Sameera gem & jewelry

Sameera gem & jewelry Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sameera gem & jewelry, Business service, Colombo.

07/07/2024
22/11/2023
22/11/2023
21/11/2023
18/11/2023
17/10/2023

බක්කුල මහරහතන් වහන්සේ

අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක්‌ භික්‍ෂූන් වහන්සේ සියයක්‌ සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක්‌ විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය නැඟණිය වූ රෝහිණී කුමාරිය නොපැමිනීම උන්වහන්සේට ප්‍රශ්නයක්‌ විය. එහිදී නැගෙන පැවසුවේ රෝහිණී කුමාරියට දද රෝගයක්‌ හටගෙන ඇති නිසා ඇය නිවසින් පිටතට නොපැමිණෙන බවය. සිය නැඟණිය මේ රෝගයෙන් මුදාගන්නේ කෙසේදැයි දිවැසින් බැලූ අනුරුද්ධ මහරහතන් වහන්සේ නිරෝගී බව පතා මහා සංඝරත්නයට විහාරයක්‌ කරවන ඇයට දැන්වීය.

ඒ අනුව ටික කාලයක්‌ තුළදී මේ විහාරය කරවා බුදුන්වහන්සේ ඇතුළු මහාසංඝයාට පුජා කරන ලදී. එහිදී බුදුන්වහන්සේ ප්‍රකාශ කළේ පෙර බවයක කළ කම් විපාක දීම නිසා මේ දද රෝගය වැළඳී ඇති බවය. මේ කුමරිය එක්‌ ආත්මයක බරණැස්‌ රජුගේ අගමෙහෙසියව සිටියදී ඒ රජුගේ තවත් බිසවක්‌ සමඟ උරණ වී ඇය නිදන ඇඳෙහි කහඹිලියා දැමීය. මේ නිසා ඇඟේ පලුහටගෙන දරුණු කැසීම් ඇති වී ශරීරය අවලස්‌සන විය. මේ පව නිසා රෝහණී කුමරියට මේ ආත්මයේදී දද හට ගැනිණි. කෙසේ නමුත් අවසානයේ මේ පිංකම නිසා දද රෝගය සුවපත්වී අවසානයේ සෝවාන් බව ලබන්නටද අනුරුද්ධ මහරහතන්ගේ නැගණියට හැකිවිය. ඉහත කතාව දැක්‌වූයේ නිරෝගී බව ලැබීම ලෙහෙසි පහසු දෙයක්‌ නම් නොවන බව පෙන්වීමටය. අප දැන් ප්‍රධාන කතාව දෙසට හැරෙමු.

ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් වූයේ බක්‌කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය. බක්‌කුල හිමි මේ මහා භද්‍රකප්පයට පෙර බුදුවූ අනෝමදස්‌සි නම් බුදුන් සමයේ බ්‍රාහ්මණයෙක්‌ව උපන්නේය. පසුව අනෝමදස්‌සි බුදුන් කෙරෙහි පැහැදී බණ අසා පැවිදි විය. ඒ කාලයේ අනෝමදස්‌සී බුදුන්ට ඇති වූ උදරාබාධයක්‌ සුවකරන්නට මේ භික්‍ෂුවට හැකිවිය. ඒ රෝගය සුව කිරීමෙන් පසු බුදුන්වහන්සේ ඉදිරිපිට වැතිර මෙසේ ප්‍රකාශ කළේය. ස්‌වාමිණී ඔබ වහන්සේට කළා වූ මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මා උපන් ජාතියේ මට කිසිදු ව්‍යාධියක්‌ නොවේවායි” කියා ප්‍රාර්ථනා කළහ. එයින් පසු උන්වහන්සේ බ්‍රහ්මලෝකයේ ඉපිද කල්ප ගණනාවක්‌ම බ්‍රහ්ම සම්පත්තිය විඳ පදුමුත්තර බුදුන් සමයේ හංසවතී නුවර මනුෂ්‍යත්ව භාවයක්‌ ලබා ඉපදුනේය. එහිදී ද පදුමුත්තර බුදුන්ගේ ශාසනයෙහි මහණව කටයුතු කරන සමයේ ඒ බුදුන්වහන්සේ නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් යෑයි එක්‌ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නම් කරනු දැකගත්තේය. එහිදී තමාද යම් දිනයක මෙලෙස අල්පාබාධික භික්‍ෂුන් අතර අග්‍ර තැන ලබන්නේ යෑයි ප්‍රාර්ථනාවක්‌ කළහ.

