (CV) අදම යොමු කරන්න.

📱 WhatsApp: 076 745 6454
📧 Email: [email protected]



අමතක කලා නෙමෙයි, වැරදුණු ලාංකිකයෙක් වෙනුවෙන් හඩක් නැගුවා පමණි. ඒ නිසා ටිපර් වෙලා කමෙන්ට් තීරුවට දුවන් එන්න එපා 🤫👇

10/07/2026

💧 තඹුත්තේගම ජල ව්‍යාපෘතිය සහ "දේශපාලන කඩේ යාමේ" ඇත්ත කතාව

අද (2026 ජූලි 10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් "තඹුත්තේගම මහජන පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය" ජනතා අයිතියට පත් වෙනවා. වසර ගණනාවක් වකුගඩු රෝගයෙන් පීඩා විඳි අනුරාධපුරයේ අපේම මිනිස්සුන්ට පිරිසිදු දිය පොදක් ලැබෙන එක ගැන ඇත්තටම සතුටුයි.

හැබැයි, මේ රිබන් කැපීම් සහ උත්සව අස්සේ අපිට අමතක නොවිය යුතු, හැමදාම රැවටෙන ලාංකීය ජනතාවට ඉගෙන ගන්න හොඳ පාඩමක් තියෙනවා.

📌 වසර 8කට පෙර මතකය

2017/2018 කාලයේ රනිල්-මෛත්‍රී යහපාලන රජයෙන් රුපියල් බිලියන 32ක වියදමින් මේ ව්‍යාපෘතිය පටන් ගන්න හදද්දී, එදා විපක්ෂයේ හිටපු ජවිපෙ/සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායකයෝ වේදිකා දෙදරවමින් කිව්වේ "මේකෙන් රාජාංගනයේ වතුර බහුජාතික සමාගම්වලට විකුණනවා, ගොවියා වඳ කරනවා" කියලා.

දේශපාලනඥයන්ගේ ඒ උසිගැන්වීම්වලට අහුවෙලා, එදා තඹුත්තේගම නගරයට බැහැලා පොලිසියෙන් බැටන් පොලු පාරවල්, කඳුළු ගෑස් කාපු අහිංසක ගොවියෝ, ගෙවිලියෝ 59 දෙනෙක් අත්අඩංගුවට පත්වෙලා මාස ගණන් රිමාන්ඩ් බන්ධනාගාරවල හිරබත් කෑවා. එදා මිනිස්සු හිරේ වැටෙද්දී උසිගැන්වූ නායකයෝ මාරු වුණා. තඹුත්තේගම පොලිසියේ ගොඩනැගිල්ලටත් හානි කළා. ඒවා නැවත හැදුනෙත් අපේම බදු සල්ලි වලින් කියන එක අමතක කරන්න එපා.

📌 අද වත්මන් නිරුවත

එදා මේ ව්‍යාපෘතිය "එපා" කියලා ජනතාව කුලප්පු කරපු ඒ නායකයින්ම, අද කිසිම ලැජ්ජාවක් නැතුව රජයේ ඇමතිවරු සහ ජනාධිපති විදිහට තමන්ගේම ගිණුමට ලකුණු දමාගෙන මේක උත්සවාකාරයෙන් විවෘත කරනවා. බලය නැතිකොට "එපා" කියන සංවර්ධනය, බලය ලැබුණු ගමන් "අපේ වැඩ" වෙනවා. දේශපාලනයේ හැටි එහෙමයි.

🚨 කාටවත් කඩේ යන්න එපා

මේකෙන් අපි තේරුම් ගන්න ඕන එකම දේ, දේශපාලකයන්ගේ පස්සේ ගිහින්, උන්ගේ පදයට නටලා පාරට බහින එකේ ඇති නිශ්ඵලකමයි. එදා තුවාල ලැබූ, හිරේ විලංගුවේ වැටුණු අහිංසක මිනිස්සුන්ගේ තුවාල තවමත් රිදෙනවා ඇති. හැබැයි උන් පාවිච්චි කරලා බලයට ආපු උන් අද සිනාසෙමින් රිබන් කපනවා.

කොහොම වුණත්, එදා මිනිස්සු කොච්චර එපා කිව්වත්, දේශපාලන වාසි නොතකා දුර දැකලා මේ ව්‍යාපෘතියේ පදනම දාපු, ක්‍රියාත්මක කරපු අයටත්, අද මේකේ ඉතිරි වැඩ අවසන් කරලා ජනතාවට දුන්න අයටත් කුහක නොවී පින් දිය යුතුයි. මොකද දේශපාලකයන්ගේ බල පොරය අස්සේ වුණත්, අවසානයේ දිනුවේ අපේ රටේ මිනිස්සුන්ගේ පානීය ජල අයිතියයි.

රැවටෙන්න එපා... කාගේවත් දේශපාලන බල ව්‍යාපෘතිවලට පලිහක් වෙන්න එපා 🙏

තරිදු ✍️



රිද්දන්න කිව්වා නෙවෙයි, හැදෙන්න කිව්වේ. ඒ නිසා ටිපර් වෙලා කමෙන්ට් තීරුවට දුවන් එන්න එපා 🤫👇
ඔබේ අදහස කුමක්ද? පහතින් Comment කරන්න. Share කරන්න. 👇

10/07/2026

📢 මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්, තුවාලකරුවන් ජාතික රෝහලට

08/07/2026

🚨💀 ආණ්ඩුවටත් අභියෝග කරන "හිරගෙදර පාතාල මාෆියාව" සහ මීගමුවේ ලේ වැගිරීමේ සැඟවුණු ඇත්ත 🩸🤬

මීගමුව බන්ධනාගාරයෙන් ඇහුණු වෙඩි සද්දෙයි, එක පිට එක මිනී වැටුණු ආරංචියයි එක්ක මුළු රටම අද කම්පාවෙලා ඉන්නේ. නිල වාර්තාවලට අනුව තමන්ගේ රාජකාරිය අකුරටම කරන්න ගිය අහිංසක බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් රැඳවියන් අතින් අමානුෂික විදිහට ඝාතනය වෙලා.

