Srilanka Enterprise ,Business Research and Development Institute

Srilanka Enterprise ,Business Research and Development Institute Srilanka Enterprise Business Research and Development Institute is a reseach Organization establishe

ජනාධිපතිවරණයට අමතර වාසියක් ලබා ගැනීමට ඔබටත් පුළුවන්  සියලුම පක්ෂවල ආසන සංවිධායක වරුන්  සදහා දැන් ලබා ගැනීමට 0750340923 අ...
30/08/2024

ජනාධිපතිවරණයට අමතර වාසියක් ලබා ගැනීමට ඔබටත් පුළුවන්
සියලුම පක්ෂවල ආසන සංවිධායක වරුන් සදහා දැන් ලබා ගැනීමට 0750340923 අමතන්න.
දත්ත මත පදනම්ව ජනාධිපතිවරණය මෙහෙයවන්න.
ගම් මට්ටමේ බිම් මට්ටමේ දත්ත මත ඔබත් ජනාධිපතිවරණය සංවිධානය කරන්න.

ලස්සන බිලක් දෙන ගමන් ව්‍යාපාරය කළමනාකරණය කරගන්න.ඇදුම් කඩේ දවසේ ආදායම ඇදුම් වල stock එක ලැබුන ලාබය දුරකථනය ඔස්සේ නිවසේ සි...
04/04/2024

ලස්සන බිලක් දෙන ගමන් ව්‍යාපාරය කළමනාකරණය කරගන්න.
ඇදුම් කඩේ දවසේ ආදායම
ඇදුම් වල stock එක
ලැබුන ලාබය
දුරකථනය ඔස්සේ නිවසේ සිට ඇදුම් කඩේට සම්බන්ද වීමේ පහසුකම් සහිතව
අත පසු වීම් අඩු කරගෙන සොරකම අඩුකරගෙන ව්‍යාපාර දියුණු කරගන්න.
මිල රුපියල් 15000 පමණයි.
0750340923.

16/02/2023
කර්මාන්තය හා ව්‍යාපාර සදහා වාස්තු විද්‍යාව උපයෝගී කර ගැනීම.ව්‍යාපාර වල දියුනුවට පිහිටීම හා දිශාවන් වල වැදගත්කම මෙම ලිපිය...
06/11/2020

කර්මාන්තය හා ව්‍යාපාර සදහා වාස්තු විද්‍යාව උපයෝගී කර ගැනීම.

ව්‍යාපාර වල දියුනුවට පිහිටීම හා දිශාවන් වල වැදගත්කම මෙම ලිපියෙන් ඔබව දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙමි.සුලුවෙන් සැලකුවත් වඩාත්ම වැදගත් කොටසක් ලෙස මෙම කොටස දැක්විය හැක.
ආරම්භ කර සුලු කාලයක් තුල අතු ඉති පැතිරෙමින් ව්‍යාප්ත වෙන ,හොදින් ලාභ ලබන ව්‍යපාර මෙන්ම පටන් ගත් දිනයේ පටන්ම හිමිකරුවන්ට විවිධ ඇබැද්දි හා කරදර ඇතිවෙමින් ආයෝජන කල මුදල් පවා අහිමි වී යන ව්‍යාපාරද ලොව පුරාම දක්නට ලැබේ.

ඔබ පදිංචි පෙදෙසේ ඇති ව්‍යාපාර පිලිබද සැලකිලිමත් වන්නේනම් මේ පිලිබද උදාහරණ ගණනාවක් සොයා ගත හැක.

ව්‍යාපාරයකදී ප්‍රධානව වැදගත් වන්නේ එහි නිවැරදි පිහිටීමය .කෙනෙක් අලෙවිය සදහා තෝරාගන්නේ අඩු කාලයක් තබා ගත හැකි ඉක්මනින් අලෙවි කල යුතු ආහාර ද්‍රව්‍ය නම් වඩාත් සුදුසු නිතර ජනයා ගැවසෙන කලබරකාරී වෙලදපොලකි.
එහෙත් ලෝහ භාණ්ඩ සදහා එවැනි තැන් සුදුසු නැත.එයට නිස්කලංක නිහඩ පරිසරයක් තිබිය යුතුය.

බෙහෙත් ද්‍රව්‍ය අලෙවි සලක් සදහා වඩාත් සුදුසු රෝහලක් අසලය.එය නිරිතදිගින් පිහිටන්නෙ නම් එය තවත් බලවත්‍.

විශාල කාර්යාල ගොඩනැගිල්ල ඒ ඒ අංශ සැලසුම් කල යුත්තේ වාස්තුවිද්‍යා අනුවය .නිවසේ මෙන්ම කාර්‍යාල වල අධ්‍යාපන සදහා සුදුසු නිරිත දිසාවයි.

වැඩ කරන මේසයක සිටින විට උතුරට හෝ නැගෙනහිරට මුහුණ ලා සිටිය යුතුය.මන්ද යත් මේ සියලු දේ පවතින්නේ සූර්ය ගේ ශක්තිය මතය.උතුරු දෙසට ඉතා විශාල චුම්බක ශක්තියක් පවතින අතර හිරුගේ ශක්තිය අවදි වන්නේ නැගෙනහිර දිශාවේ වන බැවිනි. මේසය තැබිය යුත්තේ හැකි තරම් හිස් ඉඩක් ඇතිවෙන පරිදිය.හිස් කොටස තිබිය යුත්තේ බිත්තිය පැත්තෙන් නොවිය යුතුය.එවිට ඔබට නිදහස් බාවයක් ඇති වේ.

මේසයට පසුපසින් ජනෙල් පිහිටීම නිසා සිත චංචල වේ.එක අරමුනක සිට වැඩ කිරීමට අපහසුය.එම නිසා ඔබ වාඩි වන ස්තානයට ඉදිරියෙන් ජනෙල් තිබීම වඩා යෝග්‍යවේ .

වැඩ කිරීම සදහා හොදින් පිට හේත්තු කර හැකි පහසු පුටුවක් තිබේනම් ඔබගේ වැඩ බාධාවකින් තොරව කර ගෙන යාමට උපකාරි වේ.ලිපි ගොනු කැබිනට්ටු තැබිය යුත්තේ නිරිත දිසාවෙනි.විදුලි උපකරන සදහා සුදුසු ගිණිකොණ කොටසයි.අපතේ යන කඩදාසි දමන කූඩය සදහා සුදුසු නිරිත දිශාවේ .

කාර්‍යාල තුල ජල මලක් සකස් කරන්නේනම් එය ඊසාන දිසාවට වෙන්නට සකස් කරන්න .ධනය නියෝජනය කරන සංකේත හා පිංතූර උතුරු හා නැගෙනහිර බිත්තිවල එල්ලීම වැඩි ප්‍රතිඵල ගෙන දේ.

හොද සුවදක් හමන දියරක් (perfume sent) ,හදුන්කූරක් මනස උත්තේජනය කරයි.ප්‍රබෝධය ඇති කරයි.කාර්‍යාල පරිසරය නැවුම්බව ,සෞභාග්‍ය ඇති කරයි.

විශාල වානේ හා කොන්ක්‍රීට් යොදාගෙන ඇති ගොඩනැගිලි වල සෙවනැලි ඔබේ කාර්‍යාල පතිත වීම ඔබට බාධා ඇති කරයි.

කාර්‍යාල ගොඩනැගිල්ල හැකිතරම් දුරට හතරැස් හෝ සෘජු කෝණාස්‍රව වේ නම් එය සුබ ලකුනකි.එහි පිවිසුම් දොරටු ඊසාන දෙසින් හෝ දකුණට බරව වයඹ දෙසින් ඇත්නම් හෝ බටහිරට බරව වයඹ දෙසින් ඇත්නම් කදිමයි .

වාහන අංගනයක් ඇත්නම් එය සුදුසු බටහිර හෝ දකුණු දිසාවයි.ගොඩනැගිල්ල වටා ඇති පොලොව මට්ටම් එකක් හෝ දකුණු හෝ බටහිර පැති වලින් උස් වී තිබිය යුතුය.

අමුත්තන් පිලිගන්නා කොටස තිබිය යුත්තේ නිරිත දිගිනි.වෙනත් අංශ වෙත යොමු වන තරප්පු ,විදුලි ඔසවන පටන් ගත යුත්තේ එම කොටසේ සිටය.