විපස්‌සී බුදුන්ගේ සමයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණයකු ලෙස ඉපිද පසුව සියලු සම්පත් අතහැර හිමාලයේ තපස්‌ රැකීම සඳහා ගියේය. පසුව විපස්‌සී බුදුන්ගේ කෙරහි පැමිණ නිරන්තරව බණ ඇසීමට පුරුදුව සිටියේය. ඒ කාලයේදී විපස්‌සී බුදුන් ඇතුළු මහා සංඝරත්නය හිමාලයේ වැඩ වසද්දී විෂ සහිත වෘක්‍ෂයක මල්වලින් හමා ආ සුළඟක්‌ නිසා රෝගී විය. සියලු භික්‍ෂූන් වහන්සේ සුවපත් කිරීමට මේ තාපසයාට හැකිවිය. එයින් පසු කල්පයක්‌ මුළුල්ලේ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් විඳ කාශ්‍යප නම් බුදුන් දවස බරණැස්‌ නුවර ඉපිද ජරාජීර්ණව ගිය පුරාණ විහාරයක්‌ දැක බලවත්සේ ශෝකයට පත්ව එය නැවත අලුත්වැඩියාව සඳහා පියවර ගත්තේය. එම විහාරයට දානශාලාවක්‌ ගිණිහල්ගෙයක්‌ වැසිකිළි කැසිකිළි ආදිය එක්‌කළේය. එමෙන්ම එම විහාරය සඳහා අවශ්‍ය සියලුම භාණ්‌ඩ ලබාදී මහා සංඝරත්නයට පූජා කළේය. එයින් ලැබුණු මහා කුසල සම්පත්තිය නිසා දිව්‍ය ලෝකයේ ඉදිප පසුව එක්‌ බුද්ධාන්තරයක්‌ මුළුල්ලේම දිව්‍ය මනුෂ්‍ය සැප අනුභව කළේය. අවසානයේ අප ගෞතම බුදුන් සමයේ කොසැඹෑ නුවර සිටුකුලයක උපන්හ.