බලධාරීන් සහ මාධ්‍ය උඩින් පෙන්වන්නේ මේක "සිරකරුවන් දෙපිරිසක් අතර ඇති වුණු රණ්ඩුවක්" කියලා වුණත්, මේක ඇතුළේ තියෙන්නේ සෑහෙන කුණු වෙච්ච, උඩුදුවපු පාතාල සහ කුඩු මාෆියා කතන්දරයක්.

📦 ඔත්තු දීම, කුඩු බිස්නස් සහ "කටුවැල්ලේ සුරේෂ්"

ලංකාවේ හිරගෙවල් කියන්නේ අද කුඩු ජාවාරම්කාරයන්ගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන (Hubs). මීගමුව බන්ධනාගාරය ඇතුළේ කරගෙන ගිය මහා පරිමාණ කුඩු ජාවාරමක් ගැන ඇතැම් සිරකරුවන් පිරිසක් විසින් එහි සේවය කළ උසස් බලධාරියෙකුට "ඔත්තු" ලබා දී තිබුණා.

ඒ බලධාරියා මාරු වී ගිය සැනින්, අලුතින් ආපු නිලධාරියා යටතේ අර "ඔත්තුකරුවන්ගේ ලැයිස්තුව" එළියට ගියේ කොහොමද? සල්ලිවලට රෙදි ගලවන උන් ඇතුළෙම ඉන්නවා කියලා අමතක කරන්න එපා. තමන්ගේ බිස්නස් එකට කෙලවන්න ඔත්තු දුන්නේ කවුද කියලා හොයලා, ඒ අයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තමයි මේ වලිය පටන් අරන් තියෙන්නේ. මුලින්ම මැරෙන්නේ visit විස්තර ලියන, හැමදේම දන්න 2 වැනි වාට්ටුවේ හිටපු "කිරා".

මේ මහා විනාශයට මුල පුරලා තියෙන්නේ බූස්සේ දැඩි ආරක්ෂාව මැද ඉන්න "බූරු මුණාගේ" සමීපතම සගයෙක් වෙන කටුවැල්ලේ සුරේෂ්. බූස්සේ ඉන්න එකෙකුට මීගමුව ඇතුළේ ඉන්න උන්ව මෙහෙයවන්න පුළුවන් නම්, රටේ බුද්ධි අංශ කරන්නේ මොනවාද? ඩුබායිවල ඉන්න "ඩුම්" සහ "අඩා" ගේ පියා සතුව තිබ්බ, මුළු කුඩු ජාලයම මෙහෙයවපු "ෆෝන් එක" අද අතුරුදන්. අවශ්‍යතාවය තියෙන්නේ වෙන දෙයක් වහන්නද? කියලා හිතෙන්නේ නැද්ද?

🔫 නිලධාරීන්ගේ ආයුධ සිරකරුවන් අතට ගියේ කොහොමද?

උදේ කෑම බෙදන වෙලාවේ මේ කලබලය මැඩපවත්වන්න ගිය නිලධාරීන්ට එළව එළවා ගල්වලින්, පොලුවලින් ගහන්න තරම් පාතාලය ශක්තිමත් වුණා. බන්ධනාගාරයේ ආයුධ ගබඩාවෙන් හෝ නිලධාරීන් සතු වුණු ගිනිඅවි සිරකරුවන් අතට පත් වෙලා, උන් ඒ තුවක්කුවලින් නිලධාරීන්ටම වෙඩි තියලා, ප්‍රධාන ගේට්ටුවත් කඩාගෙන පැනලා යන්න උත්සාහ කළා. හමුදාව, STF එක සහ ගුවන් හමුදා හෙලිකොප්ටර්/ඩ්‍රෝන පවා දාලා තමයි මේක යන්තම් පාලනය කරගත්තේ. බන්ධනාගාර රෝහලේ දොස්තර නලාව පවා තිබුණේ වහල උඩ හිටපු රැඳවියන් ළඟ. ඒ කියන්නේ උන් රෝහලේ දොරවල් පවා කඩලා.

🎯 සිස්ටම් එකේ ලොකුම හිඩැස (The System Failure)

කැබිනට් මාධ්‍ය හමුවේදී කියනවා දවස් දෙකකට කලින් බුද්ධි තොරතුරු ලැබුණාලු මෙහෙම කලබලයක් ඇතිවෙනවා කියලා. මේකත් හරියට පාස්කු ප්‍රහාරය වගේමයි. කල්තියා දැනගෙනත් අවශ්‍ය දේ නොකිරීමෙන් නෙමෙයිද මේ ජීවිත බිලි වුණේ?

මෙච්චර ඉඟි තිබ්බ ලොකේෂන් එකක අයුධාගාරය (Armory) කලින්ම හිස් නොකළේ ඇයි? සිද්ධිය වුණු දවසේ රෑම "සඳදා උදේ visits දෙනවා" කියලා ප්ලෑන් කළේ කාගේ මොළෙන්ද? අධිකරණ ඇමතිවරයා කියනවා "කලින් ආණ්ඩු කරපු දේවල් දැන් වැඩක් නැහැ" කියලා. උන් එපා නිසානේ සහෝදරයා මෙච්චර බලයක් දීලා මේ ආණ්ඩුව බලයට ගෙනාවේ. සමාජ මාධ්‍ය (Social Media) බලලා, හැලි ලියලා තීරණ ගන්න ඇමතිවරුන්ගෙන් රටට වැඩක් නැහැ. කතිරේ ගැහුවේ මෙහෙම වෙනවා දකින්න නෙමෙයි කියන එක අනුර සහෝදරයා, නැවත වරක් ඔබට මතක් කරනවා.