පිලිගැනීමේ නිලධාරී තුමිය සිටින කවුන්ටරය කාමරයේ දකුණු හෝ බටහිර කෙලවර උතුරට හෝ නැගෙනහිරට මුහුණලා තිබීය යුතුය.

පිලිගැනීමේ අංශයේ ලැබෙන සුහදබව,ලැදියාව ලාබදායකත්වයේ පෙර ගමන්කරුවා වෙයි.ස්වභාවික ආලෝකය ,ක්‍රමවත් වායු සංසරණය එම ප්‍රදේශය ප්‍රියජනක තැනක් කරයි.

පාලන අධ්‍යක්ෂ

ආයතනයක පාලන අධ්‍යක්ෂ වරයා නිවසක ප්‍රධානියාට සමානය.එය පිහිටා තිබිය යුත්තේ නිරිත දිග කොටසේය.
වැඩ කරන විට නැගෙනහිරට මුහුණලා සිටින විට සාමකාමි සිතුවිලි ජනිත වේ.ගිනිකොන දෙසට මුහුණලා සිටින විට කම්මැලි කම ජනිත වේ.දකුණු දෙසට මුහුන ලා සිටින විට වැරදි කල්පනා ජනිත වේ.නිරිත දෙසට මුහුණ දුන් විට වැරදි බරපතල ලෙස ඉස්මතු වන මනසක් ඇතිවෙයි .වයබ දෙසින් අවිවේකී බව ඉස්මතු වේ.අධ්‍යාත්මික වර්ධනයට සුදුසු උතුරට මුහුණ දීමය.ඊසාන දෙසට මුහුණ දීමෙන් පරලොව ගැන සිතුවිලි පහල වෙයි.

කලමනාකරණය අංශය පාලන අධ්‍යක්ෂකගේ කාමරයෙන් බටහිර දකුණු පැත්තට වෙන්නට තිබීම සුදුසුය .
උතුරට හෝ නැගෙනහිරට මුහුණලා සිටින පරිදි මේස පිලියෙල කල හැකිනම් සුදුසුය.
ගිණුම් අංශය තිබිය යුත්තේ ගොඩනැගිල්ලේ උතුරු පැත්තෙන් ය.
බටහිර පැත්තට කිසිම වෙලවක එය නොතිබිය යුතුය.
සේප්පු හා ලිපිගොනු කැබිනට් දකුණු පැත්තට වී තබාගැනීම වැදගත්ය.

ඊලග කොටසේදී අපි කර්මාන්තශාලා ගැන කතා කරමු.

ඔබේ ව්‍යාපාර සදහා නොමිලේ සේවා සැපයීමට අපි බැදී සිටිමු.

ශ්‍රිලංකාවේ   තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියේදී  ව්‍යවසයෙකු හෝ ව්‍යාපරිකයෙකු  දැන යුතු මූලික කරුණු ,ඉදිරිපත් කල යුතු ලේ...
12/10/2020

ශ්‍රිලංකාවේ තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියේදී ව්‍යවසයෙකු හෝ ව්‍යාපරිකයෙකු දැන යුතු මූලික කරුණු ,ඉදිරිපත් කල යුතු ලේඛන පිලිබදව .

1)සිංහල,දෙමල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් නිවැරදිව පුරවන ලද අයදුම් පත හා එහි ජායා පිටපතක්(ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය අවශ්‍ය වන භාෂා මාධය අනූව)

2)ව්‍යාපාරික ස්ථානය පිහිටි වසමේ ග්‍රාම නිලදාරි විසින් සම්පුර්ණ කරන ලද ග්‍රාම නිලධාරි වාර්ථාව

3)අයදුම්කරුගේ හැදුනුම්පතේ ජායා පිටපතක්

4)අයදුම් කරු ව්‍යාපාරය පිහිටි ග්‍රාම නිලදාරි වසමේ නොමැතිනම් අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කල පදිංචි සහතිකය

5)අදාල ව්‍යාපාරික ස්ථානයේ අයිතිය තහවුරු කිරීමට අයිතියේ ස්වාභාවය අනූව පහත ලියකියවිලි වලින් එකක්

A)අයිතිකරු ඉල්ලුම්කරුනම් එය සනාත කිරීමට ඔප්පුව හා ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද එහි පිටපතක්.

B)අයිතිය ඉල්ලුම්කරු නොවේනම් ග්‍රාම නිලදාරි විසින් සහතික කරන ලද අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියක්,ඔප්පුවේ පිටපතක් හා හැදුනුම්පතේ ජායා පිටපතක්

C)ජීවිත භුක්තිය සහිතව ඔප්පුව ලියා ඇත්නම් ග්‍රාම නිලදාරි සහතික කරන ලද එම ජීවිත භුක්තිකරුවන්ගෙ එකගතා ලිපි ,ඔප්පුවෙ පිටපතක් හා හැදුනුම්පතේ ජායා පිටපතක් ,ජීවිත භුක්තිකරු මියගොස් ඇත්නම් මරණ සහතිකය

D)හවුල් අයිතියක්නම් ග්‍රාම නිලදාරි විසින් සහතික කරන ලද සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි,ඔප්පුවේ පිටපතක් හා හැදුනුම්පත්වල ජායා පිටපත්

E)ව්‍යාපාරික ස්තානය බදුගත් ස්ථානයක්නම් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලයේ ලියාපදිංචි කරන ලද බදු ඔප්පුවේ ග්‍රාම නිලදාරි සහතික කරන ලද පිටපතක්, අතුරු බදු දීමක් නම් ග්‍රාම නිලදාරි විසින් සහතික කරන ලද මුල් අයිතිකරුගේ එකගතා ලිපියක්,ඔප්පුවේ ජායා පිටපතක් හා හැදුනුම්පතේ ජායා පිටපතක්.

F)ව්‍යාපාර ස්ථානය අදාල ඔප්පුව යම් බැංකුවක්/යම් මූල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කර ගනු ලැබූ ඔප්පුවේ ජායා පිටපතක්.
මෙම සියලුම ලේඛනවල මුල් පිටපත ඉදිරිපත් කල යුතු අතර සසදා බලා නැවත බාර දෙනු ඇත

6)ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධාන මුදල සනාථ කිරීමට විදිමත් දිවුරුම් ප්‍රකාශයක්

7)අදාල ප්‍රාදේශිය හෝ නගර සභාවෙන් ලබා ගත් වෙලද බල පත හා එහි ජායා පිටපතක්

8)ව්‍යාපාරයේ ස්භාවය අනූව ඉදිරිපත් කල යුතු ලේඛන

i ආහාර පාන නිශ්පාදන හෝ අලෙවිය සම්බන්ද ව්‍යාපාරයක්නම් සෞඛය නිලදාරී කාර්‍යාලය මගින් ලබාගන්නා ලද පවිත්‍රතා සහතිකය

ii ඖෂධ /සුවද විලවුන් /රූපලාවන්‍යගාර ලියාපදිංචිය සදහා සෞඛය සේවා අධ්‍යශක කාර්‍යාලයෙන් ලබාගන්නා ලද නිර්දේශ සහතිකයක්.