මේ පින්වත් කුමරා දුටු සිටු මෑණියන් තම දරුවා පින්වත් කුමරෙක්‌ බව දැන දීර්ගායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා උපත ලැබූ දිනයේම යමුනා ගංතෙරට පෙරහරින් යෑව්වේ ස්‌නානය කරවනු පිණිසය. කිරි මෑණියන් විසින් කුමරා නහවන විට එතැනට පැමිණ මත්ස්‍යයෙක්‌ ගොදුරක්‌ යෑයි සිතා මේ කිරි කැටියා ගිල දැමීය. මේ කුමරාගේ පුණ්‍යභාවය නිසා මත්සයා ගිලදැමුවද කිසි අනතුරක්‌ නොවීය. පසුව තිස්‌ යොදුනක්‌ ගිය මේ මත්සයා බරණැස්‌ නුවර ධීවර දැලකට පැටලී මරණයට පත්විය. ධීවරයෝ මේ මාලුවාගේ ප්‍රමාණය දැක රන්මසු දහසකට අලෙවිකරන බව පවසමින් බරණැස්‌පුර වීදිපුරා ගමන් කරන්නට විය. පසුව අසූකෝටියක්‌ ධනය ඇති දරුවන් නොමැති සිටුගෙදරකට මේ මත්ස්‍යයා අලෙවි කරන ලදී. බරණැස්‌ සිටු දියණිය මාළුවා කපද්දී බඩ ඇතුළේ සිටි කුමාරයා දැක වහාම ඔහු එළියට ගෙන සිටුවරයා වෙත දැන්වූයේ අපට රන්වන් දරුවකු ලැබුණු බව කියමිනි. මහ සිටුතුමාද මේ දරුවා දැක බලවත්සේ සතුටට පත්ව මහ පෙරහරින් ගොස්‌ මේ කුමරා බරණැස්‌ රජුට පෙන්විය. බරණැස්‌ සිටු පවුලකට මසකුබඩින් දරුවෙකු ලැබුණු බව දැනගත් කොසැඹෑ නුවර සිටු පවුල වහාම පැමිණ මේ ගැන පිරික්‌සා තම දරුවා බව කියමින් මේ ගැන රජුට පැමිණිලි කළහ. මේ නඩුව ඇසූ රජු කාලයෙන් කාලයට මේ දරුවා පෝෂණය කර රැකබලා ගන්නා ලෙස සිටු පවුල් දෙකටම දැන්වීය. මේ දරුවා නිසා සිටුවරුන් දෙදෙනාගේ ලාභ සම්පත්ද සීග්‍රයෙන් වැඩිවන්න විය. සිටුවරුන් දෙදෙනකු විසින් පෝෂණය කළ නිසා මේ කුමරා “බක්‌කුල” ලෙස මුළු රට පුරාම ප්‍රසිද්ධ විය. බක්‌කුල කුමාරයා වැඩිවියට පත්වූ විට ඔහුට සියලු සම්පතින් හෙබි මාලිගා හයක්‌ විය. ඒ සිටුවරු දෙදෙනාම මාලිගා තුන බැගින් බක්‌කුල කුමරුට සාදා දුන් නිසාය. මෙලෙස අසූ වසරක්‌ බක්‌කුල සිටුතුමා ගිහි සැප උපරිම ලෙස අනුභව කළේය.

බුදුන්වහන්සේ කොසඹෑ නුවරට වැඩි පසු බක්‌කුල සිටුතුමා වෙහෙරට ගොස්‌ බණ අසා බෙහෙවින් පැහැදී මහණවීමට තීරණය කළේය. සියලු සම්පත් අතහැර මහණ වූ බක්‌කුල හිමියෝ ටික දිනකින්ම රහත්භාවය ලබාගත්හ. බක්‌කුල මහරහතන් වහන්සේ සිය පැවිදි ජීවිතයද වසර අසූවක්‌ ගතකළද උන්වහන්සේට කිසිදු රෝගාබාධයක්‌ නොවීය. ඒ අතීතයේ සිදුකළ මහත් වූ කුසලයන් නිසාය.

🔸 ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දීර්ඝ ආයුෂ ලැබූ උතුමන්ලා...

* බක්කුල මහ රහතන් වහන්සේ අවුරුදු 160 ක් නීරෝගී.

* අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු 150 ක් නීරෝගී.

* මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවුරුදු 140 ක් නීරෝගී.

* ආනන්ද මහ රහතන් වහන්සේ අවුරුදු 120 ක් නීරෝගී.

* විශාඛා මාතාව අවුරුදු 120 ක් නීරෝගී

🔸 බක්කුල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ රජගහනුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ, පැරණි ගිහි යහලුවෙක්වූ, අචේල කාශ්‍යපතෙම , ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටු විය. සතුටුවිය යුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යප තෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය.

2. ´´ඇවැත් බක්කුලය, මහණවී කොපමණ කල් වෙහිද?´´

´´ඇවැත්නි, පැවිදිවූ මට අවුරුදු අසූවකි.´´
´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කී වරක් මෙවුන්දම් සෙවුනා ලදද?´´

´´ඇවැත් කාශ්‍යපය, මගෙන්, ´ඇවැත්නි, බක්කුලය, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුලත කී වරක් මෙවුන්දම් සෙවුනා ලදදැ´ යි මෙසේ නොඇසිය යුතුයි. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතුය. කෙසේද? ´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව පහළ වූයේදැ´ යි ඇසිය යුතුය.´´