🎖️ තමන්ගේ උන් වෙනුවෙන් පපුව දුන්න වීරයා ❤️🙌

යකඩ ගේට්ටුව කඩාගෙන ආපු යක්කු වගේ සිරකරුවෝ ටික පූසෝ වගේ ආපහු ඇතුළට දිව්වේ අර පොඩි කවුළුවෙන් වෙඩි තියපු බන්ධනාගාර නිලධාරියා නිසයි. නැත්නම් අද අනිත් නිලධාරීන්ගේ ගන්න වෙන්නේ කෑලි තමයි.

දොරෙන් එහා පැත්තේ තමන්ගේ සගයන් ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී, බිය නොවී ඉදිරියට පැමිණ, "STF එක ඇතුළට ගන්න" මූලිකත්වය ගත්තේ උඹයි අයියේ. යක්කුන්ට පිරිත් කියලා වැඩක් නෑ, උන්ව එළවන්න නම් මන්තර ජප කරන්නම වෙනවා. තමන්ගේ එකා වෙනුවෙන් ඒ වෙලාවේ ඒ ගත්ත තීරණයටනම් එකෙන්ම RESPECT ❤️

⏳ ඉස්සරහට චණ්ඩි පාට් දාපු උන්ට ලැබෙන "පරිප්පුව"

ඔය මීගමුව බන්ධනාගාරේ කැරලි ගහපු හිරකාරයන්ට පුඩිය සෙට් වෙන්නේ දැන් නෙමෙයි. මේ කලබල ක්‍රමයෙන් අඩුවෙලා, සෝෂල් මීඩියා රැල්ල බැහැලා, සිද්ධිය ගැන පොලිස් විමර්ශන පටන් ගන්න කොටයි උන්ට රෙවෙන්නේ.

මීට කලිනුත් වැලිකඩ, බිඳුණුවැව, අඟුණකොලැපැලැස්ස සහ මහර බන්ධනාගාරවල මේ වගේ කැරලි ඇති වෙලා සිරකාරයෝ මැරුණා. හැබැයි ඔය කිසිම සිද්ධියකදී සිරකාරයෝ අතින් බන්ධනාගාර නිලධාරීන් මේ වගේ සමූහ වශයෙන් ඝාතනය වුණේ නැහැ. මෙතන තත්ත්වය වෙනස්. රාජකාරී වේලාවේදී තමන්ගේ සහෝදර නිලධාරීන් 7 දෙනෙක්ව අමානුෂික ලෙස මරාදැමීම ගැන බන්ධනාගාර නිලධාරීන් ඉන්නේ දැඩි කෝපයකින්.

දැන් මේ උන්ව මීගමුවෙන් අයින් කරලා වෙනත් බන්ධනාගාරවලට යැව්වට, ඒවාවේ ඉන්නෙත් බන්ධනාගාර නිලධාරීන්ම තමයි. ලංකාවේ රජයේ සේවකයෝ තමන්ගේ රැහේ එකාට අදිනවා. දොස්තරලට, ගුරුවරුන්ට ප්‍රශ්නයක් වුණාම මුළු ලංකාවෙම උන් එකතු වෙනවා වගේ, බන්ධනාගාර නිලධාරීනුත් දැන් ඉන්නේ එකම මතයක.

හිරගෙවල් ඇතුළේ කන්න, නාන්න, වැසිකිලි යන්න, වාට්ටුවලට දාන්න මේ හැමදේම තීරණය කරන්නේ නිලධාරීන්. ඔය මාරු වෙලා යන චන්ඩි ටිකට ඉස්සරහට කන්න වෙන්නේ ලෝක පරිප්පුවක්. ටික දවසක් යනකොට උන්ට තේරෙයි චණ්ඩි පාට් දාන්නේ නැතිව දෙන දේ කාලා වෙනදේ බලන් හිටියා නම් හොඳයි කියලා.

අනිත් පැත්තෙන් පොලිස් විමර්ශන එනකොට, කුඩු පැකට් දෙකකට ඇතුළට ගිහින් ඇප අරන් එළියට එන්න හිටපු එකාටයි, ගෑස් සිලින්ඩරයක් උස්සලා හිරේ ගිය එකාටයි මිනීමැරුම් චෝදනා යටතේ අධිචෝදනා ගොනු වෙනකොට තමයි ආතල් එක තේරෙන්නේ. හිරේ ඉන්න එකෙක්ගෙන් කටඋත්තරයක් ගන්න මහ ලොකු දේවල් ඕනේ නැහැ. හොඳ වාට්ටුවක් දාන්නම්, ටොයිලට් එකේ වැඩි වෙලාවක් ඉන්න දෙන්නම් කිව්වම උන් ගිරව් වගේ ඔක්කොම වමාරනවා.

🛑 අවසානය

මෙතැනදී විනාශ වුණු දේවල් හදන්න යොදවන්නෙත් අපේම බදු සල්ලි. මේ නිසා ඉස්සරහට හැම හිරගෙදරකම තාක්ෂණය සහ නීති රීති තද වෙනවා. ඒකෙන් බැට කන්නේ අහිංසක රැඳවියන්.

කැබිනට් එකෙන් සහ පාර්ලිමේන්තුවෙන් දැන්වත් "කනගාටුව ප්‍රකාශ කිරීම්" පැත්තක තියලා, හිරගෙවල් ඇතුළේ ඉන්න කුඩු මුදලාලිලාගේ සන්නිවේදන ජාලයන් සම්පූර්ණයෙන්ම කපා හැරීමට (Signal Jamming) සහ උන්ට උදව් කරන දූෂිත ජේලර්ලාට උපරිම දඬුවම් දීමට කඩිනම් පියවර ගත යුතුයි. නැත්නම් සිද්ධ වෙන්නේ, ලංකාව සම්පූර්ණයෙන්ම "මාෆියා රාජ්‍යයක්" (Narco-State) බවට පත්වීමයි.

