කොළඹ අහස යට

කොළඹ අහස යට කොළඹට ආදරේ කරන ඔයා එන්නම ඕන තැනක්...♥️♥️😍😍

01/08/2026

මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි

මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 (Bell 412) වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යානා (Drones) යොදවා ඇති බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා තහවුරු කරනවා.

මහර බන්ධනාගාර පරිශ්‍රයේ අද (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ ගොඩනැගිල්ලක හටගත් ගින්න හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති අතර, තවත් 6 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ගුවන් හමුදා නිරීක්ෂණ යානා යොදවමින් බන්ධනාගාරය තුළ සහ පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද කාලගුණ නිවේදනයබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැව කාලගුණ වි...
26/07/2026

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

උතුර සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් දක්වන්නේ.

18/07/2026

😍😍😍
18/07/2026

😍😍😍

08/07/2026

ඔරුගොඩවත්ත මංසන්ධියේදී කන්ටේනර් රථයක් පෙරළී සිදුවූ අනතුරක් නිසා,
දෙමටගොඩ සිට පෑලියගොඩ දෙසට දිවෙන මංතීරු දෙකක් අවහිර වීමෙන්
රථවාහන තදබදයක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත හන්දියේදී අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් දකුණට හැරවීමේදී පෙරළීමෙන් දෙමටගොඩ සිට පැළියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මංතීරු දෙකක් අවහිර වී තිබෙනවා.

එම හේතුවෙන් ඇති වී තිබෙන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පැළියගොඩ දෙස සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව ඔස්සේ දෙමටගොඩ දෙස සිට පැළියගොඩ දෙසටත් පැළියගොඩ දෙස සිට දෙමටගොඩ දෙසටත් රථ වාහන ගමනාගමනය සිදු කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම මාර්ගයේ ඇති වූ අවහිරතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

අද වරාය නගරයට නෙලුම් කුලුණ පෙනෙන අයුරු..😍😍
28/06/2026

අද වරාය නගරයට නෙලුම් කුලුණ පෙනෙන අයුරු..
😍😍

Address

Colombo

Telephone

+94714883873

Website

Alerts

Be the first to know and let us send you an email when කොළඹ අහස යට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share