iii)මධයම පරිසර අධිකාරියෙන් නිර්දේශ ලබාගත යුතු ව්‍යාපාර
රසායන ද්‍ර්ව්‍ය
සබන්
සායම්
ටයර්
පොලිතීන්
ප්ලාස්ටික්
තීන්ත වර්ග
ඇසිඩ් නිශ්පාදන ගබඩා කර තැබීම හා අලෙවිය
ඇලුමිනියම් නිශ්පාදනය
ඉලෙක්ට්‍ ප්ලේටින්
ලියවන පට්ටල්
වේල්ඩින් වැඩපලවල්
ගැල්වනයිස් ,යකඩ හා වානේ කර්මාන්තය
වාහන සේවා කිරීමේ ආයතන
ඉන්ධන පිරවුම් හල්
මස් සදහා සතුන් ඇති කරන ස්ථාන
උලු ගඩොල් කර්මාන්තය
කඩදාසි නිශ්පාදන කර්මාන්ත ආයතනය
ලි මෝල්,වී මෝල් හා ඇබරුම් හල්

iv)මුද්‍ර්ණාල සහ පුවත්පත් ප්‍රකාශණ ආයතන ලේඛණාරක්ශන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ආකෘතිපත මහෙස්ත්‍රත් අත්සන සහිතව

v)මැණික් හා ස්වර්ණාභරන (රන්/රිදී/මුතු/මැනික්) අලෙවිය,නිශ්පාදනය,මැනික් කැපීම,මැනික් ගැරීම හා අපනයන සම්බන්ද ව්‍යාපාරයක්නම් ජාතික මැනික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ලබාගත් බල පත්‍ර්‍ය

vi)නවාතැන් පහසුකම් සපයන ව්‍යාපාර සදහා අදාල ස්ථානයේ අයිතිකරුවන් පිලිබද ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ලබාගත් පොලිස් වාර්තාව සහ ග්‍රාම නිලදාරි නිර්දේශය සහිත වාර්තාව

vii)දිවා සුරැකුම් මධ්‍ය්ස්ථාන සදහා මුල් ලමාවිය සංවර්ධන සහකාරගේ නිර්දේශ ඇතුලත් වාර්තාව හා පොලිස් වාර්තාව

viii)සංයුක්ත තැටි (CD DVD) අලෙවි කරන ස්තාන,අන්තර්ජාල පහසුකම් සපයන ස්ථාන සදහා පොලිස් වාර්තාව

ix)ආයුර්වේද ඖෂධ වෙලදසැල් සදහා ආයුර්වේද දෙපාර්ත්තමේන්තුව මගින් නිකුත් කරන ලද ආයුර්වේද වෙලදසැල් බලපත

x)බටහිර ඖෂධ වෙලදසලක් නම් ඖෂධවේදී සහතිකය සහ පලාත් සෞඛය වෛද්‍ය අදිකාරියේ අනුමැතිය

xi)දැව සම්බන්ධ ව්‍යාපාරයක් නම් අඩවි වන කාර්‍යාලය ලබාගත් නිර්දේශය

xii)ඉන්ධන පිරවුම්හල් සදහා ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් නිකුත් කරන බලපත්‍ර්‍ය

xiii)පාසල් පොත් අලෙවි කරනු ලබන්නේ නම් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්ගේ අනුමැතිය

xiv)යම් ආයතනයක වෙලද නියෝජිතයෙකු ලෙස කටයුතු කරන්නේනම් එම ආයතනයේ නියෝජිතයෙකු ලෙස පත් කර ඇති බවට ලිපිය

xv) පලීබෝගනාශක ,කෘමිනාශක,හා රසායනික පොහොර අලෙවිසැල් නම් ඒ සදහා ලබාගත් කෘෂිකර්ම අධ්‍යක්ශ ජෙනරාල්ගේ අනුමැතිය

xvi)සුරතල් මසුන් විකීනීමේ ව්‍යාපාරයක්නම් ජලජීවි වගා සංවර්ධන අදිකාරියේ බලපත

xvii)විදුලි සංදේශ උපකරණ ක්ෂේතයේ ව්‍යාපාර සදහා ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ අනුමැතිය .

ලබා ගත යුතුය.

මේ පිලිබද වැඩිදුර තොරතුරු සෙනසුරාදා,ඉරිදා හා පෝය දිනයන්හිදී ශ්‍රිලංකා ව්‍යවසාය ව්‍යාපාර පර්‍යේශන හා සංවර්ධන ආයතනය හා ශ්‍රීලංකා ව්‍යවසායිකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගෙ සංගමය හා අත්වැල් බැදගනිමින් පවත්වන පාඨමාලා හා කදවුරු මගින් ලබාගත හැකිය.
තවද ශ්‍රිලංකා ව්‍යවසායිකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලියාපදිංචි ව්‍යවසායිකයන්ට හා ව්‍යාපාරිකයන්ට නොමිලේ සහභාගී වීමේ අවස්තාවන් සපයා ඇත.

එන්න අප හා එක්වන්න.

ශ්‍රීලංකවේ ව්‍යවසායකයින්ගේ හා ව්‍යාපාරයින්ගෙ ව්‍යාපාර කටයුතු කාර්‍යශම හා විදිමත්ව පහසුවෙන් කරගෙන යාම  සදහා   නවීන ව්‍යාප...
08/08/2020

ශ්‍රීලංකවේ ව්‍යවසායකයින්ගේ හා ව්‍යාපාරයින්ගෙ ව්‍යාපාර කටයුතු කාර්‍යශම හා විදිමත්ව පහසුවෙන් කරගෙන යාම සදහා නවීන ව්‍යාපාර කලමනාකරණය පද්ධතිය දැන් ඔබටත්
දැරිය හැකි සාධරණ
මිලකට ලබා ගත හැක.

1)Invoice ලබාගැනීම
2)Inventory management
3)Sales report ලබාගැනීම
4)Sales balance ලබාගැනීම
5)Customers list පවත්වාගෙන යෑමට හැකියව
6)Print outs ලබාගැනීම
7)Pdf,word,excel,quick book හා පරිවර්තන හැකියව
8)Purchase orders ලබාගැනීම
9)Bar code ලබාගැනීමට හැකිවීම
10)විශාල නිශ්පාදන ප්‍රමාණයක් වර්ගීකරණය කල හැකි වීම.
11)නිශ්පාදනවලට පිංතූර හා එහි විස්තර ඇතුලත් කිරීමට හැකි වීම .
12)ඔබගේ ව්‍යාපාරයේ නම,ලිපිනය හා වෙලද ලකුණ සහිතව බිල් නිකුත් කිරීමට හැකි වීම.

පුහුණුව හා තාක්ෂණය නොමිලේ.
වැඩි විස්තර සදහා

ඔබගේ ව්‍යාපාර සදහා අපගේ දායකත්වය ලබාගැනීමට අවශ්‍ය නම්
Srilanka Enterprise Business Research and Development Institute page
හෝ
www.SLEBRDI .com පිවිසෙන්න.


ඔබගේ ව්‍යාපාරයේ දියුණුව අපගේ සතුටයි.

පාරිභෝගික ආරක්ෂාව හා සම්බන්ද වන ක්‍රියාවලිය ව්‍යාපාරකයින් හා ව්‍යවසායකයින් සතු වටිනාම සම්පත තම පාරිභෝගිකයාය.එම සම්පත රැක...
03/08/2020

පාරිභෝගික ආරක්ෂාව හා සම්බන්ද වන ක්‍රියාවලිය

ව්‍යාපාරකයින් හා ව්‍යවසායකයින් සතු වටිනාම සම්පත තම පාරිභෝගිකයාය.එම සම්පත රැක ගැනීම ව්‍යාපාරකයාගේ හා ව්‍යවසායකයා සතු දක්ශතාවයකි.

පාරිභෝගිකයාගේ විස්වාසය යනු නිවසක අඩිතාලම වැනිය.තවත් විටෙක තම ව්‍යාපාරයේ හදවතය.
ව්‍යාපාර ලෝකයේ දුෂ්කරම කාර්‍යයන් වලින් එකක් වන්නේද පාරිභෝගික විශ්වාසය දිගු කාලයක් පවත්වා ගැනීමය.තම පාරිභෝගිකයා හෝ සේවාදායකයන් රැවැට්ටීම දිගින් දිගටම කිරීම යනු ඔබගේ ව්‍යාපාරයේ ඔබ විසින් විනාශ කර ගැනීමකි.එමගින් ඇති වන කලු පැල්ලම ඉවත් කර ගැනීමට විශාල කාලයක් ගතවනු ඇත.

භාණ්ඩ හා සේවා සැපයිමේදි එහි අවසන් පාරිභෝගිකයාට සාධරණත්වය ඉටුකිරිම සදහා නීති රීති ගණනාවක් තිබෙන අතර මෙම නීති රීතිවලට අනුගතව ක්‍රියාත්මකවීම අධික්ෂණය සහ අවශ්‍ය මගපෙන්වීම ලබාදීම සදහා රාජ්‍ය හා සිවිල් සංවිධානය ගණනාවක් ක්‍රියාත්මක වනු ලබන අතර එම ආයතනය අතර රජයේ ප්‍රදානම ආයතනයක් වනුයේ පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියයි.