ශේනු ✍️



රිද්දන්න කිව්වා නෙවෙයි, හැදෙන්න කිව්වේ. ඒ නිසා ටිපර් වෙලා කමෙන්ට් තීරුවට දුවන් එන්න එපා 🤫👇

ඔබේ අදහස කුමක්ද? පහතින් Comment කරන්න. 👇

07/07/2026

මීගමුව හිරගෙදර සෙල්ලම, අනෙක් තැන්වලටත් බෝවීමේ අවදානම සහ අපේ රටේ හෙළුව ⛓️💥

මීගමුව බන්ධනාගාරයෙන් ඇහුණු වෙඩි සද්දෙයි, මිනී වැටුණු ආරංචියයි එක්ක ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම අද කතා වෙන්නේ මේ ගැන. හැබැයි උඩින් පේන පින්තූරෙට වඩා මේක ඇතුළේ තියෙන්නේ සෑහෙන කුණු වෙච්ච, උඩුදුවපු කතන්දරයක්. අපි ටිකක් ඇත්ත කතා කරමුද?

පළවෙනි දවසේ රණ්ඩුවක්, දෙවෙනි දවසේ නිලධාරීන්ට ප්‍රහාරයක්? ⚔️

බලධාරීන් කියන්නේ මේක දෙපිරිසක් අතර රණ්ඩුවක් කියලා. අපි කවුරුත් දන්නවා හිරගෙවල් කියන්නේ අද කුඩු ජාවාරම්කාරයන්ගේ තෝතැන්නක්. නීතිය පොඩ්ඩක් තද වෙනකොට ඇතුළේ ව්‍යාපාර ගැන එළියට ඔත්තු දුන්නා කියලා තමයි මේ වලිය පටන් අරන් තියෙන්නේ. පත්මෙගේ ගෝලයෙක් වෙච්ච කටුවැල්ලේ සුරේෂ් පුෂ්පකුමාර තමයි මේකට මුල පුරලා තියෙන්නේ. මුත් ලේසි පහසු එකෙක් නෙවෙයි, බුස්සේ ඉන්න "බුරු මුණා" කියන මහා පරිමාණ අපරාධකරුගේ සමීපතමයෙක්. බුරු මුණා අදටත් ඉන්නේ තවත් බන්ධනාගාරයක් ඇතුළේ වෙලත්, කොහොමද මීගමුවේ අපරාධකාරයන්ට කතා කළේ?

මැදියම වෙනකොට පළමු දවසේ වලිය පාලනය කළා නම්, ඇයි අයුධාගාරයේ තිබ්බ ආයුධ ටික අයින් කරගන්න බැරි වුණේ? දෙවැනි දවසේ උදේ කෑම දෙන්න ගිය අහිංසක නිලධාරීන්ව ඉලක්ක කරලා, ජිම් එකත් කඩලා ප්‍රහාරයක් එල්ල කරන්න තරම් මුන් පළමු රාත්‍රියේම සංවිධානය වුණේ කොහොමද? මේවා පිටුපස ඇතුළේ ඉන්න සමහර නිලධාරීන්ගේ සෙවනැලිත් නැද්ද? දැවෙන ප්‍රශ්න තමයි මේවා.

වහල උඩ ඩෙංගු නාට්‍ය සහ බොරු ෂෝ 🎭

වහලට නැගලා කෑගහපු අක්කලා කිව්වා ඩෙංගු වලට බෙහෙත් දෙන්නේ නැහැ, පැරසිටමෝල් විතරයි දෙන්නේ කියලා. අනේ ඇත්තටම අක්කේ, ලංකාවේ ඕනම රජයේ රෝහලක ඩෙංගු වලට මුලින්ම දෙන්නේ පැරසිටමෝල් තමයි. අනික රෝහල් ගත කරපු එකෙක්ටවත් ඩෙංගු පොසිටිව් වෙලා නැහැ. ඇඳගෙන වැටෙන ඩෙංගු ලෙඩ්ඩු නම් දැක්කේ නැහැ, හැබැයි යකඩ පොලුවලින් තලලා මූණු කුඩු කරගත්ත එවුන් නම් දැක්කා. වහලට නැගපු අක්කලාගේ අතේ තිබ්බ උපකරණ දැක්කම ඇතුළේ වෙච්ච දේ ඕන ගොනෙකුට තේරෙනවා. රඟපෑම නම් මරු හැබැයි, අවසාන ප්‍රතිඵලය කුජීතයි.

වෙන් කරලා තිබ්බ පිරිමි වාට්ටුල ඉඳන් කාන්තා වාට්ටුවලට මෙච්චර ඉක්මනට පණිවිඩ හුවමාරු වුණේ කොහොමද? රැඳවියන්ගේ නෑදෑයෝ මෙච්චර ඉක්මනට හිරගෙදර ඉස්සරහට රොක් වුණේ කොහොමද කියලා CCD සහ CID නිලධාරීන් පස්සේ වෙලාවක නිදහසේ හෙව්වොත් ඇස් උඩ යන උත්තර හම්බවෙයි. (දැනටමත් විමර්ශන පටන් අරන්ලු) නිලධාරීන්ට බන්ධනාගාරයේ හිටපු අය ලබාදුන් රහසිගත තොරතුරු එළියට ආවේ කොහොමද කියන එකත් විමර්ශකයින්ගේ දැඩි අවධානයට ලක්විය යුතුමයි.

බන්ධනාගාරද? පාතාලයට විශ්වවිද්‍යාලද? 🏛️

හිරගෙවල් කියන්නේ මිනිස්සු පුනරුත්ථාපනය කරන තැන් වෙන්න ඕනේ. හැබැයි අද ඒක පාතාලයේ "යුනිවර්සිටි" එකක් වෙලා. තමන්ට ව්‍යායාම කරන්න තිබ්බ GYM එකත් කඩලා, යකඩ පොලු අරන්, උදේ කෑම අරන් ආපු නිලධාරීන්ට ගහන්න තරම් මුන් මැදියම් රැයේ කුපිත වුණේ නිකම්ම නෙවෙයි.

