23/03/2021
Undergraduates Of Sri Lanka 💜️
අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නෙ සුවිශේෂී චරිතයක්. නිකම්ම දිරාපත්වෙලා යන ශාකපත්‍රයක් ජීවිතේ අමතක නොවන නිර්මාණයක් බවට පරිවර්ථනය කරන වෙනස්ම කලාවක් රටට හදුන්වාදෙන සරසවි ව්‍යවසායිකාවක්.ඇයගෙන්ම අපි ඒ ගැන විමසා බලමු.
ඔබ ගැන හැදින්වීමක් කලොත්..
සරලව මේ තමයි මම, ඔබ මේ දකින මම තමයි මම.
මම නදීකා සදමාලී සේනානායක, මට ඉන්නෙ අම්මයි අප්පච්චි විතරයි, දෙන්නම කරන්නෙ ගොවිතැන්. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ අඹගහවැව විද්‍යාලෝක මහා විදුහලෙන්, ඊට පසුව මහබුලංකුලම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. දැනට රජරට විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යාව විශේෂවේදී උපාධියෙ තෙවන වසර අධ්‍යාපනය ලබමින් ඉන්නවා. මනෝවිද්‍ය උපදේශනය ආශිත පාඨමාලාවක් හදාරමින් ඉන්නවා
ඔබ මේ නිර්මාණ කටයුතු සදහා යොමුවන්නෙ කොහොමද?
ඇත්තටම මම විශයක් විදියට චිත්‍ර කරලා නැ . මම සෞන්දර්ය විශයක් විදියට පාසලේදී කරේ උඩරට නර්තන සම්ප්‍රධාය. පස්සෙ උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලයේ භූ ගෝල විද්‍යා විෂයෙ භූ රූප සදහා මම ත්‍රිමාණ නිර්මාණ ඇන්දා සහ, එ ත්‍රිමාණ රූප හැදුවා. ඊට පස්සෙ ඒක ,mandala arts විදියටත් ,එතනින් cartoon සහ animation විදියටත්, එතනින් pencil drawing විදියටත් ඇවිත් තමයි දැනට මේ ඒ හැම දෙයක්ම එකතු වෙලා leaves carvings විදියට ස්වභාවික කොළයක් උඩට එකතු වෙන්නෙ.
විශේෂයෙන්ම මම මෙ leaves carving කියන එක එළියට දාන්නෙ මගෙ එක්තරා අධ්‍යනයකයට කරුණු එකතු කරන්න හිතාගෙන. එ එක්කම ඉතිං ඒක අනිත් අතට සැලැස්මක් එක්ක පුංචි brand එකක් විදියටත් promote කරනවා මෙ දවස්වල.Meuronarz කියන්නෙ brand එක. ගොඩක් දෙනෙක් මෙ වචනෙ තේරුම අැහුවා. මේක කිසිම භාෂාවකින් ගත්ත වචනයක් නෙවෙයි. මේ නමට කිසිම තේරුමක් නැ.
මම psychology පැත්තට interest වැඩි. ඒකත් එක්කයි එ විෂය භාහිරෙනුත් අධ්‍යනය කරන්න පටන් ගත්තෙ. Meuronarz කියන brand එක හදන්න මුල් වෙන්නෙ ප්‍රධානම ඔය සිද්දිය. සමාජ මාධ්‍ය තුළ තළ තනිවීම, හුදකලා වීම ,සමාජ ආතතීන් මුදාහැරීම සහ එ හිඩැසට කලාව ඌණපුර්ණ මාධ්‍යයක් කරන එක තමයි මගෙ තේමාව වුනෙ. එතකොට එකට මට හැමදාම දකින ප්‍රකාශන මාධ්‍යයක් ගැලපුනෙ නැ. දැකපු ගමන් නවත්තගන්න මාධ්‍යයක් ඕන වුණා. ඒකට තෝරගත්තේ මේක. හැබැයි අධ්‍යනය සහ ප්‍රකාශන මාධ්‍යය දෙකක්.ඒක පැතිරීම එක්ක තමයි එ අධ්‍යනයෙන් පස්සෙ මේක brand එකක් විදියට promote කරන්න උත්සාහ කරේ.
ඔබ ලබල තියෙන ජයග්‍රහණ මොනවද?.
අධ්‍යාපන කටයුතු එක්ක එන පීඩනය පාලනය කරගන්න සහ නිදහස් වෙලාවට මෙච්චර කාලයක් නිර්මාණ සදහා යොමු වුණා ම්සක කිසිම තරගයකටවත් ,ව්‍යාපාරික අවස්තාවකටවත් ලගදී වෙනකම් යොමු වෙලා නැහැ.