ප්‍රධාන වශයෙන් පාරිභෝගික ආරක්ෂණයට අදාල නීතිරීති ,ප්‍රමිති,පිලිවිතරයන් සම්පාදනය කරන අතර පාරිභෝගිකයන් ඔවුන් බාවිතාකරන භාණ්ඩ හා සේවාවලට අදාලවන්නාවූ සියලුම ගැටලු වලින් ආරක්ෂා කරනුලබයි.

තවද ව්‍යාපාරයින් වෙතම ව්‍යාපාර හා නිශ්පාදනවලට අදාල වන්නාවූ නීතිරෙගුලාසි සපයනුලබන අතර පාරිභෝගික විශ්වාසය පවත්වා ගැනීමට උපදෙස් සපයනු ලබයි.

පාරිභෝගික අයිතීන් සුරැකෙන අයුරින් තම භාණ්ඩ හා සේවාවේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම සදහා අනුගමනය කලයුතු නීති හා ප්‍රමිති පිලිබද අවබෝධයක් ලබාගැනුමට පහත සදහන් කරුනු වැදගත් වේ.

භාණ්ඩ වෙලදපොලට ඉදිරිපත් කරන විට,

1.පහත සදහන් තොරතුරු ඇතුලත් ලේබලයක් පැවතීම
2.උපරිම සිල්ලර මිල
3.ඛණ්ඩ අංකය
4.නිෂ්පාදන දිනය
5.බර හෝ පරිමාව

සැම විටම අලෙවි කරන භාණ්ඩ සදහා රිසිට් පතක් නිකුත් කිරිමත් එහි පහත සදහන් කරුනු අන්තර් ගත විය යුතුය.

1.අලෙවි කල දිනය
2.ගෙවන ලද මිල
3.භාණ්ඩ ප්‍රමාණය

කිසියම් ව්‍යාපාරයකට හෝ පුද්ගලයෙකුට තරගකාරි ලෙස නිශ්පාදනය කිරිම් ,සැපයීම හෝ ලබාගැනීම් සම්බන්ද වන සීමා කිරීම් ,විකෘති කිරිම් හෝ වැලැක්වීම සිදුකිරීම තහනම් වේ.

පාරිභෝගික ඔබට ඇතිවිය හැකි ගැටලු

1.භාණ්ඩ අලෙවියේදි ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම
2.භාණ්ඩ තුලින් අපේක්ෂිත අරමුණු ඉටුනොවීම
3.වගකීම් කාලය තුල අලුත් වැඩියා කටයුතු සිදු නොකිරීම
4.අලෙවියෙන් පසු සේවා ප්‍රතික්ෂේප කිරිම

තම ගැටලුව සම්බන්ද පැමිනිලි පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ
අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යොමුකළ හැක.

පාරිභොගික අධිකාරියේ ක්ෂනික ඇමතුම අංකය 1977 මගින් සම්බන්ද විය හැක.

දුරකථන 0117755456 /7
Fax 0112399148
chairmancaa@dgcaa@sltnet.lk

මගින්ද සම්බන්ද විය හැක.

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය
1 හා 2 මහල
C.W.E මහ ලේකම් කාර්‍යාල
27 වොක්ෂෝල් වීදිය
කොලඹ 2

ලිපිනයද

www.caa.gov.lk වෙබ් අඩවියෙන්ද ඔබට සම්බන්ද විය හැක .

මෙහිදී ව්‍යාපාරික සේවා සපයන්නා මත වරද ඇත්නම් පාරිභෝගිකයා හට

1.වන්දි ගෙවීම
2.භාණ්ඩය මාරු කිරීම
3.අලුත් වැඩියා කිරිම
4.වගකීම් කාලයක් ලබා දීම හෝ දිගු කිරිම
5.සටහන්කල මිලට වඩා වැඩි පුර අයකල මුදල අය කිරීම
6.භාණ්ඩවල ඇති දෝෂ නිවැරදි කිරීම

සිදු කල යුතුය.

එන්න ඔබගේ ගැටලු අපගේ
[email protected]
විද්‍යුත් ලිපිනයට එවන්න .

ඔබගේ ව්‍යාපාර වල දියුනුවට අපෙන් අත් වැලක්.
ශ්‍රීලංකා ව්‍යවසාය,ව්‍යාපාර පර්යේෂණ හා සංවර්ධන ආයතනය

ශ්‍රීලංකා යනු ජාත්‍යන්තර වෙලද මධ්‍යස්ථානය කි.ජාත්‍යන්තර වෙලද මාර්ගයෙහි එක්  පිවිසුමකි . පසු ගිය වසර වල  ආනයන අපනයන ආර්ථි...
25/05/2020

ශ්‍රීලංකා යනු ජාත්‍යන්තර වෙලද මධ්‍යස්ථානය කි.ජාත්‍යන්තර වෙලද මාර්ගයෙහි එක් පිවිසුමකි .

පසු ගිය වසර වල ආනයන අපනයන ආර්ථික සංඛ්‍යා වාර්තා බලන විට විශාල පරතරයක් ආනයන වියදම හා අපනයන ආදායම අතර පවතී.
අප රට තුල නිශ්පාදනය කල හැකි දේවල් පවා අප පිට රටින් ආනයන කීරීම මෙයට හේතුවකි.

අප රට ඇදුම් මැසීමට අමුද්‍රව්‍ය ආනයනය කරයි.නමුත් එම අමුද්‍රව්‍ය නිමි ඇදුම් බවට පත්කර අගය එකතු කිරීමෙන් ආනයනය වියදමට වඩා විශාල අපනයන ආදායමක් ලබා ගනියි.

නමුත් සිලිකන්,ග්‍රැනයිට් වැනි අමුද්‍රව්‍ය අපනයන කිරීමෙන් අප රට අපනයන ආදායමක් ලැබුවද ඒ හා සම්බන්ද අගය එකතු කල භාණ්ඩ ආනයනය කීරීමෙන් විශාල මුදලක් පිට රටට ඇදී යයි.
සරල උදාහරණක් ලෙස පැන්සල් නිශ්පාදනයට
ගන්නා මිනිරන් අපනයනය කලද ඉන්දියාවෙන් හා චීනයෙන් විශාල පැන්සල් ප්‍රමාණය ආනයනය කරයි.
ඉලෙක්ට්‍රොනික උපකරණ නිශ්පාදනවලට අවශ්‍ය වන ඩයෝඩ,ධාරිත්‍රක ,බැටරි වැනි දේවල් සදහා අවශ්‍ය මූලද්‍රව්‍යයන් අප රට තුල පැවතියද අධික පිරිවැය,තාක්ෂණ ගැටලු හා සේවක වැටුප් නිසා රට තුල නිශ්පාදනයක් සිදු නොවේ.

තවද චීනය ,ජපානය වැනි රටවල් වල බැංකු වලින් 1% වැනි අඩු පොලියට ව්‍යවසායකයින්ට හා ව්‍යාපාරයින්ට ණය ලබා දෙන විට 14%වැනි අධික පොලියට අප රටේ බැංකු වලින් ණය ලබාදීමද රටේ ව්‍යවසායකය හා ව්‍යාපාරික කලාවක් ඇති කිරීමට බාධාවක්ව පවතී.

වැරදිම ව්‍යාපාර ලෝකයේ සුලබ දෙයකි.පලමු අවස්ථාවෙන්ම සාර්තක වූ ව්‍යවසායකයින් හා ව්‍යාපාරයින් ලොකයේ බිහිවී නැත.ඔවුන්ට අත දීමට සත්භාවයෙන් බැංකු ක්ෂේත්‍රය සෙවනැල්ලක් සේ සිටීනම් රටක් ලෙස අප දියුණුවෙන් දියුණුවට ලගාවීම වැඩි ඈතක නොවේ.

ආනයනය ,අපනයනය හා ජාත්‍යන්තර වෙලද සහයෝගිතාවය රටේ ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි. එම ක්‍රියාවලිය පනගැන්වීම සදහා ආයතන කීපයක් තම දායකත්වය ලබා දෙයි.

ඒ අතරින්
1)අපනයන සංවර්ධන මණ්ඩලය
2)ශ්‍රීලංකා රේගු දේපාර්තමේන්තුව
3)ශ්‍රීලංකා වරාය අධිකාරිය
4)වානිජ දේපාර්තමේන්තුව

ප්‍රමුඛත්වයක් දරයි.