කිසිම ආණ්ඩුවකට අද වෙනකම් හිරගෙවල්වලට "ජෑමර්" (Jammers) ටිකක් හයි කරලා මුන්ගේ සන්නිවේදනය කපන්න බැරි වුණා. මොකද අපරාධකාරයෝ සන්නිවේදන ආයතන නඩත්තු කරන්න ලොකු මුදලක් වියදම් කරනවා කියන එක රහසක් නෙවෙයි. මේවා පාලනය කරන්න අධික ශබ්ද තරංග (Sound Waves) වගේ නවීන ආරක්ෂක උපකරණ පාවිච්චි කරන්න දැන් කාලය හරි. ගන්න තරුණ අයගේ ideas, නැතුව මෙහෙම කරලා නම් ජීවිතේට ඕවා විසඳන්න බැහැ.

"උන් අපරාධකාරයෝ වුණාට අපේ ලේ" 🩸

හිරගෙදර ඉස්සරහා අඬපු අම්මා කෙනෙක් කිව්වා "උන්ව අපරාධකාරයෝ කළේ පොලිසියයි, දේශපාලකයොයි" කියලා. ඔව් අම්මේ, ඒකේ ඇත්තක් තියෙනවා. හැබැයි ඔවුන්ව පත් කරලා රට මේ තත්ත්වයට පත් කරන්න කතිරේ ගහපු අපි ඔක්කොම වැරදියි අම්මේ.

හැබැයි තව වීඩියෝ එකක පොඩි කොල්ලෙක් පොලිසියෙන් ගේම ඉල්ලනවා, "රුපියල් 2000ට මරන්න එපා සර්, සර්ලට බැරිනම් Army එකේ සර්ලට කියන්න, එයාලා ඕක ලස්සනට විසඳයි" කියලා. අන්න එතකොටයි තේරෙන්නේ මිනිස්සු පොලිසියට වඩා ආමී එකේ කොල්ලන්ට ඇයි ආදරේ කියලා. ඔය පදක්කම් වලට "යකඩ කෑලි" කියලා සමහරු හිනාවෙන්නේ ඉරිසියාවට බන්. මිනිස්සුන්ගේ හිතේ තාමත් ඉන්නේ ඒ හමුදාවේ කොල්ලෝ තමයි කියන එක දිලීප මහත්මයාට දැන් වැටහෙනවා ඇති.

අන්තිම ටික අම්මලා වෙනුවෙන්... 👩‍👦

කරන්න පුළුවන් හැම බලු වැඩක්ම කරන්න ඉඩ දීලා, දඬුවම් කරන්න ඕන කාලේ හුරතල් කරලා, දැන් ඇඬුවට වැඩක් තියෙනවද? (පෙර වැරදි තමයි) ඔයාලගේ දරුවන්ට උදේට කෑම ටික දෙන්න ගිය නිලධාරීන්ට ගහලා මරලා දාපු හැටි දැක්කා නේද? "සෑම සිරකරුවෙක්ම මනුෂ්‍යයෙකි" කියලා උන්ට සලකන්න ගිය මනුස්සයෝ අද මිනී පෙට්ටිවල. ඒ නිලධාරීන්ගේ අම්මලාට මොනවා හිතෙනවා ඇත්ද? තවත් චූටි පුතාලා ගෙදර ඉඳන් දඟ රඟපානවා ඇති, දැන්වත් හරියට හදාගනින්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. අල්ලන කුඩු ටික වගේම මේවා ගැනත් හිතුවා නම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද?

එදා සහ අද වෙනස 🏍️👮‍♂️

මට මතකයි ඔහොම වුණාම ඒ කාලේ හිටපු පාර්ලිමේන්තු චණ්ඩි ගිහින් ඇතුළේ එවුන්ට සද්ද දාලා එනවා. එතකොට කිසිම සද්දයක් නැහැ. හැබැයි අද කාලේ වෙනස්, එහෙම ගියා නම් අද ඒ මන්ත්‍රීත් ඇතුළෙම තමයි.

හැබැයි කළු ඇඳුම් ඇඳගෙන මෝටර් බයිසිකල්වලින් (SF) කට්ටියක් ආවා විතරයි දැක්කේ, පාරේ කෑගහපු නෑදෑයෝ මීක් නැහැ, වහලේ උඩ හිටපු අක්කලා මිසින්, චණ්ඩි ටික පුස් පැටව් වගේ. එදා අරගලේ වෙලාවේ කළු ඇඳුම් ඇඳගෙන ආපු අය නවත්තලා සද්දේ දාපු පොලිසියේ මහත්වරු අද මීක් නැහැ. හැබැයි ඒ කළු බයිසිකල් අයියලාගේ ගැම්ම එදත් එහෙමමයි, අදත් එහෙමමයි.

තව දෙයක්, වටේ හිටපු නෑදෑයෝ සන්සුන් වුණේ කලින් මීගමුවේ හිටපු පොලිසියේ ලොකු මහත්මයෙක් වෙච්ච එරික් පෙරේරා මහත්තයා දැක්කම විතරයි. ඔළුව කෙළින් තියන් වැඩ කරන ඒ වගේ අවංක මිනිස්සුන්ට මේ දේශපාලනය ඉඩ දෙන්නේ නැති බව දැන්වත් තේරුණාද? (එරික් පෙරේරා මහත්මයාට වෙච්ච දේ අපි දන්නා නිසා)

🚨 රටම ඇස් ඇරලා බලන්න ඕන දැවෙනම ප්‍රශ්න ටික මෙන්න 👇

👉 මිලියන ගණන් වටිනා බොඩි ස්කෑනරය සහ CCTV පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කළේ ඇයි? මෙතන අවශ්‍යතාවය තියෙන්නේ වෙන දෙයක් වහන්න කියලා දැන් හිතෙනවා නේද?

👉 ආයුධ අරගෙන, එහෙමත් නැත්නම් GYM එකේ තිබ්බ යකඩ අරන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කඩන්න හැදුවේ ඇයි? T-56 ආයුධ 3ක් රැඳවියන් අතට ගියේ කොහොමද? ඒකෙන් 1ක් තවමත් අතුරුදන් කියන්නේ සෙල්ලමක්ද?