අධ්‍යාපනයත් එක්ක කොහොමද සමබරව කරගෙන ගියේ ?
ඒක කාල කලමනාකරනය. ආතනිය කලමානාකරනය වගෙ ලොකු මාතෘකාවක්. ඒක තමයි මම හිතන්නෙ හොදම කලාව. මම වැඩ කීපයක් අතරමැද කලබල වෙලා නැ. මම හිතන්නෙ ඒක තමයි අධ්‍යාපන කටයුතු එක්ක සමබරව කරගෙන යන්න හේතුව. Managment කියන්නෙ මුදල් විතරක් නෙවෙනි. Manage කරගන්නවා කියන එක එක්තරා කලාවක්.ඒක හරියට අල්ලගත්තොත් අමාරු නැ. Academic වැඩ,research පවා මෙ එක්කම කරනවා.
මට මගෙ මෙ art එක ප්‍රකාශන මාධ්‍යයක්. මට හරියටම සෙට් වුණ මාධ්‍ය කිව්වොත් නිවැරදියි. ඒක වෙහෙසක් නෙවෙ එ නිසා. මම හිතන හැටියට ඕනම මනුස්සයෙක්ට තමන්ට ආවේණික වින්දන මාධ්‍යයක් තියෙන්න ඕන. එතකොට ආතතිය අධ්‍යාපනය පිටින්, පවුල පිටින්, රැකියාව කරන තැන අය පිටින් , යහළුවන් පිටින් පිට වෙන්නෙ නැ. ආතතිය එක්තරා හිතෙ ඇතිවන අසීමාන්තික ශක්තියක්. ඒක අපි පිට කරන්නෙ හරිම විදියටම කියන එකනෙ ගැටලුව. ඉතිං මේක මගෙ ප්‍රකාශන මාධ්‍යයක් නිසා මට ලොකු ගැටලුවක් තිබුනෙ නැ.
විශ්ව විද්‍යාලයේදි ඔබට දක්ෂතා එලිදක්වන්න ලැබුනු අවස්තා ගැන මතක් කලොත්?
අවස්තාව තිබ්බා.ගොඩක් අවස්ථා මගහැරගෙන තියෙන්නෙ.මං හිතන්නෙ හොදම දේවල් ගැලපෙනම කාලයටනෙ ලැබෙන්නෙ. මම පළමු වසර සහ දෙවන වසර කාල සීමා වල පංති කරා. මම මේ වෙනකම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා ගෙදරින් පුංචි මුදලක්වත් අරන් නැ. අම්මලා දුන්න පොඩි ගානක් තියනවා. ඒකෙන් මම වියදම් කරන්නෙ නැ, වියදම් වුණත් පුළුවන් වෙලාවට මම ඒක නැවත පුරවනවා. ඉතින් ඒ දේවල් එක්ක සම්පුර්ණ අවධානය එ පංති වලට දීලා තිබුණේ. එ එක්කම මම විශ්ව විද්‍යාලයෙන් පිට යම් අධ්‍යන කටයුතු කීපයක් කරා මම හදාරන විෂයට සම්බන්ධ නැති. එ දේවල් එක්ක මගහැරීමක් වුණා.
ඔබට ආපු අභියෝග සහ ඒවට මුහුණ දුන්නෙ කොහොමද?
ජීවත් වෙන එකම අභියෝගයක්නෙ ඉතිං. නිර්මාණය පැත්තෙන් ගත්තොත් පුරුදු වෙන කාලය තුළ විවේචන නොතිබුණා නෙවෙයි. මනුස්සයෙක්ට එක සැලසුමක් නෙවෙයි සැලසුම් කීපයක් තියෙන්න ඕන. එතකොට කඩා වැටීමක් වෙන්නෙ නැ. එකක් බැරි වුනොත් එකක්. ඉතිං මට ආව අභියෝග වලදි මම හැම වෙලේම සැලසුම වෙනස් කරලා වෙන පාරකින් ආපහු අරමුණටම හැරෙනවා. මුල හයිය ගස් වැටෙන වැටෙන පැත්තට දළු දානවනෙ. මට එන විවේචන පවා මං මේකටම අමුණනවා. එතකොට ප්‍රශ්නයක් නැනෙ. එහෙම තමයි ඉතිං, මිනිස්සු ඒ ඒ ආකාරයිනෙ.
ඔබ තවත් දක්ෂතා දක්වන්නෙ මොනවටද?
මුලින් මම කව් ලිව්වෙ. විශ්ව විද්‍යාලයේ මට කාඩ් එක හැදෙන්නෙත් එ සම්බන්ධව. ඒක මෙ එක්කම දිගටම යනවා. ඉදිරියේදී පළවෙනි කවි පොත සහ ළමා කතා එකතුවක් සහ චිත්‍ර කතා එකතුවක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ හැරුණුකොට තවත් දක්ෂතා මොනවද කියලා හරියටම කියන්න බැ. තව ඇති. දවසින් දවස ඒවා වෙනස් වෙනවා අලුතින් එකතු වෙනවා අත්හදා බලන දේවල් එක්ක.
