21/02/2026
සමුගැනීමේ මාධ්‍ය හමුවේදී කතා කරගෙන යද්දි එකපාරටම ට්‍රොට්ගේ කටහඬ වෙව්ලන්න ගත්තා. ඇස් දෙක කඳුළින් පිරුණා. වචන හිර වුණා. ඒ වෙලාවේ එතන හිටපු මාධ්‍යවේදීන් පවා තත්පර ගාණකට සම්පූර්ණයෙන්ම නිහඬ වුණා.
තමන් උපන් රට, තමන්ගේ ජාතිය නොවුණත්, මේ ඇෆ්ගන් කොල්ලො ටිකත් එක්ක එයා කොච්චර ගැඹුරු ආත්මීය බැඳීමක් ඇතිකරගෙන තිබුණාද කියන්න ඒ කඳුළු හොඳටම ප්‍රමාණවත්.
ක්‍රීඩාව කියන්නේ නිකම්ම සල්ලි වලට ගහන සෙල්ලමක් විතරක් නෙවෙයි. ඒක ඇතුළේ ජාති, ආගම්, දේශසීමා පරයා යන මහ පුදුම මනුස්සකමක් හැංගිලා තියෙනවා. ඉංග්‍රීසි ජාතිකයෙක් වෙච්ච ට්‍රොට්, ඇෆ්ගන් කොල්ලො වෙනුවෙන් කැමරා ඉස්සරහා හෙලපු ඒ කඳුළු බිංදු වලින් මුළු ලෝකෙටම දුන්නේ ඒ පණිවුඩයයි.
ඊයේ කැනඩාවත් එක්ක ගහපු මැච් එකෙන් පස්සේ ඇෆ්ගනිස්ථාන ඩ්‍රෙසිං රූම් එකේ තිබුණේ අමුතුම හැඟීමක්. ඉබ්‍රාහිම් සද්‍රාන් තමන්ට හම්බෙච්ච 'Player of the Match' සම්මානය කෙළින්ම අරගෙන ගිහින් එක මනුස්සයෙක්ගේ අතින් තිබ්බා.ඒ වෙන කවුරුවත් නෙවෙයි, අවුරුදු තුනහමාරක් තිස්සේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ඉතිහාසය රත්තරනින් ලියපු එයාලගේ හෙඩ් කෝච් ජොනතන් ට්‍රොට්. ට්‍රොට් මේ යන්නේ සදහටම මතක හිටින ලොකු වැඩ කොටසක් කරලයි.
2023 එක්දින ලෝක කුසලානේ 6 වෙනි තැන, කිසිම කෙනෙක් නොහිතපු විදිහට 2024 T20 ලෝක කුසලානේ සෙමි ෆයිනල් එක... මේ හැමදේම පිටිපස්සේ හිටියේ මේ මාස්ටර් මයින්ඩ් එක. මේ සමුගැනීම අස්සේ ට්‍රොට් ලොකු කතාවක් මාධ්‍යයට කිව්වා. ඒක නිකම්ම සමුගැනීමක් නෙවෙයි, එයාගේ හිත පතුලේ අවුරුදු ගාණක් තිස්සේ හැංගිලා තිබුණු ලොකුම හීනයක් එළියට දැමීමක්.
ජොනතන් ට්‍රොට් කියන්නේ දකුණු අප්‍රිකාවේ ඉපදිලා එංගලන්තය වෙනුවෙන් ලේ දහඩිය හලපු කෙනෙක්. එංගලන්තය පිට පිට අළුබඳුන කුසලාන තුනක් උස්සද්දි, ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වෙද්දි ඒකේ ප්‍රධානම කුලුනක් වුණේ ටෙස්ට් මැච් 52කදි සාමාන්‍යය 44ක් තියාගෙන හිටපු මේ ට්‍රොට් තමයි.
"මට ඊළඟට මොනවා වෙයිද කියලා මම දන්නේ නෑ. දවස් දෙක තුනක් නිදහසේ ඉඳලා, ඉතුරු මැච් ටික බලලා ඉන්නවා. හැබැයි කවදාහරි දවසක මගේ හදවතට ගොඩක්ම සමීප, මම ආදරය කරන කණ්ඩායමේ පුහුණුකරුවා වෙන්න මම මාරම ආසයි." ට්‍රොට් මාධ්‍ය ඉස්සරහා එහෙම කිව්වා.
මේ කියන්නේ වෙන කා ගැනවත් නෙවෙයි, එංගලන්තය ගැන. මේ වෙද්දි එංගලන්ත කෝච් බ්‍රෙන්ඩන් මැකලම් ඉන්නේ ලොකු පීඩනයක. මෑතකදි ලැබුණු අළුබඳුන පරාජයත් එක්ක මැකලම්ගේ පුටුව ටිකක් හෙලවෙමිනුයි තියෙන්නේ. ඉතින් ට්‍රොට් මේ ඉඟි කරන්නේ ඒ පුටුවටද?
කොහොම වුණත් යන ගමන් ට්‍රොට් ඇෆ්ගන් කොල්ලොන්ට වටිනා උපදෙසකුත් දුන්නා. "මම කොල්ලොන්ට නිතරම කියනවා, කෙළින්ම මැච් එකක් දිනන්න බැරි නම්, වෙනස් විදිහකට හරි, ඕනෑම විදිහකට හරි' දිනන්න පුරුදු වෙන්න කියලා. ඒ වගේම 2027 දකුණු අප්‍රිකාවේ තියෙන ලෝක කුසලානෙට යන්න කලින් පේස් එකට සපෝට් කරන පිච් වල ගහන්න හොඳ ෆාස්ට් බෝලර්ස්ලා ටිකක් හදාගන්නම වෙනවා."
සමහර වෙලාවට අපි කොච්චර සාර්ථක වුණත්, අපි අනුන්ගේ තැන් කොච්චර ලස්සන කළත්, අපේ හදවත ඉල්ලන්නේ වෙනම තැනක්. ට්‍රොට් අවුරුදු තුනහමාරක් ඇෆ්ගන් ක්‍රිකට් ලස්සන කළා. හැබැයි එයාගේ හදවත තාමත් තියෙන්නේ එංගලන්ත ඩ්‍රෙසිං රූම් එක ඇතුළේ. කවුද දන්නේ, ළඟදීම දවසක එයා ඒ හීනය හැබෑ කරගනීවිද කියලා.
ඔබේ අදහස කුමක්ද? 👇
කමෙන්ට් කරගෙන යන්න! 💬
🔅ක්‍රිකට් ගැන උනන්දු කෙනෙක් ෆලෝ කරන්නම ඕනි පේජ් එකක් මේක 👇
- අපේ දේ✅