👉 ඩුබායි වල හැංගිලා ඉන්න "ඩුම්" සහ "අඩා" කියන කුප්‍රකට අපරාධකරුවන්ගේ පියා ඉඳලා තියෙන්නෙත් මේ මීගමුව බන්ධනාගාරය ඇතුළෙමයි. මිනිහා ඇතුළේ ඉඳන් කරපු කුඩු ජාවාරම දැන් නැවතිලා තියෙද්දී, ඒ මිනිහා සතුව තිබ්බ ෆෝන් එකට මොකද වුණේ?

කෙනෙක් වැරදිකරුද නැද්ද කියලා තීරණය කරන්න අපි කවුරුත් නෙවෙයි. හැබැයි තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් උදුරාගන්න අයිතිය දුන්නේ කවුද? මියගිය නිලධාරීන්ට වගේම රැඳවියන්ටත් ගෞරවාන්විතව ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.

දැන් තියෙන ලොකුම භය මේක ලංකාවේ අනෙක් බන්ධනාගාරවලටත් බෝ වෙයිද කියන එකයි. නිලධාරීන් 7 දෙනෙක් මැරුණා කියලා ලංකාවේ සෑම බන්ධනාගාරයකම උපවාස කරලා මේක හරියාවිද? මෙච්චර ලොකු විනාශයක් වෙලත් අද බන්ධනාගාර හදිසි උපක්‍රමික බලකායේ නිලධාරීන් සේවයට වාර්තා කරන්නේ නැහැලු.

දෙයක් වෙනකම් බලන් ඉන්න එපා අනුර සහෝදරයා, අනෙක් තැන්වලත් ආරක්ෂාව වහාම තද කරන්න. හැබැයි අනුර සහෝදරයට විතරක් මේක තනියම කරන්න බැහැ. අර මයික් ටයිසන්ලා වගේ හැමදේටම voice cut දෙන සහෝදරයෝ මේ වෙලාවේ මයික් ඉස්සරහට එන්නේ නැතුව මේවා විසඳන්න එකතු වුණොත් නරකද?

🔥 අවසාන විසඳුම විදියට මට හිතෙන දේ

මේ වගේ සේවයට වාර්තා නොකරන, වැඩ මගහරින නිලධාරීන් වෙනුවට, "විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ" විනයක් තියෙන, රට වෙනුවෙන් වැඩ කරපු වීරයෝ ටිකක් මේ බන්ධනාගාර ආරක්ෂක සේවයට බඳවා ගත්තොත් නරකද? එතකොටවත් ඔය ඇතුළේ ඉන්න පාතාල කුඩු රැල්ලයි, උන්ට කඩේ යන නිලධාරී පැලැන්තියයි දෙකම එකපාර සුදුවෙලා යයි.

මෙච්චර දේවල් වෙලත් රෙදි නැතුව කඩේ යන හරක් කියනවා මේක "දේශපාලනීකරණය" කරනවාලු. බලන්නකෝ අද මේ ගැන කතා කරන උදවියගේ කතා ටිකත් සිහිකල්පනාවෙන් අහලා, බුද්ධිමත්ව තීරණය කරන්න කියලා මම ඉල්ලනවා.

රිද්දන්න කිව්වා නෙවෙයි, හැදෙන්න කිව්වේ. ඒ නිසා ටිපර් වෙලා කමෙන්ට් තීරුවට දුවන් එන්න එපා 🤫👇

ඔබේ අදහස කුමක්ද? පහතින් Comment කරන්න. 👇

ෂේනු ✍️

03/07/2026

⚠️ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සහ සුදු කරපටි මාෆියාව

බුද්ධිමත් මිනිස්සු විතරක් කියවන්න. 👇👁️

අවුරුදු ගණනාවක් තිස්සේ පාස්කු ප්‍රහාරය පිටුපස තියෙන රහස්, දේශපාලන ඩීල් සහ "මහ මොළකරුවන්" ගැන මුළු රටටම තිබුණේ ලොකු කුතුහලයක්. හැබැයි මෑතකදී CID එක අධිකරණයට ඉදිරිපත් කරපු වාර්තා, වගකිවයුතු නිලධාරීන්ගේම ප්‍රකාශ සහ එළියට ආපු රහස් කමිටු වාර්තා (Alwis Report) දෙස බලන විට, මේක අහම්බෙන් වුණු එකක් නෙවෙයි කියලා කරුණු කාරණා සහිතව ඔප්පු වෙනවා.

මෙතැනදී තියෙන බරපතළම සහ පිළිකුල්සහගතම සිදුවීම තමය. "දැනුවත්වම සිටිය යුතු ලොක්කන් හැමදේම දැනගෙන සිටියදී, ප්‍රහාරය වෙන්න ඇරපු දැවැන්ත කුමන්ත්‍රණයක්" මෙතැන තිබිලා තියෙනවා කියන එක දැන් රෙදි නැතුවම ලෝකෙටම පේන්න අරන් තියෙන එකය. නීතියත් සෙල්ලම් කරන්නේ අහිංසක මිනිස්සු එක්ක කියන එකනම් අදනම් හොඳටම දැනෙනවා.

📌 බුද්ධි අංශ රාජකාරිය කළා, විමර්ශකයෝ අත් බැඳන් හිටියා

ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ විසින් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරලා, ප්‍රහාරයක් වෙන්න යන බවට කල් තියාම (2017 ඉඳන්ම සහරාන්ගේ කල්ලිය ගැන) සියලුම තොරතුරු අදාළ විමර්ශකයන්ට ලබා දී තිබුණා. එහෙම තියෙද්දිත්, මේ තරම් බරපතළ තොරතුරු ගණනකට ගන්නේ නැතුව, කිසිම උනන්දුවක් නොදක්වා විමර්ශකයන් අත බැඳගෙන සිටියේ ඇයිද යන්න මුළු රටටම ප්‍රශ්නයක්.