දේශීය වශයෙන් නිශ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා අපනයනය කිරීමේදී හා ව්‍යාපාර සදහා අවශ්‍ය භාණ්ඩ අපනයන කිරීම සදහා ජාත්‍යන්තර පිලිගත් ක්‍රමවේද පවතින අතර ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ආයත නිර්යාත ආශ්‍රිත කටයුතු සිදුකරනු ලබයි.

යම් ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපරිකයෙක් අපනයනයකරුවෙකු ලෙස ලියාපදිංචි වීම සදහා ශ්‍රීලංකා අපනයනය සංවර්ධන මණ්ඩලයේ වෙලද පහසුකම් හා වෙලද තොරතුරු අංශයේ (TFTI - Trade Facilitation/Trade Information Division ) හි ලියාපදිංචිය අංකයක් ලබා ගත යුතුය.
ඒ හා අවශ්‍ය ඉල්ලුම් පත්‍රය අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන් හෝ අපනයනය සංවර්ධන මණ්ඩලයේ ප්‍රදේශීය කාර්‍යාල වලින් හෝ TFTI අංශයේන්ද ලබා ගත හැකිය.

ලියාපදිංචි වන්නට අපේක්ෂිත අපනයනයකරුවන් සදහා තාවකාලික සහතිකයක් අපනයන සංවර්ධන මණ්ඩලය මගින් නිකුත් කරනු ලැබේ.තාවකාලික ලියාපදිංචි සහතිකය ස්ථීර ලියාපදිංචි සහතිකයක් බවට පත්කර ගැනීමට පහත සදහන් දේ ඉදිරිපත් කල යුතුය.

1.CUSDEC Form(රේගු දේපාර්තමේන්තුවෙ මගින් )
2.Airway bill/නෞභාර පත
3.commercial invoice
4.VAT සහතික හා TIN සහතිකය
(අගය මත එකතු කල බදු සහතිකය හා බදු ගෙවන්නා හදුනාගැනීමේ අංක සහතිකය )

ඒ සමගම පහත දක්වා ඇති ව්‍යාපාර කාණ්ඩයන්ට අදාලව දක්වා ඇති අනෙකුත් ලිපි ලේඛණයන්ගේ මුල් පිටපත් හා ජයා පිටපත්ද ලබාදිය යුතුය.

තනි පුද්ගල ව්‍යාපාර සදහා
1.තනි පුද්ගලය ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
2.ව්‍යාපාර හිමියාගේ ජාතික හැදුනුම්පත හි ජායාපිටපත්

හවුල් ව්‍යාපාර
1.හවුල් ව්‍යාපාර ලියාපදිංචි කීරීමේ සහතිකය
2.ඉල්ලුම් පත්‍රය සහතික කරන හවුල්කරුවන්ගේ ජාතික හැදුනුම්පත පතෙහි ජායා පිටපත්

සීමාසහිත ව්‍යාපාර

1.සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකය
(ආකෘති පත්‍ර 1 හෝ ආකෘති පත්‍ර 40)
2.අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වීමේ ඉල්ලුම් පත්‍රය තීරු අංක 12 හි ව්‍යාපාර යේ කලමනාකාර අධ්‍යක්ෂ තුමා හෝ වෙනත් අධ්‍යක්ෂ වරයෙකු මගින් රබර් මුද්‍රව සහිතව අත්සන් කර තිබිය යුතුය .
3.ඉල්ලුම් පත්‍රය සහතික කරන ලද කලමනාකරණය අධ්‍යක්ෂ තුමා හෝ වෙනත් අධ්‍යක්ෂ වරයෙකු ජාතික හැදුනුම්පත ජායා පිටපතක්
4.ව්‍යාපාර යේ කලමනාකරණ අධ්‍යක්ෂ හෝ වෙනත් අධ්‍යක්ෂ වරයෙකු විසින් එම ව්‍යාපාරයේ අපනයනය සහතික කරමින් ,අපනයනය සංවර්ධන මණ්ඩලයේ වෙලද පහසුකම් හා වෙලද තොරතුරු අංශයේ අධ්‍යක්ෂ වෙතට ඉල්ලීම සිදුකරනු ලබන ලිපිය.

ඕනෑම අපනයනය කරුවෙකු විසින් සිදුකරනු කරනු ලබන ලියාපදිංචි කිරීමක් සෑම අවුරුද්දක් පාසාම අලුත් කිරීම කල යුතුය.

අපනයනය කරුවෙකු ලෙස ලියාපදිංචි වීමේදී ඒ සදහා අවශ්‍ය කරන සියලුම පහසුකම් ශ්‍රීලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්‍යාල වලින්ද සිදුකර ගැනීමට පහසුකම් සපයා ඇත.

ආනයනය අපනයන ක්‍රියාවලිය පිලිබද අප ඉන් පසුව අවදානය යොමු කරමු.

ශ්‍රීලංකවෙන් පිටතටත් ශ්‍රීලංකාවෙන් ඇතුලතත් භාණ්ඩ හුවමාරු වීමේදී ඒවා සම්බන්ද සමාජිය ,ආර්ථික හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කීරිමටත් විදේශයන්ගෙන් පැමිනෙන අහිතකර බලපෑම් ගෙන දෙන භාණ්ඩ පාලනයත් ඉතා වැදගත් කොට සැලකිය යුතුය.

ඔබ ආනයනය හෝ අපනයනය කරන භාණ්ඩ වල දේශීය හා විදේශීය නීති රෙගුලාසි අනූව භාණ්ඩයේ වලංගුභාවය සොයා බැලීම මෙහිදී සිදුවෙයි.ඉහත සැපයූ ලිපිලේඛන යන්ගේ අවශ්‍ය තාවයත් ඒවායෙ නිවැරැදිතාවයත් සලකාබලා රේගු මධ්‍යම බුද්ධි අංශය මගින් ලියාපදිංචිය සදහා අවසර ලබා දෙනු ලබයි.

HS කේතනය පිලිබද තොරතුරු

අන්තර්ජාතිකව වර්ගීකරණය කරනලද වෙලද භාණ්ඩ කාණ්ඩක් හදුනාගැනීම සදහා යොදාගනු ලබන නාම හා අංක ඇතුලත් කේතන ක්‍රමය (Harminized System ) නම් වේ.
භාණ්ඩයට අදාල බදු මුදල් ගනණය සිදුවනුයේ HS කේතනයට අනුවයි.

ආනයනික භාණ්ඩ නිදහස් කර ගැනීම

මේ සදහා අදාල නැව් සමාගම මගින් ලබාගන්නා භාරදීමේ ඇණවුම බැංකු මාර්ගයෙන් සහතික කරවාගනු ලැබූ නැව්භාර පත්‍රයක් ණයවර ලිපියත් සම්පූර්ණ කරනලද CUSDEC පෝරමයත් යන ලේඛන සියල්ල අවශ්‍ය වේ.

ඉහත ක්‍රියාවලියම භාණ්ඩ නිදහස් කර ගැනිමේ නියෝජිතයෙක් හරහා අන්තර්ජාලය ඔස්සේ භාරදීමේ හැකියාවද අද වන විට පවතී.

තවද ඊට අදාල ගෙවිය යුතු ගාස්තු දන්වන අතර එම ගාස්තු බැංකු මාර්ගයෙන් ගෙවූ පසුව ඒ පිලිබද වූ රිසිට් පත රේගුව වෙත යොමු කිරීමෙන් පසුව තව දුරටත් එය ක්‍රියාත්මක කරනු ලැබේ .

Asycuda World නම් මෘදුකාංගය මගින් මෙම ක්‍රියාවලිය තවත් පහසු කරයි .
තවද ඉහත සදහන් සියලු දේ clearing agent මාර්ගයෙන් සිදුකරවා ගත හැක.

තවද රේගුව විසින් ආකාර කීපයකට භාණ්ඩ සම්බන්ද සොයා බැලීම සිදුකරනු ලබයි.ඒවා පහත පරිදි වේ.

1.Amber channel
ඉතා ඉක්මනින් නරක්වන සුලු කල්තබාගත නොහැකි ද්‍රව්‍ය පැය 2-3 පමණ කාලයකින් පරීක්ශාකර කල හැකි ක්‍රමයකි.

2.Green Channel
කිසිදු පරීක්ශා කිරීමකින් තොරව භාණ්ඩ නිදහස් කරනු ලබයි.