´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලය තුල කී වරක් ඔබට කාම සංඥාව උපන්නේද?´´
´´ඇවැත් කාශ්‍යපය, පැවිදිවූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවක් කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනී නම්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´

3. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක්ද මම නොදනිමි.´´

´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ඒ කාලය තුල යම් ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

4. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට කාම විතර්‍කයක් උපන් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් කාම විතර්‍කයක් උපන් බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

5. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන්බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

6. ´´ඇවැත්නි, පැවිදිව අසූ වර්‍ෂයක්වූ මා විසින් ගෘහපති චීවරයක් ඉසිලූ බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ගෘහපති චීවරයක් නොදැරී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

7. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

8. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

9. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

10. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම කඨිනසිවුරක් මැහූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

11. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

12. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් ආරාධනයක් ඉවසූ බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආරාධනයක් ඉවසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

13. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට මෙබඳු සිතක් උපන් බවක් නොදනිමි. ´කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැ´ යි කියායි.

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවයසකින් මට ආරාධනයක් කරන්නේ නම් යහපතැයි සිතක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

14. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගම තුළ හුන් බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ගමෙහි හුන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

15. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ගමෙහි අනුභව කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ගමෙහි අනුභව කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´

16. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට කුඩා සලකුණු වශයෙන් ස්ත්‍රියකගේ නිමිති ගත් බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් කුඩා සලකුණු වශයෙන් නිමිති ගත් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´

17. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම මාගමකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ස්ත්‍රියකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´

18. ´´ඇවැත්නි, පැවිදිවූ අසූ වයස් ඇති මා විසින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´

19. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙමේ පැවිදිව අසූ වයස්වද භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

20. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හික්මෙන්නියකට (සික්ඛමානාවකට) දහම් දෙසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසෙකින් හික්මෙන්නියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

21. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

22. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

23. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

24. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකුට) නිස දුන් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකුට) නිස දුන් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

25. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරයක්‍ර ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරයකු ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

26. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගිනිහල් ගෙයි නෑ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ගිනිහල් ගෙයි නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

27. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ඇඟ ගානා සුනු ගා නෑ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සුනු ගා නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

28. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සමාන බඹසර ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

29. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට අන්තිම වශයෙන් දෙනකගෙන් කිරි බින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් උපන් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් දෙනකගෙන් එක් කිරි බින්දුවක් දෝනා කලක් පමණ ආබාධයක් ඇතිවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

30. ´´ඇවැත්නි, අසූ වයස් ඇති මට අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

31. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

32. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සයනය කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සයනය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

33. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ග්‍රාමාන්ත සේනාසනයක වස් වුසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ග්‍රාමාන්ත සේනාසනයක වස් වැසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

34. ´´ඇවැත්නි, මම කෙලෙස් සහිතව සත් දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කෙළෙමි. ඉක්බිති අටවෙනිදා අර්‍හත්වය පහළවිය.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම කෙලෙස් සහිතව රටවැසියාගේ පිණ්ඩපාතය සත් දවසක්ම අනුභව කෙළේ නම්, අටවෙනිදා අර්‍හත්වය පහළවීනම් මෙයද. ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

35. අචෙල කාශ්‍යප තෙම, ´´ඇවැත්නි, බක්කුලය, මම මේ ශාසනයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි´´ යි කීය.

´´අචෙල කාශ්‍යප තෙම මේ ශාසනයෙහි පැවිදිබව ලැබීය. උපසම්පදාවද ලැබීය. ආයුෂ්මත් කාශ්‍යපතෙමේ උපසපන්වී නොබෝකල් ඇත්තේ, හුදකලාවූයේ, ජනයාගෙන් වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, දුරුකරනලද කාය ජීවිත ආශා ඇතිව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යමක් පිණිස මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචය්‍ර්‍යය කෙළවරකොට ඇති, ඒ උතුම් අර්‍හත්වය මේ ආත්මභාවයෙහිම තෙමේම විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු කළයුතු අනෙකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.