එවකට CID එකේ හිටපු අධ්‍යක්ෂක සහ ඔහුගේ සහයකයා කවුද කියන්න අපි හැමෝම දන්නවා (ශානි සහ රවී සෙනවිරත්න). මාවනැල්ලේ බුදු පිළිම සිද්ධිය, කබීර් හෂිම්ගේ ලේකම්ට වෙඩි තැබීම, වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සිද්ධිය, පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය ඇතුළු මේ හැම එකක්ම විමර්ශනය කළේ ඔය කියන පුද්ගලයින් දෙන්නාම තමයි.

වනාතවිල්ලුව සිද්ධියේ ප්‍රධාන සැකකරුවා සහරාන් හෂීම් කියලා 100%ක් Confirm වෙලත්, ඔහු රට ඇතුළේ ලොකු ප්‍රහාරයකට සූදානම් වෙනවා කියලා හැමදේම දැනගෙනත්, එදා නීතිය ක්‍රියාත්මක කරන්න හිටපු ලොක්කෝ ඔහුව පොලිස් භාරයට නොගෙන නිදැල්ලේ හැසිරෙන්න ඉඩ හැරියේ කාගේ උවමනාවටද? පාර්ලිමේන්තු කමිටුව (POST-EASTER PSC) ඉදිරියේදී රවී සෙනවිරත්න පවා පිළිගත්තා ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධව විමර්ශන අංශ නිසි ලෙස ක්‍රියා කළේ නැහැ කියලා.

📌 "ශානි-රන්ජන් හඬපට", "අදිටන වේදිකාව" සහ NPP බෙදීම

ඔයාලට මතක ඇති මේ ප්‍රශ්නෙත් එක්ක එළියට ආපු ශානීගෙයි, රන්ජන්ගෙයි හඬපට. ඒ එක හඬපටයක ශානි කියනවා "සුරේෂ් සලේ කියන්නේ රත්තරං මිනිහෙක්, රටට සම්පතක්" කියලා. හැබැයි තමන්ට අවස්ථාව ආපු ගමන් ශානි ක්‍රියාත්මක වුණු විදිය අපි දන්නවා (වාස් ගුණවර්ධන නඩුව වගේ ඒවා මතක ඇතිනේ).

ගිය ජනාධිපතිවරණයේ ශානී ඉස්සෙල්ලාම ගියේ සජිත් ළඟට වුණත්, සජිත් ශානිව ගත්තේ නැහැ. ඔය අතර තමයි ශානිට එයාගේ පරණ යාළුවෙක් හරහා අරුණ ජයසේකරව හම්බ වෙන්නේ. එයා එක්ක ඇවිත් තමයි ශානි ගම්පහ ත්‍රිවිධ හමුදා රණවිරු සාමූහිකයේ 'අදිටන' වේදිකාවට ගොඩවෙන්නේ. ඒ වේදිකාවේ ඉඳන්ම තමයි අනුර සහෝදරයා, ශානිව යළි සේවයේ පිහිටවනවා කියලා පොරොන්දු වෙන්නෙත්.

හැබැයි අද වෙද්දී මේ සියලු සිද්ධි දාමයන් එක්ක ආණ්ඩුව ඇතුළේ "ශානි පාර්ශවය" සහ "JVP පාර්ශවය" විදිහට කණ්ඩායම් දෙකකට බෙදී එකිනෙකාට එරෙහිව කුමන්ත්‍රණය කරන්න පටන් අරගෙන තියෙන බවට සාක්ෂි ඕන තරම් තියෙනවා. මාධ්‍ය ඔස්සේ හා පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ පාර්ශවයින් දක්වන අදහස්වලින් ඒක පැහැදිලිවම පේනවා.

ලාංකීය සමාජයේ අහිංසක මිනිස්සු අනුර සහෝදරයාව පත් කරලා බලාපොරොත්තු වුණේ මේ වගේ කුහක බෙදීම් නෙවෙයි. මේ යන විදියට මේ පාරත් සිද්ධ වෙන්නේ දේශපාලන පොරොන්දුවක් විදියට පැලැස්තරයක් ඇලවීම පමණක් නම්, වින්දිතයන්ට කවදාවත් සාධාරණයක් වෙන්නේ නැහැ. දැන් ආණ්ඩුව පත්වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නහී, මඟ හිටියොත් තෝ නහී" වගේ තත්ත්වයකටයි. මේ විමර්ශන හරියට කෙරුණොත් අනුරට දඬුවම් කරන්න වෙන්නේ තමන්ගේම ළඟ ඉන්න ශානිට සහ අනෙකුත් ආරක්ෂක නිලධාරීන්ටද? ඔයාලා මොකද හිතන්නේ, අනුර වැඩේ කරයිද?

📌 උසාවියේ "B 35882/24" නඩුව සහ මොළය පාවිච්චි කළ යුතු තැන 🧠

නවතම CID විමර්ශන අනුව, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේව අත්අඩංගුවට ගෙන, කොළඹ කොටුව අධිකරණයේ B 35882/24 නඩුවේ 3 වැනි සැකකරු ලෙස නම් කර තිබෙනවා (සයින්දමරුදු පිපිරීම සහ වව්නතිවු පොලිස් නිලධාරීන් ඝාතනය සම්බන්ධව).

පොඩ්ඩක් මොළය පාවිච්චි කරලා හිතන්න. 2016 ඉඳන් 2019 වෙනකන් ලංකාවේ බුද්ධි රාජකාරිවල ඍජුව සම්බන්ධව නොසිටි, විදේශගතව (මැලේසියාවේ තානාපති කාර්යාලයේ) සිටි සුරේෂ් සලේ, සහරාන්ගේ සයින්දමරුදු සහ වව්නතිවු සිද්ධිවලට 3 වැනි සැකකරු වුණේ කොහොමද?