3.Red channel
යම් අවදානමක් ඇති භාණ්ඩ සදහා මෙය සිදුකරනු ලබයි.

4.High Risk channel
මෙය පූර්ණ පරීක්ශා කිරීමකි.

ආනයන පාලන අංශය මගින් විශේෂ භාණ්ඩ පරීක්ශා කිරීම මෙහිදී සිදු කරනු ලබයි.

1)SLSI
මෙහිදී භාණ්ඩ නිදහස්කර ගැනුමට ප්‍රමිති සහතිකය අවශ්‍ය වේ.

2)CDDA
මත්ද්‍රව්‍යය සම්බන්ද කරනු ලබන පරීක්ෂ කිරීම මෙහිදී සිදු කරනු ලබයි.

3)TRC
ජංගම දුරකථන සදහා කරනු ලබන පරීක්ෂණ මෙහිදී සිදු කරනු ලබයි.

Cargo Dispatch Note
මෙය අපනයන සම්බන්ද සියලුම විස්තර ඇතුලත් සටහනයි.මෙය අන්තර්ජාලය හරහා භාරදිය යුතුය.මෙහි බහාලුම් සම්බන්ද සියලුම තොරතුරු අඩංගු වන අතර නැව්ගත කිරීමට ප්‍රථම රේගුව මගින් සහතික කිරීමට අතවශ්‍ය වේ.

වැඩිදුර තොරතුරු සදහා

ශ්‍රීලංකා රේගුව
අංක 40
මහ වීදිය
කොලඹ

www.customs.gov.lk
email - dgc@customs .gov.lk

ජාත්‍යන්තර වශයෙන් වෙලදාම් සිදුකිරීමට බලාපොරොත්තුවන ව්‍යාපාරයින් විසින් අනිවාර්යයෙන්ම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි තුලින් බදු ගෙවන්නා හැදින්වෙන අංකයක් (TIN) Tax Identification Number හා එකතු කල අගය මත බදු (VAT -Value Added Tax)
ලබා ගත යුතුය.

බදු ගෙවන්නා හැදින්වීමේ අංකය (TIN)
අයදුම් කිරීමේදී ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.තනි ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් නම්
ලියාපදිංචි කිරීමේ සහතිකය

2.අයිතිකරුගේ ,හවුල්කරුගේ ජාතික හැදුනුම්පත පිටපතක්

3.සීමිත සමාගමක් නම්

!සාංගමික ව්‍යවස්ථාලිය
!!සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකය
!!!සමාගම් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද ආකෘති පත්‍රය
!vසමාගම් අධ්‍යක්ෂ වරැන්ගේ ජාතික හැදුනුම්පත

ඉහත තනි පුද්ගල ව්‍යාපාර ,හවුල් ව්‍යාපාර හෝ සමාගම්

1.ආනයන කටයුතු සිදුකරන සමාගමක් නම් ඉහත ලියකියවිලි අමතරව
*වෙලද ලදුපත්
*නෞභාර පත්‍රය (Bill of Landing) හෝ ගුවන් මාර්ග බිල්පත් (Airway Bill)

2.අපනයන කටයුතු සිදුකරන ව්‍යාපාරයක් නම් ඉහත ලියකියවිලි අමතරව
*අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි සහතිකය
*තේ මණ්ඩලය ,පොල් වගාකිරීමේ මණ්ඩලය ,මැණික් හා ස්වර්ණාභරණ අදිකාරිය වැනි අදාල අපනයන හා සම්බන්ද ආයතනවලින් නිකුත්කරන ලද සහතික ඉදිරිපත් කල යුතුය.

අයදුම් පත් භාරදිය ස්ථාන

1) තනි හෝ හවුල් ව්‍යාපාරයක් නම් කොලඹ පිහිටි දේශීය ආදායම් බදු දේපාර්තමේන්තුවෙ පලමු මහලේ බදු සේවා අංශයට හෝ දේශීය ආදායම් ප්‍රදේශීය ශාඛ වලට භාර දිය හැක.

2)සමාගමක් නම් අනිවාර්යයෙන්ම කොලඹ පිහිටි දේශිය ආදායම් දේපාර්තමේන්තුවෙ පලමු මහලේ බදු සේවා අංශයට භාරදිය හැක.

මෙම ලිපිගොනු භාරදීමේදී සත්‍ය පිටපත් සමග ඒවායේ චායා පිටපත් සමග ඉදිරිපත් කල යුතුය .

ලබාගත් (TIN) සහතිකය නම ලිපිනය වෙනස් කීරීම සදහා

*දැනට නිකුත්කර ඇති TIN සහතිකය මුල් පිටපත
*සමාගමක ලිපිනය මාරුකිරීම/ වෙනස් කිරීම සදහා සමාගම් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද ආකෘති පත්‍ර 13
*සමාගමක නම වෙනස් කිරීමේදී සමාගම් රෙජිස්ට්‍රාර් විසින් ඉදිරිපත් කරන ආකෘති පත්‍ර4
*තනි හෝ හවුල් ව්‍යාපාරයක් නම් සංශෝධන ව්‍යාපාර වල ලියාපදිංචි කිරීමේ සහතික හා එහි පිටපත්
*සමාගමක් නම් අධ්‍යක්ෂ වරයෙකු විසින් වෙනස් කිරීම සිදුකරන ලෙස කරන ලිඛිත ඉල්ලීම
*වෙනස් කිරීමෙන් පසු ලබාගන්නා මාසික බැංකු ප්‍රකාශයක්

ලබා ගත යුතුය.

තාවකාලික එකතුකළ අගය මත බදු (VAT) සදහා වූ සහතික ලබාගැනීම

අයදුම් කිරීමේදී ඉදිරිපත් කලයුතු ලියකියවිලි
1)බදු ගෙවන්නා හැදින්වීමේ අංකය
2)ආනයන කටයුත්තක් සදහා නම් ඉන්වොයිසිය(Invoice ) හා නෞභාර පත
3)අපනයන කටයුත්තක් සදහා නම් අපනයන සංවර්ධන මණ්ඩලය විසින්නිකුත් කරනු ලබන අපනයනය බලපත්‍රය
4)ආදායම් බදු ගෙවන තැනැත්තෙක් නම්
අවසන් වරට බදූ ගෙවූ ගෙවීම පත
5)ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහතිකය
6)අයදුම් කරුගේ ජාතික හැදුනුම්පත

ඉහත සදහන් ලියකියවිලි ජායා පිටපත් සහිතව ඉදිරිපත් කල යුතුය.
සහතිකය ලබාගැනීමට තනි පුද්ගලය ව්‍යාපාරයක් සදහා අයිතිකරු,හවුල් ව්‍යාපාර යක් නම් හවුල් කරුවෙකු ,සමාගමක් නම් අධ්‍යක්ෂ වරයෙකු පැමිනිය යුතුය.

වෙනත් තැනැත්තෙක් පැමිණෙන්නේනම් නිසි පරිදි බලය පවරන ලද ලිපියක් ඉදිරිපත් කල යුතුය .

ඉන් අනතුරුව ජාත්‍යන්තර වෙලද පොලට අවතීරණය වීම සදහා පලමුව වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි විය යුතුය.එනම් ප්‍රභවස්ථාන සහතික පතක් ලබාගැනීම සදහා ව්‍යාපාරයක් ලබා ගැනීම මෙහිදී සිදුකල යුතුය.

පියවර 1
යම් ව්‍යාපාරිකයෙකු ලියාපදිංචි වීමට පෙර දෙපාර්තමේන්තුවේ විසින් පවත්වනුලබන අධීක්ෂණයට භාජනය විය යුතුය.

පියවර 2
නිෂ්පාදන අදාල ගිවිසුම යටතේ වූ අවශ්‍යතා සපුරා ඇත්නම් ඔවුන්හට වානිජ දේපාර්තමේන්තුවෙ ලියාපදිංචි වීමට ඉඩ ලබා දෙයි.

පියවර 3
අවසරලත් ව්‍යාපාර සදහා ප්‍රභවස්ථාන සහතික පත් ලබාගැනීමට ප්‍රථම ලියාපදිංචි අංකයක් ලබා ගත යුතුය .