36. ඉක්බිති ආයුෂ්මත් බක්කුල සථවිරතෙම අන් කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්,

´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීය.
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීයේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.

´´ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ සඞ්යා මැද හිඳගෙනම පිරිනිවියේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´

සතරවැනි බක්කුල සූත්‍රයයි. (3 – 4)

-දාන පාරමිතා

17/10/2023

කරණීයමෙත්ත සූත්‍රය - නිධාන කතාව හා පදයෙන් පදය අර්ථය

කරණීය මෙත්ත සූත්‍රය (මෙත්ත සූත්‍රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්‍රකටය. තුන් සූත්‍රය ලෙස මහා මංගල සහ රතන සූත්‍ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අංගයක් වන මෙත්ත සූත්‍රය එහි පදයෙන් පදය අර්ථයත් සමග දහම් පිපාසිත ඔට අතට පත් කිරීමට මෙසේ අදහස් කරමි. මේ සූත්‍ර දේශනාව කුඩා කල පටන් අසන අප එහි අරුතද දැන සිටීම වටින්නේය. මෙය පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්‍රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.

නිධාන කතාව: බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයක පන්සියයක් භික්ෂුන් වහන්සේලා සුදුසු කමටහන් ලබාගෙන බුදුන් වහන්සේගේ අනතුරු ඇඟවීම් මැද වුවත් වස් තුන් මස විවේකීව බවුන් වැඩීමේ අදහසින් සුදුසු තැනක් සොයා පිටත්ව ගියහ. උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. ගමට ඉතා ආසන්න නොවී ඉතා දුරින්ද නොපිහිටි වන ලැහැබක් බැවින් භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ.

මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්‍රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධා කළහ. උන්වහන්සේලාගේ ශරීර සුදුමැලිව බියෙන් තැති ගැණුනහ. සිත් එකඟ කළ නොහැකිව භාවනා අසාර්ථක විය. දිනක් පැන් ගෙන ඒමට දිය කඩිත්තට ගිය අවස්ථාවේ සංඝ ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ සේම අන්‍ය භික්ෂූන් ද ශරීරයෙන් කෘෂව වැහැරී සිටිනු දැක මෞන වෘතය රැකීම හෙවත් මුවින් ඩචනයක් පිට නොකර සීටීම යන භාවනා වෘතය එතෙකින් නවතා අනෙකුත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන විමසා බැලූහ. “කිමෙක්ද ඇවැත්නි, ඔබ වහන්සේලා ශරීරයෙන් කෘෂව සුදුමැලි බවට පත් වූයේ කිනම් කරැණකින්දැ”යි විමසූහ. එවිට තමන්වහන්සේට සේම සද්ධිවිහාරික අනෙකුත් භික්ෂූන් වහන්සේලාට ද ඇත්තේ අමුනුෂ්‍ය කරදර බව දැන එතැන තමන්ට සුදුසු තැනක් නොවන්නේ යැයි සිතූ උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.

“ස්වාමීනි, මේ විදියෙ උපද්‍රව වලට මුහුණදෙන්න වුණ එම සෙනසුන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ.”
“නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.”
“ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”