CIDය කියනවා සුරේෂ් සලේ විසින් සහරාන්ගේ කල්ලියේ තොරතුරුකරුවන්ට (Informants) සල්ලි ගෙවමින්, විමර්ශන මගහැරවීමට සහ සාරා ජැස්මින්ගේ (Sarah Jasmine) DNA පරීක්ෂණ පවා වෙනස් කරන්න බලපෑම් කළා කියලා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ, ඒක ඔප්පු කරගන්න මේ තරම් සාක්ෂි උසාවියට පවා ඉදිරිපත් කරලා තියෙද්දී, වගකිවයුත්තන්ට විරුද්ධව නීතිමය දඬුවම් කෙළින්ම ක්‍රියාත්මක නොකර තවමත් මන්දගාමීව සිටින්නේ ඇයි?

තාක්ෂණය ගැන කිසිම දැනුමක් නැති පුද්ගලයෙක් මේ වගේ කරුණු උසාවියට කියද්දී හිනා යන්නේ කොතනින්ද කියලා හිතාගන්න බෑ. මොකද මේ ඔක්කොම හිතළු විමර්ශන නිසා, අන්තිමට "මේ ඔක්කොම යාළුවෝ මල්ලි" වගේ සීන් එකක් වෙයිද කියලා සැකයි.

අවුරුදු 10කට ආසන්න කාලයක් CID එකේ ඉහළම පුටුවල වැජඹුණු රවී සෙනවිරත්නලා, එදා ප්‍රහාරයට කලින් තමන් අතට පත්වුණු "අතිරහස්‍ය බුද්ධි ලියවිල්ල" (Highly Confidential Intelligence Document) ලැබුණු වෙලාවේ ඒ ගැන ක්‍රියාකරපු විදිය පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්ද? මුළු කතාවම අහද්දී තේරෙන්නේ, මුන් මේකට නීතිමය සහ වෘත්තීයමය උත්තරයකට වඩා, තමන්ගේ ඇඟ බේරාගන්න දේශපාලන උත්තරයක් (Political Cushion) බලාපොරොත්තු වෙනවා නේද කියන එකයි. ශානි අබේසේකර කියනවා "තමන් NPP එකට එකතු වුණේ බදු මුදලට සාධාරණයක් කරන්න" ලු. බදු මුදලට කරපු සාධාරණේ තමයි එදා අතිරහස්‍ය ලියවිල්ලක් WPC (කාන්තා පොලිස් කොස්තාපල්) කෙනෙක් මත පටවලා ඇඟ බේරගන්න හදපු එක. ඉන්නකොට කරපු නැති දේ දැන් කරයි කියලා හිතන් ඉන්න මෝඩයෝ ටිකක් තමයි අපි.

📌 අහිංසක දුප්පතා විතරක් බැට කාපු හැටි...

ප්‍රහාරය සිදුවන බව දැනගෙනත් නිහඬව සිටි රාජ්‍ය නායකයන් සිටි රටක, "කාදිනල්තුමා මේ ගැන කිසිවක් දැන සිටියේ නැතැයි" නීතිඥ දිලීප පීරිස් මහතාට සහතික විය හැකිද? හැමදාම පාස්කු දිනවල පල්ලියට ආපු කාදිනල් තුමන් ප්‍රහාරය වන දවසේ ආවේ නැත්තේ ඇයිදැයි දැන් හැමෝම දන්නවා. ප්‍රහාරය සිද්ධ වෙනවා කියලා දැනගෙනත් තම ක්‍රිස්තියානි මිනිස්සුන්ට කියපු නැති කාදිනල් ඇතුළු පූජකයෝ එතකොට වැරදි නැද්ද? වෙනදාට පල්ලි යන ක්‍රිස්තියානි VVIP අය එදා පල්ලි ආවේ නැත්තේ ඇයි?

අන්තිමේට මේ ප්‍රහාරය එදා වෙනවා කියලා දන්නේ නැත්තේ සාමාන්‍ය අහිංසක දුප්පතා විතරයි. කවුරු මොනවා කිව්වත් අන්තිමේට මේ හැම එකෙන්ම බැටේ කෑවේ අහිංසක ගමේ දුප්පතා පමණි. මුලින්ම ඒ ගැන සෙව්වා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

📌 අවසානය

ඕකට අපේ ගමේ කියනවා, "කන්න ඕනි වුණාම කබරයා තලගොයා වෙනවා" කියලා.

පාස්කු ප්‍රහාරය කියන්නේ නිකන්ම නිකන් ආගමික අන්තවාදී කල්ලියක් කරපු එකක් විතරක් නෙවෙයි. කලින් ගහනවා කියලා පැහැදිලිවම තහවුරු කරපු ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි තොරතුරු ලැබිලත්, ඒ විමර්ශන යට ගහපු, සාක්ෂි විනාශ කරපු, තමන්ගේ රාජකාරිය පැහැර හැරපු සුදු කරපටි දේශපාලන සහ ආරක්ෂක අංශවල ඉහළ පෙළේ මාෆියාවක් මේ පිටුපස ඉන්නවා.

මේක තවත් එක දේශපාලන පොරොන්දුවක් හෝ වේදිකා නාට්‍යයක් සේ නොදැක, පිළිවෙලකට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් සමාජයක් විදිහට අපි හැමෝම ඒකට එකඟයි. අහිංසක මිනිස්සු 270කට වඩා මරලා, රටම ලේ විලක් කරපු ඒ පාපතරයන්ට, ඔවුන්ව ආරක්ෂා කරපු දේශපාලන නොදරුවන්ට වගේම, ප්‍රහාරයක් වන බව දැන දැනම තමන්ගේ වෘත්තීය රාජකාරිය නිසි ලෙස නොකර මඟහැරපු නිලධාරීන්ටත් තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනකන් මුළු රටම ඇස් ඇරගෙන බලා සිටිනව. 👁️

(දේශපාලන මඩ ගැසීමට නොව, සත්‍යය රටට අනාවරණය කිරීම උදෙසා මෙම තොරතුරු පළ කර සිටිමු)

ෂේනු ✍️



ඔබේ අදහස කුමක්ද? පහතින් Comment කරන්න. 👇
(සිතාසිනම් එවන්න එපා)

Address

Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when කව්ද බෝයි - Kawda Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share