පියවර 4
වානිජ දේපාර්තමේන්තුවෙ යටතේ ලියාපදිංචි සමාගමක් නම්‍ යම් වෙලද ගිවිසුමක් යටතේ වන ප්‍රතිලාභ ලබා ගැනීමට අදහස් කරන්නේනම් අදාල ගිවිසුම වලට අදාල ගිවිසුමට අදාල නිසිපරිදි සම්පූර්ණ කල ලිපිගොනු නියමිත ගාස්තු සමග නැවත භාර දිය යුතුය.

වානිජ දේපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිවීම තුලින් දේශීය ව්‍යාපාරයෙකු හට ප්‍රතිලාභ ලබාගත හැකි ශ්‍රීලංකා ඇතුලත් සිටින වෙලද ගිවිසුම්

බහු පාර්ශ්වික වෙලද සබදතා
1)GSP - වරනීය පොදු
2)GSTP-ගෝලීය වෙලද වරන
3)වෙලදාම සහ සංවර්ධන පිලිබද එක්සත් ජාතීන්ගේ සම්මේලනය
(UNCTAD)
4)ලෝක වෙලද සංවිධානය (WTO)

කලාපීය වෙලද සබදතා
1)දකුනු ආසියානු නිදහස් වෙලද ගිවිසුම(SAFTA)
2)ආසියා පැසිෆික් වෙලද ගිවිසුම(APTA)
3)බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාවය උදෙසා වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මූලිකත්වය(BIMST-EC)

ද්විපාර්ශ්වික වෙලද සබදතා

1)ඉන්දු ලංකා නිදහස් වෙලද ගිවිසුම (ISFTA)
2)පාකිස්තාන ශ්‍රීලංකා නිදහස් වෙලද ගිවිසුම (PSFTA)

තවද වානිජ දේපාර්තමේන්තුව මගින් සපයන පහසුකම් කීපයක් පහත දැක්වේ.

1)වෙලද තොරතුරු
දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාරකයින්ට අවශ්‍ය වන ආනයනය හා අපනයනය වෙලදපොල පිලිබද ඉල්ලාසිටින තොරතුරු ලබාදීම
උදාහරණ ලෙස ගෘහ භාණ්ඩ නිශ්පාදකයෙකු හට තම නිශ්පාදන අපනයන කලහැකි රටවල් මොනවද ,අපනයනය කලහැකි භාණ්ඩ මොනවාද ,එවැනි ගෘහ භාණ්ඩ අපනයන කරන වෙනත් රටවල් මොනවද, යන්න පිලිබද තොරතුරු අපනයන මිල ගණන් යනාදිය පිලිබද තොරතුරු හා සංඛ්‍යා ලේඛන ලබාගැනීමට පහසුකම් සැලසීම .

2)වාණිජ ආරවුල් විසදීම
ශ්‍රීලංකා ව හා විදේශීය ආනයන කරුවන් අතර ඇතිවන වෙලද ආරවුල් විසදීම සදහා අතර මැදියෙකු ලෙස කටයුතු සිදුකරයි.

3)ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවීම සදහා පහසුකම් සැපයීම

4)වෙලද විමසීම් සදහා සේවා සැපයීම

5)වෙලද ගිවිසුම් පිලිබද දැනුවත් කීරීමේ වැඩසටහන් පැවැත්වීම

6)ජාත්‍යන්තර වෙලද සල්පිල් වෙත සහභාගි වීම සදහා පහසුකම් සපයා දීම
මින් කීපයකි.

වැඩිදුර තොරතුරු සදහා

වානිජ දෙපාර්තමේන්තුව
4වන මහල
රක්ෂණ මන්දිරය
වෝක්ශෝල් වීදිය
කොලඹ 2
www.doc.gov.lk

ඔබගේ ලග ව්‍යාපාරික හෝ ව්‍යවසායක මිතුරෙකුට හෝ නෑදෑයෙකුට අපනයන හා ජාත්‍යන්තර වෙලද පොලට අවතීර්ණ වීමට මෙම තොරතුරු වැදගත් වනු ඇත.
හැකිතාක් share කර ශ්‍රීලංකා ව්‍යවසාය හා ව්‍යාපාර පර්යේෂණ හා සංවර්ධන ආයතනය හා සම්බන්ද වන්න.
තවද ශ්‍රීලංකා ව්‍යවසායකයින්ගේ හා ව්‍යාපාරයින්ගෙ සංගමයද අප සමග සම්බන්ද වී ඇති බැවින් ඔබගේ ගැටලු වෙනුවෙන් අපි පෙනීසිටිමට කැප වී සිටිමු.

විශේෂ ස්තූතිය
පර්‍යේෂණ ප්‍රධානි
ශ්‍රීලංකා ව්‍යවසාකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ උප සභාපති
සංජය විජේරත්න මහතාට

ඔබගේ දියුණුව අපගේ සතුටයි.

ශ්‍රීලංකාව යනු එහි භූ පිහිටීම අනූව ව්‍යාපාර හා ව්‍යවසාය සදහා උල්පතකි.තෝතැන්නකි.රට පුරා ඇති මුහුද හා මත්ස්‍ය සම්පත,ලුණු ස...
17/05/2020

ශ්‍රීලංකාව යනු එහි භූ පිහිටීම අනූව ව්‍යාපාර හා ව්‍යවසාය සදහා උල්පතකි.තෝතැන්නකි.

රට පුරා ඇති මුහුද හා මත්ස්‍ය සම්පත,ලුණු සම්පත එහි අගය තවත් වැඩි කරයි.
රටේ සෑම පලාතකම ගහක් කොලයක් ඵලයක් ගෙනදීමට සමත් පසකට හිමිකම් කියයි.දවස් 365 ම හිරු එලිය පතිත වෙයි.තවද ලෝකයේ ශක්තිමත් ආර්ථික බලවතුන් 3 දෙනාගෙන් 2නෙක් අප රටට ආසන්නයේ සිටී.

එම නිසා අපගේ රට ව්‍යාපාර හා ව්‍යවසාය සදහා වාසි සහගත යෝග්‍ය ස්වාභාවික සම්පත් වලින් හෙබි ඉතා දියුණු බුද්ධිමත් මානව ප්‍රජාවක් සහිත වාසනාවන්ත රටකි.

1.ව්‍යාපාර ලියාපදිංචි

ශ්‍රීලංකව තුල පුද්ගලයෙකු ඉපදීම තුලින් ඔහු හෝ ඇය අපේ රටේ පුරවැසියකු වුවත් ඔහු හෝ ඇයගේ පුරවැසිභාවය නීත්‍යානුකූව ලබාගැනීමට නම් උපත ලියාපදිංචි කල යුතු අතර ඒ සදහා උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලබයි.එමෙන්ම ඔහු හෝ ඇය අනෙක් අයගෙන් වෙන්කර හදුනාගැනීමට උප්පැන්න සහතිකය තුල නමක් සදහන් කර ඇත.තවද උප්පැන්න සහතිකය අනූව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් අංකයක් ලබා දෙනු ලබයි.මෙමගින් ඔහු හෝ ඇය අන් පුද්ගලයන්ගෙන් ස්වාධීන අයෙකු ලෙස හදුනාගැනීම හා නීත්‍යානුකූලභාවයක් තහවුරු කිරීම සිදුකරනු ලබයි.

ව්‍යාපාර ලෝකය තුලද ව්‍යාපාර තුල නීත්‍යානුකූල ලෙස පිලිගැනීමක් ලබා දෙනු ලබයි.මෙම ක්‍රියාවලිය ව්‍යාපාර ලියාපදිංචි ලෙස හදුන්වයි.

ව්‍යාපාර වල ස්වාභාවය අනූව ව්‍යාපාරයක් ලියාපදිංචිය කිහිප ආකාරයකින් සිදුකර ගත හැකි අතර ශ්‍රීලංකාව තුල ව්‍යාපාර ලියාපදිංචිය සදහා බලයලත් ආයතනය ලෙස මධ්‍යම රජය යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි සදහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් සිදුකර ගත හැක.

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ පටිපාටිය

1.ව්‍යාපාර නාමය අනුමත කරගැනීම /ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම
2. 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි
3.පොදු දැන්වීමක් කර යැවීම

මෙයට අදාල වේ.

