Kevilton Sri Lanka

Call Directions Website Contact the business

Kevilton Sri Lanka Kevilton Electrical Products (Pvt) Ltd an innovative and rapidly expanding electrical company For all your home improvement needs visit www.1-stop.lk

Kevilton; an innovative and rapidly expanding electrical brand in Sri Lanka. is part of the industrial hub of The Capital Maharaja Organisation Limited, one of the pioneering and multifaceted conglomerates in Sri Lanka.

MCB සහ RCCB (Trip Switch) උපකරණ දෙකම ඔබේ විදුලි පද්ධතිය සඳහා වැදගත් වුවත්, ඒවායේ කාර්යයන් එකිනෙකට වෙනස්.​MCB (Miniature ...
13/10/2026

MCB සහ RCCB (Trip Switch) උපකරණ දෙකම ඔබේ විදුලි පද්ධතිය සඳහා වැදගත් වුවත්, ඒවායේ කාර්යයන් එකිනෙකට වෙනස්.​

MCB (Miniature Circuit Breaker) එකක් overload හෝ short circuit තත්ත්වයකදී පරිපථය විසන්ධි කිරීමට ක්‍රියා කරන අතර,​

RCCB (Residual Current Circuit Breaker / Trip Switch) එකක් විදුලිය earth එක වෙත කාන්දු වීමක් වැනි residual current එකක් හඳුනාගෙන, නියමිත සීමාව ඉක්මවූ විට විදුලි සැපයුම විසන්ධි කිරීමට නිර්මාණය කර ඇත.​

එම නිසා මෙම උපකරණවලින් එකක් පමණක් තිබීමෙන් අනෙකේ කාර්යය සම්පූර්ණ නොවන නිසා ඔබේ නිවසේ විදුලි පද්ධතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අවශ්‍ය උපකරණ නිවැරදිව තෝරා, සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු ලවා ඒවා ස්ථාපනය කරගැනීමට කටයුතු කිරීමෙන් ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න.

විදුලි කාන්දුවක් ඇසට නොපෙනුනත්, එහි අවදානම ඔබේ ජීවිතයට තර්ජනයක් විය හැකිය. එම නිසා, විදුලි කාන්දුවීමක් හඳුනාගත් සැණින් ව...
12/10/2026

විදුලි කාන්දුවක් ඇසට නොපෙනුනත්, එහි අවදානම ඔබේ ජීවිතයට තර්ජනයක් විය හැකිය. එම නිසා, විදුලි කාන්දුවීමක් හඳුනාගත් සැණින් විදුලි සැපයුම විසන්ධි කිරීමට ක්‍රියා කරන KEVILTON RCCB (Trip Switch), නොපෙනෙන විදුලි අවදානම්වලට එරෙහිව ඔබේ නිවස මෙන්ම ආදරණීයන්ද රැකගනු ලබයි.

2026 සැප්තැම්බර් 11 වන දින කෙවිල්ටන් ආයතනය මගින් මොරටුව ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් හා එක්ව ඔවුන් දැනුවත් කිරීම සහ...
12/10/2026

2026 සැප්තැම්බර් 11 වන දින කෙවිල්ටන් ආයතනය මගින් මොරටුව ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් හා එක්ව ඔවුන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීමේ පරමාර්ථයෙන් වැඩසටහනක් සාර්ථකව පැවැත්වුණි.

කෙවිල්ටන් ආයතනය නියෝජනය කරමින් සන්නාම කළමනාකාරිනී වරන්ගිකා ලියනගේ මහත්මිය නිශ්පාදන සංවර්ධන ඉංජිනේරු මාක් ප්‍රනාන්දු, ප්‍රාදේශිය විකුණුම් කළමනාකරු ඒ. එස්. එම් ශාමිල්, පාරිභෝගික සේවා විධායක හිමාල් නිශ්ශංක යන මහත්වරු මෙන්ම සමාගමේ අනෙකුත් නිලධාරීන් ද සහභාගී විය.

මෙම තාක්ෂණික සැසිය තුල විදුලි කාර්මික ශිල්පීන් හට නව තාක්ෂණික දැනුම හා සම්බන්ධ සැසි මගින් නවතම විදුලි තාක්ෂණික ප්‍රවණතා, ආරක්ෂක මාර්ගෝපදේශ සහ නව උපකරණ පිළිබඳව, නව තාක්ෂණික දැනුම සෘජුවම ඔවුන්ගේ දෛනික සේවාවන්ට යොදාගැනීමේ පිළිබඳව විවෘත සංවාද පවත්වන ලදී.

