29/03/2023
ඔබ ප්‍රාථමික_ගුරුවරියක_හා_විවාහ_විය_යුත්තේ ඇයි .... 📛📛📛📛📛📛📛📛📛📛
ඔවුන් තරම් ඉවසන අය නොමැති බැවින් ඔබගේ නිමක් නොවන ප්‍රශ්න ඇසිල්ල හෝ කියවිල්ල ඉදිරියේ ඇය කෝප නොවේ.මන්ද 1,2,3 වැනි පංති වල ඉන්නා කුඩා දරුවන් සියල්ල කිරීමට ප්‍රථම ටිචර් ටීචර් යැයි කියා දවස තිස්සේ ඇයගේන් අසන නොයෙකුත් ප්‍රශ්න හා කියවිලි වලින් ඇය ඉවසිම ප්‍රගුණ කර ඇත
එසේම 1,2 වැනි පංතිවල දරුවන් නොතේරුම් කමට කරනා ගොන් වැඩ සම සිතින් ඉවසන ඈයට ඔබගේ ගොං කංද ඉවසා සමාව දිමේ හැකියාව ඇත
තවද දවස පුරා ළමුන් 40 ක් 50ක් පමණ බලා ගන්නා ඇයට ගෙදර දරුවන් 2/3 දෙනා ගේ රණ්ඩු සරුවල් විසදීම, කවා පොවා බලා ගැනීම සැලකිය යුතු තරම් ගැටලුවක් නොවේ 😂😂 ඔබේ ගෙදර සිටිනා අයියා අක්කාගේ දරුවන් වුවත් ලෙහෙසියෙන් ඇයට බලා කියා ගත හැක
තවද ඕනෑම විටක කෙතරම් තරහ ගියත් පව් පොඩි ළමයිනේ යැයි සිතා අනුකම්පාවෙන් ආදරේන් නිතරම කතා කරන ඇයට ඔබවද පොඩි එකෙකු සේ පෙනී බලා කියා ගැනීම ඉබේම වන්නකි 😂
කවි,ගීත ගායනය, රංගනය,නර්තනය 💃 , ✋ අත්කම් නිර්මාණ වැනි ඕනැම දෙයකට දක්ෂ ඇයගෙන් ඔබටත් බොහෝ දෑ ඉගෙන ගැනීමට මෙන්ම ප්‍රශ්න පත්‍ර බැලීම ලකුණු එකතු කිරීම වැනි දෑ වලට සහභාගි වී ඔබේ පාසල් කාලයේ ඔබට මග හැරුන දෑ ආවරණය කර ගත හැක ✋
ඒ සියල්ලටම වඩා ප්‍රාථමික ගුරුවරියක් යනු ඉලක්කමේන් කෙතරම් වයසට ගියත් 60 පැන්නත් ක්‍රීයාශිලි හා ආදරණීය ලෙස ඇමතීම වෙනස් නොවන පිරිසකි
දවස පුරා තනි පන්තිකාමරයක ළමයින් 40/50 සමග පොර බදන ඇයට විවේකයක් අවශ්‍යම නැත. උදේ සිට පාසල් අවසන් වනතුරු විවිධ විෂයන් ඉගැන්වීමෙන් පැය 6ක් වුවත් අවිවේකිව වැඩ කිරීමේ පුහුණුව ඇය ලබා ඇත 😂😂😂😂
තවද ඔබේ දරුවන් පාසලට ගෙන ගොස් දැමීම හා නැවත රැගෙන ඒම ප්‍රාථමික පංති වල දරුවන්ගේ දෙමාපියනට ගැටලුවක් වුවත් ප්‍රාථමික ගුරුවරියක ඔබේ භාර්යාව නම් ඔබ එම ගැටලුවෙන්ද නිදහස් වේ මන්ද ඇය සමගම පාසලට දරුවාද යැවිය හැක 🐢
Lakshani Nimalka🖊️