ව්‍යාපාර නාමය අනුමත කරගැනීම /ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම

පලමු පියවර
ව්‍යාපාරය සදහා සුදුසු නාමයක් තෝරාගැනීමයි.මෙහිදී ව්‍යාපාරනාමය දැනට ශ්‍රීලංකව තුල ලියාපදිංචිය ව්‍යාපාර නාමයක් නොවිය යුතුය.දැනට ශ්‍රීලංකව තුල ලියාපදිංචි ව්‍යාපාර නම් පිලිබද තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් කාර්‍යාල තොරතුරු කවුලුවෙන් ලබාගත හැක.එය සමාගම් පනතට අනූකූල නාමයක් විය යුතුයි.

දෙවන පියවර
ඉන්පසු ලියාපදිංචි කටයුතු මාර්ගගත ක්‍රමයට පමණක් online ක්‍රමයට පමණක් සිදුකරන අතර www.drc.gov.lk වෙබ් අඩවියට පිවිස නව පරිශීලකයෙකු ලෙස ලියාපදිංචි වී වෙනම ගිණුමක් සකස් කර ගත යුතුය.

තුන්වන පියවර
පරීක්ෂ කිරීමෙන් පසු එම නාමය ලබා ගැනීමට හැකියාව ඇත්නම්,මුදල් ගෙවා වෙන්කර ගැනීම කල යුතුය.මුදල් ගෙවීම credit card හෝ debit card මගින් කල හැක.

නාමය වෙන්කර ගැනීමට
2000+8%(VAT)+2%(Convenience fee)
=2203.20 වැය වේ.

මුදල් ගෙවීමෙන් පසු වැඩ කරන දින 01 හෝ 02 තුල සමාගමේ නම අනුමත වී තිබේද නැද්ද යන වග ලියාපදිංචි වී ඇති විද්‍යුත් ලිපිනයට හෝ ලියාපදිංචිය දුරකථන අංකයට පණිවිඩයක් ලබාදෙනු ලබයි.

වැදගත් කරුනු
තනි හා හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්‍යපටිපාටය සාපේක්ෂකව සරල එකකි.ව්‍යාපාර නාමය සහ
අයිති කරු /හවුල්කරු නම් පමනක් ලියාපදිංචිකල යුතුය.
තනි හා හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදි කොලඹින් පිටපලාත් වල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල සිදුකරනු ඇත.
ආහාර නිශ්පාදනවලට සෞඛ්‍ය පරීක්ෂයෙකුගේ සහතික ,ඖශධ නිශ්පාදන සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ,පරිසරය හා සම්බන්ද ව්‍යාපාර සදහා මධ්‍යම පරිසර අදිකාරියේ අනුමැතියද ලබාගත යුතුය.ආනයන අපනයන කරන ව්‍යාපාර සදහා වෙනම අනුමැතියක් ලබාගත යුතුය .ඒ පිලිබද වැඩි විස්තර ඊලග කොටසේදී බලාපොරොත්තු වන්න.

සමාගමක් නම් එය අනිවාර්යයෙන්ම ලියාපදිංචි සිදුකරනු ලබන්නේ
අංක 400
ඩී.ආර් විජයවර්ධන මාවත
කොලඹ 10 පිහිටා ඇති සමාගම් මැදුරේ පමනයි .

සමාගමක් සදහා ව්‍යාපාර නාම අනුමැතිය වලංගුවන්නේ අනුමැතිය ලබා දුන් දින සිට මාස 3ක් දක්වා පමනයි.
එබැවින් එම කාලය ඇතුලත සමාගම් සංගමික ව්‍යවස්ථාවලිය හා අදාල ලිපිගොනු භාරදීමේන් සමාගම් පනත යටතේ ලියාපදිංචි විය යුතුය.
කාලය ඉකුත්වී ඇත්නම් නැවත අදාලගාස්තු ගෙවා නැවත ව්‍යාපාර නාමය ලියාපදිංචි කල යුතුය.

2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචිය

සමාගම් පනත යටතේ ලියාපදිංචි කල යුතු ව්‍යාපාර

1.සීමාසහිත පුද්ගලික සමාගම්
2.සීමාසහිත පොදු සමාගම්
3.අක්වෙරල හා විදේශීය සමාගම්
4.අක්වෙරල හා විදේශීය සමාගම්
5.වගකීම් කොටස්වලින් සීමිත හා සීමාරහිත සමාගම්
6.වගකීම් ඇපයෙන් සීමිත සමාගම්

අදාල වේ.මේ සමාගම් පිලිබද දීර්ඝව මීට පෙර කතා කර ඇත.

සමාගම් ලියාපදිංචිය සදහා අවශ්‍ය ලිපිලේඛන

1.නාම අනුමැති අයදුම්පත
2.ඒ 16 නිසි පරිදි සම්පූර්ණ කල අයදුම්පත් අංක 1
3.සමාගමේ සෑම අධ්‍යක්ෂක වරයෙකුම කැමැත්ත පලකරන ලෙස වෙන් වෙන්ව නිසිපරිදි සම්පුර්ණකල ආකෘති පත්‍ර අංක 18
4.නිසි පරිදි සම්පූර්ණ කල සමාගම් ලේකම්ගේ කැමැත්ත ඇතුලත් ආකෘති පත් අංක 19
5.සාංගමික ව්‍යවස්ථාවලියේ මුල් පිටපත් දෙකක් කොටස්කරු/කොටස්කරුවන්ගේ අත්සන /අත්සන් සහිත
නාමය අනුමත වීමෙන් පසු

Form 1
Form18
Form 19

භාගත කර පිරවීමට හැකියව ලබාදෙන අතර භාගත කරගත් පෝරම හා සකස් කර ගත් සාංගමික ව්‍යවස්තාවලිය මුද්‍රිත පිටපත් print outs ගෙන නියමිත තැන් වල අත්සන් කර ,අත්සන් කර පසු නැවත එම අත්සන් කල ලේඛන pdf ආකාරයෙන් ස්කෑන් කර Save කරගන්න.මේ සමගම සමාගමේ අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්ගේ ජාතික හැදුනුම්පත වල පිටපත් PDF ආකාරයෙන් SAVE කරගන්න.මේ සියල්ල කල පසු Save කර ගත් පෝරම upload උඩුගත කල යුතුය .

අයදුම්පත්‍ර ගාස්තු

Form 01 = 4000
Form18 =2000
Form 19 =2000
සහතික කරන Form 1 =1000
සංගමික ව්‍යවස්ථාවලිය =2000

ඇපයෙන් සීමිත සමාගම් සදහා ඉහත අයදුම්පත් අංක 1වෙනුවට අයදුම්පත් අංක 5 භාවිතා කල යුතුය

පොදු දැන්වීමක් කර යැවීම

සමාගම සංස්ථාගත කීරීමෙන් පසුව වැඩකරන දින 30ක් ඇතුලත සමාගමේ නම ,ලියාපදිංචි අංකය හා ලිපිනය ඇතුලත් සංස්ථාගත කලබව සදහන් දැන්වීමක් රජයේ ගැසට් පත්‍රය සහ පුවත්පත්වල භාෂා 3 ම පලකල යුතුය.

සටහන

සංගමික ව්‍යවස්ථාවලිය යනු

සමාගමක් පවත්වාගෙන යනු ලබන මූලික නීතී සමුදය වේ.එහි සමාගමේ අධ්‍යක්ෂක වරුන් හා කොටස්කරුවන් කවුරැන්ද යනවගත් ඔවුන්ට අදාල අයිතිවාසිකම් වරප්‍රසාද කුමක්ද යන්නත් පැහැදිලිව නිර්වචනය කර ඇත.යම් සමාගමකට සමාගමේ පනතේ පලමු උපලේඛනය සදහන් ආදර්ශ ව්‍යවසථාව තම වයවස්ථාව ලෙසද පිලිගත හැක.

සාංගමික ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී පලපුරුදු සමාගම් ලේකම් වරයෙකු සහය ලබාගැනීම වඩාත් උචිත වේ.

වැඩි දුර විස්තර සදහා

www.drc.gov.lk මගින් ලබාගත හැක.

ඊලග කොටසේදී භාණ්ඩ අපනයනය ,ආනයනය ක්‍රියාවලිය හා විදේශ වෙලදපොලට පිවිසීම පිලිබද විමසමු.

Address

Colombo
01

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+94112556789

Website

Alerts

Be the first to know and let us send you an email when Srilanka Enterprise ,Business Research and Development Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilanka Enterprise ,Business Research and Development Institute:

Share