අකුණු සහිත කාලගුණයකදී එළිමහනේ සිටින විට පහත සඳහන් දේ අතුරින් ඔබ නොකළ යුත්තේ කුමක් ද? ​A. හැකි ඉක්මනින් ආරක්ෂිත ගොඩනැගිල්...
11/10/2026

අකුණු සහිත කාලගුණයකදී එළිමහනේ සිටින විට පහත සඳහන් දේ අතුරින් ඔබ නොකළ යුත්තේ කුමක් ද? ​

A. හැකි ඉක්මනින් ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ වසා ඇති වාහනයක් තුළට යාම​

B. ජලය, විවෘත භූමි සහ ලෝහමය වැටවල් වැනි දෑවලින් ඈත්ව සිටීම​

C. වැස්සෙන් ආරක්ෂා වීමට උස, තනි ගසක් යටට යාම​

​ඔබේ පිළිතුර A, B හෝ C ලෙස පහළින් comment කරන්න.​

නිවැරදි ආරක්ෂිත පියවර දැනගෙන, අකුණු සහිත කාලගුණයකදී ඔබ මෙන්ම ඔබේ ආදරණීයයන්ද අධි ආරක්ෂිතව තබාගන්න!

10/10/2026

ජලය විදුලි සන්නායකයක් වන බැවින්, ජලය සහිත දෑත් වලින් විදුලි උපකරණ ස්පර්ශ කිරීම බරපතළ විදුලි අනතුරු වලට හේතු විය හැකිය.​

එම නිසා විදුලි උපකරණ භාවිත කිරීමට පෙර ඔබේ දෑත් වල ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීමට වගබලා ගන්න. ආරක්ෂිත පුරුදු සමඟ ඔබේ ජීවිතයේ අධි ආරක්ෂාව තහවුරු කරගන්න.

09/10/2026

MCB ගැන දැනගන්න.
අධි ආරක්ෂාව ගැන නිතර හිතන්න...

විදුලි පරිපථයක සම්මත ප්‍රමාණයට වඩා වැඩි විදුලි ධාරාවක් ගලා යන අවස්ථාවක හෝ විදුලිය ෂෝට් වීමකදි සිදුවිය හැකි අනතුරු සහ අලාභහානි වලින් ඔබගේ නිවසේ විදුලි පරිපථ සහ විදුලි උපාංග ආරක්ෂා කරගන්න.

කෙවිල්ටන් වෙතින් අධි ආරක්ෂාවට පියවරක්.

06/10/2026

ව්‍යාපාරික අරමුණකට එහා ගිය, මිනිසුන්ගේ ජීවිතවලට සැබෑ අර්ථයක් එකතු කරන මානුෂීය මෙහෙවරක් ලෙස Kevilton අපි විසින් ක්‍රියාත්මක කරන ලද ‘අධි ආරක්ෂාවේ මෙහෙවර’ සමාජ සත්කාරයේ තවත් පියවරක් පසුගිය අගෝස්තු මස 24 වනදා නිට්ටඹුව ප්‍රදේශයේ නිවාස මූලික කරගෙන සාර්ථකව සිදු කරන ලදී.

වචනයට පමණක් සීමා නොවී, ක්‍රියාවෙන්ම ඔබේ නිවසට සැබෑ අධි ආරක්ෂාව ළඟා කරදීමේ අපගේ තිරසාර අරමුණ වෙනුවෙන් තැබූ තවත් දැවැන්ත පියවරක් මෙසේ සාර්ථකව නිම විය.

2026 අගෝස්තු 25 වන දින කෙවිල්ටන් ආයතනය මගින් නිට්ටඹුව ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් හා එක්ව ඔවුන් දැනුවත් කිරීම සහ ස...
05/10/2026

2026 අගෝස්තු 25 වන දින කෙවිල්ටන් ආයතනය මගින් නිට්ටඹුව ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් හා එක්ව ඔවුන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීමේ පරමාර්ථයෙන් වැඩසටහනක් සාර්ථකව පැවැත්වුණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් ප්‍රධාන ඉංජිනේරු චරිත් සමින්ද මහතාය. ඒ වගේම තාක්ෂණික විද්‍යාලය නියෝජනය කරමින් කථිකාචාර්ය ආර් බී සුනිල් ශාන්ත මහතා, නිට්ටඹුව ප්‍රදේශයේ නැවත බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ අධිපති දිනේෂ් අර්ථසාද් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

දිනය පුරා විදුලි කාර්මික ශිල්පීන් හට නව තාක්ෂණික දැනුම හා සම්බන්ධ සැසි මගින් නවතම විදුලි තාක්ෂණික ප්‍රවණතා, ආරක්ෂක මාර්ගෝපදේශ සහ නව උපකරණ පිළිබඳව, නව තාක්ෂණික දැනුම සෘජුවම ඔවුන්ගේ දෛනික සේවාවන්ට යොදාගැනීම පිළිබඳව විවෘත සංවාද මෙන්ම NVQ විභාගය සඳහා උපකාර සැසියක් ද සාර්ථකව පැවැත්වුණි.