ඒ අයුධය තමයි කරණීයමෙත්ත සූත්‍රය. මෙම පිරිත ඉගෙන ගොස් මසකට අට වරක් බණ අසන දිනයන්හිදී සජ්ඣායනා කරන්න........මෙය පදනම් කර ධර්ම සභාව රැස් වන්න..... මෙය කර්මස්ථානයක් වශයෙන් වඩන්නැයි" අවවාද දී කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ සේක. මේ උපදෙස් අනුගමනය කළ එම භික්ෂූන්වහන්සේලාට දේවතාවුන්ගේ හිරිහැර නැති වී ගොස් නිතිපතා දෙවිදේවතාවුන්ගේ ද උපකාර ලැබ භාවනා කිරීමෙන් වස්තුන් මස අවසානයේ දී උන්වහන්සේලා පන්සිය නමම අර්හත් ඵල සමාපත්තියට පත්ව උත්තරීතර නිවන් අවබෝධයෙන් සැනසිල්ල උදාකරගත්හ. සාධු! සාධු! සාධු!
මෙම අනර්ඝ සූත්‍ර දේශනාවේ මෛත්‍රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය. නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය. සූත්‍රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම් මේ ඔබට සුදුසුම සූත්‍ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත. එසේ වන්නේ ඔබේ මෛත්‍රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්‍යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය. දෙවියෝ ද ඔබ උපද්‍රව වලින් වලක්වනු ඇත. ඔබේ සිත ද සැමට සුව සළසන මෛත්‍රී පිණ්ඬයක් වේවා! මේ දිනූ මනුෂ්‍ය ජීවිතයේ දීම ධර්ම ප්‍රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා!