ඔයාට මේ ගමනට උදවු කල අය කවුද?
මම තනි චරිතයක් විදියට පෙන්න ඉන්නෙ.ඒත් මගෙ පිටිපස්සේ ලොකු පිරිසක් ඉන්නවා දැනට. අම්මා අප්පච්චි මුලින්ම ඉන්නවා. ඒ වගේම මගෙ විශ්ව විද්‍යාලයෙ වෘත්තීය මාර්ගෝපදේශන අංශය, වොෂින්ටන් මෘදුකාංග ඉන්ජීනේරු කණ්ඩායමක් එ අය හරහා දැනට පුංචි ප්‍රමාණයක් එ රට තුළ අලෙව් වෙනවා. එ වගේම මගෙ විශ්වවිද්‍යාලයේ සියළුම පීඨවල සහෝදර සහෝදරියන්, විශේෂයෙන් මගෙ බැජ් එකෙ සියළුම සහෝදර සහෝදරියන්, සමාජ විද්‍යා විෂය හදාරන මගෙ කණ්ඩායම,සහ senior අයියලා අක්කලා විශේෂයෙන්, junior නංගිලා මල්ලිලා ටික , මෙ අය තමයි.
ඔබේ අනාගත බලපොරොත්තු මොනවාද?
මම හදාරන විෂය මම ආසාවෙන් තෝරගත්ත එකක්. ඉතිං එ විෂය සම්බන්ධව මට අලුතින් දෙයක් කරන්න පුළුවන් තැනකට එකතු වෙන එක තමයි අංක එකට තියන බලාපොරොත්තුව. මොකද අර උදේ වැඩට ගිහින් දවල්ට කාලා අත් දෙක වන වන හවසට ගෙදර යන විදියෙ රැකියා වලට මම පෞද්ගලිකව කැමති නැ..
අනිත් එක පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියනවා විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු අවසන් වෙනවත් එක්ක. එ සදහා දැනට දේවල් ලෑස්ති වෙමින් තියනවා. එකෙ එක නිර්මාණ කේෂ්ත්‍රයක් විතරයි මම මෙ දවස්වල එළියට දාන්නෙ. බලමු නේද ඉතිං
ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවුඩේ මොකක්ද?
පළවෙනි එක වෙලාවට වැඩ කරන්න. එතකොට වැඩ කිපයක් අතරමැද හිර වීමක් වෙන්නෙ නැ. කාලය බෙදාගන්න. නියමිත කොටස විතරක් කරන්න, අඩුවෙනුත් එපා වැඩියෙනුත් එපා.
දෙවෙනි එක, තමන්ගෙ හැකියා මොනාද, තමන්ට තියන සම්පත් මොනාද කියන එක දැනගන්න. තමන්ගෙ capacity එක අදුරගන්න. අරමුණක් කියන්නෙ දීර්ඝ කාලීන දෙයක්. එ මගතොට ඉලක්ක හම්බවෙනවා. සහ සමහර වෙලාවට එන අභියෝග ගැටලු වලදී සැලසුම වෙනස් කරලා යන්න පුරුදු වෙන්න, අරමුණ අත් නොහැර.
අවසාන එක තමන්ට පැවැත්මක් නැති තැන්වලින් අයින් වෙන්න. පැවැත්මක් තියන තැනකට එකතු වෙන්න.අර කතාවක් තියෙන්නේ දක්ෂතා පෙන්නන්න ඕන ඒකට ගැලපෙන තැන්වල කියලා. ගැහැණු පිරිමි කියන්නෙ සමාජය අපට දුන්න නමක්. ඒක මුළුගැන්විය යුතු සාධයක් නෙවෙයි. තමන්ට ආවෙනික Rythm එකකට යන්න. ප්‍රසිද්දිය කියන දේ තාවකාලිකයි, හැබැයි අපි යම් නිර්මාණයක් හරහා මිනිස්සුන්ගෙ චින්තනයට ,හදවතට එකතු කරන දේ ඊට වඩා කල් පවතීවි කියලා විශ්වාස කරනවා.එච්චරයි
ඔබේ වටිනා අත්දැකීම් අපිත් එක්ක මේ විදිහට බෙදාගන්න එකතු වුණාට බොහොමත්ම ස්තූතී.ඒ වගේම ඔබේ ඉදිරිවැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අපි හදවතින්ම සුභපතනවා.!
සටහන - Lakshan Sandaru