එමෙන්ම කෙවිල්ටන් ධන නිධානය වැඩසටහනේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් සඳහා විශේෂ ත්‍යාග පිරිනැමීමක් ද සිදුවිය.

මීට අමතරව මෙම අවස්ථාවට සහභාගී වූ සියලු විදුලි කාර්මික ශිල්පීන් සදහා නොමිලේ ඇස් පරීක්ෂාවක් සිදු කරන ලදී.

2026 අගෝස්තු 18 වන දින කෙවිල්ටන් ආයතනය මගින් බදුල්ල ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් හා එක්ව ඔවුන් දැනුවත් කිරීම සහ සවි...
05/10/2026

2026 අගෝස්තු 18 වන දින කෙවිල්ටන් ආයතනය මගින් බදුල්ල ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් හා එක්ව ඔවුන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීමේ පරමාර්ථයෙන් වැඩසටහනක් සාර්ථකව පැවැත්වුණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ බදුල්ල තාක්ෂණික විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පති B A S ගුණසේකර මහතා සහ උපදේශක උදයකුමාර යන මහත්වරුන්ය. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය නියෝජනය කරමින් ජේෂ්ඨ විභාග පරීක්ෂක පී ජී චන්දන ලක්සිරි ගාල්ලගේ මහතා මෙන්ම කෙවිල්ටන් ආයතනය නියෝජනය කරමින් නිශ්පාදන සංවර්ධන ඉංජිනේරු මාක් ප්‍රනාන්දු, ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු දුමින්ද පුෂ්පකුමාර, පාරිභෝගික සේවා විධායක හිමාල් නිශ්ශංක යන මහත්වරු මෙන්ම සමාගමේ අනෙකුත් නිලධාරීන් ද සහභාගී විය.

දිනය පුරා විදුලි කාර්මික ශිල්පීන් හට නව තාක්ෂණික දැනුම හා සම්බන්ධ සැසි මගින් නවතම විදුලි තාක්ෂණික ප්‍රවණතා, ආරක්ෂක මාර්ගෝපදේශ සහ නව උපකරණ පිළිබඳව, නව තාක්ෂණික දැනුම සෘජුවම ඔවුන්ගේ දෛනික සේවාවන්ට යොදාගැනීමේ පිළිබඳව විවෘත සංවාද මෙන්ම NVQ විභාගය සඳහා උපකාර සැසියක් ද සාර්ථකව පැවැත්වුණි.

එමෙන්ම කෙවිල්ටන් ධන නිධානය වැඩසටහනේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් සඳහා විශේෂ ත්‍යාග පිරිනැමීමක් ද සිදුවිය.

ලෝකයක් බිහිවන්නේ, දරුවන්ගෙනි,අනාගතයක් ගොඩනැගෙන්නේ, දරුවන්ගෙනි,ජීවිතයක බැඳීම් තරවන්නේ, දරුවන්ගෙනි,නිවසක් සුන්දර වෙන්නේ, ද...
01/10/2026

ලෝකයක් බිහිවන්නේ, දරුවන්ගෙනි,
අනාගතයක් ගොඩනැගෙන්නේ, දරුවන්ගෙනි,
ජීවිතයක බැඳීම් තරවන්නේ, දරුවන්ගෙනි,
නිවසක් සුන්දර වෙන්නේ, දරුවන්ගෙනි,

නිවසක විදුලි ආරක්ෂාව, අධි ආරක්ෂාවක් දක්වා ප්‍රමිතිගත කරන්නට, කෙවිල්ටන් අපේ දැක්ම දිවයන්නේ, දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන අටියෙනි.

දරුවන් වෙනුවෙන් එතරම් සංවේදි අප, ලෝකයේ වෙසෙන සෑම දුවා දරුවෙකුටම අධි ආරක්ෂාව සහිත ලෝක ළමා දිනයක් ප්‍රාර්ථනා කරන්නේමු!

Address

No 11, First Cross Street, Borupana Road, Ratmalana
Colombo
00700

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94117267267

Alerts

Be the first to know and let us send you an email when Kevilton Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kevilton Sri Lanka:

Shortcuts

Share

Category