කරණීයමත්ථ කුසලෙන (=කරණීය+ අත්ථ) – තමාට අර්ථයක් හෙවත් යහපතක් කරගන්නෙක් විසින්
යං තං සන්තං පදං අභිසමෙච්ච – ඒ ශාන්ත පදය(නිවන) අවබෝධයෙන්
සක්කො – දක්ෂයෙක්
උජු ච – ඍජු/අවංක (වූවෙක්)
සූජු ච – වඩාත් / සිතින් පවා අවංක (වූවෙක්)
සුවචො චස්ස – කීකරු වූවෙක්
මුදු අනතිමානී – මුදු නිහතමානී (වූවෙක් විය යුතුය)
සන්තුස්සකො ච – ලද දෙයින් සතුටු වන
සුභරො ච – පහසුවෙන් රැකිය හැකි
අප්ප කිච්චො ච – අල්ප වූ වැඩ කටයුතු ඇති
සල්ලහුක වුත්ති – ලහුක (සැහැල්ලු) පැවතුම් ඇති
සන්තින්ද්‍රියො ච – සන්සුන් (පස්) ඉඳුරන් ඇති
නිපකො ච - ඥානවන්ත වූ
අප්පගබ්භො - (ප්‍රගල්භ නොවන හෙවත්) සැහැසි /රළු නොවූ
කුලෙසු අනනුගිද්ධෝ - කුලයන්හි නොඇලුණු (හෙවත් දායක පවුල් වලට නොඇලුණු අයෙක් වියයුතුය)
න ච ඛුද්දං සමාචරෙ – සුළු වූත් හැසිරීමක් නැත
කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ – යම් ඒ අනෙක් නුවණැත්තන්
උපවදෙය්‍යුං - විසින් ගැරහීමට ලක්විය හැකි
සුඛිනො වා - (කයිනුත්) සුවපත්
ඛෙමිනො හොන්තු – නොබිය වූ
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්වයෝ (සිතිනුත්) සුවපත් වේවා!
යෙ කෙචි පාණ භූතත්ථි - යම්තාක් පණඇතියවුන් සිටින්නේ නම්
තසා වා - තැතිගත් හෝ
ථාවරා වා - ස්ථාවර හෙවත් තැති නොගත් (අර්හත්ඵල සමාපත්තියට පැමිණී උතුමන් තැති නොගත් යන්නෙන් අදහස් වේ)
අනවසෙසා - ඉතුරු නැතිවම
දීඝා වා – දිග් වූ හෝ
යෙ මහන්තා වා – මහත් වූ
මජ්ඣිමා- මධ්‍යම ප්‍රමාණ කය ඇති
රස්සක –කෙටි ප්‍රමාණ කය ඇති
(අ)ණුක - ඉතා සියුම්
ථූලා – ස්ථූල වූ
දිට්ඨා වා - දුටු සත්ත්වයන් (මෙන්ම)
යෙව අද්දිට්ඨා - යම් නුදුටු සත්ත්වයන් ද
යෙ ච දූරෙ - යම් දුර සිටින සත්ත්වයන් හෝ
වසන්ති අවිදූරෙ – නොදුරේ හෙවත් ළඟ වසන සත්ත්වයන්
භූතා වා - හටගත් හෙවත් ඉපදුණු හෝ
සම්භවෙසී වා- නොඉපදුනු, (මවුකුස සිටින හෝ බිත්තර අවස්ථාවේ සිටින)
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා – සියලු සත්ත්වයෝ සුවපත් (සිතැති) වේවා!
න පරො පරං නිකුබ්බෙථ – එකෙක් තවකෙකුට වංචා නොකෙරේවා
නාතිමඤ්ඤෙත 😊 න+අතිමඤ්ඤෙත) - හෙලා නොදකිත්වා
කත්ථචි නං කඤ්චි – කොතැන කිසිවෙකුත්
බ්‍යාරොසනා – කෝපවී
පඨිඝසඤ්ඤා – ගැටෙන අදහසින්
න+(අ)ඤ්ඤමඤ්ඤස්ස – එකෙක් අනෙකෙකුගේ
දුක්ඛම්+ඉච්ඡෙය්‍ය – දුක කැමතිවන්නේ නැත
මාතා යථා – යම් මවක් මෙන්
නියං පුත්තං – පුතෙකු සිටින
ආයුසා – පණ වැනිව
එක පුත්තං+අනුරක්ඛෙ - එක ම පුතු රකියි ද
එවම්පි– එලෙසම
සබ්බ භූතෙසු - සියලු සත්ත්වයනට
මානසං භාවයෙ අපරිමාණං – අපරිමිතවූ මනසක් වැඩිය යුතුය
මෙත්තං ච සබ්බ ලොකස්මිං - සකල ලෝකය වෙත මෙත පතුරවා
මානසං භාවයෙ අපරිමාණං – අපරිමිත වූ මනසක් වැඩිය යුතුය
උද්ධං - උඩ ද
අධො ච –යට ද
තිරියං ච – හරහට /තිරස / ආදී දිසානු දිසාවන්ද
අසම්බාධං – බාධා නැතිව
අවෙරං – අවෛරීව
අසපත්තං - සතුරු නැතිව
තිට්ඨං - හිටගෙන සිටිද්දී හෝ
චරං –ඇවිදින විට හෝ
නිසින්නො වා – ආසනයක හිඳගෙන විටින විට හෝ
සයානො වා – සයනය කරමින් හෝ
යාවතස්ස විගතමිද්ධො – නින්දෙන් වෙන්ව සිටිනතාක් හෙවෙත් අවදියෙන් සිටින සෑම විට ම
එතං සතිං අධිට්ඨෙය්‍ය – මෙසේ සිහිය අදිටන් කොටගත යුත්තේය
බ්‍රහ්මං+එතං විහාරං ඉධං+ආහු – මෙසේ විසීම බ්‍රහ්ම විහරණයකැයි ලොව (නුවණැත්තෝ) කියත්
දිට්ඨිංච අනුපගම්ම - ‍(සත්වයෙක් පුද්ගලයෙක් ඇත යන) දෘෂ්ඨියට නොගොස්
සීලවා - (සිදුරු නැතිව) සිල්වත් වන්නේ
දස්සනෙන සම්පන්නො – නිවැරදි දැක්මෙන් යුතුව
කාමෙසු විනෙය්‍ය ගෙධං – පංචකාමයන් කෙරෙහි ගිජුබව හෙවත් ඇලෙන ස්වභාවය දුරු කොටගෙන (අනාගාමී වී)
න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතී ‘ ති. – මවු ගැබක සැතපීමට නැවත නොපැමිණෙන්නේ මය.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

මෙම දහම් පඬුර සකස් කළේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල කුසලඤාණ හිමි
බාහිර කථිකාචාර්ය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Address

Colombo

Telephone

0719042020

Website

Alerts

Be the first to know and let us send you an email when Sameera gem & jewelry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sameera gem & jewelry:

Share